Back
/ 49
Chapter 39

Chapter 39

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

Oh-ooh-whoa-oh-oh-oh-oh

Oh-ooh-whoa-oh-oh-oh-oh

Oh-ooh-whoa-oh, oh-oh-oh-oh

You know you love me (yo), I know you care (uh-huh)

Just shout whenever (yo), and I'll be there (uh-huh)

You are my love (yo), you are my heart (uh-huh)

And we will never, ever, ever be apart (yo, uh-huh)

Are we an item? (Yo) girl, quit playin' (uh-huh)

"We're just friends" (yo), what are you sayin'? (Uh-huh)

Said, "There's another" (yo), and looked right in my eyes (uh-huh)

My first love broke my heart for the first time, and I was like (yo, uh-huh)

"Baby, baby, baby, oh"

Like, "Baby, baby, baby, no"

Like, "Baby, baby, baby, oh"

I thought you'd always be mine, mine

"Baby, baby, baby, oh"

"Baby...oh..ආව්..ඌයිහ්..ඩැඩීහ්හ්හ්හ්හ්..."

"පිස්සුද බන්.."

"ඩැඩිහ්හ්හ්හ්...ඇයි ගැහුවේ මට.."

"ජංගි කොටයකුත් ගහන් උඩටත් මුකුත් නැතුව ඇද උඩ ආවේසවෙලා වගේ නටන්න උබට වැහුන යකා මොකාද බබා..."

" අනේ ඩැඩි ඔයාට...අහ්..යනවා යන්න ඕන්නැ මට ඔයාව.."

"යන්න ගිහින් ලයිට් නිවලා එන්න මට මහන්සි අම්බානෙට.."

"ඩැඩීඊඊඊඊඊඊහ්.."

"මොකද බන්..ගිහින් ලයිට් එක නිවලා වරෙන්..පිස්සු මගුල.."

නාකියා..කිසිම නැහැ මෙව්වෙකක්..මට ඕන්නෑ මේකාව..මාම් කිව්වා නාකියෙක් හොයාගත්තාම ඔහොම වෙයි කියලා..කොහෙද මන් ඇහුවෙ නැහැනෙ...

මන් ඩැඩිගෙ ආසම සුදුපාට කැල්වින් අන්ඩර්වෙයා එකත් ඇදන් ජස්ටින් අයියාගෙ බෙයිබෙ සින්දුව ලයිව් පෙන්නන්නනෙ ගියෙ එයාට..කොහෙද ඉතිම්..සෙද්ද වොෂ් රුම් එකෙන් ඇවිත් මන් දිහා ඇහැක් ඇරලා බලන්නැතුව ඇදුමකුත් ඇදන් ඇවිල්ලා අන්තිමට පස්සටත් කෙලියා..ඕන් දැන් මේකා බුදි...

මහා..ඕනෙම නැ අප්පා මට මේකාව..

මන්  අතට අහුවුන බොටම දාගෙන ලයිට් එකත් ඕෆ් කරන් හිස් වතුර බෝතලේ අරන් එලියට ආවා..

එයා පාන්දරට නැගිටලා වතුර හොයනවා..නිදිමරගාතෙ පහලට බැහැලා වතුර පුරවන් එන්න ගියාම නිදිමතත් නැතිවෙනවා..නිදාගන්න තියෙන පැය ගාණේ සැනසිල්ලෙ නිදාගන්න දෙන්න ඕනි එයාට..

දවසෙම වෙහෙසිලා කෑගහලා ඇවිත් සැනසිල්ලෙ ඉන්නෙ පැය කීයද ඉතිම්..එ වෙලාවෙත් මගෙ කෝලම් බල බල මන් දෙන දසවදේ ඉවසන් එයා ඉන්නවනේ..

එපා කිව්වට මොකද මට ගැලපෙන්නෙම එයාව...

මන් ඇස් දෙක කස කස බැල්කනිය පැත්තට ආවා..ඇස් කසන්න ගත්තාම නවත්තගන්න බෑ..නැවැත්තුව ගමන් දැවිල්ලයි...ඊටපස්සෙ කදුලු ඇවිත් නහය බුරුල් වෙනවා..

බැල්කනි එකේ දොර ඇරලා දාලා..ඩැඩීට වහන්න අමතක වෙලාවත්ද..

මන් එ පැත්තට ඇවිදන් එද්දි අඩ අදුරේ හද එලියට දිස්නේ  ගහපු සංතුෂයාගේ මූණ දැක්කා..

එක අතක ඩන්හිල් එකක්..අනිත් අතේ වොඩ්කා ග්ලාස් එකක්..

ඈත පේන ඝන කැලේ දිහා බලාගෙන මෑන් ලොකු කල්පනාවක...

මන් දොරට හේත්තුවෙලා පොර දිහා බලන් ඉදියා..

මට වෙලාවකට හිතෙනෝ මේකා පාතාලෙ එකෙක්ද කියලා..හෙනම අමුතුඩෑල් එකක් මෙහෙම ඉදියට..හැබැයි බොක්ක හොදයි..උගේ එකෙක්ට පණ වුනත් දෙන්නවා..මූ කැම්පස් යනකොට මන් ඔලෙවල් කරලත් නැද්ද මන්දා..පොඩිකාලෙ ඉදන් හෙන ගුප්ත මිනිහා..කැම්පස් එකේ  bad boy ලේබල් එක වැටිලා තිබුණෙත් උටලු..දැනටත් මූ හෙන මැරයා වගේ ඉන්නෙ..එවුනාට කවුරුත් දන්නෙ නෑ මූගෙ ජොබ් එක..ලගදි විශ්වාසනීය ආරංචි මාර්ගෙකින් දැනගන්න ලැබුනා පොර හැකින්ග් චැම්පියන් කෙනෙක් කියලා..මට පුදුම මුගෙ හැම රෙද්දම දන්න කැල්වින් පපාවත් ඒක දන්නැති එකනේ..

මේ ලගදි වෙච්චි සයිබර් ඇටෑක් එක ගැනත් පොර සෑහෙන්න හොයලා තිබුණා..ඌ හෙව්වද ඒකට ඌම සම්බන්දයිද කියලා හරියටම කියන්න බැහෑ..

මොනා නමුත් මූ මාෆියාවට සම්බන්ද නෑ..

අතේ තිබුණ ඩන්හිල් එකේ අන්තිම උගුරත් ඇදපු ඌ ඒක බැලකනි එකෙන් විසික් කරලා බොක්ස් එකෙන් තව එකක් ගන්න යද්දි පොර මාව දැක්කා...

" Hey what's up bro.."

"නතින්ග්..මන් පහලට යද්දි ලොකුබොසාව දැක්කෙ..මොකෝ මේ..නින්ද යන්නෑවගේද

"හ්ම්....පාලුයි.."

"වට්..උබට උබේ ඇද මිස් වෙනවද..."

"හාහ් හා..එවගේ තමා..No i mean පාලුයි...හිතට...nervous feeling එකකුත් තියෙනවා..හරියට කියන්න තේරෙන්නැ බන්.."

"Do you wanna hug.."

"Arrhhh fu*king yes....but උඹෙන් නෙමෙයි..Anyway...Thanks පොඩිමෑන්..උඹට ආදරෙයි මන්.."

සංතුෂ් මාව දැකපු නිසා ඌ ගාවට ගිහින් වාඩිවුන මන් උගෙ කරට අත දාගෙන එහෙම අහද්දි හග් එකක් ඕනවුනත් මගෙන් එපා කියපූ එයා මගේ උරහිස උඩින් ඔලුව තියාගත්තා...

උඹ අවුලෙන් තුෂ්.....

"හැමදේම හොදින් වෙයි..උඹට කියන්න දෙයක් තියෙනවා නම්..Um here..මන් උඹ වෙනුවෙන් ඉන්නවා..මට ඕන දෙයක් කියපන්..මට දාහක් අයියලා නෑ..ඉන්නෙ උඹ විතරයි..උඹේ ඕන දේකට මන් ඉන්නවා.."

"උඹ මගේ පොඩි එකා..උඹ දැන් ලොකුයි නෙහ්..මාව දරාගන්න තරම්.."

"එදා ඉදපු පොඩි එකා ලොකුයි අයියෙ දැන්..."

"ආයෙ කියපන්.."

"මොකද්ද.."

"අයියා කියලා..ආයෙත් කියපන්.."

මගෙ කටින් එයාට අයියේ කියලා කියවුන තැන එයා ගැස්සුනා..මගේන් එහාට වෙලා එකපාරට ආයෙත් ඒක කියන්න කියලා එයා ඉල්ලද්දි මන් අයියෙ කියලා එයාට කතා කරනවත් එක්කම තුෂ් මාව බදාගත්තා...

"මන් උඹ වෙනුවෙන් ඉන්නවා අයියේ.."

"fuck...I love that word..උඹ අයියා කියද්දි that hits different කොල්ලො..මල්ලි..උඹ මගෙ මල්ලි...මන් උඹේ අයියා.."

අපි අපේ ජීවිත වල අරමුණු වලට කැපවෙද්දි මන් හිතන්නෙ අපිට හුගාක් දේවල් මගහැරිලා ගිහින්..සමහරු සහෝදරයෝ නැතුව දුක් වෙද්දි සහෝදරයො ඉන්න අයට අගයක් නෑ...සමහරුන්ට වෙලාවක් නෑ..සහෝදරයන්ව අමතකව වෙනවා..දන්නවා එහෙම කෙනෙක් ඉන්නවා කියලා ඒත් එයාලා වෙනුවෙන් වෙලාවක් වෙන්කරන්න ඕනි කියලා හිතෙන්නැ..අපි නොහිත හින්දාම අපිටත් නොදැනි ඒ බැදීම් අස්සෙ හිස්තැන් ඇතිවෙනවා..ඒක එච්චර හොද දෙයක් නෙමෙයි..සහොදරයෝ අතර හිස්තැන් තිබුණාම හැමදේම විනාශ වෙනවා..යුද්දයක් වුනත් ජයගන්න පුලුවන් සහෝදරකම රැකගන්න අපිටම අමතක වෙලා..

තුෂ්ව මටත්, මට තුෂ්වත් හුගක් මගහැරුනා..අපි එකට ඉදපු කාලවලදිත් අපි වෙහෙසුනේ අපේ අරමුණු වෙනුවෙන්..අවුරුදු තුනක් රට ඉදියත් එකපාරක්වත් මට තුෂ්ව බලන්න යන්න බැරිවුණා..එයා ආවෙත් නෑ..මටත් අමතක වෙලා ගියා..එත් අපි නොදැනුවත්ව වුණත් අපේ බැදීම හිත් ඇතුලෙන් ශක්තිමත්ව එතිලා තිබිලා...

මනුස්සයෙක්ට ජිවිතේදි සහෝදරයෙක් කියන කෙනෙකුත් ඕනිමයි....

" ඉතින් පාලුවට කාරණා කිව්වානම්..කෙල්ලෙක්වත්ද.."

මන් සංතුෂ්ව එහාට කරලා එහෙම අහද්දි නම් පොරට හිනාවක් පැන්නා...

හො හෝ...හොරෙ අහුවුනා..මේකාට කෙල්ලෙක් සෙට් වෙලාද කොහෙ...

"අඩො අඩො..හිනාවුනා නෙහ්..ඇත්ත කියහම් උබට ඒකිව මතක් වුණාද.."

"හ්ම්..මට එයාව මතක් වුණා..මට අයිති නැති..මාව එපා කියපු Sunflower කෙනෙක්.."

" වට්..සෙට් නැද්ද..බ්‍රො බ්‍රො..අතාරින්නෙපා දිගටම ට්‍රයි කරපන්..මන් ඩැඩිව දාගන්න කාපු කට්ට උබ දන්නෑනේ..මෙ මනුස්සයා බෑම කිව්වා.."

"එයත් මාව රිජෙක්ට් කරා..පස්සෙ මන් දුර ඉදන් එයා දිහා බලන් ඉදියා..You know what මේ රොවේන්ට දෙයක් ඕනිවුණත් ඒ දේ බලෙන් හරි ගන්නවා..එත්..මට එයාව බලෙන් ලංකරගන්න බෑ..මට ඕනි එයා කැමැත්තෙන්ම මන් ගාවට එනවා දකින්න..දුර ඉදන් ආදරෙ කරනෙක..ඒක හුගාක් වේදනාකාරියි මල්ලි..මගේ හාට් එක වෙලාවකට පුපුරලා යන්න වගේ දැනෙනවා...My heart is full with him..හැමතැනකම ඉන්නෙ එයා..මට පිස්සුවගේ බන් වෙලාවකට..එත් කොච්චර කරත් එයාට මාව එපාලුනෙ බන්..Five years...අවුරුදු පහක් මන් පස්සෙන් එනවා..අදටත් මන් එයාට ආදරෙයි..Um so love with him..and still waiting..බලන් ඉදලම හති..එත් එපා වීමක් නෑ...

He is a Sunflower..and i am just a fire match stick for him...එ සූරියකාන්ත මල ඉර වෙනුවෙන් මුළු ජීවිතයම පුදකරන්න ලෑස්තියි..එයාගෙ ඉර ඉස්සරහා මන් පුංචි ගිනිකූරක් විතරයි මල්ලි...මන් කොච්චර ආදරෙ දුන්නත් එයාට ඒක වටින්නෙ නැහැ..එයාට ඕනී ඉර වෙනුවෙන් ඉපදිලා ඉර වෙනුවෙන්ම මැරිලා යන්න...

මන් කවද්ද මල්ලි එයාගෙ ඉර වෙන්නෙ...මට පුලුවන් වෙයිද..මන් ට්‍රයි කරා..අදටත් ට්‍රයි කරනවා...එත් තාමත් එයාට මාව එක පුංචි ගිනිකූරක් විතරයි..එයා වෙනුවෙන් ආදරේ දල්වගෙන එයාටත් නොකියා විනාසවෙලා යන...."

මන් තුෂ්ට ඇතිවෙනකම් කියන්න දීලා එයාව අහගෙන ඉදියා..එයාගේ සූරියකාන්ත මල ගැන කියනකොට එ ඇස් දිලිසෙන විදිහ මන් දැක්කා..එත් එක්කම ඒ මලට එයාගෙ ආදරෙ පේන්නෑ කියලා කියනකොට  එ ඇස් දුකින් පිරිලා යන විදිහත් මන් දැක්කා..

මගේ අයියා...හිත හුගක් පාර ගෙන..කවුද ඒ..කවුද මෙච්චර වටින ආදරයක් දැක්කත් නොදැක්කා වගේ ඉන්න මනුස්සයා.....

කවුද ඒ????....

" අයියේ...Don't give up man..අවසානෙ වෙනකන් අල්ලගෙන ඉන්න..අතාරින්න එපා..මට විශ්වාසයි ඔයාගෙ කෙනා ඉක්මනින්ම ඔයාගේ ආදරෙ දකියි..ඔයා කියන විදිහට එයා යන්නෙ මිරිගුවක් පස්සෙ කියලයි මට තෙරෙන්නෙ..ඉතිම් වැඩිකල් නොගිහින් එයාට හතිවැටෙයි..හතිවැටිලා අවසානේ ඔයාගෙ ආදරෙ දකියි..මන් කියන්නෙ ඔයාගෙ පුලුවන් උපරිමෙන්ම ට්‍රයි කරන්න..ඔයාගෙ ආදරෙ පිවිතුරුයි නම් එ කෙනාව ඔයාට අනිවාරෙන් හිමිවෙයි...එ නැතත් මෙ මල්ලි උඹට එයාව ගෙනල්ලා දෙනවා.."

" එයාම මන් ගාවට එන්න ඕන බන්..කාගෙවත් කීමට එයා මන් ගාවට ආවා කියලා ඇති වැඩක් නෑ.."

"හරි හරි බන් එයා එයි..උබ බලන් ඉදපන්කො..එයා උඹ ගාවට එනවාමයි....හාචිස්.."

"bless you..සෙමද උඹට..."

"නැ බන්..මන් හිතන්නෙ මෙ සීතලට..ආහ් ඔන්න ආයෙත් හ්..හා..හාචුස්...."

"බබා!!!!!!!!!!!!!!!!!"

කොහෙදො නැති හෙම්බිරිස්සාවක් මට හැදෙද්දි එක දිගට කිවිසුම් ගිහින් ඉවරවෙන තැන බැල්කනි එකම දෙදරන්න මගෙ මනුස්සයා බෙරිහන් දුන්නා..

එක්කො මට හචින් ගියේ මෙයා බැනපු නිසා වෙන්න බැරිද...

"ඩැඩී.."

"ඩැඩි තමයි..ලයිට් එක ඔෆ් කරලා ඇදට එන්න කියපු එකා කොහෙ අතුරුදහන් වුනාද කියලා බලන්න මන් මේ ආවෙ..අම්මපා උබෙ තියෙන්නෙ පුදුම මුරණ්ඩු කමක්..මකවනවා මන් උබව ලගදිම.. මෙතන ඉදලා පිනිබාලා හදාගත්තාද  හෙම්බිරිස්සාවක් ඒ ගමන...සංතුෂ් යනවා රූම් එකට..අයියයි මල්ලියි මහා පාන්දර වැඩ අල්ලන්න අරන්....එනවා යන්න.."

"ඩැඩීහ් අදින්නෙපා රිදෙනවා අප්පා.."

චටාස්..

ගැහුවා යකෝ පස්සට...ආහ්...පලුව...පැලුනා.....

"ආව්හ්හ්...ඩැඩී.."

"කටවහන් වරෙන් යන්න.."

.

.

.

.

.

.

.

.

"හචුස්...හචින්...හා...චොස්...ආහ්...නහය..."

"බෙහෙත් ටිකක් ගන්න යමුද.."

" එපා ඩැඩී දැන් ඕන්නෑ..ඔයාට පරක්කුවෙයි..මාව ඔහොම්ම කම්පැනි එක ගාවින් බස්සලා යන්න හචින්...ඔයා...හචින්..."

"ඩෙවිඩ් ඔහොම්ම පිලිප් එකට හරවන්න.."

"හරි සර්.."

"ඕන්නැ කිව්වානෙ ඩැඩී.."

"කො කටවහාගෙන මෙතනින් ටිකක් නිදාගන්න..හරියට නිදාගත්තෙ නැති නිසා ඔයාට ඇවිස්සුනේ ඔය.."

"ම්ම්ම්..."

පහුවදා නැගිටිද්දි නහය බ්ලොක් වෙලා හුස්ම ගන්නත් බැරි තරම්..උදේ පිරිටන් පෙත්තක් ගැහුවත් ඔලුව කකියනවා තාම..මට ලොකු අමාරුවක් නැතත් ඩැඩී බයික් එකේ යන්න දුන්නෑ..යන ගමන් එයා එක්ක යමු කියපු නිසා මාත් මුකුත් නොකිය ආවා..

බෙහෙත් ගන්න ඕන නෑ..මාම්ගේ සුපර් චායි එකක් ගැහුවානම් මේක ශේප් කොහෙද ඉතිම් මමා උදෙන්ම පන්සල් ගිහින්....

එව්ව්..දැන් බෙහෙත් බොන්නත් ඕනිද..eww i don't like that....

ඩ්‍රයිවර්ට වාහනේ පිලිප් එක පැත්තට හරවන්න කියපු එයා ඔඩොක්කුවට අරන් මාව නිදිකරවගත්තා...එයාගේ ඇගිලි මගේ කෙහෙරැලි අස්සෙ යනකොට දැනෙන සනීපෙට මට ඉඹේටම නින්ද ගියා....

අපි බෙහෙත් අරන් එන ටිකට පිලිප් එක ගාව දාලා තිබුන Rio අයිස්ක්‍රීම් ශොප් එකෙන් අයිස්ක්‍රීම් කන්න ආසාවක් ආවා...මන් මෙ යකාගෙන් ඉල්ලුවත් අරන් දුන්නෑනෙ..මහා අදින්නපුබ්බකයෙක්නේ...

"මොකද්ද ඩැඩී ඕන්නම් 250 ක් යයි.."

"අනෙ ඉතිම් රවන්නෙ...තරහයි.."

"මන් ඔයාට 300ක්ම දෙන්නම් අදට අරන් දෙන්නකෝ.."

"250 කටනේ මේ ලෝභකම් කරන්නෙ.."

"අයියෝ මට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න එකෙක් නැනේ..ආව්හ්..ගහන්නෙ..ඕන්නෑ...ඕනෙම නෑ...."

බෙහෙත් අරන් P&S එකෙන් ගත්තු ශෝටීස් එකකුත් කන්න දීලා එයා ඉස්සරහම බොන්න ඕනි කියලා බෙහෙත් වේලකුත් පොවලාම මාව කම්පැනිය ගාවින් බැස්සුවා...

හවස් වෙද්දි මෙ ගතිය ඇරිලා යයි......

ගියපු ගමන් මීටින් එකට ජොයින් වෙලා පැයක් විතර දුසේ අංකල්ගේ ඔෆිස් එකෙ තියෙන රූම් එකට වෙලා පොඩ්ඩක් රෙස්ට් කරා..

බෙහෙත් සැරටද මන්දා මට පැය තුනක්ම නින්ද ගියා..නැගිටිද්දි දුසෙ අංකල් වෙන්නොන මගේ ඇගට රෙද්දකුත් පෙරවලා සපත්තු දෙකත් පැත්තක ගලවලා තිබුණා..

හිතට හරි බරයි...

මෙ කරන්න යන දේ හරිද...

විකාර නොහිතා උබේ අරමුණ ගැන විතරක් හිතපන් තේජූවෝ...

මන් මූණත් හොදගෙන රූම් එකෙන් එලියට එද්දි දුසේ අංකල් කැබින් එකෙ ෆයිල් එකක් බලමින් ඉන්නවා..

මාව දැකපු ගමන් ෆයිල් එක වහලා නැගිටලා ඇවිත් මගෙ නළලට අත තියලා බැලුවා..

"උණ නෑ..බෙබි බොයී..අසනීප නම් ඇයි ආවේ..රෙස්‍ට් කරන්න තිබුණානේ..මන් කියනන්ද ඔයා දැන් ගෙදර යන්න..ගිහින් තව රෙස්ට් කරන්න.."

බැ බැ ගෙදර ගියොත් අද ගමන යන්න බැරිවෙනවා..එහෙම වුණොත්...

" බැ අංකල්..වැඩ ගොඩයිනේ අනික අද හවස අංකල් එක්ක යන්නත් තියෙනවනේ.."

" බෙබි ඔයා අසනීපෙන් ඉද්දි මොන වැඩද..ඔයා ගෙදර යන්න..හවස ගමන...ඕනිනම් අපි ඒක රෑට දාගමු..හැබැයි ඔයාට හොද වුණොත්..දැන් ඔයා යන්න.."

"රෑට..ආ..හා එහෙනම්..මන් දැන් යන්නම්..අංකල් මට ලොකේශන් එක දාන්නකෝ..මන් ගෙදර ඉදන් එතනට එන්නම්.."

" Good idea..ඒක තවත් හොදයි..හැබැයි  ඔයා හොද වුණොත් විතරයි බේබි බෝයි.."

"අයියෝ මට හොද වෙනවා දුෂ්..මේක පොඩි හෙම්බිරිසාවක්නෙ..අනික බෙහෙත් බිව්වා මන්.."

"හ්ම්..දැන් යන්න..පරිස්සමෙන් බෙබි බෝයි.."

මගේ ඔලුවට අත තියලා එයා යන්න කියද්දි මන් එලියට ආවා..

මගුලේ ලෙඩක් හින්දා ඔක්කොම ප්ලෑන්ස් විනාස වෙනවා තව ටිකෙන්...

දුසෙ අංකල් මට එවපු ලොකේශන් එක මන් යවන්නොන පුද්ගලයාට ශෙයා කරලා කැබ් එකක් දාන් ගෙදර ආවා....

.

.

.

.

.

.

" ඔන්න මන් කිව්වා මතකයිනේ..විඩියො එක ඔන් වුණ ගමන් මන් දුවගෙන එනවා ඔයා..මේක මෙහෙම හබී..මේ ගාණටවත් උස්සන්න..ආ රයිට්..මිරිකන්නෙපා මිනිහෝ..ලාවට අල්ලපිය..ඔන්න මන් දුවගෙන එනවා..එතකොටම ඔයා මාවත් උස්සලා අරන් කැරකෙනකොටම බෝතලේ මිරිකන්නෝනෙ හොදේ..කො ඔම ඉන්න බලන්න ටිකක්..ආ නැ මන් දුවන් එන කොටම ඕක මිරිකන්න..එහෙන්ම මාවත් උස්සන් කැරකෙන්නොනේ..මතකයිනේ...ආ කොල්ලා..හොදයිද පුතේ දැන්..අතෑරපන්කො හබී චුට්ටක් දැන්ම නෙමෙ මාව අල්ලගන්නොන..කොල්ලාව බලලා එන්නම්...."

හතට විතර මන් රෙඩිවෙලා එලියට බහිද්දි කලින්ම ගෙදර ආපු පපාවත් අල්ලන් මාම් අලුත්ම ට්‍රෙන්ඩින්ග් විඩියෝ එක කරන්න හදනවද කොහෙ..අර වතුර මලක් යට කැරකෙන විකාරෙ...මාම්ටත් ඉතිම් පපාව අල්ලන් විකාර නටන්න තිබුණානම් හොදටම ඇති..

මාම් විඩියො එක පෙන්නගෙන ඉද්දි පපා එයාව තුරුල් කරන් ඉදියේ..මාව දැකපු මාම් පපාටත් බැනලා එහාට කරලා මන් දිහාට ආවා..ඔන්න දැන් බනිනවා මගුලෙ යනවා කියලා..

" මොන මගුලේ යන්නද මෙ කිට මරාගෙන ලැස්තිවුණේ..ගෙට එද්දි මග පණ යන්න වගේනෙ ඉදියේ..දැන් අමාරු නැද්ද..මහා පාන්දරට අම්මෙ හුම්මේ ගාගෙන එන්නෙපා හරි..දෙනවා පස්සට දෙකක්.."

" බනින්නෙපා මාම්..ඔයාගෙ සුපර් චායි එක ගැහුවට පස්සෙ ලෙඩ හොයන්නත් නැ..මට දැන් හොදයි..මන් මෙ පොඩි වැඩකට යන්නෙ..බ්ලෙස් මී මාම්..මෙ වැඩේ හරියට කරන් එන්න පුලුවන් වෙන්න කියලා.."

"ආ..පරිස්සමෙන් ගිහින් එන්නකෝ..අඩු කඩාගෙන එනවා එහෙම නෙමෙයි..මන් දන්නැද්ද උඹ ගැන..බුදුසරණයි...පුතේ.."

"පපා මන් ගිහින් එන්නම්.."

"ආහ්..කො දණ ගහන්නෙපා පැටියො මෙතන තෙතයි..පරිස්සමෙන් ස්වීටී..බුදුසරණයි.."

හැමදෙයක්ම හොද විදිහට වෙන්න කියලා හිතාගෙන මාම්ට දණ ගහලා වැදපු මන් නැගිටලා පපා ගාවටත් ගිහින් වදිද්දි පපා මාව හග් කරහම මමා  ලගට ඇවිත් කිස් එකක් දිලා ඔලුව අත ගෑවා....

.

.

.

දුසේ අංකල් දාපු ලොකේශන් එකට මන් ආවා..

බීච් සයිඩ් එකෙ තියෙන රෙස්ටුරන්ට් එකක්..

පාලු පැත්තක්..රෙස්ටුරන්ට් එකක් කිව්වාට හොල්මන් මන්දිරයක් වගේ..මේක පිටිපස්සෙ ගරාවැටුන බිල්ඩින්ග් එකක්...

රෙස්ටුරන්ට් එක ඇතුලට එද්දි ඉදපු ගර්ල් ඇරුනාම වැඩ කරන එකෙක්වත් මන් දැක්කෙ නැ..

මන් කෙලින්ම ඇවිත් රෙස්ටුරන්‍ට් එක ඇතුලෙ තිබුන දොරකින් එලියට ආවා..බිච් එක පැත්තට..මෙ පැත්තෙ නම් කලින් තිබුණ පාලුව මැකෙන්න fairy බල්බ් වැල් වලින් එලිය වැටිලා තිබුණා.. එ වැල් බීච් එක දිගේ මට පාර කියන්න වගේ දිගටම එල්ලලා තියෙද්දි  මන් එ දිගේ එන්න ආවා...තැනින් තැන පුංචි කැන්ඩ්ල්ස් එක්ක නොට් එකක් තිබුනා...ඇරොව් එකක්..එකෙන් ඉස්සරහට එන්න කියලා ගහලා තිබුනේ...

බීච් එක පහුකරන් ඒ ලගම තිබුන කැලෑවක් අස්සට මන් යද්දි එන්න එන්නම එළිය වැඩිවුනා...

ටික දුරක් එද්දි විශාල ගස් දෙකක් යට ටේබල් එකක් සෙට් කරලා වටේම ඩෙකරේශන් වලින් ලස්සන කරලා තිබුන ප්ලේස් එකට මන් ආවා..දුසේ අංකල් වයිට් ශර්ට් එකට බ්ලැක් ට්‍රව්සර් එකක් ඇදලා අතේ රෝස මලකුත් තියාගෙන මාව පිලිගන්න බලන් ඉදියා...

"බේබි බෝයි ඔයා ආවා.."

"අංකල් මේක ඩිනර් එකක්ද.."

දුසෙ අංකල්ව හග් කරපු මන් එහෙම අහද්දි එයා මගෙ අතට රෝස් එක දීලා එතන තිබුණ පුටුව පස්සට අරන් මට වාඩිගන්න කිව්වා..

" ඒහෙම හිතන්නකෝ..බෙබි බෝයිට කියන්න දේකුත් තියෙනවා..ඔක්කොටම කලින් අපි කාලා ඉමු.."

දුසෙ අංකල් ලග තිබුන වයින් බෝතලෙන් ග්ලාස් එකක් පුරවලා මට දීලා එයාගෙ ග්ලාස් එකටත් එකක් පුරවන් අපි දෙන්නාම බොන්න ගත්තා...

ටික වෙලාවකින් කොහෙන්දො මන්දා මතුවුන වේටර් බෝයි කෙනෙක් රෙඩ් වෙල්වට් කේක් එකක් ගෙනල්ලා අපේ ටේබල් එක උඩින් තියද්දි තව කෙනෙක් ඇවිත් Ratatouille ප්ලේට් දෙකක් තියද්දි මට පොඩිකාලෙ බලපු කාටුන් එකක් මතක් වුණා....ඒත් එක්කම Tasco ප්ලේට් දෙකකුත් තිබුණා...

අපි කෑම කාලා කෙක් එක කපලා කද්දි මන් කාපු හැම කටක්ම හොදට හැපුවා..නැ කියන්න බෑනෙ ඉතිම්..ඔය දාපු දෙයක් තිබිලා විඩියො වල වගේ ගිලිලා හිරවුණොත්...දෙයියනේ කියලා එහෙම මුකුත් තිබුන්නැ...

අනෙ අම්මපා මට හිතාගන්න බැරි මෙ මනුස්සයා අර රෙස්ටුරන්ට් එකයි බීච් එකයි තියාගෙන මෙ ඩිනර් ලබ්බට කැලේ අස්සටම ආවෙ ඇයිද කියලා..එයා වගේම එයාගේ වැඩත් හරි අමුතුයි...

කමක්නැ හොදට කන්නකො කවුද දන්නෙ ඉතිම් නෙහ්...

බොරු කියන්නොන්නැනෙ මන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වුණා..දණ ගහලා මුද්දක් දික් කරන එකක් වගේ නම් නෙමෙයි හෙහෙ..නැ එවගෙ ටිකක් ලගින් යන එකක්වත්..

හෙන අමුතුයිනේ..මෙක නිකම් කන්න ගෙන්න ගෙන මරලා දාලා යන්න හදනවා වගේ සිටුවේශන් එකක්දො මන්දා..

"Baby boy i got something for you.."

"For me what..??.."

මන් වෙනුවෙන් දෙයක් තියනවා කියපු එයා සාක්කුවෙන් ගත්තු පොඩි බොක්ස් එකක් මගෙ දිහාවට දික් කරා..මන් ඒක ඇරලා බැලුවා..එකෙ තිබුනෙ මුද්දක්....නෑ මුදු දෙකක්..ඒක අරගත්තාම දෙකට වෙන්වුනා...ඉරයි හදයි ඒකෙ තිබුණේ...

"දුෂ් මේක.."

" ඕකේ සන් එක ඔයා අරන් මූන් එක මට දෙන්න.."

"Baby boy..You make my heart sing..I've fallen for you.."

" දුසෙ අංකල්.........මන්........"

ඉර තිබුණ මුද්ද මට ගන්න කියපු එයා මන් ඒක දාගන්න යද්දි මගෙ අතින් අරගෙන මට දාන්න හදලා එහෙම කිව්වා..

"ශ්...මන් දන්නවා බෙබි බොයී ඔයාගෙ උත්තරේ...එත් මට මේක කියන්නම ඕන වුණා..බෙබී..ඔයා දන්නවද සදුට එලිය දෙන්නෙ හිරු කියලා..The moon gets light from the sun..Without the sun, there would be no moonlight...and  you are the sun of my life..without you there would be no Rahul Dushmanth..I want to ask that..can i be your moon..මන් දන්නවා..හිරුට සදුට කවදාවත් එක් වීමක් නෑ..සද කොච්චර බලාපොරොත්තු තියන් ඉදියත් හිරු කවදාවත් සදගෙ වුනේ නෑ..Every sun is a star... මගේ ජීවිතේ තරුව ඔයා..හිරු හුගක් අයට අයිතියි..මට ඔයාව අයිතිකරගන්න ඕන නැ..එත්..මට ඔයා එක්ක ඉන්න ඕනි...ඔයා ලගින්ම..

Can i stay with you..in my whole life..?.....

and

Can you be the sun of my life??.."

"දුෂ්..මන්..නැ..ඔයාට...පුලුවන්...ඔව් පුලුවන්..මගේ ජිවිතේ මගෙ ලගින් ඉන්න පුලුවන් ඔයාට...එත් මාව අයිති වෙන කෙනෙකුට..ඒකට කමක් නැද්ද?.."

"මට ඔයා ගාවින් ඉන්න පුලුවන් නම්..Thats enough for me..i don't want to own you..i just want to be with you..ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ බෙබී..ඔයා වෙනුවෙන් ජිවිතේ වුණත් මන් දෙන්න ලෑස්තියි.."

මන් දුෂ්ගෙන් අහපු දේට එයා එහෙම උත්තර දෙද්දි රින්ග් එක දාන්න මන් ඇගිල්ල දිග් කරාම එයා ඇගිල්ල දැම්මා..එත් එයාගෙ රින්ග් එක ඇගිල්ලට දාන්න හදද්දි එයා මාව වලක්වලා තනියෙන් දාගත්තා...

අමුතුයි...

" මගෙ අතින් මැරෙන්න වුණත් ඔයා ලැස්තිද දුෂ්?.."

මන් දිහා ටික වෙලාවක් බලන් ඉදපු එයා හිනාවුනා...

" ඔව්..මාව මරන කෙනා ඔයා නම්..ඒකට කමක් නැ..මට සතුටු හිතෙයි ඔයා අතින් මැරෙන්න ලැබීමත්.."

මන් අහපු දේට හිතපු නැති විදිහෙ උත්තරයක් එයාගෙන් ලැබෙද්දි පපුවේ මොකද්දො වේදනාවක් ඇදෙනවත් එක්කම පිටිපස්සෙන් ආපු මනුස්සයෙක් එයාගෙ ඔලුවට පොල්ලකින් ගහද්දි එයා ඉස්සර වුණත් ඒ වෙද්දි ඒ පාර එයාට වැදිලා ඉවරයි..ඔලුව අල්ලගෙන මගේ දිහා බලාගත්තු එයා ටේබල් එක උඩට කඩන් වැටෙද්දි තව දෙතුන් දෙනෙක් ඇවිත් එයාව උස්සලා අර ගත්තා...

.

.

.

.

.

.

.

පාලු බිල්ඩින්ග් එකේ වතුර වැටෙන සද්දෙ ඇරුනාම අපේ හුස්ම හඩ විතරක් ඇහෙද්දි හැමෝම බලාගෙන ඉදියේ එක්කෙනෙක් අවදිවෙනකන්...

එයා නැගිටින්නැතිපාර වතුර බාල්දියකින් එයාව නෑවිලා ගියේ නැතිවුණ සිහිය ආපහු අරගනිමින්..

එ දිහා පිටිපස්සෙ තියෙන රූම් එකේ ග්ලාස් එකෙන් මන් බලාගෙන ඉද්දි සිහිය ආපු ඒ ඇස් කලබලෙන් කාව හරි හෙව්වා..

මන් හිතන්නෙ එයා හොයන්නෙ මාව...

එ තොල් මැතිරුවේ මගෙ නම...

"Who the f$ck are you!!!!!!..කවුද උඹලා..කෝ එයා...එයා කොහෙද!!!!!!.."

බිල්ඩින්ග් එකම දෙදරලා යන සද්දෙන් එයා කෑගහද්දි එයාගේ  ඉස්සරහට ගියපු මනුස්සයෙක් එයාගේ මූණට ගහපු පාර ලේ පනිද්දි මගෙ අත මිටි වුණා...

එත් එක්කම ඒ ගහපු මිනිහා පරඩැලක් වගේ බිම ඇදගෙන වැටුනේ හැමෝගෙම ඇස් පුදුමෙන් පිරිලා යද්දියි...

එයාව ගැටගහලා තිබුන දංවැල් ගැලවුනේ කොයි තප්පරේද..එයා පුටුවෙන් නැගිටලා අරූට ගැහුවේ කොයි තප්පරේදිද කියලාවත් හිතාගන්න බැරිවෙද්දි ඇස් පියන් ගහන පමාවට එයා අර මනුස්සයාට මැරිලා වැටෙන්නම ගැහුවා...බිමට වැටුන මිනිහාගෙ හෙලවිල්ලක්වත් නෑ...

එතනින් එහාට හැම එකාම එයාගෙ පැත්තට දුවන් යද්දි එයාගෙ එකපාරකින් උන් බිමට ඇදගෙන වැටුනා..පනහාකට වැඩි පිරිසක් මෙතන ඉද්දි බලාගෙන ඉන්නකොට එයා දහයක් පහලවක් බිමට ඇදලා දැම්මා...හරිම අමානුෂිය විදිහට...

එ ගහපු හැම එකාගෙන්ම එයා ඇහුවෙ

" එයා කො.."

"කොහෙද මගේ කොල්ලා.."

" මගේ කොල්ලා කොහෙද කියපන්.."

"මගේ බෙබි බොයි කොහෙද.."

මාව...එයා තාමත් හොයන්නෙ මාව...

රාක්ෂයෙක් වගේ ලේ පෙරාගෙන එයා ඇහුවෙ මන් කොහෙද කියලා විතරයි..අර මිනිහාගෙන් වැදුන පාර ඇරුණහාම එකෙක්ට බැරිවුනා එයාට අතක් තියන්න..එයාගෙ ෂර්ට් එකේ ලේ පාරවල් තිබුණා..එත් ඒ එයාගෙ නෙමෙයි...එයාගෙන් ගුටිකාපු මිනිස්සුන්ගේ...

එයාගෙ ස්කිල් එකත් එක්ක මෙ මිනිස්සුන්ට හැරෙන්නවත් බෑ කියලා මට තෙරුම් ගියා..

මගෙ ලග ඉදපු කෙනා මට ගන් එකක් දික් කරද්දි ඒක ඉනේ ගහගත්තු මන් දොර ඇරන් එළියට ආවා...

මන් ලගට යනකනුත් එයා මාව දැක්කෙ නෑ..එයාව වට කරන් උන්න මිනිස්සුන්ගෙන් මාව අහලා උන්ට ගහනවා..එකෙක්ගෙ බෙල්ලක් දෙකට ඇඹරුවා..අත මිටි කරලා ගහපු පාර තව එකෙක්ගේ සුසුම්නාව කුඩුවුණා..අත් දෙකෙන් මිනිස්සු දෙන්නෙක් උස්සලා පොළවේ ගැහුවා..

"මගේ කොල්ලා කොහෙද කියපන්.."

"එයා කොහෙද.."

"මට කියපන්!!!!!!!.."

"දුෂ්මන්ත........."

එයාට අඩිදහයක විතර පරතරේ තියාගෙන මන් කතා කරද්දි මගෙ කටහඩ ඇහුන එයා අර මිනිස්සුන්ව අතහැරලා එකපාරට මන් දිහා බැලුවා..

මෙච්චර වෙලා මෘගයෙක් වගේ කෙන්තියෙන් පිරුණ ඒ මූන මාව දැකපු තප්පරේ ලස්සන හිනාවකින් පිරිලා ගියා...

එ හිනාව මගෙ හිත හිරකරන්න උත්සාහා කරත් මන් මටම තරවටු කරගත්තා..නෑ..විකාර හිතන්න වෙලාවක් නෙමෙයි මෙක...

මගෙ දිහාවට දුවන් එන්න අඩිය තියපු එයා එ අඩිය ආපස්සට ගත්තේ මන් ඉනේ ගහන් ඉදපු ගන් එක අරන් එයාගෙ පැත්තට දික් කරපු නිසයි..

තප්පරයක් දෙකක් එයා කුතුහලෙන් මන් දිහායි ගන් එක දිහායි බලලා ආයෙමත් අර හිනාව මූණට අරගත්තා...

හිනාවෙන්නෙපා..මට...ඒ හිනාව මාව..

" බේබි බෝයි ඔයා ඉන්නවා.."

මන් ඉන්නවා කියාගෙන සැනසුම් සුසුම් හෙලපු එයා දනිස් වලට බර දීලා මහන්සි ඇරලා ආයෙත් කෙලින් වුණා..

"මන් වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කිව්වානේ..මගෙ අතින් මැරෙන්න කැමතියි කිව්වා නේද දුෂ්..ඒක සතුටක් කිව්වා නේද.."

" ඔව් බේබි බෝයි..ඔයා මාව මැරුවත් මන් ඒක සතුටින් භාරගන්නවා..ඔයා වෙනුවෙන් ඕන දෙයක්.."

එයාගෙ..වචන...

ඕවට ඇහුන් කන් දෙන්නෙපා තේජූ..උගෙ බොරු මවාපෑම්..

" දුෂ් මට ඔයාව මරන්න ඕනී..ඔයා මැරෙන්න ඕනි..ඔයා පව්කාරයෙක්..ඔයාගෙ වැරදි වලට ඔයා විදවන්නම ඕනි.."

"මන් දන්නව බෙබි..මන් හුගක් වැරදි කරලා තියෙනවා...ඔයා කියනවානම් මන් මැරෙන්න ඕනි කියලා මන් මැරෙන්න සූදානම්.."

"ඔව් ඔයා මැරෙන්න ඕනි..මට කරපු දේට..මගේ ඩැඩාව රවට්ටලා එ දෙන්නාව මරලා දාපු එකට ඔයා දඩුවම් විදින්නම ඕනි..ඔයා මැරෙන්න ඕන දුෂ්...ඔයා මැරෙන්නම ඕන..."

"බෙබි.."

"එපා..මුකුත් කියන්නෙපා..මට ඔයාගෙ බොරු අහන්න ඕන නෑ..හැමදෙයක්ම මන් හොයාගත්තා..ඒ ඔයා..මට සාක්ශි හම්බුනා..ඔයා ඒ දෙන්නාව...දුෂ් තමුසෙ මැරෙන්නම ඕනි..මැරෙන්නම ඕන්-..."

බිල්ඩිම දෙදරලා යන්න මගේ හඩ පැතිරෙද්දි ඩැඩාව රවට්ටලා මරලා දැම්මායි කියපු එකට එයා කතා කරන්න ගියත් කතාකරන්න ඉඩ නොදුන්නු මම කෑගහලා සාක්ශිපවා හම්බුනා කියලා එයා මැරෙන්නම ඕනී කියද්දි මන් හිතන්නත් කලින් පිටිපස්සෙන් ආපු කෙනා මගේ අත තද කරපු පාර මගේ අතේ තිබුන ගන් එක පත්තුවුණා..

වෙඩි හඩ මහා සද්දෙන් කන්වල රැව්දීගෙන උන්ඩය එයාගෙ පපුව පසාරු කරන් යද්දිත් එයා ඉදියේ හිනාවීගෙන..එයා බිමට ඇදන් වැටුනෙත් හිනාවීගෙන..මන් අච්චර කියලත් එයා බයවුණේ නැ...එයා පුදුම වුණේ නෑ..මන් එ දේවල් එලිකර ගත්තා කියලා කියද්දිත් එයා පුදුම වුනේ නෑ..

අනික...මන්...මන් එච්චර ඉක්මන්‍ට එයාට ශූට් කරන්න ඉදියේ නෑ...

" චච්..චච්..එක පාර කොකා ගහන්නෝන එකට මොනවද රෝස මල ඔච්චර කියවන්න තියෙන්නෙ.."

"විකී!!.."

"ශ්...දැන් හරිනේ..ඔන්න ඔයා මට ඕන දේ කරා..හායි රාහුල්..ඇත්ත හෙලිවුණාම ඔයාට මොනවද දැනුනේ..."

පිටිපස්සෙන් මතුවුණ විකි හිනාවෙවී බිම ඉන්න දුෂ් ගාවට ගිහින් එහෙම අහලා ඒ පපුව පයින් පාගද්දි අමාරුවෙන් ඉදපු දුෂ් ඒ කකුල එහාට තල්ලු කරලා ආයෙමත් මන් දිහා බලාගෙන හිනාවුනා...

මන් හිමීට එයා ගාවට ගියාම ඇයිද කියන්න මන් දන්නෑ පපුවෙන් දැනෙන වේදනාවත් එක්ක මන් එයා ගාවින් දණ ගහාගත්තා...

"බේබි..කැහ්..මන් සතුටින්..ඇයි අඩන්නෙ.."

මගෙ දිහා බලන් ඉදපු එයාගෙ හිනාව එකපාරට අතුරුදහන් වෙලා අමාරුවෙන් මගේ මූණ පිහිදලා අඩන්නෙ ඇයි කියලා අහද්දියි මට තෙරුනේ මගේ ඇස් තෙත් වෙලා කියලා..

"පිටින්..බලලා..කැහ්...හැමදේම...තීරනේ කර..ක්හැ...හොද නෑ මගේ...දරුවො..."

"ද්..දුෂ්.."

"ම..න් නැතත්...මගේ..හි..රු..සතු..ටින්...ඉන්න.."

මගේ අත උඩින් අත තියපු එයා එහෙම කියාගෙන ඇස් වහන්න යද්දි විකී ගන් එකේ මිටෙන් එයාගෙ ඔලුවට ගැහුවා..

"දුෂ්!!!..මොකද්ද මිනිහෝ ඒ කරේ.."

"තව මොනවද රොස මල උඹ කියවන්නෙ මූ එක්ක..කොල්ලනේ මේකාව මෙතනින් අයින් කරපන්.."

" නැ එපා විකී එයාව මට දෙන්න.."

"මෙන්න මූවත් අල්ලගනින්.."

"විකී!!!..තමුසේ.."

විකීගේ කොල්ලො ටික දුෂ්ව උස්සන්න හදද්දි මන් උන්ට ගහලා එහාට කරාම මාව ඇදලා ගත්තු විකී උගෙ බොඩිගාඩ්ලට මාව අල්ලගන්න කියද්දි මන් උන්ට ගහලා බේරෙන්න දැගලුවා..එකෙක්‍ට ගහද්දි තව එක්කෙ ඇවිත් මගේ බෙල්ලෙන් ඇදලා ගත්තාම මන් ඉස්සරහා එකාගෙ පපුවට පයින් ගහලා කැරකිලා පිටිපස්සෙ එකාගේ අත ඇඹරුවා..

දුෂ්ව කොල්ලො දෙන්නෙක් උස්සන්න හදද්දි මන් උන්ට ගහලා බිම දාලා දුෂ්ව අල්ලගන්න යද්දි විකි මගේ බෙල්ලට දංවැලක් දාලා මාව පිටිපස්සට ඇදලා ගත්තා...

"අල්ලගනින් මූව.."

"විකි..අතෑරපන් මාව..අල්ලන්නෙපා යකෝ..විකී මන් තෝව මරනවා.."

විකීගේ ගාඩ්ලා දෙන්නෙක් මාව දෙපැත්තෙන් අල්ලන් ඉද්දි බෙල්ලට දාපු දංවැලෙන් විකී මාව ඇදගෙන ඉදියා..

" අනේ ඉතිම් රෝස මල..ඔයා මට ඕන දේ ලේසියෙන් කරලා දුන්නා..මොකද්ද හිතුවේ...මරන්න වගේ තර්ජනේ කරලා උගේ කටින් ඇත්ත වමාරගන්නද..අයියෝහ්..පව් අනේ...මන් හදිස්සි වුනාද මන්දා..මන් දැනගත්තා පැටියෝ ඔයා ඌව මරන්න හිතුවේ නැ කියලා..ගන් එක දික් කරන් ඌව හුරතල් කරාම උ වමාරයි කියලා හිතුවානෙ තෝ..බූරු මගුල..උබත් උබේ තාත්තාද මොකාද එකා වගේ ගොනෙක්.."

"විකී..තමුසේ...උඹ.කොහොමද.."

"මන් මොකෙක් කියලාද රෝසමල හිතුවෙ ආ..මොනා කරන්නද ඉතිම්..දැන් මැරිල ඉවරනේ..අපි ඒ ගැන අමතක කරමුකෝ..බලන්නකො ඉතිම් ලේසියෙන් කෙනෙක්ට අල්ලන්න බැරි මනුස්සයෙක්වනේ ඔයා මේ මරලා තියෙන්නෙ..මන් හිතන්නෙ ඔයා තාම දන්නෙ නෑ ඔයා කාවද මැරුවෙ කියලා..අනෙ අම්මොහ් ඉතිම් ලෝකෙම බය ලොක්කා පුංචි එකෙක් අතෙන් මරුම් කැවා..බලන්නෙපැයි මූනේ හිනාව..ඕක තමා ආදරෙන් අන්දවුනාම වෙන්නේ..මගෙ මස්සිනාටත් කෙලවුනේ සප්තට ලව් කරලානේ..."

"ආ..එ කියද්දියි මතක් වුනේ..ඔයා දන්නවද ඔයාගෙ ඩැඩා..අපේ මසී..එයාගෙ ක්‍රයිම් පාර්ට්නර් කවුද කියලා..හෙ හේ..දන්නෙ නෑ...ඔයාගෙ අතින් මැරුම් කෑව රාහූල්ම තමා ඉතිම්..."

"මොකක්...ඩැඩායි එයයි බිස්නස් පාර්ට්නර්ස්ලා නෙමෙයිද.."

"අයියෝ නොදරුවා..බලන්නකො ඉතිම් ඔයා මෙ මරලා තියෙන්නෙ අපේ මස්සිනා මැරිලා යන්න කලින් ඔයාගෙ ගාඩ් එකට දාපු මනුස්සයාවගේ..අපේ මසී රාහුල්ව තමයි ඔයාගේ ගෝඩ්ෆාදර් විදිහට එව්වේ..කමක් නැ දැන් එ දෙන්නාම ඒ ලෝකෙ ඉදන් ඔයා දිහා බලන් ඇති..දුක් වෙන්නෙපා ඔයා මැරුවෙ හරිම කෙනාව..එයා ඉන්නකම් මට ඔයාව අල්ලගන්න බැරිවෙනවා...ස්පෙශලි අර නාකියාව..දැන් ඔක්කෝම හරි.."

නාට්‍යානුසාරයෙන් විකී රගපාලා පෙන්නන දේවල් දිහා මන් බලන් ඉදියේ මුකුත් තේරුම් ගන්න බැරුව..මොනවද මූ කියන්නෙ..දුෂ්ව එව්වෙ ඩැඩා..එත්...මොකක්...

"මොනවද තමුසෙ මේ කියවන්නෙ..මාව අතෑරපන්..මුන්‍ට කියපන් මට යන්න දෙන්න කියලා..අතෑරපන් යකෝ.."

" මෝඩ රෝස මල..බොරු ඩොකිව්මන්ස් ටිකක් හදලා ඒකත් මගේ උන් ලවා රාහුල්ගේ මැන්ශන් එකෙන් තියලා ඔයාට අහුකරාම ඉක්මන්ට එ දෙවල් ඇත්ත කියලා ඔයත් පිලිගත්තානෙ බබෝ...හව් සෑඩ් නෙහ්...

කමක් නෑ..රාහුල් නැතුවට මොකො ඔයාට මන් ඉන්නේ..බයවෙන්නෙපා ඔයාට මන් හීරිමක්වත් කරන්නෙ නෑ...මට ඕන දේවල් ලබාගන්න ඔයා ඕනනෙ බබෝ.."

"මොකක්...තමුසේ..එතකොට දුෂ්..එයා...එයා වැරදි නෑද්ද යකො..මාව අතෑරපන්..මන් තෝව මරනවා..අතෑරපන්...දුෂ්..අනේ මට...සමාවෙන්න...ආර්හ්...අතෑරපන්...."

විනාසයි...ඔක්කෝම විනාසයි...ඒ දේවල් බොරුද එතකොට...දුෂ් එයා මැරුනේ නොකල වැරැද්දකටද...අනෙ එයා කියන්න හදපු දේ මන් ඇහුවේ නෑ..මට සමාවෙන්න දුෂ්..විකී...මන් උබව මරාගෙන මැරෙනවා යකෝ..

මන් ඇන්දුනා..තෙජූ උබ හැමදේම වරද්දගත්තා...දුෂ් අනේ එයා...උබ මැරුවේ උබව රකින්න ආපු මනුස්සයාව..පව්කාරයා..අනෙ දුෂ්..

මන් විකීගෙ බොඩිගාඩ්ලාගෙන් ගැලවෙන්න දගලන වාරයක් ගානෙ බෙල්ලෙ තියෙන දංවැල තද වෙන්න ගන්නවා..විකී..උබව මන් නොමරා මරනවා......

"මාව අතෑරපන්.."

"මූව දාගනින් වාහනේට.."

විකීගේ බොඩිගාඩ්ලා මාව අල්ලගෙන අරන් යන්න හදද්දි මන් පුලුවන් විදිහට උන්ට ගහලා බේරෙන්න හැදුවා..විකී අනිත්පැත්තෙන් දංවැලෙන් අදිද්දි මාව බිමට තල්ලු වුණා..උ මාව බිම දිගේ ඇදන් යද්දි මන් අහුවෙන හැම එකකින්ම උට දමලා ගැහුවත් වැඩක් වුන්නෑ..

මාව බිම ඇතිල්ලිලා යන වාරයක් ගානෙ මැවුනේ එයාගෙ හිනාව...දුෂ්..මන් සමාව ඉල්ලන්න සුදුසු නෑ...එත් ඔයාට දැන්ම මැරෙන්න බෑ....

මන් ලග තිබුන කනුවක් කකුල් වලින්  බදාගද්දි විකිගෙ බොඩිගාඩ් මගෙ කොන්දට පයින් ගහනවත් එක්කම හෝල් එක දෙදරන්න වෙඩි සද්දයක් ඇහිලා මට ගහපු එකා බිමට ඇදන් වැටෙනකොටම කවුරු හරි ආවා..

" එයාව අතෑරපන් විකී.."

"ස්..ස්සේපාල..."

ඒ ඇවිත් ඉන්නෙ සේපාල..එයා කොහොමද...නින්ජා කිට් එකකින්....සේපාල විකි අල්ලන් ඉදපු දංවැලට ශූට් කරහාම ඒක දෙකට වෙන්වුන සැනින් මන් නැගිටලා අත් ලිහාගෙන දංවැල ගලව ගත්තා..

සේපාලට විකීගේ බොඩිගාඩ්ලා ආපිට ශූට් කරද්දි මන් ගන් එක අරගෙන කවර් වෙලා ශූට් කරන්න පටන් ගත්තා..

" පුංචි බේබි..දුෂ්මන්ත සර්ව හොයාගන්න.."

සෙපාල මගේ ලගට ඇවිත් දුෂ්ව හොයාගන්න කිව්වාම ඔලුවට දාහක් දේවල් ආවත් ප්‍රශ්න නාහා මන් ඉක්මන්ට දුෂ්ව අරන් ගියපු පැත්තට දුවන් යද්දි සේපාල එනවත් එක්කම විකී අතුරුදහන් වුනා කියන එක තප්පරේකට මට අමතක වුණා...

මගේ ගන් එකේ බුලට් ඉවර වෙද්දි බිම වැටුන එකෙක්ගෙ එකක් අහුලගෙන මන් එක්සිට් එක පැත්තට දුවන් ආවම ඉස්සරහින් ආපු එකෙක් මගෙ අතෙ තිබුන ගන් එක විසිවෙලා යන්න මට ගැහුවා..

උ එහෙන්ම මාව හිරකරගන්න හදද්දි කකුලෙන් ඌව හිරකරපු මන් ලග තිබුන බිත්තියට උගෙ ඔලුව අල්ලලා ගැහුවා..එත් එක්කම තව දෙතුන් දෙනෙක් මාව ෆලොව් කරන් එද්දි පඩිපෙලෙන් බැහැලා මන්  යට තට්ටුවට දුවන් ආවා...අබලන් වෙච්චි වාහනයි මුන් ආපු හොද වාහනයි පෝලිමට තියෙද්දි මන් අස්සෙන් ගිහින් දුෂ්ව දාගත්තු වාහනේ හොයන්න ගත්තා..

උන් දැනටමත් ගිහින්ද...

විකීගේ ගාඩ් කෙනෙක් මගෙ ඉස්සරහින් මතුවෙද්දි කැඩුන කාර් එකක දොරක් ගලවලා අරන් මන් උගෙ ඇගට විසික් කරාම ඌ ඒක අල්ලලා පැත්තකට විසි කරලා මගෙ ගාවට ලංවුණා..එත් එක්කම පිටිපස්සෙනුත් තව එකෙක් ලංවෙද්දි මන් කාර් එක උඩට නැගලා අනිත් පැත්තට පනිද්දිම ඉස්සරහින් ආපු ගාඩ් මගේ කකුලෙන් අල්ලලා අදින්න ගත්තාම මන් කාර් එකේ වහලේ එල්ලුනා...

එත් එක්කම ආයෙත් වෙඩි හඩක් ඇහෙද්දි මගේ කකුල ලිහිල් වුණ සැනින් මන් වාහනෙ උඩ නැගලා අනිත් පැත්තට පැනලා පිටිපස්සෙ එකාගෙ ගන් එක අරන් ඒකෙ මිටෙන් උගේ ඔලුවට ගැහුවා..

ශිට්..මේකෙ උන්ඩ නෑ...

පිටිපස්සෙන් ආයෙත් වෙඩි සද්ද ඇහෙද්දි මන් ඒ දිහා හැරිලා බලනකොට දැක්කේ...

"ඩැඩි!!!!!!!!!!.."

"බබා...."

දවසේ කීවෙනි වතාවටද මන්දා ආයෙත් පුදුම වුණ මන් එයා ගාවට දුවන් යන්න හදනවත් එක්කම එයාගෙ පිටිපස්සෙන් ආපු විකීගෙ සෙකට්‍රි ඩැඩීගේ ඔලුවට ගන් එක තිබ්බා..

"නෑ...එපා..."

නෝ...නෝ..ෆක්ක්..මේකෙ උන්ඩ නෑහැ..

ඩැඩි..ඇයි ඔයා ආවේ...ඇයි මේ දෙවල් මට තවත් අමාරු කරන්නෙ...මූ ඩැඩීට මොනවාහරි කරොත්..නෑ ඊට කලින් මන් මූව මරනවා...

" එයාට යන්න දීපන්..."

" මෙයාට යන්න දෙන්නම්..උඹ අපිට යටත් වුනොත්.."

"හරි...හරි මන් යටත් වෙන්නම්.."

අතෙ තිබුන ගන් එක විසික් කරපු මන් එතන දණ ගහද්දි ඩැඩී කෑගහලා එපා කිව්වා..

" නෑ බබා...එපා..නැගිටපන්..තේජූ...නැගිපන් වස්තුවේ...මට මුකුත් වෙන්නේ නෑ..අනේ ඔතනින් නැගිටලා මෙතනින් යනවා..තේජූ...බබා...එපා..."

" මන් යටත් වුණානේ..එයාට යන්න දීපන්.."

"මාව මාරයා නොකර ඔතනින් නැගිටපන්..තෙජූ.."

"එපා ඩැඩී..මට ඔයාවත් නැතිකරගන්න බෑ.."

ඩැඩී දගලලා අරූ එක්ක පොරබදින්න හදද්දි එයාගෙ අතෙ තිබුණ ගන් එකත් විසික් වෙලා ගියා...අනෙ ඩැඩී දෙවියන්ගේ නාමෙට කලබල නොකර ඉන්න...

"එයාට යන්න දීපන්..මන් යටත් වුණා යකෝ.."

" තේජූ..නෑ නැගිටපන්..මැනිකෙ..ඔතනින් නෑ එහාට වෙන්න..වාහනයක්...එපා එපා..තෙජූ!!!!!!!!!!!!"

මන් ඌට ඩැඩිව යවන්න කියනවත් එක්කම කලබලවෙලා මගෙ පැත්තට දුවන් එන්න ආපු එයාව අරූ පිටිපස්සෙන් අල්ලගද්දි මගේ දිහා බයවෙලා බලාගෙන ඉදපු ඩැඩී කෑගහලා අයින්වෙන්න කිව්වා..

ඒත් එක්කම ලයිට් එලියක් මගේ පිටිපස්සෙන් මතුවෙද්දි  වාහන සද්දෙට මන් නැගිට්ටත් පිටිපස්ස හැරිලා බලද්දි ඒක තිබුනේ මගේ ඇගෙ වදින්න ඔන්න මෙන්න...

මාව එකපාරට තල්ලුවෙලා පැත්තට විසී ක් වෙද්දි හයියෙන් ආපු වාහනේ මාව පහු කරන් ගිහින් බ්‍රේක් ගහන සද්දෙ මට හොදට ඇහුනා...

"නෑ.................එපා.........."

නැ නැ නැ...ඇයි එයාම...වාහනේ හැප්පෙන්න ඔන්න මෙන්න ඉදපු මාව කවුරුහරි තල්ලුකරා වෙද්දි ඒ කෙනා මන් වෙනුවට වාහනේ වැදිලා වාහනේ දිගේ වැදිලා උඩ ගිහින් පිටිපස්සට වැටුනා..

ඒත් එක්කම එයාව හප්පපු වාහනේ රිවස් එකට ඇවිත් මගෙ ඇස් පනාපිට  එයාව ආයෙම යටකරන් යන්න ගියේ මන් කෑගහගෙන ඒ දිහාවට දුවගෙන යද්දි.....

".....නෑ...එපා...."

මාව බේරගත්තෙ එයා...මන් වෙනුවට වාහනෙ හැප්පුනේ එයා...මාව තල්ලුකරපු දුෂ් ඒ වාහනේටම යටවෙලා ගියේ මන් බලාගෙන ඉද්දි....

ලේ විලක් උඩ ඉන්න දුෂ් ගාවට ගිහින් දණ ගහලා එයාව තුරුල් කරගත්තු මම කෑගහලා අඩද්දි ඩැඩි මන් ගාවට ආවා..

" දුෂ්....නෑ......එපා.......ඔයාට...යන්න බෑ......ඇයි මාව......ඔයාට..වෙඩි තියපු මාවම බේරුවෙ...ඇයි දුෂ් ඇයි...."

___________________________

හායි...😌

ඔන්න කල්පෙකට දිග එකක් දුන්නා😒

දැන් මාව හොයන් එන්නෙපා මරනවා කියාගෙන..මාත් මලා😌

දුසෙත් මලා..😭

එවුනාට දුෂ් පව් 😭😭 අනෙ මගෙ දුෂ් 😭

ඉක්මන්ට එන්නම්..මලගෙදරට ලැස්තිවෙමු...😭💔

ආදරෙයි

අදහස් දාපිය😒😭

_Gojo_

Share This Chapter