Back
/ 49
Chapter 40

Chapter 40

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

" ඩැඩි...ඩැඩි..අනෙ එයාව...ඩැඩි දුෂ්ට මැරෙන්න බෑ..ඩැඩි මොනා හරි කරන්නකෝ..ප්ලීස්...ප්ලීස්..මට එයාට මැරෙන්න දෙන්න බෑ..ඩැඩීහ්හ්හ්..අනෙ මට බැ ඩැඩී..ප්ලීස් ඩැඩී..දුෂ්..කතා කරන්නකො දුෂ්..ප්ලීස්...අනේ...ඩැඩි..එයා ඇස් අරින්නෑනෙ ඩැඩී..නැගිටින්නකො දුෂ් ප්ලීස්.."

"බබා..බබා..කලබල කරන්නෙපා..කො අපි එයාව අරන් යමූ..ඉක්මන් කරන්න..."

"ඇමතිතුමා වාහනේ අරන් ආවා..එයාව ගේන්න.."

විකි පැනගත්තා..මාව බේරලා වාහනේට යට වුණ එයා ගාවට මන් දුවලා ගියත් ඒ වෙද්දිත් එයා ඇස් පියාගෙන තිබුණා...

ඇයි දුෂ් එහෙම කරේ???

මන් ඔයාට ශූට් කරලත්..ඔයාව මරන්න හදලත් මාවම..ඇයි මාවම...

මන් මොනවද දෙවියනෙ දැන් කරන්නෙ...එයා නිදියන් ඉන්නවා..හුස්ම වැටෙනවත් අඩුයි..දුෂ් ඔයාට යන්න බැ දුෂ්..එහෙම වුණොත් මන් මොකද්ද කරන්නෙ..

දුෂ්ගේ නිසල සිරුර ගාව වාඩිගත්ත මන් එයාව ඔඩොක්කුවට අරන් ඒ මූණ අතගාලා බලද්දි එතනට දුවගෙන ආපු ඩැඩීගේ කොලර් වලින් අල්ලලා මන් කෑගහලා ඇඩුවා..එයාට යන්න දෙන්න බෑ ඩැඩී..මට..මට අහන්න හුගාක් දෙවල් තියෙනවා..අනෙ එයා මට ආදරෙයිත් කිව්වා...එකට මම...මන් මහා පව් කාරයෙක්..මන් හදිස්සි වුණා වැඩියි..

දුෂ්..දුෂ්...ඔයා හරි පුදුම මනුස්සයෙක්..කොහොමද දෙවියනේ මනුස්සයෙක් එහෙම වෙන්නෙ..මන් අච්චර බනිද්දිත් හිනාවෙලා ඉදියා..වෙඩි වැදුනට පස්සෙත් ඔයා හිනාවුනා..ඔයා ගියොත් මට...මන් මටම සමාවක් දෙන්නෙ නැ දුෂ්...

දුෂ්ව නැගිට්ටවන්න කිය කිය කැගහලා අඩන මගේ මූණ දෝතින්ම අල්ලගත්තු ඩැඩී මගේ නළලට හාදුවක් තියලා කලබල නොකර එයාව අරන් යමුයි කියද්දි සේපාල දුවන් ඇවිත් වාහනේට දාගමුයි කියලා එයාව උස්සගෙන අරන් ගියා...

සේපාල තනියෙන් දුෂ්ව උස්සගෙන යද්දි එයාලගෙ පස්සෙන් ඩැඩිත් දුවන් ගියත් මන් තාමත් බිම වාඩිවුන විදිහටමයි ඉන්නෙ...

මගෙ පපුව රිදෙනවා..සිද්ද වුන හැම දෙයක්ම එක පෙළට මැවිලා පෙනෙද්දි මන් එක්ක ගත කරපු පැය කීපයෙදි එයා හිනාවෙලා ඉදපු හැටි මැවිලා පෙනුනා..එයා මගෙ අතට දාපු මුද්ද තාමත් මගේ අතේ තියෙද්දි එයා ඉදපු තැන තිබුන මන් දාන්න යද්දි එයාම තනියෙන් දාගත්තු අනිත් රින්ග් එක එයාගෙ ලේ විලේ තිබිලා මන් අතට ගත්තා..

අනේ යන්නෙපා දුෂ්...

මට ආදරෙ කරපු අය හරි ඉක්මනින් මාව දාලා ගියා..එත්..මන් ඔයාව..මට ආදරෙ කරන ඔයාව මමම...මට බෑ මේක විශ්වාස කරන්න..දුෂ් ඔයාට යන්න බෑ...මැරෙන්නෙපා දුෂ් ප්ලීස්..මැරෙන්න එපා....

පපුවට හයියෙන් ගහගත්තු මන් එහෙම්ම බිම ගුලිවෙලා ඇඩුවා..එයාගෙ ලේ විල දිහා බලාගෙන ඇඩුවා..

ඔයාව මන් ගාවට එව්වෙ ඩැඩාලු...දුෂ් ඔයාට කියන්න තිබුනා..එහෙනම් මේ දේවල් මෙහෙම සිද්ද වෙන්නෑනේ..හැමොම මගෙන් දේවල් හැංගුවා..තනි මන් හැමදෙයක්ම හොයාගෙනත් අවසානේ මටම වැරදුනා..දුෂ්..දුෂ්..මාත් ඔයාට ආදරෙයි..ඩැඩීගෙ තැන දෙන්න බැරිවුනත් මන් ඔයාටත් ආදරෙයි දෙවියනේ...වෙලාවකට මට ඔයා ගාවින් ඩැඩාගේ සුවද දැනුනා...

මන් මෝඩ වුණා දුෂ්..ඩැඩා වගේ ඉදපු ඔයාව මගෙ අතින්ම....මගෙ අතින්ම මන්......................

" බබා...ඇයි වස්තුවෙ මේ...කො මෙ බලන්න මා දිහා..මගෙ පැටියා..මෙහෙම වෙන්නෙපා රත්තරනේ..කො ඔයා වැරදි නෑ..මගේ මැණික තමන්ටම වැරද්ද පටවගන්නවා නේද දැන්..ආ..ඔයා විතරක් නෙමෙ අපිත් වැරදි පැටියෝ..කො එන්න..අපි එයාව බලන්න යමු..එයාව තනිකරන්න බෑනේ මගෙ මැනිකේ.."

මෙ වෙන දේවල් හරිහැටි විශ්වාස කරගන්න බැරුව ඇතුලාන්තයෙන්ම බිද වැටිලා ඉදපු මන් ගාවට ආපු එයා මාව හරහට උස්සගත්තා..හැමදාම නිවුන පපුවෙ මන් අදත් මූණ තියාගෙන අඩද්දි එයා මාව සනසන්න හදනවා..

ඔය කිව්වට මේ හැමදෙයක්ම මගේ වැරදී...

"තේජූ..වුන දේ වෙලා ඉවරයි රත්තරන්..කො ඔහොම ඉන්නෙපා මා දිහා බලන්න..අනෙ උඹ ඔහොම අඩද්දි මට රිදෙනවා පැටියෝ..වාවන්නෑ...මට බයයි..ඔහොම නිහඩ වෙන්නෙපා..කො මන් දිහා බලන්න..."

මන් මූණ උස්සලා එයා දිහා බැලුවා..එයත් අවුලෙන්..මන් ගාව ඉන්න හැමෝම මන් නිසා වේදනා විදිනවා..මෙ හැමදේකටම වැරදි මම...

ඩැඩී මාව උස්සගෙන වාහනෙන් වාඩිකරලා හොස්පිටල් එකට එන්න ආවා...දුෂ්ව සේපාල ambulance එකෙ අරන් ගිහින් ඇති...

අනෙ දෙවියනෙ එයාව බේරලා දෙන්න...

අපි එනකොටත් එයාව ICU දාලා..සේපාල ඩැඩීව එක්කන් එහාට යද්දි කවුරුත් නැති ICU එක ගාව මන් හිටන් ඉදියා...

එයාට හොදවෙයි නේද?.....

බිත්තියට පිට දීලා වාඩිවෙලා ඉදපු මන් දණිස්වල ඔලුව ගහගත්තා..

මට ජිවිත කාලේම පසුතැවෙන්න වෙයි..මන් වෙනුවෙන් ඉදපු මනුස්සයාව මෙ තත්වෙට ඇදලා දැම්මෙ මන්...මොන පවක්ද මන් මෙ කරගත්තේ...

තාත්ති...මට බයයි...අනෙ එයාවත් ගන්නෙපා..

"රාහුල්...තෙජු..කො එයා..එයාට මොකද කරෙ උඹ.."

තුෂ්...

දුෂ්ගෙ නම කියාගෙන කෑගහන් ආපු එයා මාව දැකලා මන් ගාවට ඇවිත් මගෙ කොලර් එකෙන් ඇදලා එහෙම ඇහුවා..එ ඇස් රතුවෙලා..එලියට පනින්න පොරකන කදුලු හරි අමාරුවෙන් නොවැටී තිබුණේ..එ හකු තද වෙලා දත් මිටි කමින් ඉදියේ...

"අයියෙ...එයා...මන්..මන්..හදිස්සිවුනා.."

"Arrhhh..ඇයි බන් ඇයි..උඹ එහෙම කරේ ඇයි මල්ලි..මාව ගිනිගන්නවා යකෝ...එයා අහිංසකයිනෙ මගෙ මල්ලියේ..උබ ඇයි එයාට එහෙම කරේ..ඌ උබට පිස්සෙක් වගෙ ආදරෙ කරේ උබ මෙහෙම කරයි කියලා දැන දැනමයි යකෝ...මට ඌව දීපන්...මන් මන් පරිස්සමෙන් බලාගන්නම්..මන් මන් එයා වෙනුවෙන් පණ වුනත් දෙන්නම්..අනෙ මට එයාව ආයෙ ගෙනත් දීපන්..එයාට යන්න බෑ...යන්න බෑ..."

සංතුෂ් මොනවා කියනවද කියලා තෙරුම් ගන්න පුලුවන් සිහියක නෙමෙයි මන් ඉදියෙ..එයා පිස්සුවෙන් වගේ කෑගහලා මාව හොල්ල හොල්ල දුෂ්ව ඉල්ලනවා...එයාට යන්න දෙන්න බැලු..මටත් බෑ..එයා නැතිවුනොත් මටත් පිස්සු හැදෙයි..

මාව අතෑරලා සංතුෂ් ICU එකේ දොරේ කවුලුවෙන් ඇතුල බලාගෙන මොනවදො මුමුණනවා..

" රාහුල්..ඔයාට යන්න බෑ..මට නොලැබුනත් ඔයා ජීවත් වෙන්න ඕනෙ රාහුල්...ප්ලීස් ගෝඩ්..එයාව ගන්නෙපා..ප්ලීස්...ප්ලීස්...රාහුල්..."

දොරට ඔලුව හේත්තු කරන් ඉදපු එයා පිස්සෙක් වගේ කොන්ඩේ ඇදගෙන ආපහු එළියට යන්න යද්දි කළු ඇදගත්තු ගාඩ්ලා වගයක් පෝලිමට ඇවිත් මගෙ වටෙයි ICU එක වටෙටයි හිටගත්තා..

මෙ මොකද...Monsters ටීම් එක...මොකක් ඩ්‍රැගන්ස්ලා...එයාලා එළියට එන්නෙ එක්කො එයාලාගෙ King මැරුණම නැත්තම් අලුතෙන් King කෙනෙක් පත් කරනකොට..උන් වටෙට ඇවිත් හිට ගත්තාට පස්සෙ කෙවින් මාස්ටර් ඩොක්ටර් කෙනෙක් එක්ක හදිස්සියෙම කතා කර කර ඇවිත් ICU එක ඇතුලට ඇතුල්වුණා..

මාස්ටර් මෙහෙ මොකද්ද කරන්නෙ?...අනික දුෂ් ගාව...

දුෂ් මාස්ටර්ගේ යාලුවෙක්වත්ද???

අනික මොන මගුලටද යකො ඩ්‍රැගන්ස්ලා එලියට ආවේ..එ ඇවිල්ලත් මාව ගාඩ් කරන්නෙ..මන් නෙමෙයිනේ උබලාගෙ කින්ග්..එ කෙවිනුත් නෙමෙයි..එයා chief වුණාට එයාටත් වඩා ලොක්කෙක් ඉන්නවා..එ කෙවින්ගේ ඩැඩ් නෙ..

පැය දෙක තුන ගෙවිලා ගියත් ඇතුලට ගිය කිසිම කෙනක් තාම එළියට ආවෙ නැති එක මගෙ හිතෙ බය තවත් වැඩි කරා...

හරියටම පැය හතරකට පස්සෙ ICU එකෙ දොර ඇරගෙන ආපු මාස්ටර් ගාවට මන් ගියාම එයා මාව හග් කරා..

"මාස්ටර්..එයාට කොහොමද..හොදින් නේද..ඔයා ඇයි මෙහෙ ඉන්නෙ..ඔයා දුෂ්ව දන්නවද..එයාට හොදයි නෙද මාස්ටර් අනෙ මට බලන්න ඔනෙ එයාව..."

" පොඩි යෝදයා..කාම් ඩවුන්..එයා ගැන කිව්වොත්..තව ඔපරේශන්ස් ටිකක් කරන්න තියෙනවා..ශුවර් එකක් නෑ..එයාගෙ ලයිෆ් එක තියෙන්නෙ රිස්ක් එකේ..ෆිෆ්ටී ෆිෆ්ටි දැනට..කො ඔය බොක්ස් එක ගේන්න..."

මාස්ටර් කියනවා එයාගෙ ජිවිතේ ශුවර් නැ කියලා..නැ නැ එයාට මැරෙන්න බෑ..එයා ජිවත් වෙන්නම ඕනි..දුෂ් ඔයාට මැරෙන්න බෑ...

දුෂ්ට තව ඔපරේශන්ස් වගයක් තියෙනවලූ..එහෙම කියපු මාස්ටර් ලග ඉදපු ඩ්‍රැගන් කෙනෙක්ට කියලා ගෙන්න ගත්ත බොක්ස් එකෙන් ගොල්ඩන් කලර් ලෙටර් එකක් අරන් මට දික් කරා...

"මොකද්ද මාස්ටර්.."

"මේක ගන්නකො මන් කියන්නම්.."

මන් එ ලෙටර් එක අරගත්තා..

"තෙජාන් දන්නවනෙ King ගේ ලයිෆ් එකට රික්ස් එකක් කියලා දැනගත්තාම අපි temporary king කෙනෙක්ව  nominate කරනවා කියලා.."

"ඔව් ඉතිම්..ඒකෙයි මෙකෙයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද මාස්ටර්.."

"ඔය තියෙන්නෙ අලුතෙන් පත්වුන King ගේ ලෙටර් එක..කලින් Kingගේ සයින් එකත් එක්ක eagle සීල් එක ගහපු Golden Letter එක..ඒකට අනුව මෙතන ඉදන් අපිව පාලනය කරන්නෙ ඒකෙනා..එ වෙන කවුරුත් නෙමෙයි ෆීනික්ස්..එකියන්නෙ ඔයා..."

"What the f#ck..."

මන් එහෙන්ම ලග තිබුන පුටුවට කඩන් වැටුනා..මොකක්..කින්ග් වෙන්න මම..මෙ මොන විකාරයක්ද..එහෙම කොහොමද...මට තෙරෙන්නෑ...

"මාස්ටර්..මොන විකාරයක්ද...ඔයා ඉද්දි මම කොහොමද..අනික kingට මොකද්ද වුනේ..ඇයි මන් එ ගැන දන්නෙ නැත්තේ..ඔයාලා මට ඉන්ෆොර්ම් කරෙත් නෑ..කෙවින් ඔයාගෙ ඩැඩාට මොකද වුනේ..කවුරු හරි ඇටෑක් කරාද..අනික ඇයි king ඔයාව නැතුව මාව තෝරන්නෙ..මම එයාව දැකලාවත් නැහැ..ඔයාලාට පිස්සු..මන් මේකට සුදුසු නෑ..I can't take this.."

"තේජූ..ඔයාට මේක රිජෙක්ට් කරන්න බැ කොල්ලො..ඔයා තමයි මේකට සුදුසු...ඒක කියන්නෙ මම නෙමෙයි King...ඔයා හිතන් ඉන්නෙ වැරදියට..King කියන්නෙ මගේ ඩැඩා නෙමෙයි..ඔයා දැකලා නැතිවුනත් ඔයාව මේ position එකට එනකන් එක්කගෙන ආවෙ එයා..අපෙ King..ඔයාගෙන් වෙඩිකාලා ඉන්ජර්ට් වෙලා Operation theater එකෙ ඉන්නෙ...රාහුල් දුෂ්මන්ත්..King of the mafia..එයා තමයි ඔයාව තේරුවේ.."

කෙවින්ගේ වචන.........

මට ඒවා ඇහුනේ වෙනම ලෝකෙක ඉදන් කතා කරනවා වගෙ..ඒ වචන මගෙ කන් වල දෝංකාර දෙද්දි මන් පපුව අල්ලගත්තේ ඒක විශ්වාස කරන්න බැරුව.....

දුෂ්..

මන් ගාවම ඉදපු දුසේ අංකල්...

මාෆියා king වෙන්න....

නෑ පිස්සු..මාස්ටර් මට විහිලු කරනවා..දුසෙ කොහොමද එහෙම..නැ වෙන්න බෑ...එත්..අතෙ තියෙන ලෙටර් එක..ඒක බොරුවක් වෙන්න බෑනේ...

මන් එක දිග ඇරලා බැලුවා..ඔව් ඒකෙ තියෙන්නෙ Kingගේ ඔර්ඩර් එක..මගෙ නම ලොකුවට තියෙද්දි ලියුම අවසානෙ තියෙන සීල් එකයි නමයි දැකපු මගෙ අල්ලටත් එක්කම දාඩිය දැම්මා...

මේක ඇත්තක් නම්..මන් කොහොමද මේක විශ්වාස කරන්නෙ..නෑ වෙන්න බෑ..මට කෑගහන්න ඕනි..කෑගහලා අඩන්න ඕනී...මගෙ ඇගට පණ නැ වගේ..මගෙ හුස්ම..හුස්මත් හිරවෙන්න එනවා...

දුෂ්....දුෂ් කොහොමද....

මන් මරන්න හදලා තියෙන්නෙ මගෙ ලොක්කාව...එහෙම වෙලත් මාව....මෙච්චර රැවටීමක්...දුෂ්මන්ත...මෙ හැමදෙයක්ම..මට පිස්සු වගේ...මගේ ඔලුව පුපුරන්න එනවා...

දෙවියනේ මේක හීනයක් වෙනවා නම්..

"තේජු.."

"මාස්ටර්..එයා කොහොමද..මාස්ටර් ඔයාලා මට බොරු කරාද..දුෂ් අංකල් කොහොමද...මාස්ටර් මේක බොරුවක් එහෙම නේද...මාස්ටර් මන් පිස්සෙක් වෙයි..දෙයියන්ගේ නාමෙට මට ඇත්ත කියන්න.."

"අයෑම් සොරි තේජු..අපි ඔයාට බොරු කරේ නෑ...අපි ඔයාට ඇත්ත කිව්වෙ නෑ...අනික Kingව හැමෝම දන්නෙ නෑ..විශ්වාස කරන්න අමාරුවුනත් මේ ඇත්ත ඔයා පිළිගන්නම ඕනී..."

"ඒක එහෙම නම්..ඔයාලා මාව මරන්න ඕනි..මොකද මන් අපෙ kingට ශුට් කරා..එයාව මරන්න හැදුවා..එහෙම වෙලත් ඔයාලා ඇයි මාව තෝරගත්තේ.."

"ඒක එයාගෙ තීරණයක්..ඔයා එක්ක එ ගමන ගියේ මෙ දේවල් මෙහෙම සිද්දවෙනවා කියලා එයා කලින් ඉදන්ම දන්න නිසයි..අපිට මේ ලෙටර් එක හම්බුනේ ඊයේ..ඔයා කියන්නෙ ඇත්ත..හරි නම් අපි ඔයාව මරලා දාන්න ඕනි..එත් දුෂ්මන්ත්ගේ අණට අපිට එහෙම කරන්න බෑ..එයා ඔයාගෙ අතින් මැරෙන්න ගියේ කැමැත්තෙන්..එත් එයා හිතුවා ඔයා එයාව විශ්වාස කරයි කියලා..එයා ආවේ වෙච්චි දේවල් පැහැදිලි කරන්න..ඒකයි එයා කැමැත්තෙන් ඔයා එයාව මැරුවත් දෙපාරක් නොහිතා ආවෙ..එයා මරණෙටත් වඩා ඔයාව විශ්වාස කරා..."

මොකක්...මෙහෙම වෙනවා කියලා එයා දැනන් ඉදියා...ඇත්තමයි මෙ කියන විදිහට ඩැඩාත් දුසෙ එක්ක මාෆියා එකට සම්බන්ද වුනා කියලා කිව්වත් මන් පුදුම වෙන්නෙ නෑ....

"මාස්ටර්..මට මේ දේවල් විශ්වාස කරන්න අමාරුයි...දුසෙ ඇයි මන් වෙනුවෙන් මෙච්චර දෙවල් කරේ..එයා මාව එච්චර විශ්වාස කරානම්..දැනගෙනත් මැරෙන්න ආවානම්...මට තෙරෙන්නෑ..මේ දෙවල් කොහෙන්ද පටන් ගත්තේ..මාව හම්බුනේ ඔයාටනෙ මාස්ටර්...දුසේ අංකල් කොහොමද මාව දන්නෙ..."

" තේජු ඔයාට මහන්සී පාටයි..මොනවා හරි බොනවද ඔයා.."

" නැව ගිලුන වෙලාවෙ වතුර ඕනෙද කියලා අහනවා වගෙ තමා මාස්ටර් ඔයත්..මගුලක් කියන්නෙපා..මන් අහපු දේට උත්තර දෙන්න.."

"කෑගහන්නෙපා පුංචි යෝදයෝ...හරි හරි...මන් කියන්නම්..ඊට කලින් මේයාලට කියලා මොනව හරි ගෙන්න ගමු..අපිට අයිස්කෝෆි දෙකක් ගේන්න.."

ලෝක විනාසෙ අස්සෙ කොකාකොලා හොයනවා වගේ තමා මේ මිනිහත්..මට පෙශර් වැඩිවෙලා ඉන්නවා ඒ අස්සෙ මොනවා හරි බොමුද අහනවා..මරාගෙන මැරෙන කේන්තියක් ඇතිවෙද්දි මාස්ටර් කියලා බලන්නැ හිතුනොත් මේකාටත් ගහනවා....

"හරි එයාලා ගෙනයි..ම්ම්ම්..කොතනින්ද පටන් ගන්නෙ..මෙහෙම කියමු..ඔයා දන්නවාද තේජු ඔයාගෙ ඩැඩා..එකියන්නෙ මිස්ටර් ද්වීනාශ් අවුරුදු ගානක් රට ඉදියා..එයාගෙ හස්බන්ඩ්ව මැරිකරන්න කලින් ඔය.."

"ඔව් මට මාම් කියලා තියෙනවා..එ දෙන්නා වෙන්වෙලා ඉදිය කාලෙ එ."

"අන්න රයිට්..ඒකාලේ..ද්විනාශ්ට එහෙදි එයාගේ තාත්තාව හම්බෙනවා..ආ ඊට කලින් ද්විනාශ්ගේ බිස්නස් පාර්ට්නර්ගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් තමයි දුෂ්මන්ත්ව එයාට හම්බෙන්නෙ..ද්වීනාශ්ගේ තාත්තා එ කියන්නෙ ඔයාගෙ සීයා වැඩ කරේ දුෂ්මන්ත්ගේ ඩැඩා ලග..එවෙද්දි King වුනේ එයා..පස්සෙ තාත්තා පුතාලා වෙන්වෙලා ගැන්ග් දෙකක් හදාගෙන දැන් අපේ බොස් තමා king වෙලා ඉන්නෙ...දුෂ්මන්ත් ඔයාගෙ ඩැඩාට එයාගෙ තාත්තාව හොයලා දෙනවා..එවෙනකොටත් ඔයාගෙ සීයා අපේ බිස්නස් පාර්ට්නර් කෙනෙක්..එයා එතනින් අයින්වෙනවා..එයාගෙ ජිවිතේ බේරගෙන තියෙන්නෙ දුෂ්මන්ත්ගේ ඩැඩ්..ඒ ණය ගෙවන්න ඔයාගෙ ඩැඩාව එකියන්නෙ ද්වීනාශ්ව එයාලා එක්ක සම්බන්ද කරගන්න කැමතියි කියනවා..දුෂ්මන්ත්ගේ සහෝදරික්ට  ඔයාගෙ ඩැඩාව මැරිකරවන්න්න ඒකාලෙ ඉදන් ඒ දෙන්නා තීරණේ කරන් ඉදලා..කොහොමහරි ද්වීනාශ්ට තාත්තාව හම්බුනාට පස්සෙ එයා ඕකට අකමැතිවෙනවා..එයා සප්තව අතාරින්න බැ කියනවා...එවුනාට දුෂ්මන්ත්ගේ ඩෑඩ්ට පොරොන්දුව කඩන්න බෑ කියනවා..පස්සෙ ද්වීනාශ් තීරණේකට එනවා එයාලට ලැබෙන දරුවෙක් මාර්ගෙන් සම්බන්දකමක් හදාගමු කියලා..හැබැයි ඒකට එයාගේ දරුවාගෙ කැමැත්ත තියෙන්නත් ඕන කියලා එයා එදා කියනවා..එදා එ තීරණේට එයාලා එකග වුණා...

ඊටපස්සෙ ඉතිම් ඔයාගෙ ඩැඩා මැරි කරනවා..ඔයාව හම්බෙනවා..අන්න එතනදි ආයෙත් ඔයාලට මරණ තර්ජන එල්ල වෙනවා..ඔයාගෙ සීයාව මරන්න හදපු අය කියලා අපි සැක කලේ..එතනදි ඔයාලාව අවුරුද්දක් ගාඩ් කරන්නෙ එයාලා..ඔයා ඉපදිලා අවුරුද්දක් ඔයාලා ඉදියේ ලංකාවෙන් පිට..ඔයාට නම් මතක නැතුව ඇති..ඔයයි සප්තයි ඉදියේ දුෂ්මන්ත් ගාව...ඔයාලා සේෆ් කියලා දැනගත්තට පස්සෙයි ඔයාලා ලංකාවට එන්නෙ...එත් ඒවාට පස්සෙත් ඔයාගෙ ඩැඩාට හතුරො වැඩිවෙනවා..එයාගෙ බිස්නස් ෆිල්ඩ් එකේ හුගක් අය එයාට ඉරිසියා කරා..ඔයාව කිඩ්නැප් කරන්න හැදුවා..ඇක්සිඩන්ට් කරන්න හැදුවා...කොහොමහරි අවසානෙ ඔයාගෙ ඩැඩා දුෂ්මන්ත්ගේ ඩෑඩ්ගෙන් උදව් ඉල්ලනවා..එතනදි එයා ඔයාව ඉල්ලනවා..ද්වීනාශ් අකමැත්තෙන් වුණත් හරි වයසට ආවාම එයාව මේ ෆීල්ඩ් එකට එවන්නම් කියනවා..මොකද එවෙද්දි එයාට වෙන විසදුමක් තිබුණේ නෑ...හැමොගෙම ටාගට් එක වුණේ සප්තව..ඔය දෙන්නාව බේරලා දෙන්න කියලා විතරයි එයා එදා ඉල්ලුවේ..

පස්සෙ එයාලා ඇක්සිඩන්ට් වෙනවා..වාසනාවකට එදා ඔයා ඒගොල්ලො එක්ක ඉදියේ නෑ..ඇක්සිඩන්ට් එක වෙන්න කලින් ඔයාගෙ ඩැඩ්ට දුෂ්මන්ත් හෙල්ප් කරන්න කැමති වුණා....එ ඇක්සිඩන්ට් එක ප්ලෑන් කරපු විදිහටම සිද්ද වෙද්දි අපේ සෙට් එක ඔයාලාව බේරගන්න බලාගෙන ඉදියා..එත් ඔයාගෙ ඩැඩ් වෙන රෝඩ් එකකින් ගිය නිසා ප්‍රපාතෙන් වැටෙන්න කලින් එ දෙන්නාව වෙන කට්ටිටක් අල්ලගත්තා...අපි කියලා හිතාගෙන ඔයාගේ ඩැඩ් එයාලා එක්ක යන්නැති..එත් අපි එතනට යද්දිත් ඒ දෙන්නා අතුරුදහන්..."

" ඒ දෙන්නාව බේරගන්න බැරිවුන නිසා අපෙ බොස් ශොක් වෙනවා..ඔයා තනිවුනේ එයාගෙ වැරැද්දකින් කියලායි එදා එයා කිව්වේ..අපෙ ප්ලෑන් එකේ විදිහට එදා ද්විනාශ් අපි බලන් ඉදපු රෝඩ් එකෙන් ආවානම්...එහෙනම්....එයාලා අද....එත් අවාසනාවට එයා එදා රෝඩ් එක වෙනස් කරගෙන..

ඔයා තනිවුණාට පස්සෙ උන් ඔයාවත් අල්ලගන්න ට්‍රයි කරා..දුෂ්මන්ත් ඔයාව අරන් යන්න හැදුවත් ප්‍රාණව් එයාව ඉල්ලගන්නවා.. මිස්ටර් ආර්ය ලමයාව තියලා යන්න කියපු නිසා අපේ බොස් ඔයාව එයාලට දෙනවා..බොස්ට ඕන වුනානම් ඔයාව බලෙන්ම අරන් යන්න පුලුවන් කමක් තිබුනා..මොකද ද්වීනාශ් මැරෙද්දි ඔයාගෙ භාරකාරිත්වයෙන් කොටසක් එයාට ලියලයි යන්නෙ...එත් මාස්ටර් ඔයාගේ සර්කල් එක වටේට ගාඩ් කරලා ඔයාව එයාලට දිලා ආවා...කොහොමහරි..ඔහ්..කෝෆි එක ආවා.."

කෙවින්ගෙ කතාවට විවේකයක් හම්බුනේ මොන්ස්ටර් කෙනෙක් ගෙනාපු කෝෆි දෙකෙන්...

මන් මේලෝකේ කෙනෙක් නෙමෙයි වගේ මෙ වෙලාවෙ ජිවත් වෙන්නෙ..ෆැන්ටසියක් ඇතුලට ගියපු පලවෙනි මනුස්සයාට දැනුනා වගේ හැගීමක් මේ වෙලාවෙ මට දැනෙන්න ගත්තා..දුකක් කලකිරීමක් පසුතැවීයම් මගේ හදවතේ තැම්පත් වුනා...

"ඊටපස්සෙ...මොකද්ද මාස්ටර්.."

"ආ..පස්සෙ..ඔයා Uk එනවා..එ ආවාම බොස්ගේ ඩෑඩ් ඔයාගෙ පස්සෙන් ගියා..මන් කිව්වෙ තාත්තයි පුතයි ගැන්ග් දෙකකට වෙන්වුනා කියලා..එයාට ඕන වුනේ අපෙ බොස් ඔයාව කොහොමත් ගන්නෙ නැති නිසා ඔයාගෙ ඩැඩාගේ පොරොන්දුව පිට ඔයාව එයා ගාවට ගන්න..ඕක අපේ බොස් දැනගෙන එයා ඉක්මන් වෙලා මාව ඔයාට මීට් කරවලා එයාගේ ඩෑඩ්ගෙන් ඔයාව බේරගත්තා..එදා මන් ඔයාව එක්කන් ආවට බොස්ගේ තුන් හිතකවත් ඔයාව මේවට ගාවගන්න අදහසක් තිබිලා නෑ..අපි හිතුවා පලවෙනි ටෙස්ට් එකෙන්ම ඔයා ෆේල් වෙයි කියලා..එත් අපිවත් පුදුම කරවන්න ඔයා එදා අර මෑන්ට ගුට් කරා..අර ඔයා බේරගත්ත පූස් පැටියා..ඇත්තටම එයා කොටි පැටියෙක්..සති හතරක පැටියෙක්..දුෂ්මන්ත්ගේ හුරතලා..ඔයා එදා බේරගත්තේ දුෂ්මන්ත්ට වටිනම දෙයක්..ඒ සතුටට එයා ඔයාව අපිට එකතුකරගන්න කැමතිවෙනවා..එදා ඉදන් මේ වෙනකම් ඔයාගෙ පස්සෙන්  එයා හිටියා..ඔයා එයාගේ ලයිෆ් එකේ වටිනම කෙනෙක් වුණා.."

.

.

.

.

.

.

.

.

.

.

අදට දවස් හතක්..එයා සතියක් තිස්සෙ නිදාගෙන ඉන්නවා...ඔපරේෂන් එක සක්සස් වුණත් සිහිය එනකන් කිසිම දෙයක් කියන්න බැහැලූ...

"මල්ලි ඩන්හිල් එකක් දෙන්න.."

පර්ස් එකෙන් ගත්ත රුපියල් දෙසීය පෙට්ටි කඩේ ඉන්න පොඩි එකාට දීලා මන් වාහනේ ගාවට එන්න අවා....

අදට සතියක්...මන් ඉන්නෙ කොහෙද කියලා මන්වත් දන්නෑ....මන් දන්නවා එයා මාව හොයනවා ඇති..එයා දැන් හොදටොම බයවෙලා ඇති..එත්..මට එයාගෙ ඉස්සරහට යන්න හිතක් නෑ...

එ වෙච්චි දේවල්..මන් දැනගත්තු දේවල් මගෙ හිත බර වැඩිවුනා..මට ඕන වුණේ කාටවත් පේන්නැතිවෙන්න හැංගිලා ඉන්න...

මට තනිවෙන්න ඕන වුණා..දවස් හයකින් ෆෝන් එක ඔන් කරේ නෑ..

මගෙ මනුස්සයා ලංකාව පීරලා මාව හොයනවා ඇති..එත්...මට මේ වෙලාවෙ ඒ ගැන හිතන්න ඕන කමක් නෑ...

මට මාවම එපා වෙලා..මෙ ගන්න හුස්මක් පවා මට බරයි..මගේ අතින් වුණ වැරැද්ද මේ ආත්මෙට හරිගස්සන්න බැරිවෙයි..

මාව බේරගත්තු මනුස්සයා..මගෙ ඩැඩාට උදව් කරපු මනුස්සයා..මගෙ පස්සෙන් ඉදන් මාව ආරක්ශා කරපු මනුස්සයාට මන් එදා හිතක් පපුවක් නැති එකෙක් වගේ වෙඩි තියලා දැම්මා...මන් එහෙම කරලත් ඒ මනුස්සයා ආයෙත් මාව බේරලා වාහනෙට යට වුණා....

මට මන් ගැන ලොකූ කලකිරීමක් දැනෙනවා....

"තේජූ!!!!!!!!!!!!!!!!!!!!!..."

එයා ඇවිත්...

මහා පාන්දර නිසා මිදුමෙන් වැහිලා තිබුන පාර දිගේ වාහන පේලියේ ලයිට් එක විතරක් පෙනෙද්දි සීතලට  ජර්සියක්වත් නැතුව එදා ඇදන් ඉදපු ඇදුමෙන් ඉන්න මට මෙච්චර වෙලා දැනුනෙ නැති සීතල දරුණුවටම දැනෙන්න ගත්තා...

වාහනේ දොර ගැලවෙන්න වගේ වහපු එයා අඩියට දෙකට ගිනි පිටවෙන මූණෙන් මගේ දිහාවට ඇවිදන් එනවා...

එයා ඇදිලා ගිහින්...වෙන්දට ලස්සනට කපන රැවුල අද ඔහේ වැවිලා ගිහින්..

මට ආයෙත් කලකිරිමක් දැනෙනවා...දුර එන එයා දිහා බලාගෙන මන් ඩන්හිල් එක ආයෙත් තොල් අතර තියලා හුස්මක් ඇදලා අරන් පිටිපස්ස හැරිලා පිට කරා...

ඒ ඇස් දිහා බලන්න මට බෑ....

එයාගෙ අඩි සද්දි ටික ටික ලගින් ඇහෙද්දි මන් බිම බලාගෙන හුස්මක් පිට කරා..

!චටාස්...!

ලගට ආපු එයා මාව ඇදලා අරන් කම්මුලට ගහපු පාරට මාව බැලන්ස් නැතුව පිටිපස්සට විසිවෙලා යද්දි ගහපු එයාම පැනලා මාව අල්ලගත්තා...

මොකද මන් හිටන් ඉදියේ ප්‍රපාතයක් ගාව...එදා ඒ දෙන්නා වැටුනා කියන ප්‍රපාතේ ගාව..බැලන්ස් නැතුව මන් තව අඩියක් පස්සට ගත්තානම් මටත් යන්න තිබුණා ඒ දෙන්නා ගාවට...

මෙච්චර වෙලා තරහින් උන්නු ඒ ඇස් එක් ක්ෂනයෙන් වෙනස් වුණා..එයා බය වුණා..මාව දැක්කට පස්සෙ මන් ඉන්නෙ කොහෙද කියලා හිතන්න එයාට සිහියක් තියෙන්නැතුව ඇති...

" බබා...බබා...."

" ඔයා හොදින්..."

"මොන මගුලෙද මිනිහෝ ගිහින් ඉදියේ.."

"අම්මපා මන් ආවෙ උබව මරන්න බලාගෙන..මන් බයවුන තරමක්.."

" දැන් තමයි මන් ජිවත් වෙනවා කියලා දැනෙන්නෙ...මගේ දිහා බලන්න තේජු..මොකද මේ..ඩැඩී ගැහුවේ හිතකින් නෙමෙයි පුතේ..මන් විදපු දුක දන්නෙ මම දරුවෝ..උබ නෑ කියලා දැනගද්දි මේ දවස් හයට මන් පිස්සෙක් වුණා..රෙද්දෙ ඇමතිපට්ටමත් දමලා ගහන්න හිතුනා..උබව හොයාගන්න මට දවස් හයක් ගියා..සමාවෙයන් වස්තුව...ඩැඩී පරක්කු වුනා..එක්කො අඩපන්..නැත්තම් මට බැනපන්..ඔහොම නිහඩව ඉන්නෙපා රශී......"

එයා මාව බදාගෙන මන් එක්ක කතා කරනවා..එත් මන් නෙමෙයි ආපිට උත්තරයක් දුන්නෙ..මන් තාමත් බිම බලාගෙන..

දැන දැනම මන් ඔයාටත් රිද්දුවා ඩැඩී...

" තේජු එයාට සිහිය ආවා පුතේ.."

"අහ්?.."

මගෙ ඇස් ඉබේටම ඉස්සුනා..එයා කිව්වේ සිහිය ආවා කියලා..එතකොට එකියන්නෙ දුසේ හොදින්..ආර්හ්...දෙවියන්ට ස්තුතිවේවා...

"එන්න යමූ..එයා ඔයාව හොයනවා."

දුෂ්ට සිහිය ආවා කිව්වාම දැනුන සතුට ආයෙම නැතිවුනේ එයා මාව හොයනවා කියද්දියි..

ඇයි..මන් අහන්නෙ ඇයි දුෂ්...මෙච්චර දෙයක් වෙලත් ඔයා හොයන්නෙ මාව...

මන් මගේ වාහනේට නැග්ගේ ඩැඩීට වචනයක්වත් නොකියා..

එයා මගේ පස්සෙන් මට රවාගෙන ඇවිත් වාඩිගත්තාම එයාගෙ ගාඩ්ලට එයා අතින් යන්න කිව්වා....

.

.

.

.

මන් දොර ඇරගෙන ඇතුලට යද්දි එයා ඉන්නවා..හැම තැනම බැන්ඩේජ් වලින් ඔතාගෙන ඉදපු එයා මාව දැකලා හිනාවුනා...

අර මොකද..එයාගෙ නහයෙන් ලේ ඇවිත්...පුලුන් කෑල්ලක් ගහන් ඉන්නෙ..

ඒත් එක්කම බාතෘම් එකෙ ඉදන් එලියට ආවෙ තුෂ්..

එයා අත වෙලාගෙන එලියට ආවාම මන් දැක්කා එයා දිහා බලලා එයාගෙ අත දිහාවට බැල්මක් දාපු දුෂ් එයාට රවනවා...

"මන්..එලියෙන් ඉන්නම්..ඔයාලා කතා කරන්නකො.."

____________________

හායි😌

මන් ආවා😘😘😘😘

ඕන් ඉතිම් දුසේට සිහිය ආවා හෑ....

එවුනාට තේජු පව් 😒

දුසෙත් පව්...😘නේත👉👈

දුසෙ ගැන මොකද හිතෙන්නෙ..

දුසේගෙ නහයෙන් ලෙ ආවෙ මොකො දන්නෑ....😂

අදහස් දාපල්ලා😒 ඉක්මන්ට ඕන්නම්..

එන්නම්..

ආදරෙයි❤️

_Gojo_

Share This Chapter