Back
/ 49
Chapter 41

Chapter 41

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"බේබි බෝයි..ඇතුලට එන්න.."

සන්තුෂ් එලියට යනවත් එක්කම එයා මට ඇතුලට එන්න කිව්වා..එවුනත් මට ඇතුලට යන්න බෑ වගේ..කොහොමද දෙවියනේ මන් එයාට මුහුණ දෙන්නේ..මුකුත් වුණේ නෑ වගේ එයා මා දිහා බලාගෙන ඉන්නවා..ඔයා කොහොමද දුෂ් ඔහොම ඉන්නෙ..ඔයා ඇයි මට මෙච්චර හොදින් සලකන්නෙ..මන් ඒකට සුදුසු ද?..නැ මන් සුදුසු නෑ..කොහෙත්ම සුදුසු නෑ..මන් නොදැනුවත්වම මාව බලාගත්තු එයාට කරපු වැරැද්ද මතක් වෙන වාරයක් ගානෙ මන් පසුතැවෙනවා..

මට මන් ගැනම හීන වුණ හැගීමක් දැනෙනවා..එයා කොච්චර වැරදි කලත් එයා මට කරපු උදව් එක්ක බලද්දි මන් එයාටත් වඩා අන්තවිදිහට එයාට සැලකුවේ...මන් රිද්දුවෙ මට ආදරෙ කෙනෙක්ට..ඒ ආදරෙ ගැන..මන්දන්නැ මට තෙරෙන්නෑ ඒ ගැන කියන්න..මගෙ වචන මදි ඒක විස්තර කරන්න...

"බේබි බෝයි..ඔයා අද එන්නැද්ද..මොනවද ඔච්චරටම කල්පනා කරන්නෙ..."

" නැ..මුකුත් නැ..මන්..එන්නම්.."

එයාගෙ කටහඩට මගෙ කල්පනාව බිදුනා...

හිමිට අඩිය තියලා ගිහින්  මන් එයා ගාවට ගිහින් හිටගත්තා...එයාට තවම තුවාලයි..නළල වටේ බැදගෙන එ මදිවට එක අතකුත් කැඩිලා..මන් මොන විනාසයක්ද මෙ කලේ...එදා එයා බේරුනෙ නැත්තම්..මන් අද...මන් එහෙනම්......

"බේබි...මන් හොදින්...දුක්වෙන්නෙපා..ඒක වෙලා ඉවරයි.."

මගෙ ඇස් තෙත් වුණා..මන් ද්‍රෝහි වුණ මට ආදරෙ කරපු මේ මනුස්සයා අද ඉන්න  විදිහ දැක්කාම මට වාවන්නැතුව ගියා...මෙ හැමදෙයක්ම වුණේ මගෙ වැරැද්දෙන්..එයාට හුගක් රිදෙනවා ඇති...

මන් එයාගෙ තුවාල දිහා බලාගෙන ඉද්දි එයා මගෙ අතකින් අල්ලගත්තා..මාව එහෙන්ම එතන තිබුන පුටුවකින් වාඩිකෙරෙව්වා..මෙ මනුස්සයා එක අතක් බැදගෙනත් අමාරුවෙන් මාව සනසවන්න හදනවා..එයාගෙ තුවාල නොවුන අත මගේ කම්මුලේ නතර වෙද්දි මගේ ඇස් පිය වුණා..එ අතෙ උනුසුම මන් මෙච්චර වෙලා දරාගෙන ඉදපු කදුලු  පිට කරන්න ඕන අවසරේ ලබා දුන්නා...ඒ අල්ල නහයට තදකරන් මන් ඇඩුවා...දැතින්ම ඒ අත අල්ලගෙන මන් මගේ තොල් ඒ පිටි අල්ලෙ තිබ්බා..

සමාව කියන වචනේ ඉල්ලන්නවත් මන් සුදුසු නැතිවෙද්දි හිතින් මන් එයාගෙන් සමාව ඉල්ලුවා..

මට වාවගන්න බෑ දෙවියනේ..මන් නිසා එයාට මෙච්චර දෙයක් වෙලත් එයා මන් ගැන කෙයාර් කරනවා...

මනුස්සයෙක් කොහොමද මෙච්චර හොද වෙන්නෙ..මට තෙරෙන්නෑ..හැමෝටම නැතත්..ඇයි මටම...ඇයි දුෂ් ඔයා මාවම තෝරගත්තෙ..ඇයි??හැමෝගෙන්ම මාව..??...

"ඇති ඇඩුවා..මන් කැමති නෑ ඔය ඇස් රතුවෙනවට.."

මන් කොච්චර වෙලා ඇඩුවද කියලා දන්නෑ...මට මන් ගැනම ලැජ්ජයි..වෙලාවකට මට මගෙන්ම පලිගන්න හිතෙනවා...

මන් හුගක් වෙලා ඒ අත මගේ අත් වලින් අල්ලගෙන ඇඩුවා.....

එයා මගේ ඇස්වලින් වැටුන කදුලු පිහිදුවා...ලග තිබ්බ ටිෂූ එකක් අරන් මගෙ නහයත් පිහිදුවා...

දුෂ්..අනෙ මට මෙහෙම කරන්නෙපා දුෂ්..මෙ හිතට ඔයාගෙ මෙ වැඩ හුගාක් බරයි....

" මොනාද කල්පනා කරන්නෙ..ආයෙත් අඩන්න හේතුවක් හොයනවද මගෙ බේබි බොයි..ම්ම්ම්?.."

" දැන් ඇති ඔය..ඔය මූණට කදුලු ගැලපෙන්නෙ නෑ...ඔය මූණ ලස්සන කේන්තියෙන් ඔරවන් ඉද්දි..බේබි බෝයිට මන් කියලා නැද්ද..ඔයා රවද්දි හරි ලස්සනයි...."

" ඇයි නිහඩ..වෙන්දට මට බනින්න අරින කට මොකෝ මේ වැහිලා.."

" බේබි බෝයි මන් එක්ක කතා කරන්න අකමැතිද?.."

" එහෙම නැ දුෂ්..එ.හෙම දෙයක් නෙමෙයි.."

"හ්ම්..එහෙනම් කොහොම දෙයක්ද බේබි බෝයි??..කියන්නකො බලන්න මටත් දැනගන්න ටිකක්.."

මන් ඉදියේ සීතල ටයිල් කැටේ සිතලට මිරිකෙන මගේ කකුල්වල ඇගිලි දිහා බලාගෙන...එයා අතෝරක් නැතුව මගෙන් ප්‍රශ්න අහනවා..

එත් මන් නෙමෙයි හුම් කිව්වේ..අන්තිමට එයා බිදුන හඩකින් වගේ එයා එක්ක කතා කරන්න අකමැතිද කියලා අහද්දි මන් එයාට කතා කලා...එයා හිතනවා වගේ දෙයක් නෙමෙයි මෙතන තියෙන්නෙ..

මන් ඉන්නෙ...මන් ඉන්නෙ එයාට මුහුණ දීගන්න බැරුව..මන් කරපු වැරැද්දට එක්කො මන් ලොකු දඩුවමක් විදින්නොනේ..මුකුත් නොකලා වගේ මට ඉන්න බෑ..මන් සෙල්ලම් කරලා තියෙන්නෙ එ මනුස්සයාගෙ ජීවිතේ එක්ක..

" ඔය ආයෙ හිතනවා...මොනවද මැණිකේ උබට ඔච්චරටම හිතන්න තීන්නෙ.."

හිතන්න දෙවල්ද නැත්තෙ දුසේ..කියලා කියා ගන්න ඕන වුනත් මන් මුකුත් නොකියා එයාගෙ ඇස් දිහා බලන් ඉදියා..එ ඇස් වල කිසිම බොරුවක් නෑ...එදා වගේම අදත් ඒ ඇස් වල තියෙන බැල්ම පැහැදිලියි...එදා එයා බලපු ආදරණීය බැල්මෙන්මයි තාමත් එයා මා දිහා බලන් ඉන්නෙ...එයා තාමත් එදා විදිහමයි..පොඩි වෙනසකට තියෙන්නෙ එයා කලින්ට වැඩිය මට ආදරෙන් කතා කරනවා..එයාගෙ ආදරෙ එයා මට දැනෙන්න ඉඩහරිනවා...කලින් වගේ එයා දැන් සීමාවක් දාගෙන නෙමෙයි ඉන්නෙ...

"කො මෙතනට එන්න."

"දුසේ ඔයා.."

"I said come...come here..."

මගේ නිහඩකම බලන් ඉන්න බැරුවමද කොහෙද එයා මට කතා කරලා එයා ඉන්න බෙඩ් එකට නගින්න කිව්වා..මෙ මනුස්සයාට හොදවැයින් පිස්සු..දැන් මාත් මෙ ඇදෙ නගින්න ගිහිල්ලා තුවාලෙ පෑරුනොත්..කොහෙද මට මුකුත් කියන්න කට අරින්න දුන්නෑ..

ලගට එන්න කියලා සැර කරද්දි මම මුකුත් නොකිය එය ගාවින් ඇලවුණාම එයාගෙ අර හොද අත මගෙ උරහිස වටේ ගිහින් මාව එයාට හේත්තු කරගත්තා....

" හරි..දැන් කො මගෙ දිහා බලන්න..බේබි බෝයි look at me..don't make me say it twice.."

එයාගෙ එක අතක් සම්පූර්ණෙන්ම වෙලිලා..හුග කාලයක් යයිද මේ අත හොද වෙන්නෙ..අනෙ මන්දා..කොහොමට ඉදපු කෙනෙක්වද මන් මෙ තත්වෙට ඇද දැම්මේ...

ගෙවෙන හැමතප්පරේක මන් උන්නෙ කල්පනාවෙන් වෙද්දි එයා ආයෙම මට කතා කරා..මේ පාර එයා දිහා බලන්න කිව්වා...

මන් එයාගෙ ඇස් දිහා එකඑල්ලේම බලන් ඉදියා...එ ඇස්..මට හයියක් නැ එ ඇස් දිහා කෙලින් බලන් ඉන්න..ටිකෙන් ටික මගෙ ඇස් වටා ආයෙත් බොදවේගෙන එද්දි ඒ ඇස් නපුරු වුනා..

"Don't..ඔය ඇතී..ආයෙ අඩන්න ගත්තොත් බේබි බෝයි මන් ඔයාට අමතක නොවෙන දෙයක් කරනවා මාම් ප්‍රොමිස්.."

මන් දන්නැ මට මොනාවෙලාද කියලා..දුසේගෙ වචනයක් ගානෙ මාව ඉමෝෂනල් වෙනවා..

මට අඩන්න ඕන්නැ..එත් ඇඩෙනවා..එයා මෙ වතාවේ කලින්ට වැඩිය තදින් එහෙම කියද්දි මන් ඒක පිලිගන්න ඔලුව වැනුවා..

"හ්ම්..ගුඩ්..මගෙ පොඩි කොල්ලා..හැමෝ එක්කම කටගහාගෙන චන්ඩි පාට් දාන්න යන මෙ කොල්ලාගෙ ඇතුලේ ඉන්න අහිංසක හා පැටියා ගැන මන් හොදට දන්නවා..දැන් හොදටම ඇති දුක් වුණා බේබි බෝයි..ඔයාට ඒක වලක්වන්න බෑ..මෙතනදි ඔයා විතරක් නෙමෙයි අපි හැමොම වැරදි..මන් ඒ දෙවල් ඔයාගෙන් හැංගුවේ නැත්තම් අද මෙහෙම සිටුවේශන් එකක් ඇති වෙන්නෑ...හිතින් ඔයාටම බැනගන්න එක දැන්වත් නවත්තමු නේද රත්තරන්..බේබි ඔයා දන්නැ මට ඔයාව වටින තරමක්..එහෙම එකේ ඔයා මේ විදිහට වේදනා විදිනෝ කොහොමද මන් බලන් ඉන්නෙ.."

"දුෂ්.."

එයා මොනා කිව්වත් මට ඕන වුනේ එයා එක්ක කතා කරන්න..එයාගෙන් සමාව ඉල්ලන්න..ඉල්ලන්න සුදුසු නොවුනත් මට ඒක එයාට කියන්න ඕන වුණා..

" කියන්න මැණික.."

"දුෂ් මට-."

"සමාවෙන්න ඉල්ලන්න නම් හදන්නෙපා බේබි බොයී..මන් දැනටමත් සමාව දීලා ඉවරයි..මන් සමාව දුන්නේ  මාව එතනදි විශ්වාස නොකර ඔයා කරපු වැරැද්දට විතරයි..අනිත් වැරදිවලට ඔයා තනියෙන් වගකියන්න ඕන්නැ..ඒ නිසා ඒ ගැන හිතන එක දැන්වත් නතර කරන්න.."

"තේරුණාද මගෙ පුංචී දගයාට.."

"හ්ම්ම්.."

මන් සමාව ඉල්ලන්නත් කලින්ම එයා මට සමාව දුන්නා කියලා කිව්වා..එයා මට සමාව දුන්නෙ එදා එයාව විශ්වාස නොකරපු එකටලූ..

" හ්ම් කියලා නිකන් ඉන්න එපා..ඔයාගෙ හිතේ කැකෑරෙන දේවල් එකින් එක එලියට දාන්න..මොනවද මගෙන් අහන්න ඕනේ..මන් අද එ හැම දේකටම උත්තර බදින්න ලෑස්තියි බේබි බෝයි.."

එයා මා එක්කම ඇදෙ ඇලවුණා..මම කකුල් නවාගෙන එයාට පහසු විදිහට ඉන්න හදද්දි එයා මාව ඇදලා අරන් ලගින් තියාගත්තා...

මන් එක අතක් එයාගෙ බඩ උඩ තියෙන වෙලුම් පටිය උඩින් ලාවට තිබ්බා..

එ වාහනේ ගියෙ මේ ඇග උඩින් නේ..

කොච්චර මිනී මරනවා දැකලා තිබුනත් දුෂ් එහෙම යටවෙනවා මතක්වෙද්දිත් ඇග වෙව්ලලා යන්න ගන්නවා..

එයාගෙන් අහන්නලු..මගෙ හිතේ පැටලිලා තියෙන නූල්පන්දුව ලිහාගන්න මට එයා උදව් කරන්න හදනවා...

" දුෂ්...කෙවින් මට කිව්වා..ඒ කියපුවා..ඒවා..ඇත්තක්ද..ඔයා...ඩැඩා එක්ක..එතකොට ඔයා ඩැඩාට හෙල්ප් කරාද...අපෙ ඩැඩා මාව ඔයාට අරන් යන්න කිව්වද...එතකොට මාව ට්‍රේනින්ග් කලේ ඔයාගෙ අයද..මට කියන්න දුෂ් ඒ හැමදේම ඇත්තක්ද..මට කියන්න.."

" ඔයා අහපු හැමප්‍රශ්නෙකටම උත්තරේ ඔව් බෙබි බෝයි..හැමදෙයක්ම ඇත්ත..මන් ට්‍රයි කරා ඔයාගෙ ඩැඩාවයි තාත්තිවයි එදා බේරගන්න..එත්..මට බැරිවුනා..ඒ පසුතැවීම මගේ හිතේ තිබුණා මෑතක් වෙනකන්ම බේබි..මගෙ තාත්තාට ඕනවුනේ ඔයාව එයා යටතට ගන්න..එහෙම පොරොන්දුවක් එදා ඔයාලගෙ ලොකු අය අතර සිද්ද වුණා..එත් මන් කැමති වුණේ නෑ ඒකට..ඔයා ඒ නරකාදියට යනවට මන් කැමති වුනේ නැහැ.."

" දුෂ් කෙවින් කිව්වා...මරණෙ දවසෙ ඔයා ආවලු මාව එක්කන් යන්න එ ඇත්තද..ඔයා ආවෙ මාව එක්කන් යන්නද...."

මන් එහෙම අහද්දි එයාගෙ තොල් මගේ ඔලුව උඩ තද වෙනවා දැනෙද්දි ඒ ඇගිලි මගේ කෙස් අස්සෙන් එහාට මෙහාට යන හැටි මට දැනුනා...

"හ්ම්..අහගන්නකෝ එහෙනම්..ඇත්ත..මන් එදා ආවා බෙබි බෝයි..ඔයාගෙ ඩැඩා ඉල්ලපු විදිහට මන් ඔයාව රකින්න පොරොන්දු වුනා..මන් එද්දි ඔයා හෙම්බත් වෙලා තමාල් අත් උඩ ඇගිල්ලකුත් කටේ ගහන් හූල්ල හුල්ල නිදන් ඉදියා..

එදා ඔයා ගාව හුගක් අය ඉදියා..කට්ටිය ඔයාව බෙදාගන්න පොරකද්දි මන් බලන් ඉදියා..එදා ප්‍රාණව් ඔයාව අතට අරන් අයිතිය අරගත්තට පස්සෙ මන් එයාගෙන් ඔයාව ඉල්ලුවා..එත් එයා බැ කිව්වා..එ ඇස් වල තිබුන බැල්ම..එයා මට ආයාචනා කරා ඔයාව දෙන්න බෑ කියලා..එයා එහෙම කියද්දි මන් ආපිට එනපොරොන්දුවෙන් එදා ඔයාව එයාට දීලා ගියා...

පස්සෙ මගේ ජිවිතෙ හුගක් දෙවල් වෙනස් වුනා..මගෙ තාත්තාගෙ වගකිම් මගෙ කරට වැටෙද්දි මන් අකමැති පාරක් මට තෝරගන්න වුනා..එයා මාව එයාට ඕන විදිහට පාවිච්චි කරා..මේ ෆීල්ඩ් එකෙ ජිවත් වෙද්දි අපෙ මරන සහතිකේ කලින්ම ලියලා දෙනවා..කොයිවෙලෙ බෙල්ලට පිහිපාරක් වැදෙයිද..කොයිවෙලේ නලලට උන්ඩයක් බහීද කියලා කියන්න බැහෑ..මේක අවිනිශ්චිත ජිවිතයක්..ඉටිපන්දම් දැල්ලවගේ..අපි කොච්චර  ශක්තිමත් වුනත් එක මිස් වීමක් ඇති ජිවිතේ නැතිවෙන්න...මගෙ තරුන ජිවිතේ මාෆියාවලටම යට වුනා..මගෙ අම්මා මගෙන් ඇත් වුනා..එයා ඈත්වෙද්දි ආදරෙ..සතුට..මාව අත්හැරියා..මන් ආශ්‍රේ කලේම මට වඩා ලොකු බලවතුන්ව..කාලෙන් කාලෙට වෙනස් මිනිස්සු..හොද මූන පෙන්නන් අපිව විනාශ කරන්න ආපු මිනිස්සු..

ඒකාලෙ මන් හුගක් මිනිස්සු මොනවගේද කියලා තෙරුම් ගත්තා..වැඩිහරියක්ම ආවෙ වාසිය තකා..එක්කෙනෙක් දෙන්නෙක් ඉදියා අපිට පක්ෂව..හරියට ඔයාගෙ සීයා වගේ..එකියන්නෙ ඔයාගෙ ඩැඩාගෙ තාත්තා..එයාගේ මාර්ගෙන් මට මිස්ටර් ආර්යව සෙට් වුනා..එයා ඔයාලගෙ අතරට ආවත් වැඩ කලේ අපිට..එයා දුන්න පොරොන්දුව මම අමතක කරත්..මගෙ තාත්තානම් අමතක කරලා තිබුන්නැහෑ..බෙල්ල ගියත් පොරොන්දු රකින්න අපි බැදිලයි ඉන්නෙ..

ඔයාට අවුරුදු පහලවක් වෙද්දි..මට ආරංචිවුනා..ලන්ඩන් වලදි තාත්තාගෙ කට්ටියක් ඔයාව ෆලොව් කරනවා කියලා..එවෙද්දි මෙකෙ සම්පූර්න පාලනෙ තිබුනේ මගෙ අතේ..එත් මන් තාත්තාට පිටින් නොයා ඉන්න තිරනේ කරා...

දවසක්.. මන් ඔයාව දැක්කා..ඒක හරිම අහඹු සිදුවීමක්..ඩීලර් කෙනෙක්ව හම්බෙන්න බුක්ශොප් එකකට ගිය වෙලාවක ඔයා ආවා ඔයාටත් වඩා උස පොත් කන්දරාවක් උස්සගෙන..එදා ඔයා මගෙ ඇගෙ වැදිලා වැටුනා..පොත් ගොඩටම යට වුනා..හදිස්සියෙන් ඉදපු මට ඔයාට උදව් නොකරම බැරිවුනා..හිතාගන්න අමාරුයි ලේසිකයට මනුස්සයෙක්ට උදව් නොකරන මම එදා ඔයාට නැගිටින්න අත දුන්නා..ඔයාව වැහිලා තිබුන පොතක්  අයින් කරපු මට එදා ඔයා දුන්නු එ අහිංසක බැල්ම......බෙබි බොයි..ඔයාගෙ ඇස්...මන් එ ඇස් වලට පිස්සු වැටුනා..එ ඇස්වල බැල්ම මට කියාගන්න බැ..උමතුවක් වගේ..

ඉතිම් එදා ඉදන් මන් ඔයාගෙ පස්සෙන් ආවා..කෙවින්ගේ මාර්ගෙන් ඔයාට නැගිටින්න පාර පෙන්නුවා..එදා අතරමං වෙලා ඉදපු ඔයාට ඈතින් ඉදන් නැගිටින්න මම ආයෙත් වතාවක් අත දුන්නා..මගේ තැනට ඔයාව ඇදලා ගන්න ඕන වුනෙ නැහැ..මේ තැන කොච්චර නරකද කියලා මන් විදලා තියෙනවා..එත් මට ඔනිවුනා මෙ ෆීල්ඩ් එක ගලන් යන පාත් එක වෙනස් කරගන්න..සහා මන් කරා..මගේ තාත්තාටම මම විරුද්දව නැගිසිටියා..මෙ ක්‍රමය වෙනස් කරන්න මට ඕනි වුනේ..මන් අපෙ මාකට් ප්ලෙස් එකෙන් child labour අයින් කරලා දැම්මා..එ ඔයා නිසා...ඔයාව පලවෙනි පාරට මගෙ අත් දෙකට ගත්ත දවසෙ..මන් ලමයෙක්ට ආස වුනා..එත් එ අත්දෙකෙන්ම පොඩි ලමයින්ව ඩිල් කරද්දි මට මාවම එපා වෙන්න ගත්තා..ඒක දරන්න බැරිවේදනාවක්..හෘදසාක්ශියට එකගව මනුස්සයෙක්ට ඒවගෙ දෙයක් කරන්න බැ..මම මනුස්සයෙක් නෙමෙ බෙබි..මම මෘගයෙක්...ඒ මෘගයාව නිවුනේ ලස්සන ඇස් දෙකක් නිසා.."

එයා කියවන් යනවා..එයා කියවන හැම දෙයක්ම මගේ මනසේ ඇදිලා පෙනෙද්දි එයා එකියපු දවසට මගෙ මතකය දුවන් ගියා..එදා හරිම නරක දවසක්..මන් හුගක් දුකින් ඉදියේ..ඩැඩාව මතක් වෙලා මන් එදා හුගක් ඇඩුවා...අන්තිමට හිත ටිකක් නිදහස් කරගන්න කියලා බුක්ශොප් එකකට ආවා..ඒ ආපු දවසෙ තමා එයාට මාව ආයෙම හමුවුනේ..

"ඔයාගෙ අතට ගන් එකක් පුරුදු  කරේ ආත්මාරක්ෂාවට..මොකද ඔයා වටේ ඉන්න හුගක් අය ඔයාව විනාශ කරන්න මාන බලාගෙනයි ඉන්නේ..ඔයා මන් හිතුවටත් වඩා දක්ෂව වැඩ කරා..ටිකෙන් ටික ඔයා මගේ ෆීල්ඩ් එකටම වැටුනා..හැබැයි මන් ගැන මුකුත් නොදැන..මන් ඔයා කැමති දේ කරන්න ඉඩ දුන්නා..හැබැයි..ඔයාට පසුතැවීමක් නොවෙන විදිහට මන් හැම දෙයක්ම බලාගත්තා..ඔයා තියන අඩියක් ගානෙ මන් කලින් තිරනය කරා..ඒ අනාරක්ෂිත මාර්ගේ ඔයාට ආරක්ෂිතව ඉදිරි ගමන යන්න පුලුවන් තත්වෙට මන් පත්කරා..

මට ඔයාව ඕන වුනේ නැහැ..මුලදි එපා කිව්ව මතේමයි මම ඉදියෙ..එත්...එදා ඔයාගෙ ඇස් දැක්කාට පස්සෙ මගේ තීරනේ වෙනස් වුනා..ඒ ඇස් මාව වෙනස් කරා බේබි බෝයි..මාව ආයෙත් හැගිම් දැනීම් තියෙන මනුස්සයෙක් කරා..වෙලාවකට මටම පුදුමයි මන් මේ විදියට ආදරෙ කරන්න දන්නවද කියලා..ඒ හැමදේම ඔයා නිසා.."

එයා කතා කරන දිහා ඇස් කොනෙන් බලන්න ගියපු මන් දැක්කෙ සිවිලිම දිහා බලාගෙන ලා හිනාවක් මූනෙ පුරෝගෙන කතාව කියන එයාව..ඔයාට ඒක මතක් වෙද්දි ඔච්චරටම සතුටු හිතෙනවද දුසේ....

"දුරින් ඉදන් ඔයා දිහා බලාගෙන මන් නිවුන තරම දන්නෙ මගෙ හිත විතරයි...

මාව වෙනස් කරේ ඔයා..ඔයාගෙ ඇස් වලට මම ආදරෙ කරා..මොකද..

ඔයාගෙ ඇස් වලින් මම ජීවිතේ දැක්කා..

මම හොයන ජිවිතෙ එතන කියලා මන් පළවෙනි පාරට දැක්කා..මරා දාපු හැගීම් වලට පන දෙන්න එදා මන් තීරනෙ කරා..

මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය....ඒ ඔයා....

එත්...මන් ඔයාට යන්න දුන්නා...

ලබාගන්න අයිතිය තියාගෙනත් මම ඔයාව එයාට දුන්නා..

එත් එහෙමයි කියලා මට ආදරෙ කරන්න තහනමක් නෑනේ...නේද....

ඔයා හරි වයසට එනකම්ම මන් ඔයාගෙ වටේට කට්ටිය දම්මලා ඔයාගෙ ආරක්ෂාව හැදෙව්වා..මේවා ඔයා දැනගන්න ඕන එවා නෙමෙයි ඒත් අහපු නිසා කියන්නම්..ඔයාගෙ මේන් බොඩිගාඩ්..තව ඇමතිතුමාගෙ සෙකට්‍රි..එයාව ඔතනට ආවෙ මගේ ඕර්ඩර් එකට..පාන් බට්ටෙක් වගේ හැසිරුනාට..he is the head of my gangsters..එයා තමා එතන ලීඩ් කරේ..තාවකාලිකව එයාව එතනින් අයින් කරලා මන් ඔයාලා ගාවට එව්වා...හිතාගන්න අමාරුයි...එහෙම නේද...."

එයා එක දිගට කියවගෙන ගිහින් අන්තිමට ඒ කියපු දේ මට හරියට මීටර් කරගන්න බැරිවුනා.

ඇමති සෙකට්‍රි...මේ අපෙ සේපාලයා..දොන්තයා වගේ ඉන්න සේපාල..නැ..මොකක්..මට නිකම් පිස්සු වගේ...නෙ මොනවද මට මේ දැනගන්න ලැබෙන්නෙ...

"ඔයා කියන්නෙ මොනාද කියලා මට තෙරෙන්නැ අංකල්..හිනයක්ද මේ...වෙන්න බැරි දෙවල් මගෙ ඉස්සරහා සිද්ද වෙලා තියෙද්දි මන් කොහොමද මේක දරාගන්නෙ..අනික සෙපාල..දුෂ් එ යකා ඉන්න විදිහට මට එහෙම දෙයක්...ආහ්...එතකොට එයා තමයි මන් ගැන ඔත්තු දුන්නෙ..මන් යන එන තැන්...යකො මන් හිතන් ඉදියේ ඒකා වැඩ කරන්නෙ මට කියලානෙ.."

"හ්ම්...එයා කරේ එයාගෙ ඩියුටි එක..එහෙ ඉදියට වඩා මෙහෙට ආවම ඔයා පිස්සු නටන්න ගත්තා බේබි බොයි..එදා මුහුදෙ නටපු ඩ්‍රාමා එක..කන පැලෙන්න දෙකක් දෙන්න හිතුනා ආපු කේන්තියට..මෝඩ පැටියා.."

මේකාව කිඹුලාම කන්නෙපැයි..

"ආ..එදා..මට මතකයි අංකල් ඔයා එතනට වෙලා බලාගෙන ඉදියා..මාව බෙරගන්නත් ඔයා ආවානෙ..එත් මාව බෙරගෙන තිබුනෙ ඩැඩි.."

"ම්ම්ම්..ඔයා ගිලෙද්දි මන් දැක්කා එයා එනවා..ඔයාව අල්ලගෙනත් මන් අතෑරියේ ඔයාට ඕනි දේ ලබාදෙන්න ඔන නිසයි..ප්‍රාණව් ඔයාව බේරගත්ත නිසා ඔයාට සතුටු වුණා..එත් මම මැදිහත් වුනානම් ඒක එහෙම නොවෙන්න තිබුනා.. ඉතිම් වෙන්න ඔනි දේට ඒ විදිහට සිදුවෙන්න ඉඩ දෙන්න ඕන  නිසා එයාට වීරයා වෙන්න ඉඩදීලා මන් පැත්තකට වුනා..හීරෝලා දෙන්නෙක් ඉන්න කතාවක් රසවත් නෑ බෙබී..ඔයාගෙ කතාවෙ ඔයාවෙ විලන්  වුනාම  මට ඒ ඇති කියලා හිතුනා..."

එයා එහෙම කියනවත් එක්කම දොර ඇරගෙන නර්ස් කෙනෙක් ආවා..එයා මා දිහා බලලා මට මොකක් හරි කියන්න හැදුවත් දුසේ දිහා බලපු නර්ස් එකපාරට බය වෙලා මුකුත් නොකියම සේලයින් බෝතලේට ඒ බෙහෙත ඉන්ජෙක්ට් කරලා යන්න ගියා...

එයා නම් ඉන්නවා මුකුත් නොවුන ගානට...

"මට ඔයාගෙ ජිවිතෙට  එන්න ඕනි වුනේ නැහැ..එත් තාත්තාගෙන් ඔයාව අයින් කරගන්න මන් හිතුව වෙලාවෙදි ඔයාම මාව හොයන් ආවෙ ජිවිතේ කනපිට හරවන්න වගෙයි..ඉතිම් එදා ඉදන් මමම ඔයාගෙ පස්සෙන් ආවා..මන්..ආදරෙ කරන්න ගත්තා...

ආදරෙ හරි සුන්දරයි..එක ඔයා මට ඉගැන්නුවා..

You are the light of my darkness..the warmth in my coldest night...I'd chase away every shadow...banish every fear..just to see your smile...just to see that you are my life.......

මට මහන්සි බේබි...අපි පස්සෙ කතා කරමු.."

ඒ බෙහෙත එයාගෙ ඇගට වැටෙනවත් එක්කම එයාගෙ කටහඩ ටිකෙන් ටික බාල වෙන්න ගත්තා..මන් හිතන්නෙ ඒක  දෙන්නැත්තෙ එයාට නින්ද යන්න...මෙ කතාව මෙ ඇතියි කියලා එයාටම හිතිලා අවසානෙදි මාව එහෙම්ම තුරුලු කරන් ඇස් පියාගත්තා...

.

.

.

.

.

___________

හායි ගායිස්..හුග කාලෙකින්

එහෙම නෙද..❤️  කොටයි කියලා දන්නවා අද...සමාවෙන්න මේ ටික කොටන්නත් වෙලාව හොයාගත්තේ හරි අමාරුවෙන්..එක්සැම් එක ඉවරවෙනකන්ම මෙහෙම තමයි..

මන් හරි ආදරෙයි හැලෙන්නැතුව මා එක්කම එකට ඉන්න ඔයාල හැමොටම❤️

එන්නම් ආදරෙයි❤️

අද කතාව ගැන වචනයක් කියලා යන්න ඉතිම් 😙❤️

_Gojo_

Share This Chapter