Back
/ 49
Chapter 46

Chapter 46

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

" අනෙ බබා..හබීඊඊ..මෙහෙ වරකො අඩෙ...මෙන්න මෙ මකුණු දැල් ටික කඩලා දිපන්කෝ.."

" අනේ සේපාල..සේපාල...අඩො සේපාල මෙහෙ වරෙන් යකො.."

"ඔ ඔ ඇයි තමාල් අයියේ.."

" මේ ගිහින් බලපන් අර අවන් එකේ තියෙන කේක් එක ටිකක්..ඒගමන්ම යන ගමන් අපෙ මිනිහාට කියහන්කො මන් අඩගැහුවා කියලා..මන් දැන් කියෙ ඉදන්ද එන්න කියන්නෙ..ශුවර් එකට ඕකා කනේ ඇබ දෙක ඔබාගෙන කකුල් දෙක උඩ දාන් කටත් ඇරගෙන අර හින්දි ලබ්බ බලනවා ඇති..ඕකාට ඊයේ මන් රොකී බලපු නිසා ඕක බලන්න බැරිවුණානෙ..පව් සාංකාව ඇති අර කොයිවෙලෙත් අඩන ගැනී අනූ කනුද මොකද්ද පමාවයි.. වනරාජ්ද මහාරාජ්ද මොකාද එකාගෙයි මූණයි නොබලා....අනෙ එවුනාට සෙපාල මන් එහෙම් මෙහෙම් දැක්කා කතාවට අලුතෙන් මරු කෑල්ලක් බස්සලා කියලා..මොකද්ද අනෙ නම..මතක නැනෙ..අර ගැනිගෙ නමට සෙට් වෙන එකක්..අනූ..අනූප්..ආ මතක් වුණා..අනෝජ්..අනෙ එකා සෝයි අප්පා..අන්න කොල්ලො..අර වනසරා මොකෙද්ද බන්..බලපන් මෙන් ඇක්ට්‍රස්ගෙ නමටම සෙට් වෙනවානෙ..පව් අප්පා එ කොල්ලා තරුණ කාලෙ ඉදන්නෙ අනුපමාට ලව් කරලා තින්නෙ..දැන් බලපන් ඉතිම් අනුපමා වුණත් වනසරෙක්ව බැදලා  ලමයි වදලා අවසානෙ උ වෙන බඩුවක් ඉස්සුවානෙ..මොකද්ද නම..කාව්‍යා..උබට කියන්න සේපාලයො..කාව්‍යා කියන නම තියන උන් ඔහොම්මයි..ඔකුන් හරිම වල්..පුදූම අසහනේ..මතකනෙ උබට අපේකාගෙ හැත්ත පස් වන සෙක්ට්‍රි එකිත් කාව්‍යානෙ..මතකනෙ මන් එකිට දුන්න සෙම්බුව..නමෙ වැරැද්දක්ද මන්දා බන්..එවුනාට බලපන් ඉතිම් අනුපමා අවසානෙ නතර වෙන්නෙ අනොජ් ගාවනේ..මන් අර ඉන්දියාවෙ කැලි එහෙන් මෙහෙන් බලලා අපේ මිනිහාව ස්පොයිල් කරනවා..අම්මොහ්හ් බලන්නෙපැයි එවෙලෙට ඒකාට නගින නැගිල්ල..රැට නගින නැගිලිත් පරාදයි ඔයි..මටත් ඉතිම් ඉස්සරහට මෙහෙම වෙනවා කිය කිය මුනියාව අවුස්සන්න තියෙනවානම් ඒ ඇති..උබට කියන්න ඉස්සරහට අනොජ්ට පිස්සු හැදෙනවලු..උබ දන්නොද..නැනෙ උබ බලන්නැනෙ..මොකද උබ නිකම් චු බර තද කරන් ඉන්නො වගෙ ඇඹරෙන්නෙ අඅ..පණුගායද??.."

" අනෙ නැ තමාල් අයියේ මෙ හාල් කිලෝ පනහා උස්සන් ඉන්න බෑ ඒකයි..ගබඩා කාමරෙ වහලා මන් මෙක කොහෙන්ද තියන්නෙ.."

" අපෝ බොට ඔකවත් උස්සගන්න බැ..බොට කිලො පනහෙ ගැනියෙක් දුන්නා නම් උස්සන් ඉදීනෙහ් සොක් එකට..ගබඩාව වහලා නම්  ඕක තියපන් මගෙ ඔලුව උඩින්..ඇයි යකො අච්චර ලොකු කුස්සියක් තින්නෙ කැමති තැනකින් තියාගනින්..පලයන්කො මට වද දෙන්නෙ නැතුව මෙතනින්...ඇයි යකො වැඩක් කරන්න ගත්තොත් මොකෙක්ම හරි එනවා මට වද දෙන්න.."

"අර කුම්බාණ්ඩයා තාම නිදිද දන්නෑ..හබී...බබා..ඔයි හබී..තො බීරිද යකො.."

" ඕ කියුටි..ඔ කියන්න..මට ඇහෙනවා.."

" ආ ඇහෙනවද..ඇති යාන්තම් මම් බය වුණා මගේ මිනිහා වද වෙලා කියලා.."

"මොකක්!!.."

" නැ නැ..මෙන්න මෙ ටික කඩලා දෙනවකො..මන් අර කුක්කුම් බබා නැගිට්ටවන්න කිරි එකක් හදන්නොනෙ..."

"හ්ම්..කො බලාගෙන බහින්න..උඩත් නැගෙගෙන..වැටුණොත් එහෙම.."

" වැටුණොත් කියන්නෙ..මෙ ගෙදර මම ඇරුණාම වැඩ කරන්න වෙන එකෙක් නැනේ..කරන්න දෙයක් නෑ වැටිලා මළත්.. ඇයි බොල මුන් ඔක්කොම පඹයොනෙ..අඳ ගොළු බීරො මැද්දෙ මට තමා මෙ ඔක්කොම කරන්න වෙලා තියෙන්නෙ.."

චිහ්ක්..මොන කරුමයක්ද අප්පා..උදේම නිදාගන්නත් නැහ්..

හයියෝ..අම්මිගෙ කටෙ සද්දෙ..අහලගම් හතටම ඇහෙනවා ඇති..

හොද හීනෙක මන් ඉදියෙත්..එ සද්දෙට කන කීං ගානවා වගේ..ඔලුවත් කැක්කුම ඇල්ලුවා අප්පා..මොකද මෙ උදෙ පාන්දරම මෙයා නහින්නෙ..

සීතලයි....

ඒසී එකේ සීතලට මන් රෙද්ද මූණ ගාවට එනකම්ම ඇදගෙන තව හොදට ගුළි වුණා..

අද නිවාඩුද..තව වෙලා තියෙනවා ඇති..එකනෙ එයත් තාම නිදි..මගෙ පැත්තට හැරිලා උන්නු එයාගෙ උණුහුම විදගන්න එයා ගාවට ගිහින් එ පපුවෙ මූණ ඔබාගෙන මන් එයාව බදාගත්තා..

ම්හ්ක්...සනීපයි..එයාගෙ ඇගිලි මගේ ඔලුව සනීපෙට අතගාද්දි කනෙ ඉදන් පහළට හිරියක් දැනුනා..

" නිදාගත්තා ඇති නේද දැන්.."

"ම්හු..."

"කම්මැලියෙක් වෙලානෙ මගෙ කොල්ලා.."

" ම්හ්..ඩැඩී ඔලුව අතගාන්නකො...ඇයි නැවැත්තුවේ.."

"කො ඉතිම් ඔය ඇති නිදාගත්තා..දැන් අවදිවෙන්න මගෙ චන්ඩියා.."

"ම්හ්ම්...තව සුට්ටක්..ප්ලීස් ඩැඩීහ්.."

අනෙහ්හ් දැන්ම නැගිටින්න බෑ..අර දැකපු හීනේ ඉතුරු ටික  බලන්න තියෙනවා..අපරාදෙ රේස් එකේ හොදම හරිය..එයා නැගිටින්න කියලා කොච්චර කිව්වත් මන් නෙමෙ ඇහුම්කන් දුන්නෙ..මන් කලෙ තවත් තදට එයාව බදාගෙන මිරිකගත්ත එක...

අද මිටින්ග් එකක්ද දන්නැ..නැත්තම් උදෙට ශර්ට් අදින්නැහැනෙ එයා..

එහෙනම් මළත් දැන්ම නැගිටින්නෑ..මට තව ටිකක් එයත් එක්ක ඉන්නොනේ..

තව ටිකකෙන් තදියම හැදෙයිනෙ..එතකොට කෑගහනවා කොහොමත් යන්න පරක්කුයි ගගා...

එ අස්සෙන් අම්මි පපාට බනිනවා ආයෙත්...

" අනෙ අම්මපා..මන් මොකට මෙ වගෙ මනුස්සයෙක් බැදගත්තාද මන්දා..යකො තාම කොස්ස අතෙ තියන් ෆොන් ලබ්බ කොටනවනේ..මෙන්න මෙහෙට දිපන් අයියෙ ඕක..මන්ම කරගන්නම්..මිට වැඩිය හොදයි මන් එළදෙනක් බැදගත්තා නම්.."

" අන්න..තමාල් කෑගහනවා..ඊළගට එයි ඔයාව හොයන්..කො ඉතිම් දැන්වත් නැගිටින්න.."

"ම්හ්ක්..බැනෙ බැනෙ...තව සුට්ටක් ඔනෙ.."

"පුදුම හුරතලයක්නෙ මේක නැගිටපිය දෙකක් දෙන්න කලින්.."

" අනෙහ් මට බැ බැ බැ..මට බැ ඩැඩී..බලකලොත් මන් මැරෙනවා..ම්හ්ක්.."

" ඩැඩියෙක් මෙතන නැහැ..අප්පච්චි නම් ඉන්නවා..ඔයාට මැරෙන්න ඔන්නම් මන් තමාල්ව මෙතනට ගෙන්නලා වැඩේ ලේසි කරන්නම්.."

මොකක්ද..ඉන්න..කවුරු කිව්වා..අප්පච්චි!!!!!!!!!!!!!!...

බදාගෙන චප්පකොරන් උන්න එයාගෙන් මන් හීයක වේගෙන් ඇත්වුණා...

අනේහ්හ්...සන්තානම් මෑනියනෙ...අප්පච්චි...

" අ..අප්..අප්ප්..අප්පච්චි.."

"ම්ම්ම්...අප්පච්චි තමා..දැන්වත් නැගිටපන් කොල්ලො..මාර වැඩක් වුණානෙ මේක.."

මගෙ බඩපපුව හොස් ගාලා ගිහින් උන්ඩුක පුච්චෙ පවා කෑගහන්න ගත්තා..නිදිමත කොහෙන් ගියාද දන්නෑ...මන් මෙච්චර වෙලා ඩැඩී කියලා  බදාගෙන තියෙන්නෙ අප්පච්චිව වෙද්දි මන් ඈත් වුණාට පස්සෙ එයා ඇදෙන් නැගිටලා එතන තිබුන වතුර විදුරුව අරන් මට බොන්න දුන්නා...

"මොකද්ද අප්පච්චි මාර වැඩේ.."

අප්පච්චි මොනා අහයිද මන්දා

..කොකටත් වතුර ටිකක් බිලා ඉමු..

දෙයියනෙ දෙයියනේ මෙ ඉන්නෙ ඩැඩී කියලා හිතාගෙන මන් නොහොබිනා දෙයක් කරානම්....අනෙ තෙජූ උබ නම් කුඩා මෝඩයෙක් බන්...

"මගේ කොල්ලාට තාත්තලා පපාලා ඩැඩිලා වැහිවැහැලානෙ..තනි අයිතියක් කියාගන්න විදිහක් නෑනෙ මට.."

"කැහ්..කැහ්.."

"ඔන්න ඉතිම් හිරකරගත්තා..පොඩි එකා වගේ තාම.."

අම්මො ඒක නම් මාරම වැඩක් තමයි අප්පච්චි..ඔවට ඉතිම් මට කරන්න දෙකුත් නැ..යකො නහයෙනුත් වතුර ආවා...

බුදාම්මො දැවිල්ලයි...

" අත දරුවෙක් ගාණට හැසිරුණාට මොකද උබෙ වැඩ නම් මහා මොළකරුවෙක්ටත් හපන්..කො නැගිටින්න ඔන්න තෙත් වෙලා.."

"කැහ් කැහ්..නැ නැ වෙන්න බැ තෙත් වෙලා නෑ.."

"නැත්තෙ කොහෙද දරුවො ඔය බෙඩ් එකේ වතුර.."

"බෙ..ඩ්..අම්මට ඔව්මයි.."

තෙජූ..තෙජූ..තෙජූ..තොට මොන යකෙක් වැහිලද බන්..ඔක්කොම වෙන්නෙ අනිත් පැත්තට..දෙයියනෙ සිහියට වරෙන් යකො.....

අප්පච්චි ඇද තෙත් වෙලා කියන එක වෙන විදිහකට හිතාගත්තු මන් තව ඩිංගෙන් ලොකු පිස්සුවක් කෙලින්න හැදුවේ..මන් ඉක්මන්ට ඇදේ නැගිට්ටහාම මන් බහින්න කලින් අප්පච්චි මගෙ අත්කරු වලින් උස්සලා බිමින් තිබ්බා..හනෙව්ව්..මන් පොඩි එකෙක් නෙමෙ හප්පොච්චියේ....

මන් වොෂ්රූම් එකට ගිහින් එද්දිත් අප්පච්චි මන් එනකන් වාඩිවෙලා මොකද්ද බල බල ඉදියෙ...

යොහ්..මගෙ අප්පොච්චා කණ්ණාඩි දැම්මත් හැන්ඩ්සම්නෙ...

කණ්ණඩි දැම්මත් ඔහු හැඩ වැඩි...හේ..හේ...🎶

" අප්පච්චි.."

"ආවද..යමු පහළට.."

අප්පච්චි ගාවට ගිහින් මන් හිටගත්තාම එයා කන්නාඩි දෙක ගලවලා සාක්කුවෙ දාගෙන නැගිටලා මගෙ ඔලුව අතගාලා පහළට යමුයි කියලා එක්කරන් ආවා...

" අඅ උතුමාණන් අවදි වුණාද..යහපති යහපති..වඩින්න උතුමාණෙනි අපේ.."

" අයියෝ...අම්මිහ්...උදෙන්ම පටන් ගත්තාද ඔයත්.."

අපි පඩිපෙළ බැහැගෙන එද්දි මගට මුණිච්චි වුනෙ කොස්සක් අතේ තියාගෙන ඉන්න අම්මිව..

" ඇයි..ඇයි මොකද උබ..පස්ස පැත්තට එළිය වැටෙනකන් නිදාගත්තා මදිද..බලපන් වෙලාව දැන්..මන් මෙ එන්න හැදුවේ උඹව ඇහැරවන්න..එයි එයි මොකද ආහ්හ්...බිමින් තියපන් කොල්ලො.."

හනෙහ්හ්..මගෙ පිස්සු කොල්ලා..මොනා නමුත් මෙ කන්කරච්චලේ උදේ පාන්දර ඇහුන්නැති වුණොත් දවසම අසුබයි වගේ..

පඩියට දෙකට බිමට පැන්න මන් කොස්ස පැත්තකට කරලා අම්මිව උස්සලා වටයක් කරකවලා බිමින් තියලා කම්මුලට හාද්දක් දෙද්දි අම්මිගෙ මූණ ලාවට රත ගැහෙද්දි ලැජ්ජාව වහාගන්න එයා මගෙ පිටට තඩිබැවා..

" අනෙ අම්මපා..මාව මරන්නද උබ හදන්නෙ අඅ..දෙනවා දෙකක් ඇයි යකො..කී දවසක් කියලා තියෙනවද..උබ උබ හැදෙන්නැ..මේ කපේට හැදෙන්නැ..ම්හුක්..මන් කියනවා උබෙ පපාට.."

අඩි හප්ප හප්ප හුරතලෙට කෑගහන  අම්මි දිහා මන් බලන් ඉදියෙ හිනාව කාගෙන..පුදුම හුරතලයක්නෙ අප්පා මේක..

එයාව තව පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙන මන් එ චබී කම්මුල් මිරිකුවා..

කුචි කුචි සොෆ්ට් අනා...

" ඇයි පපාට මොනා කියන්නද..අම්මි ඔයා හරි සොෆ්ට්නෙ..මටොන්නම් මන් මේවා අල්ලනවා..මටෝන්නම් මන් මේවා කනවා..ඇයි පපා මට මොනාආආආහ්හ්..ඌයි ඌයි..කන කන අනෙ අම්මිහ්හ් පපා එපානෙ..ඌයිහ්.."

" ආයෙ කියන්න පැට්ටො ඒක..මොනාද මොනවද කරනවා කිව්වෙ ඔයා.."

"උයිහ්..පපා නැ..නැ මුකුත් කරන්නෑ..ඇත්තමයි අල්ලන්නෙත් නැ..අනෙ අම්මිහ් බේරගන්නකො අනෙ හිනාවෙන්නෙ.."

අම්මිව අවුස්සන්න කියලා හිතාගෙන කටවරද්ද ගත්ත මන් අන්තිමට නතර වුණේ කන් රත් කරගෙන..මගෙ වෙලාවට පපා කොහෙන් මතුවුණාද මන්දා..මෙච්චර කාලෙකට මන් අම්මිව ඇවිස්සුවෙ පපා ඉන්නවද නැද්ද කියලා හොයලා බලලාමයි..අද නම් ග්‍රහයො නීච වෙලා මගෙ..

" බලන් ඉදපන් මන් බේරයි මේන් කියලා..ගහන්න හබි මේකා මගෙ මූණත් කිස් කරා..ඔයාට කියන්න වෙන්දට මු ලිප්..නැ ඒහෙම නැ.මු හැමදාම ඔහොමයි..ගහන්න ගහන්න..හැද්‍රන්නැ නැත්තම්.."

" ඇත්තදමේ..මගෙ හැටි පැටියාට අමතක වෙලා වගෙ.."

ආයියා..අනෙ අම්මිහ්හ්..හරිම වෙලාවට පලිගන්න ඔයා හරි දස්සයිනේ..මගෙ කන නැ වගෙ යකො...පපා මන් එහෙම නෑ..උයිහ්හ්..

" නැ නැ පා..ඌයිහ්..අම්මි රිදෙනො අම්මි ආහ්..අම්මිහ්..ප්ලිස් අනෙ පපා රිදෙනවා මට.."

ජෝක් සිරියස් වෙලාද මන්දා..දැන් නම් කදුලුත් එනවා..කැරිම සංවේදි කනක් යකො මට තියෙන්නෙ..ඌයිහ්...තොට හොදම වැඩෙ තෙජූ..හොද වැඩේ..ඉල්ලන්නෙ කන්නෙ උබ හැමදාම...

" අයියෙ අයියෙ..ඔය ඇති..යොහ්..කොල්ලාට රිදෙනවා අඩො..අන්න කදුලුත් ඇවිත්..උබ මගෙන් ගුටි කනවා හබියො හොදේ..මු මගෙ කොල්ලානෙ..මගෙ කොල්ලා ඒකාගෙ අම්මිව ඉබින්නැතුව උබේ සෙකට්‍රිව ඉබින්න්ද..ආ..ආ"

"උයිහ්..බබී..යකො දැන් මන්ද වැරදි.."

තමාල් මන්දාර කියන්න අහස වගෙ මනුස්සයෙක්..මෙ කළු කරන් ඉදලා මේ පායනො...අන්න එවගෙ වැඩක් තමා දැන් වුණෙත්..මගෙ කදුලක් දැක්කා විතරයි අම්මි  පැත්ත මාරු කරලා එයාගෙ පැත්තට කතා කරපු පපාට විරුද්ද වෙලා මාව අතාරින්නැති තැන පිටටත් තඩිබෑවා..අනෙ අම්මපා මේවා කාගෙ ගතිද මන්දා...

මාත් ඉතිම් හැරෙන පැත්තට ගහපු ඇබේ වගේ අම්මි ඇදලා ගත්තාට පස්සෙ දොන්තයා වගේ එයාට තුරුල් වුණා..

හික්ස්..පපා අද අහගනීද මන්තා..

" ඔව් ඔව්..බලපන් කන ස්ටෝබෙරි පාට වෙලා..කාගෙන් අහලාද හබි ඔයා කොල්ලාට මෙහෙම කලෙ..අනෙ මගෙ පැටියා..රිදෙනොද සංකද..අනෙ ඇත්තමයි හබී..ඔහෙට හිතක් පපුවක් නැද්ද ආ..මගෙ කොල්ලාගෙ ඇස් වල කදුලු එනකන් ඒකාව රිද්දුවා..එන්නෙපා ආයෙ මා එක්ක කතාවට.."

" වට්ද...ඇත්ත මෙක මගෙ වැරැද්ද..ඔයාගෙයි පැටියාගෙයි ප්‍රශ්න මැද්දට මන් ආව එකයි වැරැද්ද..ඔක්කොමත් හරි මැක්කාගෙ කතාව වගේ සෙකට්‍රි කෙනෙක් ඇදලා ගන්න එකනෙ බබි මට එපා වෙන්නෙ.."

" ආ..එකියන්නෙ ඔහෙට මාව දැන් එපා වෙලා..මන් දැනගෙන ඉදියා..මන් දැන සිටිමි..මන් සැක කලෙමි..දැක්කද දැක්කද තෙජු බොගෙ පපාගෙ කෙරුවාව..ගිය සතියේ සෙකට්‍රි මාරු කලත් හරි මේකා ඔහොම්මමයි..ඇයි වදෙ මෙකා ලස්සන නිසා එන හැම එකීම ඇගෙ එල්ලෙන්න එනවා..මල මගුලක් උනානෙ..තමුසෙ මොකටද හබී ඔච්චර හැන්ඩ්සම් උනේ..රෙද්ද.."

" දැන් මගෙ පෙනුමද ප්‍රශ්නෙ..හරි හෙට ඉදන් මන් අගුරු ගාගෙන වැඩට යන්නම්කො එතකොට හරිනෙ.."

"ම්හුක් එපා..ඔයා අගුරු ගෑවාමත් ලස්සනයි.."

" බබි දැක්කාද අගුරු පාටට මන් ලස්සනද කැතද කියලා.."

"ඔව්නෙ..ඔයා නිදන් ඉද්දි මෙ ලගදි මන් ගාලා බැලුවා..අනෙහ්හ් තෙජුහ්හ්..බොලැ පපා අගුරු ගෑවාම මිට වඩා ලස්සනයි අඩො..උබට කියන්න මට ආයෙ මේකාව බදින්න හිතුනා..සුරුස්ස් සුරුස්ස්..ම්හුක්..තෙජු මන් උබේ කමිසෙන් නහය ටිකක් පිහිදුවා කමන්නැනෙ..කදුලුවත් නැ අනේ..හොටු පොඩ්ඩක් නම් ගෑවුනා..එච්චරයි.."

"ඊයා අම්මිහ්.."

අම්මි පපාට බනින මුවාවෙන් මාව හොල්ල හොල්ල අවසානෙ සුරුස් ගාලා මගෙ ඇගේම නහය හූරලා පිහිද්දි සෙවල වගේ දැකපු හන්දා මන් ඉක්මනින් එහාට ගියා..නැ මන් එහාට යන්න කලින් පපා මාව පැත්තට තල්ලු කරලා අම්මිගෙ මූණ දොතින් ගත්තා..

"බබි..ඔයාට හෙම්බිරිස්සාවද..සෙමද..ඇයි නහය බුරුල් වෙලා.."

"සෙමක් නැ අප්පා..නහයට දුවිලි ගියානෙ ඒකයි මේ..මන්ම එපැයි මේවා කරන්න.."

" මන් පිහදාන්නම්..ඔයා දුම් ටිකක් අල්ලගන්න..මන් පොඩි වැඩකනෙ ඉදියේ බබී..ඔයාට එ ටිකට ඉවසන්න බැරිවුනානෙ..කො දැම්ම යන්න..ඔය මකුණු දැල්  කොස්සත් දීලා යන්න..තෙජු ඔයා අම්මිට පිරිටන් පෙත්තක් ගේන්න.."

යකො පොඩි දුවිල්ලක් ගිහින් තින්නෙ පපා..අනෙ මන්දා..මෙයා එකාලෙ ඉදන්ම අම්මිට ලෙඩක් හැදෙන්න දෙන්නැ..හිත හොද දොස්තට ලයිට් වගෙ නිකන්..අම්මිට සෙම හැදුනාම හරියට අමාරුවෙනවා..නිවුමොනියාවටත් එකපාරක් ආවා..එදා ඉදන් ඔහොම්ම තමා පපා..

මන් ආපිට හැරිලා පඩිපෙල නගින්න යද්දියි දැක්කෙ මෙච්චර වෙලා මා එක්ක ආපු අප්පච්චිව..අනෙ එයා තාමත් උඩ..

මන් ආවෙ එයාව අතෑරලානෙ..එයා පපුවට අත් බැදගෙන අපි දිහා බලන් ඉන්නවා..

මන් අඩියට දෙකට එයා ගාවට දුවද්දි එයා මගෙ දිහා බලලා හිනාවෙලා පහළට ගියා....

" සේපාල සේපාල..ආර්ය බොසාගෙ ගෙදට්ට ගිහින් බලන්න එයා නත්තල් ගහාගෙනල්ලාද කියල්ලා..ගෙනල්ලානම් ගිහින් අරන් වරේ.....න්.."

"බබී..කෑගහන්නෙපා..ඔයාට හොද නැහැ.."

" අනෙ මිනිහෝ..මට බබෙක් හම්බෙන්න නැ..මෙක සෙමක් විතරයි.."

" තෙජූ..තෙ ඔන්නම් උබෙ ඇද යට තියෙන කොප්ප ටික උස්සම් වරෙන් මගෙන් මැරුන් නොකා.."

" හාහා ගෙන්නම් අම්මිහ්.."

හපො..මෙ ගෙදර හරියට සද්දේ.....

.

.

.

.

.

.

.

.

.

.

අද කම්පැනි එකට ආවට වඩා හොදයි නෑවිදින් ඉදියානම්..කිසිම වැඩක් කරගන්න නැ ආව වෙලෙ ඉදන් අම්මි කොල් කර කර අරක ගෙනෙන් මේක ගෙනෙන් උබ කියටද එන්නෙ අද එන්නෙ නැද්ද උබත් ඔනම වෙලාවට නැ ගගා පුලුවාන් තරම් වද දුන්නා..

හෙට නත්තල් නිසානෙ මෙ සේරම...එ අස්සෙ කම්පැනි එකෙ වැඩ ගොඩ ගැහිලා..මෙ ටිකෙ හරියට බිසි..දුසෙ අංකල්ටත් කිසි නිදහසක් නෑ..මැරිගෙන වැඩ..කොහොම ඉන්න ඕන මනුස්සයෙක්ද මෙ විදිහට දුක් විදින්නෙ..අනෙ අම්මපා..පුදුම තණ්හාවක් නෙමෙ නාකි වයසට...

අම්මිගෙ වදෙ ඉවසගන්න බැරිම තැන මන් දුසෙ අංකල්ගෙන් හොදවැයින් දෙකතුනකුත් අහගෙන කලින්ම ඔෆ් වුණා...

අනේ දුසේ දැන් වෙනස් අප්පා..ඉස්සර වගෙ නෙමෙ එයා දැන් හරීයට මට  බනිනවා..දුසෙ චපලයා..මටොන්නැ..

කැබින් එකෙ ඉදපු ඔක්කොම මගෙ දිහා බලාගෙන ඉදියා දුසෙ බනිද්දි..සැක් ලැජ්ජාවෙ බෑ...

අම්මිගෙ දස වදයෙනුයි දුසේගෙ බැනුම්වලිනුයි හෙම්බත් වුණ මන් එහෙම්ම සුපර්මාර්කට් එකට ගිහින් දාලා තිබ්බ බඩු ලිස්ට් එකත් අරගෙන ඇවිත් කාර් එකට පටවන්න ගත්තා..

පාර්කින්ග් එක කවදාවත් නැති විදිහට පාලුවට ගිහින්..ඒක වැඩිය ගාණකට ගත්තෙ නැති මන් ලොරියක විතර බඩු කාර් එකට පටවගෙන මන් වාහනේට නගින්න හැදුවෙ එත් එකපාරට ආපු ඩිෆෙන්ඩර් එකකින් ගන් අරන් කලු ඇදගෙන බැහැපු සෙට් එකක් මාව වට කරගෙන මන් හැරෙන්නත් කලියෙන් මගේ ඔලුව කලු රෙද්දකින් ගැටගහලා මට දගලන්න ඉඩක් නොතියා හතර පස් දෙනාම මාව උස්සගෙන අත පය බැදලා උන්ගෙ වාහනේට දාගත්තා..

කවුද මුන්..අලුත් සෙට් එකක්ද..ශිට් දුසෙ කිව්වා බොඩිගාඩ් කෙනෙක් එක්කන් යන්න කියලත්..කොහෙද උබ බැනපු තරහාට ඔක්කොම දමලා ගහලානෙ ආවෙ..මොඩ මූසලයෙක් තෙජු උබ නම්..

ශිට් ශිට්..මට බැ මෙහෙම ඉන්න..මුන් මාව කොහෙට අරන් යන්න හදනවද මන්දා..කාගෙ උන්ද මේ...

අවුලක් නැ මගෙ උන් ටික මාව හොයාගනිවි..ඇග ඇතුලෙ තියෙන චිප් එක නිසා මන් යන්නෙ කොහෙද ඉන්නෙ කොතනද ඔක්කොම විස්තර උන්ට යනවා..

ලොකු අවුලක් නැතුවමත් නෙමෙ..එත් මට මෙහෙම ඉන්න බැ..ටිකෙන් ටික මටම බරවෙන මගේ ඇස් නිසා මට මා එක්කම කේන්තී..

No Thejan..No..උබට දැන්ම නිදාගන්න බෑ...

shit..fck...මොනාද අයිසෙ මට ගැහුවේ..එ ස්ප්‍රෙ එකෙ සැර මට වැඩිවෙලා දරාගෙන ඉන්න බැරිවෙද්දි අකමැත්තෙන් වුණත් මට මගෙ ඇස් පියාගන්න සිද්ද වුණා....

.

.

.

.

.

.

.

මුළු ඇගම ගල් ගැහිලා වගේ මටම දැනෙන්නැතුව යද්දි ඔලුව පුපුරන්න වගේ දැඩි වේදනාවකින් මගෙ සිහිය ආපහු එන්නැති..එත් මට තාම මගෙ ඇස් ඇරගන්න බැහැ..ඇස් පිහාටු එකිනෙකට ඇලිලා වේලිලා ගිහින් වගේ..හරිම අමාරුයි...

මගෙ ඔලුව තාම රෙද්දකින් ගැටගහලා..එත් මට වෙනසක් දැනෙනවා..මට ඒක කියන්න තෙරෙන්නැහැ..හරි අමුතුයි..මාව නිකන්..ඒක හරියට...හරියට................

මොකද්ද එ සුවද?...මල් සුවදක්ද..සැරක්ද...

ඇයි මට ජැස්මින් සුවදක් එක්ක රොස සුවදක් දැනෙන්නෙ..

කොහෙද මන් මෙ ඉන්නෙ..මුන් මාව කොහෙටද උස්සන් ආවෙ??...

මන් වැතිරිලා ඉදියේ මෙට්ටයක් උඩ වෙන්න ඕන..එත් මට තාම කෙලින් වෙන්න පණ නැහැ..ඇගට පණ ගන්න ඕන වුණත් ඒක අමාරුයි..එත් දාඩිය නාගෙන මන් කොහොමෙන් හරි මෙට්ටෙ උඩ වාඩිවෙද්දි පිටිපස්සට කරලා ගැටගහලා තියෙන අත් දෙක ලිහාගන්න උත්සාහා කරා....

මොකද්ද මගෙ ඇගට දැනෙන අමුත්ත..මන් ආයෙ දාඩිය දැම්මට මන් තාමත් සුවදයි...ෆ්‍රෙශ් උනා වගෙ..

මන් මගෙ මුලු ඇගම ඉව කර කර බලද්දි මන් දිහාවට ඇවිදගෙන එන අඩි සද්දයක් මට ඇහිච්ච නිසා මන් නොසෙල්වීම එහෙම ඉදියත් එ ආව එකා මට මොනාහරි පොවන්න හැදුවා.

" පොඩි මහත්තයා මේක බිව්වා නම්.."

"කවුද උබ..කාගෙ කීමටද උබලා මාව මෙතනට උස්සන් ආවෙ..කියපන් මට.."

"ඔන්න ඔන්න ඉතිම් පොඩි මහත්තයා රොන්ග් යනවා..මනුස්සකමට වතුර ටිකක් පොවන්න හැදුවාමත් ඇගට කඩා පනිනවානෙ..පොඩි මහත්තයා දැන් මෙක බොනො නම් බොන්න..නැත්තම් නොබී ඉන්න..මට කිසි අවුලක් නැ.."

"තොට මාව විහිලුවක්ද..ලිහපන් යකො මාව..හැබැයි මන් මෙක කරපු එකාව ලේසියන් අතාරින්නෙ නෑ..මාව ලිහපන්..පිරිමියෙක් නම් මාව ලිහලා වරෙන්..පො#$යෙක් වගෙ හැංගි හැංගි උස්සන්නෙ නැතුව..ගිහින් කියපන් මෙක උබලැ බොස්ට.."

"අපො මට නම් ඔවා බැ..පොඩි මහත්තයාට ඕනම නම් අපෙ බොසාට ඔයාම කියන්න.."

තො තො තො..ආර්හ්..මන් උබව...

උස්සන් ආව බල්ලා කරේම මාව අවුස්සපු එක වෙද්දි උගෙන් මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි තැන මගෙන් අඩියක් දුරින් උන්න ඒකාගෙ ඔලුවට මගෙ ඔලුවෙන් ගහලා උගෙ බඩට පයින් ගහලා මන් බිමට පැන්නා..

දුසෙ අංකල්ගෙ ට්‍රේනින්ග් වලට පිං සිද්ද වෙන්න අන්ද වුනත් මට ෆයිට් කරන්න පුලුවන්..

ඌට ගහලා බිමට පැනපු මන් වටෙ පිටෙ හැපි හැපි ඉස්සරහට දුවද්දි අරු පිටිපස්සෙන් මාව හිරකරලා අල්ලගනිද්දි මන් ඔලුව හයියෙන් පිටිපස්සට කරත් ඌ එකෙන් බෙරුනත් මන් ඌව පස්සෙන් පස්සට තල්ලු කරන්  ගිහින් ඌව හයියෙන් පිටිපස්සෙ තිබුණ එකක වද්දලා උට අමාරු වුණා කියලා තේරෙද්දිම ඉස්සරහාට දිව්වා..දිව්වාට දුවන්න බැහැ..මගෙ කකුල් බැදපු පටිය එච්චර තද නොවුනත් දුවාගන්න පුලුවන් කමක් නැති වුණත් මන් දිව්වා..මොනාදො මන්දා ඇගෙ හැපි හැපි විසි වෙද්දි විදුරු බිදෙන සද්ද පවා මට ඇහුණා..එත් එක්කම දුවන් ගිහින් අවසානෙදි දොරක් වගේ එකක මගෙ මූණ හැප්පුන නිසා පිටිපස්ස හැරියා පුලුවන් ඉක්මනින් දොරේ ලොක් එක ඇරගත්තු මන් එළියට දිව්වා..

එළියට දුවපු ගමන් මගෙ සපත්තු අඩිය ටිකක් යට ගියා..

වැල්ලක්..මන් ඉන්නෙ බීච් එකක් ගාවද...මගෙ ඇදුම මෙච්චර බර මොකද..දැන් මෙතන ඔවා හිත හිත ඉන්නෙපා තෙජු ඉක්මනින් දුවපාන්...

වැල්ලෙ කකුල් බැදන් දුවන ඒක හිනයක් වෙද්දි බැරිම තැන මන් ගෙම්බෙක් වගෙ පැන පැනත් ගියා..

අර යකා ආයෙම මගෙ පස්සෙන් එද්දි එකා දෙන්නා වේගෙන එනවා කියලා මට තෙරෙද්දි මන් වේගය වැඩිකරාත් එක පරයෙක් ඉස්සරහින් දාපු කකුල් මාරුවක් නිසා මන් වැල්ලෙ වැලි නෑවා..

වෙලාවට ඔලුව ගැටගහලා..නැත්තම් නහයෙ ඉදන් වැලියනවා....

වැටුනට පස්සෙ පිටිපස්සෙ උන් හිනාවෙන සද්දයක් ඇහුනත් එකපාරට ඒක නතර වෙලා මොකෙක් හරි මාව කෙලින් කරලා මගෙ තියන වැලි ටික ගැසුවා...

මොකාද මූ?..යකො මුගෙ සුවද...

මෙ ඉන්නෙ මාව එළවන් ආව උන් නෙමෙ..වෙන එකෙක්..

" මන් තොපිලාගෙන් මෙ අහන අන්තිම වතාව..කවුද උඹලා..මොන මගුලකටද උඹලා මාව මෙහාට උස්සන් ආවෙ..මාව මාරයා නොකර උත්තර දියන්.."

"පොඩි මහත්තයා බොස්ට සද්දෙ දානවා වැඩී.."

මගෙ වම්පැතෙන් මොකෙද්ද මන්දා කුම්බාණ්ඩයෙක් එහෙම කියද්දි මන් උගෙ පැත්තට මූණ හැරෙව්වා..

" ඇයි උබලැ බොස් ලොකුද.."

"ලොකුයි තමා..නෙද බොස්.."

"අනෙ එහෙමද...මාත් ආසයි උබලැ ලොකු බොසාව දැකගන්න..මට කියලා තොගෙ දිව උගුල්ලගන්නැතුව මාව ලිහලා දාපන්..මොන වේසකමක්ද මේ..එක්කො මට ගහපන්..නැත්තම් මේක ගලවපන්..මෙහෙම තියාගෙන හුරතල් කරලා මොන පකක්ද බල්ලො උබලා මෙ කරන්නෙ..හැමිනෙනවා මීට හොදයි.."

ඇත්තමයි මට මෙ කතා කරන එකාවයි උ කියන ඔය බොසාවයි කිතු කිතු කරන්න ඇත්නම්...

" එක්කන් එන්න.."

එගමන මොකාද..පොඩ්ඩක් ඉන්න..හුරු පුරුදු කටහඩක්..

එත් එක්කම එක බලු නකුටෙක් මගෙ පිටට ගන් එකක් තියලා  මාව ඉස්සරහට තල්ලු කරන් ගිහින් එක තැනක මාව තියලා උ පැත්තකට උනා..

මුන් මට වෙඩි තියලා මරන්නද දන්නැ හදන්නෙ..

බොට පිස්සුද තෙජු..එහෙම ඔන්නම් නම් උබව මෙහෙම හුරතල් කර කර ඉන්නැ..එක ශොට් එකයි ඇරලා දැම්මා..

ඕන පකක් මාව ලිහලා කරානම් ඉවරනෙ...අම්මපා මෙව හරි අසාදාරණයි...

එත්...එකපාරටම හැමොම නිෂ්ශබ්ද වෙද්දි මට ඇහුනෙ මුහුදෙ රැලි හඩ...

එක්කො මුන් මාව රට පටවන්න හදනවද දන්නැ..

මොනා නමුත් මන් දැන් ඉන්නෙ බීච් එකක...මුහුදු සද්දෙ එක්ක කසිංජි සුවද රෙදි කෑල්ලත් පරද්දගෙන මගෙ නහයට දැනුනා...

එත් එක්කම මගෙ ගැටගහපු අත් දෙකයි ඔලුවට දාපු රෙදි කැල්ලයි ගැලවෙද්දි හුළගෙ සැරටත් එක්ක එකපාරට ඇස් ඇරගන්න බැරි නිසා මන් ඇස් හින් කරලා බැලුවා.....

What the fork................

ඩැඩි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඇස් අරිනවත් එක්කම මන් දැක්කෙ මගෙ ඉස්සරහා දණ නමාගෙන රින්ග් එකක් දික් කරන් ඉන්න ඩැඩිව...

" මිනිහෝ..."

" Will you marry me baby.."

"හැමිනෙනවා දාලා.."

"හහ්?.."

මොන ඇමිටේෂමක්ද මෙ මනුස්සයා මෙ කරන්නෙ..පොඩ්ඩක් ඉදපන් මෙයා මෙ දැන් මට ප්‍රපොස් කරාද..කරා නෙද..ඇ මන් මොකද්ද එ කිව්වෙ..

මොන ලොකෙද යකො කිඩ්නැප් කරන් ඇවිත් බදිනවද කියලා අහන්නෙ..වෙජ තැන්වල උස්සන් ඇවිත් බලෙන් බන්දගන්නවා..ඒකට මගෙ මනුස්සයා..හනේ ඩැඩිහ්හ්හ්හ්...ඔයාටද පිස්සු මටද පිස්සු..මොකද්ද යකො මන් එ කිව්වේ...

"බබා.."

" ඩැඩි..ඔයා...ඔයා මෙ..ආර්හ්.ෆක්..මොනවද අනෙ ඔයාමෙ කරන වැඩ...බලන්නකො කොච්චර රොමැන්ටික් විදිහට ගන්න තිබ්බ චාන්ස් එකක්ද ඔයා මෙ මිනිස්සු දම්මලා මාව උස්සගෙන ඇවිත් කලේ.."

ආයිශ්..තෙජු..ඔයා කිව්වෙ හරි එක නෙමෙයි..නැ නැ..ඩැඩී..ඔහොම මූණ එල්ලගන්න හදන්නෙපා..අයියො මොන මගුලක්ද බන් මේ...ආ ඔව් මගුලක් නම්  තමා..එත් මෙහෙම...

" එත්...එත්...ආර්හ්..මට හිතාගන්න බැ..ඔම ඉන්න..ඔයා එක ඇහුවා..ඩැඩි ඔයා ඒක මගෙන් ඇහුවා..ෆයිනලි..අනෙ ආයෙ අහන්න ප්ලීස්...ඔහ්..ඒක තෙරුම් ගන්න ටික වෙලාවා ගියා .අනෙ ඔයාගෙ වැඩ නම්..ඩැඩි..."

ඔන්න ඔන්න ආයෙ කලින් මුඩ් එකට ආවා...අනෙහ්හ් මන් මේකාව ගිලිනවා..මොන මොඩ පැටියෙක්ද..ආර්හ්..එවුනාට මෙක මරු..

පොඩ්ඩක් ඉදහන් කො මගෙ ඇදුම්...

මෙ මන් ඇදන් ඉදපුවා නෙමෙ..වයිට් සූට් එකක්..ගොඩ් එයා බ්ලැක් වලින් රෙඩිවෙලා...දැනුයි දැක්කේ..අපි දෙන්නා ඉන්න තැනට පිටිපස්සෙන් ලොකූ රෙඩ් රොස් වලින් හදපු හාට් එකක්..ඒකෙ තැනින් තැන කැන්ඩ්ල්ස් එල්ලලා..ආර්හ්..එයයි මායි ඉන්නෙත් රෝස් පෙටල් වලින් හදපු හාට් එකක් ඇතුලේ...අපෙ වටේම කැන්ඩ්ල්ස් වලින් එළිය වැටිලා තියෙන්නෙ..

වාව්ව්....

කලින් හිතේ තිබුන විකාර ගතිය මෙ සැරසිලි දැක්කාට පස්සෙ නැතිවෙලා ගියා..oh god..how handsome he is...fkc i can't believe this..i fckng love this man..oh yeah..he is my man....

" බබා මෙක ටිකක් විකාරයි වගේද..මන්දා බන් මට ඕන වුණේ වෙනසක් කරන්න..මේ වචන ටික ඔයාට කියන්න ඕන වුණේ ඔයාට හිතාගන්නවත් බැරි වෙලාවක...ඉතිම් මගෙ මෝඩ අයිඩියා එක සක්සස් වුණේ නැද්ද මන්දා..එත් කමක් නැහැ..මේක තවත් පරක්කු කරන එකෙන් වෙන්නෙ අපි නිකම් වයසට යන එක විතරයි..එ නිසා මෙ ඇති..

මට මගෙ කොල්ලාව මන් ගාවින් තියාගන්න ඔනේ..මගේම නමින් මගේම වෙලා..ඔයා කොච්චර චන්ඩියෙක් වුණත් මට තාමත් ඔයා මගෙ පොඩි එකා..මගෙ ජිවිතේම අයිතිකරගත්තු පොඩි එකා..මට ජිවත් වෙන්න අරමුණක් හොයලා දුන්න පොඩි එකා..ඉතිම් මන් එ පොඩි වස්තුවව මගේ නමට ලියාගන්න එක අසාදාරණ නෑ නෙද මැණික..මන් උබව සදහටම මගේ කරගන්න එක සාදාරණයි නේද..

ඉතිම් මගේ ජිවිතේ ඉතිරි කාලෙ තවත් නාස්ති නොකර මගෙ වටින වස්තුව මන් ගාවට අරගන්න මට අවසර දෙනවද..

මගේ තේජාන්..සදහටම...මගෙ අන්තිම හුස්ම වෙනකනුත්..නැ මුලු සංසාරෙටම මගේ වෙනවද...

මන් මගෙ පණව කසාද බදින්නද?..මගෙ පණව මගේ ලොකේ කරගන්න මට ඉඩ දෙනවාද??..තේජු ඔයා කැමතිද මාව කසාද බදින්න......"

" ඔව්..ඔව් මට ඔනත් එච්චරයි..ආර්හ් ඩැඩී මෙ දවස එනකන් මන් කොච්චර බලාගෙන ඉදියාද..මන් කැමති අනෙ මෙ දැන් වුණත් පැනලා ගිහින් බදිමු කිව්වත් මන් කැමති...ඩැඩි මන් ආදරෙයි....."

"මාත් ආදරෙයි මගේ මැණිකට.."

"යොහ්හ්...හුරෙහ්හ්හ්..congratulations බොස් & පොඩි මහත්තයෝ..."

එයාව කසාද බදිනවද කියලා  අහපු එයාව මන් ඇදලා අරන් බදාගද්දි මගෙ තොල් වලින් පෙක් එකක් තියපු එයා එ රින්ග් එක මගෙ ඇගිල්ලට දැම්මාට පස්සෙ අපෙ තොල් එකට එකතුවෙනවත් එක්කම වටෙ ඉදපු ගංකබරයො තුන් හතර දෙනා කෑමොර දෙන්න ගත්තා..එත් එක්කම මල් වෙඩි අහස ලස්සන කරද්දි එ හැන්දෑ වරුව අපි දෙන්නාගෙන් සුන්දර වුණා.....

හැබැයි මන් අවසානෙට දැනගත්තේ මන් දගලලා අර කැබැල්ලෑවා එක්ක පොර බැදලා විනාස කරලා තියෙන්නෙ අපි දෙන්නාගෙ හනිමූන් රුම් එක කියලා...

මොනා කරන්නද ඉතිම් හැමදාම හනිමුන් යන එකෙ අදත් ගෙදරම යන්න තීරණේ කලා....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

" කො කො ආර්ය ලොක්කා ආවද..අනෙ තෙජූ ඔය රතිඤ්ඤා වැල ගෙනෙන්කො බන් පපා දැන් කියෙ ඉදන්ද මෙ බලන් ඉන්නෙ.."

" ඉන්න එනවා..."

ඉතින් දොලහැ කණිසම පහුවෙච්ච වෙලෙ ඉදන්  අපෙ ගමේ හැමතැනම රතිඤ්ඤා මල් වෙඩි සද්දෙන් රැව්දෙන්න ගත්තා...තාමත් ඉවර නැ දැන් අපෙ ගෙදරින් වැඩ ඇල්ලුව්වා...

නත්තල් සුබපැතුම් එක්කම ඉස්සරහා ගෙදර ඉන්න ජෝඩුවයි නැදෑ හැතිකරෙයි ඔක්කෝම අපෙ ගෙට කඩන් වැදුනා..

දැන් තමා හොදම පිස්සුව පටන් ගන්නේ..

"තෙජු කොහෙද ලමයො අර ටිශූස් ටික..අනෙ අර ඩෙවල් එක ටෙබල් එකෙම් තියලා හදන් පලකො කොල්ලො..මෙහෙ වරෙන්කො.."

"සෙපාල ඔයා කෙක් එක හරි මැද්දෙන් තිබ්බා නෙද..මෙ බලන්න මෙ නත්තල් සීයා අපෙ ආර්ය බොසා වගෙ නෙහ්.."

"තමාල් Merry christmas...මගෙ මල්ලි පැ- ආ මස්සිනා..නො ටචින්ග් අමතක වුනා..මල්ලිව බැරි එකෙ උබවත් වරෙන් හග් කරන්න.."

"අනෙ මුන්ගෙ මල කොලම්..සීයාපප්පා Merry xmas  අනේ.."

"Merry christmas වදකාරයෝ.."

"අන්න අන්න දැක්කාද මංජු මෙ ආර්ය නාකි බඩුව මට වදකාරයාලු..අනේහ්..මංජූ ඔයාටත් හැපි නත්තලක් අනේ..අම්මට සිරි සදේ ඇවිත් බොසා දුසේ..එන්න එන්න බ්‍රෝ Merry christmas"

" තේජූ යන්න ගිහින් කිචන් එකෙ ඉන්න සෙපාල එක්ක වයින් ග්ලාස් ටික අරන් එන්න..කො මෙ කොල්ලා..තෙජූ  තේජූ..."

ආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්...මට බැ මට බෑ...කන් අඩි පැලෙන්න වගේ..ආආආආ...මට බැ තව පොඩ්ඩක්වත් බැ...

මගෙ වැඩෙ එහාට දුවනවයි මෙහාට දුවනවයි..යකො මෙ මොන මගුලක්ද..මන්ද මෙ ගෙදර වැඩකාරයා..ඉදපු වැඩකාරයොන්ට නිවාඩු දීලා තනියම කරන්න ගත්තා පේනවනෙ දැන්..

බැරිම තැන මන් කාමරෙට රිංගගත්තා..

ඩැඩිත් පල්ලෙහා කයියක..අප්පච්චියි පපායි අකි පපායි යසස් පපායි ඔක්කොමල්ලා පල්ලෙහා ලොකු සාජ්ජෙ..මදි පාඩුවට අන්න දුසෙ අංකලයත් ආවා..

රුම් එකට ආවත් සැනසිල්ලක් නැ අම්මි හොයපු ටිශූස් ටික මගෙ මෙසෙ උඩ...දැන් ඉතිම් ආයෙ ගාටපන්කො..මහන්සී යකෝ..මටත් වාඩිවෙලා බොන්න දීපාන්....

මන් අඩි හප්ප හප්ප පල්ලෙහාට ගිහින් අම්මිගෙ අතට ඒක දීලා හැරිලා එන්න හදද්දි අම්මි එයාගෙ නත්තල් කේක් එකෙන් කැල්ලක් කපලා මගෙ කටේ එබුවා...

"මොම්ම්ම්වද  කම්කම්නෙ.."

"කාලා කියපන් රස කොහොමද කියලා.."

" කට වටෙම අනෙ..මරු අඅ..කවදත් ඔයානෙ සුපර්බ්..තමාල්ද බෙස්ට් ඉතිම්..ආ ලොකු බොසා Merry christmas And Happy Birthday bro.."

ඔන්න ඔන්න ජෙසු බිලින්දාගෙ උපත දවසේ අපේ සන්තුෂ් බිලින්දත් උපත ලබලානෙ..උට නම් මරු..උපන්දිනෙට නත්තල්..උත් ටේබල් එක ගාවට ඇවිත් කූල්ඩ්‍රින්ක් එකක් බොද්දි මගෙ විෂ් එකට තප්පරේට ඇස් වහලා ආයෙ ඇරලා ස්තුතී කරා...එව්ව්..මූගෙ ඔලුවෙ ඉදන්ම ලොකුකම...

පිස්සු පකයා..තෑග්ග විදිහට දුන්නා උඩ පැනලා ඔලුවට සොට් එකක්..

උට මළ පැන්නා හැබැයි..දැන් හොද ගනිනෙ..කොච්චර කෙන්ති ගත්තත් උ මට ගහන්නැති නිසා හොදයි..මන් උගෙ කොන්ඩෙ අවුස්සද්දි කන පිටිපස්සෙ මාර්ක් එකක් දැක්කා..යකො මූව මදුරුවො කාලාද..මෙච්චර ලොකු එකක්..හයිකි එකක්ද මන්දා..නැ නෙ කට පිටිපස්සෙ ඔහොම එයිද..මොන කෙල්ලද යකො මේකාගෙ කන කෑවෙ..කමක්නැ එකත් ජයසිරි මංගලම්.."

මන් උට ආයෙත් ටොක්කක් අනිද්දි ඌ මාව පිච්චිලා යන බැල්මක් හෙලුවා..එත් එක්කම උගෙ එහාපැත්තට දුසෙ අංකල් එද්දි මූ එයාව දැක්කෙ නැ වගේ අහකට ගියා..මු ඉතිම් කොහොමත් ඔහොමනේ...

" ආව්ව්..මෙන්න ඇවිත්..කො සේපාල..අර අනිත් කේක් එක ගේන්න අනේ..අපෙ කොල්ලා ඇවිත්..හැපි උපන්දිනයක් මගෙ සුරයක්ෂයෝ..බාප්පාට ආඩම්බර හිතෙන විදිහේ ලේලියෙක් පවුලට ගෙනල්ලා මිසක් පස් පාගනවා එහෙම නෙමෙ හොදේ..."

අම්මි තුෂ්ව බදාගෙන මිරිකගෙන කම්මුල් ඇද ඇද එහෙම කියවද්දි මන් නෙත් කොනෙන් දුටුවා කවුදො කෙනෙක් එ දිහා බලන් හිනාවෙනවා...

මට නම් සැකයිත් ටිකක්...එත් කරන්න දෙයක් නෑ දුසේ..අපේ එකා හොද කෙලින් මන් නම් හිතන්නෙ..

නැ එක්කො දුසෙත් එහෙම නැ මට හිතෙන විදිහ..

මු නම් කොහෙත්ම නැතුවැති..නැත්තම් මු දුසෙව එහෙම ගණන් නොගෙන ඉදිද..උ හැබැයි මාවත් ලොකුවට ගණන් ගන්නැ..එක වෙනම කතාවක්..අනෙ මන්දා මු මොනවගේ එකක් පටලගනීද කියලා...

මට නිකමට හිතෙනවා මෙ දෙන්නා කලින් ඉදන්ම අදුරනවද කියලත්..

අනෙ මන්දා..අපෙ සංතුෂාව ලේසියකට තෙරුම් ගන්න බෑනෙ..මට පුදුමයි මු කෙල්ලෙක් එක්ක මෙච්චර දුර ආවා කිව්වාමත්..උ සාමාන්‍යෙන්..නැ අපි බ්‍රදර්ස්ලානෙ..ඔය වගෙ එවට රහස් නැ හෙ හෙ..උ සාමාන්‍යෙන් fck කරන කෙල්ලට ඌව ටච් කරන්න දෙන එකෙක් නෙමෙයි..මෙතුවක් කාලෙට ඌ එහෙම කරලාම නෑ...එත් මෙ හයිකි එක දැක්කාම එ කෙල්ල කවුද කියලා හොයලා බලන්නම වටිනවා...

එක තමා එහෙනම් උපන්දිනේ ලබද්දිවත් විශ්කරන්න මූ ගෙදර නැතිවුණේ..අපිට කලින් වෙන එකියෙක්ගෙන් විශ් එක අරගන්නැතිනෙ..අනෙ පගයා..තො නම් හරි ඒසයි..

හැබැයි එකී හෙන ලකී..මු මෙහෙම ඉදියාට ආදරෙ දෙනවා උතුරන්න...මන් දන්නෙ කොහොමද අහන්නෙපා..උ මල්ලි වෙච්චි මාව ගණන් නොගෙන මෙච්චර ආදරෙ නම්..උගෙ වෙන එකිට කොච්චර ආදරෙ කරයිද....

හ්ම් හ්ම්..අපි බලමුකො..කවුද එ වාසනාවත  නෑනාපොඩ්ඩ කියලා....

ඇමතියත් කරන්නෙ හරි හරි වැඩ..

ඔන්න දුන්නා..ටිකක් පරක්කුයි..සමාවෙන්න..❤️

ආදරෙයි..

එන්නම්❤️

පරක්කුයි තමා එත් Merry christmas guys❤️❤️❤️❤️❤️

_Gojo_

Share This Chapter