Back
/ 49
Chapter 47

Chapter 47

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

" Hey bro.."

" oh fck man..What time is it?..තමුසෙ නාස්තිකලේ රත්තරන් වගෙ වටින මගෙ වෙලාව.."

"Its my bad..Anyway i'm here now..but what did you say last??.I didn't understand..rattan??nastic??i only know welawa..that means time neh...yoh bro.."

Hey Rowen wait for me.."

රොවේන් මෙච්චර වෙලා River cam දිහා බලාගෙන කාලෙ කාදැම්මෙ එයාගෙ අතිජාත මිත්‍ර කැලෙ ග්‍රේ එනකන්..

වෙලාවට වැඩ කරන්නැති මිනිස්සුන්ව එයාට පේන්න බැහැ..එත්..සමහර වෙලාවට යාලුවා නිසා ඉවසන්න වෙනවා..හැමොටම ඉන්නවා එක යාලුවෙක්...දිව්‍යලෝකෙට යන්නත් පරක්කු වෙලා එන...

තරහටම ග්‍රේව එතන දාලා රොවේන් university  එක දිහාවට ඇවිදන් යද්දි පරක්කු වෙන එක ජීවන පුරුද්දක් වුණ ග්‍රේ තමන්ගෙ යාලුවාගෙ පස්සෙන් දුවන් ගියා...

රොවේන් සංතුෂ් දෂ්මීර්...උපත ශ්‍රී ලංකාවෙ වුණත් ශ්‍රී ලාංකිකයෙකු කියලා කියන්න පුලුවන් වුණේ ඉදලා හිටලා එයාගෙන් පනින සිංහල වචනයක් නිසාම විතරයි...

රොවේන්ට එහෙම හරි සිංහල පුලුවන් වුණේ ගෙදර ඉන්න ආච්චි අම්මා නිසායි..ඔහ්..සමාවෙන්න ආච්චි අම්මා කියනවට එයා කැමති නැහෑ..එයාව කවුරුත් දන්නෙ මිසිස් ශිරන්ති කියලා..

හැට පැන්නත් වදුරා බිම යන්නැ වගෙ තමා..කොච්චර වයසට ගියත් එයා ඒක පිළිගන්න කැමති නැහැ..

රොවේන්ට සිංහල කතා කරනවට වඩා හුගක් පුලුවන් වුණෙ සිංහලෙන් බණින්න..මොකද ගෙදර ඉන්න පැය දෙක තුනෙ වුණත් කොල්ලා අහගන්නෙ බැනුම් විතරක් නිසා..

ඉතින් university එක ඇතුල් වෙද්දිම එයාලාට මුණ ගැහුනෙ මිතුරු කැලෙ අනිත් සගයො දෙන්නාව..එතනින් එක්කෙනෙක් nick වෙද්දි අනිත් එක්කෙනා leo වුණා..leoත් රොවේන් වගේම ශ්‍රී ලාංකික සම්බවයක් තියෙන තරුණයෙක්..හුගක් වෙලාවට ලියෝ රොවේන් දෙන්නා කතා කලෙ එයාලාගෙ මව් භාෂාවෙන්...

"Finally i came back...yoh..leo long time no see.."

"Damn..මෙන්න මෙ පිස්සු හු#තාව එක්කන් යන්න කියපන් ලියෝ..මට head එකෙ ඇම්මට වගේ..."

" what?..leo.what did he say..i don't understand..He scolded me last time too.. "

සතියක පන්ති තහනමකට පස්සෙ ආපහු university එකට ආපු සතුටට පෙරෙදත් දැකපු nick ව බදාගෙන කැගහන gray දිහ බලන් ඉදපු රොවේන් ලියෝ එක්ක සිංහලෙන් බනිද්දි  ඔලුව විතරක් තෙරුම් ගන්න පුලුවන් වුණ අසරණ gray ලියොගෙන් තේරුම අහද්දි රොවේන් ලියෝටත් බැනලා ඉස්සරහට ඇවිදන් ගියා..

" Nothing..nothing...Thats why i told you to learn sinhala..රොවේන් මොකද උඹෙ මූණ tomato වෙලා..Gray what's up with him.."

"its my bad.."

රොවේන්ට කෙන්ති ගිහින් තියෙන්නෙ මොකටද කියලා gray ගෙ මූණෙන්ම තෙරුම් ගත්ත ලියෝ රොවෙන්ගෙ කරට අතක් දාගෙන හිනාවුණා..මොකද මුලු යුනි එකම දන්නවා ග්‍රේගෙ ප්‍රමාදාශීලි ක්‍රියාකලාපය ගැන...

" Oh you late again.. when will you do work on time?..රොවෙන්..ගණන් ගන්නෙපා බන් මූ කවදත් ඔහොමනෙ.."

" හ්ම්.."

එතනින් එහාට gray and nick  එතනින් වෙන්වෙලා එයාගෙ ගැහැණු පාර්ශව හොයන් යද්දි ලියෝ එක්ක තනිවුණ රොවේන්  ග්‍රවුන්ඩ් එක පැත්තට ඇවිදන් ගියා..

" රොවේන් අරූ ඉන්නවා..This bastard is very cunning..මොනා කරන්නත් විනාඩි පහයි තියෙන්නෙ..Criminal law වල අලුත් professor ටිකක් අමාරු කාරයෙක්ලු.."

black high neck shirt එකට උඩින් brown jacket එකක් ඇදගෙන ඉදපු රොවේන්ගෙ පිරුණු කළවා black leather trouser  එකට හොදින් කැපිලා පෙනුනා..බ්ලේඩ් හැඩැති පෙන්ඩන් එකක් තිබුණ ටිකක් දිග silver colour chain එක රොවෙන් අඩියක් තියන වාරයක් ගානෙ එ පපුව උඩ එහාට මෙහාට පැද්දෙනවා..ගාණට maintain කරපු සිරුරත් 6'7 උසත් තද කලු පාට ඇසුත් දකින කෙනෙක්ට දෙපාරක් බලන්න හිතෙන පෙනුමත් නිසා රොවේන් law faculty එකේ ගැහැනු ලමයින්ගේ සිහින කුමාරයා වෙද්දි අනෙක් අතට bad boy ලෙබල් එකත් වද්දගත්තා..

Sharp jowline වලට ගැළපෙන්න Sharp eyebrows එක්ක sharp eyes පිහිටලා තිබුණ රොවේන්ගෙ ලිප්ස් ලා රෝසපාටට සිහින් හැඩයක් ගත්තා..eyebrow & lip piercing නිසාම එයාට තිබුනේ තියුනු පෙනුමක්...

දකුනු කන පිටිපස්සෙන් පොඩියට spider ගෙ tatoo එක ඊට පහලින් උඩ ඉදන් පහලට කොටලා තිබුන 11.11 ටැටු එකත් හැමෝගෙම ආකර්ෂනයට ලක්වුණා.. බෙල්ල පිටිපස්සෙ තිබුණ butterfly tatoo එක හයිනෙක් එකට වැහිලයි තිබුණේ..

ග්‍රව්න්ඩ් එකට එද්දිම සතියකට කලින් රොවේන්ගෙන් ගුටිකාපු සෙට් එකෙ පැනලා ගියපු ලොක්කාව දැකපු ලියෝ ඌ එයාලාව දකින්න කලින් රොවෙන්ට ලංවෙලා ඌව පෙන්නන ගමන් ඊලගට තියෙන ලෙක්චර් එක මතක් කරන්නත් අමතක කලෙ නැහැ..

ග්‍රව්න්ඩ් එකේ පිරිස අඩු නිසාම ලොකු ප්‍රශ්නයක් වෙන්නැති වෙයි කියලා ලියො හිතපු නිසා රොවේන්ට කැමති දෙයක් කරගන්න ඉඩ හැරිලා..සතියකට කලින් university එකෙ ගර්ල් කෙනෙක්ගෙ nudes ලීක් කරලා ඒකට රොවේන්ලාව අහුකරන්න ගහපු ප්ලෑන් එක අහුවුණ නිසා එ සෙට් එකෙ ලොක්කා කියාගෙන ඉන්න එකා ඇරෙන්න අනිත් හැම එකාම හොස්පිටල් යන්නම ගුටිකෑවා..නමින් ලකී වුණ ඒකාට අද අන්ලකී වෙන්නම සෙම්බුවක් හම්වෙන්නයි යන්නෙ

අද නම් පුතෝ උබ පැනලා ගිය එකටත් එක්ක ඩබල් කනවා..

ලියෝ එහෙම හිතන ගමන් රොවෙන්ගෙ පස්සෙන් ගියා..

ඇදන් උදපු ජැකට් එක ගලවලා අතට ගත්තු රොවේන් ඉස්සරහා ඉදපු එකාට දැනෙන්නැති වෙන්න ලගට ගිහින් ලකීගෙ ඔලුවට ජැකට් එක දාලා එකාට හිතන්නත් වෙලාවක් නොතියා  ඔලුවෙන් අල්ලලා ඇදගෙන ගිහින් ග්‍රවුන්ඩ් එක කෙලවරේ අදුරු තැනකට එක්කන් ගිහින් ලකීගෙ ඔලුව එතන තියෙන බිත්තියේ ගහලා ඌව බිමට තල්ලු කරලා රොවේන්ගෙ බෙල්‍ට් එකෙ තිබුන buckle එක ගලවලා අතට දාගෙන බිම වැටුන එකාට ගහන්න පටන් ගත්තා..තප්පර ගාණක් ඇතුලට එ දෙවල් සිද්ද වෙද්දි ගුටිකන එකාට ස්වර්ගය පෙනී නොපෙනී ඔන්න මෙන්න තිබුණේ..

" thats enough..රොවේන්..මූ මැරෙයි බ්‍රෝ.."

ගුටිකාපු ලකීගෙ බඩෙන් පපුවෙන් ලාවට ලේපාරවල් මතුවේගෙන එනකොට ලියෝ රොවේන්ව පස්සට ඇදගත්තා..රොවෙන් බිමට නැවිලා ජැකට් එක ආපහු ගන්නවත් එක්කම බිම ඉදපු ලකී රොවේන්ගෙ ඇස් වලට වැලි ගහලා දුවද්දි එයාව අල්ලන් ඉදපු ලියෝව තල්ලු කරලා ඇස් පිහින ගමන් උගෙ පස්සෙන් දුවන් ගියා..

"That fucker..you will die today.."

රොවේන් කෙවෙන ඇස් පිහිමින් ලාවට පේන චායාවෙන් අර කොල්ලාගෙ පස්සෙන් දුවන් ගියේ උගෙ අවසානෙ අද ලියලා දෙන තරම් තරහාකින්..ඒත් ග්‍රවුන්ඩ් එක පහුකරන් කවුරුත් නැති පටු දිග කොරිඩෝවක දුවගෙන යනවත් එක්කම එකපාරට මතුවුණ මනුස්සයාව පෙරලගෙන රොවේන් බිමට ඇදන් වැටුනේ එ මනුස්සයාගෙ ඇග උඩ රොවේන් නතර වෙද්දියි...

රොවෙන් වැටෙනවත් එක්කම සීතල යමක් එයාගෙ නළලෙ ගැවුණත් එක් ක්ෂනයෙන් වුනෙ මොකද්ද කියලා මොලේට තෙරුම් කරවන්න රොවේන් ට්‍රයි කලා..

හරියට ඇස් ඇරගන්නවත් බැරුව රොවේන් හැදුවේ එ මනුස්සයාව පොඩිකරන් ඉක්මනින් නැගිටලා දුවන්න වුණත් ඉනවටේ එතුන ශක්තිමත් අතක් නිසා එයා ආයෙමත් එයාට යටවෙලා ඉන්න මනුස්සයාගෙ පපුව උඩට වැටුනා..

"Wait.."

ගැඹුරු කටහඩක්..මෙ අස්සෙ රොවේන් එ මනුස්සයාගෙ කටහඩ ගැනත් හිතුවා..එ හඩට රොවේන්ගේ කන් වලට හිරියක් දැනුනෙ ඇයිද කියන්න එයා දන්නෙත් නැ එත් ඒ එක්කම එයාගෙ ඇස් වලට සීතල හුලගක් දැනුනා..එයා යට කරන් ඉන්න මනුස්සයා එයාගෙ ඇස් වල තියෙන වැලි පිහින්න ඇස් වලට පිඹිනවා කියලා තේරුනත් එහෙම කරද්දි මුළු ඇගට රත්වේගෙන මොකද්දො දෙයක් වෙන්න හදනවා දැනෙද්දි ඉබේටම රොවේන්ගෙ අත්වලට එ මනුස්සයාගෙ ශර්ට් එක පොඩිවුණා...

තමන් සද්දන්තයෙක් කියලා හිතන් ඉන්න  රොමේන්ව එ මනුස්සයා පරඩැලක් වගේ පැත්තට කරලා වාඩිකෙරෙව්වෙ කොහොමද කියලා රොමේන්ට හිතාගන්න බැ..එත් එ කෙනා ඉනෙන් අල්ලපු පාර තාමත් දැනෙනවා වගේ කියලා එයාට තෙරුනා..

ඒත් එක්කම සිනිදු රෙදිකැල්ලකින් එයාගෙ ඇස් පිහෙද්දි රොවෙන් ඒක අල්ලගෙන පිහදාගන්න ගත්තා..

වැලි ඇස් ඇතුලට ගිහින් දනවා..ශිට්..මට ඌව මරන්න බැරිවුනානෙ..මෙ මිනිහා ආවෙ නැත්තම් අද ඌව අල්ලගන්නවා..fck..my  eyes..ඔහ්..මාම්..its hurt...

රොවෙන් හිතින් බැන බැන ඇස් පිහදාගෙන දෙතුන් පාරක්ම ඇස් පියන් ගසලා එයා ඉස්සරහා ඉන්න මනුස්සයා දිහා බැලුවා..

රොවේන් තාමත් බිම ඉදගෙන..එක පාරට ඇස් ඇරගන්න බැරිවුනත් හිමිට දෙතුන් වතාවක් ඇස්ගසලා ඇස් ඇරපු ගමන් එයා දැක්කෙ කලු ට්‍රවුසර් එකක කකුල් දෙකක්..රොවේන් එහෙම්ම ඇස් උස්සලා උඩ බලද්දි ආයෙත් එයාගෙ ඇස් කැවෙන්න ගත්තා..එයා අතින් ඇස් කසන ගමන් එක ඇහැකින් එ මනුස්සයා දිහා බැලුවත් හරි රොවේන්ගෙ හදවත ජිවිතෙ පලවෙනි වතාවට එච්චර වේගෙන් ගැහෙන්නෙ ඇයිද කියලා එයාට හිතාගන්න බැරිවුණා..ඒකත් පිරිමි රුපයක් වෙනුවෙන්...

ඒත් එක්කම කසලාම කදුලු මතුවුණ රොවේන්ගෙ රතුවුණ එක ඇහැකින් බෙරිලා වැටුන කදුලත් එ මනුස්සයා පහතට නැමිලා ඇගිල්ලකින් පිහිද්දි ඉහලට ගත්තු හුස්ම ඉබෙටම හිර වෙලා එයාගෙ හිත ගැස්සුනත් ඒක පිටට පෙන්නන්නැතුව ඉන්න රොවේන්ට පුලුවන් වුණා..

" රොවේන් මචං.."

එත් එක්කම එතනට ලියෝ දුවගෙන එද්දි රොවේන් එ ඉදපු මනුස්සයා දිහා බලලා ලියෝ දුවන් එන දිහා බලාගෙන නැගිට්ටලා ඇදුම ගැසද්දි ලියෝ එන දිහාවට ඇවිදන් යන එ මනුස්සයා දිහා රොවේන් බලාගෙන ඉදියේ ඇයිද කියන්න එයාටම හිතාගන්න බැරිවුනා..

ලියෝ රොවේන් ගාවට ඇවිත් දුන්න වතුර බෝතලෙන් ඇස් හෝදගන්න ගමනුත් රොවේන් කල්පනා කලේ මෙච්චර කාලෙකට දැකපු නැති එ මනුස්සයා කවුද කියලා...

කවුද ඒ?..එයාව දැක්කාම මට ඇයි අමුත්තක් දැනුනේ.."

" රොවේනයා..ශේප් නේ..අවුලක් නැනෙද..".

"හ්ම්..එ බල්ලාව පස්සෙ අල්ලගමු.."

" හරි හරි.. දැන්වත් යමන්..ලෙක්චර් හෝල් එකට.."

_______________________________________

තේජු prov....

කොහොම හරි ජිංගල් බෙල්ස් ඉවර වුණා..නව අවුරුදු උදා වුණා..ආ තාම නැ තව විනාඩි දහයක් විතර තියෙනවා...

මුළු ගේම කැවුම් සුවදයි..සිංහල අවුරුද්ද තරම් කැවිලි ගොඩක් හැදුවෙ නැතිවුණාට අපෙ අම්මි කැවුමක් කොකිසක් නම් නොවරදවාම අලුත් අවුරුද්දටත් හදනවා...

මෙ දවස් වල වැඩ එක්ක එයාට ඕවා හදන්නත් වෙලාවක් තිබුණ්නෑ..අපෙ අම්මි ගෙදරට වෙලා ඔහෙ කකා බිබි ඉන්න කෙනෙක් නෙමෙ..ඉදල හිටලා නිකන් ඉදියත් එයාට එකපාරට තමා වැඩ එන්නෙ..මෙපාරත් අලුත් අවුරුද්දට කලින් එයාට පොට් සීයක  ඔර්ඩර් එකක් හම්බුනා..

ඉතින් එයාට රෑට නින්දකුත් නැ..මෙදාපාර දවස් පහෙන් ඉල්ලුවා..ඊයෙ රැ තමා හරියකට එයා නිදාගත්තේ..දවස් හතරක්ම නිදිමරාගෙන එයා වැඩ කලා..සල්ලි හම්බකරන වුවමනාවටම  නෙමෙ..එක එයාගෙ ආසාව...එ හන්දාම පපා එයාගෙ වැඩ වලට මුකුත් කියන්නෙ නැහැ..

ඇත්තටම පපා කවදාවත් අම්මි කරන දේකට එපා කියලා එයාව වළක්වලා නැ..එයා හැමදාම කළෙ උබ කරපන් මන් පස්සෙන් ඉන්නම් කියලා හැමදෙකටම අම්මිට හයියක් උන එක..අන්දබැතිමතෙක් වගේ එයා අම්මිව විශ්වා කරන්නෙ..ශිරන්ති කිව්වා පපා එහෙම කරන්නෙ අම්මිට තියෙන ආදරෙ නිසාමලු..ආදරෙ වැඩිකමට පපා මෙ ලොකෙටත් වඩා අම්මිව විශ්වාස කරනවා....

මාත් ඔෆිස් ගිහින් ඇවිත් අමාරුවට සැටියට වැටුනට පස්සෙ උදෙට නැගිටින්නෙ ඇදෙන්..

හරියට නිකම් පොඩි කාලෙ ටිවි බලලා පුටුවෙ නිදාගත්තාම හැමදාම නැගිටිද්දි ඉන්නෙ ඇදේනේ..අන්න ඒවගෙ..ඉස්සර නම් පපායි ඩැඩියි දෙන්නාම මාව උස්සන් ඇවිත් තියනො...එත් දැන් ඩැඩි විතරයි...

අම්මි ඇහැරගෙන එයාගෙ pottery room එකට වෙලා පොට්ස් හදද්දි දවසක් මාත් ඉදියා..මන් නිදිකිරන නිසාම එයා මට මැටිවලින්ම ගහලා එලෙව්වා..අවුලක් නැ එ දවස් හතරෙම අම්මි එක්ක පපාත් නිදිමරාගෙන උන්නානෙ..

එ ඉදගෙනත් පපා නිකම් ඉන්නෙ නැ..සැරින් සැරෙට එක එක ජාති කවනවයි..දහඩිය පිහිනවයි..පවන් ගහනවයි..එක එක වැඩ..

සමහර වෙලාවට අම්මි " අහකට පලකො මිනිහො වද නොදී" කියලා කැගහනවත් ඇහෙනවා..උදව් කරන මුවාවෙන් අම්මිගෙ මූණෙ මැටි උලන එකනෙ පපාගෙ ප්‍රියතම රාජකාරිය...

සමහර වෙලාවට දෙන්නාම එකතුවෙලා මැටි අනනනවා..පොට් හදනවා..අම්මි පපාගෙ අත් අල්ලන් හදන හැටි කොච්චර කියලා දුන්නත් පපා අනාගන්නවා..සමහර විට පපා පුලුවන් කම පස්සකට දාලා අම්මිගෙන් හදන විදිහ ඉගෙන ගන්න ආස නිසාම එහෙම ඉන්නවා වෙන්නත් බැරි නෑ...

පපා හරි වෙනස් මනුස්සයෙක්නෙ..

එයාගෙ සැබෑ පැතිකඩ දකින්නෙ තමාල් මන්දාරම විතරයි...

පපායි ඩැඩයි අප්පච්චියි සාලෙට වෙලා ෆිල්ම් එකක් බලන ගමන් අවුරුද්දෙම රෙදි නවනවා..අසරන අප්පච්චිත් අම්මිගෙ කටෙ බලෙට අර ඩබලත් එක්ක එකතුවෙලා මුණත් ඔහෙක් කරන් රෙදි නවනවා නෙමෙ දෙකට තුනට පොඩිකරනවා..ඉදපු තැනම ඉදියානම් එකක් කියලා හිතෙනවද දන්නෙත් නැ එයාට...

අම්මියි සෙපාලයයි කිචන් එකෙ බරටම වැඩ..ලොකු බොසා නම් උඩට වෙලා දුමක් දානවා ඇති....

හැමොම එක එක වැඩ..මන් විතරක් ආතක් පාතක් නැති එකෙක් වගෙ බිම පතබෑවෙලා කොකිසකුත් කකා කල්පනා කර කර ඔහේ ඉන්නවා..මේල්ස් ටිකකුත් තියෙනව චෙක් කරන්න..උදෙට කොහොම හරි ඉවරයක් කරන්නොනෙ..නැත්තම් අර දුෂ්ට හනුමන්තා මාව මරන් කාවි..

" සෙපාල ඔයා ඔක බලන්න හොදෙ මන් ඉක්කන්ට එන්නම්.."

සාලෙයි කුස්සියයි අතර මැද යන කොටසෙ මන් බිම බුදීගෙන ඉද්දි අම්මි කුස්සියෙ ඉදන් සෙපාලට එහෙම කියාගෙන මගෙ කකුලකුත් පාගගෙන බෝල් එකක් උස්සන් සාලෙට ගියා..

" ආව්ව්..අම්මිහ්හ් කකුල..අලියෙක්‍ට අහුවුණා වගෙ.."

"තො මොකටද පාර මැද බුදිය ගෙන ඉන්නෙ..මුසලකමට ඉන්නෙපා නැගිටපන්..තව ටිකෙන් අවුරුද්ද උදා වෙනවා..පලයන් ගිහින් පහන තියන්න මලක් කඩපන්.."

"පපා කැඩුවා..එයා තියයි.."

" නැ නැ..එහෙමයි කියලා බැ..උබත් වැදපන් පපා එක්කම..කෝ මෙහෙ එනවා කොල්ලො.."

අම්මි සාලෙ ඉදන් කෑගහනවා..බුදුන්ට බැ කියන්න හොද නැනෙ..එ නිසාම පපා හදපු මල් වට්ටියට අරන් ඇවිත් බුදුන්ට පුජ කරලා පහනට තෙල් දාලා දොලහා වෙනකන් බලන් ඉදියා...

" බබී..කොහෙද ඔය රිංගන්නෙ..ග්‍රේප්ස්???.මේ ග්‍රේස්ප් කන වෙලාවක්ද.."

" ඔන්න ආවා මහා ඇණෙ..අනෙ මිනිහෝ..අහකට පලකො මන් ලොකු වැඩක් වෙලාවත් යනවා.."

"මොකක්..බබී මගෙන් ගුටිකන්නෙ නැතුව එලියට එනවා..සෙම නේද ඔයාට..ඕවා කාලා තව වැඩිවෙයි..අලුත් අවුරුද්දෙම සෙම හදාගන්නවකො..".

"අනෙ අනෙ කැ නොගහා යන්න අනෙ..කො මගෙ පාර්තනා කොලෙ..ආ මෙ තින්නෙ..හබි ඔයාට ඔන්නම් ඔයත් වාඩිවෙන්න..කො තව විනාඩි දෙකයි අනෙ.."

"මට බැ..බබි මන් ආයෙ කියන්නැ..එලියට එනවා..අර ටික් ටොක් එකෙ මට පෙන්නපු එකද කරන්න හදන්නෙ..පිස්සු නැතුව ඉන්න බබී..ඔයා බැදලා..මන් ඉන්නෙ..හැමදෙමත් තියෙනවා...තව මොනවාද විශ් කරලා ලබාගන්න තියෙන්නෙ.."

පහන හදලා එද්දි මන් බලාගෙන අම්මි මිදි බොල් එකක් උස්සගෙන ඉස්සරහා තියෙන ටෙබල් එකක් අස්සෙ රිංගනවා..ඒක දැකපු පපාත් නැවිලා අම්මිට බැන බැන එලියට එන්න කියනවා...

අම්මි ග්‍රේප්ස් දොළාහෙ මැජික් එක කරන්න්ද කොහෙ හදන්නෙ.

ඕක මෙටිකේ ටික් ටොක් එකෙ හුගක් වයිරල් යනවා..ඔය මගුලටද මාව සුපර්මාර්කට් ගානෙ රස්තියාදු කෙරෙව්වෙ..යකො දහයකට ගියා මිදි දොලහක් හොයාගන්න...

අවුරුද්ද සාර්ථක කරගන්නලුනෙ ඕක කරන්නෙ..පාර්තනා දොලහක් පුලුවන් ලු..අලුත් අවුරුද්දෙ දොලහා ලැබුවාට පස්සෙ 12.01 වෙනකන් තියෙන තප්පර හැටෙ ඔය මිදි දොලහා කන්නොනෙ පාර්තනා දොලහත් හිතන ගමන්..ඇත්තද දන්නැ ටික් ටොක් එකෙනම් ඔක හරිගිය උන් බොහොමයි..එක දැකලා අපෙ උනුත් මෙදාපාර කරන්න හදනවද කොහේ..හැබැයි ඉතිම් ටික් ටොක් එකෙ තනිකර ප්‍රෝඪාව...සමහර විඩියො තියෙනො බැලුවාට අපිට ගහාගන්න හිතෙන..ඇයි බොල කැමක් හැදුවොත් ඒක ඊලග එක එන්නෙ තව පාර්ට් එකකින්..ඉතිම් පලකො ඒක බලන්න..මුන් හෙන කපටි..විව්ස් වැඩිකරගන්නනෙ මෙ ඔක්කොම..

මන් සසර කලකිරුන ලුක් එකෙන් සැටියෙ අත උඩ වාඩිවෙලා මෙ දෙන්නාගෙ ඩ්‍රාමා එක දිහා බලන් උන්නා...ආන් එගමන පපාත් වාඩිවුනා..

" මොනාලබන්නද කියන්නෙ..මොනාද මට තියෙන්නෙ..මෙවා මදි..මට අලුතෙන් පැටියෙකුත් ඔනෙහ්..තව වාහනෙකුත් ඔනෙ..තව තව අනෙ ලිස්ට් එකෙ තියෙනවා..ඩොන්ට් ඩිස්ටර්බ් අනෙ මට..මෙක ඉවර වෙලා 12.05 ට කෝමාරිකා පැලෙකුත් ගෙට ගන්න තියෙනවා අනේ..."

" පැටියෙක් ඔන්නම් මන් ගාවට එන්නැතුව මිදිකාලා හරියනවද බබි..මොකද කියන්නෙ දැන් යමු මිදිත් කකා අපි හරියටම දොළහා වෙද්දි අපි පැටියෙක් ගේන ක්‍රියාවලියට අඩිය තියමු..අවුරුද්දම උතුරයි බබී.."

" චීයා අනෙහ්..එව්ව් එව්ව් අසහනෙ තොට..ඉක්මන්ට බෙහෙත් ගන්න ඕකට..ඇයි වදෙ මන් කිව්වෙ බලු පැටියෙක්..උනුත් පැටව්නෙ..මට ඔන්නැති බබුච්චෙක් නැ..බොටත් අනෙ මන්දා මාව පෙරලගන්න ඇත්තම් වෙන මුකුත් ඔන්නැනෙ හබී.."

"අසහනේට බෙහෙත් තියෙන්නෙ ඔයා ගාවනෙ බේබ්..මොකද කියන්නෙ අවුරුදු උදාවෙන්ම මගෙ අසහනෙට බෙහෙත් කරන්න ආස නැද්ද මගෙ නර්ස් බෝයි වෙලා.."

හොව් හොව්..දෙන්නාගෙ සංවාදෙ රොන්ග් සයිඩ් යනවා..ඇන්ටනාව වෙන අතකට හරවපන් තේජු..පපා කියනේවට මටත් ලැජ්ජයි වගෙ..අම්මි නම් මූණත් රතු කරන් ඇඹරෙන ගමන් පපාට තඩි බානවා ලැජ්ජාව හංගගන්න...

මන් ඔලුව ගැසුවා..නැත්තම් අනවශ්‍ය චිත්තරුප මැවෙන්න ගන්නවා..

දොලහා වෙද්දිම මන් පහන පත්තු කරා..ගම වටේම රතිඤ්ඤා වෙඩික්කුරු හඩ රැව් වෙනදා..ලොකු බොසත් වැලක් උස්සන් ගිහින් පත්තු කරා..මෙ පලතෙ වැඩිය බල්ලො නැති හින්දා හොදයි..අපෙ අම්මියි මායි දෙන්නාම කැමති නැ ඔය ගිනිකෙලි ලබ්බවල් වලට..ඔවායින් දුක් විදින්නෙ අසරණ සත්තු...

පපා අම්මි ගාව නිසා තනියෙන්ම ගාථා කියන්න හැදුවේ..එත් ගාථා කියන්න කලින් මට අම්මිගෙයි පපාගෙයි ඩ්‍රාමා එකට ඇස් යොමන්නැතුව ඉන්න බැරිවුනා...

අම්මි කට පුරෝගෙන කොලයක් බලාගෙන මිදි ගිලනෝ..පපා අම්මිට පේන්න ෆොන් එකෙන් ටයිම් එක අල්ලන් ඉන්නවා..

"හිරවෙයි බබි..හිමිට හිමිට..ඇට හිරවෙයි බන්.."

"ඇට්හ්ම්ක් නැහ්ම්.."

"අ ඇට නැද්ද..හොද වෙලාවට නැත්තම් මට අද ඔයාව ඇට හිරවෙලා හොස්පිටල් එක්කන් යන්න වෙනවා.ආව්හ්..හුරන්නෙපා යස්සනී..ඔක කාපිය.."

" තව තප්පර දහයයි..ගෙඩි තුනක් තියෙනවා..තප්පර 3.33 ක් එක ගෙඩියකට තියෙන්නෙ..ගෙඩ්ඩක් කටට දාගෙන එකපාරක් හැපුවා ආහ්..දෙපාර හැපුවා..ඔන්නොම තුන හපලා ගුඩු ගාලා ගිලින්න.."

" කැහ්ම්..අමාරුයි.."

"හිර වුණාද මන් පිටට ගහන්නද."

" නැ නැ ගහන්නෙපා මිනිහො කන්න දිපන්.."

" ආ කන්න ඔන්න තව එකයි..ඔක ඔබාගනින් බබා..ගිලින්න ගිලින්න..එක්කො මන් හපලා දෙන්නද කටට.."

"පිස්සුද තොට.."

"හහා හරි මෙකත් දාගන්න..හරි ඉවරායි..වෙලාවත් ඉවරායි.."

"අම්මොහ්..මැරෙන්න වගෙහ්...වතුර බොතෙලෙ දෙන්න.."

"අ මෙන්න හිමිට...කො කටවටේම මිදි බබා...එන්න පිහින්න.."

මන් බඩ අල්ලගෙන බිම පෙරලි පෙරලි අම්මි මිදි කන හැටි බලන් ඉදියා..බුදාම්මොහ්..හිනාවෙලාම හති..පපාත් දුන්නෙ මාර ආතල් එකක්නෙ...

" අනෙ මිනිහො.."

"ඇයි ඇයි මොකද..අමාරුද..මන් කිව්වා බබා ඔයාට කන්න කලින්ම.."

"නැ නැ අනෙ මට දොලහාම හිතන්න බැරිවුනානෙ..අනෙහ්..හොදම ටික යට..ම්හුක්..අයියොහ්..අපරාදෙ.."

"පිස්සු මගුල..මෙන්න මෙහෙ එනවා යන්න..ඉතුරු ටික මන් දෙන්නම්..ඊට කලින් මට බෙහෙත් ගන්නොනෙ.."

"අනෙහ්..ම්හුක්..දැන්ම..වෙලා වැඩිනැද්ද..නිදාගද්දි කරමුකො..ආ ඉන්න..පැලෙ..මිනිහො වෙලාව බලපන් මට පැලෙ ගන්න..හයියෝ මෙකාගෙ අසහනෙ නිසා මට වැඩත් අමතක වෙනවා..අහකට පල වල් මිනිහා.."

අමොහ්..අවුරුද්දම හිනාවෙවි ඉන්න පුලුවන් වෙයි වගේ..මෙ දෙන්නාගෙ කෝලම්..අම්මා පපාට බැන බැන එලියට ගියා..යොහ් පව් පපා..ඔයාට වල් නොවී මන් කාට වල් වෙන්නද බබීලු අන්න..හනෙ මෙහෙමත් ඩබලක්..

මන් හිනාව නවත්තලා ගාථා කියන්න පටන් ගත්තා...ගාථා කියලා අවසානෙ තෙල් පොඩ්ඩක් ඔලුවෙ ගාගෙන හැරෙද්දි මගෙ එහාපැත්තෙ ඉදන් එයත් වදිනවා. ඒත් එක්කම එයා වැදලා ඉවර වෙලා මගෙ පැත්ත හැරුනා...

" සුභ අලුත් අවුරුද්දක් මගෙ මැණික.."

"සුභ අලුත් අවුරුද්දක් ඩැඩී.."

එයා මගෙ ඔලුව අතගාලා මගෙ අත අල්ලන් ඉස්සරහට එක්කන් අවා..

"අප්පච්චි සුභ අලුත් අවුරුද්දක් වේවා.."

"සුභ අලුත් අවුරුද්දක් මගෙ දරුවෝ.."

මන් ඩැඩි එක්කම අප්පච්චි ගාවට ගිහින් එයාව හග් කරලා එයා ගාවින් වාඩිවෙද්දි ඩැඩි මගෙ එහාපැත්තෙන් වාඩිවුනා.....මන් ඩැඩීගෙ අත අල්ලගෙන අප්පච්චිගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා....

මෙ පාර අවුරුද්දෙ අප්පච්චි මන් ගාව...මන් පාර්තනා කරනවා ඊලාග අවුරුද්ද සමහරද්දිවත් මගෙ පවුලෙ හැමොම මා එක්ක ඉදිවි කියලා....

.

.

.

.

.

.

.

.

________________

කෑගාන්නෙපා..මන් දන්නවා කොටේකක් ටමා 😒👉👈ම්හුක්ක්...

හෙට තව එකක් දෙන්නම් මෙවගෙ..

හැල්මෙට ලියන්න ටයිම් නැහ්..

ම්හුක්..ඩිප්පෙසන් වගෙ මට..

එක නෙමෙ හැමොටම සුබ අලුත් අවුරුද්දක් අනෙ ❤️❤️

හෙ හෙ පරක්කුයි නෙහ්👍 සමාවෙන්න හාද👉👈

අදහසක් දෙන්ඩ ඉතිම්..ආයෙම දුස්තුස් කැල්ලක් අරන් එන්නම් පස්සෙ..හෙට අලුත් එපියක් දෙන්නම්..කමන්නැන්ස් ම්හුක්ක්😘❤️👉👈

එන්නම් ආදරෙයි❤️

_Gojo_

Share This Chapter