Back
/ 49
Chapter 6

Chapter 6

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

" එහෙනම් මිස්ටර් දුෂ්මන්ත් අද ඉදන් ඔයාට මගෙ කොල්ලාව භාරයි..මන් විශ්වාස කරනවා ඔයා එයාට හැමදේම හොදින් කියලා දෙයි  කියලා..එහෙනම් අදින් පස්සෙ මට හිත නිදහසේ ජීවත් වෙන්න පුලුවන්..හාහ් හාහ් හා.."

හැච හැච තමා..නාකී මීමින්නා..තේජුට මොකටද පිට උන්ගෙ උදව්..අජ ඉජම් මජෙ කොජ්ජාව ජාරයි..එව්ව්..නාකි ඌරුජුවල්..ආආආ....මට කේන්තී යකො..සීයාපපා නිකන් හැසිරෙන්න මගුල් පෝරුව උඩට මනමාලි කැන්දන් ආපු අප්පුච්චා වගේ... කලු ලෝගුවක් ඇදන් වම් අතෙන් කොහු මිටකට ගහපු කැත්තක් අරගත්තු ඇටසැකිල්ලෙක් වගේ ඉන්න දුෂ්ශන්තාට අද ඉදන් මගේ දරුවා ඔයාට භාරයි පණමෙන් රැකගන්න කියලා කන්නලව් කරනවා..මම තේජු යකෝ..මාව මොකටද එක එකා බලන්නෙ..නාකි මීමින්නෝ තොට මේවට විදවන්න වෙයි..මන් පලිගන්නවා..ඉදපන්කො මංජු සීයා ලංකාවට එනකන්..මගෙ වස්තුවේ ඉක්මන්ට වැඩපිය..මේන් ඔයාගෙ ආදර ඇටයා මාව විනාශ කරන්න හදනවෝ..

වාසනාවකට වගෙ මට පවුල් දෙකෙන්ම පේන්න පුලුවන් මංජු සීයාව විතරයි..අනිත් උන්ව ඇහැට තුත්තිරි ඇනෙනො වගේ..මාව ඩැඩීට දුන්නාට මොකො මංජු සීයත් මා එක්කම එහෙට ආවා..ඒත් මනුස්සයාට මිනිස්සු ඇලජික් නිසා මාම් එක්ක කොහුවලු පටලවගෙන අපෙ ගෙදරට ඉස්සරාහින් ගෙයක් ගහන් ජීවත් වුනා..ඉස්සර මාව බෙදාගන්න බැරුව ගෙවල් දෙකෙන් වලි..මංජු කියනවා 'තේජු අද කන්නෙ මෙහෙන්'..මාම් කියනවා 'නෑ තේජු අද කන්නෙ මගෙන්'.. ඔහොම දෙන්නා අතරෙ මන් දෝලනය වෙද්දි සුපර් ශිවා වගේ මාව බේරගන්න ඩිෆෙන්ඩර් එකෙ නැගලා මගේ ඇමතිමෑන් පියාබලා එනවා..ඇවිත් 'අද තේජු කන්නෙ මගෙන්' කියලා  එක්කගෙන යනවා..ඒ කොටසට තමා මන් ආසම..ඩෑඩිඔ ඉතින් මාම් වගේ නෙමෙයි බත් කන්න බෑ කිව්වොත් වටේම තීන කඩවල් වලින් එක එක ජාතියෙ කෑම උස්සන් ඇවිත් කවන්න හදනවා..ඒකට මාම්..මන් කන්න අදිමදි කරොත් ' උබ මේක කනවද..නැත්තන් උබේ ඩැඩියාව වෙන එකෙක්ට දෙන්නද..' ඕන් ඔච්චරයි..ඉතින් තේජු කනවා..පොඩිකාලෙ ඉදන්ම එක දුර්වල කමයි..ඒ ඩෑඩී..එයා වෙනුවෙන් මිනියක් මරන්න වුනත් මන් දෙපාරක් හිතන්නෑ..

"තෙජූ.."

මොනා නැති වුනත් මට ඩැඩීව නැති කරගන්න බෑ..

"තේජූ.."

මෙතන තියෙන හැම ප්‍රශ්නයක්ම විසදෙනවා එයා කැමති වුණා නම්..

"තේජූ!!!!!!!!!!!..."

" ඇයි ඇයි මොකද..ආව්.."

ටාන් ගාලා ඇන්නා කෙල්ලෙනේ නාකි ලොන්තයා මට ටොක්කක්..මේකා වම් ඇටෙ ඉලිප්පුනා වගේ කෑගහන්නෙ පිස්සෙක්ද මන්දා..යකො සැනසිල්ලේ හිතන්නවත් ඉඩක් නෑනෙ..එහෙන් අර මුකලාන කැබැල්ලෑවා නාකියා ඇනපු ටොක්කට හිනාවෙනවා..හිනාවෙයන් උබත්..පලිගන්නවා යකො මන්..මේ තේජු කියන්නෙ එසේ මෙසේ මිනිහෙක් නෙමෙයි..

" කට මේකාගෙ..ඔය සද්දෙ මට දාන් ආවට දුෂ්මන්ත් එක්ක නම් බැරිවෙයි පුතෝ..සිහියෙන් ඉදපිය..ලගින ලගින තැන්වල මනෝලෝකවල ඉදන් ජීවත් වෙන්න බැ.."

"ඇයි එයා ඒජන්ත හාමුද..මේ සීයා පපා බොරු ටෝක් එපා හරිද..මන් ආවානෙ..එයා මාව දැක්කානෙ..කතාත් කරානෙ..ඉතුරුවා පස්සෙ මට දැන් මහන්සි මන් යනවා.."

" කොහෙ යන්නද කොල්ලො..උබට මාව විහිලුවක්ද.."

"ඔව්.."

definitely මීමින්නෝ..ඔයා නිකන් මහා බබා කෝලම වගේ..අඩුවකට තීන්නෙ ලොකු ගවුමක් නැති එක..ආව්..යකො මේ නාකියා අනින්නෙම ඔලුවටනේ..මේවට විදවන්න වෙයි මංජුගෙ ඇටයෝ..

" දෙවියනේ..මේකාව අවුරුදු තුනක් රට යැව්වෙ මන් මේවා අහගන්නද..අනේ ප්ලීස් පුතා..මේන් මේකාගෙ මුරණ්ඩුකම ටිකක් බස්සලා දෙන්න.."

අවුරුදු තුනක් මන් රට ඉදලා meditation කරේ නෑ ඇටයෝ..ඉගෙන ගන්න එකයි ෆක් කරන එකයි ඇරුනම අනිත් හැමදේම මන් කරා..

" අපේ පුංචි බෝයි ටිකක් අමාරුකාරයෙක් නෙ..ම්ම්ම් i like it..දේවල් අමාරුවෙන තරමට මගෙ attraction එකත් වැඩිවෙනවා.."

ආ ඇත්තට උබේ ඇටෑස්සන් එක වැඩිවුනාද..මේකා ඔය හදන්නෙ මගෙන් හොද හුප්පදයක් අහගන්න තමයි...

ඇස් වලින් මිනිහෙක්ව පුච්චන්න පුලුවන් බලයක් තිබුනා නම් මෙ වෙද්දි ගද ගහන දූෂ්මතා  අළු වෙලා සුන්නද්දූලි වෙලා ගිහින්..

සීයා පපා එලියට යද්දි මන් දැක්කා  කැබින් එකෙ එලියෙ ඉදන් ග්ලාස් එකෙ එල්ලිගෙන ඔත්තු බලනවා..මුන්ටත් රට ඉන්න බැරුවාට මෙහෙට බඩගෑවා..ශෙරිල්ගෙනම් foreign පෙනුම වැඩියි..හිච්චිගෙ පෙනුම ටිකක් මන් වගේ..උට සින්හල හොදට පුලුවන්..ශෙරිල්ට වගේ නෙමෙයි..එව්ව් උට අමුතු නමක් ඇහුන ගමන් අහන්නෙ ඒ සිරිලංකන් කෑමක්ද කියලා..

සීයා එළියේ ඉදපු අර ඩබලවත් එක්කගෙන කොහෙටද ගියා..දැන් මායි දුෂ්මතයි ඇතුලේ..ඒකා ටේබල් එකෙ තිබුන ෆයිල් වගයක් බලාගෙන ඉන්න නිසා මාත් ශේප් එකෙ එලියට පැනගත්තා නම් හරි..

" හෙලො..ආ ඔව් සීයාපපා..හරි මේ එනවා.."

බොරුවට ෆෝන් එකත් කනේ ගහන් අරකාට පේන්න දොර ගාවට ආවා..මන් ආවට දොර ලගට එන්නෑ..එක්කො මන් යන්නැද්ද මන්දා..මගෙ ඔලුවට උඩින් හුස්ම පිටවෙන සද්දයක් ඇහුන නිසා පිටිපස්ස  බලන්න හැදුවේ..

මේ මොන විකාරයක්ද මේ..අතෑරපන් මගෙ කෝට් එකා..මේකා මාව අල්ලගෙන මේ මොන හුප්පදයක්ද කරන්නෙ..මට හැරෙන්නත්  බෑ..පිටගාවම ඉදන් අහකට වෙයන්කො මිනිහෝ..

"බේබි බොයී කොහෙද දුවන්නෙ.."

"What baby...කවුද බේබි ආ..let me go..Mr.දුෂ්මන්ත..leave me.."

" මේ මිස්ටර් සැරයක් කිව්වාම තේරුම් ගන්න බැරිද තමුන්ට..ඔයා කවුද මගෙන් ප්‍රශ්න අහන්න.."

මාව අල්ලන් ඉන්න ඒකාගෙ අතට ගහලා එහාට වුණ  මම පුලුවන් උපරිමෙන් රැව්වා..මෙහෙම රවන්න ගියොත් ලගදිම මගෙ ඇස් බිමට පනිනො..වෙන එකෙක් වුනානම් අත අඹරලා දෙකට කඩනවා..නාකි ඇටයා නිසා ඉවසන්න වෙනවා තේජූ..

" baby boy..i'm your new owner..ආර්ය අංකල් මට ඔයාව දීලානෙ ගියේ.."

හිනාවෙන්නෙපා දුට්ටසාකියෝ..යක්ෂ රූපයක් තිබුනට මොකද මේකා නිවිලනෙ..එයාට තිබුනේ දීප්තිමත් ඇස් දෙකක්.. hazel පාට..හීනි දිග ඇස් ඒ මූනෙ කඩවසම් බව තවත් වැඩිකරනවා..දිග ඇහිපිහාටු ඒ ඇස් සරාගී කරලා..නෙළුම් පෙත්තේ පාටට දිලිසෙන තොල්, ඝන ඇහිබැමි , ගානට කපලා තියෙන රැවුල , හීනාවෙද්දි එලියට පැනලා එන නළදත...He is perfect..සර්ව සම්පූර්ණ කඩවසම් බවක්..අවුරුදු හතලිහක මනුස්සයෙක්ට මේවගෙ පෙනුමක් ලැබුන එක ලොකු අපරාදයක්..වැරදීමකින් දෙවියො මවපු කඩවසම් අපරාදකරුවෙක්..එ පෙනුමට ගෑනුන් පරදවා පිරිමිත් වසඟ වෙන්න බැරි නෑ..

හෝව්..හෝව්..wait a minute..තේජු උබ මොනාද ඔය හිතන්නෙ..ට්‍රැක් එකෙන් පිට  පනින්නෙපා මනුස්සයෝ..උබ මේ තප්පරේට දුර්යෝදන්ව වරණනා කරා නේද..හිත හීලෑ නැති නිවටයෙක් නොවී ඉදපන්..ලැජ්ජ නැති සතා උබ..

එකාතකට මගේ වැරැද්දක් නෑ..මෙච්චර ලස්සන වුන දූරියමා තමා වැරදි..ඌ ලස්සන වුන නිසානෙ මගෙ හිත රෝන්ග් සයිඩ් ගියේ..මේක තමුන්ගෙ වැරැද්ද..ඔව් දුෂ්මන්ත් ලස්සනට ඉපදුන එක තමා තමුන් කරපු ලොකුම වැරැද්ද...තමුන් කැත වුනානම් මගෙ හිත ට්‍රැක් එකෙන් බිමට වැටෙන්නෑ..ලස්සනට ඉපදුන එකට මන් උබෙන් පලිගන්නවා දුස්මන්තෝ...මන් කනවා මේකාව..

"I'm not your baby boy..okay..මිස්ටර් දුෂ්මන්ත මන් මේ උපරිම හොදින් තමුන්ට කියන්නෙ..මගෙන් ඈත් වෙලා ඉන්නවා..හරිද.."

"cute.."

whaaaaat???....cute මේ මම..මුගෙ අම්මට..ආආආආආඅර්ර්ර් ෆක්..නෝ තෙජු shake it off..හොද හුස්මක් ගන්න..නැ ඌව ගනන් ගන්නෙපා..ඔල්මාද දූරියන් ඇටයෙක් ගද ගැස්සුවාට ඔයා පයර් වෙන්නෙපා..හරි එකේ ඉදන් දහයට ගනින්න..

වන්...ටු..ත්‍රී..ෆෝ..ෆයිව්..සික්ස්..සෙවන්..එයිට්..නයින්..ටෙන්..යෙහ්..

"හාහ්..හා..මිස්ටර් දුෂ්මන්ත්..මන් හිතන්නෙ ඔයාට මන් කියපු දේ තේරුන්නැති හැඩයි..හරි කමක් නෑ..අපි පස්සෙ කතා කරමු..okay..see you again..byee.."

දුෂ්මන්තයාව සතේකට ගනන් නොගෙන මන් හැරිලා එන්න ආවා..මේක කේන්තිගන්න වෙලාවක් නෙමෙයි..කොච්චර වැඩ තියෙන මනුස්සයෙක්වද මුන් රස්තියාදු කරවන්නෙ..

"ඉතිම් බේබි බෝයි..වෙඩින් එකට ලෑස්තිද.."

දොරෙ හැන්ඩ්ල් එක කරකවද්දිම දුස්සිරියා අදාල නැති ප්‍රශ්නයක් කිව්වා..වෙඩින්..ගෝඩ් මේ  ටිකට මට අමතක වුනා..හරිනෙ ඒ තමුන්ගේ සහෝදරීනේ..එකියන්නෙ අපි දෙන්නාට විසදගන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා..

"කාගෙ වෙඩිම ගැනද මිස්ටර් දුෂ්මන්ත ඔයා කිව්වේ.."

මන් හැරිලා එහෙම අහද්දි එයා ටේබල් එකට හේත්තුවෙලා අත් බැදගෙන මගෙ දිහා බලාගෙන කට කොනකින් හිනාවුනා..

"ඔයා දන්නැද්ද බේබි බොයි..ඔයාගෙ ඇමති පපාගෙයි මගෙ සිස්ගෙයි වෙඩින් එක..මොන තරම් අපරාදයක්ද..තව දවස් පහක්වත් නැතුව ඇති..කවුරුත් මගේ බේබි බෝයිට ඒක කිව්වෙ නැත්තෙ ඇයි.."

" මගෙ නම තේජූ..එහෙම නැතුව බේබි බෝයි නෙමෙයි..වෙන්නැති වෙඩින් එකක් ගැන හිතලා ඇයි  කාලෙ නාස්ති කරගන්නෙ.."

ඒ ගමන මේකා ආයෙ හිනාවෙනවා..

" ඔයා මගෙ නෙ..මගෙ බෑණා  නෙ..බේබි බෝයි.."

" what the hell.. මොන බෑණාද..පිස්සුද.."

" ගෝඩ් ඔහොම කේන්ති ගන්නෙපා..කෝ ඇවිත් මෙතනින් වාඩිවෙන්න..අපි හිමීට කතාකරමු බේබි බෝයි.."

මොන මගුලක්ද යකෝ මේ..බෙබි බෝයි බේබි බෝයි..කනේ රැව්දෙනවා ඒක..වාඩිවෙලා අපි දෙන්නා මගුල්කන්නද අයිසේ..අනෙ මට මේකා එක්ක බෑ..මට මූව පේන්න බැරිවේගෙනයි එන්නේ..

මන් දොරගාවට වෙලා ඉද්දි එයා  එතනට ඇවිත් මගෙ අතින් ඇදන් ඇතුලට එක්කන් යන්න හැදුවා..මට තනියෙන් යන්න පුලුවන් මනුස්සයෝ..මාව නොදරුවෙක් වගේ පේනවද..ඒකාගෙන් අත ඇදලා අරන් ඇගේ හැප්පීගෙනම ඇතුලට ගිහින් මන් සෝෆා එකෙ වාඩිවෙලා අත් දෙක බැදගෙන හොද හුස්මක් අරන් පහලට දාලා රවාගෙන  ඉදියා..

මාව දැක්කාම හිනාවෙන්න මේකාට මාව ජෝකර් කෙනෙක් වගේ පේනවාවත්ද..

එයත් පුටුවක් ඇදගෙන ඇවිත් මගේ ඉස්සරහින් තියලා වාඩිවුනා..

" ඔයාවගේම හුරතල් කේන්තියක්..ම්ම්ම් දැන් මගෙ බේබි බෑනා දන්නවනෙ මගෙ නංගි ඔයාගේ මෙ පපා..පපා කියලද එයාට කියන්නෙ..හරි අන්න එයා එක්ක මෙ ඉරිදා මැරි කරනවා.."

" එහෙම කසාදයක් වෙන්නෑ..හීන දකින්න එපා.."

"ඔය ඉතින්..බේබි බෝයිට හරියට කේන්ති යනවනෙ..එහෙම එකක් වෙනවා..එ දෙන්නා මැරිකරනවා..එ දෙන්නා මැරි කරාම එයාල එක පවුලක් වෙනවා..එතකොට දැන් මන් කවුද.."

" මන් දන්නැ.."

ආර්හ්..මට මෙතනින් යන්න ඕනි..මේ මනුස්සයා එක්ක ඉද්දි ලොකු අපහසුතාවයක් දැනෙනවා..එක දිගට එ ඇස් දිහා බලාගෙන ඉන්න බැ..ඒ ඇසුත් කතාකරනවා..

මන් දන්නැ කියද්දි ආයෙම හිනාවුන එයා බලු පැටියෙක් වගෙ ඔලුව ඇලකරලා මන් දිහා බලාගෙන ඉදියා..

"හ්ම්..හරි මගෙ නංගිගෙ ලමයෙක්ට මම මාමා..එතකොට ඒ මගෙ බෑණා..මන් හරිනෙ..හෝව් කලබල වෙන්න එපා මන් තාම කියලා ඉවර නෑනෙ දරුවො.."

එ ගෑනිගෙ ලමයා මන් වෙන්නෙ කොහොමද කියලා අහන්න හදද්දිම එයා මාව නැවැත්තුවා..මන් හොද දෙකක් කියන්න හිටියෙ..කොහෙද කලබල වෙන්න එපාලුනෙ..

" හොදට අහගන්නවා බේබි බෝයි..තමුන් මගෙ.. අහ්ම්.. මන් කිව්වෙ මගෙ මස්සිනාගෙ පුතා මගෙ කෙනෙක්..කොහොම හරි ඔයාව මටත් අයිති වෙනවා..දැන් ඒ අයිතිය තවත් වැඩි.."

ලතාවකට දැල්වෙන පහන් දැල්ලක් එකපාරට නිවිලා ගියා වගෙ මේ මනුස්සයාගෙ නිවිච්ච මූණ රාක්ෂයෙක් වගේ ඇවිලෙන්න ගත්තා..වාඩිවෙන්න කියපු කටින් අහගන්නවා කියල සැර කරා..ඔයා ඒකෙන්ද එන්නෙ මිස්ටර්..

" මිස්ටර් ඔයා දවල් හීන දකිනවා වැඩී..හරිම පව් හරිම පව්..මම ඔයාගෙ වෙන්න..නෑ ජීවිතේට නෑ..කොටින්ම අපේ නෑකමක්වත් ඇතිවෙන්නෑ..එහෙම ඇතිවෙන්න දෙන්නෙත් නෑ..මන් කිව්වා වගේ මේ කසාද වෙන්නෑ එච්චරයි.."

" මුරණ්ඩුයි..ඔයා කොච්චර දැගලුවත් වැඩක් නෑ බෙබි බෝයි..එයාලට ඕනි විදිහටයි මේක සිද්ද වෙන්නෙ.."

"Wait and watch.. මන් ඉන්නකන් මේක සිද්ද වෙන්නෑ.."

"Don't touch me.."

මන් කොච්චර කිව්වත් මේ මනුස්සයට ගානක්වත් නෑ..හිනාවෙනවා මදිවට කම්මුලත් මිරිකන්න එනවා..කමක් නෑ ඔහොම හිනාවෙලා ඉමුකෝ..වැඩිකල් යන්න කලින් ඔයාට අඩන්න වෙයි..

මේ කසාදෙ වෙන්නෙ නෑ..ඩැඩී කොහොමද මන් ඉද්දි වෙන කසාද කරගන්නෙ කොහොමද..එයාවත් අල්ලගන්නම්..මේ ටිකේම ඕක අහද්දි පැනලා ගියා..දවස් පහයි කියන්නෙ කෝ කිසිම සූදානමක් නෑනේ..යොවුන් හා ක්‍රීඩා කටයුතු අමාත්‍යතුමා හොර රහසේ විවාහ දිවියට..කියලා දරණි පත්තරේ සිරස්තල වල වැටෙනකම්ද දන්නැ බලාන ඉන්නෙ..

"බේබි.."

" මොකද මොකද..බේබි බෝයි බෙබි බොයි..මොන වදයක්ද මනුස්සයො මේ..මන් කන් දෙක කපලා දානවා.."

"තේජූ මොකද මේ.."

"ඩැඩී.."

ඌප්ස්..වැරදි අංකෙට මන් අමතලා තියෙන්නෙ..මන් එච්චර කියවලත් ඒකා ආතල් එකෙ වල්ටේශන් බල්ලෙක් වගේ බෙල්ල ඇලකරන් හිනාවීගෙන ඉන්නවා..

ඒ අස්සෙ ඩැඩී මොකද්ද මේක ඇතුලෙ කරන්නෙ..දෙයියනෙ මගෙ සුදු ඇමතියා..නැශනල් එකට කොච්චර හැන්ඩිද අප්පා..කිරි කොකෙක් වගේ..නාකියා කියලා කිව්වට මේකා හෙන හැන්ඩියා අනේ..පැටියා මගේනේ..

"Welcome Mr. තීනු අවිනාෂ් ප්‍රාණව් මන්දීර්..come in.."

මගෙ මන්දි බබාට ඇතුලට එන්න කියපු දුෂ්මන්තා මගෙ ලගින් ඈත්වෙලා ඩැඩියා ගාවට ගියා..මන් විතරක් ඉදගෙන ඉදලා හරියන්නෑනේ...මාත් ශේප් එකෙ අඩිය තියලා ඒ දෙන්නා ගාවට ගියා..

" Mr.Rahul Dushmanth..Nice to meet you.."

ඩැඩියා රාහුලේට අත දික් කරලා හෑන්ඩ්ශේක් කරන්න හදද්දි දුෂ්මන්තාට කලියෙන් ඉස්සර වුණ මන් ඩැඩියා අත දීලා දෙන්නාගෙ මැද්දෙන් හිටගෙන මන්දියාව බදාගත්තා..

එහෙම අත අල්ලන්න දෙන්න පුලුවන් ද..ඩැඩී මගේනෙ..

"හේයි ඩැඩි..තේජූ මිස්ඩ් යූ.."

"බේබි..තේජූ..අපි ඉන්නේ ඔෆිස් එකේ.."

වෙන්දා පුරුද්දට අදත් ඩැඩීගෙ කරේ එල්ලිගෙන කකුලකිනුත් එයාව බදාගෙන  ඒ බෙල්ලෙ තොල් තියාගෙන හුස්ම ගද්දි ඩැඩී මගෙ කනට කරලා අපි ඉන්නෙ ඔෆිස් එකේ කියලා මතක් කරා..ඔෆිස් එකෙ නෙමෙයි ඩැඩී පාර්ලිමේන්තුවෙ වුනත් ඔයාව දැක්කාම මන් මෙහෙමයි හැසිරෙන්නෙ..එහෙන් අපි දෙන්නා තුරුල් වෙලා ඉද්දි එක්කෙනෙක් අවදානෙ ඉල්ලනවා..

"අහ්ම්.."

" ඉතිම් මිස්ටර් ප්‍රාණව්..වැඩකටයුතු කොහොමද.."

" මිස්ටර් කියන්න එපා..ප්‍රාණව් කිව්වම ඇති රාහුල්..වැඩ ටික ශේප් එකෙ කරන් යනවා..දන්නැද්ද ඉතිම් මේ ෆීල්ඩ් එකෙ ඉන්නකොට.."

"හ්ම්..තේජු හරි ආදරණීය දරුවෙක් නේද.."

"ඔව්..එයා මුරණ්ඩු ආදරණීය කොල්ලෙක්.."

"හාහ්..මුරන්ඩුකම ගැන මේ විනාඩි ගානට මන් ඔනාවටත් වඩා දැනගත්තා..ඉතිම් ප්‍රාණව් වෙඩ්-.."

"ඩැඩි..තෙජුට බඩගිනි..අනේ යමුකෝ.."

මුරණ්ඩු කම යැයි යැයි තමා..දුෂ්මන්තා විශාල කරදරයක් වේගෙනයි එන්නෙ..වැඩිය කතාකරන්න දෙන්න හොද නැ..මෙච්චර හොද වෙලාවක වෙඩින් එක කියන කාලකන්නි වචනෙ ඇදලා ගන්න හදද්දි මන් ඉස්සර වුණා..

" හ්ම්..යමු..දැන් දෙකත් පහුවෙලා දරුවො මෙච්චර වෙලා කන්නැතුව මොනවද කරේ.."

"කොහෙ කන්නද අනෙ..අර නාකි- නැ මේ සීයාපප්පා වටේ අරන් ගියානෙ අපිව..අනෙ ඩැඩී  යමුකෝ.."

"හරි..දුෂ්මන්ත්..වෙන වෙලාවක මීට් වෙමු..දැන් යන්න ඕනි පොඩ්ඩාට බඩගිනිවෙලා.."

"ඕකෙ..බායි..සී යූ බේබි බෝයි.."

මේකා පුදුම මහාසෝනෙක් තමයි..ඩැඩියා ඉස්සරහත් අර මගුල කිව්වානෙ..ඒක ඇහුනා විතරයි උදය සුපිපුනු මලක් වගෙ තිබුන ඩැඩියාගෙ මූණ එක පාරට නාටුවෙලා ගියා..එයා මගෙ දිහා රවන් බලලා ආයෙම දුෂ්ඨසෝනා දිහා බලලා ඒකාට පේන්නම මගෙ කරවටේ අතදාලා ලගට අරන් හැරිලා එන්න ආවා..මට රවන්නෙ අඩේ මන් මොනවා කරාටද..පිස්සු නාකියා..මගේනේ..

දොර ගාවට යද්දි දුෂ්ඨසෝනා දිහාවට ඔලුව හරවලා දබර ඇගිල්ලයි මැද ඇගුල්ලයි ඒකාගෙ දිහාවට දික් කරලා  මගෙ ඇස් වලට දික් කරන්  ආයෙම ඒකාගෙ දිහාවට දික් කරලායි එලියට ආවෙ..

.

.

.

.

.

මාම් ඔතලා දුන්න තඩිබත් දෙකත් උස්සන් ඩැඩීගෙ ඔෆිස් එකට ගිහින් අපි දෙන්නා කන්න පටන්ගත්තා..ලංකාවට ආවට පස්සෙ මන් එලියෙන් කෑවෙ හුගක් අඩුවෙන්..මන් කොහෙ ගියත් මාම් මොනාහරි උයලා කැම එකක් දීලාමයි යවන්නෙ..

අදත් මන් ආසම කෙහෙල්මුව මෝජු හදලා ගොටු කොල සම්බෝලයි අල හොදි එක්ක මාලු බැදලා..තව වෙනම බෑග් එකක පපඩම් එක්ක බැදපු මිරිස් කරලුත් තිබුනා..

ඩැඩී අපි දෙන්නාගෙම කෑම දෙක අරගෙන මට කවන්න ගත්තා..

හොදි ඔක්කොගෙන්ම පොඩ්ඩ පොඩ්ඩ දාලා එයා සීරුවට අනද්දි මන් ඒ දිහා නොයිවසිල්ලෙන් බලාගෙන උන්නා..එක කටක් කාලා ඒ එක්කම අතෙ තිබුන පපඩමෙනුත් කෑල්ලක් කෑවට පස්සෙ මගෙ කට වටේ ගෑවුන ඉදුල් ඩැඩි හිමීට පිහිදලයි එයා කන්න ගන්නේ..සමහර දවස් වලට බත් දෙකම මට කැවෙන අවස්තා තියෙනවා..හොදට හොදි දාලා අනන ටික මට කවලා එතනින් ඉතුරුවෙන ටික ඔහේ කටෙට දාගන්න එක එයාගෙ පුරුද්දක්..පොඩි කාලෙ ඉදන්ම ඔයා බැලුවෙ මට හොදම දේ දෙන්න..

අදුරන්නැති නම්බර් එකකින් දෙසරයක්ම  රින්ග් වෙවි කට් වෙලා ගියා..කන වෙලාවට ජනාධිපති කතාකරත් මට වැඩක් නෑ..

"තේජූ..කෝල් එකක්..."

"ම්හ්ක්..එව්ක්ක..ඔම්නැ..ඔඩ්ඩ ඔඩ්ඩ ඔවන්නකො.."( ම්හ්ක්..ඒක ඕන්නැ පොඩ්ඩ පොඩ්ඩ කවන්නකො..)

"මීට වඩා පොඩි කටවල් කනවට වඩා හොදයි නිකන් ඉදියනම්..කෝ කට අරින්න.."

"ඔන්න ඕක ගනින් නැත්තන් විසිකරපන්..අහන් ඉන්න බෑ කරච්චලේ..කෝ ආ ගාපිය.."

මොන වදයක්ද මේක..

"එව්ලෝ.."

" ඔය කට කාලා ඉදින් දරුවො..කටෙ තියන් කතා කරලා ඊලගට හිරකරගනින්කො මට හොස්පිටල් ගානෙ යන්න.."

"හෙලො..කෑවද බේබි බෝයි.."

මේ දුට්ඨසෝනාගෙ කිරිඅත්තාට...මන් කට් කරා..ඇයි යකෝ මොන කූඩැල්ලෙක්ද මේ..මගෙ නම්බර් එක කොහෙන් හොයාගත්තද දන්නෑ..මේක මහා වේදනාවක්නේ..

" මට ඇතී.."

"ගුටිනොකා කාපිය..මොකාද ඒ කන එකත් එපාකරපු එකා.."

මහාසෝනාගෙ හොර මිනිහා දුට්ඨසෝනා..

" මොබිටෙල් එකෙන් අනෙ..තේජුට ඇතිනෙ ඩැඩී මේ බන්ඩි පුල්.."

" හරි මේ අන්තිම කට..කාලා වතුර බොන්න.."

"මොනාහරි ඕනෙද..ice cream , වටලප්පන් හරි..සේපාලට කියලා ගෙන්නන්න.."

බලන්න ඉතිම් මේවගේ බෝයියෙක් ඉන්න මන් කොච්චර වාසනාවන්තවෙන්න කියලා..මගෙ සූකිරි කැටේ..අල්ලලා මිරිකලා ඉඹලා කන්න හිතෙනවා අනේ..ඒ වල ගැහෙන කම්මුල් දෙකම මිරිකලා මන් දෙපැත්තටම හාදු තිබ්බා..පිස්සු කොල්ලා රතූවුනා..අනේ හුරතලේ..මගේනේ..

"ම්වාහ්..ම්වාහ්..එපා ඩැඩී මන් දැන් යන්නෝනී.."

"ඒ ගමන කොහෙද යන්නෙ තේජූ..ඔයාගෙ ඇවිදීමේ සීමාවක් නෑ.."

"ඔහ් ඩැඩී මන් යාලුවො මීට් වෙන්න යන්නෙ..ගෙදරටම වෙලා ඉන්න බෑනෙ මැට්ටො දැන් හෙට ඉදන් කම්පැනි එකටත් යන්න එපැයි.."

"අනෙ මන්දා දරුවො පරිස්සමෙන්.."

"ගෝඩ් ප්ලීස් ඩැඩී දරුවො ගාන්න එපා.."

"දරුවාට දරුවා නොකිය මිනිහා කියන්නද බන්.."

" අන්න හරි මිනිහා තමයි..අද ඉදන් මිනිහා කියන්න.."

"තේජූ..විකාර නටන්නෙපා දරුවො.."

"අර ආයෙමත් දරුවලු..මොකද්ද ඩැඩි.."

"ඉතින් දරුව්-.."

"මන් දිවුරනවා ඩැඩී..ඕක ඔයා ආයෙ කිව්වොත් මන් ඔය ලිප්ස් හපලා කනවා..ගෝඩ් ප්‍රොමිස්.."

"හ්ම් පරිස්සමෙන් ගිහින් එනවා..රෑවෙන්න බෑ.."

ආන් ඒ බය තියාගන්න..එයා දන්නවා තේජු කිව්වොත් ඒක කරනවා කියලා..දරුවො කියද්දි මට දැනෙන්නෙ මන් එයාගෙ පුතා වගේ..හරි මන් පුතා තමා ඒත්..හැමතිස්සෙම ඒ වචනෙ ඇහෙද්දි මාව එයාට ගැලපෙන්නෑ කියන සිතුවිල්ල දළුදාන්න ගන්නවා..මන් ඔයාගෙ ඇත්තම පුතා වුනත් මේ විදියටම ආදරෙ කරනවා.. ඔයා වෙනුවෙන් සම්මතෙන් පිට පනින්න වුනත් මන් දෙපාරක් හිතන්නෑ..

.

.

.

.

.

.

.

.

"ඉම්හි හිහී..ඉහ්ක් හීහී අනෙව් හුවෑ..ම්හුක් චපලයාඅ..ඉම්හී..ඇයි මගෙ හිත ඉම්හී..තැලුවේ..ඉම්හී..ඉහික් ඉහික්..හුවෑ.."

ඩැඩීගෙ ඔෆිස් එකෙන් එලියට එද්දි කාර් පාක් එක පිටිපස්සෙන් බෝදිලිමෙක්ටෙ අඳෝනාවක් ඇහෙන්න ගත්තා..මහා දවාලෙ බෝදිලිමෙක් කෙලිසුවෙ කවුද කියලා බලන්න ඒ පැත්තට බෙල්ල දාද්දි මේන් බොල සේපාලයා..

"සේපාලිකා මලයි ඉම්හි..

සුදු පාට මීදුමයි..ඉහික්

හරි ලස්සනයි සුදුයි..

ඇත්තටම නුබ වගෙයි ඉම්හි ඉහික් හිහි හුවෑ...ඔයා මටත් කිව්වෙ එහෙම නේද සුදූ..ඉහික්..ඇයි දෝ එසේ කරේ..පෙම නැතිදො මා කෙරේ..

නැතිද මා කෙරේ..

අද ඔබගෙ ආදරේ

කදුලු ඇස් දෙකෙ ඉහික්

දුක ගලයි මේ වගේ..

මන් තරමට පෙම්කල කිසිවෙක්

නොමැති මේ වගේ..

වරද මගෙද රත්තරනේ ඉම්හි

කියනවද මගේ.."

සේපාලයා අපේ කාලේ පටාචාරාවෙක් වෙන්න හදනවද..ශර්ට් එක කොහෙවත් ඌ කොහෙවත්..වටේම හිස් බියර් කෑන් විස්කි බෝතල්..උගෙ එහා පැත්තෙන් බලු නකුටෙකුත් ඉන්නවා..මූ ඒකාව බදාගෙන දුක කියද්දි බලු නකුටා මේකාගෙ මූන ලෙවකනවා...බ්වෑක්කා කටත් ලෙව්වා..

"චූටි කුකූ අම්මි තනිවුනා පුතූ..උබේ අප්පොච්චා මගෙ හිතේ ආදරෙ දලූලාගෙන එද්දිම මැල්ලුමක් හදන්න ගලෝගෙන ගියා..ආදරය..ගින්දරක් ගින්දරක්..ආආආආආආඅදරය.....ගින්දරක් ගින්දරක්.."

මොකාද බල්ලාගෙ අප්පොච්චා..බැරිවෙලාවත් මූ ලව් කරේ බල්ලෙක්ටද??..අහලම බලන්නෝනෙ.

"ඔයි සේපාල..අඩො..සේපාලයො..කෝ නැගිටපන් බන්.."

"ඈ..කවුද..ඒහ්..ආඅ නේ පුංචි බේබියානෙ..අනේ බේබි මගේ ජීවිතේ පුරා එකම සිතින් පාර්තනා..ඔහු යන්න ගියා මැකිලා.."

"කවුද සේපාලයො ගියේ?? කෝ නැගිටපන්..බලපන් උබේ මූනෙත් වැලි..මෙහෙමද උබ සමාජසේවේ කරන්නෙ.."

මේකාව අල්ලන්නවත් ඇගෙ තැනක් නෑ..හැම තැනම බලු කෙලයි ගල් කැටයි..සෙවල සෙවල..ඈක්කා..ගහක් උඩ එල්ලුන උගෙ ශර්ට් එක අරන් ඇවිත් ඇගට දාලා ඒක පිටින්ම අල්ලලා ඌව ඇදන් බාතෘම් එකට ආවා..ශුවර් ශොට් මගෙ මිනිහා දැක්කොත් මුගෙ රස්සාවත් ලෙප්ට්..

සේපාලයා මට වඩා අවුරුදු හතරක් වැඩිමල් වුනාට උගෙ මොලේ බලු නකුටට වඩා ලාමකයි..හෑන්ඩ් ශවර් එකෙන් ඒකාගෙ මූන හෝදලා ඉතුරු ටික උට හෝදගන්න දීලා මන් ආවා උට අදින්න එකක් දෙන්න..වෙලාවට බෑග් එකෙ අමතර කිට් එකක් තිබුනා..උට ඒකත් අන්දවලා දෙහි එකකුත් හදලා දීලා මන් ආවා එන්න..

සේපාලයව හොයන් කරන්න ඉදපු වැඩෙත් උගෙ අදිමානසික වැඩ නිසා කල්දාන්න වුණා..ඌ ඉදියා නැතා මේකට මොකක් හරි කරන්න වෙනවා..

මන් සුපුරුදු පොට් එකට බයික් එක දාද්දිම මගේ ගාඩ්ලා ටික පෝලිමට ඉදලා මට ආචාර කරා..

"බොස්.."

"මන් කියපු වැඩෙ බැලුවද.."

"ඔව් බොස්..කෙල්ල දැන් ඉන්නෙ ccc එකෙ..හැම සදුදාම යාලුවොත් එක්ක එයා එතනට යනවා.."

"යාලුවො කීයක් වගේද.."

"වෙනදට අටක් වගෙ..අද තුන්දෙනයි බොස්.."

"ම්ම් මේ වැඩේට ශැඩෝව යවන්න..හත වෙද්දි කෙල්ල අපේ පොට් එකෙ ඉන්න ඕනි.."

"හරි බොස්.."

"කිසිම වැරැද්දක් සිද්ද වෙන්න බෑ.."

"තේරුනා බොස්.."

"ම්ම් දැන් යන්න.."

.

.

.

.

.

දැන් වෙලාව හවස 6.59යි..හරියටම හත වෙද්දි මන් ශෂීව උස්සන් ආවා..සොරි ඇන්ටි..ඔයා බදින්න හැදුවෙ වැරදි මනමාලයව..මගෙ උන් දම්මලා කරන්න හදපු වැඩේට මන්ම බැස්සා..ඇන්ටියාව උස්සන එක ලොකු ගේමක් වුනෙ නැහැ..මගෙ උන් පහක් හයක් එක්ක එයා නැගපු ලිෆ්ට් එකට ගොඩ වුන මම එලියට බැස්සෙ බුර්කාවක් ඇදන් ආපු මගෙ අසනීප නෝනා එක්ක..ඇතුලට යද්දි පහෙන් එකක් ඇදන් ඉදපු බුර්කාව සිහිය නැතිවුන ඇන්ටියට පටලවාගෙන එලියට ඇවිත් බබා වගෙ වාහනේට දාගත්තා..

"බොස්.."

" එයාට හීරිමක්වත් වෙන්න බෑ..මෙ දවස් පහ ගෙවෙනකන් එයාව බලාගන්න.."

"හරි බොස්.."

එයාව පොට් එකට දාලා එතන ඉදපු ගාඩ්ලටත්  උපදෙස් දීලා මන් එලියට එද්දි ශැඩෝ එක්ක ශෙරිල් මන් එනකන් බලාගෙන උන්නා...ශැඩො කියන්නෙ ලංකාවෙ ඉදන් මගේ දේවල් බලාගෙන ඉදපු විශ්වාසවන්ත සහයකයෙක්..

"hey theju මොකද්ද මේ..මේක අපේ plans වල තිබුනෙ නැහැ.."

"එච්චර හිතන්න දෙයක් නෑ මචං..මේක හදිසි තත්වයක් මත ඇතිවුන සැලැස්මක්..but take it easy.."

"ශැඩෝ.. මෙතන ඉදන් මේ වැඩ ටික බලපන්.."

"හරි බොස්..බොස් එත් ප්‍රශ්නයක් තීනවා.."

"මොකද්ද.."

"දැනටමත් ඇමතිතුමාගෙ හෙංචයො ටික  ටවුන් එකම පෙරලන් මිස්ව හොයනවා.."

"තාත්තානෙ..දුවව හොයන්න ඕන.."

"එත් තේජු මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ දුෂ්මන්ත මේ වෙද්දි ලංකාවෙ ඉන්න එක.."

"හ්ම්..මෑන් ගැන ටිකක් හොයන්න වෙනවා..පොර ඇමතියාගෙ පුතා කිව්වාට ඇයිද මන්දා මට හිතෙන්නෙ එයාගෙ ලොකු රහසක් තියෙනවා කියලා..බලමුකෝ මේ ප්‍රශ්නෙදි අපිව අහුවෙන්න විදිහක් ඇත්තෙම නෑ..එත් අපිට කොහෙහරි මිස් වුනාද කියලා හිතෙනවා..මොන දේ වුනත් මගෙ අවසරේ නැතුව  කෙල්ල මෙතනින් පිටයන්න බෑ.."

" හරි බොස්..ඒත් තේජු පරිස්සමෙන් බන් .."

"උබලත් පරිස්සමෙන්..ඒක නෙමෙයි ශැඩො ඊලග රේස් එක කවද්ද.."

"next monday.."

" ඒකියන්නෙ මේ ටිකේ අපිට වැඩ ගොඩක් තියෙයි..මන් යනවා..ශෙරිල් උබ එනවද.."

"No machan.. මන් hichmon එනකන් ඉන්වා..අංකල්ට කියපන් අපි dinner එ කට එනවා කියලා.."

දුෂ්මන්ත්ගෙ නන්ගිව ඉස්සුවට මොකද එතන මොකක් හරි කොස්සක් තියෙනවා..එයා සාමාන්‍යෙන් ගාඩ්ලා නැතුව ගමන් බිමන් යන කෙල්ලෙක්..අපෙ පොට් එක කීයටවත් උන්ට හොයාගන්න බැ..ගිය කට්ටියව අදුරගන්න විදිහකුත් නෑ..ෆෝන්ස් වොච් රත්තරන් බඩු පවා අයින් කරා..ඒත් මොකද්ද මෙ දැනෙන අඩුව..

ලොකුවට හිතන්නෙපා තේජූ..මේක එලියට ඇදෙන්න විදිහක් නෑ..

මන් මේන් රෝඩ් එකෙ ඉදන් අතුරුපාරට දාද්දි මගෙ පිටිපස්සෙන් ෆලොව් කරන් ආපු වාහන ගාන වැඩිවෙන්න ගත්තා..ජීප් හයල් එක්ක ටේලර් බයික් පහක් කිලෝමිටර දෙකක් ඉදන් මගෙ පස්සෙන් පන්නනවා..උන්ව මගහැරලා යන්න බැලුවට මේ පැත්ත මන් ලොකුවට ආව ගියපු පාරක් නොවුන නිසා ටිකක් පරිස්සමෙන් යන්න වුනා..මට හිතෙන්නෙ මන් පැය භාගයක් තිස්සෙ මෙ යන්නෙ එකම රවුම වටෙ කියලා..මීටර් පන්සීයක දුරින් උන් මගෙ පස්සෙන් පන්නනවා..

කාලෙකින් කෑමක් සෙට් වෙයි වගේ තේජූ..ලොකු පිට්ටනියක් පාස් කරන් යද්දි ඉස්සරහින් ආපු ඩිෆෙන්ඩර් එකෙ නොවැදී යාන්තමින් කපලා  කෑමෙලියා කෙලීව බේරගෙන පිට්ටනිය ඇතුලට දාගත්තා..

මාව වටකරගත්ත උන් ටික රවුමට මගෙ වටේ කැරකිලා නතර වුනා..ජීප් වල හෙඩ් ලයිට් එක  මන් ඉදපු පැත්තට ගහද්දි කලුවර නිසා ලයිට් එලියෙන් එහා ඉන්න උන්ගේ මූනවල් හරියට බලාගන්න බැරිවුනා..බයික් එකෙ ස්ටෑන්ඩ් එක ගහලා  බිමට බැහැපු මම සයිලන්සර් එකෙ සයිඩ් එකෙ ගහලා තිබුන යකඩ පොල්ල නැමිලා හිමීට ඇදලා ගද්දි ඉස්සරහින් තුන්දෙනෙක් මගේ පැත්තට දුවගෙන ආවා..

අවි අමෝරාගෙන මගෙ පැත්තට ආපු තුන්දෙනාගෙන් පලමු එකා යකඩ පොල්ලක් අරන් මලෙ ඔලුවට ඒම් කරලා ගහද්දි ඒකෙන් බේරුන මම යකඩ පොල්ලෙන් අල්ලලා ඌව කරකෝලා ඇදලා අරන් උගෙ ඔලුවට ගහලා බිමට තල්ලු කරා..ඊටපස්සෙ ආපු උන් දෙන්නගෙත් පොලු පාරවල් මගහැරලා උන් දෙන්නාවත් ශොට් දෙකෙන් බිමට වට්ටද්දි උන් ඔක්කොම එකපාර මගෙ පැත්තට දුවගෙන ආවා..

වම් පැත්තෙන් ආපු එකාගෙ ඔලුවට කෙලලා ඇරිය මම අනිත් පැත්තෙන් ආපු එකාගෙ යකඩ පොල්ල විසිවෙන්න ගහලා උගෙ ඔලු කට්ට කුඩුවෙන්න ගැහුවා..එකපාර දෙන්නා තුන්දෙනා හතර වෙද්දි අමාරුවෙන් උනත් උන් ටිකව පරාද කරලා දාගන්න පුලුවන් වුනා..

නොහිතපු වෙලාවක දකුනු අතට වැදුන පාරෙන් අතේ තිබුන යකඩ පොල්ල විසික්වෙලා යද්දි ආපු එකා මගෙ මූනට ගැහුවා..පාර සැරටම වැදෙද්දි ඇස් පියවුනා.. හක්කෙන් දරාගන්න බැරිවේදනාවක් එක්ක කටින් ලේ විසිවුනා..අඩි දෙක තුනක් එහාට විසිවුන මම ඔලුව ගසලා හරි සිහියට ඇවිත් මට ගහන්න ඉස්සුන පොල්ල උගෙන් ඇදලා අරන් උගේ මූනට තඩිබෑවා..උගේ ලේ මගෙ මූනෙ ඇවිත් වැදෙනකම්ම ගහන එක නැවැත්තුනේ නැහැ..ඌ ගැහුවේ තේජු වැඩියෙන්ම පරිස්සන් කරන දේවල් වලින් හොදම තැනට..

දහා දෙනෙක් විතර බිම වැටිලා ඉද්දි තව හයක් විතර මගේ දිහාවට දුවගෙන ආවා..උබලා දාසයයි තනි මමයි..කැරිවැඩ කියන්නෙ මේවට..

කටට ගලාගෙන ආපු ලේ ටික තූහ් ගාලා විසික් කරපු මම පොල්ල පැත්තකට විසි කරලා ශීට් එකෙ කවර් එක ඇරලා ඒක ඇතුලෙ තිබුන මගෙ හීනි කඩුව ඇදලා ගත්තා..

ඉස්සරහට ආපු හැමඑකාවම කපාගෙන ගියා..මැරෙන්න කැපුවෙ නැතත් සමහර කැපුම් දරුනු වුනා..ඉස්සරහින් ආපු එකෙක්ගෙ යකඩ පොල්ලෙන් අල්ලලා ඌව අවහිර කරගෙන අනිත් අතින් ඌව කපලා දාද්දි ඔලුවට වැදුන තද පාර නිසා මගෙ වටපිටාවෙන කීන්  ගාගෙන නිහඩ වුනා..කඩුව මගෙ අතෙන් ගිලිහිලා දෑතින්ම ඔලුව බදාගෙන මන් පිටිපස්සට විසිවෙද්දි දෙවනි වතාවටත් ඔලුවට  වැදුන දරුනු පහර නිසා මගෙ ඇස් පියවෙලා පරඩැලක් වගේ මාව මුනින් අතට ඇද වැටුනා.........

_________________________________

හායි මකර පැටවුනේ😫❤️

ගෝජෝ වයිපරේ ආවා🌝❤️

පරක්කු වුනා නෙහ්

සමාවෙන්න සත්තරනේ වරද මගෙ අතේ..

funeral එකක් තිබුනා ලමයි..සමාවෙන්නොනෙ ඉතිම් මේ ටිකේ ඒක නිසා එන්න බැරිවුනා....

හෙයි දුස්සන්තා..😫❤️

බේබි බෝයිට කැමතිද මන්දා 👉👈

ශශි උම්බ දැන් නටපන්..

නාකියා මගේ😌

මීට තේජු

තෙජු පුතාට කෙලියා නේද..💥

පව් බොලෙ..අපි දන්නෑ ඉතිම්😪

ඇමති ඩැඩියේ මුජේ බචාවෝ..

එන්නම්❤️

අදහස් දාන් යන්න ඉතිම් මන් පෞ නේ..අද දිග එකක් දුන්නා හාද🌝

ආතරෙයි❤️

_Gojo_

Share This Chapter