Back
/ 49
Chapter 7

Chapter 7

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

එක පිට එක ඔලුවට වැදුන දරුනු පහරවල් වලින් අඩපන වේගෙන ආපු මන් පරඬැලක් වගේ බිමට ඇදගෙන වැටුනෙ මගෙ අන්තිම සිහියත් මගෙන් ඉවත්ව යද්දියි.එතනින් එහාට සිද්ද වුන හැමදෙයක්ම කළු සිදුවීම්......

සීතල වතුරෙන් මාව නෑවිලා යද්දි දරාගන්න බැරි වේදනාවක් ඇග දිගේ දුවන්න පටන් ගත්තා.ඇස් ඇරගන්න බැරි තරමට බරයි.ලාවට පෙනෙන චායාවන් එහාට මෙහාට යනවා මන් දැක්කා.බෙල්ල උස්සලා බලන්න හදද්දි කොන්දෙන් උඩට කරන්ට් එක වදිනවා වගේ වේදනාතමක හිරියක් දැනෙන්න ගන්නවා.ඇස් අරිද්දි නලලෙ වම්පැත්ත  පුපුරලා යන්න ඔන්න වගෙයි තිබුනේ.හිමින් සැරේ ඇස් ඇරියම මුලින් වටේ හැමදෙයක්ම බොදවෙලා ටිකකින් හිමීට හරි ගියා.

මගේ දෙපැත්තෙන් කලු ඇදගත්ත අය විස්සකට වැඩිය ඉන්නවා.එත් මට උන්ගෙ මූනවල් හරියට බලාගන්න බෑ.එක දිගට ඇස් ඇරන් බලාගෙන ඉන්න අමාරුයි.සැරින් සැරේ වටේ කලුවේගෙන ඇස් පියවෙන්න හදනවා..මුලු ඇගම හිරිවැටිලා වගේ..මාව වැනෙනවා වගේ දැනෙද්දි  මට තෙරුම් ගියා උන් මාව එල්ලලා තියෙන්නෙ කියලා..මන් හිමීට ඇග හොල්ලන්න හැදුවත් මගෙ කකුල් හිරිවැටිලා.ඔලුවට උඩින්  අත් දෙක එකට ගැහගහලයි මුන් මාව එල්ලලා තියෙන්නෙ.පැය ගානක් මුන් මාව මෙතන එල්ලන් ඉදලා තියෙනවා.ඒකයි අත් දෙක හොල්ලන්න  හදද්දි බ්ලොක් වෙලා වගෙ දැනෙන්නෙ.

මගේ ලේ ගදට වඩා මෙතන පිලීගදයි.මේක ලොකු ගබඩාවක් තට්ටු දෙකක් තියෙනවා.උන් මාව පාලමක යටින් එල්ලලා තියෙන්නෙ. මන් මෙච්චර වෙලා දැක්කෙ උඩ කෑල්ලෙ ඉදපු උන් ටික විතරයි බිම බලද්දියි හරියටම දැක්කෙ එතන පනහකට ආසන්න පිරිසක් වැඩ කරනවා.මොනවහරි පටවනවා.තැනින් තැන ලොකු පෙට්ටි පුරවපු ට්‍රොලි තියෙනවා.උන් ඒවා ලොකු කන්ටේනර් එකකට පුරවන ගමන් ඉන්නේ.

මගෙ අවදානෙ බිදිලා ගියෙ දෙවනි වතාවටත් මූනට වැටුන වතුර පහර නිසයි.ඒක නොහිතපු දෙයක් නිසා ඇස් වලටයි නහයටයි වතුර ගිහිල්ලා ඇගේ වේදනාවට තවත් වේදනාවක් එකතුවුනා.උන් ගැහුවෙ අයිස් වතුර.මාලු පිලී ගදයි.සිතල වැඩිකමට කැස්සත් හැදුනා..

"ක්හැ..ක්හෑ..ක්ක්හැ.."

කැහැගන්නත් බෑ උගුර වේලුම් කාලා.තොල්පට පුපුරු ගහනවා.මුලු ඇගම සීතලයි.සීතල දරාගෙන හුරුවුනාට ඇගේ වේදනාවත් එක්ක මන් මේ වෙලාවෙ හොදටම දුර්වල වෙලයි උන්නේ.

"බොස්.."

"උට සිහිය ආවද.."

"ඔව් බොස්..අපි මොකද්ද උට කරන්නෙ.."

" උබලට ඒකත් ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනිද..ගහපන්..මැරෙනකන් හරි ගහලා දැනගන්න ඕනි ටික දැනගනින්.."

"ඒත් බොස්.."

"මොකද්ද මන් උබට කිව්වෙ.."

උඩ තට්ටුවේ වැටකට හේත්තුවෙලා ඉදපු මිනිහාගෙ මූන පෙනුන්නැතත් ඌ කියපුවා මට හොදට ඇහුනා.උගෙ පිටිපස්සෙන් තියෙන ලයිට් එලිය නිසා උගෙ මූන පේන්නෑ..උ මගෙ සයිස් පොරක්.මන් වගේ හොදට මේන්ටේන් කරගත්තු ඇගක් උට තියෙනවා.

" ඌව පලහට ඇදපන්.."

බ්‍රාස්...

අරූගේ විදානෙට මාව එල්ලලා තිබුන දන්වැල මහා සද්දෙන් පහලට වැටුනා.ඒ එක්කම මමත් බිමට ආවා..එත් උන් මාව බිමට දැම්මෙ නෑ.කකුල් බිම ගෑවෙන්න ඔන්න මෙන්න තියෙන්න මාව එල්ලලා තිබ්බා.

"චච්..චච්..බලන්නකෝ වීරයගෙ හැටි..අපේ හිච්චි වැලන්ටිනෝ.."

"මාව මතකද තේජාන්.."

"උඹ!!.."

"යාහ් ඉට්ස් මී..මීට අවුරුද්දකට කලින් Texas වලදි..මතක් වුනාද ඉතිම්.."

"fucker..උබ මට පරාද වුන ලැජ්ජාව මදිවෙලාද..හාහ්..පව් උබ.."

"කටවහපන් තේජාන්..උබ..උබට ලේසියෙන් ගැලවෙන්න බෑ..මන් එදා උබට කිව්වා උබ හැප්පුනේ වැරදි මනුස්සයත් එක්ක..අද උබට බේරීමක් නෑ.."

රිචඩ්....ගිය අවුරුද්දෙ Texas වල motor race එකෙන් මන් ඌව පැරැද්දුවා.පිට පිට වාර්තා ගහපු ඌ පලවෙනි වතාවට ලාබාල කොල්ලෙක්ට පරාද වුන ලැජ්ජාවට එදා ට්‍රැක් එකේදිම උගේ වාහනේ කුඩු කරලා ගිනි තිබ්බා.ඌ අමුම අමු පිස්සෙක්...

" තේජාන්..තේජාන්..උබ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේම වැරදි වලටයි පැන්නෙ..ඩේවිඩ් මුගෙ කට බැදපන්..මිස්ව හංගන් ඉන්නෙ කොහෙද කියලා කියනකන් මුට ගහපන්..ඔලුවට එපා..අතයි කකුලයි කඩපන්.."

තිරිසනා.. රිචඩ්ගේ මිනිහෙක් මගෙ කට ගැට ගහද්දි මගේ වටේට යකඩ පොලු අතෙ තියාගත්තු මිනිස්සු ටිකක් ඇවිත් හිටගත්තා.මූ කොහොමද ඒක දැනගත්තේ.රිචඩ් දුෂ්මන්තගේ එකෙක්ද.

ආව්...වම් කලවට යකඩ පොල්ලකින් ගහද්දි මන් කටේ බැදපු රෙදි කෑල්ල හපාගත්තා..

"කියපන්..ඇමතිතුමාගෙ දුව කෝ..කියපන් යකෝ.."

කටත් ගැට ගහලා ප්‍රශ්න අහන්නේ..අමන වැඩ කරන්නෙපා යකෝ..

ආආආඅහ්...කොන්ද හරහා වැදුන අතුල් පහරෙන් මාව ඉස්සරහට විසික් වුනා.මුලු ඇගේම බර අත් දෙකට එන නිසා  අතේ මසල්ස් ඉරිලා යන තරම් වේදනයි..මුන් ගහනවා මදිවට මාව පද්දනවා. ඒක ඊට හපන්...

රිචඩ් මගෙ ලගට ඇවිත් අත මිටිකරලා මූනට ගහද්දි කටෙන් ආපු ලේ ඔක්කොම ගැටගහපු රෙද්දෙ බේරුනා..

පිරිමියෙක් නම් මාව ලිහලා ගහගන්න වරෙන් පො##යෝ..

"මොකද්ද මෙතන වෙන්නේ??.."

අහලා පුරුදු හඩක් ගබඩාව පුරා රැව්දෙද්දි රිචඩ් කලබලෙන් අල්ලන් ඉදපු මගෙ මූන අතෑරලා ඒ පැත්තට යද්දි අරුන් ටික ආයෙත් මාව වටකරගත්තා.

"ලොකු අයියේ..ඔයා ආවද.ගියපු වැඩේ කොහොමද.."

"මන් මොකද්ද උබෙන් ඇහුවෙ රිචඩ්..මොකද්ද උබ මෙතන මගෙ උන් එකතු කරන් නටන නාඩගම.."

"අ..අයියේ..මේ..ශශී මිස්ව උස්සපු එකාව අපි අල්ලගත්තා.."

"මොකක්!!!!!..මොකද්ද උබ කිව්වේ.."

" මිස්ව උස්සපු එකා..ඇයි අයියෙ..ඔයා කේන්තියෙන්.."

"යූ මදර් ෆ*ර්..කවුද උබට එයාව අල්ලගන්න කිව්වෙ..ආ යකෝ..කියපන් මට..දැන්..දැන් කෝ එයා.."

" අ..අයියෙ..ඇමතිතුමා කියපු නිසයි අපි.."

"කටවහපන්..ඇමතියා කවුද මම කවුද යකෝ..උබ මගෙන් නාහා මගෙ උන්ව අරන් මගේ එකාව...කෝ...කොහෙද එයා.."

"අයියේ ඔහොම ඉන්න ටිකක්.."

රිචඩ්ගෙන් ඕඩර් එක ලැබෙනකන් මට ගහන්න බලාගෙන ඉදපු උන්ට එහායින් අහලා පුරුදු හඩත් එක්ක රිච්ඩ් බයෙන් වගේ කතා කරද්දි ඔලුව හරවලා  ඒ පැත්ත බලන්න හද්දි මෙතන ඉදපූ වේස බල්ලෙක් මගේ මූනට ගැහුවා.කාලකන්නියා..ඒ සැරටම වැදුන පාර නිසා ආයෙත් වටේ අදුරුවේගෙන ආවා.ඔලුව ගසලා ඇස් ඇරගන්න අමාරුවෙන් උත්සහා කරද්දි යාන්තන් ඇස් පිය නොවී තියාගන්න පුලුවන් වුනා..

" move.."

අහලා පුරුදු හඩින් ඒ මනුස්සයා විදාන දෙද්දි මගෙ වටේ උන් ක්ෂනිකව ඈත් වුනා..ඇස් ඇතුලෙන් ගිනිගන්නවා වගේ දැනෙද්දි මන් හයියෙන් ඔලුව හොල්ලලා මගෙ දිහාවට එන මනුස්සයා දිහා බලන්න උත්සාහා කරා..

"බේ..බි බෝයි.."

කලින් අණ දුන්න නපුරු කටහඩ මගෙ ලගින්  දුක මිශ්‍ර කැඩුනු ස්වභාවකින් ඇහෙද්දි මන් එයාව අදුරගත්තා..

රාහුල් දුෂ්මන්ත්....මගේ ලගට ඇවිදන් ආවේ රාහුල් දුෂ්මන්ත්..වේදනාව අස්සෙ වුනත් ඒ මූන අදුරගන්න මට අමාරුවුනේ නැ..රත ගැහුන ඒ ඇස් වල නහර පවා මට පෙනුනා.හකු එකට තදකරන් දත්මිටි කමින් ඉදපු එයා ඉන්නෙ ලොකු කේන්තියකින් කියලා මට තේරුන් ගන්න වැඩිවෙලා ගියෙ නෑ...

හාහ්.. මට ගැස්සුවෙ උබද..ඒකියන්නෙ රිචඩ් වැඩකරන්නෙ උබට..මගෙ කට ගැටගහලා නොතිබුනානම් වේදනා අස්සෙ මගෙ මූනෙ ඇදුන හිනාව එයා දක්කින්න තිබුනා..

" උබලට තප්පරයක් දෙන්නන්..එයාව ලිහපන්..රිචඩ් උබේ මාරයා මන් වෙන්න කලින් එයාව ලිහපන්.."

"එත් අයියේ-.."

ඩොං💥

" එයාව ලිහපන් යකො.."

මාව ලිහන්න කියලා එයා අණ දෙද්දි රිචඩ් මැද්දෙන් පැනපු නිසා පලාතම දෙදරලා යන්න ඇහුන වෙඩි සද්දෙන් මගේ පියවිගෙන ආපු ඇස් වේගෙන් ඇරුනා..

එයා වෙඩිතියලා..රිචඩ්ගේ ලග ඉදපු මිනිහා කෙසෙල් කදක් වගේ බිමට ඇදගෙන වැටෙද්දි මන් දැක්කා රිචඩ්ගේ දකුනු කනෙන් ලේ බේරෙනවා..

ඒ එක්කම මගෙ වටේ ඉදපු මිනිස්සු දම්වැල ලිහලා දාද්දි හිටගන්නවත් පනක්  නොතිබ්බ මම බිමට අඩිය තියනවත් එක්කම ඇදගෙන වැටුනා..

මූන බිම ඇනිලා තැලිලා යයි කියලා දන්න නිසා මම  හිත හදාගෙන ඇස් වහන් වැටෙන්න ඉඩදුන්නා..අම්බානෙට ගුටිකාලා තව මගෙ තැලෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ..ඒත් මන් හිතපු විදියට මාව බිම වැටෙනවා දැනුන්නැති නිසයි ඇස් ඇරලා බැලුවේ..

ඒ එයා..එයා මාව වැටෙන්න නොදී අල්ලගෙන තුරුල් කරගත්තා..දුෂ්මන්ත මාව තදින් බදාගත්ත නිසා ඉතුරු වෙච්චි හුස්ම ටිකත් හිරවෙන්න ආවා..මිනිස්සු දම්මලා ගැස්සුවා මදිවට මේකා මාව බදාගෙන මරන්න හදනවා.

වෙන වෙලාවක් වුනා නම් උබට මාව මෙහෙම බදාගන්න  එක හීනයක් තමා..ඒත් මේ වෙලාවෙ ඇගේ පණක් නැතුව මේකා එක්ක වලියට නොයා මන් එහෙන්ම ඉන්න තීරණේ කරා..

" බේබි බෝයි ඔයාට මාව ඇහෙනවද..ප්ලීස් ඇස් වහන්නෙපා..ප්ලීස්..."

" සයිමන් ඉක්මන්ට ඩොක්ටර්ට කතාකරපන්..මගෙ රූම් එකත් රෙඩිකරවන්න.."

" බේබි බෝයි..ඇස් අරින්න ප්ලීස්..මන් ඉන්නවා.."

ඇස් ඇරන් ඉන්න පුලුවන්කම තිබුනත් මන් ඇස් වහගෙනමයි උන්නේ.මන් මෑන්ව අදුරගත්ත නිසා මගෙ ඉස්සරහා ඌ  හොද එකා වෙන්න හදන්නෙ බොරුවටද ඇත්තටද කියලා මට බලාගන්න ඕනි වුනා..

පොර නිකන් අඩන ටෝන් එකෙන් මට කතාකරේ..එයා මාව උස්සගෙන වාහනේකට නැගලා ආවෙත් මාව තුරුල්කරගෙනයි..ඇස් වහගෙන ඉදපු නිසාම අවසානෙදි ආයෙත් වතාවක් මගේ සිහිය මගෙන් ඈතට ගියා..

.

.

.

.

.

" එයාට තව ටිකකින් සිහිය එයි..වාසනාවකට ලොකු ඩැමේජ් එකක් නැ..අපි ඔලුව ස්කෑන් කරා..බයවෙන්න දෙයක් නැහැ..ඒත් සිද්ද වුන දේවල් අමතකයි වගේනම් මට කෝල් එකක් දෙන්න..තැලුම් පාරවල් සතියකින් වගේ අඩුවෙයි.."

"තැන්කිව් ඩොක්ටර්.."

ඔලුව පුපුරන්න වගේ.ඇස් ඇරගන්න උත්සහා කරත් ඇරගන්න බෑ ඇස් පියන් එකට ඇලවිලා. අතපය හතර නෑ වගේ.ඔය වේදනා අස්සෙ දුෂ්මන්තා තව කෙනෙක් එක්ක කතා කරනවා ඇහුනා..මන් හිතන්නෙ ඒ ඩොක්ටර් කෙනෙක්..මට ලොකු අවුලක් වෙලා නෑ කියන්නේ..බයවෙන්න එපාලු..අනේ ඕකාගෙ බය මන් කියන්නෑ ඉතින්..මිනිස්සු දම්මලා ගැස්සුවා මදිවට ඌම බෙහෙත් කරනවා..උගෙ අප්පාගෙ මිනිහෙක්නේ..

අමතක වෙන සීන් එකකුත් කියෙව්වා.ඔන්න තේජූ...දුෂ්මන්තාව මඩවන්න අවස්තාවක් හම්බුනා.මැරිලා වගේ ඇක්ට් කරානම් හරි එක්කො..

ඇස් ඇරගන්න බැරිවුනාට වටපිටාවේ සිද්ද වෙන දේවල් නම් මට හොදට තේරුනා..මන් උන්නෙ ඇදක් උඩ..මට ඇහුනා කවුරුහරි පුටුවක් ඇදන් ඇවිත් මන් ගාවින් වාඩිවෙනවා. සමහර විට දුෂ්ඨසෝනා වෙන්නැති..

එයා ඇවිත් මගෙ අතක් ඒ අත්වලින් හිරකරන් හිමීට අතගෑවා. එයාගෙ එක අතක් මගේ නළලෙන් නතර වුනාම මට දැනුනා නළල බැන්ඩේජ් කරලා තියෙනවා..එයා ලාවට නළල අල්ලලා බලලා මගෙ ඔලුව අතගානවා දැනුනා..

"බේබි බෝයි..ඔයාට තුවාල වෙලා..මට..මට සමාවෙන්න මන් පරක්කු වුනා..මගේ බේබි බෝයිට මගේ උන්ම රිද්දද්දි ඔයාව බේරගන්න මට බැරිවුනා.."

"ඔයා හුගක් මුරණ්ඩුයි දරුවො..නංගි නැතිවුනා කියලා ආරංචිවුන ගමන් ඒක පිටිපස්සෙ ඉන්නෙ ඔයා කියලා මන් දැනගත්තා.. මන් හිතුවෙ නෑ මට නොකිය මගේ උන් ඔයාව අල්ලගනී කියලා..අර dumbass ඌ දගලනවා වැඩියි.."

"ඉක්මන්ට නැගිටින්න බේබි බෝයි..මන් බලාගෙන ඉන්නවා.."

මන් නැගිටලා තමා ඉන්නෙ ගොන් වස්සෝ..මුගෙ අප්පට ඉම්බා නේද මගෙ නලල..දුෂ්ඨසෝනාට මොන යකෙක් ගහලාද..මේ අංකල් ඕවට එන්නෙපා හරිද..යකො ගුටිකෑවෙ මම රිදිලා තීන්නේ මේකාටනෙ..

එයා මගේ ලගින් ඈතට යනවා වගේ දැනෙද්දි දොර ඇරගෙන ආපු කෙනෙක් එයාට කතාකරා..

" බොස්..වැඩේ හරි.."

" එතකොට රිචඩ්.."

" ඌව බොස් එනකන් තියාගත්තා.."

"අපි යමු.."

" සර්ගෙ බෙබි.."

"එයා දැන්ම නැගිටින එකක් නෑ.."

ඇතුලට ආපු එකා කතා කරපු දේවල් මට අදාල නැති නිසා ගණන් නොගෙන ඉන්න හැදුවත් රිචඩ්ගෙ නම කියද්දි මන් එයාලා දිහා එක ඇහැක් ඇරලා යාන්තමට බැලුවා..

තවත් කලු ඇදගත්තු මිනිහෙක් එක්ක දුෂ්මන්තා අත් දෙක සාක්කුවට දාගෙන අමුතු ගාම්භීර ස්වරූපෙකින් කතා කරමින් ඉන්නවා..

මන් එහෙන්ම වටපිටාවට ඇස් යැව්වා..මන් හිතුවෙ මේක හොස්පිටල් එකක් කියලා..නැ මේක කාගෙහරි රූම් එකක්..තනිකර dark vibe room එකක්..හැමතැනම කලු..ඇදත් කලු..කලුඇදන් ආපු මිනිහාට උඩින් ලයිට් එකක් තිබුන්නැත්තම් ඒකාව අදුරගන්නත් බැරිවෙනවා..

මන් නළල අල්ලලා බැලුවා..පැත්තක් තුවාල වෙලා අනිත් පැත්ත ඉදිමිලා..තුවාලෙට වඩා තැලුම් පැත්ත වේදනයි..දකුණු අත සම්පූර්නෙන්ම ඔතලා..කකුල..

මොකක්..

හත්තික්කේ මේ ගොයම් මැස්සා..

යාආ....උබ මට මොකද්ද යකො කරේ..

ශීට් එක උස්සලා ඇග බලද්දියි දැක්කේ.මගෙ ඇගෙ තිබුනේ ජොකා විතරයි..සේපාලයා කියන්න වගේ සන්තානම් මෑනියනෙ..මොන තූත්තුකුඩියෙද මගෙ ඇදුම්..වම් කකුලෙ කලවා මැද ඉඳන් ඔතලා..පපුව මැද්දෙත් ඔතලා..අත් දෙකත් ඔතලා..මේකා මාව පණ තියෙන මමියෙක් කරලනේ..

මගේ දිහාවට අඩිසද්දයක් ඇහෙද්දි මන් මැරිලා වගේ උන්නා..මන් නෙමෙයි දැන් නැගිට්ටේ..මන් මලා..

දුසා අංකල් මගෙ ශීට් එක බෙල්ලගාවටම පොරවලා කම්මුලත් අතගාලා දොර වහලා යන්න ගියා..

ඒකා ගියා..දොර වැහෙන සද්දෙ ඇහුනා විතරයි මන් මිනීපෙට්ටියෙන් නැගිට්ට මමියා වගේ කෙලින් වුනා..

බකල් අඩි තිය තිය අමාරුකම් බල්ලාට දාලා මන් දොර ඇරලා බෙල්ල දැම්මා..අර යන්නෙ ඩබල..එතකොට මේක තමයි දුසා  අංකල්ගේ මාලිගාව..හරිම අගෙයි..රූම් එකෙන් එලියට පැනපු මන් හිමින් සීරුවෙ ඒ දෙන්නාගෙ පස්සෙන් ගියා..

මාව දකින එකෙක් මමියකට පණ ඇවිත් කියලා බයවෙයිද..

ලොකු කොරිඩෝවක් දිගෙ එලියට ගියපු ඒ දෙන්නාගෙ පස්සෙන් මාත් එහෙන්ම ගියා..යනවා යනවා ඉවරයක් නෑනෙ..අක්කර දහයක් විතර මේකෙම ඇවිදින්නැති..රේස් සල්ලි වුට්ටො රේස් සල්ලි..

කොරිඩෝව අවසානෙදි තිබුන දොරකින් එ දෙන්නා ඇතුලට යද්දි මාත් ශෙප් එකෙ එතනට ගිහින් දොර අරින්න බැලුවා..ම්හුක්..දොර ලොක්..දොර අගුලේ සිදුරෙන් බලන්න හැදුවත් මුකුත් පෙනුන්නැ..මගෙ වෙලාවට දොරට එහායින් කවුලු තුනක් තිබුනා හැබැයි  ටිකක් උසයි..අතඇරලා දාලා යන්න හැදුවත් තේජු මුරණ්ඩුයි..මේක ඇතුලෙ සිද්ද වෙන දේ බලාගෙන මිසක් එලියට යන්න බෑමයි කියනවා..

වෙලාව හොදයි..ලග පොඩි කබඩ් එකක් තිබුනා..ඒකට එහැයින් පුටුවක වාඩිවෙලා ඉන්න ස්ටැචූ එකකුත් තිබුනා..සද්ද එන්නැති වෙන්න කබඩ් එක ලං කරපු මම තඩි බඩ තියෙන ස්ටැචූ එක උස්සලා ගත්තා..ඒක උස්සලා අඩිදහයක් විතර එද්දි මහසෝන් දාඩියක් දැම්මා..ඇයි යකො මෙතන ඒසී නැත්තේ..තව ටිකෙන් අත ලිස්සලා අලි බඩා මගෙ කකුල උඩ..කිලෝ හතලිහකට වඩා මේ ලබ්බ බරයි..ගහින් වැටුන මිනිහට ගල් ගෙඩිත් උස්සන්න වුනාලු..උබේ පන්ඩිතකම හින්දමේ ඔක්කොම..හැදෙන්නෑ උඹ..

ස්ටැචූ එක කබඩ් එකෙන් තියලා මුලින්ම කබඩ් එක්ට අඩිය තියලා හිමින් සැරේ තඩි බඩාගෙ කකුල් උඩට නැග ගත්තා..වෙලාවට පොර භාවනා කරගෙන ඉදියේ..ජිම්නාස්ටික් පාරක් දාන් ඉදියනම් සොරිම තමා..දැන් ශේප්..දෙපැත්තෙ කවුලු දෙක අල්ලගෙන මැද කවුලුවෙන් බෙල්ල දැම්මා.අර ඉන්නෙ බඩු..

හෑ මේක වෝර්ඩ් එකක්නේ..විස්සකට වැඩිය මිනිස්සු මන් වගෙ මමියෝ වෙලා ඇදවල් උඩ නිදාගෙන සේලයින් ගහගෙන ඉන්නවා..අදනෙ යකෝ දුස්මන්තාට හොස්පිටල් එකක් තියෙනවා කියලා දන්නෙ..

"අම්මාහ්.."

"අනේ බොස්..රිදෙනවා.."

"අයියෝ...ආහ්..අම්මොහ්.."

"බුදු සෑර් ආව්ව්...සමාවෙන්න සෑර්.."

මමියෝ ඔක්කොම දුස්මන්තාට වැද වැද සමාව ඉල්ලනවා..දුස්මන්තා ඉන්නවා හිත් පිත් නැති ඔරන්මොටෙක් වගේ..තමන්ගේ උන් ඔහොම තුවාල වෙලා ඉද්දි මොන ලොක්කාටද ඔහොම බලාගෙන ඉන්න පුලුවන්..අම්මො මගේ පැටව් ටික මගෙ පන වගේ..ගෝටයිම්බරලා ටික..මගේනේ..

"ම්ම්ම් රිදෙනවද.."

"ආව්..අම්ම්මා..බොස්..ඔව් ඔව් රිදෙ..නවා.."

අමන වැඩ කරන්නෙපා දුෂ්මන්තේ..මේකා නම් හිතක් පපුවක් පුකක් නැති අමනුස්සයෙක්..අර තුවාල වෙච්චි මිනිහාගෙ තුවාලෙටම ඇනලා අහනවද රිදෙනවද කියලා..ඇයි යකො තුවාලෙට ඇන්නාම රිදෙන් නැතුව සුරාන්තෙට එනවද..එව්ව් අමනාස්ටික් මිනිහෙක් මූ නම්..

" ම්ම්ම්..රිදෙන එක හොදයි..ඔය විදිහටම මගේ බේබිබෝයිටත් රිදුනා..මොකද මන් උබලට ගැහුවෙ උබලා  මගෙ කොල්ලාට ගහපු විදියට තමයි..හැබැයි ටිකක් සැරයි.."

මොකක් කිව්වා..දුසා අංකල් ගැහුවා..ඒකත් මට ගහපු උන්ට..හෝව් හෝව් ඕම ඉදපන්..ඔහොම පොඩ්ඩක් ඉදපන්..

එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි..........දහසයයි..හරිනේ..ගානටම දහසයක් ඇදවල් දහසයක බුදි..

වාව් අංකල් වාව්..උබ මගේකා..මන් කියන්නෙ ඔය ගැහුවා මදි හරිද..ඔයාගේ මෙ වීරක්‍රියාව මගෙ කොල බොක්කේ කොල නාළිකා වලටම පතනය වුනා..

කෝ අරූ..උටත් නෙළලද..කො උට ඇදක් නෑනෙ..වැඩක් නෑ අංකල් ඔයා මගෙ හිත බින්දා..ඔයා ඕනම එකාට ගහලා නෑ..මේ හැංචියෝ ටිකට විතරක් නෙළලා..මන් හිතුවෙ නෑ ඔයා මෙහෙමයි කියලා...

"ලොකු අයියෙ.."

එව්ව් ඔය එන්නේ ලොචු අජියේ ගාගෙන..යකො අංකල් කියපන්..උබ මට වඩා වැඩිමල් තුනයිනේ..මූ හතලිහේ නාකියෙක්..වයසට ගරු කරපන් අමනයෝ..නැලවෙන හැටි විතරක්..මුන් ඔක්කොම අමනාස්ටික් යක්කු..

" රිචඩ්.."

"අනෙ මට සමා-.."

චටාස්..💥💥

ඔහ් දැවැන්ත හයේ පාරක්..යස් අමනයෝ යස්..තව ගහපන්..අංකල් තව ගහපන්කෝ ඇයි නැවැත්තුවේ..

"රිචඩ්..තමුන්ගේ වාසනාවකට නෙක්ස්ට් වීක් රේස් එක නිසා තමුසෙ බේරුනා..ඒත්  ඒක තමයි තමුන් මගේ ස්පොන්සර් එක යටතේ තරග කරන අවසාන රේස් එක..සතුටු වෙන්න මන් තමුන්ව නොමරා  යන්න දුන්න එකට.."

" ලොකු අයියේ..අනෙ එපා..ප්ලීස්..එහෙම කරන්න එපා..අයියේ.."

"සයිමන් රිචඩ්ව එලියට දාන්න..ඒවගේම උබලා මතක තියාගත්තොත් හොදයි අද  උබලා මගේ උන් නිසා බේරුනත්..ආයෙත් සැරයක් එයාට අතක් තියලා අහුවුනොත්..උබලාගේ මාරයා  මම වෙයි.."

අම්මොහ් හිච්චි සාතන්ගේ ටෝක් එක..ඔන්න මන් බය වුනා ඈ..හොදවැඩේ අරූට සයිමන්සිස් ඇවිත් රිචඩ්ව එහාපැත්තෙ දොරකින් එලියට ඇදන් ගියා..උබ ඒකයි මෙච්චර නැටුවෙ එහෙනම්..ඩාක් වර්ල්ඩ් එකේ බෙස්ට් ක්ලයන්ට් උබේ පිටිපස්සෙන් ඉදලානෙ..තව සතියකින් උබට හුලං..හාහ්..හාහ්..මන් කිව්වානෙ තේජුට අත තියපු එකෙක්  කොහෙන් හරි විනාස වෙලා යනවා කියලා..

මට තියෙන ප්‍රශ්නේ දුෂ්මන්තා මොකටද මන් නිසා ඒකාව එලෙව්වේ..ඇයි එයා එහෙම හැසිරෙන්නෙ..අනික එයා දැනගෙන උන්නා මන් තමයි එයාගෙ නන්ගිව ඉස්සුවෙ කියලත්..එහෙම වෙලත් ඇයි එයා මාව අල්ලගත්තෙ නැත්තේ..ඇයි එයා මාව බේරුවෙ..වයි දුෂ්මන්ත වයි..අපේ ආර්ය මීමින්නාගෙ ඕර්ඩර් එකකටද..එහෙම නැත්තම් වෙන ලාභයක් බලාගෙනද....

බැරිවෙලාවත් එයා..

බැරිවෙලාවත් එයා මගෙ ඩැඩියට ලයින්ද..

වට්ද ෆක්..පුන්සදේ ලන්තෑරුම් ලිදේ කිව්වලූ..මට හිතුනා බේබි බෝයි කියාගෙන එද්දිම මොකක් හරි අංචියකට තමයි කියලා..ඩැඩීගෙ පුතා වක්‍රාකාරයෙන් මගේ පුතා කියලා කිව්වේ ඒකයි උබ..හිතේ ඇති ඩැඩීව බැදලා මාවත් පුතා කරගන්න..ඒක තමා උබ නන්ගිව මන් ඉස්සුවේ කියලා දැනගෙනත් උපාසකයා වගේ උන්නේ..නංගි මිසින්ග් වෙච්චි පෝරුවෙ මගෙ ඩැඩියා තනියෙන් ඉද්දි උබ නගින්න නේද හිතාගෙන ඉදියේ..එව්වා කොහෙද තේජූ එක්ක..බලාගෙන ඉදින්  අමනාස්ටික් දුෂ්මන්තො..උබේ බලාපොරොත්තු මේ තේජු සුනු විසුනු කරනවා..

" looking for something baby boy..මගෙන් උදව්වක් ඕනිද..."

කිරිඅප්පට අමනයො ගහපිය කිව්වාලු..හැලයා මොකද මෙතන..ආ..ආ..පිලිමේ හෙලවෙනවා යකුනේ..අරකා මාව බයකරපු පාර මන් ගැස්සෙද්දි පිලිමෙ හෙලවිලා යටිපතුලේ තිබුන දාඩියට මාව ලිස්සද්දි මන් කවුලුවේ එල්ලුනා..මෙතනින් වැටුනොත් පුතේ උබේ ඉල ඇටේට වෘෂන ඇට දෙකෙන් එකක් දාගන්න වෙයි..කකුලේ මදිවට අල්ලටත් දාඩිය දාලා නිසා අල්ලන් ඉදපු කවුලුවෙන් අත ලිස්සුව පාර මන් හිත හදාගත්තා..ගොනා කෙලපු මට දේවාලෙන් වැටුනා වගේ වැඩක් වෙන්නයි යන්නේ ඕන දෙයක් වෙච්චාවෙ කියලා මන් ඇස් වහගත්තා..

වැටෙයි කියලා බලන් උන්නාට මොකද මන් වැටුන්නෑ..එයා අල්ලගත්තා..වෙන කවුද ඉතින් පිලිම මිනිහා..නැ නැ දුෂ්මන්තේ තමයි පිස්සු නාකියා..මන් කොහොමත් දැනගෙන ඉදියා පොර මාව අල්ලගන්නවා කියලා..මන්  තේජුනේ බොලව්..එහෙම වැටෙනවද මම..

" බේබි බෝයි කරදර ඔයාව හොයන් එනවද නැත්තන් ඔයා කරදර හොයන් යනවද..ඇයි ඔච්චර careless.."

" කවුරු මාව හොයන් ආවත් මන් කාව හොයන් ගියත් ඔයාට මොකද..මේ මිස්ටර් මාව බිමින් තියනවද වාතයක් නොවී.."

හිතන්නෙපා අමනස්ටාලිකයෝ උබ මාව අල්ලගත්තාට මන් ඩැඩියාව උබට දෙයි කියලා නම් හරිද..මරාගෙන මැරෙනවා යකොව්..

"බේබි බෝයි ඔයා මේ වෙද්දි බෙඩ් රෙස්ට් කරන්න ඕනි..යමු මන් එක්කන් යන්නම්.."

" මේ අංකල් මාව බිමින් තියන්නකො..මගෙ කකුල් හොදට වැඩ..කිව්වම අහනවකෝ.."

" හොදට වැඩ කියලා නම් මාත් දැක්කා..ඒකට කමක් නෑ අපි යමුකෝ.."

" එහෙම යන්න බෑ..මාව අතාරින්න..මට ලාදුරු.."

"කමක් නෑ..මන් කැමතී ලාදුරු වලට.."

"මෙ මෙ දුෂ්මන්තේ..ඇණයක් නොවී ඉදපියකෝ.."

"ඇහෙන්නැද්ද මනුස්සයෝ..මාව බිමින් තියපියකො...යකෝ..බීරිද ඕයි.."

අනේ මේකා මාව උස්සන් යනවනේ..

මන් අත මිටිකරලා ඒකාගෙ පපුවට ගැහුවා..ඒත් ගානක් නෑ..බෙල්ලත් හැපුවා..මේකා ඒත් මාව උස්සන් යනවා..කන බීරිද කියලා අහලා කනත් හැපුවා..යකෝ මුගෙ සංවේදන නාළ වේලිලා ගිහින්ද..

"ආආආඅ..අතෑරපන් යකෝ..මාව බේරගන්නෝ මේන් මේකා මාව උස්සන් යනවෝ..මාව බෙව්ව්ව්ම්ම්ම්ක්ක්ම්ම්ක්ක්ක්ක්ම්ක්ම්ක්ක්ක්ක්ක්.."

"බේබි බෝයි..මන් හයියෙන් කතා කරනවට , සද්දෙන් කෑගහනවට කැමති නැහැ..ම්ම්ම්ම් ඒක නිසා කෑනොගහා හොද බේබි වගේ එන්න.."

" බෑ මන් කෑගහනවා..මන් ගේ දෙදරන්න සද්දෙන් කතාකරනවා..මට මොනා කරන්නද ආ..මට මොනාකරන්නද ආ..මන් බය නෑ ඕවට..අනික මට බේබි කියන්නෙපා හලෝ..මට බේබි කියන්න ඔයා මගෙ ඩැඩී-..ඔහ් ශිට්..අනෙ දුෂ්මන්තේ.. ඩැඩී..ගෝඩ් මට එයාව අමතක වුනා..දැන් වෙලාව කීයද??..අනෙ ගල් අමනයෙක් වෙන්නැතුව වෙලාව කියපන්කෝ යකෝ.."

ඩැඩී කියද්දිනෙ මතක් වුනේ...ශිට් ශිට් ශිට්..ඩිනර් එකට ඉන්නම් කියලනෙ මන් එලියට ආවෙ..ගෝඩ් මගෙ ඩැඩියා මාව හොයනවද..මන් නෑ කියලා එයා දන්නවද..වෙලාව..වෙලාව කීයද..යකෝ මන් ආවේස වුන යකාවගේ ඉද්දි මේකා බුම්මැට්ටා වගේ බලන් ඉන්නවා..පිස්සෙක්ද අඩේ..

"දොලහා මාරයි.."

"දොලහා..ආහ් පාන්දරනේද..අම්මොහ් බයවුන තරමක්.."

"නෑ දවල් දොලහයි.."

"මොකාආආආආආආඅක්ක්ක්!!!!!!!!"

මොකක්..පහුවෙන්දා දවල් වෙලා..නෑ වෙන්න බෑ..එහෙම වෙන්න බෑ යකෝ..මන් කෑගහපු පාර දුස්මන්තා  කන උරහිසේ ගහගත්තා..

"මාව බිමින් තියපියකෝ..කිව්වම අහලා තියපියකෝ.."

"ඔන්න හරිනෙ.."

සන්නිය හැදිලා වගේ ඒකාගෙ අත්දෙක උඩ මන් දලගපු පාර එයා මාව බිමින් තිබ්බා..හරිද කියලත් අහනවා..නැ නැ මුකුත්ම හරි නෑ..

"හරි නෑ ඔක්කොම වැරදී..දුෂ්මන්ත අංකල්..ආහ් නෑ අංකල් සෙට් නෑනෙ..දුෂී කියන්නද..හානෙ..අහන්නකො දුෂී ඔයාට වෙනවා මාව හොස්පිටල් එකට අරන් යන්න.."

"මොකක්..එත් ඇයි??."

"පැහෙන්නැතුව කියපු දේ කරන්නකෝ..මාව ඇඩ්මිට් කරන්න ඔයා..මේ දැන්ම.."

.

.

.

.

.

.

.

.

.

.

.

.

"ඩොක්ටර්..මගෙ කොල්ලාට මොකද.."

"බයවෙන්න දෙයක් නෑ ඇමතිතුමා..තුවාල තැලුම් විතරයි අභ්‍යන්තර හානියක් නෑ..එයාට තව ටිකකින් සිහිය එයි.."

"තැන්කිව් ඩොක්ටර්..තැන්කිව් සෝමච්.."

දුෂියාගෙ පිහිටෙන් ඕන් තේජු දැනට උබ බේරුනා..මම නෑ කියලා දැනගෙන ඩැඩී මුලු ටවුන් එකම සුද්ද කරලා..නොගියපු ක්ලබ් එකක් නැලු..අවසානෙ මගේ උන් දෙන්නෙක්වත් අල්ලගෙන මන් ගැන අහලා හොදටම නෙලලා..අයියෝ ඩැඩී චුට්ට ඇත්තම් ඔයත් පයර් වෙනවනෙ..

මට සිහිය ආවා කියලා දැනගත්තාම මොන කස්තිරමක් අල්ලයිද දන්නෑ..ඩොකාට ගානක් දීලා බොරුවට ඇඩ්මිට් වුනාට මොකද ඇක්සිඩන්ට් වුන විදිය කියන්න ගියාම තමයි මාව කොර වෙන්නෙ..බයික් එකට හීරිමක්වත් නැතුව උබට හෙන ගැහුවෙ කොහොමද කියලා අහයි..වාහනේට සුපර් පවර්ස් ආවා කියලා කියන්න බැරිවෙයිද..තේජූ උබ කාගෙන් බේරුනත් ඩැඩියගෙන් බේරෙනවා බොරු පුතේ..

"තේජූ..මගේ වස්තුව..මොකද්ද රත්තරනේ මේ කරගත්තේ..මන් ඔයාව හොයපු නැති අස්සක් නෑ..මගෙ දරුවො මාව බය නොකර ඇස් ඇරපන්..ඔයාව මෙහෙම දකිද්දි මාව පිච්චෙනවා පුතේ..නැගිටලා ඩැඩි කියන්න..මන් උබට ගහන්නෑ..

.

.

.

.

.

උබව මකවනවා.."

________________________

හෙලෝ සමයි😌❤️

මන් ආවා

තේජු උම්බ ඉවරයි පුචේ...

එන්නම්..

ආතරෙයි❤️

_Gojo_

Share This Chapter