Back
/ 41
Chapter 24

විසිතුන් වෙනි කොටස

No more | Ongoing

"අප්පච්චි දැන් බඩගිනී නෙ "

"ඉන්න ලමයෝ තව ටිකක් ඉස්සහින් නවත්තනවා"

" ඔව් ඉතින් අම්ම කිව්වොත් අප්පච්චි අපි ඔලුවෙන් හිටන් කිව්වත් අහන එකක් ඇයි ....ඒත් තව ගොඩක් දුරයිනෙ අප්ප ඔය කඩවල් වලට "

" ඉවසන්න පුරුදු වෙන්න ලමයෝ මුලින්ම අනික...ඒ පොඩි පෙට්ටි කඩවල් වල කෑම රසයි.... ඒ වගේම අප්පච්චි කොහොමත් මං කියන ඒවා අහන්න ඕන තමයි නැද්ද මහත්තය "

"ම්ම්ම්.....

" එච්චර නෙ පුලුවන් ...ලොකූ... සුදූ..කෝ මේ දෙන්න ඉන්නවද නැද්ද නෑනෙ මොකෝ සද්දයක්වත් නැත්තෙ පිටිපස්සට ම වෙලා"

උදේ පාන්දර ඇහැරිලා මේ මාමගෙ කැබ් එකේ නැන්දලගෙ දිහා යන ගමන්... විනුද් ලගෙ නැන්ද උනාට මට කවුරු වෙනවද කියන්න දන්නැති නිසා මාත් ඉතින් හැම කෙනාටම නැන්ද මාමා තමයි....

උදේම ඇහැරුනු නිසා මෙච්චර වෙලා මං හිටියෙ විනුද්ගෙ උරහිසේ නිදාගෙන.... හැබැයි මං ඇස් පියා ගත්තෙ ශටර් එකට ඔලුව ගහන් උනාට ඇස් අරිද්දි හිටියෙ උරහිසක් උඩ බෙල්ලක් අස්සෙ ඔලුව ගහන් ... මං ඇහැරිලා විනාඩි විස්සක් විතර ඇති විනුද් මගේ බෙල්ල අස්සටම ඔලුව ගහගත්තා... මූ තව තව අස්සට රිංගන්න හදනව .... තව කොහේ රිංගන්න ද... මං ඔලුව තියන් ඉද්දි මගෙ ඔලුවට ලාවට ඔලුව තියන් හිටියෙත් කොල්ලටත් අමාරු නිසාද මං දා...

මං බෙල්ල යන්තන් පහලට හරවලා ඒ ලාවට රැලි ගැහුන කොන්ඩෙට තොල් ලං කලා... ලැවෙන්ඩර් සුවදයි... මගෙ කොල්ල... එහෙම කියන්න මට අයිතියක් තියෙය් ද තිබුනත් ඒ කොච්චරක් නම් පොඩි කාලෙකටද කියන්න මං දන්නෑ... ඒත් එතකන් ... මේ ලැබුන පුංචි අයිතිය අස්සෙ මං සැනසීමෙන් ඉන්නව කියල විතරක් මං හිතාගත්තා...

වයසට වඩා වැඩුන ඇග ජිම් ගිහින්දෝ පිම්බිලා තිබුන අත් පපුවට බැදගත්තු මේ පිරිමි රූපෙ දවසක කාටවත් ලං වෙන්න තියා හිතන්නවත් බැරි තැනකට යනව කියන්න මං දන්නවා... මොනව උනත් මං ඔයා ලග ඉන්නව කියන්න මට කොහෙත්ම අයිතියක් නෑ... ඒත් මං කොහේ හරි ඉදන් ඔයා වෙනුවෙන් බලන් ඉදියි කියන්න විතරක් මං දන්නව

කැබ් එකේ ලාවට සිංදුවක් ප්ලේ වෙද්දි මෙච්චර වෙලා චූටිත් හිටියෙ නිදාගෙන...මමයි විනුද්තුයි හිටියෙ පිටිපස්සට වෙන්න අපිට ඉස්සරහ චූටි නැන්ද පැසෙන්ජර් එකේ මාම ලග... යන්‍තම් නැන්ද කියවන සද්දයි ඒ කියවිල්ලෙ අන්තිමට මාමගෙ හ්ම් එකයි මේ ගස් කොලන් වට්වෙච්ච පාරක හදිස්සියෙන් යන වාහනයක් දෙකක සද්දෙයි ඇරුනම

ස්ලෝ එකේ ප්ලේ වෙන සෝන්ග් එකයි.. භාගෙට ඇරපු වින්ඩ්ස්ක්‍රීන් එකෙන් ලාවට එන සීතල සුලගයු බෙල්ල පාමුලින් ම දැනෙන මං ආසම සුවදයි ... බෙල්ල අස්සෙ ඉන්න ඒ සුවදෙ අයිතිකාරයයි කොල පාට වටපිටාවයි අතේ තිබුන ජේන් අයර් පොතයි එක්ක මට පුදුම තරම් සැහැල්ලුවක් දැනුනා....

උදේ බත් කාපු ගමන එනගමන් ගෙනාපු මායි චූටියි හදපු සැන්ඩ්විච් ටික යි නැන්ද හදපු මුකුලු කිව්ව කැව්ම් වගේ දේයි වෙලාසනම කාල ඉවර කලා වෙද්දි ඒ ඇරුනම දැන් දවල් දොලහටත් ලං වෙලා නිසා ආපු බඩගින්නටදෝ චූටි ඇහැරිලා නිදිමතේම බඩගිනී කියද්දි නැන්දගෙ තීරණේ අන්තිම තීරණේ වෙද්දි ඉන් පිට කවුරු මොන කතාව කිව්වත් වැඩක් නැති තැන අර නවත්තව කියපු කඩවල් වලට දුරයි කියල ඇනුම්පද කිය කියම චූටි මූනත් දෙක කරන් ශීට් එකේ දනගහන්ද කොහෙද උඩින් පිටිපස්සට එබුනා වෙද්දි ඒ එක්කම නැන්ද අපි කෝ අහනව ඇහුනා...

"මේ විනුද් ට නින්ද ගිහින් නෙ නැන්දේ.... "

"ඔව් ඉතින් විභාගෙකට කියලවත් පාන්දර නැගිටන් පාඩම් කරපු එකෙක්‍යැ...මට හිතාගන්න බෑ මේක මොනව ලියන්නැත්ද කියල විභාගෙට ගිහින්... මෙහේ ආවත් හරි ලිව්වෙත් එක වාර විභාගෙයිනෙ ඒකටත් ලකුනු තිස් ගනන් රිපෝට් කාඩ් එකේ තිබුන ලකුනු දැක්කම මට පපුව අමාරුවත් එන්න ආවා... දැන් මූ ප්‍රයිවට් දාන්නද ඉන්නෙ... මට නම් ඔය කිව්වට ඒකත් ශුවර් නෑ... අප්පල පුතාල ඕන මගුලක්"

"ම්ම්"

"මොකද මහත්තය බකමූනෙක් වගේ හ්ම් හ්ම් ගාන්නෙ ඔයත් ඉතින් මොන මගුල කලත් මුගේ පැත්තෙනෙ... අනික මං දන්නව ඔයා ඔය මං කියන එක දෙයක්වත් අහන් නෙවෙයි ඉන්නෙ කියන්න... හහ් කාටත් තේරෙයි දවසක බලන්න බැරියැ...."

" හ්ම්"

නැන්ද එවෙලෙ නම් ගස්සල අහක බලාගන්නැති.... ඕක තමයි හැමවෙලේම වෙන්නෙ... නැන්දගෙ වැඩේම මාම ලගට වෙලා රටේම් ඒවා කියවන එක කියවන් ගිහින් ගන්න බ්‍රේක් එකේදි කිව්වෙ මොකක් උනත් මාමා කියන්නෙ හ්ම්ම් විතරයි .... නැන්දට යකාම නගිනවා....

හැබැයි මාම විනුද් එක්කනම් හරි හරියට කියවනව මං දැකල තියෙය් ... නැන්දට කේන්ති ගියාම එහෙම ඒ දෙන්න හුවමාරු කරගන්න බැල්මවල් ඒ දෙන්නගෙ එකතුව එක්ක ඒ තාත්ත පුතාගෙ බැදීමට ඉරිසියත් හිතෙනවා... ඇත්තටම අපි කොච්චර උත්සාහ කලත් අපිට අමතක කරන්න බැරි දේවල් තියෙනවා...

ඉතින් මං කොහොමද මට මතක දවසෙ ඉදන් උන දේවල් මුකුත්ම න්වුන වගේ අමතක කරන්නෙ... තාත්තට නිකමට වත් මාව මතක් වෙන්නෙ නැතුව ඇතිද... අඩුම මං පණපිටින් ද බලන්නවත් එයාට ඕන නැතුව ඇතිද ... මොනව උනත් ඒ මගේ තාත්ත... අම්ම කියන මනුස්සයත් මාව එපා කියල දාල ගිය එකේ ඒ මනුස්සය නෙ මට කන්න බොන්න අඩුවක් නකර දුන්නෙ... ඒත් එදා මට ඇහුන දේවල්..

නෑ නෑ ඇහෙන හැමදේම හරිම දේවල් නෙවෙයි ඒ මගෙ තාත්ත ... මං දන්නෑ ඒ මනුස්සය ඒ වචනෙට කොච්චර සුදුසුද කියන්න... ඒත් මගේ හිතේ සැනසීම වෙනුව්ව්න් හරි මං මට ඇහෙන දකින දේවල් පවා වෙනස් කරගන්න උත්සාහ කරනවා .... අලුත් ජීවිතයක් ඔව් මට ඕන අලුත් ජීවිතයක් පටන් ගන්න....

කවුද හරි මුලින්ම ඔයා ඔයාගෙ ජීවිතේ හදාගන්න විනුද් ... ඊට පස්සෙ මං යන්න ඕන ... සමහර විට තාත්තට වැදල බැරි නම් මොන කස්තිරම නටල හරි මෙහෙන් යන්න පාස්පෝට් ඉල්ලගන්න ඕන ..... කොහොමත් ඔයාට මාව බදින්න බෑනෙ විනුද්.... දවසක අපි දෙන්න පාරවල් දෙකක යන්න තෝරගන්නම වේවි.... එදාට ඔයා ට ලේසියෙන් ම යන්න දෙන්න නම් මං ඔයාට බැදෙන්නෙ නැතුව ඉන්න ඕන...

ඒත් මෙහෙට ආපුදවසෙ ඉදන් පිරිමියෙක් ලං උනත් කම්ෆටබල් නැතුව යන මාව ඔයා ලග නැතිවෙද්දි හොයාගෙන ඉන්න තැනකට එන්න තරම් වෙනස් කරල තිබුනා... ආදරේ කියන වචනෙ විහිලුවක් ම වෙලා තිබුන මගේ ලෝකෙ ඇතුලෙ ඔයා ලොකු තැනක් හදන් තිබුනා.... මට බයයි විනුද් මං ඔයාට ඇබ්බැහි වෙයිද කියල... කොහොමද එහෙම උනොත් ඔයාට යන්න වෙන දවසක මං ඔයාව අතාරින්නෙ.....

ඇස් වලින් බේරෙන උනු කදුලු කම්මුල් දිගේ වේගෙන් ගලන් ගිහින් බෙල්ල අස්සෙම අතුරුදහන් වෙද්දි කීවෙනිවතාවටදෝ මං ඒ ලැවෙන්ඩර් සුවද කැරලි කොන්ඩෙ අස්සෙ දැනෙන නොදැනෙන ගානට තොල් තදකලා....

"ක්හ්ම්... මේ අපි කන්... අහ් ඇයි සුදු අයියේ මේ ඔයා අඩනවද .....ලොකූ !!"

"න්...නැහැ චූටි මං මේ මගේ ඇස් දැවිල්ල ගත්තා හුලග වැදිලා"

සිහිය වෙන කොහේදෝ ගිහින් තියෙද්දි මාමල වාහනේ නවත්තල බැහැලත් ඉවර වෙද්දි දොර ඇරල චූටි කෑගහපු සද්දෙට හරි සිහියට ආපු මං ඒත් එක්කම ඇස් දෙකයි කම්මුල් දෙකයි තද කරල අත්දෙකෙන්ම පිහිද ගන්න්ස් ගමන් අඩන්නෙ ඇයි අහපු එකට හුලග නිසා කියන් ගියත් ඒ ඉවර කරන්නත් කලින් උරෙන් ඔලුව උස්සපු විනුද් නිදි මත විකාරෙන්දෝ නලලත් රැලි කරන් ඇසුත් හීනි කරන් මං දිහා බලන් ඉන්න ගත්ත වෙද්දි ඒ බැල්ම එක්ක මගේ වචනත් හිර උනා...

" කැහ්ම්... මේ අප්පච්චි කිව්ව දෙන්නටම එන්න කියන්න කියල. දැන් දොලහත් වෙලානෙ යද්දි දෙක විතරවත් වෙයි කිව්ව නිසා ඉක්මන් කරන්න කිව්ව"

ඇත්තටම මේ උදේ පාන්දරම පිටත් වෙලා මේ ගමන ආපු එකේ ප්‍රධාන ම හේතුව විදිහට මාම කිව්වෙ මේ නැන්දලයි ගම තියෙන්නෙ ලොකු කදු වගේකින් වටවෙලා නිසා ඉර පායන්නෙ දවල් වෙලා වගේම ඉර තුන හතර වෙද්දිම බැහැල යන නිසා කියල .... මං මේක කලින් අහල් තිබුනා ඒත් ඉතින් ගෙදරින් ස්කූල් ඇරුනම යුනිවර්සිටි යන්න විතරක් එලියට ගිය මනුස්සයෙක් උන මං මේවයෙ ඇවිත් තියේවියැ....

"ඇයි මේ "

"හාහ්... ඇයි අහන්නෙ යං කන්න... උරහිසක් නෑ වගේ "

මං කිව්වෙ විනුද් ඔලුව තියන් හිටපු උරහිස අනිත් අතින් අල්ලන් වටේට කරකවන ගමන් මං දිහාම බලන් හිටපු විනුද්ට...

එහෙම කියල එයා මොකුත් කියන්න කලින්ම මං බැහැල පාර පැනල මාමල වාඩි වෙලා හිටපු මේසෙට එහා පැත්තෙ ලෑලි ගහල හදල තිබ්බ් මේසෙ එක්ක තිබ්බ ලී බංකුවක වාඩි වෙද්දි චූටිත් මං ලගට ඇවිත් ඉදගත්තා...

මෙහේ මාරම ලස්සනයි කඩවල් පේලියක් ම වගේ තියෙය් ...විනුද් ලගෙ දිහාටත් වඩා සීතලයි ආශ් මං ජැකට්ටෙක වාහනේ දාලනෙ ඇවිත් තියෙන්නෙ...ඇගිලි ගල් වෙලා වගේ...සීතල සුලග ඇගට දරාගන්න ටිකක් අමාරු උනත් ඒක මාරම සනීපයි... මං බංකුවෙ ඉදන්ම වටේ පොටෝ ටිකක් ගත්තා... ඒ එක්කම විනුද් ඇවිත් මට ඉස්සරහින් වාඩි උනා...වටේම ගස්  .. වාහනේ නවත්තපු පැත්තෙ උස කන්දක් හරියට පඩිපෙළ තියෙන බිත්තියක් වගේ... එතකොට පාරෙන් මේ පැත්තෙ කඩ පේලිය තියෙන පැත්තෙ තියෙන්නෙ පහල ට හෙලක් වගේ ටිකක් ලොකු බෑවුමක්... ලොකු ගස් පිරුන...පයිනස් ගසුත් තියෙය් ද කොහෙද ..

"ම්ම්.."

" හාහ් "

"සීතලයි කියල දන්නවනෙ සිහියක් නැද්ද මේක ඇදගන්න ඔහේ ඉන්නවා වෙව්ලද්දිත් කෝ මේ දෙකත් දාගන්න අත් රැලි වැටිලත් එක්ක... "

"......"

" ඔහොම බලන්නෙ ඇයි මට සීතල පුරුදුයි "

"පුතේ කැමති දෙයක් අරන් කන්න............. මෙහේ සීතල වැඩීනෙ මහත්තයා ... ගොඩ කාලෙකින්නෙ ආවෙත්... ඊටත් සුදු පුතාට හුරුත් නැතුව ඇති එහෙත් මුල් කාලෙ අමාරු උනානෙ හිටියට..."

"නෑ නැද්දෙ එච්චර අවුලක් නෑ "

වාඩි වෙලාම වටේ ගස් වල පොටෝ ගන්න ගමන් හිට්පු මං දිහාට ජර්සි එකක් දික් කරපු විනුද් මං ඇදගන්නත් කලින් ඒක මට පෙරෙව්ව වෙද්දි තව් ග්ලවුස් දෙකකුත් දුන්න.. කෝ එයාට.. මං එයාගෙ දිහා බෙල්ල උස්සල බැලුවම කියන්නත් කලින් එයාම උත්තර දෙද්දි..ඒ එක්කම නැන්ද කිව්වත් වගේ මටනම් සීතල ටිකක් අමාරුයි වගේ දැනුන...

මං ගනිපු පොටෝස් ටික මෙලීට දැම්මා...

"-' අනේ එහේ ලස්සනයි නෙ මටත් එන්න ඕන ...🥺❤️'

-'ekane dawasaka emuko'

- 'කෝ ඕයි තමුසෙගෙ පොටෝස් ගස් වල නෙවෙයි තමුසෙගෙ ඒවත් ගන්නව🔪 '

-'Mm'

-'kolla lassanai ne ithim 🙈😶'

-' වෙන නැත්තන් ' "

" මොකද තමුසෙ පුපුරන්නෙ "

" හහ්"

"ඔහොම නම් බෑ ලොකූ.....බෑ වගේ නම් බලෙන් හරි උස්සන් යන්න ඕන... පේනවනෙ හිනාව... නැත්තන් තමුසෙට හැමදාම ඔහොම පුපුර පුපුර තම්..."

" තමුසෙ දැන් ඕක කොටකොට හිටියම හරිද !!ඉක්මනට කනවා යන්න පරක්කු වෙනව ..."

" හ්... මොකෙක්වත් කෑවද එකපාරටම "

" මාව නම් කෑවෙ නම් හැබැයි තව ටිකක් වෙලා ඕක එබුවොත් ' තමුසෙ ව නම් මොකෙක් හරි කාවි' "

මං හිටියෙ මෙලී එක්ක මැසේජ් කරන ගමන්.. ඒ අස්සෙ මේ අයියයි නංගියි කුටු කුටු ගාද්දි මං අහන් හිටියෙ මේ පණ්ඩිත ආච්චි ගෙ උපදෙස් ටික...හහ් බලෙන් උස්සන්න කියන්නෙ....කාවද දන්නැ... ඒ එක්කම විනුද් නැට්ට පාගන් කෑ ගහද්දි මං විතරක් නෙවෙයි චූටිත් ගැස්සුනා වෙද්දි ඒ එක්කම මං කියපු එකට මුල ටික හයියෙන් කියල අන්තිම ටික මට පේන්න තොල් හොල්ලල කියද්දි මං එවෙලෙ ම අරන් ආපු කිරි තේ එක බොන්න ගත්තෙ ආයෙ ඌ දිහා බලන්නෙ නැතුව...

"අහ්... හුත්ත...පිච්චුවා නෙ "

"ඇහ් "

"හහ්"

"මං හිතුවෙ ඔයා ඕව කියන්නෑ කියන්නෑ කියල.. බැලුවම දෙන්නම එකයි.. අර මෙලී අක්කයි මායි විතරයි හොද"

" ක්..කැහ්..ක්හ්ම්.. දන්න තරම තමයි..."

" ඇයි එයත් කියනවද ...."

" කියනවද නෙවෙයි ඒකි වචන දහයක් කිව්වොත් නව‍යක්ම කුනුහරුප.. ඔය මෙහේ ආපු නිසා හිතලම කතා කරන්නැත්තෙ... හෙන බොරුව...මං කට කැඩෙනකන් කිව්වත් වැඩක් නෑ... කට නිසා ඉස්සර හැමදාම එයාගෙ තාත්තගෙ ගුටි කාලා අපේ ගෙදර ඇවිත් මාත් එ"

"කටවහගෙන ඕක බීල මේව කනවා ඉක්මනට... මගුලක් කියවන්න ගත්තා "

"මොකද ලොකූ කෑගහන්නෙ... හෙමිහිට කන්න දෙනව ඒ ලමයට තව ලොකු දුරක් නෑ.. අපි ටිකක් අර පැත්තට ගිහින් එන්නම්...."

තේ එක උනුවෙන්ම කටට ගත්ත නිසා දිව පිච්චෙද්දි එක පාරට චූටි ඇහ් ගාල පිච්චුන පාර මට එකපාරටම කියවුන වචනයක් අල්ලන් කියවද්දි මෙලී විතරයි හොද කියද්දි මට කොහෙදො නැති කැස්සකුත් ආවා... මොකද ඕකි නිසා තමයි මටත් කියවෙන්නෙ.... ඉතින් මං මෙලී ගැන කේලම් කියාගෙන ගියත් ඒ එක්කම ආයෙත් විනුද් කෑගහද්දි අනිත් පැත්තෙන් මාම විනුද් ට බනිද්දි... මං කින්ඩියට වගේ හිනා වෙලා තේ බොන්න ගත්තා...

" ඒත් මං මේ බලාගෙන හිටියෙ පරක්කු වෙයිද කියල"

"කොහොමද අක්කේ "

" ගොඩ කාලෙකින්නෙ....වරදක් නෑ නංගී..  මහන්සි නේ යං ඇතුලට්"

" පාන්දරම ආපු නිසා හොදයි"

" ගිහින් ඉක්මනට ඇගපත සෝදගත්තනම් තව ටිකකින් තවසීතල වැඩි වෙයි "

"යන්න ලොකූ ඔයාල දෙන්න ගිහින් ඉක්මනට සෝදන් එන්න මං බඩු කාමරෙන් තියල ටවල් එක එවන්නම්"

ඔන්න ආවා...අම්මෝ මේක බංගලාවක්නෙ... දෙයියනේ මේක නිකන් හොල්මන් කතා වල තියෙන එකක් වගේ... යන්තන් ඉර බැහැල යන ගමන් තියෙන නිසා වැටෙන කලුවරඑක්ක හෙන ගුප්ත පාටයි ...ඒ මදිවට ඔසරියක් ඇදපු උස මහත ගෑනු කෙනෙක් එක්ක අපේ මාම වගේ නෑ ඊටත් වඩා නපුරු පාට පිරිමි මනුස්සයෙකුත් ඉස්සරහට ආවා වෙද්දි ඒ ගෑනු කෙනානම් අපි එක්කත් ය හිනා වෙලා නැන්දා එක්ක කතා කලා වෙද්දි.. නැන්ද අපිට ඇග සෝදන් එන්න කියල කියද්දි දෙකට තුනට ම නැමීගෙන ආපු මනුස්සයෙක් එක්ක මායි විනුද් තුයි පිටිපස්සෙන් ඇවිදන් ගියා... ඒක ලිදක්... ටැංකිකුත් තියෙය් වතුර පුරවපු....

"ඔය ටැංකියෙන් අරන් සෝදගන්න මහත්තයා "

වටේම යන්තන් කලුවර වැටිලා.. රැහැයියන්ගෙ සද්දෙත් ඇහෙනවා... සීතලත් එක්ක...මං හෙමීට රෙදි ටික ගලවල පැත්තකින් තියල හැරෙද්දි මූ වතුර එකක් බකට් එකකට අරන් ඔලුවට හලා ගත්ත

"පිස්සුද මිනිහෝ මේ සීතලේ නෑවෙ "

"කටවහගෙන ඇග සෝදගන්නවකො ඉක්මනට... දැන් මට සීතල වෙනවට කැමති නෑනෙ නෙ... බලමුකො එහෙනම්"

ශික් මුගේ තියෙන්නෙ ම හෙන කුපාඩි පාටක්...

ඉතින් ඇග සෝදන් නාගෙන මගේ ඇගේ ගෑවි ගෑවි විකාරයක් වෙන්න ගියපු මේ බූරුවත් එක්ක අර මනුස්සය ගෙනත් දීපු ටවල් දෙකත් ඇදන් ඒ මනුස්සය එක්කම කාමරේට ගියා...

"මේ කාමරේ ඔය සුදු මහත්තය ට අනි..."

"නෑ අපි දෙන්නම මේකෙ ඉන්නම් "

" නෑහ් ඔයා ය්"

" මාම යන්නකො අපිට මේක ඇති "

එහෙම කියල මාව ගනන් නොගෙනම අර මනුස්සය ව හෙමීට එක්ක ගිහින් එලියට යවල දොර වහල මහ ලොකු වැඩක් කලා වගේ අර කුපාඩි කටකොනේ හිනාව දාගෙනම මගේ දිහාට හැරුනා...

මං ගස්සගෙන ගිහින් ඇද උඩ තියල තිබ්බ බෑග් එකෙන් අදින්න එකක් තෝරද්දි ඉනවටේ ගියපු නහර පෑදුන අත් දෙකක් මාව පිටිපස්සට තද කරගන්න ගමන්... කොන්දෙ මූන ඇතිල්ලුවා...

"සීතලයි මාවි .... "

" ඉ...තිං මං කිව්ව...ද මේ සීතලේ නාන්න කියල.. ත්... තමුසෙ නෙ නෑවෙ ... එහාට වෙනව "

"මොකක්ද මාවි... චුට්ටක් ඔහොම ඉන්නවකො... බොරුව නැතුව... හිත කියන දේ නෙවෙයි නෙ කට කියන්නෙ... කෝ හැරෙනවකො තමුසෙ ලග හරි උණුහුමයි "

මූ කනේ තොල් හප්පන ගමන් හෙමීට මුමුනද්දි... මට දැනුනෙ කකුල් පණ නැතුව යනව වගේ.. මං තොල් දෙකම තද කරල හපාගත්තා වෙද්දි... මූ මාව උරහිසෙන් එයාගෙ පැත්තට හරවලා එහෙම ම එක්ක ගිහින් ඇදේ ඉන්දෙව්ව....

"ම්...මොකක්...ද ක්..කරන්නෙ වි..නුද්"

" ශ්..."

එහෙම ම මගේ දෙපැත්තෙන් අත් තියල මූනටම නැමුන විනුද් එක අතක් මගේ ඉන දිගේම අරන් ඇවිත් මහපට ඇගිල්ලෙන් තොල් කොන ලාවට පිරිමදින ගමන් මගේ ඇස් දිහාටයි ආයෙ තොල් දිහාටයි මාරුවෙන් මාරුවට ඇස් අරන් ගියා... හරියට අවසර ඉල්ලලන්න වගේ...

ඒ ඇස් අඩවන් වෙලා ගිහින් ඇඩම්ස් ඇපල් එක වේගෙන උඩ පහල යනවා...

ඒ තොල් යන්තම් ඈත් වෙලා ගිහින්...ඒ මූන දිහා කෙලින් බලන්න බැරි කමට මං ඇස් පහලට ගෙනියද්දි සුදු පාට ටවල් එක ඒ චූටි ඉන යන්තම් පැක් එකක් ඇදුන බඩ දිගේ බේරෙන වතුර ටවල් එකේ දාර අස්සෙ හැංගෙන විදිහ.. ඒ දිගේම මං ඇස් අරන් හෙමින් උඩ ට ආවෙ මට කෙලත් ගිලෙද්දි....මේ සීතලෙත් දාඩියයි මට... ඒ පපුව.. අම්මොහ්... අපරාදෙ හිතුනෙ මූන බැලුවම... කට කොනේ ඇදුන හෙන කුපාඩි හිනාවක් එක්ක තොල් වල රැදිල තිබුන මහපට ඇගිල්ල එහෙම ම තියෙද්දි... මගේ ඇස් දිහා බලන් ටිකක් වෙලා එහෙම ම හිටපු විනුද් හෙමීට මගේ නලලින් තොල් තද කරද්දි ඒ පහසට මං ඇස් පියාගත්තා... ඒ තොල් සීතල උනාට ඒ හුස්ම හරි රස්නෙට දැනුනා...

විනාඩියක් විතර හරි දිග වෙලාවක් නලලට තොල් තද කරන් හිටපු විනුද්.. මාරුවෙන් මරුවට මගේ ඇස් උඩින් තොල් තද කරද්දි මගේ බඩේ සමනල්ලු මල්ලවපො‍ර ගහන්න ගත්තා..

මට දැනුනෙ මාව ගල් වෙලාවගේ...

ඒ එක්කම එයා හරි සන්සුන් විදිහට හිමීට මගේ ඇස් දිහා බලන් ම මහපට ඇගිල්ල උඩින්ම මගෙ තොල් වල ගෑවී නොගෑවී තොල් තද කරද්දි... මට දැනුනෙ කරන්ට් එකක් වැදුන වගේ...

පපුව ඕනවටත් වඩා ගැහෙන්න ගද්දි... මං එහාට වෙන්න දැගලුවත් ඒ අත් තව ටිකක් මාව තද කරගන්න ගමන් ඇදෙන් වාඩි වෙලා මාව පපුවට තුරුල් කරගත්තා...

අනේ මේ වෙලාව ගෙවෙන්නෙ නැතුව තියෙනවනම්... මගේ හිත කෑගහනව ඇහුනා ....

"විනු... කෝ අනේ...මේක අරිනවකො "

------------------------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------------------------

🌼🖤

Share This Chapter