Back
/ 36
Chapter 11

11 කොටස

🖤My Peony🖤

මම අම්මම්මා බර්ත්ඩේ එකට අරන් දුන්න රෝස පාට ඕවර් සයිස්ඩ් ටී ශර්ට් එකයි.සුදුපාට ශෝට් එකකුයි ඇදගන පික් මී එකක් දාගන ගෝල්ෆේස් එකට ගියා.

දෙවියනේ හාට් බීට් එක එන්න එන්නම වැඩි වෙනවනේ.මේ මොකද මේ.මනමාලියෙක් බලන්න නෙවේ පුතේ ඔයා යන්නෙ එරෝන් අයියව මීට් වෙන්න.ප්ලීස් කාම් ඩව්න්,බී කූල්.

ආ....හ් ශිට් ඒ උනාට මට අමුතු බයක් වගේ මොකක්ද ෆීලිං එකක් එනවනෙ.

ටුක් එකෙන් බැහැලා එතන ලග තිබ්බ බෙන්ච් එක උඩ වාඩිවෙලා මම වෙලාව බැලුවා වෙලාව හරියටම තුනයි.කෝ අප්පා මෙයා.ගොනෙක් වෙන්න එපා යෙනෝන්,ඔයා බෝඩිමෙ ඉදලා හරියට වෙලාවටම ආවට එයා එන්නේ ලෙක්චර්ස් ඉවර වෙලා,ඒ නිසා චුට්ටක් බලන් හිටපන් රෙද්ද.විසාල කරදරයක් උනානෙ මේක.මම මටම බැන බැන බෙන්ච් එකට වෙලා වාඩිවෙලා හිටියා.

One day I'm gonna fly away

One day when heaven calls my name

I lay down I close my eyes at night

යකෝ මේ මගුල රින්ග් වෙන සද්දෙට බය උනත් එක්ක.කව්ද මා අමතන්නේ හදවත එලියට පනින්න මෙන් ලබ්ඩබ් ගාමින් සිටින මේ මොහොතේ.අහ් ලබ්ඩබ් ගාන්න හේතු උන එකාම තමා.

"හෙලෝ අයියේ කොහෙද ඉන්නේ"

"මම ගෝල්ෆේස් එක ලගින් බැස්සා.තව්සෙ මොකක්ද ඇදන් ඉන්නේ"

"කලිසමකුයි සර්ට් එකකුයිඤෙ ඇදන් ආවෙ ඉතිං"

"ගොං පැටියෝ"

"ඕ අයියේ"

"🤣🤣🤣 තොට නම් පිස්සු බං.ඇදන් ඉන්න ඇදුමේ පාට කියහං"

"අහ් පින්කූ පින්කු ඇඳන් ඉන්නේ"

"ඈ....මොකක්,දැන්වත් තේරෙන්න කතා කරපන්කො ඕයි"

"මම උඩුකයට රෝසපාට යටිකයට සුදුපාට ඇදන් ඉන්නේ.දැන්වත් තේරුනාද"

"හා හා හිටු මම එන්නම්"

අනේ කඩව්ලේ දැන් නම් මාව කැරකෙනවා වගෙ.හොදට හුස්මගන්න මිස්ටර් යෙනෝන් තිනේත්‍ර.කලබල වෙන්න එපා ටේක් ඉට් ඊසි.මේ ඉන්ටවිව් එකක් නෙවේ පොඩි පගයෝ.එරෝන් අයියා උබව මීට් වෙන්න එනවා විතරයි.ඒ මනුස්සයා උබව කන්නෙ නෑ.බූරුවෙක් වගෙ මෙතන දගලන එක නවත්තපා......න්.

මම මටම බැනගන්න ගමන් එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.මම දන්නවා තව ටිකෙන් එයා එනවා කියලා මෙතනට.ඔච්චර එක්සයිට් වෙන්න එපා ඕයි මට හරි අමාරුයි.ආයෙත් මම මටම බැනගත්තා.

"Excuse me"

ඒක හරි ගැඹුරු කාම් වොයිස් එකක්.කොටින්ම කිව්වොත් මගෙ බෙලෙක් හඩ වගෙ චක බක වොයි එකක් නෙවෙ ඒක.වචනයක් කිව්ව ගමන් කන හරහා පපුවටම ඇටෑක් කරන්න පුලුවන් විදියෙ වොයිස් එකක්.

මම ඉක්මනට ඒ කතා කෙරුව පැත්තට හැරුනා.ඔව් ඒ එයා.මගෙ සීරියල් කිලර්.වෙයිට් වා....ට් මගෙද එයා.අනේ පුත්තලම් හිකනලෝ මගෙද,අපේද,හිතන්න වෙලාවක් නෑ ඉක්මනට හා.....යි කියපා.......න් කියලා  මොලේ මට සිග්නල් එකක් දුන්නා.

"හායි එරෝන් අයියා නෙහ්"

"ම්ම්ම්ම්ම්"

ඒ උනාට වෙලාවකට මට හිතෙනවා මේ මනුස්සයා කලුකුමාරයාගෙ අවතාරයක්ද කියලා.ඇයි යකෝ කලුමනෙ අඳින්නෙ.දැන් ඇදන් ඇවිල්ලා තියෙන්නෙ කලු ටී ශර්ට් එකකුයි,  දුබුරු නෙවෙ ක්‍රීම් වගෙත් නෙවෙ ඒ මැද වගෙ  පාට ට්‍රව්සර් එකකුයි(ඒ පාටෙ නම දන්නෙ නෑ ඉතිම්) එයා ඇදන් ඇවිත් හිටියේ.

හම්මෝ එයා පට්ට සුදුයි අප්පා. ෆොටෝස් වලටත් වඩා හැන්ඩ්සම්ද මන්දා,සැක් මම එච්චර සුදු නැද්ද කොහෙද.කලු ටී ශර්ට් එකට එයාගෙ ස්කින් කලර් එක වෙනම හයිලයිට් වෙලා පෙනුනා.ඒ මදිවට පට්ට උසයි.මට කතා කරන්න වෙන්නෙ පොල් ගහක් එක්ක කතා කරනවා වගේ බෙල්ල කැඩෙනකම් උඩ බලාගන තමා.

"ඉතිං කොහොමද අයියේ"

මොනාහරි කියන්නත් එපැයිනෙ.ඉතිං මම කොහොමද කියලා ඇහුවා.

"අනේ මේ බොරුවට ඩීසන් වෙන එක නවත්තපන්"

හේ හේ ඔය කිව්වෙ ඉතිං ඉතාමත් වටිනා වදන් පෙලක්.ඉස්මයිල් ඉන් පේන් ඉතිං දැන්.මේ යස්සයා එක්ක බෑ අප්පා.

"ආව ගමන් ඔච්චර කෙලින් කතාකරන්න එපා අප්පා.පුම්චි හිත එක්සයිට් වෙලා තියෙන්නෙ"

"අනේ උබේ පුංචි, මම කියන්නෙ නෑ"

"අනේ මම තරහයි අප්පා"

"ලොකු දෙයක් හැබැයි"

"අනේ මේ මගෙ යකා අව්සන්න එපා හරිතේ.හපලා දානවා මාශ්මෙලෝ එකක් වගේ.ඔයා හිතන් ඉන්නෙ ඔයා හෙන වැඩ්ඩා කියලද.තව්සෙ සීරියල් කිලර් කෙනෙක් උනා කියලා මම ගනන් ගන්නෙ නෑ.තරහා ගියාම මම වගෙ දුස්ට එකෙක් මේ ලෝකෙටවත් නැ.ඒ නිසා මට බයවෙනවා.තේරුනාද? තේරෙනවද ඇහුවම ඔව් කියන්න බැ--"

එයා එහා පැත්තේ ඉන්නවා කියලා හිතාගන ඉස්සරහා බලන් මම කියවගන කියවගන ගිහිම් තියෙන්නෙ තනියම.එතකොට කෝ දැන් මේ යස්සයා.

මම ඉතිං ඔලුව අංශක 360ම කරකව කරකව එයාව හොයන්න ගත්තා.

"බලාගන බෙල්ල කැඩිලා මැරෙයි"

මෙන්න ඒ පාර ඉස්සෝ වඩේ ටිකකුයි අයිස්ක්‍රීම් දෙකකුයි එක්ක මේ මනුස්සයා මතු උනා.මොකක් හරි බලයක් තියනවද මන්දා අප්පා.අතුරුදහන් වෙවී මතුවෙන්න.ඒ උනාට අතේ තිබ්බ කෑම ටික දැක්කට පස්සේ අතුරුදහන් උන එකේ තරහත් නැති වෙලා ගියානෙ.කමක් නෑ ඒත් චුට්ටක් තරහා පෙඤ්ඤඤ්ඤ ඕනෙ

"කොහෙද අනේ ගියේ"

"මේ පේන්නැද්ද ගිය දිහා"

"කියලා යන්න තිබ්බනෙ ඇයි අනෙ.මම සෑහෙන වෙලාවක් මෙතන මානසික රෝගියෙක් වගෙ තනියම කියවලා"

"වගේ කියන්න දෙයක් නෑනෙ.කොහොමත් එහෙමනෙ"

"තරහයි අප්පා මම"

"ටිකකට කලින් තරහා වෙලා නේද හිටියෙ ඕයි"

"ඔව් තරහා උනා.ඊටපස්සෙ ආය යාලු උනා.දැන් ආය තරහයි"

"තෝ නම් පිස්සන් කොටුවක් බං"

"අනේ ඔයා එක්ක බෑ"

"මොනාද බැරි"

"මම දන්නෑ"

මම අත්දෙකත් බැදගන බොරුවට රවාගන අහක බලාගත්තා.

"හා හා එනවා කමු"

හේ හේ ඔය වචනෙ කියනකම්නෙ ඉතිං බලන් හිටියෙ.කොහොමත් කන වෙලාවට තරහා තියාගන්න එපා කියලා අපේ අම්මම්මා කිව්වා.ඒ නිසා අමතක කරලා දාල කන්න ගන්න ඕනෙ.

"මේ මිස්ටර් එරෝන්,ඉස්සෙල්ලම මොනාද කන්නෙ?වඩේද අයිස්ක්‍රීම්ද?

"ඕන එකක් ඉතිං"

"හරි එහෙනම් මෙහෙමයි ඈ. වඩේ චුට්ටක් ස්පයිසි වගේ නේ.ඒ නිසා ඉස්සෙල්ලා වඩේ කාලා, ඊටපස්සෙ කූල් ඩව්න් වෙන්න අයිස්ක්‍රීම් කමු"

"හා හා එහෙම කන්න"

"මට කන්න කියන්නෙ ඔයත් එහෙම කන්න"

"මට බෑ"

යකෝ ඔහොමත් පොල්ලෙන් ගහනව වගේ බෑ කියනවද.ඔව් කියනවා ඇති.ඔය කිව්වෙ යස අගේට.ඒ උනාට ඉතිං මම සැලෙනවද.නෑ මිත්‍රවරුනි නෑ.

"අනේ,අනේ අනේ අනේ අනේඒ.............එහෙම කරන්නකෝඕඕඕඕඔ"

"අනේ මන්දා උබත් බං දැන් මොකක්ද මම කරන්න ඕනෙ කියහංකො"

"ඕකේ මිස්ටර් එරෝන්,ඉස්සෙල්ලම වඩේ කන්න.ඊටපස්සෙ දෙවන පියවර වසයෙන් අයිස්ක්‍රීම් කන්න.ඕකේ"

"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"මේ අයියෙ ඒක නෙවේ.ඔවා කොහොමද මම ආස අයිස්කිරමෙ දැනගත්තේ"

"මම දන්නෑ.මං ගෙනාවෙ මම කන එක"

"ඔහ්   මයි     ගෝඩ් බලන්න ඒ ගැලපීම නේත"

"ම්ම්ම්ම්ම්ම්"

"තව්සෙ නම් බස්සෙක්මයි අනෙ.මැසෙජ් කරද්දිත් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ගානවා ඇත්තමටත් ම්ම්ම්ම් ම්ම්ම්ම් ගානවා"

"ඇත්තමට🤣🤣 හා හා මම ඇත්තමට ම්ම්ම් ම්ම්ම්ම් ගාන්නෙ නැතුව ඉන්නම්කො"

අම්මටහුඩු එයා කියද්දිනෙ මීටර් උනේ.චූටි කාලෙ ඉදන් වෙලාවකට මම ඇත්තටම කියන වචනෙ කියන්නෙ ඇත්තමට කියලා.ඒ කියන්නෙ මට ඒ වචනෙ හරියට කියන්න බැරිකමක් නෙවේ.ඕන වෙලාවට හරියට කතා කරන්න පුලුවන්.ඒ උනාට කා එක්ක හරි නිදහසේ කතා කරනවා නම් ඒ කිව්වෙ මට කම්ෆටර්බල් මනුස්සයෙක් එක්ක කතා කරනවා නම් වචන ඔහෙ ගනන් ගන්නෙ නැතුව කියලා දානවනෙ තකොට ඒ වචනෙ අර විදියට තමා කියවෙන්නෙ.

"ඇයි දැන් හිනාවෙන්නෙ.තව්සෙට මාව විහිලුවක්ද ඈ.පුංචි කමට උන වැරැද්දක්නෙ ඇයි අනෙව්"

"එ උනාට ඒ වචනේ එහෙමම කියහං.මම කැමතියි."

"මොනාටද කැමති"

"තමුසෙ ඒ වචනෙ කියන විදියට"

"හේ හේ ඔයා ලැජ්ජා කරනවානෙ ඉචිම්"

"හා හා නටන්නෙ නැතුව ඕක කාපන්"

"අයියේ අපි කාලා ඉවර වෙලා තව ඉස්සරහට ගිහිම් අර බැම්මෙන් වාඩිවෙමුකො"

"ම්ම්ම් කනවකො"

"මේ වඩේ පට්ට රසයි නේද ඒයි"

"රසයි සමහර දවස් වලට,සමහර දවස් තියනවා පෙඟිලා වගේ මෙලෝ රසක් නෑ"

"එහෙම දවස් වලට මොකද කරන්නෙ"

"වඩේ ගත්තේ මගෙ උවමනාවට,පස්සෙ රස උනත් නැති උනත් ඒකෙ වගකීම මගෙ.ඉතිං චුට්ටක් හරි කන්න පුලුවන් නම්  කනවා.නැත්නම් විසිකරලා දානවා"

"විසි කරන්නෙ නැතුව ඉන්න බැරිද"

"විසිනොකර වෙන මොනා කරන්නද"

"ඉතිං ගෙදර ගෙන්නල්ලා ආය ෆ්‍රයි කරලා කන්න පුලුවන්නෙ"

"ඒ වෙලාවටයි මට වඩේ එක ඕන උනේ.ගෙදර ගෙන්නලා ෆ්‍රයි කරලා කෑවා කියලා ඒ මිස් උන ෆීලිං එක ආය ගන්න බෑ"

ඔව් ඔයාලා හිතන එකම තමා මාත් හිතුවේ.ඉස්සෝ වඩේ එකක් පිටින් දාලා එයා හරි දිග කතාවක් ඕනවටත් වඩා කෙටියෙන් එයා මාත් එක්ක කිව්වා.එයාගෙ මේ විදියට මම කැමතියි.මොකද එයාගෙ ඒ කෙටි පුංචි පුංචි වචන,දිගම දිග හෑලි වලට වඩා හරි තදට දැනෙනවා මට.

ඊලඟ කොටසින් හම්බෙමූ💗

🌼Daisy flower🌼

Share This Chapter