Back
/ 36
Chapter 14

14 කොටස

🖤My Peony🖤

"මෙතනින් අයිස්ක්‍රීම් එකක් ඕනෙද"

"කන්නත් බෑ වගේ දැන් නම් ඒත් කමක් නෑ ඔයා කියන නිසා කාලා බලමුකො"

"අහ් නෑ නෑ එපා උබේ ඔලුව රිදෙනවා කිව්වෙ"

"ඒක හොඳ උනා😑"

"අනේ මන්දා උබත්"

අර පොඩි කඩෙන් වඩේයි රොටියි කාලා,අරුන් සෙට් එකගෙනුත් අමාරුවෙන් බේරිලා අපි දෙන්නා ආය ගෝල්ෆේස් එකට ආවා.අමාරුවෙන් බේරුනා කියන්නෙ මෙහෙමයි.මාව එහා පැත්තට ගත්තට පස්සෙ එරෝන් අයියා ear buds දාගන ෆෝන් එකට ඔලුව ඔබාගන  හිටියා, ඊටපස්සෙ  ඉතිං අරුන් මාත් එක්ක කතා කරන්න ගත්තා.අර ස්පෙක්ස් දාපු එකා නම් මාත් එක්ක ගේමට වගේමයි හිටියේ.

ඌට මාත් එක්ක යකා නැග්ගෙ මම පුටුවෙ කකුල් දෙකෙන් ඉන්න ගිහිම් භූමි වන්දනා කරන්න ඔන්න මෙන්න තියෙද්දි එරෝන් අයියා මාව අල්ලගත්ත වෙලාවෙන් පස්සෙ.මොකද මේකා කාත් එක්කවත් කතා නොකර ෆෝන් එක කකා ඉදලා,එකපාරට මාව වැටෙන්න යද්දි අල්ලගත්තම එයාට ක්‍රස් වෙලා ඉන්න අරූට මාත් එක්ක තරහා එන එක සාදාරනයි එක අතකට.අහ් අර ස්පෙක්ස් කොල්ලා එරෝන් අයියට උගෙ කාඩ් එකත් දෙන්න හැදුවද කොහෙද,එතකොටම අනේ මට අමූ.........තු විදියට ඔලුව රිදෙන්න වගේ ගත්ත නිසා මම අයියාවත් එක්කම් ඉක්මනට එන්න ආවා.එපා වෙනවා නේත මේ හිසරද කියන එව්වාත්😁.මම බලාගන අරූ මොනාද කිය කිය අපි දිහා බලන් ඉන්නවා.හූ හොදවැඩේ බේසික දරුවා.

"අංකල් ෆැන්ටෑස්ටික් අයිස්ක්‍රීම් දෙකක් දෙන්න"

එයා ආපහු අයිස්ක්‍රීම් දෙකක් ගත්තා.ඊටපස්සෙ අපි දෙන්නා ගෝල්ෆේස්  එකේ තනකොල තියන ටිකත් පහු කරගන ගිහිම්,තිබ්බ පඩිපෙලකින් වාඩි උනා.දැන් නම් කලින් තරම්වත් මිනිස්සු නෑ.ට්‍රිප් එකක් ආව කොල්ලො සෙට් එකක් කෙලවරක හිටියා.ආය එලි වෙනකම් ගෝල්ෆේස් එකේ ඉන්නද කොහෙද ආව කපල් එකක් දෙකක් හිටියා.පරිසරය පට්ට නිදහස්,අපි දෙන්නා වාඩි උනේ කොනකට වෙන්න එතනට ටිකක් කලුවරයි.එතන වාඩිවෙලා මුහුද දිහා බලාගන අපි දෙන්නා අයිස්ක්‍රීම් දෙක කාලා ඉවර කරා.

"අහස ලස්සනට පේනවා නේද අයියේ"

"ම්ම්ම්ම් මම ආසයි ඔය හඳට"

"අඩ හඳට ආසද"

"ම්ම්ම්ම්ම්"

"ලස්සනයි තමා ඒක"

"හ්ම්ම්ම්ම්"

ගොඩක් මිනිස්සු කිව්වේ උබ පුර හඳක් වගේ ලස්සනයි කියලානෙ.ඒ උනාට මේ මනුස්සයා කියනවා අර අසම්පූර්ණ අඩ හඳ හරි ලස්සනයිලු.එතකොට මේ ලෝකෙ මිනිස්සු ආදරෙ කරන්නේ සම්පූර්ණ දේවල් වලට විතරක් නෙවේද?

නෑ.... අසම්පූර්ණ දේවල් වල ලස්සන දකින මෙහෙම මිනිස්සුත් අහම්බෙන් හරි ඉන්නවා, ඉතිං එහෙව් මිනිහෙක් නිසා නමක් නැති මොකක්දෝ හැඟීම් ගොඩකින් මාව පිරෙන එක අහන්නත් දෙයක්ද.

"අයියේ අපි සින්දුවක් අහමු"

"ම්ම්ම් මගෙ එකෙන් අහමු"

එයාගෙ ear buds දෙකෙන් එකක් මට දීලා අනිත් එක එයා ගත්තා.ඊටපස්සෙ එයා ප්ලේ ලිස්ට් එක ඔන් කරා ඉස්සෙල්ලාම ප්ලේ උනේ යුකී නවරත්නගෙ බොහෝ දේ කියන්නට තිබුනා හිතේ සින්දුව.

නුඹ නොදන්න කතාවක් මං කියන්නම්

නුඹ නැති නම් මුහුණේ නෑ හිනාවක්

මට රිදෙන්න තව පාරක් මං දැවෙන්නම්

හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්

බොහෝ දේ කියන්නට තිබුණා හිතේ

තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ

බොහෝ දේ හිතන්නට තිබුණා මගේ

යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

තරු නිවෙන්න නිවෙන්න හිත හදන්න

මට කියන්න දැනෙන්න හිත හැදෙන්න

ලොකු බරක්ද කියන්න අපෙ කතාව

හිත තියන්න බලන්නේ මං එපාද

බොහෝ දේ කියන්නට තිබුණා හිතේ

තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ

බොහෝ දේ හිතන්නට තිබුණා මගේ

යනවා ඔහේ හිතුවක්කාරයා

බොහෝ දේ කියන්නට තිබුණා හිතේ

තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ

බොහෝ දේ හිතන්නට තිබුණා මගේ

යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

මුහුදු හුලඟ එක්ක එන සීතලයි.හඳ එලියයි,මට එහා පැත්තෙ ඉන්න හැමවෙලේම මාව මේ ලෝකෙ තියන ලස්සනම හැඟීම් වලින් පුරවන මේ මනුස්සයයි,මේ සින්දුවයි,මට වචනෙන් පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ,ඒක වෙනම ලෙවල් එකක පට්ට ෆීලිං එකක්.මම ඔහේ අහස දිහා බලන් මේ මොහොත හරි ලෝබකමින් වින්දා.

එන්න එන්න කලුවර වෙනවා දැන් කලින්ටත් වඩා පරිසරය කලුවරයි.අපි හිටියෙ එලිය ටිකක් අඩුවෙන් වැටෙන තැනක.නැත්නම් අනිත් තැන්වල නම් මෙතනට වඩා හොදට ලයිට් එලිය තිබ්බා.

"මෙතන කලුවරයි නේද අයියේ"

මෙච්චර වෙලා තිබ්බ අපි දෙන්නගෙ අතර නිහඩකම බිදලා මම ඇහුවා.

"ම්ම්ම්ම්ම් මම කැමතියි කලුවරට"

"මම බයයි කලුවරට"

"ඇයි කලුවරට බය"

"කවදාහරි දවසක මම කියන්නම්"

"ම්ම්ම්ම් එහෙනම් එලිය තියන තැනකට යමුද"

"එපා,ජීවිතේ කවදාවත් නැති විදියට මේ කලුවරේ මට නිදහසක් දැනෙනවා අද"

"ම්ම්ම්ම්ම්ම්"

ඊටපස්සෙ ආයෙත් කතාකරන එක නවත්තලා අපි දෙන්නා සින්දු අහන්න ගත්තා.ඒ විදියට කොච්චර වෙලා හිටියද කියලා නම් මට මතක නෑ හැබැයි ඒ හැඟීම පට්ට ලස්සනයි.හැබැයි ඒක ඒ විදියටම වචන කරන්න අදටත් මට බෑ.තව අව්රුදු දහයක් පහලවක් ගියත් මම හිතන්නෙ නෑ ඒ හැඟීම හරියටම වචන කරන්න පුලුවන් වෙයි කියලා.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ආය මම ඇහැරෙද්දි ලාවට පොලවට එලිය වැටෙන ගමන් තිබ්බා.මගෙ ඔලුව තිබ්බෙ එරෝන් අයියගෙ උරහිස උඩ.මට නොදැනෙන්න වගේ ලාවට එයා මගෙ ඔලුව අතගාන ගමන් මුහුද දිහා බලාගන හිටියා.තාමත් සින්දුවක් ප්ලේ වෙනවා.හැබැයි ලාවට ඇහෙන්නෙ මට නින්ද ගියාට පස්සෙ එරෝන් අයියා volume අඩු කරලාද කොහෙද.පාරෙ වාහන එකක් දෙකක් යන සද්දෙත් ලාවට වගෙ ඇහෙනවා.හඳත් සම්පූර්නෙන් බැහැලා නෑ තව.මම එහෙම ම එරෝන් අයියගෙ ෆෝන් එක දිහා බැලුවා.වෙලාව 4.30යි.

මම ලාවට ඔලුව හරවනවා තේරිලාද කොහෙද එයා තාමත් එයාගෙ උරහිසේ ඔලුව තියන් ඉන්න මං දිහා බැලුවා.බලලා හරි ලස්සනට හිනා උනා.

"මොකද ඔය එක ඇහැක් විතරක් ඇරගන කරන්නෙ"

අම්මටහුඩු මම අනිත් ඇහැ ඇරලා නෑනෙ.ඕවා මතක් වෙනවද අනේ නිදිමතේ.මට ඕනෙ උනේ අවට පරිසරයේ මොකද වෙන්නෙ බලන්නනෙ.

"මම ගොඩක් වෙලා නිදාගත්තද"

එයාගෙ උරහිසෙන් ඔලුව ගන්න ගමන් මම ඇහුවා.

"නෑ...නෑ....පැය තුන හතරයි"

එහෙම කියලා එයා මට හිනා උනා.

"අනේ මේ මාව විහිලුවට ගන්න එන්න එපා"

"බඩගිනිද"

"නෑ අනේ ඊයෙ රෑ කොච්චර ජාති කෑවද අප්පා"

"ම්ම්ම් එච්චර ජාති කෑවද රෑ, මම දන්නෙත් නෑනෙ"

වම්නචරයා ඔන්න කිව්වා ඉතිං කතාවක්.මම වගේ හැමවෙලේම කියවන්නෙ නැති උනාට එයාත් ඉදලා ඉදලා ඕම කතා කියනවා .ඒ උනාට ඉතිං මේ ඇහැරුන ගමන් උතුර දකුන හොයාගන්න බැරි වෙලාවෙ ඕවා කියන්න ඕනෙ නෑනෙ ඇයි යකොව්.

"අනේ මේ"

එහෙම කියලා මාත් හිනා උනා.නෑ හිනා උනා නෙවේ ලැජ්ජාවටද කොහෙද හිනා ගියා.

"යාලුවා බෝඩිමට ඇවිල්ලාද බලන්න"

අඩේ මට ෆෝන් එකක් කියලා එකකුත් තියනවා නෙහ්.යකෝ ඩේටා ඔන් කෙරුව වෙලාවක්වත් මතක නෑ.පැය 24ම ෆෝන් එක කන මම කොහොම මෙහෙම හිටියද මන්දා.ඒත් මට වෙලාව යනවාවත් තේරුනේ නෑනෙ.විහඟ මැසේජ් එකක් දාලද බලන්න ෆෝන් එක අරන් ඩේටා ඔන් කරා.

නොටිෆිකේශන් එනවා ඉවරයක් නෑ.පැය කීයක මැසෙජ්ද ඉතිං මේ එන්නේ.එන මැසේජ් ඔක්කොම එනකම් මම ෆෝන් එක දිහා බලන් හිටියා.අහ් දැන් නම් හරි වගේ.විහඟයා ඊයෙ රෑ වස්සැප් කෝල් 21ක් අරන්.අහ්හ්හ්හ්හ් මූ බිව්වනෙ එතකොට ප්‍රියයන් මතක් වෙලා ගන්න ඇත්තේ ඔය.ඌ තව මැසේජ් වගයකුත් එවලා.

"අඩෝ මම හෙට හවස් වෙද්දි එනවා,උබ පරිස්සමින් ඉදාම් ඈ"

ඒ මැසේජ් එක එවලා තියෙන්නෙ හවස 6ට විතර.ඒ කියන්නෙ එතෝට තාම මූ බීලා නෑ.ඒකියන්නෙ ඒක සිහියෙන් එවලා තියෙන්නෙ.ඉට් මීන්ස් යෙනෝන් පුතේ ඔයා උබ උබේ බේබදු මිතුරාගෙ මේ මැසේජ් එක ගනන් ගන්න ඕනෙ.අනිත් මැසේජ් වල නම් තිබ්බේ ඌ බිව්වම එවන පුරුදු සහෝදර පෙම උතුරන වදන්.විහඟගේ මැසේජ් ටික විතරක් බලලා මම ආපහු ෆෝන් එක බෑග් එකට දැම්මා.

"විහඟ අද හවස එනවලු"

"ම්ම්ම්ම්ම් එහෙනම් අපේ ගෙදර ගිහිං වොශ් එකක් දාගන එමු"

"අඩේ ඒ කියන්නෙ අද හවස් වෙනකම් අපි ඉන්නවද අයියේ ඈ...... ඈ.... ඈ... කියනවකො"

"හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් දැන් නැගිටිනවකො යන්න"

ඊටපස්සෙ පික් මී එකක් දාගන අපි එයාලගෙ ගෙදර ගියා.ගෝල්ෆේස් එක ලග ඉදන් එච්චර දුරක් තිබ්බෙත් නෑ.ඊටපස්සෙ එයා ගේට් එකක් ඇරන් ඇතුලට ගිහිම් දොරක් ලග හිටගත්තා.ඊටපස්සෙ සාක්කුවෙන් වෙන්න ඇති යතුරක් අරන් දොර ඇරලා ඇතුලට ගියා.

"එන්න"

එහෙම කියාගන එයා පඩිපෙලක් නගින්න ගත්තා.ගෝල්ෆේස් එකේ ඉදන් එන ටිකට මට ආය නින්ද ගියා ඉතිං මම නින්දත් නොනින්දත් අතර තාම ඉන්නේ.ඒ නිසා අවතාරෙ වගේ එයා යන තැනක එයාගෙ පස්සෙන් ඔහේ ඇවිදන් ගියා.ඊටපස්සෙ අපි දෙන්නා රූම් එකකට ආවා.මේ එයාගෙ රූම් එක වෙන්න ඇති.මට සාපේක්ෂව පිලිවලයිද කොහෙද.හැබැයි මගෙ රූම් එකේ තරම් එක එක දේවල් ගොඩක් නෑ.මට එච්චරයි මතක හැමදේම තිබ්බ ඔක්කොම හරියට මතක තියාගන්න බෑ දැන් මගෙ මොලේට දැන් නිදිමතයි.

"මම වොශ් දාගන එන්නම් ඔයා ටිකක් නිදාගන්න"

මට එහෙම කියලා එයා වොශ් රූම් එකට ගියා.ඊටපස්සෙ මම ටොයින් ගාලා එයාගෙ ඇදට වැටුනා.

ඊලග කොටසින් හම්බෙමූ......💗

🌼Daisy flower🌼

Share This Chapter