Back
/ 36
Chapter 17

17 කොටස

🖤My Peony🖤

බෝඩිම තියන පැත්තේ නම දන්නවා කිව්වට මට මතක තිබ්බේ පාරෙ නම සතුටු මාවත කියලා විතරයි.ඊටපස්සෙ එරෝන් අයියා පාර හොයාගන මාව එක්කම් ගියා.

"මෙතන නේද"

"හ්ම්ම්ම්"

"එහෙනම් බහිනවා ඉතිං ගෝල්ෆේස් එකේ එලිවෙනකම් ඉන්න ඕනෙ කිව්වා වගේ උබට බෝඩිම ඉස්සරහා බයික් එක උඩ එලිවෙනකම් ඉන්න හිතුනොත් එහෙම"

"හරි හරි බහින්නම්,ඔච්චර කරදරයි නම් රෙද්ද"

"දැන් මොකද ඔය"

"මොකුත් නෑ මම බැස්සා දැන් හරිනෙ"

"අහ් බැස්සද"

"ඔව් බැස්සා"

"එහෙනම් නග්ගලා ගනිං"

යා.......වනචරයා යකා නැගලා ඉන්න වෙලාවටම විකාර කතා කියනවනෙ.දැන් ඉතිං හිනා යන්නත් එනවා.ඒ උනාට හිනාවෙන්න එපා යෙනෝන් පුතේ,ඒක මේ වෙලාවෙ ඔයාගෙ තත්වෙට හොද මදි.මම රවාගනම හිටියා.

"දැන් මොකද ඔහොම ඉන්නෙ කියහංකො"

"තව්සෙ දන්නෙ නැද්ද ප්‍රියයන්ගෙන් වෙන්වෙන එක දුකක් කියලා"

"දැන් උබ කාගෙන්ද වෙන් උනේ"

"😒......."

"ආ...... දැන් මේ යන්න වෙන එකටද ඔහොම ඉන්නෙ🤣🤣"

"හ්ම්ම්ම්ම්"

"දැන් මේක කාලා විහඟ ගේන කෑම එකත් කාලා නිදාගන්නවා,ආය දවසක හම්බෙන්න පුලුවන්නෙ"

"ආය එන්නම් එහෙනම් ඈ"

"හ්ම්ම්ම් හ්ම්ම්ම්"

"දැන් ඉතිං ඔයාට ගෙදර ගියාම පාලු හි-- අන්න විහඟයා එනවා"

විහඟ ටුක් එකෙන් බැහැලා අපි දෙන්නා ඉන්න දිහාට ආවා.සැක් මුගෙ මූනෙ තියෙන්නෙ නම් ගම කන පාටක්.ආව ගමන් ඉක්මනට ඇදගන යන්න ඕනෙ බෝඩිම ඇතුලට.

"අ-අඩේ මේ එරෝන් අයියා නේද බං"

"ඔ-ඕ එරෝන් අයියා තමා"

මම ඉතිං මොංගල් විදියට හිනාවෙලා එයා දිහාත් නොබලා,විහඟයා දිහාත් නොබලා කිව්වා.

"අඩෝ අයියේ උබ ෆොටෝස් වලටත් වඩා පට්ට හැන්ඩ්සම්නෙ"

"........"

එයා විහඟ දිහා බලලා පොඩි හිනාවක් දැම්මා.

"පොඩ්ඩක් හිටහං,ඈ හුත්තෝ තෝ මට කිව්වේ නෑනෙ උබ එරෝන් අයියව හම්බෙන්න යනවා කියලා"

ඒ පාර මූ මුගෙ සුන්දර ශබ්දකෝසේ බාවිතා කරලා එරෝන් අයියා ඉස්සරහම මට බනින්න ගත්තා.ඔන්න ඉතිං ආයෙත් වැරැද්දක් උනාම දාන මගෙ සුපුරුදු මොංගල් හිනාව මම විහඟයා වෙත පාකර හැරියා.

"හ-හරි ඉතිං යකෝ හදිස්සියෙම ගියේ,අනික උබ බීලනෙ හිටියෙ"

"අනේ පලයන් බොරු නොකියා"

"බොරු නෙවේ නේද එ- එරෝන් අයියේ"

"ම්ම්ම්ම්"

එහෙම කියලා එයා ඔලුව වැනුවා.

"හා හරි ඒක වැඩක් නෑ අපේ එකා වද දුන්නෙ නෑනේද අයියේ"

යකෝ මූ මගෙ අප්පා වගේනෙ.අර නෑදෑයෙක්ගෙ ගෙදර බබාව දාලා ගිහිම් ආපහු එක්කම් යන්න ආවම අම්මලා අහන්නෙ.අනේ මන්දා මූට වෙලාවකට මං ගැන දරුකැක්කුමක් එනවා කොහොමත්.සුපුරුදු පරිදි වහින වෙලාවට වැහි දෙවඟනව හග් කරන්න යද්දි එහෙම,එකපාරක් හෙම්බිරිස්සාව තියෙද්දි වැස්සට මූන අල්ලන්න ගිහිම් මූ  මට උගෙ වතුර බෝතලෙන් ප්‍රහාරයක් එල්ල කරා.සිල්ප දන්න නිසා ඉතිං නූලයි තුන්කාලෙන් බේරුනා නැත්නම් හෙම්බිරිස්සාව අස්සෙ දතකුත් ලෙප්ට්නෙ.එතකොට කොහොමද මම මගෙ ලස්සන හිනාවෙන් ලෝ වැසියන් වසඟයට පත් කරගන්නෙ හුම්.

"නෑ නෑ"

කොහොමහරි ඌ ඇහුව ඒ ප්‍රශ්නෙට එරෝන් අයියා මගෙ දිහාවට මහා.... චාටර් ලුක් එකක් දාලා,ඊටපස්සෙ  නෑ කිව්වා.ඒ නෑ එක නම් නොකියා හිටියත් මොකද.ඇයි යකොව් ඔව් කියන්න වගෙ මගෙ දිහා බලලා අරූ දිහා බලලා නෑ කිව්වෙ.දුස්ටයා....අහුවෙන්නකො ඔයා තනියම ඈ ගහනවා උස්සලා පොලවේ.මෙයාව උස්සන්න මට පුලුවන් වෙයිද දඤ්ඤෑ.බර කීයද කියලා අහලා මැසේජ් එකක් දාන්න ඕනෙ.එතකොට උස්සන්න පුරුදු වෙලා යන්න පුලුවන්නෙ.

"අයියේ ඔයා දන්නෙ නෑනෙ මූ,එදා ඔයා ආවෙ නැති එකට හයියෝ..."

"වි-විහඟ ඇති නෙහ් අපි යමු ඇතුලට අයියටත් යන්න්න පරක්කු වෙනවා ඇති"

"අනේ මේ උබ හිටහංකො පොඩි පගයා"

යකො මු මට වඩා දවසයි වැඩිමල්,පොඩි පගයා කියන්නත් එනවා බේසිකයා දෙන්න ඕනෙ මුගෙ පුප රත්වෙන්න.

"අහන්නකො ඉතිං අයියේ මූ තනිකරම මිනිහා මැරිච්ච ගෑනි වගේ.කන්නෙත් පැත්තක් බලාගන,මා එක්කවත් වැඩිය කතා කරන්නෙ නෑ,තනියම ඉන්න ඕනෙ කියනවා,පොඩි දේටත් වලිප්පුව හැදිච්ච කුලු මීමා වගේ මාත් එක්ක රන්ඩු වෙන්න එනවා,අම්මෝ මට නම් එපා උනා අයියේ ඈ,වෙලාවට එදාම රිසාල්ට් ආවෙ නැත්නම් අනිවාරෙන් මට මූ එක්ක දුකට බොන්නත් වෙනවා එදා"

"🤣🤣"

එරෝන් අයියට ඒකට නම් හයියෙන් හිනාගියා.මේ මනුස්සයටත් හරී.....ම සතුටක්නෙ ඉතිම් දැනෙන්නෙ මාව චාටර් වෙද්දි, සැක් ලැජ්ජාවෙ බෑ.

"අනේ මේ මම බොන්නෙ නෑ හරිද"

ඇත්තටම මම තාම බීලා නෑ.ඒකට හේතුව මම හොද ලමයෙක් නිසා නෙවෙයි.තාත්තා නිසා මම බීමට වෛර කරා,මොකද එයා හැමදාම අම්මට ගැහුවෙ,ගෙදර බඩු මුට්ටු කුඩු කරේ ඕවගෙ පවර් එක අරන්.ඉතිං පුංචි කාලෙ ඉදන් මම ඒ ස්මෙල් එකට වෛර කරන්න ගත්තා.මොකද ඒක එක්ක මට තියෙන්නෙ බැඳුනු කුඩු උන මතක ගොඩක් විතරයි.

"කොහොමහරි අයියේ මූ හෙන පිස්සුවක් කෙලියා ඈ"

ඌ එහෙම කියද්දි එරෝන් අයියා මං දිහා කොනෙන් වගේ බලලා අහක බලන් ඇහි බැමක් ඉස්සුවා.සැක් මට වස ලැජ්ජාවයි ඈ.කොච්චර ගැම්මට හිටියද මම මේ මනුස්සයා ඉදිරියේ.විහඟ බේසික පුත්‍ර රත්නය ඇවිල්ලා මගෙ නම්බුව දියකරලාම බීලා.දිරෙව්වත් එක්ක සැක්.දෙන්න ඕනෙ මුට දත් සැට් එක ආමාස ගත වෙන්න.පුත්තලම් ඇට රිලවා.

"මල්ලි එහෙනම් මම යන්නද"

"අහ් හරි අයියේ එහෙනම් පරිස්සමින් යන්න ඈ"

එයා විහඟ දිහා බලලා එහෙම කියලා,ඊටපස්සෙ මගෙ ඔලුවට තට්ටුවක් දාලා බයික් එක ස්ටාට් කරගන ගියා.

හ්ම්ම්ම් දැන් ආය හරි දුකයි වගේ.මූසල පාලුවක් එන්නෙ.අනේ මන්දා මම දන්නෙ නෑ මට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා.මට මාව තේරුම් ගන්න තේරෙන්නෙ නෑ අප්පා.මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ,මොකක්ද මේ අමුතු හැඟීම.එරෝන් කියන්නෙ මගෙ කව්ද,එයා මගෙ හිතේ කොතනද ඉන්නේ.මගෙ ජීවිතේට මට මේ තරම්ම මෙයාව ඕනෙ ඇයි.ඇයි එයාගෙ ඉස්සරහදි මම හරි බොලඳ පුංචි එකෙක් වෙන්නෙ.මට තේරෙන්නෙ නෑ මේ දේවල්.හැමදාම මම ගොඩක් මහන්සි උනා ඔලුවට එන මේ ප්‍රශ්න මටම හොරෙන් මගෙ හිත අස්සෙම කොහෙහරි හංගලා දාන්න.ඒ උනාට ඒවා හංගන්න හංගන්න හැමදාම උඩට ඇවිත් මට කරදර කරා,මේවට උත්තර හොයපන් යෙනෝන් කියලා හරි හයියෙන් හිත අස්සේ ඉදලා මොකෙක්ද එකෙක් කෑ ගැහුවා.

"හා හා ඔය පාර දිහා බලන් හිටියා ඇති ඕයි මෙහෙ වරෙන් යමු"

විහඟගෙ කටහඩට මාව ගැස්සිලා ගියා.එහෙම වෙන එක සාදාරනයිනෙ ඉතිං මේ ලෝකෙ නෙවේනෙ මම හිටියෙ.

"ම්ම්ම් යමු යමු"

විහඟගෙ කරටත් අතක් දාන ගමන් මම කිව්වා.ඊටපස්සෙ අපි දෙන්නම වොශ් දාලා එහෙම එරෝන් අයියා අපි දෙන්නට ගත්ත බර්ගර් දෙක කන්න ගත්තා

"මේ යෙනෝන්"

"ම්ම්ම් කියහං"

මම හිටියෙ මෙහෙ එන්න දවස් දෙකකට විතර කලින් මම ගත්ත රින්ග් එක දිහා බලාගන ඒක ලස්සනයි නේද කියලා හිත හිත.මට කොහොමත් රින්ග් දාන රෝගයක් තියනවා.අනිවාරෙන් මගෙ වම් අතේ මැද ඇඟිල්ලේ රින්ග් එකක් තියනවාමයි.එක එක කාලෙට රින්ග් වෙනස් උනාට.මොකක් හරි රින්ග් එකක් අනිවාරෙන් මම ඒ ඇඟිල්ලට දානවා.දැන් ආය anclet එකක් දාන්න ආසාවක් ඇතිවෙලා තියෙන්නෙ ඒක ගැනත් හිතලා බලන්න ඕනෙ.

"උබ බයි නෙහ්"

"ඈ....මො-මොකක්"

"උබ straight නෙවේනෙ"

"උබට පිස්සුද හුත්තෝ මට හිටියේ ගර්ල්පෙන් කෙනෙක් විතරනෙ"

"හරි එහෙනම් මම මේ අහන දේට උත්තර දීපං"

"අහපන්කො"

"එරෝන් අයියා උබේ කව්ද"

"එ-එයා මගෙ සීරියල් කිලර්"

"ඇත්තම කියහන් මොකද උබ දන්නවානෙ උබට බෑ මට බොරු කරන්න"

"මොනාද දැන් කියන්න ඕනෙ"

"මම අහන්නෙ උබගෙ යාලුවෙක්ද එයා,උබට යාලුවෙක්ව දැනෙන විදියටද ඌව දැනෙන්නෙ"

"නෑ"

"එහෙනම් සහෝදරයෙක් විදියටද,හරියට උබට උබලගෙ අයියව,මාව දැනෙන විදියටද ඌව දැනෙන්නෙ"

"න්-නෑ බං"

"ඒක තමා මම කියන්නෙ උබට"

"මේ අහපන්කො විහඟ මේ feelings මට තේරෙන්නෙ නෑ බං,මම කොල්ලන්‍ට ඒ විදියට කැමති නෑ.ඒත් එරෝන් අයියා ලගදි විතරක් මට මොකක්ද වෙනවා,මට තේරෙන්නෙ නෑ බං මට මාව තේරුම් ගන්නත් බෑ මාව කන්ට්‍රෝල් කරගන්නත් බෑ.මට පට්ට අසරනකමක් දැනෙනවා බං"

"ඕක මෙහෙමයි උබ straight but only gay for him එහෙම සීන් එකක් තියෙන්නෙ"

"මට තේරෙන්නෙ නෑ බං එහෙම උනොත් එයා මං ගැන මොනා හිතයිද,බැරි වෙලාවත් ඒක එහෙම වෙලා එයා දැනගන මා එක්ක කතා කරන එකත් නවත්තලා දැම්මොත්"

"එහෙම වෙන්නෙ නෑ බං,අපි ටික ටික තේරුම් ගමු එයාට උබ ගැන තියෙන්නෙ කොහොම එකක්ද කියලා"

"එයා ගැන මගෙ හිතේ තියෙන්නෙ කොහොම එකක්ද කියලවත් හිතාගන්න බැරි මම කොහොමද බං එයාව තේරුම් ගන්නෙ"

"අහ් උබේ හිතේ තියන එක නම් අපි මේ දැන්ම තේරුම් ගමුකො"

"ඈ ඒ කොහොමද"

"උබට ඌ ලගදි අනිත් අය ලග ඉන්නවට වඩා වෙනස් විදියට දැනෙනවද,ඒ කියන්නෙ නිකං ටච් උනත් අකුනක් ගහනවා වගෙ ෆීලිං එකක් එනවද,අනිත් එය උබට එයාගෙ ඇටෙන්ශන් එක හැමවෙලේම ඕනි කියලා හිතෙනවද,එයාට හොරෙන් උබට එයා දිහා බලන් ඉන්න හිතෙනවද,එයා ලගදි වෙන හැම ප්‍රශ්නෙම අමතක වෙලා,එයා ගැන විතරක්ම හිතන්න හිතෙනවද"

මූ මේ කිව්ව ඔක්කොම වගෙ ඒ විදියටම නැතත් ඒ ලගින් යන විදියට හරි මට උනා.එක අතකට බැලුවොත් එයා එක්ක ඉද්දි මම හිතුවෙ එයා ගැනයි,එයා එක්ක කියවන්න ඕනෙ දෙවල් ගැනයි විතරයි.අනිත් එක එයා අහක බලන හැම සැරේම වගෙ මම එයාගෙ මුලු මුනම ස්කෑන් කරා. ඒ නපුරු පාට මූන මගෙ හිතේ කොහෙදෝ තැනක මැකෙන්නෙ නැති විදියටම මම ඇදගත්තා.

"ම්ම්ම් එහෙම නම් මොකද"

"එහෙනම් හුත්තෝ උබ එයාට ආදරෙ කරන්න අරන්"

"ඒ- ඒ උනාට බං මම"

"Be yourself යෙනෝන්,උබ අමාරුවෙන් හිතින් මවාගන්න ට්‍රයි කරන එකා නෙවේ,ඇත්තම උබ වෙයන්.එතකොට ඒක උබටම සැනසීමක් වෙයි බං,මොනදේ උනත් තෝ එක්ක මම ඉන්නවනෙ,යකෝ මම තෝව අතාරින්නෙ නෑ,උබට අමාරුවෙ වැටෙන්න දෙන්නෙ නෑ,උබ මගෙ එකානෙ බං"

"ඒත් බං අම්මලා"

"ඇන්ටි උබට යාලුවෙක් වගේනෙ බං තේරුම් කරලා කිව්වම,කාලයක් ගිහිම් හරි එයා තේරුම් ගනියි.හැබැයි උබට ඉවසන්න වෙනවා හැමදේම ඉක්මනට වෙන්නෙ නෑ තේරුනාද"

"හ්ම්ම්ම්ම්ම්"

එහෙම කියලා මම දිග හුස්මක් පහලට දැම්මා"

"අනික මමත් ආයෙ යාලු උනත් යාලුවෙන්නෙ කොල්ලෙක් එක්ක.උබට ඔච්චර හිතන්න දෙයක් නෑ ඕයි ඕක"

ඊලග කොටසින් හම්බෙමූ💗💗

🌼Daisy flower🌼

Share This Chapter