Back
/ 36
Chapter 18

18 කොටස

🖤My Peony🖤

රෑට කාලා එහෙම විගඟයි මායි නිදාගන්න ඇදට ගියා.අද නම් නින්ද චුට්ටක්වත් මගෙ ලගට ආවෙ නෑ.එක අතකින් මට හරි පාලුයි.තමුසෙට නම් පිස්සු යෙනෝන්.හිනාවෙවී එයා හැමවෙලේම වගේ එහම කිව්ව විදිය මතක් වෙනවා මට.අනිත් පැත්තෙන් විහඟ කිව්ව දේ.මම ඇත්තටම එරෝන් අයියට ආදරෙ කරන්න අරන්ද,මට තේරෙන්නෙ නෑ.මේ ෆීලිං එකට ආදරෙ කියලා කියනවා නම් කවදාහරි එයාටත් මේ විදියටම දැනනවා කියලා මම දැනගත්ත දවසෙ ඉදන් මගෙ ජීවිතේ සැනසීමෙන් පිරුන එකක් වෙයි.මොකද එරෝන් කේන්‍ය කියන්නෙ මම නිවෙන තැන.එතනින් එහාට වෙන දෙයක් මට තේරෙන්නෙ නෑ.

ඒත් එයාට මාව නිකම් යාලුවෙක් විතරයි නම්.මේ දේවල් එයා දැනගත්ත දවසට මාව දාලා ගියොත්.මට සැනසීම කියන වචනෙත් අමතක වෙලා යයි.මොකද මම පට්ට බයයි එයාව මට නැතිවෙයි,එයා මගෙන් ඈතට යයි කියලා හිතන්නවත්.එහෙම ගියොත් ඊටපස්සෙ මම මොකද කරන්නෙ.මම මටම වෛර කරන්න ගනියි එයාට ඇත්ත කියන්න ගත්ත තීරනය කෙරුව එක ගැන.

ඒ උනාට එයාත් මට ආදරෙයි නම්.මම කිව්වේ ආදරේ කියන වචනෙ නැතත් මට එයා ගැන හිතෙන විදියට මං ගැනත් එයාට හිතෙනවා නම්,නැත්නම් එයාත් මට කෙලින්ම ආදරෙයි කිව්වොත්.එහෙම  නම් මම එයාට මේ දේවල් ගැන නොකියා ඉන්න එක වැරදියි.ඒත් මට බයයි.මට එයාව නැති කරගන්න බෑ.නොකිව්වොත් යාලුවෙක්,සහෝදරයෙක් විදියට හරි එයා මගෙ ලග ඉදියි.එයා සම්බන්දෙන් මොන විදියටවත් රිස්ක් එකක් ගන්න මට බෑ.මොකද මගෙ ජීවිතේට ඒ තරම් මට වටිනවා.

මගෙ යටිහිත මම එයාට ආදරෙයි කියලා පිලිගත්තත් මම ඒක පිලිගන්න කැමති උනේම නෑ.ඒත් අද විහඟයා ඉස්සරහා මට ඒක පිලිගන්න උනා.ඔව් මම එයාට ආදරෙයි.

මිස්ටර් යෙනෝන් ඔයා පලවෙනි වතාවට කොල්ලෙක්ට ආදරෙ කරන්න පටන් අරන්.ඒකත් එයා ඔයාගැන මොන විදියට හිතනවද කියලවත් නොදැනම.හැබැයි මගෙ මේ මල ඉලව් ලව් එක නිසා මට එයාව නැති කරගන්න බෑ.හිත එක්ක පට්ට ෆයිට් එකක් දීලා අන්තිමට මම තීරනය කරා එයාට ආදරෙයි කියන එක එයාගෙන් හංගන්න.කවදාහරි දවසක එයාටත් මං ගැන එහෙම හිතිලා මට ආදරෙයි කිව්වොත් විතරක් මාත් ඇත්ත කියනවා.

දෙවියනේ මට මේ හැඟීම හරි බරයි.ඔක්කොටම වඩා මට තියෙන්නෙ මේ ගැන එරෝන් අයියා දැනගත්තොත් එයා මාව දාලා යයිද කියන බය.අනේ එහෙම උනොත් මට හිතාගන්න බෑ මොනා වෙයිද කියලා.ඒ තරමටම මම එයාට ඇඩික්ට් වෙලා.මනුස්සයෙක්ට ඇඩික්ට් වෙනවා කියන්නෙම එක්තරා විදියක වේදනාවක් කියලා අහලා තිබ්බට අද තමා මට ඒක දැනුනේ.

අද නම් නින්ද මගෙ ලගටවත් එන පාටක් නෑ එයාටත් මාව එපාවෙලා.මම ඇදේ හැම පැත්තටම කැරකි කැරකි නිදාගන්න පට්ට ගේමක් දුන්නා.දවල් එරෝන් අයියා එක්ක ඉද්දි හිතේ තිබ්බ නිදහසට දැන් වෙච්චි දෙයක් නෑ.පපුව හැමවෙලේම තියෙන්නෙ ගිනිගන්න ගමන් වගේ කියලා මට හිතෙනවා.

මම හෙමීට ඔලුව උස්සලා විහඟ දිහා බැලුවා.ඌට ෆෝන් එක අතේ තියාගනම හොදටම නින්ද ගිහිම්.ඊටපස්සෙ මම උගේ ෆෝන් එක අරන් ස්ක්‍රීන් එක ඕෆ් කරලා චාර්ජ් වෙන්න දැම්මා.ඊටපස්සෙ නින්ද යන්නෙත් නැති එකේ එලියට ගිහිම් අහස දිහාවත් බලන් ඉන්නවා කියලා මම හිතුවා.ඇදෙන් නැගිටින්න යද්දිම විහඟ එකපාරට ඇවිල්ලා මාව හයියෙන් බදාගන පපුව උඩින් ඔලුව තිබ්බා.මම ආයෙත් ඌ දිහා බැලුවා,මූට හොදටම නින්ද ගිහිම් ඒ උනාට ටික ටික කෙඳිරිගානවා.මට හිතෙන්නෙ අදත් හීනෙන් බයවෙලා වගේ.ඌ ගොඩක් වෙලාවට හීනෙන් බය වෙනවා,ඉතිං ඒ වෙලාවට ඌ පොඩි එකෙක් වගෙ නින්දෙන්ම මගෙ අස්සට එනවා.එතකොට මම නින්ද යනකම් ඔලුව අතගගා ඉන්නවා.පව් මයෙ මී හරක් පැටියා.මොනා උනත් ඕන මගුලකට මැරෙන්න හරි මා එක්ක එනවනෙ.ඌගේ ඔලුව අතගාන ගමන්ම මම ආයෙ කල්පනාවකට වැටුනා.ඊටපස්සෙ මම හිතන්නෙ පාන්දර හතරට වගේ මට නින්ද යන්න ඇති.අනිද්දා කැම්පස් පටන් ගන්නවා,ඒකත් හරියට කරන්න ඕනෙ පිස්සු නටන්නෙ නැතුව.මොකද මම මෙහෙ තනියමනෙ ඉන්නෙ එතකොට මගෙ සම්පූර්ණ වගකීම මගෙ අතේ තියෙන්නෙ.

රයිකාන්තොපිනී..........

මොන මගුලක්ද යකෝ මොකාද මේ කන ලග බෙරිහන් දෙන්නේ අම්මපා ඕකව  ඩෙවල් දාලා කනවා කියලා හිතාගන හරි අමාරුවෙන් මම ඇස් දෙක ඇරියා.යා.......හ් මේ බේසික පුත්‍ර රත්නය උදේ පාන්දර කටවල් කාගන්න එකක් බලනවා.ඒ අස්සෙ volume හොඳටම වැඩි කරලා.අම්මපා මූව මරන් කන්න හිතයි මට බේසිකයා.ඊටපස්සෙ එකපාරටම මට එරෝන් අයියව මතක් උනා.ඊයෙ මම එයාට මැසේජ් එකක් දැම්මෙම නෑ ඊටපස්සෙ.වෙනදට නම් මම ඒ චැට් එක විකාර මැසේජ් වලින් පුරවනවානෙ.

මට එයාට මූන දෙන්න බෑ.ලැජ්ජාවකට නෙවේ මට බයයි මම කියන මොනාහරි දේකින් එයාට ඇත්ත තේරෙයි කියලා.ඒත් මට මෙහෙම එයා එක්ක කතා නොකර ඉන්නත් බෑ.ඒ උනාට ඔයාට එහෙම ඉන්න වෙනවා යෙනෝන්,නැත්නම් ඔයාට සදහටම එයාව නැතිවෙලා යයි.

මගෙ ඔලුව දැන් තනිකරම පිස්සන් කොටුවක්.මට හිතාගන්න බෑ මම මොකද කරන්නෙ කියලා.දෙවියනේ මම පට්ට අසරනයි.ඇයි මටම මෙහෙම වෙන්නේ.මම කොහොමද මේකට උත්තරයක් හොයන්නේ.විහඟට කිව්වොත් ඌ කියයි බය වෙන්න එපා අව්ලක් වෙන්නෙ නෑ කියලා.ඒ උනාට මම බයයි රිස්ක් එකක් අරන් එයාට මේ දේවල් කියන්න.මේ මගුල් ලව් එක නිසා මට එයාව නැති කරගන්න බෑ දෙවියනේ එකසිය පනස්වෙනි වතාවටත් මම මගෙ හිතට එහෙම කිව්වා.

මම දවසම විහඟ එක්කවත් ලොකුවට කතා කරේ නෑ.අඩුම තරමෙ ෆෝන් එක යූස් කරෙත් නැතිම තරම්.උදේ නැගිටලා කාලා එහෙම මම ආය නිදාගත්තා.ඊටපස්සෙත් කරේ සැරින් සැරේ නිදාගත්ත එකම තමා.රෑ 9ට විතර ඇහැරිලා හෙට ඇදන් යන්න තියන

ඇදුම් ටික අයන් කරලා ඊටපස්සෙ ආයෙත් මම නිදාගත්තා.මොකද වෙන කිසිම දෙයක් කරන්න මගෙ හිතට සැනසීමක් නෑ.

"ඒ පොඩි පගයා........ඇහැරියා.....න් අද යන්න ඕනේ ෆස්ට් ඩේ යකෝ.....නවය වෙද්දි ඉන්න ඕනෙ එතන."

ආයෙත් උදේ වෙලා.ඊයෙ දවස කොහොමද ගෙව්නෙ කියලවත් මට මතක නෑ.එහෙම වෙන්න ඕනෙනෙ මොකද මම කරේම නිදාගත්ත එකනෙ.

ඊටපස්සෙ මම ඉක්මනට වොශ් එකක් දාලා සුදුපාට ශර්ට් එකකුයි,කලුපාට පෑන්ට් එකකුයි ඇදගත්තා.අපිට එහෙන් ඉන්ෆෝම් කරලා තිබ්බා පලවෙනි දවසේ බ්ලැක් ඇන්ඩ් වයිට් අදින්න කියලා.ඊටපස්සෙ විහඟයි මායි ඉක්මනට කැම්පස් එකට ගියා.බෝඩිමේ ඉදන් කිලෝමීටර් එකක් විතර කැම්පස් එකට තියනවා.පලවෙනිම දවසෙනෙ ඉතිං අපි දෙන්නා දාඩිය පෙරාගන පයින්ම දිව්වා.

"One day I'm gonna fly away

One day when heaven calls my name..."

ඒ පාර මේ රෙද්දත් රින්ග් වෙන්න ගත්තා.

Amma🌼💗 calling......

අම්මටහුඩු අම්මා,එයාට කෝල් කරේම නෑනෙ මම.

"හෙ-හෙලෝ අම්මේ"

"චූටි බබා ඔයා මොකද කරන්නෙ,අද පටන් ගන්නවා නේද"

"ඔහ් -ඔව් අම්මේ"

"මොකද ලමයෝ ඔය හති අරින්නේ"

"මේ යන ගමන් ඉන්නේ අම්මේ.මහන්සි අප්පා."

"🤣🤣🤣🤣"

"අඤේ මේ ඔයාත් හිනාවෙනවනෙ මට"

"හා හා මම හිනාවෙන්නෙ නෑ,දැන් පරිස්සමින් යන්නකො දෙන්නා. පස්සෙ වෙලාවක් තිබ්බොත් කෝල් එකක් ගන්නකො"

"හරි අම්මා බුදුසරණයි පරිස්සමින් ඉන්න"

"හරී.....බුදුසරනයි.පරිස්සමින් ඉන්න පුතේ"

ඊටපස්සෙ ආය ෆෝන් එක සාක්කුවට ඔබාගන මමත් විහඟයාගෙ පස්සෙන් කැම්පස් එකට දිව්වා.

"Excuse me uncle අලුත් බැජ් එකේ අය කොහෙටද යන්න ඕනෙ"

ඇතුලට ගිය ගමන් විහඟයා වැඩ්ඩා වගේ ගිහිම් සිකුරුටි අන්කල් කෙනෙක්ගෙන් ඇහුවා.එදා ඉන්ටවිව් ආව දවසෙ කිව්වලුනෙ පලවෙනි දවසෙ ආවම ගාඩ් රූම් එකෙන් අහලා අලුත් බැජ් එකෙ අය යන්න ඕනි තැනට යන්න කියලා.කියන්න ආඩම්බරයි එහෙම එකක් මට ලාවටවත් මතක තිබ්බේ නෑ දෙවියනේ.

"ඔතනින් ඉස්සරහට ගිහිං දකුනට හැරුනාම ඔඩිටෝරියම් එක තියනවා.ඒකට යන්න පුතා."

"අහ් හරි අන්කල් තෑන්ක්ස් අපි යන්නම්"

එහෙම කියලා ඒ අන්කල් දිහා බලලා හිනාවෙලා විහඟයා ඉස්සරහට ගියා.මාත් ඉතිං පුලුවන් තරම් ප්‍රියමනාප ලෙස අන්කල් දිහා බලලා හිනාවෙලා විහඟගෙ පස්සෙන් ගියා.

අපි දෙන්නා ඇතුලට යද්දිත් ලමයි ගොඩක් ඇවිත් හිටියා.ඉස්සරහත් නොවන පිටිපස්සෙත් නොවෙන මැද හරියෙ වගේ තැනක පුටු දෙකක් බලලා අපි දෙන්නා වාඩි උනා.දැන් නම් අපි දෙන්නට හොදටම හති.ඇයි ඉතිම් දුවගනනෙ ආවෙ.මොකට දුවන් ආවද මන්දා.

"අඩෝ යෙනෝන් වතුර එක දීපංකො"

"ම්ම්ම් හිටහං"

මම බෑග් එකට අත දාලා වතුර එක ගත්තා.

"මේ යෙනෝන්  අහපන්කො"

"ඕ කියහං"

විහඟට වතුර එක දෙනගමන් මම කිව්වා.

"ඇයි බං අපි දුවන් ආවෙ"

"මම දන්නෑ යකෝ,තෝ දුවන් ආව නිසා මාත් දුවන් ආවෙ"

"තෝ දිව්ව හින්දා මම දිව්වෙ යකෝ"

හරී......ම අගෙයි පොම්ඩි ගස් බම්ලෝ දෙන්නා.බොරුවට පිස්සු බල්ලෝ දෙන්නෙක් වගේ පාර පුරා දුවන් ඇවිල්ලා තියෙන්නෙ හේතුවක් නැතුවද.අනේ මන්දා අප්පා මූටත් ට්‍රැක පැනලා මටත් ට්‍රැක පැනලා.

"මම හිතුවේ නවය පහුවෙලා නිසා උබ දුවනවා කියලා"

"ඇයි උබ වෙලාව බැලුවෙ නැද්ද"

"නෑ යකෝ"

"ඉතිං මම බැලුවෙත් නෑ,උබ දුවන්නෙ පරක්කුවෙලා නිසා වෙන්න ඇති කියලා මාත් දිව්වේ"

ඊටපස්සෙ ටික වෙලාවක් ඌයි මායි මූනෙන් මූන බලාගන හිටියා.ඊටපස්සෙ විහඟ උගෙ ෆෝන් එක අරන් වෙලාව පෙන්නුවා,වෙලාව අටයි හතලිස් පහයි.ඊටපස්සෙ දෙන්නටම නවත්තගන්න බැරි තරම් හිනාගියා.

"ඊයෙ රෑ උබයි මායි කුඩු ගැහුවද ගංජා ගැහුවද බං🤣🤣"

"තේරෙන්නෙ නෑ ඕයි,පිස්සු බල්ලෝ දෙන්නා වගේ ඉන්න ඇතිනෙහ් පාර පුරා දුවන් එද්දි🤣🤣"

ඊටපස්සෙ ටික වෙලාවකින් මම දැක්කා අපිට එහාපැත්තේ වාඩිවෙලා ඉන්න එකා අපි දෙන්නා දිහා අමුතුවට බලනවා.අම්මටහුඩු පුතේ හිනාවේ සද්දෙ වැඩි උනාද කොහෙද..

"ඒ හෙමින් හිනාවෙයන් හුත්තෝ මේ ගෙදරවත් බෝඩිමවත් නෙවේ.මිනිස්සු අමුතු විදියට තෝයි මායි දිහා බලනවා."

"හේ හේ අහපන් පුපද බලන්නේ කියලා"

"කටවහන් හිටපන් ඈ නැත්නම් පලවෙනි දවසෙම විකාරයක් වෙනවා මෙතන"

"අනේ මේ මම නම් ඔය මොකාටවත් බය නෑ මගුල,ගැහුවොත් ගහනවා එච්චරයි"

"හරි ඕයි කටවහන් හිටපංකො තොට කව්රුත් ගැහුවෙ නෑනෙ"

මම එහෙම කිව්වට පස්සෙ ඌ ෆෝන් එකට මූන ඔබාගත්තා.මම මගෙ සුපුරුදු කල්පනා ලෝකෙට ගියා.මම දන්නවා මම හොදින් නෙවෙ.මගෙ හිත හරි බයෙන් ඉන්නෙ මට එයාව නැතිවෙයි කියලා.

"අඩෝ යෙනූ මේ බලහංකො King and Uwa අඩෝ පට්ට කපල් එක නේ බං.මම ආසම Bl එක තමයි Bed friend"

"ම්ම්ම්ම් ලස්සනයි තමා"

මූ මෙතනත් bl බලනව.මම ලාවට වගේ ඒක දිහා බලලා ඔව් කියලා ආය කල්පනා කරන්න ගත්තා.

"Uwaගෙ සුදු නේද බං,මටත් ඕනෙ එහෙම බොටමෙක්"

"හා හා බොටමෙක් හරි බොටමක් හරි හොයාගමු ටිකක් කටවහන් හිටප-"

"Excuse me"

අපිට එහාපැත්තේ වාඩිවෙලා හිටියා කොල්ලා මටයි විහඟටයි කතා කරා.මම ඉතිං නොදන්න අය එක්ක  කතාවට යනවා අඩු නිසා ඌ දිහා බලලා හිනා උනා.

"ඔව් කියන්න"

මෙච්චර වෙලා කෙල කෙල හිටිය පිස්සු ඔක්කොම නවත්තලා විහඟ කිව්වා.

"ඔයාලා BL fans ලාද"

"ඔව්ව්ව් ඇයි ඔයත් එහෙමද"

"ඔව්ව්ව්ව් මම ආසම bl එකත් bed friend ඒක ගැන ඔයාලා කතාවෙනව ඇහිලයි මම හිතුවේ."

"අඩෝ නෝ සේම් වයිබ් මචන් නයිස් ටු මීට් යූ"

විහඟයා හෙන සතුටින් අරූට ශේක් හෑන්ඩ් කරා.මම හිනාවෙලා නිකම් හිටියා මොකද මට දැන් කාත් එක්කවත් කතා කරන්න තරම් ලොකුවට මූඩ් එකක් නෑ.මුන් දෙන්නා කතුරු දෙක වගේ bl ගැන කියවනවා ඉවරයක් නෑ.මට  ඇහුනට කිව්වෙ මොනාද කියලවත් මතක නෑ මොකද මම ඉන්නේ මේ ලෝකෙ සිහියෙන් නෙවේනෙ.

ඊලග කොටසින් හම්බෙමූ💗

ආදරෙයි මගෙ චොක්ලට් බිස්කට් ටිකට🍪

🌼Daisy flower🌼

Share This Chapter