Back
/ 36
Chapter 20

20 කොටස

🖤My Peony🖤

ඔය විදියට නෝමල් විදියට සිකුරාදා වෙනකම් දවස් ඉක්මනට ගෙවිලා ගියා.මම එරෝන් අයියට වැඩිය මැසේජ් කරෙ නෑ.ඒත් එහෙම ඉන්න එක මට හරි අමාරුයි.ඊටපස්සෙ මම හිතාගත්තා සිකුරාදා ලෙක්චර්ස් ඉවරවෙලා ඇවිල්ලා කෝල් එකක්ම අරන් ටික වෙලාවක් එයා එක්ක කතා කර කර ඉන්නවා කියලා.

"මම ඉස්සෙල්ලා වොශ් දාගන එන්නම් ඈ"

ලෙක්චර්ස් ඉවර වෙලා බෝඩිමට ආව ගමන් විහඟට එහෙම කියලා මම ටවල් එකත් අරන් බාතෲම් එකට ගියා.

"ම්ම්ම්ම් මොකත මේ අද කලින් වොස් දාන්න හිතිලා"

"නිකම් නිකම් යකො"

ඌට නිකම් කිව්වට ඉක්මනට වොශ් දාලා වැඩ ටික ඉවර කරලා එරෝන් අයියට කෝල් කරන්න ඕන නිසා තමයි මම එහෙම කරේ.

ඊටපස්සෙ මම ඉක්මනට වොශ් දාලා රූම් එකට ආවම විහඟ බාතෲම් එකට ගියා.

මම දැම්ම මොකක් හරි මැසේජ් එකකට හවස 3 ට විතර එරෝන් අයියා "ම්ම්ම්" කියලා රිප්ලයි එකක් දාලා තිබ්බා.මම වැඩිය කතා කරන්නැත්තෙ ඇයි කියලා එයාටත් සමහරවිට හිතෙන්න ඇති ඒ උනාට එයා ඕවා පෙන්නන්නෙ නෑනෙ.

ම්ම්ම්ම් cudda status එකක් දාලා වගේ....එයා සාමාන්‍යයෙන් වැඩිය status දාන්නෙ නෑ.එයාට වැදගත්ම නැත්නම් එයා කැමතිම මොකක් හරි තමා දැම්මොත් දාන්නෙ.ඉතිං මම ටොයින් ගාලා එයාගෙ status බලන්න ගියා.

ඒ පාර නම් ඔලුවට යකඩ පොල්ලකින් ටී.....ං ගාලා දුන්නා වගේ ෆීලිං එකක් ආවෙ.එයා status දාලා තිබ්බෙ ෆොටෝ එකක්.එයයි තව ගර්ල් කෙනෙකුයි.කැප්ශන් එක දාලා තිබ්බෙ "𝗠𝘆 𝗴𝘂𝗿𝗹🖤 " කියලා ඒක දැක්කම නම් මාව දරුනුවටම මානසිකව වැටුනා.එතකොට මෙයාට gf කෙනෙක් ඉන්නවද.එදා මට කෙල්ලො එපා බැඳීම් එපා කිව්වෙ බොරුවටද.එයද් මට කලිම්ම ඕක කියලා තිබ්බා නම් මට එයා ගැන මේ විදියට හිතෙන්නෙ නැතුව ඉන්න තිබ්බා.

මට හිතාගන්න බෑ මොකක්ද මේ උනේ කියලා මම ආයෙත් ඒ status එක බැලුවා.එයා ලස්සන cute ගර්ල් කෙනෙක්.මොනා උනත් දෙන්නා matching හැබැයි.ඒ උනාට මට දුකයිනෙ.මේ මම ආදරෙ කරන මනුස්සයා.මගෙ වන් සයිඩ් ලව් එක.මම දැන් මොකද කරන්නෙ.මට ඇඩෙන්න ඔන්න මෙන්න තිබ්බේ.

"විහඟ මම ටිකක් එලියට ගිහිම් එන්නම් බං"

""ඈ......මොකක්ද මට ඇහෙන්නැතෝ"

"මම චුට්ටක් එලියට ගිහිම් එන්නා.....ම්"

"කොහෙද යන්නෙ හිටහම් මම ඉක්මනට එන්නම්"

"නෑ නෑ මම යන්නම් උබ වොශ් දාපන්"

එහෙම කියලා මම බෝඩිමෙන් එලියට ආවා.ඊටපස්සෙ මම ආයෙත් ෆෝන් එක අරන් ඒ status එකට මැසෙජ් එකක් දැම්මා මේ කව්ද අඤෙ මේ කියාලා

"කැප්ශන් එකේ තියෙන්නෙ කව්ද කියලා තමා"

"ඌප්ස් ඒ කියන්නෙ ගර්ල්පෙන්ද"

"ම්ම්ම්ම්ම්"

"😁"

මම ඉමොජියක් විතරක් දාලා නිකම් හිටියා. මට වෙන කියන්න දෙයක් තේරෙන්නෙ නැ.ඊටපස්සෙ මම ඩේටාත් ඕෆ් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තා.දැන් ඉතිං ආය අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ.එයාම කෙලින්ම කිව්වා ඒ එයාගෙ gf කියලා තව මොනවද ඉතිං.මමයි මෙතන වැරදි.මමයි මෝඩයෙක් වගෙ එයා මට ආදරෙද නොදැන ආදරෙ කරන්න ගත්තේ.

මට ඕනෙ දැන් කෑ ගහලා අඩන්න.බෝඩිමේ ඉදන්වත්,විහඟ ඉස්සරහාදිවත් මට අඩන්න බෑ.මේවා මම හිතින් හදාගන බලෙන් දාගත්ත ප්‍රශ්න.දැන් මම මේ විදවන එකට වැරැද්දත් තනිකරම මගෙ.මොකද එරෝන් අයියා කිව්වෙ නෑ මට ආදරෙ කරන්න කියලා.එයා මට කතා කරෙත් උබ ,බං ඒ විදියට.ඒ වෙලාවෙ මට තේරුම් ගන්න තිබ්බා මං ගැන එයාගෙ හිතේ තියෙන්නෙ යාලුකමක් හරි සහෝදරකමක් හරි කියලා.අනික එයා මට කෙලින්ම කිව්වනෙ බැඳීම් එපා කියලා.මමයි බැඳීම් එපා කිව්ව කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගන්න ෆැන්ටසි හදාගත්තෙ.ඒ උනාට දෙයියන්ගෙ නාමෙට මට දුකයිනෙ.මට ඕනෙ කෑ ගහලා අඩන්න.

මම හෙමින් හෙමින් ලේක් එක දිහාට ඇවිදගන ගියා.දැන් ටිකක් රෑ වේගන එන නිසා එතන කට්ටිය අඩු ඇති.ඇත්ත එතන කපල් දෙකක් විතර ඇරුනම කව්රුත් හිටියෙ නෑ.මම කෙලවරේම ලොකු පඳුරක් ලග තිබ්බ බෙන්ච් එකකින් වාඩි උනා.මගෙ හිතම දැන් මට කියනවා උබ නම් මහ බොලඳ පොඩි එකෙක් කියලා,මොංගල් හිත උබට තේරෙන්නෙ නෑනෙ මගෙ වේදනාව හුම්.

මම ආයෙත් ෆෝන් එක අරන් ඒ ෆොටෝ එක දිහා බැලුවා.ඒක තාමත් තියනවා.එතකොට මම දැක්කා ෆෝන් එකේ ස්ක්‍රීන් එකට වතුර බිංදුවක් වැටෙනවා.අහ් නෑ ඒ වතුර නෙවෙ.මටත් හොරෙන් මම අඩන්න අරන්.මම ඇති වෙනකම් ඇඩුවා.එතකොටම වහින්න ගත්ත වැස්ස පුලුවන් තරම් කෑ ගහලා අඩන්න මට ලොකු උදව්වක් උනා.

අනිත් අය වැස්සෙන් බේරෙන්න දුවද්දි,මම වැස්සට මගෙ සතුටයි සැනසීමයි හෝදගනම යන්න ඉඩ දීලා ඇති වෙනකම් ඇඩුවා.මම කොච්චර වෙලා අඩන්න ඇතිද කියලා මම දන්නෙ නෑ  සැරි සැරේ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා වගෙ දැනුනත් මම ඒක ලොකුවට ගනන් ගත්තෙ නෑ.දැන් වැස්සත් කලින්ට වඩා ටිකක් අඩුවෙලා තිබ්බා.

"මම හිතුවා තෝ මෙතන ඇති කියලා.මොන මගුලකද හුත්තෝ  තෝ යන්නේ.යන මගුලක කියලා පලයන් හුත්ත"

විහඟයා මට බැනගන බැනගන බැනගන ගියා.ආයෙත් වැස්ස ටිකක් වැඩි උනා.මම ගිහිම් විහඟව බදාගන ආපහු ඇඩුවා.

"අනේ මම එයාට ආදරෙයි බං,එයා ඒක දන්නෙ නැති උනාට මම කොහොමද කියහංකො එයා වෙන කාට හරි ආදරේ කරනවා බලන් ඉන්නෙ.උබම කියහං උබට  පුලුවන්ද එහෙම බලාගන එයා එක්ක යාලුවෙක් වගේ එයාව ආශ්‍රේ කරන්න.මට තව බෑ බං.ඇයි බං වෙන හැමදේම මටම වෙන්නෙ.ඇයි බං මම හොයන ආදරෙ කවදාවත් මට කාගෙන්වත් හම්බෙන්නෙ නැත්තෙ.ඇයි බං මම ආදරෙ කරන හැමෝම යන්න යන්නෙ.මම එච්චර නරක එකෙක්ද.මම කාටවත් වැරැද්දක් කරලා නෑ බං,මට රිද්දුවක් එකෙක්ටවත් මම රිද්දලා නෑ බං,ඇයි මට මෙහෙම වෙන්නෙ,උබත් මාව දාලා යනවද කවදාහරි,උබට ඕනෙ නම් උබත් පලයන් එතකොට හරි.මට මොකෙක්වත්ම නෑ.

මම උබට හරි ආදරෙයි කියනවට වඩා,මම එයාට හරි ආදරෙයි බං කියලා අඩන්න වෙන එකේ වේදනාව ජීවිතේ පලවෙනි වතාවට හරි දරුනුවටම මට තේරුනා.මම මගෙ හිතේ තිබ්බ හැමදේම පුලුවන් විදියට වචන කර කර පුලුවන් තරම් ඇඩුවා.

"අඩන එක නවත්තපන්කො,උබට කව්රුත් නැතිවෙලා නෑනෙ බං,එරෝන් අයියා උබ ගැන මොනා හිතනවද කියලා අපි දන්නෙ නෑනෙ බං"

"මොනා හිතන්නද විහඟ,එයාට ලව් එකක් තියනවා.එයාට ආදරෙ කරන්න කෙනෙක් ඉන්නවා,මම නිකම් ෆැන්ටසියක තනියම ඉදලා තියෙන්නෙ.මම එයාට නිකම්ම නිකම් තවත් යාලුවෙක් විතරයි.ඇයි බං මම එයාට එහෙම තනියම ආදරෙ කරේ.ඇයි මට මගෙ පාඩුවෙ ඉන්න බැරි උනේ."

"අඩන එක නවත්තපන්කො,මම දැන් එරෝන් අයියා එක්ක තමා උබව හොයන්න හැමතැනම ගියේ.වෙලාවට එයා වැඩකට මේහෙට ඇවිත් තිබ්බේ.නැත්නම් මම පයින් ඇවිද ඇවිද කොච්චර උබව හොයන්නද මේ වැස්සෙ.උබට,උබට තෙමෙනවා කියලවත් ගානක් නැද්ද හුත්තෝ."

"එ-එයා උබ එක්ක ආවද"

"ඔව් යකෝ එලියේ කාර් එක නවත්තලා එයාට ඉන්න කියලා තමා මම ඉක්මනට ආවෙ තෝ මෙතනවත් ඉන්නවද බලන්න.තෝ නම් මෙතන අඩ අඩා ඉදියි,තව ටිකෙන් උබට ඔහොමම ඇවිල්ලා අරූගෙයි මගෙයි මලගෙදරටත් අඩන්න වෙනවා.කීපාරක් හැප්පෙන්න ගියාද කියලා මතක නෑ යකෝ,උබ පැය හතරක් තිස්සෙ නෑ කිව්වම ඌත් බය උනා.මෙලෝ සිහියකින් නෙවෙ අපි දෙන්නම හිටියේ."

ඒපාර විහඟගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

Eron Aiya calling.........

මේ පේනවනෙ උබට.මට ෆෝන් එක පෙන්නලා විහඟ කිව්වා.

"හෙලෝ අයියේ"

"මූ ඉන්නවා බං මම එක්කම් එන්නම් හොඳටම තෙමිලා ඉන්නෙ"

එයා සමහරවිට මම ඉන්නවද කියලා අහන්න ඇති.කොහොමත් ඉතිං යාලුවො යාලුවො ගැන හොයනවානෙ ඒක සාමාන්‍යයි.ඒත් මම කොහොමද සාමාන්‍ය කෙනෙක් දිහා බලන විදියට එයා දිහා බලන්නෙ.මම වචනෙන් විස්තර කරගන්න බැරි තරම් ආදරෙ කරන කෙනාට මම කොහොමද සාමාන්‍ය යාලුවෙක්ට වගෙ සලකන්නෙ.ඇයි මෙහෙම ආවෙ කියලා එයා දැන් ඇහුවොත් මම මොනවද එයාට කියන්නෙ.

"තව මොනවද තෝ කල්පනා කරන්නෙ වරෙන් යන්න පොඩි පගයා.තෝත් එසෙමෙසේ වදයක් නෙවෙ මට දෙන්නෙ"

විහඟයා බැන බැනම මාව එක්කගන ගියා.අපි ලේක් එක කිව්වට එතන පාක් එකක් වගෙ තැනක්.ඇතුලෙ එක පුංචි කඩේකුත් තියනවා.ගේට් එකක් එහෙමත් දාලා තියෙන්නෙ.එතන එලියේ ගේට් එක ලගම කලුපාට කාර් එකක් නවත්තලා තිබ්බා.හැබැයි ඒක මොන ජාතියෙ එකක්ද අනං මනං බලන්න තරම් සිහියක්වත් උවමනාවක්වත් මට තිබ්බෙ නෑ.

"ඈ නැගපං දැන්"

කාර් එක ලගට ගිහිම් දොරත් ඇරලා දීලා විහඟ කිව්වා.ඊටපස්සෙ මම ඉචිම් අහිම්සකයා වගේ කාර් එකට නැග්ගා.

"අයියේ කාර් එක ඇතුලේ ටවල් එකක් හරි මොකක්වත් නැද්ද මූගෙ ඔලුවවත් පිහන්-"

"හා......ච්චිං"

"ආහ් දැන් හරිනෙ පොඩි ප-"

"හච්චිං.......චිං"

"අම්මපා මම තොට කිව්-"

"හා...........ච්චිං.......අලේ බං ටිශූ එකක්වත් ඤැද්ද"

"ඔය පිටිපස්සෙ පොඩි ටිශූස් බොක්ස් එකක් ඇති විහඟ ඒක අරන් දෙන්න.තව මගෙ ටී ශර්ට් එකක් ඇති පිටිපස්සෙ ඒකෙන්වත් ඕකගෙ ඔලුව පිහපන්"

"හරි අයියේ..යෙනූ උබ නම් විසාල කරදරයක් ඈ.බලහංකො තේරුමක් ඇති දෙයක්ද කරේ කියලා පොඩි පගයා.වෙලාවට එරෝන් අයියට කතා කරාම එයා කාර් එකේ මේ ලගට ඇවිත් තිබ්බෙ නැත්නම් මම මොකද කරන්නනෙ කියහංකො,උබට මොනාහරි උනා නම් මම ඇන්ටිටයි අන්කල්ටයි මොකක් කියන්නද,මම වොශ් දාන්න ගිය ටිකට උබ අතුරුදහන් උනා කියන්නද ආ..."

ඔලුව පිහන ගමන් විහඟයාගෙ බැනුම් අහගන මමත් ඔහේ හිටියා.ඇත්ත ඉතිං ඌ දරුනුවටම බය වෙන්න ඇති.මොනා කරන්නත ඉතිං.මේ කාර් එකේ ඩ්‍රයිවින් සීට් එකේ ඉදන් ඉන්න එකා තමා මේ ඔක්කොමටම වගකියන්න ඕනෙ හුම්.මගෙ වැරැද්දක් නෑ.මම එරෝන් අයියා දිහා බලලා රැව්වා.එයාට පේන්නෙ නෑනෙ මම රවනවා.මොකද මමයි විහඟයි හිටියෙ පිටිපස්සෙ සීට් එකේනෙ.

"බනින්න එපා ඕයි ඔලුවත් රිදෙනවා වගේ"

අරූගෙ බැනුම අහලා අහලා අන්තිමට මම කිව්වා.

"කෝ හිටපන් බලන්න"

"හ්ම්ම්ම්"

එහෙම කියලා විහඟ මගෙ නලලෙන් අත තිබ්බා.

"මූට උන අයියේ ඇග හොදටම රස්නෙයි"

"අ-අනේ මට ඇති උනක් නෑ බං පොඩි වැස්සකට තෙමුනා කියලා උන හැදෙනවා ඈ"

"පොඩි වැස්සකට නෙවෙ බල්ලෝ මහ වැස්සකට තෝ පැය හතරක් විතර තිස්සෙ තෙමුනෙ"

"බෝඩිමේ සමහනුයි, තව බෙහෙත් වගෙකුයි තිබ්බා වෙලාවට"

"විහඟ"

"ඕ අයියේ"

"මල්ලි උබට අර කව්ද යාලුවගෙ ගෙදර යන්න තියනවා කිව්වා  නේද"

"ඔව් අයියේ මූයි මායි යන්න හිටියෙ උගෙ අත්තම්මගෙ දානෙ තියනවා කියලා ඒකට උදව් කරන්න දැන් ඉතිං මූ මෙහෙම ඉද්දි යන්න විදියක් නෑනෙ"

අම්මටහුඩු ඉරිදා තියන අරූශ්ගෙ අත්තම්මගෙ දානෙට උදව් වෙන්න සෙනසුරාදා ගිහිම් සඳුදාට උගෙ ගෙදර ඉදන්ම අපි තුන්දෙනා ලෙක්චර්ස් එන්නනෙ හිටියේ.දැන් ඉතිං හුචුස් හුචුස් ගගා මම කොහොමද එහෙ යන්නේ.

"කොහොමද යන්නෙ ගියොත්"

"අරූ බයික් එකේ මූවයි මාවයි එක්කම් යන්න එන්නම් කිව්වා.එච්චර දුරක් නැති හින්දා"

"එහෙනම් උබ පලයන් මල්ලි එන්නම් කියලා දෙන්නම නොයා ඉන්න එක අව්ල්නෙ.මම මේ බූරු පැටියාවෙ ගෙදර එක්කම් යන්නම්.උබ බෝඩිමට ගිහිම් මුගෙ ඇඳුම් දෙක තුනකුයි ලෙක්චර්ස් අරන් යන පොත් ටිකයි ගෙනත් දීපංකො"

"අඩේ අව්ලක් නැද්ද අයියේ.ඔයාට එපාවෙයිනෙ"

"ශේප් බං අව්ලක් නෑ"

"අ-අනේ විහඟ මටත් අරූශ්ලාගෙ ගෙදර යන්න ඕනෙ.අනික මට අමාරුවක් නෑ"

මේ නම් ඉතිං මම තනිකරම බොරුව ඈ ඔය කරන්නෙ.මට අයියා එක්ක යන්නත් ඕනේ ඒ උනාට දෙයියන්ගෙ නාමෙට කොහොමද යකෝ දැන් මම මේ මනුස්සයට මූන දීලා මේ උන සීන් එකට හේතුවක්වත් කියන්නෙ.අන්නේකයි මම මේ චුට්ටක් මොනාහරි කියලා බැලුවෙ.

"අනේ මෙන්න වැන්දා උබ පලයන් ඇයි යකෝ,හුචස් හුචස් ගගා තෝ එහෙ ගිහිම් මොනා කරන්නද පොඩි පගයා"

"මල්ලි මෙතන නේද බෝඩිම"

අපි එතකොට බෝඩිම ලගට ගිහිම් හිටියා.විහඟ ඉක්මනට උඩට දුවලා ගිහිං මගෙ බඩු ටික අරන් ආවා.

"එහෙනම් අයියේ මූව බලහං ඈ,සාමාන්‍යයෙන් කියන දේ අහන එකෙක් නෙවෙ මේකා"

"අපි යන්නම් මල්ලි උබ දැන් තෙමෙනේ නැතුව උඩට පලයන්"

ඊටපස්සෙ සෑහෙන වෙලාවක් යනකම් කාර් එක ඇතුලෙ කිසිම කතාවක් තිබ්බෙ නෑ.මම පිටිපස්සෙ සීට් එකේ ඉදන් පාඩුවේ පාර දිහා බලන් හච්චිං යව යව හිටියා.එයා පාඩුවේ ඩ්‍රයිව් කරා.

ඊලග කොටසින් හම්බෙමු💗

ආතරෙයි මගෙ චොකො බිස්කට් ටිකට🍪

🌼Daisy flower🌼

Share This Chapter