Back
/ 36
Chapter 24

24 කොටස

🖤My Peony🖤

"අ-අයියේ......."

"ඒ පාර මොකද මේ උදේ පාන්දර අඩන්න වගේ"

"අනේ අ-අපි මේකට මො-මොනාහරි බෙහෙත් එකක් ගාමුකො"

"මොකටද බෙහෙත් ගාමු කියන්නෙ"

"ම්-මේ අතේ උඩ නිල් වෙලා තියෙන්නෙ මගෙ කකුල වැදිලා වෙන්න ඇති"

"අ-අඩේ මම ඒක දැක්කෙත් දැන්,එච්චර රිදෙන්නෑ ඕයි.ඔය චුට්ටක් මොනාහරි උනත් පාර හිටිනවා මගෙ හමේ හැටි බං"

"ඒ උනාට ඔයාට රිදෙනවා"

"නෑ ඕයි රිදෙන්නෙ නෑ"

"පොමිස්ද"

"හා හා ඕන මගුලක්"

"අයියේ..."

"ම්ම්ම්ම්ම්"

"මම අඩන්නම්ද?"

"ඒ මොකටද"

"මගෙ කකුල වැදිලා මෙහෙම උන නිසා මට දුකයිනෙ"

"අනේ මේ මගෙන් ගුටි නොකා හිටහං යෙනෝන්.උබම පයින් ගහලා උබම ඇඩුවම මම මොකක්ද කරන්න ඕනෙ කියහංකො"

"පයින් ගැහුවෙ නෑනෙ,නින්දෙන්නෙ වැදිලා තියෙන්නෙ"

"ඇත්තටම පයින් ගැහුවා නම් උබව මම කකුල් දෙකෙන් එල්ලනවා ගහක"

"යැයි යැයි යැයි එල්ලයි කියලා තමා බය."

"අන්න එහෙම බයේම හිටපන් ඈ"

"මම ---- තමුසෙට ------ බය------ නෑ......."

"අහ් බය නැද්ද තෝ උන හොද කරන් වරෙන්කො මම පෙන්නන්න බය"

"ඒ මට උන හොදයි අයියෙ.මොනාත පෙඤ්ඤඤ්ඤ යන්නෙ,ඈ ඈ ඈ ඈ"

"මේ ඔය විදියට මූන හදාගන මගෙ ලගට එන්න එපා දෙනවා එකක් බෝඩිමටම විසික් වෙන්න හරිද"

"ඕ.......කුඩ්ඩහ් මගෙ බැල්මට බයයි නේතහ්.සරාගී නෙත් දිහා දෙපාරක් බලන්න එපා වසී වෙයි"

"වසී නෙවේ මට වමනෙට වගෙ ඇවිල්ලා කරකැවිල්ල හැදෙනවා ඒකයි එපා කිව්වෙ"

"ඌප්ස් අයියා බබා....හ් ඒ රෝග ලක්සන නම් එච්චර හොද ඤෑ"

"මොකක්"

"ඔයා සංවේදී වෙන්න එපා ඒ උනාට මම මේක කියන්නම ඕනෙ,ඔයා ප්‍රෙග්නට්ද කොහෙද?"

"ආ-----ව් අයියේ ගහන්න එපා අනේ මට උනනේ.අනේ අම්මේ මූ මට ගහනවා.....අඩේ අඩේ අතින් නම් ගහල්ල එපා මම ලෙප්ට් ඔය අතකින් කෑවොත් එහෙම,ඉතිං ඒ රෝග ලක්සන එන්නෙ ප්‍රෙග්නට් උනාම නිසානෙ කිව්- ආයි අනේ ඒක රිදුනා අයියේ"

මම එහෙම කිව්වට පස්ස එයාගේ අතේ තිබ්බ බෑග් එකකුයි.හිස් ප්ලාස්ටික් බෝතලේකුයි,එයා ගුවන්ගත කරා.වෙලාවට පුම්චි පුතා සිල්ප දන්න නිසා අතක් පයක් නොකැඩී ඒවාගෙන් බේරුනා.ඊටපස්සෙ කොට්ට ප්‍රහාරයක් එල්ල උනා.කියන්න සතුටුයි මිත්‍රවරුනි මම ඒ ප්‍රහාරයට සූදානම් වෙලා නෙවේ හිටියේ.ඒ නිසා මගෙ සියලු ශිල්ප අපතේ ගියා.

"අඩේ ඇති අයියේ ආය ඒම කියන්නෙ නෑ ඔයාගෙ බයික් එක පල්-ආව්ව්ව් අනේ හුම්ම ගල්ලත් බෑ ඔහොම ගහද්දි"

බයික් එක පල්ලා කියන්න යද්දිම ආයෙත් කොට්ට ප්‍රහාරයක් එල්ල උනා.මම දැන් සටනින් මිය ගිය උදාර සෙබලෙක් වගේ ඇඳේ හරහට වැටිලා පරාජය බාර අරන් ඉන්නේ.මේකා පහර දෙන්නෙම මයෙ පශ්චාත් බාගයට.දුස්ට මිනිහා.......

"🤣🤣"

"ගැහුවා මදිවට හිනාත් වෙන්න එනවද ඈ...මට උන නිසා තව්සෙ බේරුනා කියලා හිතාගන්න මිස්ටර් එරෝන්.මෙහෙම හිටියට අපිත් හොඳ යක්කු තමා"

"හා හා උබ යකා😹"

"ශ්ශ්ශ්......"

"උබ දැන් මොකද ඔය කටත් ඇරන් ඇස් දෙකත් වහගන කරන්නෙ"

"උබ උබ කියන්න එන්න එපා මම සටනින් මියගිය උදාර සෙබලෙක්,ඔයා තමා මගේ ප්‍රතිවාදි ත්‍රස්තවාදියා.ඊලග ආත්මයෙ මම මෙයට පලිගමි.එච්චරා......යි"

"අහ් දැන් උබ මැරුනද"

"ශ්........මිය ගිය මිනිසුන්ට බාදා කරන්න එපා ත්‍රස්තවාදියානනි"

"එහෙනම් ඔහොමම ගිහිම් වලක් කපාගන වැලලියන්කො,මොකද උබ මැරිලා ඉන්නෙ මගෙ ඇද උඩ"

"ඔයා එහෙමයි නේද අයියේ"

"කොහොමයිද"

"මැරුනා කිව්වමත් දුක්වෙන්නෙ නෑ....."

"උබ මැරුනම ඇයි මම දුක්වෙන්නෙ,උබ දුක් වෙයන්කො"

"හොල්මන වෙලා ඉද්දි අඩන්නෙ කොහොමද කියනවාකො"

"කොහොමහරි අඩහං ඉතිං"

"අනේ මේ ඒ සෙල්ලම ඉවරයි,දැන්වත් මම සැන්ඩ්විච් වගේ හැදුව මොකක්ද මන්දා කෑම එක කාලා බලඤ්ඤකො"

"අහ් උබ ඒ සෙල්ලමක්ද කරේ,තව චුට්ටෙන් මම උබව උස්සන් ගිහිම්  වලලනවා"

"උස්සන් ගිහිම් වලලන්න ඕනෙ නෑ ඉචිම් නිකම්ම උස්සගන ඉන්නකොව්ව්"

එහෙම කියලා මම එයාගෙ ඉස්සරහට ගිහිම් හිටගත්තා .ඊටපස්සෙ එයා එකපාරටම මගෙ ලගට ඇවිත් වම් පැත්තේ කම්මුලට කිස් එකක් දීලා ගිහිම් වාඩිඋනා.යකෝව් මෙච්චර වෙලා ත්‍රස්දවාදියෙක් වෙලා හිටිය මනුස්සයා නේත මේ මාව කිස් කරේ.මම කන්පියුස් උන්ගා බුන්ගා සීන් එකේ හිටිය තැනම හිටගන බලන් හිටියා.

ඒ පාර දැන් මට ලැජ්ජයිත් වගේ.එකපාරටම හිතන්නෙවත් නැති වෙලාවක කිස් දුන්න නිසා වෙන්න ඇති.මම සින් ගාලා ඇදට පැනලා කොට්ටෙන් මූන වහගන බෙඩ්ශීට් එක හපාගත්තා.අඩේ මට ලැම්ජා...........යි.

"මේ මොකද මේ ආ...."

"මං දන්ඤෑ"

"දන්නැත්තම් මොකද ඔහොම ඉන්නෙ"

"ඉචිම් ඔයානෙ උම්මා එකක් දුන්නෙ"

"ඉතිම්"

"ඉතිම් මට ලැජ්ජයිනෙ"

"කෝ කෝ නැගිටිනවා කෝලම් නැතුව මේ සැන්ඩ්විච්විදියට හැදුව මොකක්ද මන්දා කෑම එක කන්න"

"අඤේ බෑ"

"යකො උබට ෆස්ට් කිස් එක දුන්න වෙලාවෙවත් ඔච්චර දැගලුවෙ නෑනෙ"

"එකපාරට උම්මා දුන්නාම ඒම මෙව්වා වෙනවා අඤේ ඔයාට තේරෙන්නෙ නෑ"

"කෝ කෝ නැගිටිනවකො ඉතිං"

එයා එහෙම කියන ගමන් ආපහු ඇඳේ මම හිටිය තැනට ආවා.ඇවිල්ලා මගෙ කකුලකට තට්ටුවක් දැම්මා.

"අඤේ අයියේ ඉන්න දෙඤ්ඤකොව්,ලැජ්ජා හිතිලානෙ ඉන්නෙ හුම්"

"ඇයි ලැජ්ජ වෙන්නෙ මම මෙතන ඇඳුම් ගැලෙව්වෙ නෑනෙ"

"ඌප්ස් ඔයා ඇඳුම් ගැලෙව්වොත් මම ආසයි හැබැයි ඈ"

"කිස් එකක් දුන්න එකටත් ලැජ්ජයි කියලා තාම ඔලුව කොට්ටයක් අස්සෙ ගහන් ඉන්නෙ,ඒ උනාට කතාව ඇදුම් ගලවන්න.අනේ බත් කාලා නිදාගනිම් මෝඩ පොඩි එකා"

"අනේ මේ එහෙම නෑ හරිද"

එයා කෙරුව දරුනු අපහාසය දරාගම්න බැරිම තැන මම නැගිටලා එයා ලගින් හිටගන එයාගෙ අතේ මට අහුවෙන තැනක් හයියෙන් හපාගන හිටියා.

"ඇතිද"

ටික වෙලාවක් හපාගන ඉදලා මගෙම කට රිදෙන නිසා හපන එක නැවැත්තුවම එයා එහෙම ඇහුවා.ඇයි යකොව් මම හිතන් හිටියෙ රිදිලා කෑ ගහයි කියලා.ඒ උනාට මේ මනුස්සයා නිකම් මෝඩයෙක් දිහා බලන් ඉන්නවා වගෙ මගෙ දිහා බලන් ඉදලා,ඇතිද කියලා ඇහුවා.සැක් ලැජ්ජාවෙ බෑ.

"අනේ රිදෙන්නෙ නැද්ද අයියේ"

"උබ හිතුවද මොකෙක් හරි වහු පැටියෙක් ඇවිල්ලා අත සීප්පුවාම මට රිදෙනවා කියලා"

"සීප්පුවෙ නෑ හැපුවා හරිද"

"මේ චුට්ටකට කට ඇරපන් උබට දත් තියනවද බලන්න"

"අනේ අයියේ මේ මම තරහයි"

"හා හා වරෙන්කො කන්න"

"මට බෑ"

"මොකද දැන් ආහ්"

"රිදුනා කියනවාකො අයියේ"

"හා හා රිදුනා දැන් වරෙන්කො කන්න"

ඊටපස්සෙ මම ආයෙත් කෑම තිබ්බ තැනට ගිහිම් කන්න ගත්තාම්.හැබැයි අව්ලක්ම තිබ්බෙ නෑ සේප්.

"අයියෙ මගෙ අහිම්සක කෑම වෙලා සු-පි-රි නේද"

"ම්ම්ම්ම්ම්"

"හැබැයි කට ඇරලා රසයි කිව්වෙ නැත්නම් මම  කෑ ගහා ගහා ගේවටේ දුවනවා ඈ"

"දුවහන් ඉතිං මට මොකද,පිස්සෙක් කියලා හිතලා අහල පහල මිනිස්සු අරගන යයි"

"අහ් ඒ කියන්නෙ මාව එහෙම අරන් යනකම් ඔයා බලන් ඉන්නවද, ඈ ඈ ඈ ඈ"

"ඔව්"

"මම තව්සෙගෙ මිනිහනෙ අයියෙ😒"

"මොකා උනත් පිස්සෙක් නම් ඌව අරන් යන්න දෙන්න ඕනෙ.එච්චරයි"

"මම තරහයි"

"හිතුවට වඩා හොදට තමුසෙට වැඩක් කරගන්න පුලුවන් නේද බං"

"ඈ"

"සැන්ඩ්විච් එක අව්ලක් නෑ හොදයි"

"ඕහෝ ඉස්තූතියි ඉස්තූතියි,මම මෙ අවස්තාවේ කියන්ටෝනෙ මම දිවා රෑ නොබලා මහන්සි වෙලා තමා මේ සැන්ඩ්විච් ටික හැදුවෙ.මම එදිනෙදා සැන්ඩ්විච් එදිනෙදා හැදුවා.කාටවත් කරදරයක් උනේ නෑ.මේක ඇතුලෙ තියන බිත්තරයක් බිත්තරයක් ගානෙ මගෙ ආදරේ මුසුකරා"

"බිත්තර වලට ආදරෙ මුසු කරන්න උබ කිකිලිද"

"ඔව් ඇයි"

"එහෙනම් කටවහන් අන්න අර කොනකට ගිහිම් බිත්තරයක් දාලා වරෙන්කො"

"ඉව්ව් අනේ මොනාත  මේ කියන වම්නචර කතා,ආසයි නේත මම බිත්තර දානවා බලන්න.ඒම දෙන්නෙ නෑ හරිතේ.මේවා ඉතාමත් වටිනා වස්තූන්"

"ඇයි උබ රත්තරං බිත්තරද දාන්නෙ"

"අනේ ඔයා එක්ක තරහයි මම,හැමවෙලේම අපහාසමයි කරන්නෙ.මගෙ අගයක් නෑ ඔයාට.කවදාහරි මම මැරිලා ගිය දවසක තේරෙයි.එතකොට තව්සෙට තනියම මේ ගෙදරට වෙලා ඉන්න වෙයි.මගෙ කියවිල්ල ඇහිලා ඇහිලා ඒක දවසක නැතිවෙලාම ගියාම ඔයාට තේරෙයි හුම්"

මම එහෙම කියද්දි එයා හිටියේ කිරි එක බොනගමන්.ඊටපස්සෙ එයා බිබී හිටිය කිරි එක පැත්තකින් තිබ්බා.එයාගෙ මූන සම්පූර්ණයෙන්ම වෙනස් උනා.හරියට මම පලවෙනියටම දැක්ක එයාගෙ ෆොටෝ එකේ වගේ.එයා ඉදන් හිටිය තැනින් නැගිටලා මගෙ ලගට ඇවිත් මගෙ මූන ලගට ලං උනා.

"උබට ආය විහිලු කරන්නෙ නෑ මම"

"අ-අයියේ"

එහෙම කියලා එයා දොරත් වහගන රූම් එකෙන් එලියට ගියා.මටත් හිතාගන්න බැරි උනා ඒ මොකද උනේ කියලා.මම හිතන්නෙ මගෙ අතින් වැරදි දෙයක් කිය උනා.ඉචිම් මාත් විහිලුනෙ කරේ.සීරියස් ගන්න ඕනෙ නෑනෙ.

හේයි මගෙ පුම්චි චොක්ලට් බිස්කට් ටික මම ආවා..........

ඔයාලාගෙ මෝඩ ඕතරයා මේ ටිකේ චුට්ටක් බිසී උනා.ඒ අස්සේ ගෑස්ට්‍රික් වැඩි උනා.

මේ අහිම්සකීට සමාව දෙන්ට හරිත

එහෙනම් ඊලග කොටසින් හම්බෙමූ💗

ආතරෙයි මගේ චොම්කලට් බිස්කට් ටිකට🍪🍪

🌼Daisy flower🌼

Share This Chapter