Back
/ 36
Chapter 26

26 කොටස

🖤My Peony🖤

one day I'm gonna fly away

One day when heaven calls my name

I lay down I close my eyes at night

I can see morning light

"යෙනෝන් ඔය ෆෝන් එක ආන්සර් කරනවාකෝ,රින්ග් වෙනවා ඉවරයක් නෑ උබට ගානකුත් නෑ."

මම හිටියේ හැරීපෝටර් එකේ ෆස්ට් එපිසෝඩ් එක බලන ගමන්.ඒකත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් අප්පා...මම පට්ට ආසයි අර චොක්ලට් ගෙම්බාගෙ සීන් එකට ඒම.

එයා කලින් යන්න හදලා තියෙන්නෙ අපි දෙන්නට කන්න මොනාහරි ගේන්න,මම යන්න දුන්නෙ නෑනෙ ඉතිම්.පස්සෙ එයා දවල්ට කන්න මොනාහරි ඕඩර් කරන්න හැදුවේ ඒත් මම කොහොමහරි බල කරලා ගෙදර උයන්න එයාව කැමති කරවගත්තා.

ඊටපස්සෙ උයලා අන්තිමට එයාට බාජන ටික හෝදන්න දීලා මම එයාගෙ ෆෝන් එකෙන් හැරී පෝටර් බලන්න ගත්තා.ඒ උනාට බලන්න බෑනෙ රෙද්ද මගෙ ෆෝන් එක රින්ග් වෙනවා දැන් හෙන වෙලාවක ඉදම්.මම මෙච්චර වෙලා ගනන් ගන්නෙ නැතුව හිටියෙ ඒත් කොහෙද මේ මිනිහා බෙරිහන් දෙනවනෙ.ඉතිං අන්තිමට මම හැරී පෝටර් පැත්තකින් තියලා කෝල් ගන්න එකාගෙ ජාතිය අමතන්න හරි කෝල් එක ආන්සර් කරන්න හිතාගත්තා.

සෙනෙහෙලතා calling..............

යා...........බේසිකයා..........මූ තමා හැමදාම ඕහොම ආතල් දෙන්නෙ මට.

"හෙලෝ"

"තෝ කෝල් එකක්වත් ගන්න එපා බූරුවා%

"අසනීපෙන්නෙ හිටියෙ ඕයි"

"ඕ ඕ තේරෙනවා කටහඩෙන්ම මාර අසනීපෙකින් ඉන්නෙ කියලා,උබ කාටද ඔය බොරු කරන්නෙ ඈ....."

"හරි හරි ඉතිං බං එක එක වැඩ තිබ්බා"

"වැඩ තිබ්බා..... තොට අනේ පලයන් හුත්තෝ යන්න"

"ඔව් නේද ඒයි මම වැඩ කරා නේද"

මම කෝල් එකෙ ඉන්න  ගමන් කිචන් එකේ හිටිය එරෝන් අයියාගෙන් කෑ ගහලා ඇහුවා.

"මොකාක්"

"මම වැඩ කරා නේද අනේ"

"ඇහෙන්නෑ ඕයි මම මේ ප්ලේට් ටික හෝදන ගමන් ඉන්නෙ"

"හා හා😒"

මෙලෝ වැඩක් නෑ අප්පා මේ මනුස්සයත් වෙලාවකට.නිකමට මොකක්ද මොකක්ද අහන්නෙ නැතුව ඔව් කියන්න තිබ්බනෙ සැක්.දැන් අරූට අහෙන්නත් ඇති පිගන් හෝදනවා කිව්ව එක.නම්බුව ලෙප්ට්නෙ කෙලින්ම.

"අනේ බෑ බං මේ මනුස්සයා එක්ක කියන එකක් ඇහෙන්නෙත් නෑ"

"හා හා කටවහන් හිටු බේසිකයා.මට ඇහුනා කව්ද වැඩ කරන්නෙ කියලා.වෘක්ෂ සුනකයා තෝ."

"අනේ මෙච්චර වෙලා උයලා ඕයි මම ආවෙ"

"හා හා මේ මම කෝල් කරේ උබේ බොරු අහන්ඩ නෙවේ.මායි අරූශයායි අද රෑට ඔහෙ එන්නතේ.පොඩ්ඩක් සෙට් වෙමු."

"අයියාගෙන් අහපන් ඉතිං"

"උගෙන් අහන්න කලින් උගෙ ප්‍රිය බිරිඳගෙන් අහන්න ඕනෙනෙ ඒකයි තොගෙන් ඇහුවේ."

"අනේ මේ "

"ආ ආ ආ මූගෙ ලැජ්ජාව යකෝ....ආවම විස්තර ටික කියහං ඈ."

"හා හා😒"

"මේ උබෙන් බඩ්ඩක් අහන්නද"

"අහපන්කො"

"උබේ කොහෙවත් රිදෙන්නෙ නෑ නේහ්"

"ඔලුව චුට්ටක් රිදෙනවා බං සෙමටද කොහෙද,උන නම් නෑ දැන්"

"ඒ මගුලක් නෙවේ පගෝ මම අහන්නෙ"

"ඒනම්"

"උබේ පශ්චාත් බාගෙ එහෙම......තේරුම් ගනිංකො හුත්තෝ,තෝත් ටියුබ් ලයිට් එකක්නෙ"

"වැස්සෙ තෙමුනම පස්ස රිදෙනවද ඕයි,

මේ අයියේ වැස්සේ තෙමුනම පම්ස රිදෙනවාද"

වැස්සෙ තෙමුනම පස්ස රිදෙනවද කියලා විහඟගෙන් අහන ගමන්ම,මොකක්ද පොතකුත් අරගන මගෙ ඉස්සරහා සෝෆා එකෙන් වාඩිඋන එරෝන් අයියාගෙනුත් මම ඇහුවා.

"වැඩක් බලාගනිං යෙනෝන්"

එයා මගෙ දිහාත් නොබලා පොත දිහා බලන් කිව්වා.මොන මගුලක්ද මොකක් හරි ඇහුවම වැඩක් බලාගනිං කියනවා.මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.

"හා හා මේ එරෝන් අයියට ෆෝන් එක දීපංකො"

ඒපාර අරූ කෑ ගහන්න ගත්තා.මුන් ඔක්කොමටම ට්‍රැක් අව්ට් මම නම් කියන්නෙ.

"හා හා බෙරිහන් නොදි හිටු"

"දීපං යකෝ තව වැඩ තියනවා අපිට"

"අයියේ ........මේ විහඟට ඔයා එක්ක කතා කරන්ඩ ඕනෙලු"

එයා මගෙ ලග වාඩිවෙලා හිටියට,නිකම් ගොඩා.......ක් දුර ඉන්න කෙනෙක්ට කියනවා මම වගේ කෑ ගහලා කිව්වා.

"හෙමින් කතා කරහංකො බල්ලෝ මගෙ කනත් ලෙප්ට්"

එහෙම කියලා විහඟයා කෑ ගහනවා මට ලාවට වගේ ඇහුනා.මොකද මම කෑ ගහන ගමන් ෆෝන් එක අයියට දුන්නානෙ.

"මල්ලි කියහං

ඔව්ව් තියනවා..

ආ නෑ නෑ එපා මෙහෙ තියනවා

ආ..... වරෙන් වරෙන්....

කීයට විතරද එන්නෙ

හරි හරි එහෙනම් දෙන්නම පරිස්සමින් වරෙන්කො

හා හා බං හරි"

ඔන්න ඔච්චරයි ඉතිං මට ඇහුනේ.මම හිතන්නෙ එයා අරුන් දෙන්නට එන්න කිව්වද කොහෙද.

"මොනාත ඒයි කියඤ්ඤෙ එයාලා"

"අද හවස්වෙලා එන්නම්ලු පොඩ්ඩක් සෙට් වෙමුලු"

"ඉචිම් ඔවා හා කිව්වද"

"ම්ම්ම්ම්ම්"

"එයාලටත් එක්ක මොනාහරි හදන්න වෙයි නේද ඒනම්"

"එපා මම කෑම ටිකක් අරන් එන්නම්,තමුසෙ පන්ඩිත වැඩ නොකර ඉන්නවාකො"

"අයියේ........"

"ම්ම්ම්ම්ම්ම්"

"උම්මා එකක් ඕනිනෙ"

"හිටහම් ගෙම්බෙක්වවත් හොයන් එන්න"

"මගේ ගෙම්බාගෙන්නෙ උම්මා එක ඕනෙ"

"කව්ද දැන් උබේ ගෙම්බා"

"ඔයානෙ"

"අනේ  මේ යමං යන්න"

"අනේ දෙඤ්ඤකෝව්ව්ව්ව්ව්"

මම එහෙම කියද්දිම එයා අතේ තිබ්බ පොත සෝෆා එක උඩින් තියලා මගෙ ලගට ඇවිත් මගෙ පැත්තට නැමුනා.ඊටපස්සෙ මගෙ නලලට වැටිලා තිබ්බ කොන්ඩ ටික එහෙට මෙහෙට කරලා නලල දිගේ එයාගේ මහපට ඇඟිල්ල එහෙට මෙහෙට කරා ඒකත් හරි පරිස්සමට.නිකම් මට රිදෙයි කියලා බයේ වගේ.ඊටපස්සෙ එයාගෙ ඇඟිල්ල නලලේ ඉඳලා මූන දිහාවට ආවා.දැන් නම් මාව මත්වෙලා වගේ.මෙයාගෙ පුංචි ටච් එකකින් මාව මෙච්චර පිස්සු වට්ටන්න පුලුවන් වෙයි කියලා මම හිතුවෙ නෑ..මේ සීතලත් එක්ක කොහොමත් ෆීලිංග්ස් හංගන්න මට අමාරුයි.

"ම්ම්ම්ම්ම්ම්හ් අයියේ"

"ම්ම්ම්ම්"

"ඕක නවත්තලා කිස් එකක් දෙන්නකො මට බෑ අනේ තව"

මම එහෙම කියද්දි එයා මගෙ දිහා බලලා හිනාවෙලා කිස් එකත් නොදී අතගගා හිටිය කම්මුලේ දෙපැත්ත හයියෙන් මිරිකලා ගිහිං ආපහු හිටිය තැනින්ම වාඩි උනා.

හරීම සෝක් ඒ කෙරුව කැත වැඩේ නම් ඈ..මාව මේ හොදටම මෙව්වා වෙලා ඉද්දි අතරමගින්  කිස් එකක්වත් නොදීනේ මේ යස්සයා පැත්තකට උනේ.දැන් ඉතිං කියන්න තියෙන්නෙ ඉවසපන් පපුව කියලා තමා....

"යෙනෝන් මොකද මේ අඩන්නෙ"

"ක්-කෝ මම ඇඩුවේ නෑ"

"එහෙනම් ඔය ඇස් දෙකයි මූනයි හොදටම රතුවෙලා තියෙන්නෙ"

"ඒම නෑ අයියේ"

"අනේ බොරු නොකියා හිටහං උබ අඩනවා"

ඒම කියලා එයා හිනා උනා

"ඔව් අඩනවා ඇයි අනේ අඩනවා නෙවේ ඇඩුනා.තමුසෙට තේරෙන්නෙ නැද්ද අයියේ මේ සීතලේ කිස් එකක් ඉල්ලුවම ඒක දෙන්න වගේම ලගට ඇවිල්ලා අව්ස්සලා දාලා ඇත් උනාම මට පට්ට අව්ල්.ඔයාට නම් මොකද ඉතිං,අයියේ ඔයා ෆීලිංග්ස් හංගන්න දන්නවා ඇති ඒත් මට හංගන්න තියනා කන්ට්‍රෝල් කරගන්නත් හරි අමාරුයි.රෙද්ද මම යනවා රූම් එකට මට නිදිමතයි."

එහෙම කියාගන එතනින් නැගිටලා,මගේ ෆෝන් එකත් සෝෆා එකට විසිකරලා රූම් එකට ගිහිම් මම දොරවහගත්තා.හවස් වෙලා විහඟලා එනකම් මම ඇහැරෙන්නෙ නෑ ඇයි යකෝ.

"යෙනෝන් පහලට එනවා,තමුසෙට මොකද වෙලා තියෙන්නෙ,මෙතන අඩන්න දෙයක් උනේ නෑනෙ"

"මට බෑ,නිදිමතයි"

"සෝෆා එකට ඇවිල්ලා නිදාගන්නවා මටත් පාලුයි."

"මට බෑ කිව්වනේ"

"අනේ එන්නකො හොද ලමයා වගේ'

හේ හේ ඒම කිව්වම තිබ්බ ලොකුකම සුට්ටක් ලෙප්ට් උනා වගේ...මොනා කරන්නත මේ පුම්චි හිත නිතරම මුලා වෙනවා.අහිම්සක නිසානෙ මේ සේරම හුම්.

"මච බෑ"

"කෝ කෝ එන්න"

මම ආපහු කාමරෙන් එලියට ඇවිල්ලා,රවාගන එයා ලගින් වාඩි උනා ඊටපස්සෙ එයා මං දිහා බලලා එයාගෙ ඔඩොක්කුවට එන්න කියන්න වගේ  තට්ටුවක් දැම්මා.මම රවලා අහක  බලාගත්තා.හේ හේ මට දැන් යන්නත් ඕනෙ හැබැයි යඤ්ඤත් බෑ. බෑ වගේම ඉන්ටෝනෙ.

"අ-අනේ අයියේ ඕනෙ නෑ මම තරහයි"

මම රවාගන අහක බලන් ඉද්දි එයා මාව උස්සලා අරන් ඔඩොක්කුවෙන් තියාගත්තා.

"දැන් ඉතිං ඕමත් රවාගන ඉන්න එපා"

"යන්න අනේ"

"කටවහන් මෙන්න මෙහෙම හිටු"

එයා එහෙම කියන ගමන් මගෙ ඔලුව අරන් එයාගෙ පපුවට හේත්තු කරගත්තා.කොච්චර තරහා වෙලා රවාගන හිටියත් මෙතන තමා මම ආසම තැන.මට ගොඩක් ප්‍රශ්න අමතක කරලා දාලා හිනාවෙන්න පුලුවන් තැන.ඉතිං මේ පපුවට හේත්තු උනාම ඒකෙන් ඈත්වෙන්න මම පට්ට ලෝබයි.කෙටියෙන්ම කිව්වොත් එයාගෙ පපුව කියන්නේ මම නිවෙන තැන.

ඊලග කොටසින් හම්බෙමු 💗

ආතරෙයි මගෙ චොක්ලට් බිස්කට් ටිකට🍪

🌼Daisy flower🌼

Share This Chapter