Back
/ 36
Chapter 30

30 කොටස

🖤My Peony🖤

"යෙනෝන් ඕකෙන් එලියට එන්න"

"......"

"මොකක්ද බබා වෙලා තියෙන්නෙ"

"අයියේ ප්ලීස් මට මේක ඇතුලේ ඉන්න දෙන්න,ඔයා එක්ක ඉන්නවට වඩා මේක ඇතුල හොදයි මට"

"මොකද දැන් ඔය"

"මාව කිස් කරන්නවත් අකමැති මනුස්සයෙක්ට වද දිදී එයා එක්ක ඉන්න උවමනාවක් නෑ මට"

"මොනාද බං උබ කියන්නේ"

"උදේ ඉදන් කිස් එකක් ඉල්ලන්නෙ හැමවෙලේම මොනාහරි කරලා මගඅරිනවා"

"ඔක්කොටම කලින් ඕකෙන් එලියට වරෙන්කො"

"බෑ කිව්වනේ මම එන්නෙ නෑ,ඔයා ගිහිම් නිදාගන්න,මට මේක ඇතුලේ නිදාගන්න පුලුවන්"

"යෙනෝන් විකාර  කරන්නෙ නැතුව එනවා."

"මම එන්නෙ  නෑ බායි ගුඩ් න-"

මට එච්චරයි කියන්න පුලුවන් උනේ එයා දොර ඇරගන බාතෲම් එක ඇතුලට ඇවිල්ලා ශවර් එක ඕෆ් කරලා ටවල් එක මගේ දිහාවට එව්වා.

"ඇදගනිං ටවල් එක"

යකෝ මේ මිනිහට මොන යකා වැහිලද මන්දා ඒ පාර.කෑ ගැහුව විදියට මාව ගැස්සිලා ගියා.ඉතිං මම ඉක්මනට ටවල් එක ඇදගත්තා.

"ගලවපන් දැන් ඔය තෙත කලිසම"

"බ-බනින්නේ ඉතිං ගලවන්නම්"

එහෙම කියලා මම ටවල් එකට යටින් තිබ්බ ශෝට් එක ගැලෙව්වා.

"අහ් දැන් කාමරේට ගිහිං ඇදුමක් ඇදගනිං"

මම හොරගෙඩියා වගෙ එයාගෙ මූන දිහාත් චුට්ටක් බලලා සේප් එකේ කාමරේට ගිහිම් මගේ දම් පාට ශෝට් එක ඇදගත්තා.ඊටපස්සෙ මම ආපහු බාතෲම් එකට ගියා එයා මොකද කරන්නෙ බලන්න.

යකෝ දැන් ටිකට කලින් මගෙ ඇගට කඩන් පැන්න දාම ගාතකයාට වෙච්චි දෙයක් නෑ.එයා බාතෲම් එකේ ඉදන් තනියම හිනාවෙනවා.සුවර් එකටම මට වෙන්න ඇති හිනාවෙන්නෙ.හිතේ ඇති ඒ කෑ ගැහිල්ලට මම බය උනා පුහ්.නියම සටන්කරුවෝ උනත් ඉස්සෙල්ලාම අඩියක් පස්සට යනවා හුම්.මම එයාටත් ගස්සගන ආපහු කාමරේට ආවා.හැබැයි ඉතිං ඒක එයා දැක්කෙ නෑනෙ.ඒ උනාට දැන් ඇත්තමට මම දුකින් ඉන්නේ.ඇයි එයා මෙච්චර කිස් කරන්න යද්දි මාව මග අරින්නෙ.කම්මුලට සූටි එකක් දුන්නා නම් මම හොද බබා වගේ සද්ද  නැතුව ඉන්නවනේ.එයාට මාව අප්පිරියයිද දන්නෙ නෑ.

"චුට්ටක් හයියෙන් කතා කරාම බය වෙනවා නේද ම්ම්ම්ම්"

මට මගේ පිටිපස්සෙන් එයාගෙ කටහඩ ඇහුනා.ඒත් මට දැන් බනින්නවත් මූඩ් එකක් නෑ.හොදටම දුකෙන් ඉන්නේ.ඒ නිසා මම මොකුත් නොකියා එයා දිහා බලලා ලාවට වගේ හිනාවෙලා ආපහු අහක බලාගත්තා.

"මෙහෙ එනවා බලන්න ලගට"

"නි-නිදාගමු අයියේ"

"එන්නකො බබා ලගට"

"මට නිදිමතයි අයියේ මහන්සිත් එක්ක"

"ම්ම්ම්ම්ම් ඒමද කෝ බලමු"

එහෙම කියාගන මගෙ ලගට ඇවිල්ලා එයා මාව වඩාගත්තා.ඊටපස්සෙ මාවත් එක්කම පුටුවක් උඩින් වාඩිවෙලා මාව ඔඩොක්කුවෙන් තියාගත්තා.මම එයා දිහා බලන්නෙ නැතුව බිම බලාගනම හිටියා.ඊටපස්සෙ එයා මගේ නිකටෙන් අල්ලලා මූන එයා පැත්තට හරව ගත්තා.

"බලහංකො තප්පර දෙකට කඳුලු පිරිලානෙ ඇස්වල.මොකද දැන් මේ ආ ."

මම මොකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.

"උම්මා වලට ඔච්චර පෙරේතද උබ ආහ්"

එයා මගේ කම්මුලේ දෙපැත්තෙන් අල්ලගන ඇහුවා.ඊටපස්සෙ මම එයා දිහා බලලා රවලා ඔව් කියන්න ඔලුව වැනුවා.

"ඒ උනාට මූනේ මේ හරියේ ඩිම්පල් එක දකිද්දි මට හිතෙන්නේ කිස් කරන්න නෙවේ හපන්න"

"අඤේ මේ එපා මටෝනෙ උම්මා එකක් හුම්"

"🤣🤣🤣🤣"

"මොකද හිනාවෙන්නෙ ආහ් මම දුකෙන් ඉන්නෙ"

"කොහොමද බං ඔච්චර ඉක්මනට මූඩ් චේන්ජ් කරගන්නේ"

"එහෙම තමා මම"

"පිස්සෙක් උබ"

"අයියේ"

"ම්ම්ම්"

"ඔයාට මාව අප්පිරියයි  නේද"

"ඔව් ඒකනෙ මේ ලග තියාගන ඉන්නේ"

"නෑ මම කිව්වේ කිස් කරන්න"

"මේ අහපන්කො,මම සාමාන්‍යයෙන් කාවවත් කිස් කරන්නෙ නෑ, නෑ කියන්නෙ මම කැමති නෑ කාත් එක්කවත් ඕනවට වඩා ටච් වෙලා ලංවෙලා ඉන්න.ඒ මගෙ ලොකුකමක් නෙවේ බං ඒ මගේ හැටි.හැබැයි උබ එක්ක ඉද්දි එහෙම නෑ මම, මොකද මම උබව කිස් කරලා තියනවා"

"ඔයා මට ආදරෙ නෑ"

"උබ ආදරෙ මනින්නේ මේ කිස් එකකින් නම් යෙනෝන් උබට ආය කවදාවත් කිස් එකක් හම්බෙන එකක් නෑ මගෙන්"

"හ්ම්ම් හ්ම්ම්ම් මටේපා කිස්,ඔයා මට ආදරෙ උනත් නැතත් මම ඔයාට ආදරෙයි එච්චරයි මම දන්-"

මට කියන්න පුලුවන් උනේ එච්චරයි එයා මගේ වම්පැත්තේ කම්මුලට ලොකූඌඌ කිශ් එකක් දුන්නා.අම්මෝහ් ඒක.මම දන්නේ මෙච්චරයි මම කවදාහරි මැරෙන්නෙ මේ මනුස්සයාගෙ රොමෑන්ස් දරාගන්න බැරුව.ඇයි යකෝ පොල්ලෙන් ගහනවා වගේ එකපාරටමනෙ රොමෑන්ටික් වෙන්නේ.මේ පුම්චි හිතට මේවා දරාගන්න බෑ අප්පා..ඒ උනාට මේයා ලොකු අසාදාරනයක් තමා කරනවා.ඇයි යකෝ හැම සැලකිල්ලම කරන්නෙ වම් පැත්තේ කම්මුලට විතරයි.මම හිතන්නෙ ඩිම්පල් එක තියන  නිසා වෙන්න ඇති.ඒ උනාට මම මේ අසාධාරණයට එරෙහිව හඩ නගන්න ඕනෙ මම කියන්නේ.

"ම්ම්ම්ම්හ් අයියේ"

"මොකෝ මදිද ම්ම්ම්ම්"

"ඔයා වම් කම්මුලට විතරයි සලකන්නෙ.ඇයි දකුනු පැත්ත කලුද හුම්"

"ම්ම්ම්ම් චුට්ටක් කලුයි වගේ තමා"

"අඤේ මේ මම තරහයි"

ඊටපස්සෙ එයා ආපහු වම් කම්මුල කිස් කරලා දකුනු කම්මුල කිස් කරන්න වගේ ගිහිම් හයියෙන් හැපුවා.

"හපඤ්ඤ කිව්වෙ නෑනෙ"

"සීනිබෝල හපද්දි රසයි"

"අයියේ"

"ම්ම්ම්"

"ඇයි අද කිස් කරන්න කිව්වම මගඇරියේ"

"මට මාවම ශුවර් නැති නිසා"

"ඒ කිව්වේ"

"කිස් කරලා විතරක් නවතින්න බැරි උනොත්"

"ඉචිම් මොකද,ඔයාට ඕන දෙයක් කරන්න පුලුවන්,ඔයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් නිසා"

"කිස් එක අපි හිතනවටත් වඩා දුර ගියොත්"

"ගියාවෙ ඉතිං මම කෙල්ලෙක් ඈ"

"ඒ උනාට උබ තාම පොඩි එකා වගේ,ඒ නිසා මට බයයි යෙනෝන්"

එයා එහෙම කියලා මගෙ නලල කිස් කරා.මට ආයෙත් හිතෙනවා මම මේ ලෝකේ වාසනාවන්තම මනුස්සයා කියලා,මේ වගේ ආදරයක් ලැබෙන්න තරම්.

"අයියේ"

"ම්ම්ම්ම්"

"මම ඔයාට ආදරෙයි"

"මම නම් උබට ආදරෙ නෑ".

යා.......හ් මේ මනුස්සයා නම්.....ආදරෙයි කියලා කටෙන් කියන්නෙම නෑනෙ.මාර ලොකුකමක් මේක නම්.

"අනේ අයියේ මම තරහයි අනේ"

"මොකද යකෝ"

"ආදරෙයි නම් ආදරෙයි කියන්න ඕනෙ ඇයි යකෝ ඇහුවොත් හැමවෙලේම නෑ කියන්නෙ"

"ඉතිං ආදරෙයි නම් නේ ආදරෙයි කියන්න ඕනේ නැත්නම් ඕනෙ නෑනෙ"

"හා"

එහෙම කියලා මම එයා දිහා බලන්නෙත් නැතුව බිත්තියේ හිටිය රෝමාන්තික හූනෝ දෙන්නෙක් පෙම් කෙලින දිහා බලන් හිටියා.

"මොකද දැන් ඔය බිත්තියට රවාගන ඉන්නේ,උබට බිත්තිය මොනාහරි කිව්වද?"

"නෑ මම හූනෝ දෙන්නෙක් දිහා බලන් හිටියා,බලන්නකො උන් දෙන්නා කොච්චර ආදරෙන් ඉන්නවද,අපිට නෑනෙ එහෙම ලව්"

"දැන් උබ කොහොමද දන්නෙ උන් දෙන්නා ආදරෙන්මයි ඉන්නේ කියලා"

"පේන්නෙ නැද්ද වෙලීගන ඉන්නේ"

"ඉතිං එහෙනම් මේ උබත් මගෙ ඇගේ එතිලා ඉන්නේ කූඩැල්ලා වගේ"

"ඒ උනාට අපි දෙන්නා ආදරෙන් නෙවේනෙ දැන් ඉන්නේ අපි රන්ඩු වෙනවනේ"

"ඉතිං උන් දෙන්නත් අපි වගේම ඉදගන රන්ඩු වෙනවද කව්ද දන්නේ"

"දැන් මෙතන තියන ලොකුම ප්‍රශ්න ඔය හූනෝ දෙන්නද,නැත්නම් තව්සෙ මට ආදරෙයි කියන්නැති එකද"

"අනේ මන්දා දැන් උබනේ ඔක්කොම නවත්තලා හූනෝ දෙන්නෙක්ගෙ ලව්ස්ටෝරියක් බලන් හිටියේ"

යකෝ......මේ මනුස්සයාට මාව විසාල විහිලුවක් වෙලා තියෙන්නෙ දැන්.ඇයි යකොව්ව් වැඩේ මට හිනාවෙන එකයි චාටර් කරන එකයි.හපලා හපලා දැම්මා නම් හරි රතුවෙන්නම.

"ආ...ව් යකෝ රිදෙනවා ඕක නවත්තපන්කෝ යෙනෝන්"

මම එයාගෙ බෙල්ලේ පැත්තක් හයියෙන් හැපුවා.දැන් නම් අතාරින්නෙ නෑ මට කෙරුව අපහාස වලටයි,හිනා උන එකටයි.හුහ් හිතන් ඇති මේ යෙනෝන් එක්ක හැප්පිලා දිනන්න.කනවා යකෝ මාශ්මෙලෝ එකක් වගේ.ඒ මදිවට මේ මනුස්සයාගේ බෙල්ලෙන් මාර සුවදක් එනවා.මම හිතන්නේ බොඩි වොශ් එකද කොහෙද,ඒක නිකම් චොක්ලට් ඇන්ඩ් මිල්ක් මික්ස් වෙච්චි අමුතු ස්මෙල් එකක්.ඉතිං කන්න හිතෙනවා යකෝ ඇත්තමට.

ටික වෙලාවක් ආව් කිය කිය ඉදලා එයාගෙත් සද්දයක් නැති උනා.ඉතිං මමත් ඇති තරම් හපාගන ඉදලා ඔලුව ඉස්සුවා.

සන්තානම් මෑනියනේ.ඒක හයිකි එකක් වගේ හිටලා.මට එච්චර හරියක් කරඤ්ඤ ඕනෙ උනේ නෑ(ඒ උනාට ඒම උන එකට මගේ යටි හිතට සතුටුයි.එතකොට දකින අය දැන ගනියිනේ මෙයැයි taken කියලා හුම්)එයා සුදුම සුදු නිසා එතන හොදටම රතුවෙලා පේනවා.ගොඩක් වෙලා හපාගනත් හිටියානේ.

"දැන් සතුටුද උබට"

එයා මගේ කට දෙපැත්තෙන් මිරිකලා එහෙම ඇහුවා.මම ඉචිම් හොරගෙඩියා වගේ ආපහු එයාගෙ බෙල්ල අස්සේ මූන හංගගන හපපු තැනට උම්මා එකක් ඩුන්නා.

ඊටපස්සෙ එකපාරම කව්රුහටි දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.

"අයියේ කාරු හරි දොරට ගහනවා  නේද"

"ම්ම්ම්ම් ඉන්න බලමු"

අයියා පුටුවෙන් නැගිටලා දොර තියන දිහාවට ගියා,මමත් එයාගෙ පස්සෙන් ගියා.

එයා දොර ඇරියා.ඊටපස්සෙ අපි දැක්කේ විහඟයාව.ඌට හොදටම දාඩිය දාලා කලබල උන පාටක් තිබ්බේ.ඒ මදිවට උගේ පපුවේ නියපොතු පාරවල් වගේ තුවාල වගයකුත් තිබ්බා.

"ව්-විහඟ ඇයි බං මේ"

මම විහඟගේ උරහිසේ දෙපැත්තෙන් අල්ලලා ඇහුවා.ඌ ඉන්න විදියට මාවත් ශොක් උනා,මොකද විහඟ කියන්නේ මම වගේ ආවට ගියාට කලබල වෙලා මෙහෙම හැසිරෙන එකෙක්  නෙවේ.

ඊලග කොටසින් හම්බෙමු 💗

ආතරෙයි මගේ චොක්ලට් බිස්කට් ටිකට

💗🍪

තෑන්ක්ස් මං එනකම් බලන් ඉන්නවාට

🥺💗

අහ් තව ටිකෙන් අමතක වෙනවා Happy new Year my chocolate biscuits🍪මේ අව්රුද්දේ ඔයාලගෙ හැම විශ් එකක්ම ඉශ්ට කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ හරිත.මම ආතරෙයි ගොඩා......ක්

🌼Daisy flower🌼

Share This Chapter