Back
/ 36
Chapter 33

33 කොටස

🖤My Peony🖤

"ඒ ගදයෝ ඇහැරියන් අද බෝඩිමට යන්න ඕනෙ හෙට ඉදන් ලෙක්චර්ස් පටන් ගන්නවා ආය,නැගිටපන් යකෝ මගේ මේ කෑ ගැහිල්ලටවත් උබේ ඔය සිරියහන රත්වෙන්නෙ නැද්ද මගුල,අනේ බං එරෝන් අයියේ මට මේ මූසලයාව ඇහැරවන්න බෑ,මොන වෘක්ශ සුනකයෙක්ද මන්දා මූ,මට නම් එපා වෙනවා අප්පා."

සාමාන්‍ය මිනිස්සුන්ගෙ දවස් කුරුල්ලන්ගෙ කිචිබිචි නාදයෙන් ආරම්භ වෙද්දි මගෙ දවස ආරම්භ උනේ සෙනෙහෙලතා හරකෙක් වගේ තප්පුලන සද්දෙන්.පුදු......ම වදයක් තියෙන්නෙ  මේ පාප මිතුරාගෙන්.ඒ මදිවට මොකක්ද මේ මූ කියන්නේ උගෙ කෑ ගැහිල්ලට ඇයි මගේ ඇඳ රත් වෙන්නේ?? මූ හිතන් ඉන්නෙ මේ ඇඳ පඬුපුල් ආසනයක් කියලද.අනේ මන්දා මේ උදේ පාන්දර මගෙ වයරුත් ශෝට් වෙනවා මූ හින්දා.ඇත්තට මගෙ මිනිහා කියන එකාට තිබ්බෙ නැද්ද මේ යකාවම මාව ඇහැරවන්න එවන්නෙ නැතුව ලම්සන ගුඩ් මෝනිං කිස් එකකින් මාව ඇහැරවන්න.එනිවේ දැන් පුම්චි පුතා ඇහැරුනානෙ.වෙලාව කීයද දන්නෙ _ අම්මටහුඩු යකෝ වෙලාව 10.30 යිද.

විහඟයාගෙ කෑ ගැහිල්ල දරාගන්න බැරුව ඇහැරිලා ෆෝන් එක අරන් වෙලාව බැලුව මට හික් ගෑඋනේ හිතුවට වඩා දවල් වෙලා කියලා දැක්කට පස්සේ.

"එලියට වෙලා උම්බෑ කියන්නැතුව හිටපන් යකෝ මම ඇහැරෙන්නම්"

"ඌප්ප්ස් එලියට වෙලා උම්බෑ කියන්න එපා කියන එකෙන් උබ අදහස් කරේ ඇතුලට එන්න කියලද.අනේ අනේ හරි කපටියෙක් තමා ඔයා නම්,ඒ නම් ඔන්න ඔයාගෙ ඩැඩී ඇතුලට එනවා පැටියෝ..."

"මගුලක් කියන්නැතුව ඉන්ඩ දීලා පලයා........න්"

"යෙනෝන් බොරුවට කෑ ගගහා තවත් ඉන්නෙ නැතුව වොශ් එකක් දාගන එනවා"

ඕ

මයි

ගෝඩ්

මේ වෙලාවෙ නම් සෙනෙහෙලතගෙ බෙලෙක් හඩ වෙනුවට ඇහුනේ එරෝන් බොසාගෙ ගැබුරු ස්වරය,බොරුවට උදේ පාන්දර මනුස්පයාගෙ ප්‍රෙශර් වැඩි කරන්න ඕනෙ නෑනෙ,ඔන්න ඔහෙ ඇහැරෙනවා හුම්."

"හරි හරි අනේ කෑ ගහන්න එපා මේ යනවනේ"

එහෙම කියන ගමන් මම වොශ් රූම් එකට රිංගගත්තා.ඊටපස්සෙ බාතෲම් එකේ මිරර් එකෙන් ටික වෙලාවක් මම මං දිහාම බලන් හිටියා.පුදූ....ම ඈලි මෑලි ලෑලි කෑල්ලක් වගේ මට මාව පෙනුනේ.නිකම් අර නෙහාරා වගේ හරී....ම මූසල පාටයි.නෙහාරා කියන්නෙ අපේ කැම්පස් එකේ කෙල්ලෙක්.මොකක්ද මන්දා හේතුවකට මට ඒකිව දැක්කම වටයක් කැරකිලා බිම වැටෙනකම් කන පැලෙන්න ගහන්න හිතෙනවා.අනේ මන්දා මාත් වෙලාවකට කමක් නෑ ඒකිව මට අප්පිරියයි එච්චරයි.එහෙම හිතන ගමන් මම මගේ මූන පුලුවන් තරම් ප්‍රබෝදමත් ලෙස හදාගන්න ට්‍රයි කරා.

මම වොශ්රූම් එකේ ඉදන් ආපහු එලියට එනකොට එරෝන් අයියා ගෙ මගෙ ඇදුම් ටික බෑග් එකට දාලා ඒක දිහා බලාගන ඉන්නවා.අනේ මන්දා මේ මනුස්සයා මගෙ ඇදුම් බෑග් එක දිහා බලාගන පිලිකුල් බාවනාව කරනවද කොහෙද.ඒ උනාට ඒවා ගද නෑ😒 ඕකෙ තියන ඇදුම් දෙක තුනක් ඇරුනම ඔක්කොම හෝදලා තියෙන්නෙ මම හුම්.

මම හෙමීට එයාගෙ ලගට ගිහිම් බෙල්ලට කිස් එකක් දෙනකම්ම මේ ලෝකෙ සිහියකින් නෙවේ හිටියේ.මගහැරී අතහැරී ගිය පෙම්වතුන් ගැනවත් හිතනවද මන්දා මේකා.

"ම්- මොකද බං කරන්නෙ"

"අඤෙහ් වීරයා බය උනා නේත.ඒක නෙවේ ඔයා මොකද ඔය මගෙ ඇදුම් බෑග් එක දිහා බලන් කරන්නෙ.පිලිකුල් බාවනාව කරනවද"

"නෑ මම මේ කල්පනා කරේ මනුස්සයෙක්ට මෙච්චර ගද ගගහා ඉන්න පුලුවන්ද කියලා"

"අනේ අයියේ මේ රෙදි දෙක තුනක් ඇරුනම ඕකෙ ඔක්කොම හෝදලා තියෙන්නෙ  බොරු කතා හදන්න එපා මට"

එහෙම කියන ගමන් මම අයියගෙ එහා පැත්තෙන් වාඩි උනා.ඊටපස්සෙ  චුට්ටක් මගෙ ලගට ඇවිල්ලා ඔලුව අතගාලා එහෙමම එයාගෙ අත මගෙ මූනට අරන් ආවා.දැන් ඉතිං ඔය හදන්නෙ හිනාවෙන්න කියලා ඩිම්පල් එක අල්ලන්නනෙ.යා.....හ් මේ මනුස්සයට පුදුම ඇරියස් එකක් තියෙන්නෙ ඒ ඩිම්පල් එක එක්ක.

"චුට්ටක් හිනාවෙන්නකො"

මම ඉතිං බිත්තියක් දිහා බලාගන මේ මනුස්සයට පිස්සු කියලා හිතන ගමන් ඩිම්පල් එක පේන විදියට කට හැදුවා.

"දාලා යන්න කලින්වත් ඇස් දෙක දිහා බලලා හිනා වෙන්න බැරිද යෙනෝන්"

මොකක්ද යකෝ ඒ කිව්වේ, ඒක නම් කන හරහා පපුවටම වැදුනා දෙවියනෙ😩

"අ-අයියේ..... මම ඔයාව දාලා යන්නෙ නෑනේ"

"දවස් ගානක් මගෙ ලග ඉදලා ඉදලා යන්නනෙ උබ හදන්නෙ"

"ඉතිං මම මැසේජ් කරනවනෙ හැමවෙලේම"

එච්චර වචන එලියට දාන්නෙ නැති එයාගෙ කටින් තව ආදරෙ පිරුන වචන දෙක තුනක් ගන්න ඕනෙ නිසා මම ඒම කිව්වා මිසක් ලග ඉද්දි දැනන feeling එක මැසෙජ් කරලා ගන්න බෑ කියලා මම නොදන්නවා නෙවේ.

"හා"

හරිම අgay මොන ආතරනීයද මෙන්න මේකට යකා වැහිලා මගෙ ලගින් එහාට උනා.දෙවියනේ මදැයි කොලා.

"අඤේ මගේ පියෝනි මල අහන්නකො"

"මම මලක් නෙවේ කටවහන් පලයන්"

"එහෙනම් මොකක්ද"

"ගලක්"

"ම්ම්ම්ම්ම් මම ගල් වලටත් ආසයි හැබැයි"

එහෙම කියන ගමන් මම ආපහු අයියගෙ ලගට ගියා.

"නෑ උබ මාත් එක්ක කතා කරන්න එන්න එපා මැසේජ් එකක් දාපන්"

"මැසෙජ් එකකුත් දාලා කතාත් කරඤ්ඤ එපාද"

"ඕන මගුලක් කරගනිං උබ"

"තරහා ගන්න එපා ඉචිම්..පුම්චි පුතා එනවනේ ඔයැයිව බලන්න"

"හ්ම්"

"අයියේ....."

"ම්ම්"

මම එයාගෙ අත් දෙක අරන් මගෙ කම්මුල් දෙක උඩින් තියාගන බලෙන්ම කම්මුල් අතගාව ගත්තා.(දැන් උබලා හිතන්න එපා මට අසහනෙ කියලා😒 තරහා උන නිසා යාලු කරගන්න මේ මායම් 128 දාන්නෙ හුම්)

ඊටපස්සෙ එයාගෙ අත් දෙක අල්ලගන හිටිය මගෙ අත් දෙක එයාගෙ අත් දෙකෙන් අයින් කරා.ඒත් එයා මගෙ කම්මුල් අල්ලගනම හිටියා.ඒ තද කලුපාට ඇස් මගෙ ඇස් දෙකේම නැවතිලා තිබුනා.

"උබ නැතුව මට පාලු හිතෙයි සීනීබෝලේ"

"ම්ම්ම්ම්හ්හ්"

"මොකෝ"

"ආදරේ කරන්නකොව්"

එහෙම කියන ගමන් මගෙ අත් එයාගෙ ඉන දෙපැත්තෙන් දැම්මා.

"උබට ආදරෙ නෑනෙ ඉතිං මම"

"ඔයා ආදරෙ නැති උනාට ඔයාගෙ ඇස් මට ආදරෙයිනෙ ඒ ඇති"

එහෙම කියන ගමන් මම එයාගෙ පපුවෙන් ඔලුව තියාගත්තා.එයා හෙමීට මගෙ ඔලුව අතගාලා කිස් එකක් දුන්නා.එතකොට මම තව තද කරලා එයාව බදාගත්තම එයාගෙ ඇගේ රස්නේ හොදට මට දැනුනා අනෙහ් ජෙවියනේ එයා ලග පට්ට කම්ෆි, මයෙ සංකඳනෙ ඉචිම්...

"ඕහ් - I'm really sorry"

යා.....හ් මේ නිට්ටෑවා අහවල් එකට මේ වෙලාවෙ රූම් එක අස්සේ රිංගන්න ආවද මන්දා.මගෙ ප්‍රේම වෘතාන්තයම කෑවානෙ මේකා සැක්.

තවත් විහඟයා බොරුවට රියලි සොරි කිය කිය රූම් එක ඇතුලටම වෙලා ඉන්නවා.පලයන්කෝ කැතයා.

"උ-උබර් යමන්කො මම එන්නම්😒"

අන්තිමට මම වචන දෙක තුනක් ගැටගහහන කිව්වා.

"ඉක්මනට වරෙන් යන ගමන් අරූස්ගෙ පොඩි එකාවත් බලන්න යන්න ඕනෙලු.උබ මෙතන තාම කුම්කු බොනවා"

"කුක්කු බිව්වෙ නෑ දෙන්න හැදුවෙ ඇයි උබටත් ඕනෙද😒"

තරහටත් එක්ක කියාගන ගියාට මම කිව්ව කතාවෙ තේරුම මට හරියට තේරුනේ අයියට නවතින්නෙ නැති කැස්සක් හැදුනට පස්සේ.

"යෙ-නෝන් කෝ මේ බෑග් එක අරන් යමු.විහඟ මල්ලි ඔයා අර මල්ලිත් එක්ක ගිහිම් කාර් එකට නගින්නකො.

අයියා එහෙම කිව්වට පස්සේ විහඟයා හරී.....ම කුපාඩි විදියට මගෙ දිහා බලලා හිනාවෙලා රූම් එකෙන් එලියට ගියා.

"දැන් මාව කන්න වගේ බලන් ඉන්නැතුව මේ ශූස් දෙකවත් අරන් එනවා යෙනෝන්"

මගෙ බෑග් එක අතට ගත්ත අයියා ශූ රැක් එකේ තිබ්බ මගෙ ශූස් දෙක පෙන්නන ගමන් කිව්වා.

"අයියේ යන්න කලින් අවසාන උම්මා එක දෙන්න එන්නකොව්"

"විකාර නැතුව එනවා දැන් ඇති ඔය මගුල්"

"ඔව් ඉතිං ඔයා හරි උම්මා එකක් කියන්නෙ මංගල කාරනයක් තමා.අඤේ අඤේ මයෙ කුඩ්ඩා හරී......ම ප්‍රේමාන්විතයි"

"මගුලක් කියන්නැතුව වරෙන්කෝ නැත්නම් අරූ ආය ඇවිල්ලා කෑ ගහයි"

"ඔයා විහඟට බයයිත ඒයි"

"ඔව් ඔව් දැන් වරෙන්කො"

"අනේ මේ අයියේ ලැජ්ජා කරන්න නම් ලෑස්ති වෙන්න එපා ඈ ඌට බය වෙලා,මගෙ නම්බුවට මොකද වෙන්නෙ කියලවත් හිතන්නකො"

මම අයියට බනින ගමන් සප්පත්තු දෙක අරගන උඩ පැනලා එයාගෙ කම්මුලකට උම්මා එකක් දුන්නා.එයා අයිම් සෝ ඩන් කියන්න වගේ මූන හදලා මගෙ දිහා බලලා මගෙ ඔලුවත් චුට්ටක් අතගාලා අතින් ඇදගන කාර් එකට එක්කම් ගියා.

අයියලාගෙ ගෙදර ඉදන් ඇවිල්ලා මමයි විහඟයි බෝඩිමේ ඉදන්,අරූශ් ගෙදර ඉදන් කැම්පස් ආවා.දැන් ඉතිං මම අයියා එක්ක මැසෙජ් කරනවා හැබැයි දවස් හතරකින් විතර හම්බෙන්න නම් බැරි උනා.මම ඕන කිව්වට මේ මිනිහා මාව එක්කම් යන්න එන්නෑ😑.ඒ උනාට එදා යන්න යද්දි කිව්වෙ කොහොමද,අඤේ මට පාලු හිතෙයි යැයි යැයි කියලා😒.ඔක්කොගෙම මරිසිය විතරයි බලන් ගියාම.

"මේ අද අනිවාරෙන් ජිම් යමු ඈ"

මම මනෝපාරක් ගහගන කැම්පස් බෙන්ච් එකේ බෙන්ච් එකක් උඩ වාඩිවෙලා ඉද්දි අරූශ් කනට කරලම කෑ ගැහුවා.මොක්කුද මන්දා මුං පුදුම සද්දයක් තියෙන්නෙ කටවල් වල.විහඟයත් ඔහොමයි.

"කෑ ගහන්නෙ මගුල යමු යමූ ඉතිං"

මේ අරූශ් ඌ යන ජිම් එකට මාවයි විහගයාවයිත් එක්කම් යන්න හදන්නේ.විහඟයා නම් කිව්ව ගමන් කැමති උනා. මම ඉස්සෙල්ලා චුට්ටක් අදිමදි කරා අප්පා මට මුන්ට වගෙ සිස් පැක් පිස්සුවක් නෑ😒.ඒත් විහඟයාගෙ මරන තර්ජන මැද මට යන්න වෙන සීන් එකක් තියෙන්නෙ අනික අයියත් කිව්වා කම්මැලියෙක් වගේ බෝඩිමට රිංගගන ඉන්නැතුව ජිම්වත් පලයන් කියලා.ඒ මිනිහා නම් මගෙ වදෙන් බේරෙන්නද කොහෙද ජිම් යවන්න හදන්නෙ.නැත්නම් මම ලෙක්චර්ස් ඉවර වෙලා ආව ගමන් එයාට වොයිස් මැසෙජ් අසූපන්දාහක් විතර දානවනේ එතකොට සමහරවෙලාවල් වලට එයාට තාම ලෙක්චර්ස් ඒ වෙලාවල් වලට එයාට පුම්චි පුතාගෙන් කරදරයිලු.

එනිවේ අපි  අද  ජිම් යනවා.විහඟයා ජිම් යන්න කලින් අවසාන පාරට වැඩ අල්ලන්න කැන්ටින් එකට ගිහිම්ද කොහෙද උට වෙච්ච දෙයක් නෑ.මමත් මේ බෙන්ච් එකක් උඩට වෙලා ඉන්නේ ඌ එනකම් බෝඩිමට යන්න.අරූශ් අද ජිම් යන්න ඇදුම් අරන් ඇවිල්ලා ඌත් අපි එක්කම අපේ බෝඩිමට යන්න එයි.එහෙමම ජිම් ගියහැකිනෙ තුන්දෙනාටම.

කොහොමහරි පැය බාගෙකට පස්සෙ විහඟයා අපි ඉන්න තැනට ආවා ඌ කන ගමන් කැන්ටින් එකේ අංකල් එක්ක කයියක් දාගන ඉන්න ගිහිම් පරක්කු උනාලු.මූ වගේ මෝඩ මූසලයෙක් යකෝ.. අපි මෙතන බලාගන ඉන්නවා මූ කැන්ටින් එකේ අංකල් එක්ක කතා කර කර ඉදලා.දුවව ඉල්ල ගන්නද දන්නෑ ප්ලෑන් එක.නෑ හැබැයි වෙන්න බෑ මූ දවසක් කිව්වනෙ ආය යාලුවෙන්නෙත් cute මල්ලි බබෙක් එක්ක කියලා.

ඊටපස්සෙ කොහොමහරි අපේ බෝඩිමට ගිහිම් ටික වෙලාවක් ඉදලා ලෑස්තිවෙලා එහෙම හය හමාරට විතර ජිම් එකට ගියා.

"මම ජිම් එකේ අයියට කෝල් කරලා කිව්වා උබලා දෙන්නා එනවා කියලා"

"ඒ මනුස්සයා හොදද බං"

"උගෙ හොද නරක උබට වැඩක් නෑනෙ යෙනෝන් පාඩුවේ වර්ක් අවුට් කරලා වර

විහගයත් දන්න මගුලකුත් නෑ එ උනාට හැසිරෙන්නෙ නොදන්න දෙයක් නෑ වගේ මෝඩයා.මම කිව්වෙ ඉතිං ඌ අපිව මරාගන කන්න වගේ බැන්නොත්වත් කියලානෙ.

"නෑ බං ඌ එහෙම අව්ලක් නෑ මාත් එක්ක ෆිට් බලහම්කො ෆිට් උනාම හෙන කට ඕකගෙ"

කොහොමහරි ඔහොම කියව කියව අපි ජිම් එකට ගියා. ඒක තිබ්බේ අපේ බෝඩිමට ටිකක් විතර ලග.

"අහ් මල්ලියාහ් ආවද.මේ අර එනවා කිව්ව යාලුවො දෙන්නද?"

"ඔව් අයියේ මේ යෙනෝන් එතකොට මේ විහඟ"

"ගායිස් එතකොට මේ ඉන්නේ මන්දිව් අයියා එහෙමත් නැත්නම් අපෙ ජිම් එකෙ අයියා"

ටහුඩු අපේ විහඟයගෙ නමෙත් මන්දිව් කෑල්ලක් තියනවා නේද .අරූශ් මන්දිව් කිව්ව ගමන් මට මතක් උනේ ඒක.

මන්දිව් දීමන්ත

වයස අව්රුදු 25යි

(Gym instructor කෙනෙක් වගේම Bussinesman කෙනෙක්)

හේ හේ මම මැරිලා කියලා නේත හිතුවේ නෑ නෑ මැරුනේ නෑ ඉන්නවා...එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.....ආතරෙයි මගේ චොම්කලට් බිස්කට් ටික❤️

Share This Chapter