Back
/ 52
Chapter 49

Chapter 49

දෑගිලි ✔( complete )✨

අයියාව දැක්ක වෙලේ ඉදම් තමාලයා ඉන්නෙ නැට්‍ට ගිනිගත්ත හනුමා වගේ පුප්පනම ගමන්..

මගේ ගාව කූඩැල්ලෙක් වගේ ඇලිලා ඉන්නවා මදිවට අයියට ඉගි වලින් මරන තර්ජනත් එල්ල කරනවා..අනෙව් හිච්චි කුඹලා..

ඒකාගෙ මල කෝලම් දරාගන්න බැරිම තැන නුරාග් මස්සිනා ඒකාවත් උස්සගෙන එතනින් යන්න ගියා..

ඌ තමයි අයියා එක්ක මුලින්ම කතා කරේ..මටත් කලින් අයියාව අදුරගත්තේ..මන් හිතන්නෙ අයියට ලේසි වෙන එකක් නෑ තමාලයාව ශෙප් කරගන්න එක නම්..ඒකා හරි තදයා ඔහොම ඉදියට..සමහර දාට මස්සිනා එක්ක වලි ගිහින් එයාව ගෙයින් එලවලා දොරවල් වහගෙන එලිවෙනකම්ම එ මිනිහාව එලියෙ තියනවා..තමාලයාගෙ කුඹල් ගෙදර තීන නිසා හොදයි නැත්තම් එ මනුස්සයා සීතලේ ලෙඩ වෙනවා..හැබැයි ඉතිම් අයියාව එළවලා පාන්දර වෙන්න කලියෙන් මූත් ඒක අස්සට රිංගලා අයියාව බදාගෙන නිදාගන්නවා ඉතිම් ඒක වෙනම කතාවක්..

"වස්තු.."

"අයියේ.."

"මොනාද කල්පනා කරන්නෙ.."

"නෑ මේ තමාලයා.."

"ම්ම් එයා හරි..ඕන කෙනෙක්ට කේන්ති යනවා..මන් නැති ටිකෙ ඔයා කොච්චර වේදනා වින්දද මැනික..ඔයා විතරක්ම නෙමෙ ලග ඉදපු එයත් දුක් වින්දා..එයාගෙ කේන්තිය සාදාරනයි.."

"ඒත්...ඒත් ඉතිම් එ මගෙ පැත්තෙන්නෙ අයියෙ..එතකොට ඔයා..අපි කවුරුත් නැතුව ඒ රටේ ඔයා තනියෙම් දුක් වින්දෙ නැද්ද..අපි දෙන්නාම දුක් වින්දා..තැන් දෙකක ඉදන් මන් වින්ද දුකම ඔයත් වින්දා..මන් ඔයා වුනානම්..මෙ වගේ ඉවසන්නැ අයියේ..එහෙම බැලුවොත් ඔයාට විතරක් ඇගිල්ල දික් කරන්න බෑ.."

"ඔය කතාව ඇති වස්තු..ගිය දේ ගියා.වෙච්චි දේවල් අපිට හරිගස්සවන්න බැ..එත් අපිට පුලුවන් අපේ අනාගතේ හදාගන්න..මෙතනිම් එහාට අපි දුක් වින්ද කාලෙ ඉවරයි..".

ඒක ඇත්ත..අයියා කිව්වත් වගෙ වෙච්චි දේවල් ආපිට හරවන්න බෑ..ෆිල්ම් වල වගේ කාලෙ ආපස්සට හරවන් ගිහිම් වෙච්චි දේවල් හරිගස්සන්න පුළුවන් කමක් අපිට නැහැ..එත් අපිට පුලුවන් අපේ අනාගතේ ලස්සනට ඇදගන්න..අපේ ජීවිතේ අපි දෙන්නා කැමති විදියට සිතුවම් කරගන්න පුලුවන්...

"වස්තු..ඇතුලට යම්.."

අයියා මාව ඇතුලට එක්කන් ගිහිම් තමාලයා ගාවින් තියලා නුරාග් අයියත් එක්ක ඉක්මන්ට එන්නම් කියලා යන්න ගියා..

අවිනාෂුත් එයාගේ අම්මත් එක්ක ඉන්න ගමන් මාව දැකලා මට අතවනලා හිනාවුනා..පවුල් දෙකම පැති දෙකකට බෙදිලා ඉද්දි මායි තමාලයයි කොනකට වෙලා මෙ දිහා බලන් ඉදියා..

"ඒ බන් සප්තයා.."

"මෙ උබට පේනවද බන් අර අර අවිනාසයාගෙ පැත්තේ ඉන්නවා සීයා පප්පාවගේ ඩයල් එකක්..සීයාට වඩා ලාමක පාටයි හැබැයි..උබට පේනවද කියපම්කෝ.."

"ඔව් ඉතිම්.."

"මෑන් මචං මන් මෙතන ආව වෙලේ ඉදම් අපේ සීයා පප්පාට ඇහැදාන් ඉන්නවා හරිත..අපේ එකා..මන් මෙ කිව්වෙ අපේ සීයන්ඩී කවුරු හරි ඇන්ටියෙක් එක්ක කිචි බිචි පාද්දි අර මෑන් පුච්චලා අලු කරන්ඩ වගේ බැල්මක් සීයට දෙනො හොදේ..අර අර බලපම් අතේ තීන වයින් එකත් හෙල්ලෙනෝ..මෑන් නම් ඉන්නෙ නහුතෙටම තද වෙලා වගෙ.. ලගට ගීම් සීයට දෙයිද දන්නැ සත පඩි සත්තපඩි වෙලා යන්ඩ.."

තමාලයා මෙච්චර වෙලා කියෙව්වෙ අනිත් පවුලෙ හෙඩ්මාස්ටර් ගැන වෙන්නොනේ..ඌ කිව්වත් වගේ එයා ඇයි අපේ සීයාපප්පාව මරන් කන්න වගේ බලන් ඉන්නෙ..ඒ මුන තනීකර ඉරිසියාවෙන් පුපුරනවා..

"මන් හිතන්නෙ ඒ ඉන්නෙ second grand fam එකෙ වැඩිමලා..අපේ සීයා වගෙ තමා බන් එයත්..උබ කියද්දියි මාත් දැක්කේ..සියා එක්ක මොකක් හරි තරහක් තිනව වෙන්නැති නෙහ්..අනෙ මන්දා බන්.."

"තරහක් කියන්නෙ මචං ඒක තරහක්ම වෙන්ඩ බෑ හරිත මගේ කුඩා මොලේ විසාල මොලේට දීපු දත්ත අනුව නම් එතන කුමක් හෝ සිදුවෙනවා තමා..අර බලපම්..එ බැල්මට් එක..තනිකරම උබ වගේ..උබට මතකද එකපාරක් සින්හල පන්තියේ හංසියා ද්වි අයියට ලියුමක් දීපු වෙලාවෙ උබ පිපුරුවෙත් ඕම තමා..සිරාවටම බන් ඒ ඉරිසියාකාර බැල්මමයි අර මූනෙන් බේරෙන්නෙ..අර බලාම් අම්මේ..පොරි ඇට ටිකක් තිබ්බානම් ඒ මූනට ඉහලාම පොප් කෝන් හදාගන්න තිබුනා ආ.."

ඒ ගමන මේකා කියාපි අර මනුස්සයා මන් වගේ කියලා..මට නම් එහෙම දෙයක් පේන්නෑ..මූට ඔල්මාදේ..එවුනාට උ කිව්ව කතාවෙ ඇත්තක් තීනෝ..එ මූනෙන් ඉරිසියාව බේරෙනවා..ඒත් ඇයි..බැරිවෙලාවත් මේ එයාද........

"සප්තයා..."

"ඕ කියපම්.."

"උබ සතුටෙන්ද බන්.."

"ආ.."

" උබේ මූන එලිය වැටිලා..මැලවිලා තිබ්බ මූනට පණ ඇවිල්ලා..මට සතුටුයි බන්..කාලෙකිම් උබ ඔහොම හිනාවෙනවා දැක්කේ..උබ ඔහොම හිනාවෙද්දි මට ලෝභයි..ඔය හිනාවට ඇස්වහා වදීදෝ කියලා බයයී..අනේ දෙයියනේ කියලා ඔය හිනාව හැමදාටම තියෙන්නොනී බන්..මන් ද්වි අයියට කෑගැහුවා තමා..බන් එත්..උබේ හිනාවට හේතුවුනේ එයා නේද කියලා දැනෙද්දි මට ගිහිම් ඒකාව බදාගෙන උම්මා එකක් දෙන්න හිතයි..හෙන කාලෙකිම් බන් මන් ආයෙම මගෙ පරන කොල්ලාව දැක්කේ..උබ අසනීප වෙද්දි මන් මැරුන්නැති ටික විතරයි..උබව හිනස්සන්න ගොන් වැඩ කර කර හිනාවුනාට උබටත් හොරෙන් මන් අඩලා ඇති බන්..උබට පිං මට ආයෙත් මගෙ පරන සප්තයා ගෙනල්ලා දුන්නාට..හැමදාම හිනාවෙලා ඉදින් රත්තරනේ..උබට මං ආදරෙයිනේ..උබ දන්නවනේ බන්  සප්ත උබ එක සුදුමාත්තයා දෙක කියලා.."

"මන් සතුටින් බන්..අනෙ උබ ඕම කියද්දි මට ඇඩෙන්න වගේ..මොනා වුනත් උබ වගේ යාලුවෙක් ලබන්න මන් ලොකූ පිනක් කරලා තිබිලා බන්..උබ යාලුවෙක් නෙමෙ සහෝදරයෙක්ටත් වඩා කෙනෙක්...මන් තනිවෙද්දි මන් ගාව ඉදියෙ උබ..මට පේන්න හිනාවෙලා ඉදියට මන් දැක්කා උබ අරක අස්සට වෙලා මැටි අන අන අඩන විදිහත්..මට සමාවෙයන් බන්..මන් උබටත් දුක් දුන්නා..උබ හැමෝවම හිනස්සලා පැත්තකට වෙලා ඔහෙ තනියෙම් ඇඩුවා..උබ එ මගුල අස්සට රිංගනවාට මන් එච්චර කැමති නෑ..මගේ කටකාර තමාලයා උගෙ එකම සැනසීම වෙච්චි මැටිත් එක්ක තනිවෙද්දි ගොළුවෙලා යනවාට මං කැමති නෑ..උබට ඒක ගැලපෙන්නැ බන්..එත් එ උබෙ ආසාවනෙ..උබට ගැලපෙන්නෙම මේ බ්‍රේක් නැති කටම විතරයි..මාත් උබට ආදරෙයි බම්..ඒ ආදරෙ මේතරම් කියලා කියාගන්න බෑ..ස්තූතියි මචං මන් වෙනුවෙන් කරපු හැමදේටම.."

"එව්ව්ව් පිස්සා අනෙ බොගෙ කෘතඤ්ඤේ  බල්ලාට දාපම්..එ මදිවට සොරිලු..උබ මට දුකක් වුන්නෑ වුට්ටා..අහගන්න තමා මගෙන් ඉතිම්..දුප් දුප් අහකට පල..චුට්ටක් බදාගන්න දුන්නාම මේකා වැලපිලා හොටුත් ඉලුවා එව්ව්..බලපම් අලුත්ම කිට් එක..අම්මපා සප්තයෝ මේකෙ මලක් හරි ඩැමේජ් වුනොත් නම් මන් උබේ මිනිහාගෙ ඇටයක් ගලවලා අරන් විකුනනවා හරිද..".

ඔන්න පටන් ගත්තා..අනෙ මන්දා මේකා නම්..එක්කො මේකා ඉමෝශනල් නොවෙන තරමට හොදයි..මොකද ඒක මුට ගැලපෙන්නෑ..ඒකාට හරියන්නෙම මේ හැකර කට..කොච්චර ඒ කටට බැන්නත් උගෙ පිස්සු කියුම් හින්දා  හැමවෙලේම වගේ අපේ ලේ පිරිසිදු වුනා..

පාටිය පටන් ගන්න හදන්නෙ කියලා සීයා පප්පා ඇවිත් අපි දෙන්නාව එයාගෙ  ටේබල් එක ගාවට එක්කන් ගියා..අර දිෂ්ටියත් ඇවිත් ඉන්නේ..මදුරු ඩික්ශිත් වගේ නිකම්..දනිස්සෙන් අගල් දෙකක් කොට ගවුම..පාත් වුනොත් නම් ගලුත්..එව්ව් එව්ව්..එ මදිවට උඩ පදාසයක්ම නෑ..අනෙ නන්ගියෙ උබ නැවෙන්න නම් එපා..මගෙ මුනියා ආවෙ නැත්තම් මේකව කරගහගන්න වෙන්නෙ මටනේ..දෙයියෝ මොනා නැතත් අවසානෙදි මගේ මූන බැලුවා..

මේක පාටියක් කිව්වට නිකම් අවමගුලක් වගේ..අනෙ මන්දා කොහෙ ගියත් දාන්නෙ එකම තැටිය..නින්දත් යනවා..තමාලයනම් සාප කර කර ඉන්නෙ ආපු බෑන්ඩ් එකට..පැදුරු සාජ්ජයක්ද මන්දා..ඒ මදිවට මේකෙ ඉන්න වැඩිහිටියෝ ටික නැගිටලා හැත්තෑවේ දශකේ දුක් ගැනිවිලි ටික කියන්න පටන් ගත්තා විතරයි බඩබොකූ කෑගහන්න ගත්තා..මේ විපර්යාස බලන් ඉන්න බැරි තැන සීයාට කියලා තමාලයයි මායි කන්න ගියා..හැබැයි කන්න නම් බැරිවුනා..පත විසාල ටේබල් එකක් තිබ්බට ඒක ඕපන් කරන්නෙ වැඩිහිටි උන්දෑ එනකම් ඉන්න වෙනවලූ..බයිට් ප්ලෙට් ටිකක් උස්සගෙන තමාලයයි මායි කොනකට ගිහින් බ්‍රැන්ඩි සොට් එකක් දැම්මා..

පැයබාගයක් විතර යද්දි තමාලයා ඩබල් වෙලා පෙනීගෙන එද්දි බොන එක නැවැත්තුවා..නැ නවත්තන්න වුනා..සීයා හොයාගෙනම ඇවිදින් තමාලයගෙ කනෙන් ඇදන් ගියා..පව් හැබැයි  කොල්ලාට සොට් දෙකෙන් බඩු හරි..

හම්මෙ ඇතියාන්තම් අර කන්කරච්චලේ නතර වෙලා..ටේබල් එක වටේට කට්ටිය පිරිලා..හැබැයි අනිත් පැත්තෙ නම්  තාම පුටු දෙකක් හිස්..

තාත්තා..එයත් ඉන්නවා..හැබැයි අනිත් පැත්තෙන් එයා වාඩිවෙලා ඉන්නෙ..අම්මත් එයා ලග..එයා මන් දිහාම ඇස් යොමාගෙන බලාගෙන ඉන්නෙ මාව කතාවකට අල්ලගන්න වගේ කියලා දැනෙන නිසාම මන් එ ඇස් මගෑරියා..එත් තාත්තා..එයාගෙ ඇස්වල තියෙන්නම මාව පුච්චලා අලුකරන විදිහේ බැල්මක් වෙද්දි මන් ඒ පැත්ත නොබලාම මගෙ ප්ලේට් එක දිහා බලාගත්තා..

එදා රෑ ඇවිත් සීයාට කතාකරලා ගියේ අපෙ සීයාට රවපු කෙනාගෙ පොඩි දුවලු..මන් හිතන්නෙ එයා තමයි සීයා මට කියපු කෙනා..එයාගෙ නංගිව තමයි සීයා අවසානෙදි කසාද බැදලා තීන්නෙ..කසාදෙත් එක්ක අපෙ සීයාගෙ එයා..එහෙමත් නැත්තම් විශාල් මංචනායක..එකට තිබ්බ පවුල් දෙක වෙන් කරා..මංචනායක පවුලෙ එකම දුව අයියාගෙ අකමැත්තෙන් කරගත්ත කසාදෙ නිසාද එහෙමත් නැත්තම් අයියාගෙ ආදරෙ උදුරගත්ත නිසාද එහෙම වෙනස් වුනේ කියන්න දන්නෙ එයාමයි..කොහොමහරි අවසානෙදි සීයාගෙ නෝනා මැරෙද්දි එක පොරොන්දුවක් ඉල්ලලා..එයාගෙ අයියාගෙන්..එ වෙන්වුන මෙ පවුල කොහොමහරි එකතු කරන්න කියලා..ඒකට තොන්ඩුව වැටුනෙ අපෙ තාත්තාටයි මංචනායකගෙ ලොකු පුතාටයි..එ දෙන්නාගෙ ලමයි දෙන්නාව කසාද බන්දන්න කියන පොරොන්දුවත් අරන් එයා මෙහෙන් යන්න ගියේ අපි ඉපදෙන්නත් කලින්මලු..අවාසනාවක මහත කියන්නෙ මංචනායකගෙ ලොකු පුතාගෙ  නොනයි පුතයි දවසක් වාහනේ යද්දි අනතුරක්වෙලා මේ ලොකෙන් යන්න ගිහින්..ඒක දරාගන්න බැරුව මංචනායකගෙ ලොකු පුතා අතුරුදහන් වුනේ හෑමෝවම පුදුම කරලා.. මංචනායකගෙ දෙවනි පුතාව අයියාගෙ තාත්තා..එයා බැන්දෙ එතකොට අපෙ අම්මාගෙ අක්කාගෙ..මංචනායකගේ වයිෆ් නැතිවෙලා තීන්නෙ තුන්වෙනි ලමයා හම්බෙද්දි..දැන් ඉතිම් ඒ ලමයාගෙ දූව මගෙ කරේ ගහන්න හදනවා..

අපේ තාත්තා වයින් ග්ලාස් එකත් අරන් නැගිටලා ඒකට පොඩිතට්ටුවක් දාලා හැමෝගෙම අවදානෙ අරගත්තා..හැමෝම එයා දිහා බලද්දි මට ඇහුනා තමාලයා 'අවදානෙද ඕනේ 'ගගා අපෙ තාත්තාට බනිනවා..

"Hello everyone..මංචනායක අංකල්, තාත්තා...අපි අද මෙ පාර්ටි එක ඇරේන්ජ් කරේ මගෙ පුතා සප්තගෙයි අපෙ අන්නපූරුනාගෙ දුව රොශෙල්ගෙයි කසාදේ තීන්දුකරගන්නයි..ඇත්තටම පවුල් දෙකේ තියෙන දුරස්වීම නැතිකරලා දාන්න ඕනි නිසයි අපි මෙ තීරනේ ගත්තේ..මෙතන හැමෝගෙම කැමැත්ත මේකට හම්බෙලා තියෙනවා තාත්තෙ ඔයා විතරයි තාම මේකට විරුද්ද.."

ඔන්න ඉතිම් පටන් ගත්තා..තාත්තෙ මන් මෙ කසාදෙට කැමති නෑ..එහෙම තියෙද්දි ඔයා කියන්නෙ කොහොමද හැමෝම මේකට කැමතී කියලා..අනෙ මන්දා සීයා මොනවා කියයිද දන්නෑ...

"අශ්වින්..මගේ තීරනේ ඒදා තීරනේමයි..එත්..ඔයාලට මෙ පවුල් දෙක එකතු කරන්න මෙච්චරම අවශ්‍ය නිසා මන් කැමතී සප්තගෙ කසාදෙ කරවන්න.."

සියා මාව කසාද බන්දවන්න කැමතී කියද්දිම තමාලයා නැගිටලා සීයා දිහා බැලුවේ සීයේ ආර් යු  කිඩින්ග් මී කියලා කියන්න වගේ..අනෙ මේකාට  වෙරි..මෙන්න මෙහාට වරෙම්..මේකාව ආයෙම ඉන්දුවේ මෙතන මොන නාඩගම නටයිද කියලා දන්නැති නිසා..

"දැක්කනෙ අයියේ මන් ඔයාට කිව්වානෙ මහප්පා මේකට කැමති වෙනවා කියලා..තැන්ක්ස් මහප්පේ..තාත්තී අපි එහෙනම් හොද දවසක් බලලා ඉක්මනින් වෙඩින් එක ගමූ නේද..අක්කෙ සප්තගේ හදහන ගෙනාව නේද ඔයා.."

සීයා හා කිව්වත් හරි අනිත් මිනිස්සුන්ට නිදානයක් ගොඩ බෑවා වගේ සතුටුවෙන්නෙ..සීයා එයාලා දිහා කට කොනක හිනාවක් තියාගෙන බලාගෙන ඉද්දි මන් බැලුවෙ මෙච්චර දෙයක් වෙනකම් අර මනුස්සයා මොන ලෝකෙ ගිහින්ද කියලයි...

"ආර්ය මීගස්තැන්න..තමුන්ට හොදටම විශ්වාසද මේ කසාදෙ ගැන..සප්තගෙයි රොශෙල්ගෙයි කසාදෙ තීන්දුයි ඒකියන්නෙ..එහෙමනේ.."

Mr.මංචනායක අපේ සීයාට කතා කරද්දි හැමෝම නිෂ්ශබ්ද වුනා..

"  සප්තගේ කසාදෙට මන් කැමති..එත් ඒක රොශෙල් එක්ක නෙමෙයි නම් මංජූ.."

"එහෙනම් මොකක්ද තමුන් ඒකෙන් අදහස් කරන්නෙ.."

"මහප්පෙ..එහෙම කොහොමද..වෙන කවුද සප්තව මැරි කරන්න ඉන්නෙ..අනික පවුල් දෙක එකතුකරන්න මගෙ දුව ඇරෙන්න වෙන කවුද ඉන්නෙ.."

"කෙනෙක් ඉන්නවා..එයා මෙ පවුල් දෙක එකතු කරනවා වගේම නැතිවෙච්චි සතුටත් අරගෙනම එයි.."

"තමුන් ඒගමන මොන විකාරයක්ද නටන්න හදන්නෙ.. කියනවා ආර්ය.."

"මං එයා වෙනුවෙන් ඔයාට උත්තර

දෙන්නම් සීයේ.."

"මොකක් තමුන්.."

"පුතා.."

"නේත්‍ර.."

"යේහ් වීරයා ආවා.."

මංචනායක සීයා පප්පා එක්ක පොරේට එද්දි එයා කියන දේවල් ඇහෙන්නැ වගෙ හැසිරෙන සීයා පප්පාව මරාගෙන කන්න හදද්දි පවුල එකතු කරන්න තව කෙ එක් ඉන්නවා කියලා කියද්දිම  වටේ ඉදපු දෙතුන් දෙනෙකුත් මංචනායකට  සහයවුනා..එත් එ හැමෝගෙම කටවල් වැහිලා ගියේ අයියාගෙ කටහඩ ඇහුනමයි..හැමෝම පුදුම වෙලා අයියාගෙ නම කියද්දි තමාලයා වීරයා ආවා කියලා වයින් ග්ලාස් එකත් උස්සම්  කෑගහගෙන නැගිට්ටා..

"සංජීව..මේකා මොකද්ද මෙහෙ කරන්නෙ ආ..තමුන් මේ ගැන දැනුවත්ද..ආ.."

"පුතා..කවද්ද ඔයා..කොහොමද ආවෙ.."

"තිනෙත්‍ර..කාගෙ හයියක් අරගෙනද තමුන් මෙහෙට ආවෙ..උත්තර දීපම්.."

මංචනායක පුටුවෙන් නැගිටලා කෑගහද්දි එයාව තඹේකට මායිම් නොකරපු අයියා මන් ඉන්න පැත්තට එද්දි මටත් ඉබේටම නැගිට්ටුනා..මන් ගාවට ආපු එයා කරවටේ අතදාලා මාව ලගට අරන් හැමොම ඉස්සරහා මගේ නලලට හාදුවක් දුන්නා..

"එයා ආවෙ මගෙ හයිය අරන්..ප්‍රශ්න තීනවද මංජු.."

"මොකක්...ආර්ය තමුන්..උඹ මොකද්ද මේකාව ගෙන්නලා නටන්න හදන නාඩගම..ආ.."

"තාත්තේ මොනාද මෙ වෙන්නෙ.."

"මෙතනට තමුන්ගෙ කතාවෙන් ඇති වැඩක් නෑ අශ්වින්..කටපියාගෙන ඉදියොත් ඇගට ගුණයි..මන් තිනෙත්‍රව ගෙනාවෙ එයාගෙ අයිතිය එයාට දෙන්න..ඒකෙ වැරැද්දක් තීනවද..ම්ම්..ඒකෙ වැරැද්දක් තීනවද තමාල් කොල්ලො.."

"ආ මොකද්ද..වැරැද්දක්..නැ නෑ..ඒකෙ කිසි වැරැද්දක් නෑ..දෙයියනේ..සියා පපා ඔයා තමා දවසකටත් මිනිහා..පිස්සු වැඩනෙ කරන්නෙ මැට්ටා..ඔයා හරි එයී අපෙ ද්වි අයියා ගෙන්නුව එක හරිම හරි..එත් ඒක නෙමෙයි මොකද්ද එයාට අයිති..මේ අපෙ සප්තයාව නේද.."

සීයත් ඉදලා ඉදලා එල්ලන්නෙ මාර බකට් තමයි..මෙච්චර ලොකු වැදගත් කතාවකට මෙ බේබද්දාව ඇදලා ගත්තානෙ..වෙලාවට නුරාග් අයියා ඇවිත් ඒකාව ඇදලා ගත්තේ...ඇත්තටම සීයා මොකද්ද මෙ කරන්න හදන්නෙ...

"මේකාට මොනා අයිතිවෙන්නද..තාත්තේ මගේ කොල්ලාව මගේ හුස්ම වැටෙනකම් මේකාට අයිතිවෙන්ඩ මන් ඉඩ තියන්නෑ.."

"අශ්වින් මන් කිව්වෙ තමුන්ට කට පියාගෙන ඉන්න කියලා..ම්ම්ම් හුස්ම වට්ටන්න බැරිනම් හිරකරගෙන ඉන්නවා ..මන් කිව්වානෙ තමුන් නටපු කාලෙ අහවරයි.."

"ආර්ය..තමුන් හදන්නෙ මේ කොල්ලාට අපෙ සප්තව බන්දලා දෙන්නද ආ..හැබැයි තමුන් මේ පිට එකාට සප්තව බන්දලා දුන්නොත් මේ කපේට අපේ පවුල් දෙක එකතුවෙන්න මන් ඉඩ තියන්නෑ..."

මංචනායක මොනාද මෙ කියන්නෙ..පිට එකා..මෙ අයියාගෙ සීයානෙ..

"ත්තාත්තේ..ඒ කතාව මෙතට ඇදලා ගන්න එපා.."

"නෑ සංජීව...ඒ කතාව ඇදලා ගන්න ඕනිමයි..මේකාගෙ අම්මා අප්පා  කවුද කියලාවත් අපි දන්නෙ නෑ..තමුන් මේකාව උස්සන් ආවෙ කොහෙන්ද කියලාවත් අපි දන්නෙ නෑ..එහෙම මනුස්සයෙක්ට අපේ කොල්ලාව කසාද බන්දලා දෙන්න පුලුවන් ද..මගෙ නන්ගිගේ එකම ඉල්ලීම මට ඉටුකරන්න ඕනී.."

මොකද්ද ඒ කතාවෙ තේරුම..එතකොට..සුදු අයියා ඒ පවුලෙ කෙනෙක් නෙමෙයිද..මෙ වෙන්නෙ මොනාද කියලා හිතාගන්න බෑ..මංචනායක එච්චර දෙවල් කියද්දිත් අයියා ගානක් නැතුව ඉන්නවා..එකියන්නෙ එයත් ඒ ගැන කලිම් ඉදන්ම දැනන් ඉදලා තීන්නෙ..

"තාත්තේ ඒත්.."

"කමක් නෑ ඩෑඩ් සීයට කියන්න දෙන්න.."

"තවත් කියන්න දෙයක් නෑ.. ආපු අතක් බලාගෙන යනවා යන්න..මගෙ පුතා නිසයි මන් මෙහෙම හරි ඉවසන්නෙ.."

"නෑ තිනෙත්‍ර කොහෙවත් යන්න ඕනි නෑ..මංජු නොදන්නවා වුනාට තිනෙත්‍රට සප්තව වගේම මේ පවුලෙ තව අයිතියක් තියෙනවා.."

"මොකක්..තමුන් මොනාද මෙ කියවන්නෙ.."

"මේ කාටත් වඩා මෙ පවුලෙ උරුමයේ අයිතිය තීන්නෙ තිනෙත්‍රට කිව්වොත් මන් හරී..එහෙම නේද කොල්ලෝ..කො එයා ආවද.."

"එයා ඇවිත් ඉන්නෙ Mr.ආර්ය.."

කවුද ඒ ගමන..කා ගැනද මේ සීයයි අයියයි කියවන්නෙ..දැන් නම් මන් ෆුල් කන්ෆියුස්...

"මං මංජු නෙමෙයී මංචනායක ඒක මතක තියාගන්නවා.. තමුන් විහිලු කරනවද..මේ කොල්ලා..එයාට කොහෙන්ද එහෙම අයිතියක්..ඒගමන තමුන් මොන නාඩගමක්ද නටන්න හදන්නෙ.."

"කෙන්ති ගන්න හොද වයසක නෙමෙයි ඔයා ඉන්නෙ මංජු..මංචනායක පවුලෙ පලමු මුනුබුරාගෙ අයිතියයි මන් මේ එයාට අරන් දෙන්න හදන්නේ.."

"මොනාද මහප්පෙ ඔයා කියන්නෙ..එයා කොහොමද ජීවත් වෙන්නෙ..ඒ කොල්ලා පොඩිකාලෙදිම මැරුනනේ.."

"නැ නැ අන්නපූරුනා..මැරුනේ නෑ..මැරුවා..හැබැයි පොඩි එකා බෙරුනා..මන් හරි නේද සංජීව..කොල්ලා බේරුනානෙ.."

"ම්ම්මහප්පේ..මේ..ඒක...ඒක.."

"සංජීව..මොකද තමුන් ගොත ගහන්නෙ..කට ඇරලා උත්තර දිපම් මනුස්සයෝ..මගෙ පුතාගෙ දරුවා ජීවත් වෙනවද..ආ කියනවා ඔව්ද නැද්ද.."

"ඔව් සියේ මන් විතරක් නෙමේ..මගෙ ඇත්ත තාත්තත් තාම ජීවත් වෙනවා..නේද තාත්තේ.."

එකියන්නෙ..සුදු අයියා තමයි..නැතුවුන මංචනායකගෙ ලොකු මුනුබුරා..එයා ආවා..තනිකරම අයියාගෙ කපාපු පලුව..අයියාගෙ දැන් තාත්තා වගේමයි..

"පුත්තේහ්....."

මන් හිතන්නෙ මංචනායක සීයාට ඉදපු තැනත් අමතක වුනා...එයාගෙ නැතිවෙච්චි පුතා එවගේම මුනුබුරා එයාගෙ ඇස් ඉස්සරහා මෙහෙම ඉන්නවා දකිද්දි එයාට මෙ වෙනදේවල් දරාගන්න  බැරුව යන්නැතී.. එයා පපුවත් අල්ලගෙන පුටුව උඩට කඩාගෙන වැටෙද්දි කාටත් කලියෙන් එයා ගාවට දුවන් ගියේ අපේ සීයා..

"මංජූ..මංජූ..ඇස් අරින්නකො මංජූ..අනේ දෙවියනේ..මංජූ ඇස් ඇරපම්කෝ මගේ මංජූ.."

"තාත්තේ.."

"තාත්තේ.."

" ඩෑඩ් ඉක්මන්ට වාහනේ ගන්න සීයාව අරන් යමු..කෝ Mr.ආර්ය මට එයාව ගන්න දෙන්න..ඔයාට අමාරුයි.."

" අහකට වෙයම් මගෙ කොන්ද තාම හයියයි කොල්ලො ..මගේ එකාව මට කවදාවත් බර නෑ.."

"මගෙ මංජු ඇස් ඇරපම් රත්තරනේ.. උබේ ආයූ උබ ලගමයි..ඇස් ඇරපම් මහත්තයෝ..."

සීයා පපා මංචනායක සීයාව උස්සගෙනම වාහනේට නැග්ගා..අයියා ඩ්‍රයිව් කරද්දි මාත් එයාගෙ වාහනේට නැග්ගා..පවුලෙ අනිත් අයත් පිටිපස්සෙන් එද්දි සීයා පපා එයාගෙ මංජුව ඔඩොක්කුවෙන් තියන් ඒ මූන අත ගගා එයාට කතා කරනවා..එයාගෙ මංජුට නැගිටින්න ගගා කතා කරනවා..ඒ ඇස් වල කදුලු දරාගන්නම බැරි තැන පහලට කඩන් ඇවිත් මන්ජුගෙ මූනෙ නතර වෙනවා..එත් මංජුව හෙල්ලෙන්නෙවත් නැහෑ..මගෙ ඇස් වලිනුත් කදුලු හො ගාලා ගලද්දි අයියා මගේ කම්මුලෙ බේරෙන කදුලු පිහිදාලා මුකුත් වෙන්නෙ නෑ කියලා කිව්වා....

_________________________

හායි දරුවෙනී මන් ආවා🌝❤️

කියවලා කොමෙන් එකක් දාන් යන්ඩ..

වෝට් කරන්නත් අමතක කරම්නෙපා හාද....👉👈

සීයා පප්පාගෙ මංජු මැරෙයිත යාලුවනේ👉👈

සීයා පප්පා පවූඌඌඌඌ.....

එන්නාම්..❤️

ආදරෙයි❤️

_Gojo_

Share This Chapter