Back
/ 47
Chapter 10

🌼 Chapter 10 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

" ය...යමු........මිදුලෙ හිටන් ඉන්නද ඕන "

ඒ අත අතෑරපු මම එහෙම්මම ගේ ඇතුලට ආවෙ රශේන් අයියත් මගෙ පිටිපස්සෙන්ම එනකොට.....පුටුව උඩින් බෑග් එක දාපු මම සපත්තු දෙක ගලවලා රැක් එකෙන් තිබ්බෙ රශේන් අයියා මගෙ දිහාම බලන් ඉද්දි.....ඇයි දැන් මම ඉදගන්නත් කියන්න ඕනද.....ඒකත් කියනකම්ම ඉන්න ඕනද

" මොකද ඔහොම බලන්නෙ......කියන්න ඕන නෑ ඉදගන්න "

සෝෆා එකට ඇස් වලින් පෙන්නන ගමන් එහෙම කියපු මම මේස් දෙකත් ගලවලා අතට ගත්තෙ කාමරේට ගිහින් දාන්න.....වෙන වෙලාවකනම් මේස් එක එක්කො පුටුවක් උඩ නැත්තම් ඔය කොහෙ හරි යමින් එමින් ගමන් දානකොට සපත්තු දෙක උනත් ගලවලා දාන්නෙ කොහෙ හරි අස්සකට උනත් අද එහෙම කරන්න බැරි රශේන් අයියා ඉන්න හන්දා....සංවරකම කියන්නෙ මම උපතින් අරන් ආපු දෙයක්

"අම්මේ....හ්......අම්මේ.......අම්_"

" මොකද සුදූ කෑගහන්නෙ ඔය......මම වත්තෙ පහලට ගිහින් උන්නෙ........ගෙට ආවෙ පාරට යන්න ඔයා එනවද බලන්න......ඇයි පරක්කු උනේ......ඕහ් මේ දරුවා කවුද සුදු පුතා.....යාලුවෙක්ද "

" ම්ම්ම්ම්........මේ ඉන්නෙ රශේන් අයියා අම්මා.......බස් එකක් එනකන් පාරෙ හිටන් ඉන්නකොට මාව ගෙදරට ගෙනාවෙ අයියා"

" අනේ දරුවෝ........ඔයා ගැන මට මෙයා කියලම නෑනෙ........ඉන්නකො මම මොනවහරි බොන්න හදන් එන්නම්......සුදු අයියා එක්ක කතා කරන්නකෝ අම්මා එනකන් "

රශේන් අයියා ලගට ගියපු අම්මා හිනාවෙලා ඒ ඔලුව අතගානකොට එයා උන්නෙ පුදුම වෙලා වෙනකොට පුටුවෙ ඉදන් උන්නු මම හිනා උනේ අයියා මගෙ දිහා බලද්දි.....එයාට පුදුම ඇති ඉතින්.....ඒත් එක්‌කම මට දුකක් දැනුනා....නොකිව්වට රශේන් අයියත් ආස ඇති අම්මෙක්ගෙ ආදරේකට......ලොකු හුස්මක් පාත දාපු මගෙ ඇස් ගිහින් නැවතුනේ ආයමත් සෝෆා එක දිහාට වෙනකොට කියන්න වචන නැතිව අයියා අතරමං වෙනවා මම බලාන

" කරදර වෙන්න එපා ආන්ටි එහෙම........මම යනවානෙ "

" මොන කරදරයක්ද දරුවෝ......ඉන්නකො මම ඉක්මනට එන්නම්.......මෙයාගෙ යාලුවො තුන් දෙනාවම ඇරුනහම ඔයාව ඉතින් මම දන්නෑනෙ "

එහෙම කියපු අම්මා යන්න යනකොට පුටුවෙන් නැගිටගත්තු මම සෝෆා එකේ එයාට ඉස්සරහින් වාඩිවෙනගමන් එක කකුලක් නවලා අත තියාගත්තා.....මම බලාගෙන රශේන් අයියා හිමිහිට ඇස් කරකවන ගමන් ගේ දිහා බලනවා......අන්තිමට ඒ ඇස් එයාගෙ ඉස්සරහින් උන්නු මගේ ලග නවතිනකොට මම හිනාඋනා

මම වචනයක්වත් නොකියා බලන් උන්නෙ එයා කතා කරනකන්.....මොකද මට දැනගන්න ඕන උනා එයාට මේ ගෙවෙන තප්පර දැනෙන්නෙ කොයි විදියටද කියලා

තප්පරයක්.......දෙකක්.......තුනක්......නිහඬවම ගෙවිලා ගියේ බිත්තියේ එල්ලලා තිබුනු ඔරලෝසු කට්ටෙ සද්දෙ විතරක් ඇහෙනකොට

" ඔයාගෙ අම්මා.......එයා හුගක් හොදයි විද්වාන්......ඔයාට ලස්සන පවුලක් තියනවා "

" ම්ම්ම් ඇත්ත........රශේන් අයියා දන්නවද මගෙ අම්මා හරි ආදරණීය චරිතයක්.......තාත්තා උනත් වචනෙන් නොකිව්වට අම්මට මට හුගක් ආදරෙයි.......අම්මා තමා මටත් ආදරේ බෙදනහැටි කියලා දුන්නෙ.......අම්මා කියලා දුන්න දෙයක් තමා අපි කාගෙන්හරි ආදරයක් බලාපොරොත්තු වෙන්න කලින් අපි ඒ කෙනාට ආදරේ කරන්න ඕන කියන එක........ඒකත් ආපිට මුකුත් බලාපොරොත්තු නොවීම.......ජේසු උනත් කිව්වෙ දකුණු අතින් දෙන දේ වම් අතට දැනෙන්න දෙන්න එපා කියලා......ඉතින් අපි තව කෙනෙක්ට ආදරේ දෙන්න ඕන ආපිට දෙයක් බලාපොරොත්තු නොවීම......එහෙව් තැන් හරි ලස්සනයි අයියෙ ඒ වගේම පැහැදිලියි "

" එහෙම ආදරේ බෙදන්න අපි හැමෝටම බෑ විද්වාන්........"

ඒකට මම මොනවාහරි කියන්න ගියත් අම්මා බීම වීදුරු දෙකක් ට්‍රේ එකක දාලා ගෙනත් මේස උඩින් තිබ්බෙ එක වීදුරුවක් රශේන් අයියගෙ අතට දෙනගමන්....එතකොට මට.....මම නොක්කාන්ඩුවට අම්මා දිහා බලනකොට අම්මා මට ඇස් වලින් වීදුරුව පෙන්නුවෙ ගන්න කියලා වෙනකොට රවාගෙනම බීම වීදුරුව ගත්තෙ ප්ලේට් එකේ තිබුන චොක්ලට් කේක් කෑල්ලකුයි උඩට සීනි ඇට දාපු බිස්කට් එකකුයි ගන්න ගමන්.....මං අහන්නෙ ඒක අසාධාරණ නැද්ද ?? රශේන් අයියගෙ අතට බීම වීදුරුව දෙන්න පුලුවන් උන අම්මට ඇයි මටත් ඕක දෙන්න බැරි

කරස්......

චොක්ලට් කේක් කෑල්ල දෙකට මැදින් වෙන්කරපු මම අයිසින් තියන කොටස අරන් ඉස්සරහ දත් දෙකෙන් පහුරු ගෑවා.....කේක් එකේ අයිසින් ටික කාලා ඉවර උනාට පස්සෙ ලොකු කෑල්ලක් කඩලා කටේ ඔබාගත්තෙ ඒකටම බිස්කට් එකෙන් බාගෙකුත් එකතුකරලා කන ගමන්......මං නම් එහෙම තමා රසම

" ඔය මොකද අනේ බිස්කට් එකක් විතරක් කන්නෙ........කේක් කෑල්ලකුත් කන්න දරුවො.......අර පේනවා නේද ශෙනුල් මල්ලි  කේක් එක්ක බිස්කටුත් කනවා.......එයාගෙත් ඉතින් කට ඇරෙන්නෙ කඩචෝරු කන්න තමා "

ඔය පේනවනෙ අපේ අම්මා එක්ක බෑනෙ කරන්න......මගෙ සායමම හෝදනවනෙ අයියා ඉස්සරහ.....අම්මා අයියාගෙ ඔලුව අතගාන ගමන් කේක් කෑල්ලක් ඒ අත උඩ තියනකොට මෙච්චර වෙලාම  කේක් කන්න බෑ කියපු මනුස්සයා කන්න ගතතෙ මම බලන් ඉන්නකොට......හා......හා.......මට එයාගෙ කේක් කෑල්ල කන්න ඕන නෑ......මම බලන් උන්නෙ අම්මා දුන්නහම කන එක දිහානෙ.....අම්මා මගෙ ගැන වැරදිම අරයට කියන්න ගන්නකොට මම තවත් බිස්කට් එකක් එහෙම් පිටින්ම කටේ දාගන්න ගමන් හපන්න ගත්තා.....අම්මට ඉන්නෙ මම විතරක් හන්දා වෙනසක් නෑ අනිත් ළමයින්ටත් පුදුම තරම් ආදරෙයි

මම කල්පනා කලේ අයියා ගැන නොදැන මෙහෙම සලකනවනම් අයියාට අම්මෙක් නෑ කියලා අම්මා දැනගත්තොතින්......මට ඉර හද වගේ විශ්වාසයි එහෙනම් අපේ අම්මා අයියටත් අම්මෙක් වෙනවා....මොකද අම්මා කෙනෙක්ට කොයි දරුවත් එක හන්දා......දරු දුකක් ඉස්සරහ කාලිටත් පුලුවන් නම් නිවෙන්න අම්මට බැරිද තව කෙනෙක්ට වෙනසක් නැතිවම ආදරේ කරන්න.....රශේන් අයියට තාත්තා හිටියට එයා තුන්සිය හැට පස් දවසෙම ගෙදර නැතුව ඇති.....මොකද එයා ඇවිත් ලංකාවෙ ටොප් ක්ලාස් බිස්නස්මන් කෙනෙක්.....ඉතින් අම්මගෙ ආදරෙත් නොදැන තාත්තත් එයාට දැන හෝ නොදැනුවත්ව හරි මග ඇරෙනකොට එයා උනත් නිහඩවෙන එක සාධාරණයි

මොකද තමන්ට කතා කරන්න කෙනෙක් නැති උනහමත් මිනිස්සු නිහඩවෙනවා

" මම යන්නම් ආන්ටි "

" යන්නම් නෙවෙයි පුතා ගිහින් එන්නම් කියලා කියන්න.......සුදූගෙ යාලුවෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම මෙහෙ එන්න එපැයි ආය.......ඔය මොකද කරන්නෙ දරුවෝ......අනේ මට වදින්න ඕන නෑ පුතේ........බුදු සරණයි පරිස්සමට යන්න "

පරිස්සමින්..........!

අම්මට වැදපු රශේන් අයියා මා දිහා බලනකොට එයාට ඔලුව වැනපු මම සද්දෙ නෑහෙන්න තොල් වලින් මිමිණුවෙ පරිස්සමට යන්න කියලා.....මායි අම්මයි මිදුලට වෙලා බලන් උන්නෙ රශේන් අයියගෙ වාහනේ නොපෙනී යනකම්

එයාගෙ ඇස්........ඒවා දිලිසෙනවා !

" කවුරු උනත් ඒ ළමයා හරි හොද දරුවෙක් සුදු පුතා "

එහෙම කියපු අම්මා ගේ ඇතුලට යන්න යනකොට මම තාමත් උන්නෙ මිදුලට වෙලා.....ඊරිසියාවට කියනවා නෙවෙයි ඒත් අපේ අම්මට මාව ඇර අනිත් ඔක්කොම ළමයි හොදයි......හැබැයි ඉතින් ලූණු ගෙඩියක් සුද්ද කරන්න පොල් ටිකක් ගාලා දෙන්න ඉන්නෙ මං විතරයි......ඔන්න එතකොට නම් අම්මට මාව ඉස්තරම්......ඇයි ඉතින් මාර ආදරේකින්නෙ කතා කරන්නෙ

මම එහෙම්මම අහස දිහා බැලුවා.....මුලු අහසෙම තැනින් තැන විතරක් වලාකුළක් දෙකක් පාවෙනකොට ඇගේ හැප්පීගෙන යන හුලං පොද පවා අද වෙනදට වඩා සිසිලක් ගෙනාවද මංදා......ඒත් එක්කම අහේතුවකට මට මතක් උනේ රශේන් අයියව......නොකියා දනවන තැන්වල තමා හැගීම් උනත් මහ හුගක් තිබුනෙ......ඒක ඇවිත් වෙනම රහක්

මම ආසම කලු පාටට හුරු අලු පාට ආඩම්බරකාර ඇස් වලට.....

ඔයා හරි ඇස් කියන්නෙම මායාවක් කැලික්ටස් !

.....මොකද ඒවට පුලුවන් ගැබුරු අනන්තයටම අපිව අරගෙන යනගමන් අපේ මුලු ආත්මය සියුම් ලෙස ස්පර්ශ කරලා එක මොහොතකට අපිව ඒ මායාකාරී ඇස් ඉස්සරහ දවා අලුකරලා දාන්න....

එහෙම බැලුවාම ඔයා උනත් දැනගන්න ඕන එක දෙයක් තියනවා.....ආදරේටත් රස නහර තියනවා ! ඒවට පුලුවන් මැරුණු හිතකට උනත් පන පොවන්න හරි අපූරුවට

ගෙට ඇතුල්වෙනම තැන තිබුන සමන් පිච්ච ගහේ සුදු පාට මලක් මගෙ අතකට හිර වෙනකොට මල නාහෙට ලංකරගන්න ගමන් ඇස් පියාගත්තු මම ඒකෙ සුවද ඉවකලා.....මොකද මට ඕන උනේ නොසන්සුන් වෙලා තියන මගෙ මුලු ආත්මයම සංසුන් කරගන්න

" ආවාරෙට පිපෙන මල් හරි ලස්සනයිලු "

දවසක් හුරුපුරුදු  කෙනෙක් කියනවා මං අහගෙන....

මේ ඇවිත් ආදරේ නෙවෙයි.....එහෙමයි කියලා මේ ලෙංගතුකමකුත් නෙවෙයි......දැනෙන තරමට නතර වෙන තැන් ආදරේට මෙහා තියෙයි.....මං ආයම වතාවක් කියනවා මේ ඇවිත් " ආදරයක්" ගැන නෙවෙයි !

ඉතින් අඩම්බරකාර වළාකුල් පිරිමි ළමයො අපිට පුළුවන් මේ හැගීමට ආදරය කියන විශ්වසනීය නම නොදී ඉන්න......මොකද සංසුන් හැගීමක් ලගට ආදරය කියන ප්‍රභල හැගීම ගෙනාවා කියන්නෙම ඒක ඇවිත් දිනන්නෙම නැති යුද්ධයක් !

ඉතින් අපිට පුළුවන් පරාද නොවී ඉන්න

ප්‍රේමය කියන බලකොටුවේ පැළ කෙරුන

ලෝකය කියන අවනඩුවෙන් යට කෙරුන

කාලය යළි යළිත් පිහදා මතු කෙරුන

මල් පොකුරක් තිබුනි දෙන්නට මගහැරුන

( උපුටා ගැනීමකි )

•

•

•

" අනේ අයියේ ඕක අත අරින්නකෝ........ඕක මගෙනෙ.......අත අරින්නකො........පුංචි අම්මේ...හ් "

" මොකද සුදු පුතා ඔය මල්ලිව අඩවන්නෙ.......එයාට පාඩුවේ ඉන්න දෙන්න සුදූ.......ඔයත් පොඩි ළමයෙක් වෙන්න ගත්තද ඒ පාර "

" ආ ඉතින් ගන්නවා........බොරුවට අඩන්නෙ......පොඩ්ඩක් අතට ගත්තහම බලන්න ඒකටත් බේසිකයා අහල ගම් හතකට ඇහෙන්නම කෑගහනවා "

මම අතේ තිබුන සුපර් මෑන්ව ආයෙම අරකට දීලා දැම්මා......අද සෙනසුරාදා.....විභහගෙ කරපු හන්දා මේ සතිය නිවාඩු දීලා තියනකොට අද උදෙන්ම තාත්තයි අම්මයි එක්ක මාත් නැන්දලගෙ ගෙදර ආවා.....දැන් පැය කීයක් නම් කියලා ගෙවුනද.....ගෙදර වගේ නෙවෙයි මෙහෙ ඉන්න කම්මැලී.....ගෙදර ඉන්නකොට ඉන්නෙ මං විතරක් උනත් ඒක එච්චර දැනෙන්නෑ......සහෝදරයෙක් නැති අඩුව නොදැනෙනවා නෙවෙයි ඒත් මම පුලුවන් නොලැබෙන දේ ගැන නොහිතා ලැබුනු දේවල් ගැන සෑහීමකට පත්වෙන්න

නොකිව්වට මොකද සමහර වෙලාවල් තිබුනා සහෝදරයෙක් නැති අඩුව තදින්ම දැනුන.....යාලුවො එයාලගෙ නංගිලා ගැන කියද්දි මටත් ආස හිතුනා.......තවත් සමහරුන්ට අයියලා ඉන්නකොට අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් කියලා නොහිතුනාම නෙවෙයි......කොච්චර කොහොම කිව්වත් සහෝදරයෙක් නැති අඩුව දැනෙන්නෙ තනි එකෙක් විතරක් ඉන්නකොට.....අනිත් අයට වගේ බොරුවට හරි රණ්ඩුවෙන්න කෙනෙක් නැති උනහම පාලු හිතෙනවා තමා ඒත් එහෙමයි කියලා මම කවමදාවත් මගෙ අම්මගෙශුයි තාත්තගෙනුයි අහලා නෑ ඇයි මට කවුරුවත් නැත්තෙ කියලා.....මං කිව්වනෙ මම නොලැබෙන දේ ගැන කරදර නොවී ලැබිලා තියන දේ ගැන උපරිම තෘප්තියක් ලබන කෙනෙක්

මං බැලුවෙ දැන් ටිකකට කලින් අඩන් කට හදලා දැන් මගෙ දිහා හෙනම අහිංසක විදියට බලාගෙන ඉන්න නැන්දගෙ පොඩි එකා දිහා.....පෙනේද මුගෙ කපටිකම......දෙන්න තියෙන්නෙ මුට බොරුකරනවට.....හැබැයි මෙහෙමයි ඉතින් ඒකගෙ අතේ තිබුන සුපර්මෑන්ව මම අරගත්තෙ පොඩ්ඩක් අවුස්සන්න තමා.....ඒකා රැහැයියා වගේ කෑගහපු පාර නැන්දා එක්ක දවල්ට කන්න උය උය උන්නු අම්මා කුස්සියේ ඉදන්ම කෑගහනකොට කට ඇද කරගත්තු මම අරකට කුනුහරුපෙකුත් කියලා බැන්නා....ඕක අම්මට එහෙම ඇහුනනම් ඉන්නෙ එකයි කියලා බලන්නෑ මාව උඩ යවයි

දවල්ට කාපු මම එතනින්ම එහා පැත්තෙ තිබුන වෙලට එන්න ආවා....නියර දිගේ ටිකක් දුර ආපු මම සාක්කුවේ තිබුන ෆෝන් එක අරන් සෙල්ෆියක් ගහලා ඒක ස්ටේටස් දැම්මෙ නිකමට වගේ.....නියර දිගේම ආපු මම ආයම හැරිලා ඇවිත් ගහක අත්ක ඉදන් බිමට නැවුන ඔන්චිල්ලාවක් වගේ තිබුන වැලේ ඉදගත්තා.....ඇලට නිරුවත් කකුල් දෙක දාගෙන උන්නු මම එහෙම්මම බැලුවෙ වෙල දිහා......සීතලයි......දවල් උනත් වෙල අයිනෙ අහස උසට වැඩිලා තියන නානාප්‍රකාර ගස්වැල් හන්දම තිබුනෙ හෙවනක්.....ඇලෙන් ගලාගෙන යන වතුර පොදපවා සීතලවෙනකොට ඉදන් උන්නු වැලේ අත්තකට මම පිට හේත්තු කරගත්තා.....ගලන් යන හීතල වතුර මැනික් කැට වගේ පිරිසිදුවෙනකොට ඒ අස්සෙන් සුදු වැල්ල පවා පෙනුනා

ආසාවට කකුල දාන් හිටියට දිය නයෙක්වත් ඒවිද දන්නෑ......කියන්න බෑනෙ ඉතින්.....මම අහලා තියනවා මේවගෙ තැන්වල දිය නයි ඉන්නවා කියලා හැබැයි දැකලා නෑ....දැන් බැරිවෙලා හරි ඔය කියන දිය නයෙක් ආවා මම මොකද කරන්නෙ.....කන්න එපා මාව කෑවට වැඩක් නෑ කියන්නද.....එහෙම කිව්වොත් ඌ අහාවිද.....සමහරවිට ඌ අහාවි......ගෑනු සතෙක් ආවොත් හොදා.....මම උනත් ඉතින් ලස්සනට කැපිලා පේන්න ඉන්නවනෙ.....එතකොට එන ගෑනු සතාට උනත් හිත හදාගෙන මගෙ කකුල කන්න පුලුවන්ද......බෑනෙ බෑනෙ.....අම්මගෙ සුදු පුතාත් ඉතින් අම්මගෙම මේල් වර්ෂන් එක හන්දා තාත්තා අම්මට රැවටිලා වගේ සතා මට රැවටෙන්නත් පුලුවන්

නෑ මං කියන්නෙ බැරිවෙලා හරි ඔය සතා කෑවොත් එහෙම අපෙ අම්මට කෝ ළමෙක්.....එතකොට පසිදුලාට මොකද වෙන්නෙ......එයාලව එහෙම අත අරින්න පුලුවන්ද මට.......කොහමටවත් බෑනෙ....රියල් එක අත ඇරියත් අනියම් ඒවා අත අරින්න පුලුවන්ද එහෙම......තායි ඩ්‍රාමා බලලා බලලා ශිප් කරපු නැව් ටිකට මොකද වෙන්නෙ......එයාලා ගෑනු එක්ක  දිගට හරහට ඩේට් එකට යන එක වෙනම කතාවක්.....ඒත් ඉතින් එයාලව නැව්ගත කරන අපිට කිසි ලැජ්ජාවක් නෑනෙ......ඒ ඔක්කොමත් හරි බැරිවෙලා හරි මම නැති උනොත් මගෙ කස් එකට මොකද වෙන්නෙ මම අහන්නෙ.....ලක්ශිත අයියට පුලුවන් වේවිද මං නැතුව ඉන්න......වතුරට දාගෙන උන්නු කකුල් දෙකත් පද්දන ගමන් මම එහෙමත් හිතුවා

මම ආයම වෙල දිහා බැලුවා...ගොයම් ගස් උසට වැවිලා හන්දා මුලු වෙල්යායම තනි කොළ පාටින් පේනකොට ඈත ඉදන් එන ලා හුලං රැලි කරන මුකුළු වලට ගොයම් ගස් තාලෙට පැද්දෙනවා මම බලාගෙන......සිසිලයි.........සනීපයි.........නිස්කලංකයි........කොටින්ම කිව්වොත් හිත නිවනවා.......නාඹර ඉර එලිය මුලු වෙල් යායටම වැටිලා තිබුනත් මොකද මම උන්නෙ හෙවනක හන්දම හමන හුලං පොද පවා ගතේ දැවටෙද්දි දැනුනෙ සිසිලසක්.....දැනෙන සනීපෙටම එක මොහොතකට මගෙ ඇස්දෙක පියවෙලා ගියේ මටත් නොදැනිවමයි

ටීන්......

විනාඩියෙන් විනාඩිය

විනාඩියෙන් විනාඩිය

විනාඩියෙන් විනාඩිය ඔහේ ගෙවිලා යනකොට මම තාමත් උන්නෙ වෙලේ....දැන් මෙතනටම ඇවිත් පැයක් විතර ඇති....අම්මා එන්න කියලා කීපසැරයක්ම ඇවටිලි කරත් මොකද මම නොගියෙ මේ වගේ පරිසරයක් දාලා යන්න තිබුන ලෝබකමට....ගේ අස්සට වෙලා ඉන්නවට වඩා මෙතෙන්ට වෙලා අරමුණක් නැතුව ඔහේ බලන් ඉන්න මම හරි ආසයි

මම ඇවිත් සරල පිරිමි ළමයෙක්.....මට පුලුවන් ලැබෙන පොඩි දේකින් පවා හරි හරියට සතුටුවෙන්න.....තරු කෝටි ගානක් පෑයුව රෑ අහසක හද එක්ක තනියම දොඩමළුවෙන්න.....පොතක් අස්සෙ හුස්ම ගන්න.....මල් වලට ආදරේ කරන්න.....අකුරු අමුණ අමුණ කතා ලියන්න.......ඇයි එතකොට උනුහුම් කලු කෝපි කෝප්පයකින් එන තිත්ත රස මුලු හදවතින්ම විදින්න.....සිංදු අහන්න......මම කිව්වනෙ හම්බෙන පොඩි දේකුත් ඇති මට හරියට සතුටුවෙන්න

සංකීර්ණ දේවල් පස්සෙ ගියහම අන්තිමට වෙන්නෙ අපි දන්නෙවත් නැතුව අපිට හතිවැටෙන එක.....ඒත් එක්කම මැසේජ් එකක් ආපු සද්දෙට පෝන් එක අරන් බැලුවෙ කාගෙන්ද කියලා.....රශේන් අයියගෙන්.....මම එහෙම්මම මැසේජ් එක ඕපන් කලා

ලස්සනයි

එයා එවලා තිබුනෙ ලස්සනයි කියලා.....ඒකත් මුකුත්ම නැතුව.....ඒක දැකපු මගෙ මූනෙ ලා හිනා රැල්ලක් ඇදෙනකොට නියර දිගේම මම ආපහු ආවෙ නැන්දලගෙ ගෙදරට.....හෙටත් නිවාඩු.....ආයම ස්කෝලෙ තියෙන්නෙ අනිද්දට ඒ කියන්නෙ

සතුටට දැම්මෙ සතුටට......රිසාල්ට් ආව සතුටට.....ඕ....යෑස්......ඇත්තමයි මං නටනවා🥹🥹🥹

Share This Chapter