Back
/ 47
Chapter 11

🌼 Chapter 11 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

උදෙන්ම ස්කෝලෙට එද්දිම සංගීත මැඩම්ව ගේට් එක ලගින්ම හම්බෙනකොට මැඩම්ටත් ගුඩ් මෝර්නින් කියාගෙන එයා දුන්න යතුරත් අරගෙන මම ආවෙ මියුසික් රූම් එකට.....මේ සතියට  මම කොස්ස අතට ගත්ත දෙවනි පාර මේ.....ඇයි පන්තිය අතුගාන්න කොහමත් එක පාරක් සෙට් වෙනවවා.....අද මියුසික් රූම් එක

මම පන්තියට නොයා කෙලින්ම ග්‍රවුන්ඩ් එක ලග තියන මියුසික් රූම් එකට ආවෙ තට්ටු තුනක් නැගලා බහින්න බැරි හන්දමයි.....දවසකට කී පාරක් කියලා ඕකෙ උඩට පහලට යනවා කියලද......මැඩම් දුන්න යතුරෙන් දොර ඇරලා කාමරේ ඇතුලට ආපු මම මැඩම්ගෙ බෑග් එක ගුරු මේසෙන් තියන ගමන් මගෙ එකත් පැත්තක තිබුන පුටුවක් උඩින් තිබ්බා

කොච්චර උනත් පීරියඩ් එකක් කට් කරන්න ඕන උනහම කයියක් ගහන්න ඕන උනහම අපි කෙලින්ම එන්නෙ මියුසික් රූම් එකට.....පීරියඩ් එකක් කට් කරන වෙලාවටනම් මැඩම් බයිනගමන් මේ අන්තිම වතාව කියලා කිව්වත් මොකද අපි එන හැම වතාවක්‌ම ඇවිත් ලාස්ට් චාන්ස්......මැඩම් අපිට බයින එක නතර කරන්නෙත් නෑ අපි මැඩම්ව හොයාගෙන එන එක නතර කරන්නෙත් නෑ.....කොච්චර කොහොම උනත් ආට් කරන යසිරුලත් අපේ මියුසික් මැඩම් එක්ක ෆිට් එකේ ඉන්නෙ පීරියඩ් කට් කරන්න මේක අස්සට රිංගලමයි

ලෙෆ්ට්........රයිට්.........ලෙෆ්ට්........රයිට්

කැඩෙට් කට්ටියගෙ කටහඩ ඈතින් ඇහෙනකොට ඒ පැත්තෙ තිබුන ජනේලෙ අරිනගමන් මම බැලුවෙ ග්‍රවුන්ඩ් එක දිහා......කොහමත් හැමදාම කැඩෙට් අය උදෙන්ම ස්කෝලෙ එන්න ඕන ප්‍රැක්ටිස් වලට.......ඒ හැම කොල්ලෙක්ගෙම අතක ලී වලින් හදපු තුවක්කුවක් හිරවෙලා තියනකොට  ග්‍රවුන්ඩ් එකේ එහා කොනේම ඉදන් ප්‍රැක්ටිස් කරන කට්ටියගෙ හඩවල් මෙහා කොනටම ඇහුනා......මගෙ ඇස් ගිහින් හුරු පුරුදු රූපයක් ලග නැවතුනේ මටත් හොරාට වෙනකොට විනාඩියක්.........දෙකක්..........තුනක් සමහරවිට ඊටත් වඩා වැඩි වෙලාවක් මම ඒ ගාම්බීර රූපෙ දිහා බලන් උන්නා.....මුලු ටීම් එකේම යුනිෆෝම් ඇදන් උන්නෙ රශේන් අයියා විතරයි......මොකද අනිත් හැම කෙනෙක්ම ඇදන් උන්නෙ දණහිස් වඩා අගල් දෙක තුනක් කොට සුදු කලිසමකුයි ඒකට යට කරලා කලු ශර්ට් එකකුයි

කොහමත් කැඩෙට් ටීම් එක ලීඩ් කරනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නොවෙනකොට රශේන් අයියට තියන ගට ගැන ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ......රශේන් අයියා පිටිපස්සට අත් දෙක බැදගෙන සීරුවට හිටන් ඉන්නකොට ඒ අත්වල ලී පටියක් තිබුනා.....පිටිපස්සෙ කොල්ලෙක් ලගට ගියපු අයියා ඒ කොල්ලට මොන මොනවදෝ කියනකොට අර කොල්ලා මුකුත්ම නොකියා තනි කෙලින් ඉස්සරහ බලන් උන්නා

ඌප්ස්ස්ස්.......

මගෙ ඇගත් එක්ක මොකක්ද වෙලා ගියා......රශේන් අයියා කලේ අර අතේ තිබුන ලී පටියෙන් අර කොල්ලගෙ කකුල් වලට පාරක් ගහපු එක වෙනකොට ඒකාට ඒක ගානක් නොගියත් මෙතන ඉඳන් බලන් උන්නු මගෙ කකුල් දෙක වෙවුලලා ගියා......ඒ කොල්ලා කොහමද දැනුන් නෑ වගේ තාමත් ඉස්සරහ බලන් ඉන්නෙ......ඕකෙන් පාරක් කෑවොත් විතරක් නම්නෙ පුදුමෙ......ආයම රශේන් අයියා මොන මොනාදෝ කියනකොට අර කොල්ලා එයාට සැලියුට් කරන ගමන් ලී තුවක්කුවත් අරන් පිට්ටනිය වටේ දුවන්න ගත්තා......ඕක ලී උනාට පුදුම බරක් තියෙන්නෙ......ඇයි ඉතිං මං ඕක උස්සලා තියේනෙ......මං ඒත් එක්කම හෙව්වෙ යසිරුව......මෙතනට එච්චර දුර හරියට නොපෙනුනත් මම දන්නවා අපේ එක් කෙනත් ඔය කොහෙම හරි ඇති කියලා

තවත තප්පර කීපයක්ම ඒ පැත්ත දිහා බලන් උන්නු මම රශේන් අයියා දිහත් බලලා දොර මුල්ලෙ තිබුන කොස්සත් අතට අරන් හිමි හිමිහිට මුලු මියුසික් රූම් එකම අතුගාන්න ගත්තා......හරිනම් මේක අතුගාන්න ඕන උදේම පීරියඩ් එක වැටෙන  ක්ලාස් එක උනත් මැඩම් මට යතුර දෙන්න ඇත්තෙ පොඩි ක්ලාස් හන්දා වෙන්න ඇති......මොකද අපිට නැති උනාට පොඩි එවුන්ට සති දෙකක් නිවාඩු......එතනත් අසාධාරණකම්

මියුසික් රූම් එක අතුගාන්න ඕනෙනම් මට විනාඩි දහයක් යන්න ඇති.....අතේ තිබුන කොස්ස ආයම දොර මුල්ලෙන්ම තිබ්බ මම බුදුපාන තියන්න ඕන හන්දා පීරිසියත් අරගෙන ගියේ බුදු මැදුරෙන් මල් ටිකක් ඉල්ලගන්න......දහය වසරෙ මල්ලි කෙනෙක් පීරිසියට මල් ටිකක් දෙනකොට ඒකත් අරගෙන මියුසික් රූම් එකට ආපු මම පාන පත්තුකරලා මලුත් තියනගමන් හදුන්කූරුත් තිබ්බා

බෑග් එකත් පන්තියේ නැති හන්දා මලීෂලා මං නෑ කියලා හිතුවද දන්නෑ......සමහරවිට කට්ටිය මට බයිනවත් ඇති......කමක් නෑ තව ටිකකින් යන එකනෙ........කාමරේ බිත්තියේ කොනක එල්ලලා තිබුන ගිටාර් එක අතට ගත්තෙ  දැනුන ආසාවට.....එතනම තිබුන බංකුවේ ඉදගන්නගමන් අත් අස්සෙ හිරවෙච්ච ගිටාර් එකෙන් එවෙලෙ සනික ආපු සිංදුවකට මම තනු ඇල්ලුවා ඉබේටම ඇස් දෙක පියාවෙලා යනකොට.....පත්තු කරපු හදුන්කූරු සුවද මුලු කාමරේ පුරාවටම කරක්ගැහුවා......ඒක ඇවිත් පිච්ච මල් සුවදක්

නිල්දිය ගංදොළ ගාව වගේ

කල්හාර මල් පාට නැතේ

හමුවූවන් මතකයේ ඇඳේ

ඉබේටම හැදිලා

ඉබේටම පරවෙනවා

කල්හාර මල් පාට නැතේ

මං මොනවත් දන්නෙ නැතේ

සුළගින් වගේ හමුවෙලා

සුසුමක් වගේම ගළපලා

පොරොන්දු පිණි වුණා

නටු අගිසි හිඳ මියැදුනා

ඉබේටම හැදිලා

ඉබේටම පරවෙනවා

අහම්බෙන් වගේ හමුවෙලා

ගැළපිලා වගේම ගළපලා

පොරොන්දු පොරොන්දම්

"ඔහු සුළගක්" කියා ඇතේ

"ඔහු සුළගක්" පෙම කියා ඇතේ

ගිටාර් එක තිබ්බ තැනින්ම තියපු මම පැත්තක තිබුන බෑග් එකත් උරහිසකට දාගන්න ගමන් එලියට එන්න ආවත් මොකද එලියට තිබ්බ අඩිය එහෙම්මම නැවතුනේ මියුසික් රූම් එකේ බිත්තියට කකුලක් පිටදීලා සාක්කුවලටත් අත් දාගෙන හේත්තුවෙලා උන්නු රශේන් අයියා දැකලා.....එයාව දැකපු මගෙ හිතට ආවෙ එක ප්‍රශ්නයයි........ඒ එයා මොකද මෙතන කරන්නෙ කියන එක......රශේන් අයියගෙ මූන අහස දිහාට හැරිලා ගිහින් තියනකොට ඒ උගුරු ගැටේ ඒ ඉන්න විදියට හොදටම ඉලිප්පිලා පෙනුනා.....ඇරත් ඒ ඇස් තිබුනෙ පියවෙලා ගිහින්......හරි දැන් මට කියන්න එපා මෙයා මෙතන ඉදන් අර මං ඉස්සල්ලා කිව්ව සිංදුව අහන් උන්නා කියලනම්.......මූ යකෝ මාර බඩ්ඩක්නෙ

ක්හැක්........ක්හැක්.......

එයා ලගට ගියපු මම අඩි දෙකක් නැත්තම් තුනක පරතරයක් තියලා නැවතිලා එයා දිහා බැලුවෙ උගුරත් ටිකක් පාදනගමන්.......හරි ඔන්න එතකොටනම් මෙච්චර වෙලාවක්ම පියවෙලා ඉබුන ඒ ඇස් ඇරෙනකොට ඒවා කෙලින්ම ඇවිත් නැවතුනේ එයා දිහා බලන් උන්නු මගෙ ලග

බෑනෙ කරන්ඩ

මං හැමදාම කියනවා ඔය විදියට මගෙ දිහා බලන්න එපා කියලා.....අදත් මගෙ යටි හිත වෙනසක් නැතුවම එයාට දෙස් දෙවොල් තිබ්බා.....ඒත් ඉතින් එයාට ඇහෙනවා කියලද......මේක කරන්න බෑ.......ඒ ඇස් එක දිගටම නතරවෙලා තිබුනෙ මගෙ ලග වෙනකොට මම අහක බලාගත්තෙ බිත්තියට හේත්තුවෙන ගමන්......මම එහෙම්මම ඔරලෝසුව දිහා බැලුවා......හතයි කාලයි.......තව විනාඩි පහලවක් තියනවා......මම ඇහි බැමක් උස්සනගමන් ආයම බැලුවෙ මට එහා පැත්තෙ උන්න එයා දිහා

" මොකද මෙතන ඉදන් කරන්නෙ.........මනෝපාරක්වත් ගහනවද කෙල්ල ගැන "

මම එහෙම අහනකොට රශේන් අයියා කලේ ඉස්සරහ බලන් හිනාඋන එක.....මගෙ ඇස් පුදුමෙන් ලොකුවෙලා ගියා.......දෙයියනේ.........දෙයියනේ........මෙන්න මේ මනුස්සයා හිනා වෙනවා.......රශේන් අයියා හිනාවෙනවා......මට අහගන්න බැරිව ගියා.....මොකද රශේන් අයියා මෙහෙම කට පුරා හිනාවෙනවා මම දැකලම නෑ.....ඒ කියන්නෙ ලාවට හිනාවක් ඒ මූනෙ ඇදුනොත් ඇරෙන්න එයා හිනාවෙලා නෑ එහෙම......ඉතින් මං පුදුමවෙන එක වැරදිද මං අහන්නෙ

බොරු කියන්නෙ මොකටද ඒ හිනාව ඇත්තටම ලස්සනයි......රශේන් අයියට තිබුනෙ ලේසියෙන් කවුරුවත් නොදකින ලස්සන හිනාවක්......ඒ දිහා තප්පර කීපයක්ම බලන් උන්න මම ඉස්සර බැලුවෙ මගෙ මොලේ ඇතුලෙ මොකක්දෝ විපර්යාසයක් සිද්ධවෙනකොට

.....මල්වල පැනි හොයන සමනල්ලු පවා ආකර්ෂණය වෙන හිනාවක්.......

......හැමෝටම පාර පෙන්නන ඔරායන් උනත් අතරමංවෙන හිනාවක්.......

......ඉතින් ඒක ඇවිත් මිල අධික හිනාවක්.......

" මනෝපාරක් නම් තමයි ඒත් කෙල්ලෙක් ගැන නෙවෙයි "

" එහෙනම් "

මම ආයම එයා දිහා බැලුවා......තප්පරේකට.........දෙකකට ඒ ඇස් මගෙ ලග නැවතෙනකොට ඉස්සරහ බලාගත්තා.......හැබැයි මම නෙවෙයි.....මේ පාර ඉස්සරහ බලාගත්තෙ රශේන් අයියා.....කෙල්ලෙක් ගැන නෙවෙයි නම් වෙන කාගැනද

" ලස්සනයි "

" මොකක්ද "

" ඔයාගෙ කටහඩ "

" තෑන්ක්ස් "

මම එහෙම්මම බැලුවෙ මෙතනට පේන ඇහැළ ගහ දිහා.....දැන් දැන් එකේ පොඩි පොහොට්ටු එනවා......වැඩිකල් නොයා මලුත් පිපේවි

හදවතට දැනෙන සියලු සංවේගයන් එකවරම අඩාලවීමට ඇති හේතුව ??

කොහමත් මායාකාරී ගැබුරු බැල්මන් එකිනෙකා අතර හුවමාරු වෙනකොට, නොකියන දහසකුත් කතා හිත් අස්සෙ හිර කරගන්න ගමන් ඇස් වලින් කතා කරනකොට මොලයට සාපේක්ෂශව රුධිරය හදවතට උනත් සපයන්නෙ ඉතාම මංදගාමීව

එහෙව් තැන්වල කටින් කියාගන්න බැරි කෝටි ප්‍රකෝටි ගණන් හැගීම් හදවත වෙලාගන්නෙ හදවත උනත් සාමාන්‍ය රිද්මයෙන් පිට පන්නෝලා

" ඒවා දැන් පිපෙන්න ලගයි විද්වාන්.......ලගදිම පිපේවි "

' හද එලිය ඇතත් හදවත් ගිනිගන්නවා '

" ශේප් එකේ කවහන්.......තව ටිකක් අරූට හේත්තුවෙයන් ශෙනුල් "

" ශුවර්ද මැඩම් දකින්නෑ කියලා "

" නෑ........නෑ........උබ ඔහොම ඉදන් කවහන්කො  "

අපිට දැන් තිබුනෙ බුද්ධාගම......මේ ගෙවෙන්නෙ දෙවනි පීරියඩ් එක......බුද්ධාගම මැඩම් ඉස්සරහ පොතත් තියාගෙන උගන්නකොට මැඩම් දිහත් ශේප් එකේ එක පාරක් බලපු මම උකුලෙ තිබුනෙ කෑම පෙට්ටියේ පියන ගැලෙව්වෙ අම්මා එව්ව කෑම එකේ සුවද ඒත් එක්කම පැතිරෙනකොට.......වැඩේ කියන්නෙ දෙවනි පීරියඩ් එකේ අපි සෙට් එකටම බඩගින්නක් දැනුනෙ එකටමයි.....අපි උන්නෙ අන්තිම පේලියේ හන්දා මැඩම්ලගෙ අවදානෙ එනවා වැඩි උනත් මොකද මම උන්නෙ බිත්තිය අයිනෙම හන්දා ඉස්සරහ ළමයිට කවර් උනා.....ඒ හන්දම එච්චර මෙතන පේන්නෑ

කවදාවත් නැතුව අපේ උන් ටිකත් නැති උනන්දුවක් අරගෙන මැඩම් කියන එක අහන් ඉන්නකොට මම බත් කටක් ඇනුවා......මෙහෙම උනන්දුවක් තිබුනොත් ඇති ඉතින්.....බුද්ධාගම අච්චු පොතෙන් මූන කවර් කරගන්න ගමන් පසිදු මගෙ දිහාට පහත් වෙනකොට මම කලේ ටක්ගාලා බත් කට ඒ කටට දැම්ම එක.....අයියෝ සාන්ත.......මේකා පොත අල්ලන් ඉන්නෙ අනිත් පැත්තට හාමුදුරුවනේ

" පසිදු !! "

" ම්.....මැඩම් "

මැඩම් දාන් උන්නු කන්නාඩිය යටින් බලනගමන් පසිදුගෙ නම කියනකොට එයා ගැස්සිලා ගියා.....පව්.......කවපු කට හපන්නෙවත් නැතුව කෙලින්ම ගිලිනගමන් පසිදු මැඩම් දිහා බැලුවෙ ඇයි කියලා අහන්න.....මම ටක්ගාලා පොත දිහා බැලුවා

නිවැරදි ආහර පරිභෝජනයෙන් සුව සේ වෙසෙමු

මේ මොන මගුලක්ද මං පෙරලන් ඉන්නෙ.....මම එහෙම්මම බැලුවෙ අර තුන්දෙනා දිහා......පසිදු කෙලින්ම බලන් ඉන්නෙ ඉස්සරහ

" මොකද බයවෙලා වගේ ඉන්නෙ ළමයො.......මම කතා කලේ ඔය පොත අල්ලන් ඉන්නෙ අනිත් පැත්තට කියන්න "

මම අල්ලන් උන්නු හුස්ම පාතට දැම්මා......ඇති යන්තන්.......දැන් තමා හරියට හුස්මක් වැටුනෙ......ඒ කියන්නෙ මැඩම් දැකලා නෑ

මම ඩෙස් එක උඩින් පැනලා ගිහින් දොර ලග හිටගත්තා.....මේ ඉන්ටවල් එක හන්දම හොදයි.....පන්තිය ඉස්සරහ ලමයි කල්ලි ගැහිලා......වෙන මොකටවත් නෙවෙයි ඒ එකේ සෙට් එක අපේ පන්තියට ඇවිත් අපිටම සද්දෙ දානවා......ශෙක්ෂන් හෙඩ් මුංගෙ පන්තිභාර හන්දා ඇවිදින්නෙ අඩි දෙකක් උඩින්......කොහමත් කල හිටන්ම උන්ට අපි එක්ක තිබ්බෙ මාර ඇරියස් එකක්......අනිත් පන්තිවල එහෙම නැතත් ඒ එකේ එවුන් බැලුවෙම අපි එක්ක ඇරගන්න......ඕක උනේ ගිය අවුරුද්දෙ ක්‍රිකට් ගහලා මුං අපිට පරාද උන වෙලේ.....පරාද උන එක දරාගන්න බැරිවද කොහෙද උන් කිව්වෙම අපි හොරකලා කියලා.....අපි කරපු හොරයක් නෑ එහෙමයි කියලා උන්ට සෙකන්ඩ්වෙන්න ගියෙත් නෑ.......එදා කොහමහරි පොඩියට වලියක් ගියේ දේශාන් ක්‍රිකට් පොල්ලකින් උන්ගෙ එකෙක්ට දීලා ඇදපු එකෙන්

කොහොමින් කොහොමහරි ඒ පන්තියේ එවුන් අපි එක්ක පට්ට ඇරියස්.....අපි පන්න පන්න නොගියත් උන් බලන්නෙම අපිට අරින්නෙ.......පොඩි පොඩි සීන් ගිහින් තිබ්බත් අද තමා මූනටම කතා කරන්න ආවෙ......ඒකත් මේ වැඩකට නැති මගුලකට.....කුණු කූඩෙකට මොකටද රණ්ඩුවෙන්නෙ මං අහන්නෙ......මං කිව්වනෙ මුංට සයිකො.....උදේ පන්තිය අතුගාලා කුණු දාන්න ඩස්පින් එක ඉල්ල ගත්තෙ ඩී එකෙන් උනත් මොකද ඒක මෙයාලගෙලු.......ඉතින් අපි දන්නවද එහෙම එකක්........ඇත්තටම ඔහොම එකක් දන්නවනම් කුණු අරන්නොදා ටීච කෙනෙක්ගෙන් බැණුමක් හරි අහනවා.....ඒක සැපයි ඊට වඩා

" නෑ......නෑ........මං අහන්නෙ උබලා මොකටද අපේ ඩස්පින් එක ගත්තෙ........අපි උබලගෙ ඒවා ගන්න එන්නෑනෙ "

" දැන් එක සැරයක් කිව්වනෙ තමුසෙලගෙ ඩස්පින් එකක් අපි ගත්තෙ නෑ.......අපි ඒක ඉල්ල ගත්තෙ ඩී එකෙන් "

" ඒ උනාට ඒක අපේනෙ "

ඉතින් අපිට මොකද......එතන උන්නෙ ළමයි හතර පස් දෙනෙක් විතරයි......එතනත් උන්නු කොට එකා අනන් මනන් කියවගෙන එනකොට සිතිජ බැලුවෙම මේක බේරන්න.....ඔන්න ඕකයි අපි කොච්චර නැටුවත් සිතිජට රෙස්පෙක්ට් කරන්නෙ.....පන්ති නායකයා කියලා නෑ ප්‍රශ්නයක් උන හැම වෙලාවකම එයා අපි එක්ක උන්නා.....මං කියන්නෙ වැරැද්ද කාගෙ අතේ උනත්......ඒකයි මං කිව්වෙ අපේ පන්තිය මාර එකමුතුයි කියලා......ඒත් හරියට බැලුවොත් මෙතන බේරන්න එහෙම කිසි  දෙයක් ඇත්තෙ නෑ......ඩස්පින් එකකට රණ්ඩු වෙන්නෙ කවුද......ඩස්පින් එක එච්චර ප්‍රශ්නයක් නොවුනත් උන් බැලුවෙම අපි එක්ක පැටලෙන්න වෙනකොට අපේ පන්තියේ එකෙක් දෙන්නෙකුත් කටගහගෙන ගියා.....අර කොට ජීවියට තියෙන්නෙම මහ ගුටිකන මූණක්.....අනිත් එවුන් එක්ක බැලුවහම ඌ තනිකරම අලි එක්ක ඉන්න කූඹියෙක් වගේ......ඒත් ඒ වගේද උගෙ කට.......මරියානා ආගාදෙ උනත් මොකක්ද කියලා හිතෙනවා ඒක දැක්කහම

"  හරි අපි බලාගමු.......මේක මෙතනින් ඉවර නෑ "

" තවත් මොනා බලාගන්නද සංකල්ප........සර්ට කියන්න කලින් මෙතනින් පලයන් "

ඒත් එක්කම වගේ ඉන්ටවල් එක ඉවරවෙන්න බෙල් එක ගහනකොට ඈත තියා ලතා එනවා අපි මෙතනට බලාගෙන.......මං හිතන්නෙ අරුනුත් ඒක දැක්කා......මෙතන කටින් මරාගත්තා නෙවෙයි ලතාට අහු උනොත්......අරුන් ටික අතකුත් උරුක්කරන ගමන් ආයම හම්බෙමු කියලා යනකොට අපි බලන් උන්නා.....අපි බලන් ඉන්නෙත් ආය කවදද හම්බෙන්නෙ කියලා තමා.......මොනා නමුත් කෑමක් සෙට්වෙනවා අත ලගම කියලනම් සීයට දාහක් ශුවර්......ගණන් සර් ආව හන්දා මුකුත් නොකියම කට්ටිය ඇවිත් තමන්ගෙ තැන් වලින් ඉදගත්තෙ සර් ත්‍රිකෝණමිතිය කරන්න ගන්නකොට

සර් ආවත් හරි විනාඩි හතලිහක් කොහම ගෙවුනද මංදා.....යසිරු නම් කැඩට් ප්‍රැක්ටිස් ඉදලා මහන්සියටද කොහෙද බෑග් එක ඔලුව උඩින් තියාගෙන නිදාගන්නකොට මම කලේ සර් බෝඩ් එකේ හදන හදන ගාන එහෙම්මම අඩුවක් නැතිවම පොතේ ලියාගත්තු එක.....පොත වහන්න තප්පරයක් තියලා මම ආයම ලිව්වෙ මොනාද කියලා බැලුවා......ඒව්ව්ව් මඤ්ඤං වගේ

ඊලග පීරියඩ් එක හිස් හන්දා වෙනදා වගේම අපි රවුමක් ගහන්න යනකොට මූනට හම්බුනේ ලක්ශිත අයියව.......එයාගෙ ලස්සන......ලක්ශිත අයියා අපි දිහාට හිනාවෙවී එනකොට මලීශගෙ කරෙන් අතගත්තු මම එයා එක්ක හරි ලස්සනට හිනා උනා......මගේනෙ

" මල්ලිලා අනිද්දට මගෙ බර්ත්ඩේ පාටි එක.........ලොකුවට සමරන්නෑ.......යාලුවො කට්ටියට විතරයි කියන්නෙ.......ඔයලත් එන්න එහෙනම් හොදේ "

" අයියා කියනවනම් නෑවිදින් කොහොමද.......නේද යසිරු "

එහෙම කියපු ලක්ශිත අයියා යසිරුගෙ පිටටත් තට්ටුවක් දාගෙන යන්න යනකොට මම යසිරු දිහා බැලුවා.....අනේ මට කලන්තෙයි වගේ

*

*

*

ගෑස් එක ඕෆ්කරලා මම බැලුවෙ හදපු පැස්ටා එක දිහා.....තාත්තා එන්න තව පැය දෙකක් විතර තියනවා......අම්මා උන්නෙ සාලෙ ටීවි බලනගමන්.......ඒ කියන්නෙ මම තමා එයාව සාලෙට යැව්වෙ වැඩක් නැත්තම් ටීවි එක හරි බලන්න කියලා.....එයා දැන් ටීවි එක බලනවා.....භාජනේ පියන අරිනගමන් මම සුවද ඉවකලා

අවුලක් නෑ.......සුවදත් ගානට තියනවා......රසත් මට නම් සෙට් හැබැයි......ඒත් අනිත් අයට කොහොමද දන්නෑනෙ......ලුණු නම් ටිකක් මදිද මන්දා ඒත් එහෙමයි කියලා අවුලක් නෑ.....කපපු කොත්තමල්ලි කොළ ටික ඊට උඩින් ඉහපු මම සාලෙ උන්න අම්මට කුස්සියේ ඉදන් කෑගැහුවා......ඇදන් උන්නු ඒප්‍රන් එකත් ගලෝන ගමන් මම වැඩ්ඩා වගේ කුස්සියට ආපු අම්මා දිහා බලන ගමන් එක ඇහිබැමක් ඉස්සුවා......එයා උනත් දැනගන්න එපැයි පුතා ඕන එකකට ඔට්ටුයි කියන්න.....ඇයි ඉතින් එයා කියන්නෙම මම  මිදුලවත් අතුගාන්න හරියට දන්නෑ කියලනෙ

දැක්කනෙ පුතා දස්සයා.....වෙනදට ජීවිතේටම ලූණු ගෙඩියක් සුද්දකරලා පොල් ටිකක් විතරක් අම්මට ගාලාදෙන මම අද රෑට කෑම හදන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් උනා.....අම්මාව සාලෙට එලවපු මම කලේ යූ ටියුබ් එකෙන් බලන් පැස්ටා හැදුව එක.....ඒත් ඉතින් කොච්චර වැඩ කෑලි දාලා  හැදුවත් වැඩක් නෑ අම්මගෙන් කමෙන්ට් එකක් නැත්තම්

" අනේ අම්මෙ ලුණු මේ ඇතිද කියලා බලන්නකෝ "

" මට නම් අවුලක් නෑ ඒත් කෝකටත් ඔයත් බලන්නකො "

" මේ හොදද......රසද......බලලා අඩුපාඩු කියන්නකො අනේ "

Share This Chapter