Back
/ 47
Chapter 12

🌼 Chapter 12 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

ගිටාර් එක බෑග් එකට දාගත්තු මම ඒක එක උරහිසකට දාලා පන්තියෙන් එලියට ආවෙ ළමයි එකා දෙන්නා මා එක්කම එලියට යද්දි......මියුසික් කල්ස් නෙවෙයි මේ ඇවිත් ගිටාර් ක්ලාස් එකක්......මියුසික් වලට පන්ති යනවාට අමතරව ගිටාර්වලට ආස හන්දම තාත්තා මාව ඒකට වෙනම  ග්රූප් ක්ලාස් එකකට දැම්මා.....අපිට ගිටාර් උගන්නන්න උන්න සර්ට වයස විසි පහක් විතර ඇති.....සර් උනාට අපි අතර එහෙම ලොකු වයස් පරතරයක් නැති හන්දම ඔක්කොම කට්ටිය කියන්නෙ සර්ට වඩා අයියෙ කියලා......ඉදලා හිටලා වැරැද්දකට දීලා ඇද්දොත් ඇරෙන්න සර් උනත් අපි එක්ක ඉන්නෙ යාලුවෙක් වගේ.......එයා කොහමත් අපිත් එක්ක ෆිට්......මුලු ගිටාර් ක්ලාස් එකටම උන්නෙ මමයි තව ළමයි හය දෙනෙකුයි......කොල්ලො පස් දෙනයි කෙල්ලො දෙන්නයි

කෙල්ලො කියලා නෑ උන් දෙන්නා අපිටත් වඩා අන්තයි......මචං බං කියන තැන ඉදන්ඒකිලා කොල්ලො වෙච්ච අපිටත් වඩා සිංහල දන්නවා.....අනේ පනේ ගාන්නැති උනත් සුකුමාලිගති එහෙමකට උන් ලග නැති උනත් මොකද උන් දෙන්නම ඉන්නෙ වෙනම ලෙවල් එකක.....තනි වචනෙට කියනවනම් ආය නෑ පට්ට......ඕනම දෙයක් දෙපාරක් හිතන් නැතුව කියලා දාන්න පුලුවන්......මං කිව්වනෙ උන් දෙන්නා අපිට වඩා කුණුහරප දන්නවා......උන් කියන කුණුහරප එක්ක ඇත්තටම අපි දන්නෙ මොනාද කියලා හිතෙනවා.......ඒ අතින් මම හරි හොදයි......අපේ අම්මට තමා ගැම්ම.......ඇයි ඉතින් ඉන්නෙ එකා උනාට පුතා හොදට හැදිලනෙ

ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් කහ ඉර ලගින් පාර පැනපු මම කෙලින්ම ආවෙ ස්ටෑන්ඩ් එකට......පහ මාරයි......බස් එකක් එන්න තව විනාඩි දහයක්වත් යාවි අඩුම......ඒ ආවත් මම නම් හිතන්නෑ ඉදගෙන යන්න ශීට් එකක් හම්බේවි කියලා......මොකද මේ වෙලාවට එන හැම බස් එකකම සෙනග පිරිලා හන්දා......ගෙදරට යනකොට මම හැමදාම උන්නෙ තැලිලා  පොඩිවෙලා හරියට නිකන් ඉදුනු තක්කාලි ගෙඩියක් වගේ......තක්කාලි ගෙඩියක්~ ඒව්ව්ව්......තක්කාලි ගෙඩියක් මතක් උන මගෙ කට ඇදවෙලා ගියා......මම තක්කාලි වලට කැමති නෑ......කොටින්ම මට ඒවා පේන්නම බෑ......කොහොමින් කොහොමහරි මම බස් එකේ යනකොට යන්නෙ බස් එකේ කණුව බදාගෙන.....ඇයි ඉතින් බ්‍රේක් ගහනකොට එහෙට විසික්වෙනවයි ආයම මෙහාට විසික් වෙනවයි

ස්ටෑන්ඩ් එකේ බස් එකක් එනකම් මග බලන් උන්නු මම ඈතින් බස් එකක් එනවා දැක්ක හන්දා අඩියක් දෙකක් ඉස්සරහට ආවත් මොකද ඒත් එක්කම වගේ තද නිල් පාට kawasaki එකක් ඇවිත් නවත්තනකොට ආවෙ කවුද කියලා බලනවට වඩා මගෙ ඇස් ගිහින් නැවතුනේ ලගින්ම නැවැත්තුව kawasaki ninja  H2R එක ලගට.....ඒක ඇවිත් තද නිල් පාට වගේම කලු පාට එකතු උන kawasaki ninja H2R එකක්......දෙයියනේ........දෙයියනේ.......මේක නම් තනිකරම සුපිරියක්.......ගින්දර වගේ

බීප්ප්ප්ප්~

මොන-......මම එහෙම්මම බැලුවෙ බයික් එක එලවන් ආපු මනුස්සයා දිහා.....ඉන්නෙ කවුරු උනත් ඒකා හෝන් එක ගහපු පාර බයික් එකේ සිහියෙන් උන්නු මම එකපාරටම ගැස්සිලා ගියා......කන ලගම තියන් හෝන් ගහනවද ඔහොම.......කාට උනත් බයින්න කට ඇරියත් මොකද කට ඇරපු සනිකයෙන්ම මම ආය ඇරපු කට වහගත්තෙ එතන උන්නෙ රශේන් අයියා හන්දා.......මං හිතන්නෙ මේ දෙවෙනි පාර එයාට මෙහෙම මාව හම්බුන

" විද්වාන් "

මගෙ ඇස් නැවතිලා තිබුනෙ රශේන් අයියා ලග......එයාට නොදැනෙන්න මම කලේ එයාව ස්කෑන් කරපු එක.....ඒ නහර ඉලිප්පිලා පේන අත්වලට කලුපාට ග්ලවුස් හිරවෙලා තියනකොට දාගෙන උන්නු තද නිල්පාට හෙල්මට් එක ගලෝනගමන් බයික් එකේ ටැංකිය උඩින් තියනවා මම බලාගෙන......ඊලගට මගෙ මුරන්ඩුකාර ඇස් ගිහින් නැවතුනේ ඒ ආඩම්බරකාර මූනට......ටිකක් දිගට වැවුන කොණ්ඩ ගස් ඒ ඇහිබැම වහගන්න ගමන් අකීකරුකමට ඒ මූනට වැටිලා තියනකොට එක කනක විතරක් සිල්වර් පාට කරාබුවක් තියනවා මම බලාගෙන........මෙතන මගෙ ඉස්සරහ උන්න රශේන් අයියා අර ස්කෝලෙ ඉන්න රශේන්ට වඩා හාත්පසින්ම වෙනස්වෙනකොට මේ රූපෙට තිබ්බෙම සෙල්ලක්කාර පෙනුමක්

රශේන් අයියගෙ පිටේ බෑග් එකක් තිබුනා.....මම හිතන්නෙ එයත් පන්ති යන්න ඇති......ඒ අතක් කොන්ඩෙ අස්සෙන් යවනගමන් ආයම අයියා බැලුවෙ මගෙ දිහා

" ගිටාර් ක්ලාස්ද "

" ඔව් "

" දේශාන් සර්ගෙ??"

" ඔව්........අයියා කොහමද දන්නෙ "

" එයා අපේ දුරින් කසින් කෙනෙක්........පොරව මං දන්නවා "

අයියා එහෙම කියනකොට මම ඇස් ලොකු කලේ ඔය ඇත්තේද කියන්නෙ කියලා අහන්න වෙනකොට මම බලාගෙන මගෙ දිහා බලන් උන්නු ඒ මූනෙ ලා හිනා රැල්ලක් ඇදෙනවා.......අර කට කොනේ හිනාව........බොරු කියන්නෙ මොකටද ඔය හිනාවට මගෙ මුලු ඇගම එකම එක මොහොතකට සීතලකරලා දානගමන් තප්පරේකදි හැගීම් කෝටි ප්‍රකෝටි ගානකින් අතරමංකරලා දාන්න පුලුවන් වග අවිවාදයකින් තොරවම මට පිලිගන්න වෙනවා

" විද්වාන්.........ගෙදර නේද යන්නෙ........නගින්න මම ඩ්‍රොප් කරනන්නම් ඔයාව.........මේ වෙලාවට එන බස්වල  ඉඩ නෑ යන්න "

" තෑන්ක්ස් "

" ම්ම්ම් "

රශේන් අයියා ඇස් වලින් නගින්න කියලා කියනකොට හිතයි මොලෙයි එක්ක අරගලයක් කර කර උන්නු මම ඒ පමාවට බයික් එකට නැගගත්තෙ අන්තිම කොහොමහරි හිත ජයගන්නකොට

......මම ඉදුරාම කියනවා මේ ගෙවෙන තප්පර ඇවිත් තනිකරම අධිමාත්‍රිකව ඔවර් ඩෝස් ගියපු  වින්ටේජීය මතකයන්.......අනේ ඇත්තට මල්සාරා උනත් ඉදලා ඉදලා විද්දෙ ප්‍රේමයේම හොදම නිල උන එකනෙ පුදුමෙ.......

මම උන්නෙ ශීට් එකේ අගටම වෙන්න ඉදගෙනවෙනකොට රශේන් අයියා බයික් එක රේස් කරද්දි මම කලේ තදට බයික් එකේ පිටිපස්ස අල්ලගත්තු එක......අයියා බයික් එක මහ පාරට දාලා වේගෙන් යන්න ගන්නකොට ශීට් එකේ කොනක් මගෙ අත්වලට තල තවත් පොඩි උනා......මෙයා වෙනදට බයික් පදින්නෙත් මේ වේගෙන්මද......මෙහෙම හයියෙන් ගියොත් මට කියන්න වෙන්නෙත් පියඹා යනවා මා ආකාසේ කියලා තමයි

" අනේ අයියෙ මේ වේගෙ.......අපි ටිකක් හිමීට යමුද.......අනේ යකෝ...හ් මරන්නද හදන්නෙ "

මුගෙ ආච්චිට_

අනේ අම්මෙ බට බෑ.......ඒ උරහිසකට ගහපු මම නොක්කාන්ඩුවට අහක බලාගත්තා.....මේකට කියලා වැඩක් නෑ.....තව ටිකක්වෙලා ගියානම් පියාඹා යනවා මා ආකාසේ කියලා කියන්නවත් මට තටු දෙකක් ඉතුරු වෙන්නෑ.....මොකද ඉස්සරහින් ට්‍රක් එකක් වේගෙන් එනවත් එක්කම මම කෑ ගැහුවා උනත් රශේන් අයියා කලේ වැඩ්ඩාවගේ බයික් එක කපලා ගත්තු එක......ඒ අස්සෙන් මට මම කරපු පව්කාර වැරදි පවා එකින් එක මතක්වෙනකොට දැනුන බයටම මම කලේ ඒ බෑග් එකේ කොනකින් අල්ලගත්තු එක......ආය නම් වැරදිලාවත් මෙයා එක්ක බයික් එකක නම් එන්න හොද නෑ

" හයියෙන් අල්ලගන්න විද්වාන් බොරුවට කෑගන්නැතිව "

ම්.....මොකක්ද.....හයියෙන් අල්ලගන්න.....එහෙම කිව්වහම හරිද මං අහන්නෙ.......මම හයියෙන් අල්ලගන්නවට වඩා එයා බයික් එක ගෙනියන වේගෙ අඩුකලානම් හොදනැද්ද

සුවදයි........ලක්සරි වැනිලා සුවද

තද බල උනුහුමක්.........රශේන් අයියා වලක් උඩින් බයික් එක ගෙනියනකොට පිටිපස්සට වෙන්න උන්නු මම එහෙම්මම ඇදිලාගිහින් ඒ පිටේ වැදුනත් මොකද එයා නම් ඩ්‍රයිව් කලේ මුකුත් නොවුනා වගේ......අයියා හයියෙන් අල්ලගන්න කියලා කියනකොට මම ශේප් එකේ ඒ ඉනවටේට මගෙ අත් පටලගත්තා......ඒ උනුහුම පිටට හේත්තුවෙලා තියන මගෙ කම්මුලට ඕනවටත් වඩා හොදට දැනුනෙ පැටලිලා තිබුන අත් තව තවත් තද වෙනකොට......නොකිව්වට මොකද

හරිහැටි හේතුවක් නැති උනත් මොකද අධිවේගීව ගමන් කරන මේ අදියර මන්දගාමීව ස්කිප් කරන්න මට ඕනවටත් වඩා ඕන උනා

ලබ් ඩබ්

ලබ් ඩබ්

ලබ් ඩබ්

අනේ ඇත්තට තප්පර කට්ටටවත් බැරි උනානෙ ටිකක් නැවතිලා හති අරින්න.....ඔව් ඒක ඇත්ත.....පපුව ඇතුලෙ තියන හදවත අද හරි හරියට ගැහෙනකොට ගැහෙනකොට මම උනත් කලබල උනා

ලක්සරි සුවදකට ඔහොම පිස්සු වට්ටන්න.......කට කොනේ ඇදෙන ලා හිනාවකින් ආත්මයක් ස්පර්ශ කරන්න......අලු පාට ඇස් දෙකක් අස්සෙ අතරමංකරලා දානගමන් වැනිලා රස උනුහුමකින් සරීරෙ රෝම කූප කෙලින් කරන්න.......ඇයි හිටි හැටියේ එක ගැඹුරු බැල්මකින් හදවත සාමාන්‍ය සංස්කෘතියෙන් පිටපන්නෝන ගමන් වෙනම රිද්මෙකට හුරු කරවන්න......මට කියන්න ඇත්තටම ඔයා කවුද

ඔව් එක පාරටම මාව සීතලවෙලා ගියා...

එයාට නොදැශුනාට මොකද ඒ ලක්සරි වැනිලා සුවද මගෙ නාස්පුඩු අස්සෙන් රිංගලන ගමන් හදවතේ කර්ණිකා කෝශිකා බිත්ති පුරවන හැටි මට හදටෝම දැනුනා

ඉතින් මට ඉදුරාම කියන්න පුලුවන් හුලග පවා ඔපෙරා කියන සිල්වර් පාට හැන්දෑවක වළාකුල් පිරිමි ළමයෙක් හන්දා මම අතරමංඋනා

හුලග කපාගෙන බයික් එක ඉස්සරහට ඇදෙනකොට මගෙ අත් හිමිහිට ලිහිල්වෙලා ගියේ උදේ ඉදන් දැනුන මහන්සියට ලාවට නින්දක් අල්ලනකොට උනත් ඒ ග්ලව්ස් දාපු අතක් අත ඇරෙන්න ගියපු මගෙ අත් දෙකම තදට අල්ලගත්තා

" නිදාගන්න එපා විද්වාන්.......තව ටික දුරයි........මම හිමීට ඩ්‍රයිව් කරන්නම්.........ඇහැරගෙන ඉන්න.......ගෙදර ගියාම කාලා නිදාගන්න "

" ම්ම්ම්....හ් හා මම නිදාගන්නෑ "

අර කිව්වත් වගේ මෙච්චරටම වෙලාවක්ම හයියෙන් ගෙනියපු බයික් එක හෙමිහිට ස්ලෝ කරත් මොකද එයා මගෙ අත් දෙක අත නොහරිනකොට මට උනත් අත ඇරගන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ

අහම්බයක්ද ?? එක මොහොතකට මම හිතුවා......ඇත්තටම මේ උන දේවල් අහම්බයක් කියලා නිකමට අත් ඇරලා දාන්න පුලුවන්ද......ඕනම කෙනෙක් නතර වෙන්නෙ තමන්ට වඩාත්ම දැනුන තැන්වල......එහෙව් හදවත් සමීපවෙන්නෙ කාට උනත් හොර රහසේ වෙනකොට මට උනත් ඕන නෑ හදවතේ සියුම් තැන් හරි අපූරුවට ස්පර්ශ කරන මේ වින්ටේජීය මොහොතවල් නවත්තගන්න

" හෙට ලක්ශිතගෙ පාටි එකට එනවද "

"  ඔව් අර තුන්දෙනා එක්ක එනවා "

පැය භාගයකට විතර පස්සෙ අවසානයටම රශේන් අයියා ගෙදර ඉස්සරහින් බයික් එක නතර කරනකොට ඒකෙන් බැහැගත්තු මම එයා දිහා බැලුවා.....කිසි වෙනසක් නෑ ඒ ගනන්කාර බැල්ම එහෙම්මමයි......ඒත් එක දෙයක්.....ඒ තාරකා ඇස් වල හැගීම් පිරිලා ගිහින් තියෙන්නෙ හරි අපූරුවට

" අයියෙ "

"............."

" පරිස්සමට යන්න "

තප්පරයක්.........දෙකක්......තුනක් එයා දිහා බලන් උන්නු මම රශේන් අයියට කතා කලේ යන්න හදපු එයා ආයම නැවතිලා මගෙ දිහා බලනකොට......මම කලේ පරිස්සමට යන්න කියා හරි හිමිහිට මුමුණපු එක.......හෙල්මට් එක දාලා තිබුන හන්දා ඒ මූන හරිහැටි නොපෙනුනත් මොකද ඒ ඇස් හීනිවෙලා තියන විදියෙන් අයියා හිනාවෙනවා ඇති කියලා අනුමාන කරපු මගෙ මූනෙත් මටත් නොදැනිවම පුළුල්ව හිනාවක් ඇදුනා......අර ලා හිනාව......මම කියන්නෙ අර කට කොනකට බරවෙන්න ඇදෙන ලා හිනා රැල්ල......මම ඒ ආඩම්බරකාර මූනෙ හිනාවක් ඇදිලා තියන හැටි හිතින් මවාගත්තා

මේ හැමදේම උනේ මිලි තාප්පර ගානකින් උනත් මොකද දැනුනු තැන් මුලු හදවතින්ම වැලදගත්තෙ හරි අපූරුවට.......ඔලුව වනපු රශේන් අයියා හෝන් එකකුත් ගහගෙන යන්න යනකොට රෑ අහසෙ පායපු  හද දිහා එක සැරයක් බලපු මම ආවෙ ගේ ඇතුලට

" හෙට දැන් කට්ටිය අර ළමයගෙ පිටියට යනවද සුදු පුතා "

" ඔව් අම්මෙ.......මලීෂලා එක්ක යනවා "

" එහෙනම් එයාලට මෙහෙට එන්න කියලා කියන්න.......තාත්තා ගිහින් දාවී "

" හරී.....තාත්තෙ..හ් මේහ් අහන්කො "

" කියන්න......අහගෙන ඉන්නෙ "

තාත්තා ගෙනාපු ජෑම් බනිස අතකට ගත්තු  මම එයාගෙ උකුලට ගියේ ටීවි එක බල බල උන්නු එයාට මගෙ ඔලුව හන්දා ටිවි එක නොපෙනෙනකොට එහෙම්මම මම තාත්තා දිහා බැලුවා.....මේවා මේ ආවට ගියාට මෙහෙම කතා කරන්න පුලුවන් කාරණා නෙවෙයි

" දැන් මම ඕලෙවල් හොදටම පාස් උනොත් ඔයා මට මොනවද අරන් දෙන්නෙ "

මම එහෙම අහනකොට එහා පැත්තෙ උන්නු අම්මා දිහත් එක පාරක් බලපු තාත්තා ආයම මගේ දිහා බැලුවා......අනිවාර්යයෙන්ම දැන් ඔය කියන්න හදන්නෙ මොකක්හරි කුපාඩි කතාවක්

" අරන් දෙන්නෙද......උබට අරන් දෙන්නද මම බඩුවක් "

තාත්තා එහෙම කියනකොට මම ඇහි පිල්ලමක්......දෙකක්.....තුනක් ගැහුවා....මොකක්ද ඒ කිව්වෙ....බඩුවක්....තාත්තා මට ඒ බඩුවක් දෙන්නෙද ඇහුවෙ.....මම අම්මා දිහා බැලුවා......එයාට ඇහිලා නෑ......අනේ අම්මෙ මේ අහන්නකෝ...හ්

දැක්කද දුකට ඇස් රතුවෙලා හලෝ

•

•

•

අද උදෙන්ම ස්කෝලෙ ආපු හන්දා බයෝ එකට ලක්ශිත අයියව හොයාගෙන ගියත් එයා පේන්නවත් හිටියෙ නැතිකොට කෙලින්ම මම ආවෙ ග්‍රවුන්ඩ් එකට.....මම දැක්කෙ නැති උනාට ලක්ශිත අයියා එන්න ඇති එයා හෙඩ්නෙ......ඒ අස්සෙන් මට ලක්ශිත අයියා හිනාවෙන හැටිත් මැවිලා පෙනුනා.....අර හිනාවෙනකොට වල ගැහෙන කම්මුල්......අයියෝ...හ් හිත දෙතැනක නතරවෙලා අපේ හාමුදුරුවනේ

ග්‍රවුන්ඩ් එක ලගට ආපු මම මෙහා කෙලවරේම තිබුන ලොකු උණ පදුර ලගට ගිහින් ගහකට හේත්තුවක් දැම්මෙ වෙනදා පුරුද්දට.....තාම හතට පහයි......මෙවෙලෙට එච්චරටම ළමයි නැතත් ටික දෙනෙක් ස්කෝලෙ උන්නා.....හුගක්ම එන්නෙ ඇත්ලටික් කරන ළමයි.....ග්‍රවුන්ඩ් එකේ මෙහා කෙලවරේ උන්නු මට එහාම කෙලවරේ උන්න කැඩෙට් කට්ටිය  පේනකොට මම බලන් උන්නෙ ඈතින් පේන ඒ ගනන්කාර රූපෙ දිහා

" ආ මල්ලි බබා......මොකද මෙතන කරන්නෙ.......ඔයා මාව හෙව්වද අනේ "

තප්පරෙන් තප්පරේ

තප්පරෙන් තප්පරේ

තප්පරෙන් තප්පරේ ගෙවිලා යනකොට මම තාම උන්නෙ උණ පදුර ලග.....කොහෙ ඉදන්නෝ ආපු ලක්ශිත අයියා මගෙ කරට අතක් දානකොට ගැස්සිලා ගියපු මම එයා දිහා බැලුවා....මෙයා ලගට එනකම්වත් මම දැක්කෙ නෑනෙ.....ලක්ශිත අයියා හිනාවෙවී කරට අත දාගන්න ගමන් එතනම තිබුන ගහට හේත්තුවක් දාගත්තෙ මම තාමත් පුදුමවෙලා එයා දිහා බලන් ඉන්නකොට

" මෙතනනම් ඉන්නෙ නිකමට ඉතින්......කලින් ආවනෙ ඒකයි.....සුභ පතන්න කතා කලේ "

" එහෙමද එහෙමද තෑන්ක්ස් ආ.......නිකන් ඉන්න ආවෙ කියන්නෙ.......හොදටම ශුවර්ද......මෙතන විතරද ඉතින් නිකන් ඉන්න තියෙන්නෙ "

ලක්ශිත අයියා කැඩෙට් එක දිහා බලනගමන් මගෙ දිහත් ආයම සැරයක් බලලා එහෙම අහනකොට මම කලේ මුකුත් නොකියා හිනාවෙනගමන් වෙන පැත්තක් බලාගත්තු එක

" මේ එහෙනම් මම යන්නම් කොල්ලො......පිනා කතා කලා.....ඒ පාර මොන ඉලව්වකටද දන්නෑ......එයාටත් මගෙ ජායාවක් දැක්කත් ඇති ඉතින් නගින්න "

එහෙම කියපු ලක්ශිත අයියා පිටටත් තට්ටුවක් දාගෙන යන්න ගියේ ආයම මම ඉස්සරහ බලාගද්දි...

" ආ "

ලගට ආපු රශේන් අයියා මගෙ එහා පැත්තෙන් හිට ගන්නකොට ලග තිබුන වතුර බෝතලේ එයාට මම දික්කලේ බෝතලේ ඒ අතකට හිරවෙනකොට.....මම එහෙම්මම ඒ මූණ දිහා බැලුවා.....තදට අව්ව නැතත් මොකද ඒ නලල පැත්තකින් දාඩිය බිංදුවක් පෙරිලා යනවා මම බලාන.....රශේන් අයියා කැඩෙට් ටීම් එක ලීඩ් කරනගමන් වොලිබෝල් ප්ලේ කලා.....උදෙන්ම ආවගමන මම දන්න විදියට ආය එයා ගෙදර යනකොට හවස් වෙනවා......සමහර දවස්වලට මට එයාව හම්බෙන්නෙ දැන් අපිට ආෆ්ටර් ස්කූල් වැටිලා තියන හන්දා

පසිදු ගැන ගත්තොත් හේතුවක් නොදන්නවා උනාට එයා හැමවෙලේම පසන් අයියා එක්ක රණ්ඩුවක් ඇල්ලුවා.....අපි තුන්දෙනාට තියන ප්‍රශ්නය තමා අච්චර කාම් පසන් අයියට මොකද අපේ එකා පුප්පන්නෙ කියලා.....දවසක් මේ ලගදි පසිදු මලීෂ එක්ක වොශ්රූම් යනකොට පසන් අයියව මගදි හම්බවෙලා......එයා කොහෙද යන්නෙ කියලා ඇහුවම ගත් කටටම මේකා කියලා තියෙන්නෙ යන්නෙ ටොයිලට් එකට අතේ ගහන්න ඇයි මොකද එන්නද කියලා.....මම අහන්නෙ ඒ අයියා කෙනෙක්නෙ......ඇරත් ප්‍රිෆෙක්ට් කෙනෙක්......ඔහොම කියනවද ඉතින්

එතන පසන් අයියගෙ යාලුවො පවා ඉදලා.....රශේන් අයියා එහෙම......මම ආයෙම මට එහා පැත්තෙ උන්නු එයා දිහා බැලුවා

" අද හවසට එනවා නේද "

🌼 කතාව ගැන අදහසක් කියන්න යන්ඩ....ලා

Share This Chapter