Back
/ 47
Chapter 13

🌼 Chapter 13 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

" පසිදු.....මේහ් හලෝ මට නිකමට කියන්න කවදහරි දවසක මම නැති උනොත් ඔයා මොකද අනේ කරන්නෙ "

" හයිඩ්‍රජන් මොනොක්සයිඩ් බීලා මැරෙනවා බං "

" එච්චර ආදරයක් මේ pawකාරයට "

" අඩේ....හ් හුත්තො "

මම එහා පැත්තෙ උන්නු මලීෂගෙ ඇග උඩින් ගිහින් පසිදුගෙ බෙල්ල බදාගත්තෙ අරකා පන්තියටම ඇහෙන්න හයියෙන් කෑගහනකොට.....ඒත් එක්කම මගෙ පස්ස රත්වෙන්න කාගෙන්හරි පාරක් වැටෙනකොට මම බැලුවෙ ඒ කවුද කියල උනත් පස්සෙ තමා දැක්කෙ රවාගෙන ඉන්න මලීෂයව......අසහනේ මුට වෙන මොකවත් නෙවෙයි

අපිට දැන් තිබුනෙ ඉතිහාසය පීරියඩ් එක උනත් මොකද හැම ගුරුවරයෙක්ටම පිනා එනවුන්ස් කරලා මීටින් රූම් එකට එන්න කියනකොට දොර ලගටම ආපු ඉතිහාසය සර්ට හැරෙන තැපෑලෙන්ම ආයෙ පඩිපෙල බැහැලා ස්කෝලෙ මැද හරියටම යන්න උනා.....පව් හැබැයි......ඒත් ඉතින් අපිත් දවසම කරන්නෙ ඔය පඩිපෙල නගින එකයි බහින එකයි තමයි

" මේ උබලා කෑගහන්න එපා හරිද.......මීටින් එක තව විනාඩි පහලවක් විතර තියෙයි කියලා සර් කිව්වා කෑගහන්න එපා කියලා "

" ඒ කියන්නෙ මයුරයා දැන්ම එන්නැද්ද.......ඒකත් මරු හැබැයි.......ඒහ් මේ මොකෝ කියන්නෙ කට්ටිය කවුරුත් නැති එකේ සිංදුවකට තනුවක්වත් අල්ලමුද "

"සිංදු කියන්න පිස්සුද ජනිරු.......කාටහරි ඇහුනොත්_"

" ඕයි ඕයි සිතිජ මොකක්ද බං ඔය කට වහගනින්කො.......සර්ලා ටීචර්ලා ඉන්නෙ මීටින් රූම් එකේ.......එහෙ ඉදන් මෙහෙ කියන ඒවා ඇහෙන්න එයාලට තියෙන්නෙ අලිකන් නෙවෙයිනෙ බන් "

එක කොල්ලෙක් එහෙම කියනකොට අනිත් ඔක්කොම පුටු අරන් නැගිටලත් ඉවරයි.....පෙලක් අය ඩෙස් උඩ හිටන් ඉදන් ඉන්නකොට පුටුව අනිත් පැත්තට හරෝගත්තූ මම ඩෙස් එකට ගහන ගමන් තාලෙ අල්ලන්න ගත්තෙ යසිරු පොතක් බදාගෙන අනිත් පැත්ත හැරිලා නිදාගන්නකොට......ඒකට යකඩ ඌනතාවෙද මංදා ඔච්චරටම නිදිමත

" නුඹ විද හීසර වැදුනා මගෙ කෙල්ල

නාඹර නුබ දැක හද නෑ මට මෙල්ල

නුඹමයි හිර කලෙ පන ගන්නට මේ හෙල්ල

නුබ මට විද හී අද මගෙ හිරවී.......

ඌඌඌ මනාලී......මනාලී......මනාලී

දෙව්ලෝකෙන් පැනලා ආවෙ

යන්න නෙවෙයි ආයෙ

පොලවෙ කොඩිය දාලා අඩිය ගහලා ඉන්න ආවෙ..... "

" කෝ ඔය මදි තව ටිකක් සද්දෙන් "

පන්තිය එකම මගුලක් වෙලා දැන්.....ඉදගෙන ඉන්නවට වඩා කට්ටිය ඩෙස් උඩ නැගලා ඉන්නකොට දිවේ පැත්තක් හපාගත්තු මම මේසෙට තඩිබෑවා.....හැමදාම මේවගෙ චාන්ස් හම්බෙන්නෑ.....අර කිව්වට විනාඩි දහයෙන් එන්නම් කියලා ඕක ඇතුලට ගියා කියන්නෙ මේ පීරියඩ් එකම හිස් කියන එක......එක කොල්ලෙක් පන්තිය ඉස්සරහට ගිහින් අතුගාන කොස්ස අරන් ගිටාර් එකක් වගේ ගහන්න ගන්නකොට තව කොල්ලෙක් සද්දෙට විසිල් එකක් ගැහුවා.....ඒ අස්සෙන් කොල්ලෝ දෙන්නෙක් කපල් ඩාන්ස් නටනවා

" අයියෝ මොකද මෙයා සිංදු ඉවරද.......

ඉවරයි කියලද හිතුවෙ ඉවර නෑ තව තියනවා

ලතා......ලතා

මගේ සෙනෙහෙ ලතා

අගර දගර දමන ලතා

ලතාවකට යන එනකොට පිස්සු හැදෙයි ලතා

ලතා.....ලතා

මගෙ සෙනෙහෙ_ හුප්තො ලතා "

" කුණුහරප කියන්න එපා බං "

" ලතා යකෝ ලතා "

" ඔව් ඒක තමා කිව්වෙ දැන් "

" නෑ බල්ලො ලතා_සුදේශ් සර් යකෝ ඕක නවත්තපල්ලා "

හුටා ලතා.....හරිනෙ අමාරුව......කියපු සිංදුවේ උච්චතම අවස්ථාවට එනකොට ළමෙක් ලතා කියලා හිමිහිට කිව්වත් මොකද සිංදු කියන සිහියෙන් උන්නු අපිට ඌ කියපු එක තේරුන්නෑ.....හැබැයි ඉස්සර දොර ලග ගලින් නෙලපු රූපෙ වගේ කෝට්ටත් අතේ තියාගෙන උන්නු සුදේශ් සර්ව දැක්කහමනම් හික්ගෑවිලාම ගියා.....මෙච්චර වෙලාම සද්දෙට තිබුන පන්තිය ඉදිකටු තුඩක් බිම වැටුනත් ඇහෙන ගානට නිශ්ශබ්දවෙලා යනකොට ඩෙස් උඩ නැගන් උන්නු කොල්ලො බිමට බැස්සා නෙවෙයි අවිජ්චානුකව බිමට පැන්නා

අද හරි......හොද කෑමක් සෙට්වෙයි වගේ

ඒ බලන් ඉන්න විදියටනම් නැති චූ බරවලුත් මතක් වෙනවා.....ලතා පන්තිය ඇතුලට එනවත් එක්කම ළමයි කට්ටියම දඩබඩ ගාලා නැගිටිනකොට.....හැබැයි එකෙක් ඇරෙන්න.....කවුද කියලාද බැලුවෙ.....ඒ වෙන කවුරුවත් නෙවෙයි මගෙ එහා පැත්තෙ ඉන්න නින්දට අධිපති දෙයියො....යසිරු අභිලාෂ්.....දැන් ඉස්සල්ලා කෑ ගහපු කටවල් කෝ කියලා අහන්න එපා ඒවා දැන් හොයාගන්නත් නෑ......මූ හෙන සැරයි යකෝ...හ්

" ඕයි යසිරුහ් නැගිටහන් "

ලතා හරි සූක්ෂම විදියට පන්තිය වටේට ඇස් යනකොට මම කලේ ශේප් එකේ යසිරුව ඇහැවන්න ට්‍රැයි කරපු එක උනත් මොකද මේකා මොන මොනවදෝ කියලා අනිත් පැත්ත හැරිලා ආයම නිදගත්තා......අනේ මට කවුරුහරි කියන්න මෙච්චර දෙයක්වෙලා තියෙද්දිත් මේකා කොහමද මෙහෙම නිදාගන්නෙ කියලා......එහෙම බැලුවහම අහස කඩන් වැටුනත් මුට ගානක් නෑනෙ.....එතකොටත් නිදන් ඉදී

" අනේ උබෙ ආච්චිට ශෙනුල් "

" නැගිටපන් යකෝ ලතා ඇවිත් "

බැරිම තැන මම යසිරුව කෙනිත්තුවා.....ඔන්න එතකොට නම් මගෙ ආච්චිවත් මතක්කරන ගමන් නැගිටින යසිරු දිහා එක සැරයක් බලපු මම ආයම ඉස්සරහ බැලුවා.....පන්තියේ උන්නු සර්ව දැක්ක යසිරුගෙ නිදිමත එක මොහොතකට පෑල දොරෙන් ගියා මම හිතන්නෙ....ඒ අස්සෙන්

" තොපිට කටවහන් ඉන්නම බෑ නේද.......පොඩ්ඩක් එහාට මෙහාට උන ගමන් පටන් ගන්නවා බජව් දාන්න........කෝ දැන් උබලගෙ ඉස්සල්ලා කෑ ගහපු කටවල්.........වරෙල්ලා බලන්න එලියට......කෝ ඉතින් ඉක්පන් කරහන්.........මොකද උබ ලතාවට එන්නෙ අඩිය උස්සලා වරෙන් "

සුදේශ් සර් කෝට්ටත් වන වන ඉස්සරහින් යනකොට අපි කට්ටියම කලේ සද්ද නැතුව එයාට පස්සෙන් ගියපු එක......ඔක්කොටමත් හරි සර් යන විදියයි ඇදලා කතා කරන විදියටයි ඇත්තටම ලමයි ලතා කියන එක පාඩු නෑ කියලා හිතුනා......E පන්තිය කියන්නෙ අපේ උඩ හෝල් එකේ කොනේම තිබුන පන්තියට මෙහා පන්තිය වෙනකොට අනිත් හැම පන්තියක්ම පහු කරලා යනකොට මොනා උනත් අපි ගැම්මෙන් ගියා......මොකද මේ වගේ ටිකට් ඔය හැමෝටම ඇදෙන්නැති හන්දා

ඒ ක්ලාස් එක පහු කරනවත් එක්කම ඒකෙ උන් අපිට ඇද්ද කියලා අහන්න වගේ නෝන්ඩියට හිනාවෙන ගමන් නයා පෙන්නනකොට අපේ අය කලේ ඉස්සරහින් ගියපු ලතාට පේන්නෙ නැතිවෙන්න අරුන් ටිකට මැද ඇගිල්ල දික්කරපු එක......හොද වැඩේ ඕකුන්ට.......ලගදි ඉදලා නටනවා වැඩී.......නුදුරේම ශෙක්ෂන් එක හොල්ලනගමන් වලියක පෙර නිමිති දැන්ම තියාම පේන්න අරන්.....මම එහෙම වලිවලට නොගියත් අපේ උන් එක්ක ගේමට ආවොත් නිකන් බලන් ඉන්නෙත් නෑ ඉතින්

" දනගහපියව් මෙතනින්......මං ඉන්නෙ අර ලැබ් එකේ......කෑ ගැහුවොත් බලාගමු "

" සර් මෙතනින් "

" ඇයි බැයිද......එහෙනම් යමං සෙට් එකම සර්ගෙ ඔෆිස් එකට "

" අපෝ ඕනෙ නෑ සර්......මෙතන හොදා......අපි සද්ද නැතුව ඉන්නම් "

" කෝ ඔය බතලයා වරෙන් බලන්න ඉස්සරහට.......බලපන් මේ කොන්ඩෙ......ඈ බොල ඉස්කෝලෙ නෙවෙයිද උබ එන්නෙ "

ලතා අපිව එක්කගෙන ආවෙ හෝල් එක ඉස්සරහටම......ඊට ඉස්සරහ එයාගෙ ලැබ් එක වෙනකොට ස්කෝලෙ අයිනටම වෙන්න තිබුන අපේ හෝල් එකේ අනිත්වා වගේම ඉස්සරහ වැලිදාලා මල් පැල වවලා තිබුනා.......මෙතන තියන හැම පැලයක්ම අපේ ගෙදරත් තියනවා......ආයම ඔෆිස් එක පැත්තෙ වටයක් දාන්න ඕන ඔය ඉන්න වෙලාවක......ඇයි ඉතින් ලස්සන ලස්සන ඔක්කොම මල් පිපෙන්නෙ ඔෆිස් එක ඉස්සරහනෙ

අපි දන ගහනවත් එක්කම සුදේශ් සර් පිටිපස්සෙ උන්නු කඩලයව ඉස්සරහට අර ගත්තා.....විහිලුවට කඩලයා කියලා කිව්වට මොකද ඒකගෙ ඇත්තම නම සුපුන්......එයාගෙ අම්මට පට්ටම රසට කඩල හදන්න පුළුවන් වෙනකොට ඒවා ගෑවෙන තැන කන්න පුලුවන්.....එදා ඉදන් සුපුන්ගෙ කාඩ් එක කඩලයා.....ලතා කඩලයගෙ කොන්ඩෙ අස්සෙන් අත යවන ගමන් ඒකටත් බයිනකොට අපි ඔහේ අහන් උන්නා......අව්වයි අප්පා......තියන සුදත් නැතිවෙනවා මෙහෙම ගියොත්.....ලතාටත් ඉතින් කොල්ලොන්ගෙ කොන්ඩ තමා පේන්න බැරි......පුදුම ආදරයක් තියෙන්නෙ

බැනුම් අහපු කඩල ඇවිත් එහා පැත්තෙ කෙලවරෙන් ඉදගන්නකොට ලතා ගිය හන්දා සාක්කුවේ තිබුන ලේන්සුව බිම එලාගත්තු මම එහෙම්මම ඒකෙ එරමනියා ගොතන් ඉදගත්තා......පිස්සුද අඩේ පැය බාගයක් විතර දනගහන් ඉන්න......කාපුවත් හිදිලා යනවා මෙහෙම ගියොත්......ගුටි කෑවනම් එකක් හැබැයි.....දවල් අව්වෙ කට්ට පොලවෙ දනගහන් ඉන්නකොට එපා වෙනවා.....එක අතකට මේවා ඇවිත් අපි පුරුදුවෙන්න කරන වැඩත් නොවෙනකොට මාසෙට දෙතුන් පාරක්නම් කොහමත් එලියක් අයිනෙ දනගහගන්න සිද්ධවෙනවා

" සාධුකාරයක් දෙන්න පින්වත......සාධුකාරයක් දෙන්න......පොඩ්ඩක් හයියෙන් සාධු කියන්න.......උපාසක මහත්මයෙනි නුබලා දැන් මේ රැස්ව සිටින්නෙ මහා කාව්‍යමය ධර්ම දේශනාවටයි "

" ඒ...හ් මල්ලි නිකන් අහන් ඉන්නැතිව කීයක් හරි දාපන් ඉතින් මේකට "

" සාධු කියන්න පින්වත "

" සාධු සාධු සාධු "

මුන්ට මෙතනත් ආතල්.....ලතා දන්නවනම් කෙලෝනවා කට්ටියටම.....ලතා ගිහින් විනාඩි පහක් යන්නත් කලින් දනගහන් උන්නු කොල්ලො ඔක්කොම ටික ලේන්සු එලාගෙන ඉදගන්නකොට මැදටවෙන්න උන්නු ජනිරුවා හැමෝටම සාධු කියන්න කියනකොට අපි ඔක්කොමලා දොහොත් මුදුන් දීලා හෙනම බක්තියෙන් සාධු කිව්වෙ එතනින් එහා මෙහා යන පොඩි එවුන් අපි දිහා හැරි හැරි බල බල යනකොට වෙද්දි පෙලක් එවුන් එතනම නැවතුනා.....ස්කෝලෙ කාලෙ ගත්තෙ නැති ආතල් ආය කවදා ගන්නද......ඒත් එක්කම යසිරුවා කලේ එතනින් යන එන අයගෙන් ලේන්සුවකට සල්ලි එකතු කරපු එක

" ලයිට් ආවා ආයි ගියා.....ඔන්න අහගන්න පින්වත "

" ලැජ්ජ නැද්ද බං උබලට මේ පොඩි එවුන් වට කරන් බොරු කියන්න......මොනාද බලන් ඉන්නෙ තොපි ඇයි වැඩ නැද්ද......පලයල්ලා පන්ති වලට "

අම්මටසිරි උනානෙ ඉතිම්......ජනිරුවා වැඩේ පටන් අරන් මුද්දක් වෙනකම්ම කන්ටිනිවු කරන්ගියෙ පොඩි එවුන් එකා දෙන්නා මෙතනට ඇදිලා එනකොට උනත් මොකද කොමස් එකේ ඉදන් ආපු පසන් අයියලා උන්නු කොල්ලො ටිකට එලවනකොට මම කලේ පස්සෙ වැලි පිහිනගමන් ශේප් එකේ අහක බලාගත්තු එක.....මොකද මම දැනන් උන්නා අර ග්ලැසියර බැල්ම දැනටමත් වැටිලා තියෙන්නෙ මගෙ පැත්තට වග

රශේන් අයියා පෙනෙන නොපෙනෙන ගානට හිනාවෙන ගමන් පසන් අයියලා එක්ක එතනින් යන්න යනකොට මම කලේ කාටත් හොරාට ඔලුව ලාවට හොල්ලපු එක උනත් මොකද මට එහා පැත්තෙ ඇස් හීනිකරන් උන්න අර තුන්දෙනා මගෙ දිහා බලන් ඉන්නකොට මම දැක්කෙ නෑ වගේ අනිත් පැත්ත බලාගත්තා

" හ්ම්ම්ම්.......හ්ම්ම් ඔහොම යමන්කො ඉතින් උබ "

" එහෙම මුකුත් නෑ "

" ඉතින් අපි ඇහුවද මොනාහරි තියනවද කියලා..........බලපන්කො බල්ලා මල්ලෙන් එලියට නිකන්ම පයින හැටි "

මම ඕවට මුකුත් කියන් ගියෙ නෑ.....එතනම තිබුන උසට වැවුන රෝස පාට පෙති ගිහින් තියන මල් ගහේ අත්තක් ඉස්සරහට නැවෙනගමන් පාත්කරපු මම මලක් කඩන් පසිදුගෙ කනේ රැදෙව්වෙ මලීෂ හිනාවෙනකොට......යසිරුට විකාර......මොනවහරි තියනවනම් මම එහෙම නොකියා ඉන්නවද...

•

•

•

තාත්තා අපි කට්ටියව ලක්ශිත අයියගෙ ගෙදර ලගින් බද්දලා යන්න යනකොට අර තුන්දෙනා එක්කම මම ආවෙ ගේට් එකෙන් ඇතුලට.....පොඩි පාටියක් දාන්නෙ කියලා කිව්වත් මොකද තට්ටු තුනේ ගෙදර හැම තැනම ලයිට් දාලා තිබුනා......ගාඩ්න් එකේ පවා වටේම ලයිට් වැල් ඇදලා තියනකොට ඇත්තටම ඒ වීව් එක ලස්සනට පෙනුනා.....දන්න අදුරන ස්කෝලෙ අයියලා කට්ටියක් ගාඩ්න් එකේ පැත්තක ඉන්නකොට අපි ටික ඇතුලට ගියෙ ඒත් එක්කම ආපු ලක්ශිත අයියා අපි එක්ක හිනාවෙනකොට......අපි හතරදෙනාම එකතුවෙලා ගත්ත ගිෆ්ට් එක අයියගෙ අතට දුන්නෙ එයාව හග්කරන ගමන්

" තෑන්ක්ස් බං........ඒත් මම උබලට එන්න කිව්වෙ මේවා ගන්න බලන් නෙවෙයිනෙ.......මොකද කියන්නෙ කට්ටිය උඩට යනවද නැත්තම් ගාඩ්න් එක පැත්තට යනවද........පසන්ලනම් උඩ ඉන්නෙ "

" ගාඩ්න් එක පැත්තෙ වටයක් දාලා උඩට යන්නම් එහෙනම් "

යසිරුලා එක්ක එලියට ආපු මම එතන උන්නු අදුනන අයියලා කට්ටියත් එක්ක කතා කරකර ඉදලා ලක්ශිත අයියගෙන් වොශ්රූම් එක තියන තැන අහගෙන ගේ ඇතුලට ආවෙ ඉවසගන්න බැරිම තැන.....පසිදු එන්නද ඇහුවත් එපා කියලා කිව්වෙ තනියම යාගන්න පුලුවන් හන්දා උනත් මොකද ගේ ඇතුලට ආවට පස්සෙන් එයා එක්ක ආවෙ නැත්තෙ අපරාදෙ කියලා හිතුනා.....මේක ඇතුලෙ වොශ්රූම් එකක් තියන තැනක් හොයාගන්න නම් ගූගල් මැප් එකවත් දාගන්න වෙනවා

කොහොමින් කොහමහරි ලක්ශිත අයියා කියපු විදියට එයාගෙ කාමරේ වොශ්රූම් එක හොයාගෙන කරගන්න ඕන වැඩෙත් කරගත්තු මම ආයම පහලට එන්න ආවත් මතක් උන දේකට ඕන දෙයක් කියලා උඩට නැග්ගෙ අර කිව්වත් වගේ පසන් අයියලා කට්ටියම උඩ ඉන්නකොට......පහල ගාඩ්න් එක වගේ නෙවෙයි උඩ තට්ටුවේ උන්නෙ පසන් අයියලා ඇරුනහම තව අයියලා දෙතුන් දෙනෙක් විතරක් වෙනකොට මම එහෙම්මම ඇස් කරකවලා හෙව්වෙ එක රූපයක්.....පහල වගේ නෙවෙයි මේ තට්ටුව කලුවරයි.....තැනින් තැන ඩිම් උන ලයිට් එලි විතරක් පාලු මකනකොට මම බලාගෙන බිත්තියේ කොනකට වෙන්න මිනි බාර් එකක් තියනවා.....මෙතන ඉන්න කට්ටිය දැන්ම වැඩ අල්ලා වගේ

" ආ මල්ලේ...හ් කෝ යාලුවො කට්ටිය "

" එයාලා පහල ගාඩ්න් එකේ වොශ්රූම් එකට ආව ගමන් එහෙම්මම උඩට ආවා නිකමට......ඒත් ඉතින් ඔයාලා නම් දැන්ම වැඩ පටන් අරන් නේහ් "

" දන් නැද්ද ඉතින් මේ පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මා "

" ඒ අවියා මම විනාඩියකට පහලට ගිහින් එන්නම් "

ඉදන් උන්නු තැනින් නැගිටපු පසන් අයියා ඇදන් උන්න ඇදුමත් හදාගෙන පහලට යන්න යනකොට අයියලා කට්ටියට ලා හිනාවක් දෙනගමන් එහෙම්මම මම ආවෙ බැල්කනි එකට.....ඉතින් මම හිතුවා හරි.....මේ ඉන්න තැනට ඇතුල හරි හැටි නොපෙනෙනකොට බැල්කනි වැටට හේත්තුවක් දානගමන් මම බැලුවෙ මට එහා පැත්තෙ උන්නු එයා දිහා

තප්පරෙන් තප්පරේ

තප්පරෙන් තප්පරේ

තප්පරෙන් තප්පරේ නිහඩවම ගෙවිලා යනකොට මම බලන් උන්නා.....දුර ඈත ආකාසෙ හද පලුවක් විතරක් පායලා තිබුනෙ හදේ හරි අඩකට වඩා වැඩි කොටසක් වළාකුල් වලින් වහගෙන තියන හන්දා......හදේ පාලුවට අහස පිරෙන්නම තරු රටා ඇදිලා තිබුනෙ හරි අපූරුවට......මෙච්චර වෙලාවක්ම ඈත අහසෙ ඇස් රදෝගත්තු මම එයා දිහා බැලුවෙ ඒ වලව්කාර ඇසුත් මගෙ ලග එක මොහොතකට නතරවෙනකොට......අදත් එක කනක සිල්වර් කරාබුවක් දාගෙන තිබුනා.....ඇදන් උන්නු කලුපාට ශර්ට් එකේ උඩ බට්න් තුනම ගලෝලා දාගෙන තියනකොට ඒ අතක වීදුරුවක් හිරවෙලා තිබුනා

කලු පාටට හුරු අලු පාට ආඩම්බරකාර ඒ ඇස් අස්සෙ තියන තාරකා අහේතුවකට දිලිසෙන්න ගන්නකොට අර මාව අතරංකරන කට කොනේ හිනාව දැනුත් වෙනසක් නැතිවම ඒ මූනෙ ඇදිලා තිබුනා.....මගෙ දිහාට එල්ලවෙලා තිබුනෙ ග්ලැසියර බැල්මක් උනත් මොකද මට ඉදුරාම දිව්රන්න පුලුවන් ඒ ඇස් හිනාවෙන වග.....ඒ ඇස්වල හැගීම් කෝටි ප්‍රකෝටි ගානක්ම වාන්දාලා තියන වග......ඉතින් අදත් මම වෙනදා පුරුද්දටම තාරකා වල්ගාතරු නිහාරික පාස් කරන ගමන් අලුපාට අහසක මන්දාගිනියක් ඇතුලෙ ස්ව කැමැත්තෙන්ම අතරමං උනා

.....මේවා ඇවිත් ඉදුරාම අධිමාත්‍රිකව ගෙවී යන තප්පර.....

ඔය කොයි බ්‍රෑන්ඩඩ් විස්කි බෝතලයකටවත් බෑ මං තරම් ඔයාව මත්කරලා දාන්න.....

එහෙම බැලුවහම නොකියා අගවන හැගීම් තමා සැරම

" ඔයා බෝනවත් එක්ක නේ..හ්.....ඒත් ඉතින් ස්කෝලෙ ඇතුලෙ ඉන්න විදියට නම් ඔහොම කියන්නවත් බෑ........ඇයි ඉතින් අලි ඔලුවෙන්නෙ ඉන්නෙ "

" ඒ මගෙ හැටි විද්වාන්.......හැමදාම මෙහෙම බොන්නෑ.......කට්ටිය සෙට් උනහම බොනවා "

මම ආයම අහසෙ තරු ගැන්නා.....ඒ වලව්කාර බැල්ම නතරවෙලා තියෙන්නෙ මගෙ ලග කියලා දැන දැනම මම කලේ නොදැක්කා වගේ පායපු හද දිහා බලපු එක.......ඔරායන් උනත් කොරවෙන වරු මෙව්වා......මම ඒ අතේ තියන වීදුරුව ගන්න අත දික්කලත් මොකද රශේන් අයියා කලේ ඒක අහකට කරගත්තු එක වෙනකොට මම ආයම සැරයක් අර ඇස් දිහා බැලුවා.....ප්‍රේමයේ මන්දාරම් මල් පිපුණු තැනකදි දෙව්ලොව පිපෙන පරසතු මලුත් පරාදයි හැබැයි මෙවෙලෙට

" එපා විද්වාන් මේවා ඔයාට බොන්න හොද නෑ "

" මට විතරද......ආ අයියෙ.......එතකොට ඔයාට ඕවා බොන්න හොදද.......හේතුව මොකක් උනත් බොන එක නෙවේනෙ තියන එකම විසදුම "

" ................ "

" නොකිව්වට මම දන්නවා ඉදලා හිටලා කට්ටිය සෙට් උනහම විතරක් නෙවෙයි ඔයා ඕවා තොල ගාන්නෙ කියලා........ඔච්චර බොන්න එපා නැත්තම් අන්තිමට හැදෙන ලෙඩ හොයාගන්න බැරිවෙයි "

මම කොච්චර කියෙව්වත් රශේන් අයියා මුකුත් නොකියම තැන මම ආයෙම කියවන්න ගත්තා......එයා කලේ කියන දේවල් අහන් උන්නු එක වෙනුවට මට නොපෙනෙන්න පිටිපස්සට කරලා හංගන් උන්නු තාමත් පත්තුවෙන සිගරට් එක අරන් මම බැල්කනි එකෙන් පහලට විසිකරලා දැම්මෙ එයා බලන් ඉන්නකොට

" මට කියන්න මොකක්ද තියන ප්‍රශ්නෙ "

" මට හරි පාලුයි විද්වාන්......දන්නෑ ඒක ඇවිත් කියන්න නොතේරෙන පාලුවක්........අක්කා ආදරෙයි ඒක මම දන්නවා ඒත් එයා ගෙදර ඉන්නෙත් එහෙමත් දවසක........තාත්තට උනත් අවුරුදු ගානක් තිස්සෙ ඉදන් මාව අක්කව මග ඇරෙනවා........දැනෙන පාලුව තනිකමට හුරුවෙන්න මම කියලත් මහ ලොකු මිනිහෙක් නෙවෙයිනෙ විද්වාන් "

මම සම්පූර්ණයෙන්ම රශේන් අයියගෙ පැත්තට හැරුනා......මොකද ඒ කටහඩ දැනටමත් තිබුනෙ බිදිලා ගිහිල්ලා හන්දා......ඇත්තටම මම මොකක්ද කියන්න ඕන කියලා හිතාගන්න බැරි උනා......මට කියන්න කොහමද මම මගෙ ඉස්සරහ ඉන්න එයාව සනසන්න ඕන.....මගෙ දිහා බලන් හිනාඋන අයියා ඈත අහස දිහා බලනකොට මම ඔහේ උන්නා......ඒ හිනාව......ඒක ඇවිත් තනිකරම වේදනාත්මක හිනාවක්

ආදරේ නොලැබුනහමත් මිනිස්සු අසරණවෙන අසරණ විල්ල.....

දැන් ටිකකට කලිනුත් අලු පාට වලව්කාර අහසක දීප්තිමත්ව දැල්වුණු තාරකා මණ්ඩලේම දැන් දැන් නිවි නිවි පත්තුවෙනකොට මේ ඇත්තමයි මට උනත් ඒ අහස ගැන දුක හිතුනා

" පීනන්න තරම් සල්ලි තිබුනත් වැඩක් නෑ විද්වාන් එක අංශු මාත්‍රයක තරම්වත් සතුටක් නැත්තම්.......ඒ අතින් ඔයා හරි වාසනාවන්තයි......මම අදටත් දන්නෑ අම්මෙක්ගෙ අතින් කවන බත් කටක රස මොන වගේද කියන්න......මේ ලෝකෙ හැමෝම එක විදියට වාසනාවන්ත නෑ විද්"

" දුක් වෙන්න එපා......හද පායන්නැති අමාවක දවසුත් කලුවර අහසක නැතුවම නෙවෙයිනෙ අයියෙ "

අදහසක් කියන් යන්ඩ ඉතින්🌝

Olivia Mea 🌼🌼

Share This Chapter