Back
/ 47
Chapter 14

🌼 chapter 14 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

අද බුදු මැදුරේ මල් පූජාව තිබුනෙ අපිට හන්දා මම වෙනදටත් වඩා ටිකක් කලින් ස්කෝලෙට ආවෙ ඕක අතුගාලා අස්කරන්න ඕන හන්දා.....තාත්තා එනකොට මගදි අරන් දුන්න සුදු නෙලුම් මල් මිට පරිස්සමට අතකට ගත්තු මම ඒත් එක්කම ආපු මලීෂ එක්ක පන්තියට ගිහින් බෑග් එකත් තියලා ඒකත් අතුගාලා එහෙම ආවෙ බුදු මැදුර ලගට.....අපි යනකොටත් කට්ටිය එකතුවෙලා බුදු මැදුර අතු ගාද්දි එහා පන්තියකින් ඉදලක් ඉල්ලගත්තු මමත් සුදු වැලි අතුරපු  මලුව ඇමදුවා

පන්තියෙ කොල්ලො දෙතුන් දෙනෙක් ඇතුලෙ ළමයි ගේන මල් වට්ටි වලට හදනකොට මලුව ඇමදලා ඉවර කරපු මම දාගෙන උන්නු සපත්තු දෙකත් ගලෝලා මේස් එක පිටින් ඇතුලට ගිහින් තෙලුයි පහන්තිරයි අරන් ආවෙ පාන් ටික පත්තු කරන්න කියලා......දැන් හතයි දහයට විතර ඇති....හතයි විසි පහ වෙනකොට ඔක්කොම ඉවර කරගන්න ඕන.....බෝපත් හැඩේට හදලා තිබුන පාන් රදවනයෙ තිබ්බ හැම පාන් තැටියකටම මම තෙල් පිරෙව්වෙ නුවන් ඇවිත් පාන්තික දානකොට

" උබ ඔය ටික පත්තු කරපන්.......මම ගේට් එක ලගට ගිහින් බලලා එන්නම් බුද්ධ පූජාව ගේන්න ගියපු එකා කෝ කියලා......උට එන්න ගෙදරට චොපර් එකක්වත් යවන්න වෙයිද මංදා "

" ගිහින් බලන්න මම මේක කරන්නම් "

එහෙම කියපු නුවන් ගේට් එක ලගට යන්න යනකොට සාක්කුවෙන් ගත්ත ගිනි පෙට්ටිය අරන් පාන් පත්තු කරන්න ගත්තෙ  කොහේදෝ ඈතක ඉදන් ලා හුළං රැලි බෝ මළුවෙ සක්මන් කරන්න ගන්නකොට......එහාට මෙහාට හමන හුලග හන්දම පත්තු කරපු පාන් තැටියේ තැඹිලි පාට දැල්ල ලතාවකට පැද්දෙනකොට නිමෙන්න ඔන්න මෙන්න ගියපු පානකට මම අත තිබ්බෙ ඒත් එක්කම මගෙ පිටිපස්සෙන් ආපු තව අතක් පාන අනිත් පැත්තෙන් කවර් කරනකොට

මගෙ ඇස් නැවතිලා තිබුනෙ දැන් දැන් හොදට ඇවිලෙන පානලග වෙනකොට අත එහෙම්මම තියනකොට ඔලුව විතරක් හරවලා මම බැලුවෙ ගෝල්ඩ් කලර් අත් ඔරලෝසුවේ අයිතිකාරයා කවුද කියලා දැනගන්න තිබුන උවමනාවට

මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්

මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්

මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්

ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්

මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා

ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා

රෑ හීන ගානෙ ආයෙ ආයෙ

ඔය රූපෙ පේන වාරේ

නුඹෙ දෑස මානේ නැවතුනා

මට හීන ගේන අංගනාවේ

පෙරදාක ඇයිද නාවේ

නොකියා කියූ දේ තේරුනා

උස පපුවක්....

ලක්සරි වැනිලා සුවදක්.....

වලව්කාර ඇස් දෙකක ගනන්කාර බැල්මක්......

ඉතින් ඒ එයා.....ඔලුව පිටිපස්ස හරෝපු මම දැක්කෙ වෙන කවුරුවත් නෙවෙයි රශේන් අයියව වෙනකොට ඒ ඇසුත් අහේතුවකට නැවතිලා තිබුනෙ මගෙ ලග.....ලබ් ඩබ්.......ලබ් ඩබ්......ලබ් ඩබ් ගාගෙන අදත් වෙනසක් නැතිවම පපුව මාව පාවා දෙන්න හදනවා.....අපි උන්නෙ ගෑවෙන නොගෑවෙන ගානට වෙනකොට ඒ සීතල හුස්ම පොදවල් ඇවිත් මගෙ කම්මුල පැත්තකට වෙන්න වදින්නෙ සරීරෙ ඇතුලෙ මටවත් හිතාගන්න බැරි විපර්යාස සිද්ධවෙනකොට......ඔව් එකම එක මොහොතකට මාව මටත් නොදැනිම අඩපන වෙලා ගියා....ඒ උස පපුවෙ උනුහුම  මගෙ පිටට ඕනවටත් වඩා දැනුනා.....මේ හැමදේම උනේ මිලි තප්පර ගානකට

නමක් නැති බැදීමක්....

හිත පුරවන හැගීමක් එක්ක මම රශේන් අයියා දිහා බලලා හිනා උනා.....ඉතින් අලු පාට තැවරුන විසල් අහසක තරු රටා හරි අපූරුවට දිලිසෙන හැටි මම මේ මොහොතෙ දැක්කා.....මං කියන්නෙ කවුරු  මොන බයිලාව ගැහුවත් හදවත උනත් සාමාන්‍ය රිද්මයෙන් පිට පන්නවන්න ලේසියකට ( ඔයා හැර ) ඔය කාටවතත් බෑ

" අයියෙ "

" ම්ම්ම් "

" මොකෝ අද මේ කලින්.......ප්‍රැක්ටිස් එහෙම නැද්ද "

" අද නෑ......හෙට ඉදන් සතියක් කෑම්පින්.......ඊට පස්සෙ වෙසක් පොසොන් අහුවෙනවා......ඒවටත් ඉන්න ඕන......පොසොන් මාසෙන් පස්සෙ මම නෑ "

" ඒ කියන්නෙ එතකොට ඇහැළ මල් උනත් පිපිලා ඉවර වේවි "

" එහෙම ලේසියකට ඒවා පරවෙලා යන්නෑ විද්වාන් "

රශේන් අයියා එහෙම කියනකොට මම කලේ මුකුත් නොකියම හිනා උන එක.....නොකිව්වට මොකද අහේතුවකට හිත කොනක මොකක්දෝ මන්දා සිද්ධවෙනකොට මම කලේ මුකුත් දැනුනෙ නෑ වගේ එනකොට ගෙනාපු නෙලුම් මල් මිට අතට ගත්තු එක

" ම්ම්ම්හ් පුලුවන් නම් මේකට වතුර ටිකක් පුරවගෙන එනවද......මේ ටික දාන්න ඕන "

මල් මිට එක අතකට හිර කරගත්තු මම කලේ අනිත් අතෙන් මැටි කලයක් එයාගෙ පැත්තට දික්කරන ගමන් වතුර ටිකක් ගේන්න පුලුවන්ද කියලා අහපු එක....මුකුත්ම නොකියපු රශේන් අයියා හා කියන්න ඔලුව වනන ගමන් කලෙත් අරන් යන්න යනකොට බාගෙට පිපුණු නෙලුම් පොහොට්ටුවල පෙති හරි හිමිහිට මම දිග අරින්න ගත්තා......මම උන්නෙ වැලි මලුවෙ කොනකට වෙන්න.....උඩ තියන ඇහැල ගහේ එක අත්තක් වැලි මලුවට වැටිලා තිබුනෙ මම ඉන්න තැනට වෙන්න

" ගන්න "

" තෑන්ක්ස් "

මැටි කලේට වතුර පුරවගෙන ආපු රශේන් අයියා ඒක මට දෙන්න හැදුවත් මොකද මම කලේ ඒක අල්ලගන්න කියලා ඇස් වලින් කිව්ව එක......පෙති දිග ඇරපු සුදු පාට නෙලුම් මල් මිටට පැන් ඉහින ගමන් අතට ගත්තු වතුර පොද ඇගිලි තුඩු වලින් අයියගෙ මූනට ඉස්සෙ නොහිතපු වෙලාවක උන දේට ඒ ඇස් හීනි වෙනකොට.....ඒ ආඩම්බරකාර මූනෙ වලව්කාර ඇස් එක මොහොතකට පොඩිවෙන හැටි දැක්ක මට හිනාවක් එලියට පැන්නා.....කලු දිග ඇස් ඒ ඇස් පිහාටු අග පෙනෙන නොපෙනෙන ගානට වතුර බිංදු රැඳිලා තිබුනෙ ඒ ගනන්කාරකම තව තවත් වැඩි කරන ගමන්.....මගෙ හිනාවටද කොහෙද රශේන් අයියගෙ මූනෙත් හිනාවක් ඇදුනෙ හරි ලස්සනට

මම බලන් උන්නෙ ඒ හිනාව දිහා.....මේ එයා ඒ විදියට හිනා උන දෙවනි පාර බව ඉදුරාම මට කියන්න පුලුවන්.....මේ හැමදේම උනේ ඇහිපිල්ලම් වාර දෙකක කාල පරාසයක උනත් මොකද අර මං කලින් කිව්වත් වගේ මේ ඇවිත් මංදගාමීව ස්කිප් කරන්න ඕන අධියර

රශේන් අයියගෙ අතේ තිබුන කලේ ඇතුලට මම නෙලුම් මල් ටික දැම්මෙ හරි පරිස්සමට.....මම ඒ මූණ දිහා බැලුවා....ඒ ඇස් නැවතිලා තිබුනෙ වැලි මලුවට වැටිලා තියන දැන් දැන් කහ පාට පොහොට්ටු එන ඇහැළ ගහ දිහාවට වෙනකොට ඒ මූනෙන් ඇස් අහකටගත්තු මමත් ඒ පැත්ත බැලුවා

" ඇහැළ කියන්නෙත් එක්තරා විදියක ආදරේ සංකේතයක් විද්වාන් "

ඉතින් හිමායනය උන පිරිමි පපුව ග්ලැසියර බැල්මක් මට ලැබෙනකොට ඔව් මම ආයම වතාවක් හිනා උනා....

" විද්වාන් මම යනවා "

මගෙ දිහා බලපු රශේන් අයියා එහෙම කියනකොට මම ලාවට ඔලුව විතරක් හෙලෙව්වා..... මල් මිට දාපු වතුර පුරවපු මැටි කලේ බුදු මැදුර ඇතුලෙන් ගිහින් තිබ්බෙ පසිදු  මගෙ දිහා බලන් ඉන්නකොට ඒත් එක්කම ආපු සිතිජ මට පිච්ච මල් වලින් හදපු මල් වැල් කීපයක් අතට දුන්නා

" මේ ටික අතන එල්ලහන්කො බං.....ඩෙස් එකක් තියලා තියෙන්නෙ නැගලා එල්ලන්න පුලුවන්ද උබට "

" හා ඉතින් මම එල්ලන්නම්......ඔහොම බලන්නෙ මොකද උබලට වඩා කොට උනා කියලා මම ඇවිත් බටු ඇටයක් නෙවෙයිනෙ "

එහෙම කියපු මම සිතිජ දුන්න මල් වැල් ටිකත් අරගෙන ආවෙ බුදු මැදුර එහා පැත්තෙ තිබුන නා ගහ ලගට.....රතු පාට නා දලු හන්දා මුලු ගහම ලස්සනට පේනකොට ගහ යට තිබුන ඩෙස් එක උඩට නැගපු මම මල් වැල් එකින් එක එල්ලන්න ගත්තෙ පිච්ච මල්වල සුවද නාහෙට දැනෙනකොට....අනිවාර්යයෙන්ම අත් දෙකත් දැන් සුවද ඇති.....අන්තිම මල් වැල උඩ අත්තක එල්ලන්න තිබුන ඕනකමට මම එහෙම්මම ඩෙස් එකේ ඇගිලි තුඩුවලින් හිටගත්තා

" ආහ්හ් "

" පරිස්සමට.......ඔයා වැටේවි විද්වාන් "

තිබුන පණ්ඩිතකමට ඉස්සුනත් මොකද ගල් උඩ තියන මේසෙ හෙලවෙලා මම වැටෙන්න යනකොට මල් වැලත් පපුවට තුරුල් කරගත්තු මම ඇස් පියාගත්තා....ඒත් මට වැරදුනා.....මාව වැටෙයි කියලා හිතුවත් මොකද අනේ මං වැටුන්නෑ.....වැටෙන්න ගිය මගෙ ඉනට ටිකක් පහලින් ගෝල්ඩ් කලර් අතක් එතෙනකොට නොවැටී මම බේරුනා.....ඉතින් ආයමත් අර තදබල උනුහුම...

" ඔහොම බලන් ඉන්නැතුව ඕක ඔය අත්තෙන් එල්ලන්න  "

රශේන් අයියා එහෙම කියනකොට මල් වැල් අර අත්ත අගිස්සෙන් රැදෙව්වෙ ඇගිලි ලාවට වගේ වෙවුලනකොට.....රුධිර කේශ නාලිකා වලින් හෘර්දයට ලේ පොම්ප කරන වේගෙ එන්න එන්නම වැඩි කරනකොට හේතුවක් නැතිවම පිට කොන්ද දිගේ එක පාරට හිරියක් ගියා

....ඉතින් මම කිව්වනෙ හැමෝටම බෑ හදවතේ රිද්මෙ උනත් එක පාරට වෙනස්කරලා දාන්න...

....ඒත් අපේ ප්‍රියතම ආත්ම වලට පුලුවන් එක මොහොතකට සරීරෙ ලේ ගමනාගමනය අඩාල කරන්න....

....ඒ කාරුණික නමුත් දැඩි බැල්මවල් හදවත් සියුම් ලෙස ස්පර්ශ කරනවා හරි අපූරුවට....

මම ඩෙස් එකෙන් පහලට බහිනවත් එක්කම මෙච්චර වෙලාවක්ම තදට ඉන වටේ එතිලා තිබුන ඒ අතේ උනුහුම නැතිව ගියා....මම බලන් උන්නෙ මට පිටුපාලා යන ඒ රූපෙ දිහා.....කතා කරනවද ?? නැද්ද ?? මම ආය ආයම එක මොහොතකට කල්පනා කලා

" රශේන් අයියෙ "

මට පිටුපාලා ගිය එයාට මම ටිකක් සද්දෙට කතා කරනවත් එක්කම ඒ සපත්තු අඩි සද්දෙ නැවතුනත් මොකද එයා  මගෙ දිහා බලන්න තරම් කාලයක් වැය කලේ නෑ.....ඒත් ඒකත් මිලි තප්පර ගානකට විතරයි....රශේන් අයියා මගෙ පැත්ත හැරෙන ගමන් ඒ ඇස් වලින් ඇහුවෙ ඇයි කියලා...

අපි දෙන්නා අතර තිබුනෙ මීටර් තුන හතරක පරතරයක් වෙනකොට එයා ලගට ගියපු මම මෙච්චර වෙලාවක්ම අතක මිට මොලවන් උන්නු ඇහැළ පොහොට්ටුව ඒ අතක රැදෙව්වා.....ඉතින් මම බලාගෙන ඒ ඇස් මම දුන්න ඇහැළ පොහොට්ටුව ලග එක තප්පරේකට නවතිනගමන් ආයම මගෙ දිහා බලනවා...

" සුවදයි "

" ඒ පිච්ච සුවද "

අන්න ආයෙමත් අර තාරකා දිලිසෙනවා.....ඒකත් මම කැමති විදියටම......ඒවා  දුර්ලබ හැගීම් වලින් පිරෙනවා.....මම දකින්න ආසම විදියට

ඉතින් මම කිව්වනෙ ඇස් වලටත් කතා කරන්න පුලුවන් කියලා මම ඉගෙන ගත්තෙ ඔයාගෙන්

වෙනසක් නෑ අදත් ඒකාකාරෙට ඔහේ පීරියඩ් ටික එක දිගට ඉගැන්නුවා.....එක පීරියඩ් එකක් ඉවරවෙලා බෙල් එක ගහනවත් එක්කම ඊලගට තියන පීරියඩ් එකේ මැඩම් හරි සර් හරි දොර ලග හිටන් ඉන්නවා....අද ගනන් පීරියඩ් දෙකක් අහුවුනා.....ඒ මදිවට ඉංග්‍රිසි මැඩම් ඇවිත් නැතුව ඒකටත් ගණන් සර් රිලීෆ් වැටුනෙ අපේ හුස්ම හිරකරලා...

මේ වගේ වෙලාවට තමා ඉතින් පයිතගරස් උනත් මතක් වෙන්නෙ....එක දිගට ගණන් ඉගෙන ගන්නකොටත් මොලේ කියනවා දැන් නම් බෑ ඕයි කියලත්.....ඒත් ඉතින් මොනා කරන්නද ඕලෙවල් වලට ගණන් වලට ලයිට් කණුවක් ගන්න කියලද....ඒ අස්සෙන් මට මතක් වෙන්නෙ ඊයෙ උදේ එනකොට ඔෆිස් එක ඉස්සරහට ගෙනත් දාපු බේබි රෝස පැල ටික.....අම්මෝ ඒවායෙ ලස්සන....අම්මට වගේ මටත් මල් පිස්සුව තියන හන්දා තාත්තට තමයි කරදරේ ඉතින්.....ඇයි ගෙදරකට ගියත් පැලයක් ගේන්න වෙනවනෙ

ලස්සන ලස්සනට පැල සේරෝම තියෙන්නෙ ඔෆිස් එකේ.....ඕවා ශෙක්ෂන් වලට දෙන්නෑ.....මොකක්ද මං වගේ අය උස්සන්නත් පුලුවන්නෙ....අපේ ශෙක්ෂන් ඉස්සරහ තියෙන්නෙ ටිකක් උසට වැවෙන මල් ගස්.....තව ඒවායෙ මැදින් පොඩි පොඩි මල් පැළත් හිටෙව්වට මිලාධික ඒවා තියෙන්නෙ ඔෆිස් එකේ.....හැබැයි ඕවා ඒලෙවල් පන්ති වලට නම් දෙනවා.....ඒවාගෙ ලස්සන බලන්න වෙනම වෙලාවක් වෙන්කරගන්න වෙනවා.....ඒ තරමටම මල්වතු

" කට ඇරපන් හොදට.......යසිරු ඕයි ඔහොම කන්න එපා බන් "

" ශෙහ්......ඒහ් සොරි බන් ශෙනුල් හිතලා කලේ නෑ බං......ඉදපන්කෝ මං_"

" එපා එපා.....ඒකට කමක් නෑ.....මම මේක හෝදගෙන එන්නම් "

" ඉදපන් මාත් එන්නම්......මගෙ අතින්නෙ හැලුනෙ "

" ඕන නෑ බන් මම යන්නම් "

තුන්වෙනි පීරියඩ් එකත් ගණන් උගන්නපු සර් යන්න යනකොට ලමෙක් ගෙනාපු ඇඹරල්ලා අච්චාරුවක් පන්තිය පුරාවටම ගියෙ ඇහිපිය ගහන පමාවට.....ඉස්සර පේලියේ උන්නු නේතකයා පුටුව පිටිපස්සට කරලා නැගිටින්න හදනවත් එක්කම ඒකගෙ උරේ තිබුන අච්චාරු වතුර මගෙ ඇගේ හැලුනෙ ඒකා මගෙ දිහා බයවෙලා බලනකොට.....ඒත් එයාට හිනාවක් විතරක් දුන්න මම අරගල්ලො එන්න හදනකොට ඒකත් නවත්තලා කෙලින්ම ආවෙ වොශ්රූම් එකට

" උබටත් ඕනද "

" පිස්සුද යකෝ...හ් මම ඕවා බොන්නෑ.......අනික උබට බය නැද්ද ඕක කාටහරි අහුවෙයි කියලා "

" එහෙම අහුවෙන්න මේවා කරන්නෙ කවුද බං.......ආතල් එකටත් එක්ක එකක් ගත්තෙ "

ක්හැක්.....ක්හැක්

තිරිසන්නු....මම වොශ්රූම් එක ඇතුලට ආවත් මොකද ඒ තප්පරෙන්ම ආවෙ මොකටද කියලා හිතුනා.....අපේ වයසෙ වෙන පන්තියක උන්නු  කොල්ලො තුන් දෙනෙක් වේප්ස් අදිනකොට මගෙ මූන ඇදවෙලා ගියපු එක.....සාමාන්‍ය වොශ්රූම් වගේ නෙවෙයි අපේ ස්කෝලෙ තියන වොශ්රූම් වල ඔහොම දුමක් ඉරුවට ඕවා ලේසියකට එලියට යන්නෑ.....ඒකයි කොල්ලො තැන් තැන්වල හංගෙන ඕවා ස්කෝලෙට ගෙනත් වොශ්රූම් අස්සෙ රිංගන්නෙ

කොහමත් මුන් තුන් දෙනයි තව ලමයි කීප දෙනෙකුයි මේ වගේ වැඩ කරනවා කියලා අපි කනින් කොනින් දන්නවා.....හැබැයි දැකලා නෑ මේ පලවෙනි පාර අතටම අහු උන....අර කිව්වත් වගේ මුංට මේවා නුපුරුදු වැඩ නෙවෙයි කොහෙත්ම.....මගෙ පැත්තටත් එතන උන්නු කොල්ලෙක් එකක් දික්කරනකොට මම කලේ උන්ට බනිනගමන් නොක්කාන්ඩුවට අහක බලාගත්තු එක.....මුංව හදන්න බෑ ගලේ ගහලවත් ආය.....කොහමත් ඔය මොන පට්ටම තිබ්බත් ස්කෝලවල මේවගේ සිද්ධි තියනවමයි....ඒක දැන් සාමාන්‍ය දෙයක්

දැනුන තරහටම මම කලේ ටැප් එක හයියෙන් ඇරපු එක....ඒ අස්සෙන් අරුන් අරවා උරන ගදට මට කැස්ස අල්ලනවා.....ඕන දෙයක් වෙද්දෙන් කියලා ආයම හැරිලා යන්න හිතුනත් මොකද මේක වේලෙනකොට පැල්ලම හිටිනවා....ආය යාගන්න අමාරුයි....සාක්කුවේ තිබුන ලේන්සුව අතට ගත්තු මම ඒක වතුරෙන් තෙමලා අර ඉස්සම හැලුන තැන තදට පිස්සු දිවේ පැත්තකුත් හපාගන්න ගමන්....මරු තැනට ඒකත් වැටිලා තියෙන්නෙ

අරුන් තුන්දෙනා තවම උන්නෙ මේක අස්සෙ.....උන්ට ගානක් ඇත්තෙම නෑ.....මම ආවා කියලවත් උන් නිකමටවත් ගැස්සුන් නැත්තෙ දන්නවනෙ මොනා උනත්   පාවලා දෙන්නෑ කියලා....ඒකයි වචනයක්වත් නොකිව්වෙ...මම ඉක්මණට එන්න හැදුවත් මොකද අර කොල්ලො තුන්දෙනා ආයම මාව නවත්තගත්තා

" ආ ගනින්....නිකමට ට්‍රයි කරලා බලපන්......මේක මරු "

එකෙක් කිව්වෙ වේප් එකක් මගෙ පැත්තට දික්කරනගමන්...

" එපා ම්_..."

" විද්වාන් ! "

ඩොහ්.....

දෙයියනේ රශේන් අයියා !

🌼 හෙ....හේ කොහමද කොහමද.....ඔන්න ඉතින් මම ආය ආවා

ආයම යනවා...!

ඊලගට මොනා වෙයිද කියලා මම නම් දන්නෑ......පුලුවන් නම් ඔයාලා ගෙස්කරලා මටත් කියන් යන්නලකො ඈ

Share This Chapter