Back
/ 47
Chapter 15

🌼 Chapter 15 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මගෙ ඇස් ලොකුවෙලා ගියා.....මම එයා දිහා බැලුවත් ඒ ගිනි රතු ඇස් නැවතිලා තිබුනෙ මගෙ පැත්තට අරකා දික්කරගෙන උන්න වේප් එක ලගට වෙනකොට එන්න එන්නම ඒ ඇස් තද රතට හැරෙනවා මම බලාන.....එයා උන්නෙ තරහින්.....මට ඒක දැනෙනවා......ඒ බැල්ම......කොහමද මම විස්තර කරන්න ඕන....මිට මෙලවෙලා තියන ඒ අත්වල නහර ඕනවටත් වඩා ඉලිප්පිලා තියනකොට මට කියන්න මම උනත් බයවෙන එක සාධාරණ නැද්ද ??

මම විතරක් නෙවෙයි අර කොල්ලො තුන් දෙනාම උන්නෙ නහුතෙටම බයවෙලා....මොකද උන් කීයටවත් හිතුවෙ නෑ මෙහෙම මෙතනට කවුරුහරි කඩා පනියි කියලා......රශේන් අයියා විතරක් නෙවෙයි එතන ලක්ශිත අයියා පසන් අයියා වගේම තව ප්‍රිෆෙක්ට් අයියා කෙනෙකුත් උන්නා.....අරකා වේප් එක මගෙ පැත්තට දික්කරන් ඉන්නවා අනිවාර්යයෙන්ම එයාලා දකින්න ඇති.....මම ගැන එයාලා වැරදියට හිතාවිද ?? ඒත් අනේ මම එහෙම  නෑනෙ

" තොපි........තොපිට ලැජ්ජ නැද්ද පරයො ස්කෝලෙ ඇතුලට ගෙනල්ලා මෙහෙම දහජරාව බොන්න.......ඒ තරමටම ඇම්මද උබලට "

" ආහ්හ්හ් "

පැනපු ගමන් ලක්ශිත අයියා මට වේප් එක දික්කරපු කොල්ලගෙ කොලර් එකෙන් අල්ලගත්තෙ ඌව එහෙම්මම බිත්තියකට හේත්තු කරන ගමන් වෙනකොට පසන් අයියා උන් ලග තිබුන  ඔක්කොම දේවල් අතට ගත්තා.....උන් උන්නෙ මත්වෙලා හන්දමද කොහෙද පොඩ්ඩක් ඇල්ලුවත් වැටෙනකොට මගෙ දකුණු අතේ මැණික් කටුව තදවෙනවා වගේ මට දැනෙනකොට එහෙම්මම ඔලුව හරවන ගමන් මම බැලුවෙ රශේන් අයියා දිහා

ඒ බැල්ම.......

ඒක ඇවිත් වෙනදට මම දකින ගනන්කාර බැල්ම නම් නෙවෙයි......කොහෙත්ම ඒ ඒක නෙවෙයි......තනිකරම ඒක ඇවිත් මනුස්සයෙක්ව පන පිටින් පුච්චලා අලුකරලා දාන්න පුලුවන් ප්‍රභල බැල්මක් වෙනකොට තවමත් එයා නෙවෙයි වචනයක් කතා කලේ

" ශෙ...හ් උබලා ලගින් එන ගද.......මොකද තොපි ඔහොම බලන්නෙ.......වරෙල්ලා තුන් දෙනාම ඔෆිස් එකට "

" බලන්න දෙයක් නෑ.......යමල්ලා.......උබලට එදත් චාන්ස් එකක් දුන්නා.....හැදෙන බඩු නෙවෙයි තොපි.......මේ පාර බේරෙන්න බෑ යමං ඉතින් "

එහෙම කියපු අයියලා කට්ටිය අරුන් තුන් දෙනාගෙ බෙල්ලෙන් ඇදගෙන යන්න යනකොට මමයි රශේන් අයියයි විතරක් වොශ්රූම් එක ඇතුලෙ අන්තිමට ඉතුරු උනත් මොකද එයා නෙවෙයි මගෙ අත අතහැරියෙ.....වේදනයි........රශේන් අයියා කලේ තව තවත් ඒ අතකින් මගෙ මැණික් කටුව තද කරපු එක වෙනකොට දැනෙන වේදනාවටම මම කලේ තදට යටි තොල හපාගත්තු එක

" ම්ම්හ්හ්හ් "

" උබත් බීවද.......ආ කතා කරපන් විද්වාන් තෝත් මේක අස්සට රිංගගෙන අරුන් දුන්න ජරාව කටේ ගැහුවද "

අනේ මම බිව්වෙ නෑ කියලා කියන්න ඕනකම ඕනවට වඩා තිබුනත් මොකද ඒ බැල්මෙ සැරටම කියන්න ගිය වචන පවා උගුරට මෙහා නැවතුනා....ඊට වඩා එයා මගෙ අත අල්ලන් ඉන්න විදියට රිදෙනවා....පාලු වොශ්රූම් එක ඇතුලෙ කවුරුත් නැති උනත් රශේන් අයියා කතා කලේ හරි හිමිහිට....ඒ කටහඩ පවා වෙනදට වඩා ගැබුරුයි.....අනේ මට බයයි අම්මෙ

" උබට කට නැද්ද කතා කරපන් විද්වාන්......උන් දුන්න ඒවා උබ බීවද "

" ඔ...ඔයා ම්...මට රිද්..දනවා "

" මට ඕන උත්තරේ ඒක නෙවෙයි "

මට දුකයි.....ඊට වඩා මම උන්නෙ බයවෙලා....මම වරදක් නොකලත් මොකද මම උන්නෙ අම්බානෙකට බයවෙලා.....අරුන්ව අරන් ගියා වගේ මාවත් අරන් යාවිද.....ඒත් අනේ මම මුකුත් කලේ නෑනෙ.....උන දේ මතක් වෙනකොටත් ඇස් වලට කදුලු ඉනුවෙ බයටමයි

" න්...නෑ නෑ අනේ නෑ......මං බිව්වෙ නෑ.....එයාලා දුන්නා.....මම ගත්තෙ නෑ.....මං කියන්නෙ ඇත්ත.......මාව විශ්වාස නැද්ද.....මම ඕවා බොන්නෑ.....අනේ..හ් අත ගන්නකො ඔයා අල්ලන් ඉන්න විදියට රිදෙනවනෙ "

මම අමාරුවෙන් එහෙම කියනකොට මෙච්චර වෙලාම අබරලා වගේ අල්ලන් උන්න මගෙ අත එයා අත අරිනකොට මම හිමිහිට අනිත් අතෙන් මැණික් කටුව ලග අත ගාගත්තා.....රිදෙනවා.....අල්ලපු සැරට එතන රතුවෙලා ගිහින්

" මෙතනට ආවෙ මොකද "

" ලමයි ඇඹරල්ලා අච්චාරු ගෙනත් තිබුනා.....කනකොට ඇදුමෙ හැලුනා......පැල්ලම් හිටින හන්දා හෝදගන්න ඕන හන්දා ආවෙ ඉතින් "

" මෙතන අරුන් තුන් දෙනා දුම් අදිනවා එතකොට තමුසෙ දැක්කෙ නැද්ද ආ "

" දැක්කා "

මම කිව්වෙ හිමීට.....ඇහෙන නෑහෙන ගානට.....ඒත් එයාට ඒක ඇහුනා කියලා මට හොඳටම විශ්වාසයි....ඒකයි එයා මගෙ දිහා ආයම සැරයක් දැඩිව බැලුවෙ.....නොකිව්වට බයටම මේ ටිකට මට දාඩිය දැම්මා....මුලු ඇගම එකම තප්පරේකට සීතල වෙලා ගියේ නලලෙ කටු අනිනවා වගේ දැනෙනකොට....අනිවාර්යයෙන්ම අර කොල්ලො තුන් දෙනාව සස්පෙන්ඩ් කරයි.....සමහරවිට අස් කරලම දාවි

" දැක්කා....දැක්කා නම් තමුසෙට එලියට යන්න බැරි උනාද විද්වාන්.......ඔය තරමට මෝඩද උබ......වෙන කවුරු හරි ආවනම්......එහෙනම් තමුසෙත් කෙලින්ම ඔෆිස් එකේ......අනික එකෙක් උබට වේප් එකක් දික්කරන්.....යකෝ ගොනෙක්ද ඔය තරමට......මෝඩ උනාට කමක් නෑ ඔච්චරටම මෝඩ වෙන්න එපා "

රශේන් අයියා එහෙම කියනකොට මම මුකුත්ම නොකියා කටවහන් අහන් උන්නා....එයා කිව්වෙ ඇත්ත.....ඕන එකක් කියලා මට දැක්ක වෙලාවෙ.මම යන්න තිබුනා.....අර කිව්වත් වගේ බැරිවෙලාවත් වෙන කවුරුහරි ආවනම් ?? එතකොට.......එතකොට මොකද වෙන්නෙ....මම කියන එක අහාවිද කවුරුවත්.....මම තාම උන්නෙ බය උන පාරට වෙවුලලා ගියපු ගමන්.....එයාලා ඔක්කොම ආවා කියන්නෙ නොදැන ආවා නෙවෙයිනෙ.....කොහමද දැනගත්තෙ කියලා දැනගන්න ඕන උනත් මම කටවහන් උන්නෙ ඕක අහන්න ගිහින් ආයම බැනුම් අහන්න බැරි හන්දා

තප්පරෙන් තප්පරේ

තප්පරෙන් තප්පරේ

තප්පරෙන් තප්පරේ ඔහේ ගෙවිලා ගියෙ අපි දෙන්නා විතරක් උන්නු වොශ්රූම් එක නිහඩව යනකොට.....එකිනෙකා පියා නැගෙන හුස්ම පොදවල් වල හඩ විතරක් ඇහෙනකොට මම අරයට හොරාට රතුවෙලා තිබුන මැණික් කටුව ගාව තව පාරක් අතගා ගත්තා.....පීරියඩ් එක ඉවරවෙන බෙල් එකත් ගහනවා මම අහගෙන.....ඒත් එක්කම රශේන් අයියා මගෙ දිහා බලනකොට ඒ පැත්ත එක මොහොතකට බලපු මම නොක්කාන්ඩුවට අහක බලාගත්තා

වෙනදට දකින තාරකා මංදාගිනිය කොහෙදෝ මුල්ලකට හැංගිලා ගිහින්.....ඒ බැල්ම උනත් හරි නපුරු පාටයි.....ඒත්-

ඒත් මොකක්ද?? ඒත් අනේ එයා එහෙමත් ලස්සනයි....ඒ අස්සෙ මට විකාරත් නොහිතුනාම නෙවෙයි....මම කලේ හයියෙන් මගෙ ඔලුවට පාරක් ගහගත්තු එක වෙනකොට මගෙ දිහා බලන් උන්නු රශේන් අයියගෙ ඇස් දෙක හීනිවෙලා යනවා මම බලාගෙන....පිස්සු කියලා හිතුවද දන්නෑ

" දැන් පන්තියට යන්න......අද බේරුනා.....ඒත් ආය නෑ......ආයම ඔය විදියට මෝඩ වැඩ කරන්න එපා විද්වාන් "

ටිකක් වෙලා ඉදපු රශේන් අයියා එහෙම කියනකොට මම කලේ ලාවට ඔලුව හොල්ලන ගමන් එයා එතන ඉන්නකොටම එන්න ආව එක....කලිසම් සාක්කුවලට අත්දෙක ඔබාගත්තු මම එහෙම්මම ආවෙ පන්තියට උනත් මොකද මාව දැක්ක ගමන් මලීෂ මගෙ අතින් ඇදගෙන ගිහින් ඩෙස් එකෙන් වාඩි කරවනකොට මට ආයම සැරයක් යටි තොල තදට හැපුනා.....මොකද එයා නොදැනුවත්ව හරි ඇල්ලුවෙ ඉස්සල්ලා රශේන් අයියා තදකරපු අතින්

හොද වෙලාවට තව කවුරුවත් පන්තියට ඇවිත් නෑ....දැන් තියන පීරියඩ් එක මොනාද කියන්නවත් මම දන්නෙ නැති කොට රතු උන අත මම පසිදුලාගෙන් හංගගත්තෙ ඒක දැක්කොත් එතනත් ප්‍රශ්නයක් හන්දා.....මට නෙවේ අරයට.....ඕක යසිරු එහෙම දැක්කොත් අර උදේට ප්‍රැක්ටිස් කරන T56න්ම කෙලලා අරියි රශේන් අයියගෙ ඔලුවට.....එහෙමට යක්ස පුත්‍රයා.....අපේ යාලුකම් එහෙමයි.....එක් කෙනෙක්ට මොකක්හරි වෙනවා කියන්නෙ අනිත් තුන්දෙනාටත් ඒක පොදුයි.....මගෙ ප්‍රශ්න කියලා නෑ ඒවා ඇවිත් අපේ ප්‍රශ්න

" ශෙනුල් ඇත්ත කියහන්.....මොකෝ උනේ වොශ්රූම් එක ඇතුලෙදි ආ......අන්න අරුන් තුන් දෙනාව ඔෆිස් එකට අරන් ගිහින්.......ඔයත් ගියෙ ඕක අස්සටනෙ......උන් ඔයාටත් මොනවහරි දුන්නද "

යසිරු එහෙම අහනකොට මම කලේ මුකුත් නොකියා හිනා උන එක.....මොකද මේ එයාලා වටවෙලා අහන්නෙ ඕපයක් නොවන හන්දා.....මේ ඇවිත් කොහෙත්ම ඕපයක් නෙවෙයි....මේ ඇවිත් අපේ බැදීමෙ ගැබුර.....එයාලා ඉදලා තියෙන්නෙ බයවෙලා.....ඒක ඒ ඇස් වලින් පොනකොට මම කලේ මලීෂගෙ අතක් අල්ලගත්තු එක

" බයවෙන්න එපා.....මට එහෙම මුකුත් උනේ නෑ.....පසන් අයියලා මම යනකොටම වගේ ආව හන්දා මුකුත් උන් නෑ "

" බලපන්කො ඉතින් බූරුවා අපි කිව්වනෙ එන්නම් කියලා......කොහෙද තියන පන්ඩිතකමනෙ.......අන්න අරුන්ගෙ පලු අරිනවලු......එකෙක්ගෙ තාත්තා කෙනෙක් ඩොක්ටර් කෙනෙක්ලු "

" ආ......ව්හ් ගහන්න එපා අප්පා.......මම කීව්වනෙ මට මුකුත් උනේ නෑ අනේහ් "

" අපි බය උනා යකෝව් "

මම ඔලුව අල්ල ගත්තා.....පසිදු ඔක්කොම අහන් ඉදලා අන්තිමට පිට මැදට වෙන්න දීලා අදිනකොට මම ඇබෙරෙන ගමන් පුටු ඇන්දට හේත්තු උනා....

•

•

•

ස්කෝලෙ අරින්න බෙල් එක ගහන්න මේසෙ උඩ එහාට මෙහාට වෙලා තිබුන පොත් ටිකත් බෑග් එකට දාගත්තෙ පර්ස් එක ඇරලා පෑන් දෙක තුනත් දාගන්න ගමන්......ඒත් නිල් පෑනෙ ක්ලිප් එක නෑනෙ.....කෝ ඒක.....එහෙන් ගාථා ප්ලේ වෙනකොට මම මෙහෙන් නිල් පෑනෙ ක්ලිප්ප හෙව්වා.....අනේ මට ඒක ඕනනෙ.....වෙන එකකනම් මම ඔච්චරටම ඕක පස්සෙ පන්නන්නෙ නෑ.....ඒ උනාට ඕක මට එදා දුන්නෙ රශේන් අයියනෙ....විභාගෙ ලියන්න දුන්නට මොකද ආසාවට මම ඒකෙන් ලිව්වෙ විද්‍යා පේපර් එක විතරයි......අද ගත්තෙත් රිපෝට් එකක් ලියන්න

දාපු ගාථා ඉවරවෙන්න ඔන්න මෙන්න තියලා ඉස්සරහ ඩෙස් එක යටින් ක්ලිප් එක හම්බෙනකොට බෑග් එකත් කරට දාගත්තු මම බිමට නැවිලා ක්ලිප් එක ඇහිද ගත්තා......ඇති යන්තම් හම්බුනා.....ඇත්තටම මම බය උනා ඒක නැතිවෙලා ඇති කියලා

ඉස්සරහ ගේට් එකෙන් එලියට යනවා කියන්නෙ ඉතින් කරන්න බැරි දෙයක් නෙවෙයි ඇත්තටම අමාරු දෙයක්.....පිටිපස්සෙ ගේට් එක ලග තමා වෑන් එතකොට බයික් එකේ එන ලමයිගෙ වාහන එහෙම නවත්තලා තියෙන්නේ.....ඉස්සරහ ගේට් එක ලග ළමයි ඒකාකාරෙට වෙනකොට අපි කට්ටිය පෝලිම් පැනලා යන්න හැදුවත් මොකද මගෙ අත කාගෙදෝ අතකට හිර උනේ නොහිතපු විදියට

හුරුපුරුදු ඒත් නුපුරුදු උණුහුමක්....

බලන්නෑ කියලා හිතුවත් මොකද මොලේ වැටකඩුලු කඩාගෙන හදවත එක අධියරයක ජයගන්නකොට මම එහෙම්මම බැලුවෙ රශේන් අයියා දිහා.....ගේට් එක ලග ළමයි යන හන්දා මගෙ අතින් ඇදගෙන එයා සිකියුරිටි එක ලගට ඇවිත් නවතිනකොට මගෙ ඇස් ගිහින් නැවතුනේ තාමත් ඒ අතක පැටලිලා තිබුන මගෙ අත ලග

තප්පරයක්........දෙකක්........තුනක්ම ඒ දිහා බලන් උන්න මම ආයම සැරයක් රශේන් අයියගෙ මූන දිහා බලනකොට එයා කලේ මුකුත්ම නොකිය මගෙ අතට මොනවදෝ ගුලි කරපු එක.....එයා දිහත් එක සැරයක් බලපු මම අත දිග ඇරලා බැලුවෙ ඒ මොකක්ද කියලා.....බාම් ටියුබ් එකක්......ඒත් එක්කම ඇහැළ පොහොට්ටුවක්......ඒ මං අර උදේ දීපු පොහොට්ටුව

" අත රතුවෙලා ඕක ගාගන්න ඒ වගේම සමාවෙන්න.......ආය මෝඩ වැඩ කරන්න එපා "

" ම්ම්ම්.....මම යන්නම් "

" විද්වාන් "

එයා කියලා ඉවර වෙනකොට මම එන්න ආවත් මොකද ආයම එයා මට කතා කලේ ඇයි කියලා අහන්න මම ඒ පැත්ත හැරෙනකොට

" මල් උනත් පිපෙන්න ඕන කාලයක් තියනවා......ඒ හන්දා ඉක්මනට පිපෙන්න ඉක්මන් වෙන්න ඕන නෑ......මොකද එහෙව් මල් පිපෙන පමාවට පරවෙලා යන හන්දා......මේ සෘතුවේදි නොවුනත් වෙනත් සෘතුවක හරි අනිවාර්යයෙන්ම මල් පිපේවි විද්වාන් "

රශේන් අයියා එහෙම කියනකොට එයාට හිනාවක් දුන්න මම  එන්න ආවා.....වෙනදට දාහකුත් හැගීම් පොදි බැදන් ඉන්න ඒ වලව්කාර ඇස් අද හිස්වෙලා ගිහින් තියනකොට අහේතුවකට අර කහපාට ඇහැළ පොහොට්ටුව මගෙ ඇගිලි වලට පොඩිවෙලා ගියා

ඉතින් අර කිව්වත් වගේ මේ සෘතුවේදි නොවුනත් වෙනත් සෘතුවකදි හරි අනිවාර්යයෙන්ම මල් පිපේවි.....

Share This Chapter