Back
/ 47
Chapter 9

🌼 Chapter 09 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

" මාත් එන්නද උබ එක්ක යන්න "

" එපා බං.......මම මේක ගිහින් දාලා සුටුස් ගාලා එන්නම්........උබ ඕක හදපන්කො "

අද ස්කෝලෙ කලින් ආවෙ අතුගාන්න තිබුනෙ මට නිසා....විභාගෙ පටන් අරන් මේ හතරවෙනි දවස වෙනකොට අද තිබුනෙ විද්‍යාව පේපර් එක.....එක අතකට මේක ලියලා ඉවර කලා කියන්නෙ ඉතින් වැඩේ ගොඩ.....මම කොස්ස අරන් පන්තිය අතුගාන්න ගන්නකොට සිතිජ ඩෙස් ඇද්දෙ අතුගාන්න පහසුවෙන විදියට....සිතිජත් උන්න නිසා විනාඩි පහලවකින් වගේ මුලු පන්තියම අතුගාලා ඉවර කරන්න පුලුවන් උනා....හොද වෙලාවට හෝල් එකට නැතිව මෙහෙම පන්තියකට වැටුනෙ....හෝල් එකට එහෙම වැටුනනම් පන්තිවල වගේ නෙවෙයි එහෙම හැරෙන්නවත් බෑ ආසාවට.....අනික ඕක බලන්න ටීචර්ලා හය හතක්ම ඉන්නවා.....එකතු කරගත්ත කුණු ටික ඩස්පින් එකට දාගත්තු මම ආවෙ කුනුගොඩට

උදෙන්ම ආපු හුගක් ළමයි පොත් බලාගන්නකොට තවත්  සමහරු තැන් තැන්වල කයිය....ඔය ඔක්කොම බලාගෙන කුණුගොඩ ලගට ආපු මම කුණු එකත් හලලා ආයම හැරිලා එන්න ආවෙ පන්තියට උනත් මොකද ඇහැළ ගහ යට උන්නු රශේන් අයියව ඈත තියාම දැකපු මම එයාට හිනාවක් දීලා එන්න ආවත් එතනට එන්න කියලා රශේන් අයියා අඩගහනකොට ඩස්පින් එකත් අරගෙන මම ඇහැළ ගහ ලගට ගියා....ඇහැල කදට කකුලක් තියන් හේත්තුවෙලා උන්නු අයියාගෙන් ඇස් වලින් මම ඇහුවෙ ඇයි කියලා උනත් ඒ ඇස් මගෙ අතේ තිබුන ඩස්පින් එකට යනවා මම බලාගෙන.....නිකන් ඉන්න හැම වෙලාවකම ඇහැල ගහ යට ඉන්න එක අයියගෙ පුරුද්දක්ද කොහෙද

" අද මම අතුගාන දවස.......ඒ හන්දා උදෙන්ම ආවා ක්ලාස් එක අතුගාලා දාන්න ඉතින් "

" ම්ම්ම්.......ගන්න......මීට කලින් දෙන්න උන්නෙ ඒ උනත් පහුගිය දවස් ටිකේ ස්කෝලෙ ආවෙ නෑ ඩෑඩ්ගෙ වැඩ වගයක් තිබුන හන්දා "

රශේන් අයියා මට දික්කලේ නිල් පෑනක්.....මගෙ පැත්තට දික්වෙලා තිබුන පෑන දිහා එක සැරයක් බලපු මම ආයම ඒ මූන දිහා බලනකොට එයා ඇස් වලින් පෑන පෙන්නලා කිව්වෙ ඒක ගන්න කියලා.....දුන්නු පෑන අතට ගත්තු මම ඒක එහෙම්මම සාක්කුවට දාලා බැලුවෙ ඒ මූන දිහා

වෙනසක් නෑ අදත් ඒ ගැබුරු බැල්ම එහෙම්මමයි....එහෙම බැලුවාම රශේන් අයියා හරි දක්ෂයි තමන්ට දැනෙන හැගීම් හංගන්න....ඒත් මට ඉදුරාම කියන්න පුලුවන් එයාට තියෙන්නෙ කටින් නොකිව්වත් හැගීම් කවාපු ඇස් දෙකක්.....ඒවා වෙලාවකට දිලිසෙනවා මම බලාන......තවත්  වෙලාවකට තාරකා මන්දාගිනියම නිවිලා යන්නෙ ඒ ඇස් සම්පූර්ණයෙන්ම හිස්වෙනකොට......එතකොට දැන්.....මං හිතන්නෙ දැන් ඒවා දිලිසෙනවා හරි අපූරුවට

...ඉදහිටක පාවෙන නිම්බස් වළාකුලක් ඇරුනහම හුළග දන්නවද හද උනත් හිටිහැටියෙම වෙනස් උන හේතුව.....එහෙම බැලුවාම රස්තියාදුකාර හිත් ආසම කැප්චිනෝ සුවද තැවරුනු දිලිසෙන තාරකා වලට...

" හොදට එක්සෑම් එක කරන්න "

" තෑන්ක්ස්........මම එහෙනම් යන්නම් "

තව එක සැරයක් විතරක් ඒ ආඩම්බරකාර මූන දිහා බලපු මම එහෙම කියලා එන්න ආවෙ රශේන් අයියා බලන් ඉන්නකොට....කලින් දුන්න පෑන දාපු සාක්කුවට ඉබේටම මගෙ අත ගියේ අහේතුවකට මූනෙ හිනාවක් ඇදිලා මැකිලා යනකොට

" වෙලාව අටට පහයි......ඉක්මනට ගිහින් ඉදගන්නලා "

හෝල් එකේ උන්නු ශෙක්ෂන් හෙඩ් උන දිලීප් සර්  හැමෝටම ඇහෙන්න කෑගහලා එහෙම කියනකොට ළමයි කට්ටිය ඉන්න තැන්වලට ගියේ මලීෂලා ලග උන්නු මමත් ගිහින් මගෙ තැනින් වාඩිවෙනකොට.....මට තිබුනෙ පන්තියේ කොනකට වෙන්න තිබුන බිත්තිය අයිනෙම ඩෙස් එක....මෙතන ඉතින් මරු පොට් එක....හැමදේම පැහැදිලිව පේනවා....මේ වගේ තැනක් ලැබෙන්නෙත් පින තියෙන්න ඕන ඉතින්....මේන් හෝල් එකට නැතුව ක්ලාස් එකට වැටුන එකත් ලොකු දෙයක් මොකද හෝල් එකට වැටුනා කියන්නෙ ආය වටපිට හැරිලි බෑ ආසාවටවත්....අනික හෝල් එකේ ටීචර්ස්ලා නම් හය හත් දෙනෙක්වත් ඉන්නවා....ඕකෙ මලාට කොප්පක්වත් ගහන්න බෑ ලමයින්ට

" කට්ටිය අහගන්න........මේක හොදට අහගන්න......මේ පේපර්ස් ටික දුන්නට පස්සෙ එකතු කරන්නෙ එකොලහට.......පැය බාගයක ඉන්ටර්වල් එකක් තියනවා ඔයාලට......ඉන්ටවල් එකෙන් පස්සෙ තැන් තැන්වල රස්තියාදු ගහන්නැතුව කෙලින්ම ඇවිත් තම තමන්ගෙ තැන් වලින් වාඩිවෙන්න.......ඊට පස්සෙ තියෙන්නෙ MCQ එක "

අපේ පන්තිය භාරව උන්නු ටීච ඉස්සරහ ඉදන් පේපර්ස් බෙදන් එනකොට මගෙ ඇස් තිබුනෙ අතට හිරවෙලා තිබුන නිල් පෑන උඩ.....සමහර අවස්ථා තියනවා වචනෙන් නොකිව්වට ගැහෙන හදවතකට තදින්ම දැනෙන......එහෙව් අවස්ථා තියෙන්නෙම මන්දගාමීව ස්කිප් කරන්න....පෑන දිහා බලන් උන්න මගෙ මූනෙ මටත් නොදැනිම ආයම හිනාවක් ඇදුනා

කොල කෑල්ලක්

මම උන්නෙ පේපර් එකට ඔලුව ඔබාගෙන.....දෙවනි කොටස පැය තුනක් විතර ඇදෙනකොට ඊටපස්සෙ බෙදුවෙ MCQ එක.....ඒක දැක්කහමනම් බොරු කියන්නෙ මොකටද මට හික් ගෑවිලා ගියා....මම ඒත් බැලුවා දෙවනි කොටස මොකද එච්චරටම අමාරු නොකලෙ කියලා.....මට ඇවගාඩ්රෝගෙ ආච්චිව මතක් උනා.....මම උන්නෙ දිවේ පැත්තකුත් හපාගෙන පේපර් එකේ තිබුන ගානෙමවුල ගාන හොයන ගමන්.....මැග්නීසියම් ග්‍රෑම් 38ක් හදන්න කාබන් මවූල කොච්චරක් ඕනද......අනේ මට බෑ......මගුල....මට නිකන් පිට් එකට වගේ දැන්.....මට ඒ අස්සෙ චම්පිකා මැඩම්ගෙ මූනත් මැවිලා පෙනුනා.......දෙයියනේ......දෙයියනේ.....මේ පාර නම් අර කිව්වත් වගේ බාල්කෙ එල්ලාවි අපිව.....MCQ පේපර් එකේ පැය භාගයක් විතර සාමකාමීව ලියනකොට කකුල ලගට ආපු කොලේ හන්දා ලියන එක මොහොතකට නවත්තපු මම ඔලුව උස්සලා බැලුවෙ මැඩම් කෝ කියලා.....මැඩම් උන්නෙ දොර ලග තවත් මැඩම් කෙනෙක් එක්ක කයිය ගහනගමන් වෙනකොට ශේප් එකේ බිමට නැවුන  හතරට පහට නවපු පොඩි කොල කෑල්ල අතට අරන් පන්තිය දිහා බැලුවෙ මගෙන් විදේශ ආධාර පැතුවෙ කවුද කියලා බලන්න තිබුන ඕනකමට.....මුලු පන්තියම ස්කෑන් කරනකොට කොට ජනිරුවා මගෙ

පැත්ත බලන් ඉන්නවා කියලා ඇස් වලට අහුවෙන්න ඌ දිහා එක පාරක් බලපු මම ආයම බැලුවෙ මොනාටද උත්තර යවන්න ඕන කියලා

ශෙනුලා 15,23,38 ට කියපන්කෝ සුද්දො.......

කොලේ දිහා බලපු මම ආයම මගෙ පේපර් එකට ඇස් යැව්වෙ ඔය ඉල්ලුව ඒවට මම මොනවද දාලා තියෙන්නෙ කියලා....පහලවට දෙක......මම ආයම ජනිරු දිහා බලනකොට ඒකත් මගෙ දිහා බලන් ඉන්නවා කියලා දකිනකොට මැඩම් දිහත් හොරාට බලපු මම වහලෙ උලු ගනින්න ගත්තෙ දකුණු අතේ ඇගිලි දෙකකින් මූනෙ පැත්තකට තියාගන්න ගමන්......මේවා ආසාවටවත් අස්කරන් නැද්ද මංදා.......මකුලු දැලුත් තියනවා......තිස් අටට උත්තරේ තුන කියලා පෙන්නන්න ඕනකමට ඇගිලි තුනකින් ඔලුව කහලා ආයම බැලුවෙ ජනිරු දිහා වෙනකොට තෑන්ක්ස් කියලා සද්දෙ නෑහෙන්න තොල් වලින් විතරක්  මුමුනනකොට ඒ දිහා බලපු මම හිමිහිට ඔලුව වැනුවා

🌼

🌼

🌼

" අම්මෝ ඇති යන්තන් ඒකත් ඉවරයි.......විභාගෙ ඉවරයි පගෝ......මට පුදූම සතුටක් දැනෙන්නෙ බං මේ ඇත්තමයි.......හරියට නිකන් කූඩුවකින් නිදහස් කරපු කුරුල්ලෙක් වගේ "

" දැන් ඉතින් රිපෝට් එක දෙනකම්වත් නිදහසේ ඉදියහැකි "

" ඕයි ඕයි යසිරු.........බලාගෙන ඇවිදහන් පකෝ.........හොම්බෙන් යන්නද ඕන උබට "

ඇත්ත විභාගෙ ඉවර උනහම දැනෙන්නෙ පුදුම සතුටක්.....ගිය සතියෙ නිදිවරාගෙන පාඩම් කරපුවට හරියන්න අද ගෙදර ගියහම අම්මටසිරි වෙන්නම නිදාගන්නවා කියලා හෝල් එකෙන් එනකොටම මම හිතාගත්තා.....පැල් බැදන් මාස ගානක් තිස්සෙ පාඩම් නොකෙරුවට මොකද සතියද පාඩම් කලේ ඒකෙ ඇදයක් හොයාගන්න බැරිවෙන්නම පාඩම් කලා......දහය එකොලහ එක්සෑම් එක හන්දා පොඩි අයට නිවාඩු දීලා තියනකොට  කොමස් එක පහුවෙන තැන තියන අරලිය ගහ පාස්වෙනකොට අහේතුවකට මගෙ ඇස් ගියෙ ඒ පැත්තට.....කවුරුත් එහෙම පේන්න නෑ.....මම හිතන්නෙ උගන්නනවා ඇති

කට්ටිය කෑ ගගහා ගේට් එක ලගට යනකොට මමත් හිනාවෙන ගමන් දුවලා ගිහින් පසිදුගෙ කරට අතදාගත්තෙ එයාට මම ආව ප්‍රවේගය දරාගන්න බැරිව ගිහින් නිව්ටන් ඉදිරිපත් කරපු නියමවලට පිං සිද්ධ වෙන්න අපි දෙන්නම බැලන්ස් නැතුව ගේට් එක ලගම තිබුන තණකොල ගොල්ලෙ වැටෙනකොට.....තව පොඩ්ඩක් එහා මෙහා ගියානම් අපරාදෙ කියන්න බෑ අපි දෙන්නම එතන ඉස්සරහ තිබුන පොකුණෙ......ඒව්ව්ව් ඒකෙ මාලුවොත් ඉන්නවා......ඇරත් ඔය පොකුණෙ වතුර කොළ පාටයිත් එක්ක.....වැටුනොත් මරු වැඩේ තමා වෙන්නෙ

" තුහ්..........ක්හැක්.......ක්හැක්......ශෙ.....ශෙනුල් යකෝ...හ්......ආව් බං මගෙ කොන්ද....හ් "

" පසිදු........රත්තරනේ ඔයාට තුවාල උනාද වස්තුවේ............අනේ දෙයියනේ මම ඉදලා වැඩක් නෑ එහෙම උනොත් "

"  උබට ට්‍රැකද බං.......ඕයි ශෙනුල් ඔය තණකොල කන්නැතුව නැගිටපන් බං.......බලහන් යන එන එවුනුත් බලනවා"

" කමක් නෑ අනේ........ඒකට කමක් නෑ.......ඕන කෙනෙක් බලපුදෙන්.......මට හරි වේදනයි අප්පා.........ඔන්න ඔහෙ ඔයාගෙ අත දෙන්න යසී මට නැගිටගන්න"

" ඒව්ව්ව්........ඒව්ව්ව්.......මේ මොන ඒසකමක්ද "

බැලන්ස් නැති උනපාර අපි දෙන්නම වැටුනෙ තණකොල ගොල්ලට වෙනකොට පසිදු කොන්දත් අල්ලගෙන කෙදිරිගාන ගමන් නැගිටගන්නකොට එතනම තිබුන තණකොල ගහක කොලයක් කඩාගත්තු මම ඉස්සර දත් අස්සෙ තියාගත්තා......මට වේදනයි........ඇහි පිල්ලම් දෙක තුනකුත් ගහන ගමන් නලලටත් අතක් තියාගෙන හෙනම ඩ්‍රාමාන්ටික් විදියට මම යසිරුට කතාකරන ගමන් ඒ අත අල්ලගන්නකොට මම බලාගෙන මලීෂගෙ අත කටට යනවා......මම එහෙම්මම ගස්සලා අහක බලාගත්තා

" මොකෝ බන් මේ තණකොල කන්නෙ......ඇයි ගෙදර ඒවා ඉවර උනාද "

" ඔව්නෙ අයියෙ.......ගෙදර තණකොල ඉවරයි.......ඒකයි වෙනසකටත් එක්ක මෙහෙ ඒවා කාලා බලන්න හිතුනෙ.......ඇයි අවුල්ද එහෙම "

" මොකෝ බං මේ දකින දකින සැරේ මරාගන්නෙ උබලා........විකාරද........අනික දැන් ඔය මල්ලිලා කට්ටිය ගෙදර නොයා මෙතන ඉන්නෙ ආසාවටද බං "

ඒත් එක්කම වගේ පසන් අයියලා අපි උන්න තැනට එනකොට මම ටක්ගාලා කටේ තිබුන තණකොල කෑල්ල විසකරලා දැම්මෙ එහා මෙහාවෙලා තිබුන ඇදුමත් පිලිවෙලකට අතින් හදාගන්න ගමන්......පසන් අයියා නක්කලේට වගේ අහපු දේට පසිදු ගහන්න වගේ උත්තර දුන්නෙ ඒ අයියාට රවලා වෙනකොට අපි තුන්දෙනා ඒ දිහා බලන් උන්නෙ කටත් ඇරන්......රන්ඩු වෙන්න දෙයක් තිබ්බෙ නැති හන්දාද කොහෙද ලක්ශිත අයියා කෑගහලා කිව්වෙ මරාගන්න එපා කියලා වෙනකොට මුකුත්ම නොකියපු පසන් අයියා අපි එක්ක හිනාඋනා...

මුරන්ඩුකාර ඇස් මටත් හොරාට ගිහින් නැවතුනේ දේශාන් අයියා එහාපැත්තෙ උන්නු රශේන් අයියා ලගට වෙනකොට ඒ වලව්කාර ඇසුත් නැවතිලා තිබුනෙ මගෙ ලග කියලා දකිනකොට මම එහෙම්මම බිම බලාගන්න ගමන් සපත්තුවෙන් පොලව හාරන්න ගත්තා......සැක් වස නෝන්ඩිය.......අනිවාර්යයෙන්ම දකින්න ඇති ඉතින් අපි නටපු නාඩගම්......බිම බලාගෙන සපත්තුවෙන් පොලව හාර හාර උන්නු මට අහේතුවකට හිනාවක් ගියෙ මටත් නොදැනිවමයි

බ්රාස්............

දවල් ඉර අව්ව රස්නෙ හන්දා දාඩිය දාන්න ගන්නකොට බස් ස්ටෑන්ඩ් එකේ තව අඩියක් විතර පස්සට උන්නු මම පාර දිහා බැලුවෙ බස් එකක් එනවද කියලා.....එකයි හතලිස් පහයි.......අතේ බැදලා තිබුන ඔරලෝසුව දිහා බලපු මම ආයම පාරට ඇස් යැව්වා....ස්කෝලෙ ඇරිලා විනාඩි පහලවක් විතර ඇති......අපිව ඇරිනෙ එකට උනත් කරන්න තියන විකාර ඔක්කොම කරලා ගේට් එකෙන් එලියට පැන්නෙ බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා......යසිරුලා යන්න යනකොට මායි පසිදුයි ස්ටෑන්ඩ් එකට වෙලා බලන් උන්නෙ බස් එකක් එනකම්......මේ දවස්වල එක්සෑම් හන්දා ලමයි වැඩිය ස්කෝලෙට නොඑනකොට වෙනදා වගේ බස් එකේ යන්න මහ හුගක් ලමයි නෑ......ස්ටෑන්ඩ් එකටම උන්නෙ මමයි පසිදුයි ඇරුනහම තව ලමයි තුන හතර දෙනෙක් විතරයි

ගිනි ගහන්න පායනවා.....කාස්ටක අව්වට ඇගෙන් දුම් පිටවෙනවා වගේ දැනෙනකොට බෑග් එකේ තිබුන බෝතලේ ගත්තු මම බාගයක්ම තිබුන වතුර ටික එක හුස්මට බීලා දැම්මා.......ඒත් එක්කම විනාඩි පහක් ගියෙ නෑ කලු පාට බෙන්ස් එකක් ඇවිත් ස්ටෑන්ඩ් එක ලගින්ම බ්‍රේක් කරනකොට මම ඒ දිහා උනන්දුවෙන් බැලුවෙ ඒ කවුද කියලා දැනගන්න තිබුන ඕනකමට.....ඒත් එක්කම කාර් එකේ පිටිපස්ස වීදුරුව පාස්වෙනකොට මම බලන් උන්නා

රශේන් අයියා........

ඒ උන්නෙ වෙන කවුරුවත් නෙවෙයි රශේන් අයියා......වීදුරුව පාත් කරපු අයියා මගෙ දිහා බලන ගමන් පසිදු දිහත් බලලා ආයම සැරයක් මගෙ දිහා බැලුවා

" නගින්න "

" තෑන්ක්ස් අයියෙ......ඒත් දැන් බස් එක එයි වෙලාවත් හරිනෙ........අනික පසිදුත් ඉන්නවනෙ මම එයා එක්කම යන්නම් "

මම කිව්වෙ අතේ බැදලා තිබුන ඔරලෝසුව දිහා තව පාරක් බලන ගමන්.....මුකුත්ම නොකියපු රශේන් අයියා බලන් ඉන්නකොට වෙන කවරදාටත් වඩා ඕනකමින් මන් බලන් උන්නෙ බස් එක එනකම්......වැඩක් නෑ......මොන බස්ද......ඒත් එක්කම හොනට් එකක් ඇවිත් කාර් එක ඉස්සරහින් නවත්තනකොට අපි දෙන්නම අවදානෙ දීලා බැලුවෙ ඒ පාර ආවෙ කවුද කියලා

" පිස්සුද මංදා "

ආවෙ කවුද කියලා දැක්ක මම පසිදු දිහා බලනකොට පසිදු බලන් උන්නෙ මගෙ දිහා......ඒ පාර ඇවිත් උන්නෙ පසන් අයියා......දාගෙන උන්නු හෙල්මට් එක ගලෝලා ටැංකිය උඩ තියනගමන් ඒ මූනට වැටිලා තිබුන කොන්ඩ ගස් අතින් පිටිපස්සට  කරපු පසන් අයියා බැලුවෙ පසිදු දිහා වෙනකොට එයාට රැස්ව පසිදු අහක බලාගත්තෙ මොන මොනවදෝ මුමුනන ගමන්....බොරු කියන්නෙ මොකටද අතට ග්ලව්ස් දාලා තියන පසන් අයියා හෙන ලස්සනයි......ඊටත් වඩා කඩවසම්......එහෙම බැලුවාම අපේ හිත් ආයාලේ යන එක අහන්නත් දෙයක්ද මම කියන්නෙ

" නෙත්සර.......නගින්න ඔයාට මාව එක්ක යන්න පුලුවන් "

" ඕන වෙන එකක් නෑ......මට පුලුවන් මගෙ යාලුවා එක්ක බස් එකේ යන්න "

" නෙත්සර ප්ලීස්.......මේ මහ පාර......අව්වෙ හිටන් ඉන්නෙ මොකද මා එක්ක යමු.......මම ඔයාව ඩ්‍රොප් කරන්නම්.......තරහ නොගෙන නගින්න පුලුවන්ද ඔයාට "

පසිදු මොකකට කරන්නෙ අහන්න වගේ මගෙ දිහා බලනකොට  අර දෙන්නා දිහා බලපු මම ඒ මූන දිහා බැලුවා.....දන්න තරමින් පසන් අයියගෙ තාත්තා ඇමතියෙක්.....අපේ එකා කොච්චර කොහොම රැව්වා ගෙරෙව්වත් පසන් අයියා කටවහන් ඉන්නෙ නිකමට කියලා හිතන්න පුලුවන්ද......බෑනෙ......බෑනෙ......කොහෙත්ම බෑනෙ........කවුද දන්නෙ අහිංසකයා වගේ ඔක්කොම කට වහන් අහන් හිටියට ඇමති පවර්ස් අරන් ඔක්කොටම රිටන් එක දුන්නොත් එහෙම මට මගෙ ලව් එකත් නැතිවෙලා යනවා.......සුදු වෑන් එකකින්වත් ඉස්සුවොත්......ඒත් ඉතින් පසන් අයියා වගේ කෙනෙක් නම් හා අම්මෙ~

" කමක් නෑ ඔන්න ඔහේ ඔයා පසන් අයියා එක්ක යන්න සුද්දා.......අදට විතරනෙ "

පසිදු පසන් අයියා එක්ක යනකන් බලන් උන්නු මම රශේන් අයියා දිහා බලලා කාර් එකට නැගලා පිටිපස්ස ශීට් එකේ ඉදගත්තෙ අයියා එහා කොනේ ඉන්නකොට වගේම මම මෙහා කොනේ ඉන්නකොට.....ඉස්සරහ උන්නු අංකල් කාර් එක පාරට දානගමන් එලවන්න ගන්නකොට මම බලන් උන්නා....අහේතුවකට මුලු සරීරෙම එක මොහොතකින් සීතල වෙලා ගියේ දාලා තිබුන ඒසී එකට නම් නෙවෙයි කියලා මට සීයට දාහක් ශුවර් වෙනකොට අත් දෙකෙන්ම කලිසම පොඩි කරගත්තෙ එයා දිහත් එක සැරයක් බලන ගමන්

වෙනසක් නෑ අදත් හේතුවක් නැතිවම හදවත සාමාන්‍ය සංස්කෘතියෙන් පිට පැනලා ගැහෙන්න ගන්නකොට ආයෙත් මගෙ ඇස් මටත් හොරාට ගිහින් නැවතුනේ  ශීට් එකට ඔලුව හේත්තු කරන් සිංදුවක් අහන ගමන් උන්න රශේන් අයියා දිහාට.....ඒ ඇස් සාමකාමීව පියවෙලා ගිහින්......මුලු කාර් එක පුරාවටම තිබුනෙ එයාගෙ ගනන්කාර වැනිලා සුවද වෙනකොට පපු කුහර සම්පූර්ණයෙන්ම පිරිලායන විදියට මම හොද හුස්මක් ඉහලට ඇද්දා

....සමහර මිනිස්සු ඉන්නවා ලග හිටියත් ඇති මුලු තුන් හිතම පිරිලා යන්න.....එයාලට පුලුවන් තමන්ගෙ සුවදින් අනිත් අයගෙ හුස්ම පොද පවා හිරකරලා දාන්න හරි අපූරුවට......ඇත්තටම ඒ ඇවිත් මායාකාරී මිනිස්සු...

" විද්වාන්........"

මම අනිත් පැත්ත හැරුනා.....ඒත් එක්කම වගේ සීතල ඇගිලි තුඩුවල පහස කම්මුලකට දැනෙනකොට අර වැනිලා සුවද නාසෙට තදටම දැනෙන්න ගත්තෙ ඇස් පොඩි කරනගමන් මූන දිගේ එහාට මෙහාට යන සීතල ඇගිලි මගෙ අතකට තදකර ගන්න ගමන්.....එහෙම්මම තප්පරයක්........දෙකක්........තුනක් උන්නු මම හිමිහිට ඇස් ඇරියෙ රශේන් අයියාගෙ මූන මගෙ ලගින්ම පේනකොට...

ඕහ්.....පපුව පොඩ්ඩක් නවතින්න

එක මොහොතකට.......ඔව් එක මොහොතකට  ගැහෙන පපුවත් නැවතුනාද කොහෙද......අනි දෙන්නගෙ මූනු අතර තිබුනෙ සෙන්ටි මීටර ගානක පොඩි දුරක් වෙනකොට මගෙ ඇස් ගිහින් නැවතුනේ මගෙ අතකට හිරවෙලා තිබුන ඒ දිග ඇගිලි දිහාට....ඒ උනුහුම් හුස්ම පොදවල් ඇවිත් ඇවිත් මගෙ මූනෙ වදිනකොට මම බලන් උන්නා

ලබ් ඩබ්

ලබ් ඩබ්

ලබ් ඩබ්........මගුල......බෑනෙ කරන්න.....වෙලා තියෙන්නෙ මොකක්ද කියලා දැනුන පලවෙනි තප්පරේම නැවතුන පපුව ආයම අසාමාන්‍ය වේගෙකින් ගැහෙන්න ගන්නකොට අම්මපයි  මම මගේම පපුව එක්කත් උරන උනා.....නෑ මං අහන්නෙ කාට උනත් ඔහොම සෙකන්ඩ් වෙන්න පුලුවන්ද.....මේ එන ටිකකට මට නින්ද ගිහින් තියනකොට රශේන් අයියා මාව ඇහැලවන්න කතා කරලා තියනකොට මම තාමත් බලන් උන්නෙ හැගීම් හරි අපූරුවට වහන්කරන ඒ මූන දිහා.....ඒ ගැබුරු බැල්ම එහෙම්මමයි.....සැරෙන් සැරේටම වෙනස්වෙන ගනන්කාර ඇස් එහෙම්මමයි.....හැබැයි මගෙ පපුව.....ඒක ඇවිත් මටත් නොතේරෙන වෙනම ඉලව්වක් කරනවා

රශේන් අයියා උන්නෙ මගෙ දිහාට පහත් වෙලා වෙනකොට ඒ ඇස් මග ඇරපු මම මගෙ අතකට හිරවෙලා තිබුන ඒ ඇගිලි ටික නිදහස් කලා.....මට එහා පැත්තෙන් හේත්තු උන එයා එහෙම්මම  හැරිලා මගෙ දිහා බලනකොට මම කලේ ලොකු හුස්මක් අරගෙන මාවම සන්සුන් කරගත්තු එක

" ඔතනින් ඉස්සරහට හරවන්න අංකල්.......ඔන්න ඔය අතුරු පාරෙ "

ගෙවල් වලට හරවන පාර ලං වෙනකොට ඉස්සරහට නැවෙන ගමන් අතක් දිකරලා මම අංකල්ට පාර කිව්වා....එක අතකට රශේන් අයියව හම්බුන එකත් හොදයි...නැත්තම් මේ පාර දිගටම මම යන්න ඕන පයින්නෙ....දවල්ට මහන්සි වෙලා දාඩියත් පෙරාගෙන පාගමනින් ගෙදර යන්න ගියාම ඒ වෙලාවත් ඇති සසර ගැන කල කිරෙන්න

" කොහොමද එක්සෑම් එක "

" අවුලක් නෑ ශේප් ඉතින් "

රශේන් අයියා කියපු හන්දා කාර් එක ඇවිත් ගේට් එක ලගින්ම නවත්තනකොට අයියා දිහා බලපු මම වාහනෙන් බැස්සා

" අයියෙ.........යමු ඇතුලට.......ලගටම ආපු එකේ එහෙම යන එක හරිනෑනෙ.........අම්මා ඉන්නවා ඇතුලට යමු "

" ඕන නෑ විද්වාන්.......පස්සෙ දවසක එන්නම් "

" එහෙම බෑ යමු ඇතුලට ඉතින් "

රශේන් අයියාට ගේ ඇතුලට එන්න කියලා මම අඩගහනකොට අයියා කලේ එන්න ටිකක් අදිමදි කරපු එක.....ඒත් ඉතින් මෙච්චර දුරක් ඇවිත් මාව ගේ ලගටම බැස්සුව මනුසසයව එහෙම ආපු පාරෙන්ම යවන්න මගෙ හිත හදාගන්න බැරිකොට මම ආයම සැරයක් අඩගැහුවෙ ඔන්න ඒ පාරනම් අයියා කාර් එකේ දොර ඇරලා එලියට බහිනකොට....

" විද්වාන්........මේ.....මේ අහන්නකො "

" ඒ පාර මොකද......මොකක්ද දැන් ඔයාට කියන්න ඕන කියන්නකෝ.......එන්න බෑ කියලද.......හරි එහෙනම් යන්න කොහමත් ඔයාට ඉතින් මේවාගෙ තැන් හුරු නැතිව ඇතිනෙ එච්චර "

" එහෙම නෙවෙයි විද්වාන්........මේ.......මුකුත් ගෙනාවෙවත් නෑනෙ එනකොට........එහෙම එන එක හරි නෑ නේද "

" හරි නෑ නෙවෙයි හරි......මොනා ගේන්නද අනේ........මෙන්න මෙහෙ එන්න විකාර නොදොඩා "

රශේන් අයියා ආයම මිදුලෙ මැද ඉදන් ගෙදර එන්න අදිමදි කරනකොට බෑග් එකත් එක උරහිසක දාගත්තු මම නොක්කාන්ඩුවට පිටිපස්ස හැරිලා බැලුවෙ ඒ පාර මොකද කියලා......මුකුත් නොගෙන එන්න එහෙම හරි නෑ නේද කියලා අහනගමන් එයා මගෙ දිහා බලනකොට මච හිනාවක් ගියා...

පිස්සෙක්නෙ මහා.......!

අයියගෙ අතකින් අල්ලගත්තු මම ඉස්සරහට හැරිලා එන්න ආවත් මොකද ඒ පාරත් එයා එන්නෙ නැතිව ඉන්නකොට මම ආයම සැරයක් පිටිපස්ස හැරිලා බැලුවෙ ඇයි කියලා අහන්න උනත් මොකද  ඒ ඇස් නැවතිලා තිබුනෙ මම අල්ලගෙන උන්නු ඒ අත උඩ වෙනකොට මගෙත් ඇස් ගිහින් නැවතුනේ ඉබේටමයි.....තප්පර ගානක්ම ඒ දිහාවට ඇස් රදවන් උන්නු රශේන් අයියා අවසානයටම මගෙ මූන දිහා බලනකොට මට කියන්න කොහමද මම ඒක විස්තර කරන්න ඕන ?? සීතල හිරියක් ?? නැත්තම් අහේතුක හැගීම් කෝටි ගානක් ?? මොන පිස්සුද එහෙම අතක් ඇල්ලුව පලියට මේ මහ දවාලෙ සීතලක් දැනේවිද නිකමටවත්

මගුල.......ඔහොම බලන්න එපා ! මොකද මම කැමති නෑ

මගෙ යටි හිත එහෙම කියලා හයියෙන් කෑගැහුවත් එයාට ඇහෙන්නෙ නැතිවග හොදාකාරවම මම දන්නවා.....මට බෑ නිහාරික වල්ගා තරු පහුකරන ගමන් කෝපි පාට අහසක අතරමං වෙන්න.....මට කොහොමත්ම බෑ වලව්කාර ඇස් දෙකක දඩබ්බර බැල්මකට හුරු වෙන්න......මං කිව්වනෙ මට ඕන නෑ  හද එක්ක උනත් අරගල කරන්න.....ඒත් මට එක දෙයක් ඕන

අධිවේගීව යන මේ අධියර මන්දගාමීව ස්කිප් කරන්න !

" එ...එන්න යමු "

🌼 අධිමාත්‍රා ඉවර හන්දා මම මේ කතාව මට පුලුවන් වෙලාවක දෙන්නම්......ස්තූතියි ඔයාලගෙන් ලැබෙන ආදරණීය වෝට් එකකට.......කමෙන්ට් එකකට

Share This Chapter