Back
/ 47
Chapter 8

🌼 Chapter 08 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

" අයියෙ......."

ඒ උන්නෙ රශේන් අයියා....වොලි බෝල් කෝඩ් එකේ කනුවකට හේත්තුවක් දාගෙන උන්නෙ රශේන් අයියා.....කලින් පීරියඩ් එක ඉවරවෙන්න බෙල් එක ගහන හඩ පිට්ටනියට ඈතින් ඇහෙනකොට මම හිමින් අඩි තිය තිය ගියේ වොලිබොල් කෝඩ් එක දිහාට.....පීරියඩ් දෙකයි අපිට රිලීෆ් තිබුනෙ එකක් ඉවරයි කියන්නෙ තව එක පීරියඩ් එකයි තියෙන්නෙ.....මලීෂ තාමත් බිත්තිය අයින අල්ලගෙන නිදි ඇති....යසිරු ගැන නම් කතාකරලා වැඩක් නෑ ඒකා දැන් එන්නෙ මේ පීරියඩ් එකටත් බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා....කැඩෙට් රූම් එකට රිංගුවා කියන්නෙ ඉතින් පුලුවන්නම් යසිරු පැදුරක් හරි දාගෙන රෑටත් නිදාගන්නවා....එතකොට පසිදු.........අපරාදෙ මම එයාව දාලා ආවෙ පසන් අයියා මොකටද දන්නෑ එයාට ඉන්න කිව්වෙ....මොනදේ උනත් මට එයා එක්ක ඉන්න තිබුනා.....කෝඩ් එකට යන දිගට මට අර තුන් දෙනාවම මතක් වුනා....පසිදුව මතක් උන මට ඕන එකක් කියලා ආය හැරිලා ගිහින් බලන්න හිතුනත් ආයම මොකටද කියලා හිතුනා....මොකද එයාට ඉන්න කියන්න ඇත්තෙ හේතුවක් ඇතිවනෙ....පසිදු ඒ ගැන කිව්වොත් අහනවා

කෝඩ් එක ඇතුලට ආපු මම එතනම තිබුන ඩෙස් එකක් උඩින් ඉදගත්තෙ මෙච්චර වෙලාම අතේ තිබුන බෝලෙන් බිත්තියට ගගහා උන්නු රශේන් අයියා මගෙ පැත්ත බලනකොට...

" විද්වාන්....... "

රශේන් අයියා මගෙ නමේ අනිත් කෑල්ලෙන් කතා කරනකොට මම එයා දිහා බැලුවෙ ඇයි කියලා අහන්න......රශේන් අයියට තිබුනෙ කලු පාටට හුරු අලු පාට ඇස් දෙකක් හන්දා ඒකෙන් එයාගෙ කඩවසම් බව ඕනවටත් වඩා පෙනුනද කොහෙද.....ඒ  ඇස් හරි ආකර්ෂණීයයි.....නෑ මං කියන්නෙ ඒවට පුලුවන් ඕනම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න හරි ලස්සනට

......කොහමත් ඇස් කියන්නෙම එක්තරා විදියක මායාවක්.....මොකද ඒවට පුලුවන් තමන් කැමතිම මනුස්ස ආත්ම සීමා මායිම් නැතිවම තමන්ට ආකර්ෂණය කරගන්න හරි අපූරුවට.....මං කිව්වනෙ ඒවට සීමාවක් ඇත්තෙම නෑ......

ඉතින් නිකමට හිතන්නකෝ එහෙව් ආකර්ෂණීය ඇස් දෙකක් එක්ක ගනන්කාර බැල්මක් කියන්නෙම බීර වීදුරු දුසිම් ගනන් ගැහුවත් මත් නොවෙන බ්‍රෑන්ඩඩ් දේකට....

ඇදන් උන්නු ශර්ට් එකේ අත් දෙක ඒ අත් ගොබ හන්දා පිරිලා ගිහින් තියනකොට ඒ ඇග ගානට හැදිලා තිබුනෙ ඕනම කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න පුලුවන් විදියට....මං හිතන්නෙ එයා අනිවාර්යයෙන්ම ජිම් යනවා ඇති.....මේ වයසෙ ගොඩක් අය කොහමත් ජිම් එකක් අස්සෙ යකඩ කදන් උස්සනවනෙ ඇග හදාගන්න....ඒ තියා අපේ වයසෙ අය පවා යනවා.....ඒකට හොදම උදාහරණය යසිරු.....මම නම් ඔය ජිම් යන වැඩේට කැමති නෑ....වෙන මොකවත් හන්දා නෙවෙයි ඔය යකඩ කෑලි උස්සන්න ගිහින් පහුවදාට කොන්දෙ අමාරුව හදාගන්න බැරි හන්දා.....නැත්තම් ඒකෙත් වදේ අපේ අම්මටනෙ....ඇරත් තාත්තා කියන්නා වගේ අම්මගෙ මල් පෝච්චියක් හරිහැටි උස්සගන්න බැරි මම කොහොමද ඕක අස්සට ගිහින් යකඩ කෑලි උස්සන්නෙ....අපේ තාත්තත් හම්බෙන දවසට ජිම් යනවා මොකද අපේ අම්මා අහු උනයි කියලා කියන්නෙ එයාගෙ හල්ක් බොඩියටලුනෙ

මම ආයම සැරයක් රශේන් අයියා දිහා බැලුවා.....මුලු වොලිබෝල් කෝඩ් එකම පාලුවට ගිහින් තියනකොට කෝඩ් එක අස්සෙ උන්නෙ අපි දෙන්නා විතරයි. අතේ තිබුන බෝලෙ පැත්තකින් තිබ්බ රශේන් අයියා එතනම තිබුන ගැට්ටට හේත්තු උනේ වතුර බෝතලයක් අතට ගන්න ගමන්....අයියා බෝතලේ මූඩිය ඇරලා කටේ ගහගත්තෙ මගෙ ඇස් ගිහින් ඒ රූපෙ ලග මටත් හොරාවට නවතිනකොට....එයා වතුර බොනකොට අර ඉස්සරහට නෙරලා තිබුන උගුරු ගැටේ ඉහල පහලට ගියේ  මගෙ ඇසුත් මටත් නොදැනිවම මුරන්ඩුකම් කරනකොට....ඒ තොල් අගිස්සෙන් පෙරිලා ආව වතුර බිංදුවක් බෙල්ල දිගේම පල්ලම් බහිනගමන් ඒ සුදු ශර්ට් එකේ නොපෙනී ගියේ හරි සූක්ෂම විදියට වෙනකොට වතුර බෝතලේ මූඩිය වහපු රශේන් අයියා ඒක පැත්තකින් තියන ගමන් මගෙ දිහා බැලුවෙ කලිසම් සාක්කුවලට අත් දෙක දාගන්න ගමන්

බොරු කියන්නෙ මොකටද රශේන් අයියට ස්කූල් යුනිෆෝම් එක ඕනවටත් වඩා හොදට ගැලපෙනවා....සුදු ඇදුම ඒ ආඩම්බරකාර රූපෙ කැපිලා පේනකොට මම බලන් උන්නා....ඒ අත්වල ගානකට නහර පෑදීලා තියනකොට මම එහෙම්මම මගෙ අත් දිහා බැලුවා....එක්කො අපි ඒ ගැන කතා නොකර ඉමු....මගෙ අතේ නහරයක් තියා හරියට මූනෙ කිරි රැවුලවත් ඇවිත් නැතිකොට එයා එක්ක බලද්දි මම ඇවිත් හරිම පොඩි මනුස්සයෙක්

" මොකද මෙතන කරන්නෙ......දැන් තියෙන්නෙ මොනවද "

" විද්‍යාව......අද මැඩම් ඇවිත් නෑ ඒ හන්දා පීරියඩ් එක හිස්.....මම ආවෙ යසිරුව බලන්න.....එයා කැඩෙට් රූම් එකට ගියා......ඔයාව දැකලා නිකමට ඉතින් ආවෙ "

රශේන් අයියා මෙතන මොකද කරන්නෙ ඇහුවම හේතුවක් නැතිවම මම කලේ පට්ටපල් බොරුවක් අතඇරිය එක....

" ම්ම්ම්ම්.......ලබන සතියෙ එක්සෑම් නේද.....පාඩම් එහෙම කරනවද එතකොට"

" ඔව් ඉතින්......නොකර බෑනෙ......එක්සෑම් ඉවර උනහම මම මීඩියා යුනිට් එකට ඇප්ලිකේශන් එකක් දාන්න ඉන්නෙ.....මැඩම් එහෙම කිව්ව හන්දා දාලා බලනවා "

" අවුලක් නෑ.....ඒකටම අවදානෙ දෙන්නෙ නැතුව අනිත්වත් කරන්න......මේ අවුරුද්දෙ අග ඕලෙවල්නෙ......ඕලෙවල් ඉවර උනහම මාස තුනක් තියනවා මොනවද කරන්න ඉන්නෙ "

" ඒලෙවල් වලට කොමස් කරන්න ඉන්නෙ......එහෙම උනොත් කෝස් එකක්වත් කරනවා.....අන්තිමට චාටට් එකවුන්ටන් කෙනෙක්වත් වෙන්න බැරියෑ.....අයියා මොනාද කරන්න හිතන් ඉන්නෙ "

" තාත්තා ඉන්නෙ එයාගෙ බිස්නස් මට දෙන්න.....එහෙම උනොත් ඩ්‍රිග්රිය අරගෙන ඒක බාරගන්නවා "

" එතකොට අම්මා මොකද කරන්නෙ "

" මට අම්මා නෑ......."

මම රශේන් අයියා දිහාම බලන් ඉන්නකොට එයාට අම්මා නෑ කියපු රශේන් අයියා මගෙ දිහා බලලා අහක බලාගත්තෙ මට එයා ගැන වේදනාවක් ඇතිවෙනකොට.....පව්......මට ඉස්සෙල්ලාම හිතුනෙ එහෙම.....හැමෝම හිතන විදියටම....ඒත් එහෙමයි කියලා එයාට අනුකම්පා කරන්න හොද නෑ.....මම කරන්නෙත් නෑ.....මොකද එයාට අනුකම්පාව වැඩක් නැති හන්දා....එයාට ඕන ආදරේ මිසක් අනුකම්පාවක් නොවන හන්දා....අපිට කවුරුහරි අනුකම්පා කරනවා කියලා දැනෙනකොට එතකොට අපිට දැනෙන්නෙ කියාගන්න බැරි අසරනකමක්....මොකද මේ ලෝකෙ කවුරුත් කැමති නෑ තව කෙනෙක්ගෙන් අනුකම්පාවක් ලබන්න....මං කියන්නෙ මොන අඩුපාඩුකම තිබුනත්....මම හොද හුස්මක් පාත දැම්මෙ අහන්න ඕන නැති අනවශ්‍ය දෙයක් එයාගෙන් අහපු හන්දා

නොකිව්වට එයාට වේදනා ඇති....

" සමාවෙන්න.....ඇත්තටම......මම හිතුවෙ නෑ_"

" It's okay vidhwan.....Don' t think about that......I'm totally okay.....ඒක එච්චර දෙයක් නෙවෙයි......අම්මා නැති උනේ මට අවුරුදු අටේදි.....එතකොට මම තුන වසරේ.......එයාට කැන්සර් එකක් තිබිලා....මට අම්මා ගැන හරිහැටි මතකයක් නෑ එච්චර......ෆොටෝස් වලින් දකින හන්දා ලස්සනයි කියලා  දන්නවා......මට ඉන්නෙ අක්කා කෙනෙක් විතරයි......එයා ඉන්ජිනියර් කෙනෙක්.....අම්මා නැති උනාට පස්සෙ අපි දෙන්නව බලාගත්තෙ ග්‍රෑන්ඩ්මා.....එයත් නැති උනා මම එකොළහ වසරෙදි "

එහෙම කියපු රශේන් අයියා අවසානයටම මගෙ දිහා බලනකොට මම එයා එක්ක හිනා උනා....මොකද මොනා කියන්නද කියලා හිතාගන්න බැරිකොට මට එයා වෙනුවෙන් දෙන්න තිබුනෙ හිනාවක් විතරක් හන්දා....එහෙම බැලුවාම අපි හැමෝටම අඩුපාඩු තියෙනවා

" ඉස්සල්ලා එනකොට දුලීකා මැඩම්ව හම්බුනා......එයා පේපර්ස් වගයක් දුන්නා ඔයාලට ප්‍රින්ට් අවුට් අරගෙන තියාගන්න කියලා ක්ලාස් කරන්න......පසන් අයියට දුන්නා ඒ ටික "

" ම්ම්ම්ම්.......ක්ලාස් එකට යන්න දැන් "

" ඔයා යන් නැද්ද "

මම ඇහුවෙ මෙච්චර වෙලාම ඉදගෙන කකුල් දෙක වන වන උන්නු ඩෙස් එකෙන් බිමට පනින ගමන්....ඉස්සල්ලා බිම දාපු බෝලෙ ආයෙමත් අතට ගත්ත රශේන් අයියා ඒක බිමට දෙතුන් සැරයක් ගහන ගමන් බම්ප් කලා

" යනවා......තව ටිකකින්......දැන් යන්න ක්ලාස් කට් කරන් නැතිව........තැන් තැන්වල රවුම් ගහන් නැතිව කෙලින්ම පන්තියට යන්න......වැඩක් නැත්තම් පොතක් අරන් පාඩම්වත් කරන්න "

" ඒ පාර ඔයත් පටන් ගත්තද.......විද්‍යාව පොත අතට ගත්ත ගමන් මගෙ නම් ඔලුවත් එක්ක කැරකෙනවා......ඒව්ව් "

එහෙම කියපු මම කෙලින්ම ආවෙ පන්තියට....යනකොට පසිදු ඇවිත් උන්නා....නිදන් උන්නු මලීෂත් ඇහැරගෙන ඉන්නකොට අපේ පේලියට නොයා ඊට ඉස්සර පේලියේ හිස් පුටුවෙ කකුල් දෙකත් දෙපැත්තට දාලු ඉදගත්තෙ පිටිපස්සෙ ඩෙස් එකට පිට කොන්ද හේත්තු කරනගමන්.....යසිරුවා තාම ඇවිත් නෑ.....ඒකා බෙල් එක ගහනකොටවත් ආවොත් හොදයි....මොකද ඊලගට තියෙන්නෙ බාස්කට් සබ්ජෙක්ට්......මායි මලීෂයි දෙන්නම මියුසික් කරනොකට පසිදුයි යසිරුයි කලේ ආට්.....ඒ වගේම තමා ඒ දෙන්නටම ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්.....කාලෙකට ඔය තියන තරග වලට පවා චිත්‍ර ඇදලා උඩම තියන ප්ලේස් අරන් තියේ

අපි නම් ඉතින් යන්නෙම ඔය කොනක් අල්ලගෙන මොකක් හරි එකකට තට්ටු කරනගමන් සිංදුවකට තනු අල්ලන්න....කොල්ලො හුගක්ම කරන්නෙ මියුසික් මැඩම්ව කතාවට අල්ලගන්න එක.....එයත් ඉන්නවනෙ කෙල්ල වගේ ඇහැට කනට පේන්න....මම ආසාවෙන්ම කරන සබ්ජෙට් අස්සෙ මියුසික් තියෙන්නෙ උඩින්ම.....අර කියන්නත් වගේ සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්.....ඒකට පුලුවන් ඕනම හිතක් සුවපත් කරන්න හරි ලස්සනට

.....සමහර මිනිස්සු ඉන්නවා එයාලත් ඇවිත් හරියට අස්ථාවර පද පේලියක් වගේ......ගැලපෙන තනුවක පැටලුනහම තමන්ගෙ ප්‍රියතම ආත්ම ඇදගන්න හරි සූක්ෂම විදියට.....එයාලට පුලුවන් සීතල අහසක උනත් තනි හද එක්ක දොඩමළු වෙන්න හරි හරියට.....

•

•

•

කස්තුරි තිලක සැදි නලලත සුමුටාන

පුල් මහනෙල් මල් දම් හිස් දවටාන

සලෙලුන් යනෙන නිති කැරැ කෙළි කවටාන

රිවි මුදුනත වන මැද වදු සුමුටාන

මෙච්චර වෙලාම දික් රූල් පොතේ පිටු දෙකක්  පිරෙන්න ලීව රාහුල හාමුදුරුවන්ගෙ සැළලිහිණි සංදේශය ලියලා ඉවර කලේ පැය ගානක්ම අතට හිරවෙලා තිබුන නිල් පෑන පැත්තකින් තියන ගමන්....මේසෙ පැත්තකින් තිබුන වතුර බෝතලේ අන්තිම උගුරු දෙක තුන බීලා ඉවර කලේ බෝතලේ අඩියටම හිස්වෙලා යනකොට.... පුටුව ටිකක් පිටිපස්සට කරන ගමන් කකුල් දෙක ඈත් කරලා පුටුවෙ යටට ටිකක් රූට්ටලා ගියේ අතේ ඇගිලි දිහාවට නිරායාසයෙන්ම ඇස් යනකොට.....දකුනු අතේ පෑන අල්ලපු ඇගිලි තුඩු පැතලි වෙලා ගිහින්.....කොහමත් ඉගෙන ගත්තොත් ඇරෙන්න දියුනු වෙන්න තාත්තා ඇවිත් මහලොකු සල්ලිකාරයෙක් නෙවෙයි....මම එහෙම්මම පොත් මේසෙ දිහා බැලුවා...අම්මා කොච්චර අස්කලත් නිදාගන්නකොට ඕක තියෙන්නෙ හැඩිවෙලා.....මම ඉන්නෙ අපිළිවෙළ කියන්නෙත් කලාවක් කියන තියරියෙ

ගණන් විද්‍යාව අලි තඩි පාස් පේපර්ස් පොත් මේසෙ පැත්තකට වෙන්න තියනකොට දැන් පැයකට විතර කලින් දිග ඇරපු සිංහල අච්චු පොත එක්ක නෝට් බුක් එක දිග ඇරලා තිබුනා.....මම බැලුවෙ දැන් ටිකකට කලින් ලියලා ඉවර කරපු විචාරෙ දිහා.....පේන තරම් අකුරු අවුලක් නෑ....ඇරත් අකුරු නෙවේනෙ වටින්නෙ ලියපු අදහසනෙ...

" සුදු පුතා දැන් වෙලාව කීයද......කන්න එන්න දරුවො "

" එන්නම්......හැබැයි මට කවන්න හරිද "

ඔය අම්මා කන්න එන්න කියලා කතා කරපු කීවෙනි පාරද මංදා....අම්මා සාලෙ ඉදන් කෑගහනකොට මම මෙතන ඉදන් කෑගැහුවා....යන පන්ති ඔක්කොම වැටිලා තිබුන දැනට සෙනසුරාදා ඉරිදා.....ඒ දවස් දෙකේ විතරක් වැටුනම එපා වෙනවා ඉතින්....මොනා කරන්නද....ඒ අස්සෙ මේ සතියේ ඒව වලත් එක්සෑම්....මතක් වෙනකොටත් පිස්සු හැදිලා ආය හැදෙනවා....මට මතක් උනේ සිංහල සාහිත්‍ය පොතේ අන්තිමට තිබුන පාඩම....රත්න ශ්‍රී විජේසිංහ ලිව්ව වස්සානය....මම ආසම පාඩම....ඒකෙ එක තැනක කවියක් තියනවා

...ගිම්හානයේ ගිලන් වී කෘෂව සුදුමැලිව

ඇදි ඇදී ඉකිගැසූ ගග නැවත පිරිපුන් ය

දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය?

කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස.....

ඒත් ඔය මොන බයිලාව ගැහුවත් මම පාඩම් කරන්නෙ නම් විභාගෙ කට ලගට ආවාම....වැඩි දෙයක් නෙමේ පේනවනෙ ඉතින්.....මෙච්චර කල්ම නටලා නටලා  අද තමා පාඩම් කරන්න ගත්තෙ.....විද්‍යාවට එහෙම ලකුනු ගත්තෙනැතොත් අර කිව්වත් වගේ චම්පිකා මැඩම් අපිව කාලාම දායි.....හැමදාම පේරන්ස් මීටින් ඇවිත් පුලුවන් තරම් අපේ වැරදි කියලා කියලා හදාගන්න කියලා යන්නෙ ඒක අහපු වෙලාවෙ ඉදන් අපේ අම්මලා ෆයර් වෙලා ඔලුව කන්න ගන්නකොට.....ඊට පස්සෙ ඉතින් එකම තැටිය.....මෙච්චර කියලත් තව නටනවනෙ ඉගෙන ගන්න එහෙම එපා බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්

මේ කාලෙ නටන් නැතිව වයසට ගිහින් නටන්නද අප්පා.....දැන් ගන්න ආතල් එක තමා කවදහරි වයසට ගියහම හරි මතක් කර කර හිනාවෙන්න තියෙන්නෙ

සාලෙට යන්න කලින් චාර්ච් වෙන්න ගහපු පෝන් එක අතට අරගෙන මම ගියේ වස්සැප් පැත්තට....අර තුන්දෙනාගෙන් මැසේජ් එමට ඇවිත් තියනකොට එකින් එක පිලිවෙලකට බලපු මම මලීෂගෙන් ඇවිත් තිබ්බ මැසේජ් එක ඕපන් කලා....ස්කෝලෙ හම්බුනා කියලා නෑ ඉතින්

ඒහ් මේහ්......මැඩම් ලියාගෙන එන්න දුන්න විචාරෙ එවපන්කො වස්තුවේ

හැමදාම ඔහොමයි....විචාරයක් දුන්න හැම දවසකම මේකා කරන්නෙ මගෙ එකම අනිත් පැත්තට වචනයක් දෙකක් එහා මෙහා කරන ගමන් ලියාගෙන එන එක....විභාගෙට විතරද කොහෙද ඒකම හිතලා විචාරයක් ලියන්නෙ...ලියලා ඉවර කරපු සැළලිහිණියේ පිටු දෙක පෝටෝ ගහන ගමන් එහෙම්මම යැව්වෙ මලීෂට....ඒත් එක්කම වගේ යවපු පොටෝ දෙක සීන් වුනා කියලා යට තියන හරි දෙක නිල්පාට වෙනකොට ටයිප් වැටුනෙ මම බලන් ඉන්නකොට

...ආදරෙයිනෙ ඉතින්.......ම්ම්වා...හ්...

....මාත්...

වට්සැප් එකෙන් අයින් වෙලා යන්න කලින් රශේන් අයියගෙ ඩීපී එක වටේට කොල පාටට රවුමක් ගිහින් තියනකොට මම ඒක ටච් කලේ අයියා දාලා තිබුන ස්ටේටස් එක මොකක්ද කියලා බලන්න තිබුන උවමනාවට.....සිංදුවක්......ඒකත් රශේන් අයියා කියන එකක්......පාටි එකකද කොහෙද.....පසිදු අයියලා ලක්ශාන් අයියලා කට්ටියම වටේට ඉන්නකොට මැදට වෙන්න බියර් කෑන් ටිකක් තිබුනෙ බැල්කනි එකට හේත්තු වෙලා උන්නු රශේන් අයියගෙ අතේ හිරවෙලා තිබුනෙ ගිටාර් එකක්....වටේ තියන කලුවර යවන්න ලයිට් එකක් තිබුනත් මොකද ඒකෙන් ආවෙ ලා එලියක් වෙනකොට හද එලියට  කඩවසම් ඒ  පිරිමි රූපෙ කැපිලා පෙනුනෙ හරි අපූරුවට....ඒ ඇස් සාමකාමීව පියවෙලා ගිහින් තියනකොට ඒ ගැබුරු කට හඩට මගෙ ඇසුත් මටත් හොරාට එක මොහොතකට පියවෙලා ගියා...ඒත් එක්කම ලාවට මගෙ අතකින් කලවිට රටාවකට තට්ටු දැම්මෙ ඒ සිංදුව මගෙ කටිනුත් ලාවට මිමිනෙනකොට

එයාට තිබුනෙ හරි ලස්සන කටහඩක්.....ඒ කටහඩ අහන ඕනම කෙනෙක්ව සීමා මායිම් නැතිවම අතරමං කරලා දානවා

මං කලිනුත් කිව්වනෙ සමහර මිනිස්සු ඉන්නවා එයාලට පුලුවන් තමන් ප්‍රියතම ආත්ම එයාලට ආකර්ෂණය කරලා සදාකාලිකවම හිරකරලා තියාගන්න හරි අපූරුවට

නෑ හීන ආයෙ බොදවීලා

මාගෙ දිවියේ නුබ තව නෑ

හීන ගානේ සිරවෙලා

තව දුර නෑ ඈත අහසේ පායනා

ඈ සිහි උනා මා රෑ පුරා

පාලුවෙදෝ තනි උනේ

මා හදේ ආදරේ

මා රුව දකිනා මේ වාරයේ

මං තවත් පෑරුනානම්....

සිතුවම් හදේ මැවි මැවී

නුඹෙ දෑසෙ මා පැටලුනී

රුව කෝ මගේ සිතැදුනී....ප්‍රේමී.....

මතකෙට ඒ මෙපමනී

නුබ ඈත යන බව දනී

කිමදෝ නොදැන ගඩමී ළදුනේ

නොදැනුනානම් මාගේ ආදරේ

බැදුනේ කෙසේ හැගුමන් නුබේ

ආදරෙන්ද ලං උනේ

මෙතුවක් බවේ හිදින් මගේ හදේ

" පරිප්පු ටිකක් වැඩිපුර දාලා කවන්නකො අම්මා........ඔය ගොටුකොළ නේද.......වැඩිය දාන්න එපා ටිකක් දාන්න.......ඔය ඇති අනේ "

" කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ පරිප්පුම කකා ඉන්න සුදු පුතා.......තුන්සිය හැටපස් දවසෙම පරිප්පු........පරිප්පු වලින් තොර ලෝකයක් නෑනෙ මේ ළමයට.........ගොටුකොළ ටිකක් දාන්නලු.......ගුන දෙයක් නම් කන්න එපා මම කියන්නෙ.........පේනේද ඇගේ හැටි විතරක්.........හයියෙන් හුලගක් එහෙම ආවොත් ගිහින් එහා වත්තෙ නවතින්නෙ "

" අනේ අම්මේ....හ් ඔච්චර කියවන්න එපා අප්පා........කන එකත් කටට යන්න කලින් දිරෝනවනෙ ඔහොම බයිනකොට "

" කෝ ආ ගාන්න ලමයො මට තව වැඩ තියනවා.........මේ අලි බබාලට කැව්වට "

" අනේ තාත්තෙ මේ   බාන්ඤකෝ.....හ් "

මම කෑ ගැහුවා.....අම්මට කියලා කවාගන්න ආවට මොකද පිගාන අතට ගත්තු වෙලේ ඉදන් අම්මා කරන්නෙ බයින එක.....ඉතින් අනේ ගුන දෙයක් කන්නෑ කියන්නෙ පරිප්පු උනත් කොච්චර රසද මං අහන්නෙ.....අම්මට උයලම එපා වෙලා හන්දා ඔය කිවන්නෙ......සාලෙ පත්තරයක් බල බල උන්නු තාත්තට මම කුස්සියේ ඉදන් කෑගහන්න ගියත් මොකද වැඩේ අසාර්ථකයි.....කට අරින්න හැදුවා විතරයි අපේ මව්තුමිය අන අන උන්නු බත් කටක් කටට එබුවෙ මම නොක්කාන්ඩුවට එයා දිහා බලනකොට.....ඒත් එක්කම මගෙ සද්දෙ ඇහිලද කොහෙද තාත්තාත් කුස්සියට එනකොට ඉදන් උන්නු පුටුවෙන් නැගිට්ට මම එතන තාත්තට දුන්නෙ ඉදගන්න......තාත්තා පුටුවෙන් ඉදගත්තහම මම ගිහින් ඒ ඔගොට්ටුවෙන් වාඩි උනේ ඒ විසල් අතක් මගෙ ඉන වටේට යනකොට......සරමක් ඇදලා ඉන්න හන්දා මම කලේ දෙපැත්තට පැද්දුන එක

" මොකද සදූ කෑ ගහන්නෙ.......අර සාලෙට ඇහෙනවා සද්දෙ......කොල්ලො ඔය බලාගෙන බං උබ හදන්නෙ දැන් මගෙ සරමත් කඩලා බිම වැටෙන්න.......හයියෙන් පැද්දෙන්න එපා කෝ උඩට එනවා ඉතින් "

" එක කොල්ලෙක් හම්බුන හන්දා හොදා.......මේ වගෙ තව එකක් හම්බුනානම් එහෙම අපිට වසන්න වෙන්නෑ ගෙදර.......පේනවද මේ අලි ලමයට අතින් කන්න බැරි හැටි........ඒකත් මම කවන්න ඕන "

" අම්මෝ කියෙව්වා ඇති සදූ.......ඔයාටත් කියවන්න ගියාම ඉවරයක් නෑ.........කෝ මටත් කටක් කවනවකො ඕයි ඔහොම්ම "

" අම්මෙහ් පපඩනයක්.......ඔය පපඩමේ මැදට සුදු බත් ටිකක් දාලා කවන්නකො අනේ........අන්න එහෙම "

" කෝ කට අරින්න ඉතින්.........මේ පාර ඕලෙවල් නේද.........තාම පොඩි ළමෙක් වගේ........ලොකු වෙන්න එපා ශෙනූ ඔයා "

කරස්........

අම්මා මැදට සුදු බත් ගුලි කරලා කැව්ව පපඩම් කෑල්ල මම කටට දාගෙන හැපුවා....මට ලාවට වගේ මතකයි ඉස්සරත් අම්මා මට ඔහොම කවනවා.....හැබැයි දැන් වගේ නෙවෙයි ඒ කාලෙ කතන්දර කියන ගමන් කවනකොට මාත් ඉතින් කනවා.....කනවට වඩා මම ආස අම්මා කියලා දෙන කතා අහන්න.....හාවගෙයි ඉබ්බගෙයි කතාව......එතනින් ගියාම කොකෙක් අර මාලුවො අරන් ගිහින් කන්නෙ එයාලව රවට්ටලා අන්න ඒක.......එතකොට මං පොඩියිනෙ ඉතින්......ඉස්සර මම කැමති උනේ තරගෙන් දින්න ඉබ්බට උනත් මොකද දැන් මම ආස එදා අර පැරදුන හාවාට.....මටත් ඕන මේ දුවන තරගෙන් ටිකක් නැවතිලා ගහක් අයිනෙ ඉදගෙන මහන්සි නිවාගන්න......නොකිව්වට එදා හාවා උනත් එහෙම නවතින්න ඇත්තෙ හේතුවක් ඇතිව.....මොකද එයා දන්නවා එයාට ඔය තරගෙන් දිනන එක නතින් කියලා.....මම ආසයි තාලයක් නැතත් අම්මා මාව නිදි කරවන්න ඉස්සර කිව්ව කවි වලට.....ඒවට හරිහැටි තාලයක් නැතත් මොකද ඒ කවි හරි ලස්සනයි අම්මගෙ හඩින් කියනකොට....මට තාමත් මතකයි තාත්තා වැඩට යනකොට ලගට ගිහින් අතේ ඇගිලි දෙකක් පෙන්නන ගමන් මොනවහරි ගේන්න තාත්තෙ කියලා කියනවා....හවස් වෙනකොට අම්මා එක්ක තාත්තා එනකම් මගබලන් ඉන්නවා....ඒ කාලෙ ඇත්තටම හරි ලස්සනයි

මට බෙදපු පිගානෙන්ම අම්මා තාත්තටත් කවන්න ගත්තා.....අනපු බත් කට හරි පරිස්සමට තාත්තට කවනකොට මම බලන් උන්නා.....හැමදාම වගේ තාත්තගෙ ඇස් අම්මා හන්දා ආදරෙන් පිරෙනකොට අම්මගෙ ඇස් තාත්තා ලග දිලිසුනා....එහෙම ඇස් දෙකක් දිලිසෙන්නත් අපි කෙනෙක්ට තදට බැදෙන්න ඕන.....සීමා මායිම් නැතිවම.....ඒ අතින් මගෙ අම්මයි තාත්තයි අති සාර්ථක ලෙස සාර්ථකයි....එහෙව් පින්වත් මිනිස්සු දෙනෙක්ගෙන් ආදරේ ලැබන මාත් හරි වාසනාවන්තයි....මොකද මොන තත්වෙ උන්නත් අම්මා තාත්තා වෙනුවෙන් බලන් උන්නා......එයා වෙනුවෙන් ඉවසුවා.....තාත්තා උනත් අම්මව හැම වෙලාවකම තේරුම් ගත්තා.....ඉතින් මං අහන්නෙ එහෙව් මනුස්සයො දෙන්නෙක් ලබන්න මං වාසනාවන්ත නැද්ද ??

" ඇති අම්මා.......කන්න බෑ "

" අනේ දරුවො ඔය ඇගේ හැටි බලන්නකො........මේ කටත් කන්නකො සුදු පුතා "

අම්මා අන්තිම බත් කටත් මගෙ පැත්තට දික්කරනකොට එපා කියන්න ඔලුව වනපු මම එහෙම්මම තාත්තගෙ පපුවට ඔලුව තියාගත්තා.....අහේතුවකට මට රශේන් අයියව මතක් උනා......අනේ එයා කලාද දන්නෑ.....සමහරවිට අක්කා ඉන්න හන්දා ගානක් නැතුවත් ඇති.....ඒත් ඉතින් මට අම්මා මෙහෙම කැව්වට එයාට එහෙම කවන්න ඉන්නෙ කවුද......අම්මගෙ අතින් ඇනුන බත් කටක රස එයා දන්නවද දන්නෑ......එහෙම බැලුවාම මට ලැබෙන විදියට ආදරේ හැම කෙනාටම ලැබෙන්නෙත් නෑ......දෙයියො උනත් මහ අසාධාරණයි.....සල්ලි වැහි වහින්න දීලා ආදරේ අහිමි කරන්න තරම් දෙයියො උනත් කොච්චර ආත්මාර්ථකාමී වෙන්න ඕනද

මට මතක් උනේ දැන් පැයකට විතර කලින් එයා දාලා තිබුන ස්ටේටස් එක.....එයා බොනවා....එහෙනම් ඉතින් කොහමත් අද කන්නෙ නැති වේවි

අහසක් උනත් ලස්සනම තරු මිලියන ගනන් පෑයුවහම.....රෑ අහසක පායන ඉරබටු තරුවකට හද කියන්නෙම අරගලයක්......මං දන්නවා මේක ඇවිත් මම දින්නෙ නැති යුද්ධයක් !

Share This Chapter