Back
/ 47
Chapter 2

🌼 chapter 02 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

Shenul pov

" මම උබට කිව්වා "

හරිනෙ අමාරුව...........!

යසිරුයි මලීෂයි හිමීට කුටු කුටු ගාපු එක මැඩම් දැකලා නැගිට්ටනකොට මම බලාගෙන පසිදු ඔලුව දෙපැත්තට වනනවා. මම ශේප් එකේ නැගිටපු ඒ දෙන්නා දිහා බලාගෙන මැඩම් දිහත් එක පාරක් බලන් ආයම ඇද ඇද උන්නු සිනිදු පේශි පටකෙට අවදානෙ දුන්නා. මේ දෙන්නට විතරක් බැනලා නැවැත්තුවොත් තමා පුදුමෙ. නැගිටලත් මලීෂ යසිරුට බනිනකොට ඌ උට නෙවෙයි වගේ ඔලුව කැසුවා.....

දඩාන්............

අතේ තිබුන විද්‍යා අච්චු පොත එහෙම්මම මේසෙ උඩට සද්දෙන් අත ඇරපු චම්පිකා මැඩම් යසිරුයි මලීෂයි දිහා බලන් ඉන්නකොට මම හිමිහිට පසිදු පැත්තට ඔලුව හැරෙව්වා. මම බලාගෙන පසිදුවා මගෙ දිහා බලලා උරහිස් අකුලනවා. හරි අද ඉවරයි.... මේ අස්සටම කුනු දාපු ඩස්පින් එකත් හම්බුනාම සැප තමා ඉතින්

" තමුසෙලාට කොච්චර කිව්වත් හැදෙන්නෑ......... වාර විභාගෙට ලකුනු අරන් එනවලකො......... කරන්න පුලුවන් වෙයි ඔහොම ගියාම ඕලෙවල්.........අවුරුද්දක් නෑ හරියට තව නටනවා..........ඉගෙන ගන්න වෙලාවෙ ඉගෙන ගත්ත බැරි හැටි මුංට..........හොරෙන් බැලුවට වැඩක් නෑ දෙපැත්තෙ ඉන්න අනිත් දෙන්නත් එහෙම තමයි.........ඇත්තමයි මේක තමයි මට හම්බුන ජරාම පන්තිය "

මං කිව්වෙ......මං කිව්වනෙ නැගිට්ටෙ මේ දෙන්නා විතරක් උනාට ඉදන් උන්නු අපි දෙන්නවත් අල්ලනවා කියලා. චම්පිකා මැඩම් එහාටයි මෙහාටයි යන ගමන් අරුන් දෙන්නට බැන්නා. ඒ බැනලා මදිවෙලා අපි දෙන්නටත් බනින ගමන් අන්තිමට මේ තමයි මට හම්බුන ජරාම පන්තිය කියලත් කිව්වා.....ජරාම පන්තිය.....?? අපි.....?? ඔහොම කිව්වට අපේ එවුන් ගනන් ගන්නෑ. මොකද අපේ පන්තිභාර මැඩම් ඇරුනහම පන්තියට එන අනිත් හැම කෙනෙක්ම කියන්නෙ ඕනනෙ. අපි දන්නවා ඔය කියන්නෙ අපිට ආදරේට කියලා. ඇරත් හැමෝම හොද වෙන්න දගලන වෙලාවෙ ශෙක්ෂන් එකේ ජරාම පන්තිය කියලා අහගන්නවා කියන්නෙත් මොන තරම් ආඩම්බරයක්ද මම අහන්නෙ

" ඊයෙ මම ගෙදර වැඩ දුන්නා......ඒවා කලාද ආ.........කෝ ගන්නවා බලන්න පොත්........මේ පන්තියට කෝට්ටක් තියනවද.........නැත්තම් ගේනවා අනිත් පන්තියෙන් "

මොන කරුමයක් පඩිසන් දෙනවද මංදා. අනිවාර්යයෙන්ම යසිරුවා කරලා නැතුව ඇති. මං දන්නැද්ද ඒකා ගැන. මලීෂ කරනවා......මාත් කලා.....පසිදුත් කරන්න ඇති......හැබැයි යසිරු..........ඒකා සාමාන්‍යයෙන් හෝම් වර්ක් කරන්නෙ ස්කෝලෙට ආවාම. චම්පිකා මැඩම් ෆයර් වෙලා ඉස්සරහ පෝලිමේ උන්නු ලමෙක්ට එහා පන්තියෙන් ගිහින් කෝට්ටක් ගේන්න කියනකොට අර ලමයා අපි දිහා බලලා අදිමදි කලා

" ඇත්ත කියහන් උබ කලේ නෑ නේද "

" නෑ යකෝ.......මෙහෙ ඇවිත් කරන්න උන්නෙ "

" අද කනවා "

මම යසිරුගෙ කනට කරලා වැඩ කලේ නෑ නේද කියලා අහනකොට ඒකත් ගත් කටටම නෑ කිව්වා. මම අනිත් දෙන්නා දිහාත් බැලුවා. අපි දිහා බලපු උන් දෙන්නත් ලාවට ඔලුව වනනකොට මම කලේ ඇද ඇද උන්නු පටකෙ එහෙම්මම නතර කරලා පොත වහලා ලොකර් එක යටට දාපු එක. කරන්න දෙයක් නෑ. එක්කෙනෙක්ට ගුටි කන්න දීලා අපිට බලන් ඉන්න පුළුවන්ද.......ඇරත්,

එහෙම මේ ලමයව තනි කරන්න පුලුවන්ද අනේ අපිට

" ගන්නවලා බලන්ඩ ඊයෙ කරන් එන්න දුන්නු වැඩ ටික.......කෝ පෙරලනවා බලන්න......තව තව........නෑ කරේ නෑ නේද...........එදා නෝට් එකවත් හරියට ලියන් නැතුවනේ කියෝලා තියෙන්නෙ.......මේ අනිකා.......මේ.....මේ අනිකා.........පොත ගෙනල්ලත් නෑ මුං........ස්කෝලෙ නෙවේද අද ආවෙ........එකෙක් කරලා නෑනෙ පෝලිමේ...........යනවලා ඔක්කොම යනවලා එලියට "

" ආ......ව් බල්ලෝ "

" ස්....සොරි ඕයි........හිතලා කලේ නෑනෙ ඉතින් "

" කුනුහරපත් කියන්න ගත්තද ඒ පාර.........අනේ ඇත්තමයි මේ ලමයි කවදා හැදෙයිද මංදා.........මොකද බලන් ඉන්නෙ ඔහොම බලන් උන්නට වැඩක් නෑ යනවලා පෝලිමම එලියට "

මේ අනිකා කියාගෙන මැඩම් මට ගහන්න වගේ කෝට්ට උස්සද්දි මම පුටුවත් එක්ක පිටිපස්සට උනා. ඌ..........ප්ස් පො....ඩී අත්වැරදීමක්. පිටිපස්සට උන පාර අන්ඩක් ඉස්සරහට දාන් උන්නු සිතිජගෙ කකුලෙ පුටුව තද වෙනවත් එක්කම ඒකට කුනුහරුපෙකුත් එක්කම සද්දෙට කෙදිරි ගෑවුනා. මං හිතන්නෙ එයාට ඒකටනම් හික් ගෑවුනාද කොහෙද. අනිත් පැත්තට මැඩම් සිතිජ පැත්තට හැරිලා කුනුහරුපත් කියනවද ඒ පාර කියලා අතින් පිටට එකක් ගැහුවා.මං දන්නවනෙ ඕක මැඩම් රිදෙන්න ගැහුවෙ නෑ. ආයම අපි දිහාට හැරිලා කොට්ටත් වනන ගමන් එලියට යන්න යන්න කිව්වාම ඉදන් උන්නු තැන් වලින් නැගිට්ට අපි කට්ටිය ශේප් එකේ පන්තියෙන් එලියට ආවා. අද විද්‍යාව ඩබල් පීරියඩ්. මේවා ඇවිත් අපි පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයිනෙ පුරුදු වෙලා කරන ඒවා මිසක්. සූටින් මාටින් එකේ ග්‍රාම සේවකට වගේ අවුරුදු විස්සක පල පුරුද්දක් නැති උනත් අපිටත් ඉතින් එලියෙ ඉදලා යම්කිසි පලපුරුද්දක් තියනවා. මැඩම්ගෙ අනුකම්පාවට භාජනය වෙනකම්ම දැන් ඉතින් එලියෙ ඉන්න ඕන. අම්මගෙ සුදු පුතා අදත් එලියෙ. ජුක තමා

" එක අතකට ඒකත් හොඳයි නේද බං........නැත්තම් ඉතින් පීරියඩ් දෙකක් ඉන්න එපැයි පුටුව රත් කර කර.......මොනා උනත් මම ආදරෙයි ඕයි උබලට........දුකේදි මාව තනි කලේ නෑනෙ ඉතින්..........හැමදේම වෙන්නෙ හොදට "

" උබට කියන්නෑ ඉතින් මං හොදට වෙන දේවල්...........දැන්වත් එක විදියකට ඉදින්.........මගුල "

" හැමදේම පොසිටිව් හිතන්න පුරුදු වෙන්නලකෝ අප්පා.........ඔහොම බුම්මන් ඉන්න පුළුවන්ද ඈ "

" අනේ මේ කොටෝ කට වහන් ඉදහන්කො...........මැඩම් ආය දැක්කොත් මෙහෙම හිටන් ඉන්නවත් ඉතුරු වෙන්නෑ ඊලග පාර "

" මලීෂ උබ මටද කොටා කිව්වෙ.........ඒකත් හිතකින්ද.........මම ශෙනුල්ට වඩා සෙන්ටිමීර දෙකක් උසයි ඒක මතක තියාගන්න "

" ඕයි ඕයි යසිරු කට වහගනින් යකෝ.........බලපන් ශෙනුල්ගෙ මූන "

" තරහද සුදූ "

" අහකට වෙයන් යසිරු..........ඇගේ ඇලෙන්න එන් නැතිව "

යසිරු මගේ ඇගේ වෙලෙන්න එනකොට මම ඒකව පැත්තකට තල්ලු කලා. අපේ පන්තිය තිබුනෙ කෙලවරටම වෙන්න හන්දා ස්කෝලෙ භාගයක් විතර මෙතනට පේනවා. පැත්තකට වෙන්න හදලා තිබුන දහතුනේ බිල්ඩින් එක අපිට ඉස්සරහම තිබුන දහයෙ හෝල් එක...........එතකොට ඈතට වෙන්න තියන පිට්ටනිය තව හෝල් දෙක තුනකම රතු පාට උලු අල්ලපු වහලවල්........... ඇයි බිල්ඩින් එකට එහා පැත්තෙ තියන අඹ ගහ...... මේ ඔක්කොම මෙතනට හරි ලස්සනට පෙනුනා. එක අතකට මේ බිල්ඩින් එකේ තනි අයිතිය අපිට දුන්න එක හොදයි. උදේට එහෙම උඩට පහලට තට්ටු තුනක් බඩගාන්න තිබ්බත් මොකද මෙතන පට්ට පේලේස් එක. සින්දුවක් කිව්වත් එහා පන්තිවලට ඇර වෙන අයට ඇහෙන්නෙත් නෑ. අඹ ගහේ සමහරක් අතු බිල්ඩිම පැත්තකට නැවිලා තියන හන්දා ගෙඩි හැදෙන කාලෙට එහෙම අමුතුවෙන් ගස් නගින්න ඕන නෑ

එලියට දැම්මත් යසිරුට ගානක් නැතිකොට ඒකා අපිවත් අල්ලගෙන කයිය ගැහුවා. දවල් අහස ලස්සනට මෙතනට පේනකොට මම බලන් උන්නා. මුහුදු නිල් පාට අහසෙ ඉදහිටක වලාකුලක් දෙකක් විතරක් ගමනාන්තයක් නැතිවම රස්තියාදුකාරකමට ඔහේ පාවෙනකොට ඈත අහසෙ උකුස්සෙක් කරක් ගහනවා මම බලාන. මුරන්ඩුකාර ඉර දැන් දැන් අහසෙ හරි මැදටම වෙන්න මුදුන් වෙලා තියන හන්දා ලාවට රස්නයක් දැනුනත් මොකද ඈත ඉදන් හමන් එන හුලං රැලි හන්දම රස්නෙට වඩා සනීපයක් දැනුනා. දකින්නෙ පුංචි දෙයක් උනත් ඒකත් ඇති මනෝපාරක් ගහන ගමන් අනන්තයටම යන්න

මොකද මං ඇවිත් හේතුවක් නැතිවම පොඩි දේටත් හරි ඉක්මනට සතුටුවෙන පිරිමි ලමෙක්.......!!!

මගෙ මනෝපාරට බාධා උනා. ආයම පන්තිය ඇතුලෙන් විද්‍යා මැඩම්ගෙ මදුර නාදෙ ඇහෙනකොට මූනට මූන බලාගත්තු අපි හතර දෙනා හිමිහිට දොරෙන් ඇතුලට ඔලුව දැම්මා. ඒ පාර මොන බෝම්බෙද දන්නෑ පත්තු උනේ

" මේ බලනවලා කාලා ඒක දාලා තියෙන්නෙත් දොර අස්සට......... කෑවාම ඒක අරන් ගිහින් කුනු ගොඩට දාන්න බැරිද.........කුනු ගොඩ තියෙන්නෙ දොර අස්සෙද........... කිව්වට හැදෙන්නෑ තමුසෙලා "

" එහෙනම් මොකටද කියන්නෙ "

" කට වහගන්නවා මලීෂ "

" ඌ......යිහ් ගහන්නෙ මොකද.........මගුල "

ඒකත් හරි....... ඉන්ටවල් එකේ හංගපු ඩස්පින් එක මැඩම්ට හම්බවෙලා. කොහොම හොයාගත්තද කියන්න නම් දන්නෑ හංගපු කුනු එකටත් මැඩම් ඊලග පාර බනින්න ගන්නකෝ මම හොද හුස්මක් ගත්තා. මං කිව්වනෙ මේවා ඉතින් අපි පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයිනෙ

" මොකද හොරෙන් බලන්නෙ.........ඇතුලට එනවලා ඔක්කොම "

දොර අස්සෙන් එබීගෙන බලන් උන්නු අපිව දැකලා මැඩම් ආය පන්තිය ඇතුලට ගත්තා. මං කිව්වනෙ පොඩ්ඩක් සැර උනාට මැඩම් හරි හොදයි. අපි හතර දෙනා මුකුත්ම නොකියා ආයම ඇතුලට එනකොට ඉනටත් අතක් තියන් මැඩම් බලන් ඉද්දි යසිරු දත් තිස් දෙකම දාලා එයා එක්ක හිනා උනේ. අනේ ඉතින් ඒ ආතරේ........ මට මතකයි දහය වසරෙදි නිව්ටන්ට පින් සිද්ධ වෙන්න ඒකගෙ නියම තුන හරියට කියාගන්න බැරිවෙලා යසිරුවා මැඩම්ගෙ කෝටු පාරක් කෑවා. එදා ඉදන් යසිරු මාරම ආදරෙයි විද්‍යාව මැඩම්ට

යෝ වාද තංපාව රෝ මනූ යේසූ...........

ස්කෝලෙ අරින්න බෙල් කලාට පස්සෙ මායාවරුන්ගෙ ලෝකෙ සිංදුවේ මියුසික් එක දැම්මෙ ශිෂ්‍ය නායකයන්ට තමන්ට අදාල පංති වලට ඒ කාලෙ ඇතුලට යන්න පුලුවන් වෙන්න.දොලහ දහතුනේ අයියලා වැටෙන්නෙ අපේ ශෙක්ෂන් එකට. ප්‍රිෆෙක්ට් අයියලා දෙන්නෙක් වෙනදා වගේම අදත් පන්තියට එනකොට ප්ලේ වෙන ගාථාවේ අන්තිම පද පේලිය යනවත් එක්කම මම බෑග් එකේ එක අන්ඩක් උරහිසට දාගත්තා. ගාථාව ඉවර වෙනවත් එක්කම යසිරුලා එක්ක ගේට් එක ලගටම දුවන් එනකොට වේගෙ පාලනේ කරගන්න බැරුව මාව කාගෙහරි ඇගක හැප්පුනේ ඒ කෙනත් මාත් එක්කම අඩි දෙක තුනක් පිටිපස්සට යනකොට. හරි වැරැද්ද තිබුනෙ මගෙ අතේ උනත් මොකද මට නිව්ටන්ගෙ පරම්පරාවම මතක් උනා......

ලක්සරි වැනිලා සුවදක්

දුවන් ගියපු පාර කෙලින්ම වැදුනෙ කාගෙ උනත් උස පපුවක හන්දා මම හිමිහිට මූන උඩට කරලා බැලුවෙ මේ පාර හැප්පුනේ කාගෙ පපුවෙද කියලා. වෙනසක් නෑ ඒ උන්නෙ රශේන් අයියා. එයා ලගින් එන අර ලක්සරි වැනිලා සුවද හංදා මේ පාරත් අති සාර්ථක විදිහට මට යන එනමන් නැති වෙලා ගියා. ඒ අලු පාටට හුරු කලු පාට ගැබුරු ඇස් ඇවිත් කෙලින්ම නැවතුනේ මගෙ මූන උඩ හන්දා ඒ ග්ලැසියර පපුවෙන් අයින් වෙන්නවත් මට නෙවේ හරිහැටි සිහියක් තිබුනෙ. මං කිව්වනෙ එයාට තියෙන්නෙම ඕන කෙනෙක් එක බැල්මෙන්ම අතරමං කරලා දාන්න පුලුවන් මායාකාර ඇස් දෙකක්. කිව්වට විශ්වාස කරනවද හයේ ඉදන් මේ ස්කෝලෙ උන්නත් රශේන් අයියව මම පලවෙනියටම දැක්කෙ අද කියලා. මොන පුදුමයක් ද කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. මොන පුදුමෙ උනත් ඒක තමයි ඇත්ත. මම කල්පනා කලේ ඒ කාලෙ ඉදන් ස්කෝලෙම කරක් ගහපු මට මේ මූන කොහොම මිස් උනාද කියලා

උදේ දැනුන විදියටම දැනුත් ඒ සුවද කර්නිකා කෝශිකා පහු කරගෙන හදවතේ කුටීර ඇතුලටම යනකොට මම හුස්ම හිර කරන් බලන් උන්නා. ලමයි පෝලිම් ගැහිලා වේගෙන් අපිව පහුකරන් යනකොට ඒ දරදඩු අතකින් මාව එයාගෙ පපුවට තෙරපගන්නකොට මගෙ ඇස් දෙක ලොකු උනා. මොකක්ද ඒ උනේ........ නෑ මට වැරදුනා.......... පපුවට තෙරප ගත්තා නෙවෙයි එයා මාව අහක් කරගත්තා. මම එහෙම්මම පිටිපස්සට ඔලුව හැරෙව්වා. අපි උන්නෙ ගේට් එක ලග හන්දා දුවගෙන ආපු ලමෙක්ගෙ ඇගේ හැප්පෙන්න නොදී එයා මාව අහක් කරගෙන. මුදුන් වෙලා තියන ඉර හන්දනම් නෙවෙයි වෙන මොකක්දෝ හේතුවකට මට දාඩිය දානකොට මම බලන් උන්නා. මම හිතන්නෙ එක දෙයක් මම හරියටම දැන ගත්තෙ අද

අලු පාට තියෙන්නෙ ඇස්වල ඇමිනෙන්න

ආයම වතාවක්...........ඇහි පිල්ලමක්..........දෙකක්............මේ හැමදේම උනේ ආලෝක වර්ෂ ගානක වේගෙන් හන්දා මම ඒ ග්ලැසියර පපුවෙන් පැත්තකට උනා. මොන රෝමාන්තිකද........අයින් උනාට වඩා ඒ ආඩම්බරකාර ඇස් මාව අහක් කලා

" ස්....සමාවෙන්න "

අහුලපු වචනත් එකපාර ගොත ගැහුනද කොහෙද.... මොකද ඔච්චර ආඩම්බරකාරකමක්.....මම ඇහුවෙ මුකුත් නොකියම මට පිටුපාලා යන එයාගෙන්. කටින් කියලද..... අපෝ නෑ.....මොන පිස්සුද.....උගුරට ආපු වචනත් දිව ලගින් ගොලුවෙනකොට කටක් ඇරලා අහන්න පුලුවන්ද එහෙම. ශර්ලොක් හෝම්ස් එක්ක රැයක් එලි වෙනකම් සුරුට්ටු පත්තු කලත් උත්තර නැති ප්‍රශ්න මෙව්වා

" යමං...... බස් එක මග ඇරෙයි "

පසිදු ඇවිත් කරට අතක් දාගෙන කියවනකොට මෙච්චර වෙලාම අකීකරුකමට කොහෙදෝ දුවපු ඇස් ආයම ආවෙ පසිදු දිහාට. යසිරුයි මලීෂයි වෙන පාරෙ අනිත් පැත්තට යද්දි අපි දෙන්නා ආවෙ ඊට විරුද්ධ පැත්තට. මෙවෙලෙට බස් එකේ යනවට වඩා හොදයි පයින්ම ගෙදරට යනවා. විනාඩි පහක් විතර යද්දි බස් එකක් ඇවිත් හෝල්ට් එකේ නතර කෙරුවාම පසිදු මාවත් ඇදන් කොහමහරි පොරකාලා බස් එකට නැග්ගා. ඉස්කෝලෙ ලමයි හන්දම බස් එක කටපුරවලා දාලා.......පෙලක් ලමයි යන්නෙ foot board එකේ. සමහරු ඉන්නවා උන්ව ඉදගන්න කොච්චර ඉඩ තිබුනත් එල්ලිලාම යන්න ඕන

" ඉස්සරහට යන්න........ඉඩ තියනවනෙ ඉස්සරහට යන්නලා.........ඔය කොට මල්ලි මැද පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්න"

කොට මල්ලි.........මුගෙ අප්පට.....කටට එන වචන අම්මපා කියා ගන්න බැරි හැටියක්.....එහෙන් කොන්දා කෑ ගහනවා. මට කොටයි කියලත් කිව්වා. මැද පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්නලු. මම කියන්නෑ අල්ලන්න ඕන පොල්ල.....ඉඩ තියනවා ඉස්සරහට යන්න කියන්නෙ. මං අහන්නෙ ඇස් පේන් නැද්ද මේ මනුස්සයගෙ. මෙච්චර කට කපලා සෙනග ඉන්න බස් එකේ තව ඉඩ තියේලු. මට නම් හුස්ම ගන්න ඔක්සිජනුත් මදි. ඒ අස්සෙ කන දෙදරන්නම බස් එකේ මල් සිංදුවක් දාලා තියනකොට පසිදු මාවත් ඇදන් සෙනග අස්සෙන් මැද්දට ආවා

දෙව් ලෝකෙන් පැනලා ආවෙ

යන්න නෙවෙයි ආයෙ

පොලෙවෙ කොඩිය දාලා

අඩිය ගහලා ඉන්න ආවෙ

වෙරලු මල්............

අනේ මගුල......මට නම් බෑ.... බස් එක බ්‍රේක් ගහන වාරයක් ගානෙ මම එහාටයි ආයම මෙහාටයි විසික් උනා. එලවන අංකල්ගෙ හැකියාව තමා ඉතින්. ඇරත් මං විතරද කොහෙද මෙහෙම එහාට මෙහාට විසි වෙවී ඉන්නෙ. මම විදින දුක පසිදුට දරාගන්න බැරිවද කොහෙද එල්ලන් උන්නු බෑග් එකෙන් ඇදලා ගත්තු මාව එයාගෙයි ශීට් එකයි මැදට දාගන්නකොට මම ඔහේ උන්නා. අනේ මට මහන්සියි

" අම්මා.......ඔයාගෙ සුදු පුතා ආවෝ........කෝ අනේ ඔයා "

ගෙදරට ආපු ගමන්ම බෑග් එකත් සෝෆා එකට දාපු මම කලේ මගෙ මාතාව හොයන් කුස්සියට ගියපු එක. ඔය ඉන්නෙ. අනේ ඉතින් මෑනි මොනවා හරි හදනවා. මම එහෙම්මම ගිහින් අම්මව පිටිපස්සෙන් බදාගත්තා

" මං ආවා "

" පේනවා........කෝ අහකට වෙන්න දරුවො..........දාඩිය බේරෙනවා ගිහින් වොෂ් එකක් දාගන්න.......උයලා තියෙන්නෙ "

" ඔයාටත් දැන් මගෙ දාඩිය තමා ගද නේද........තාත්තගෙ ඒවා හරි සුවදයිනෙ "

" ඕ ඉතින් ඒ මගෙ මනුස්සයනෙ "

" ඒ ආතරේ බලන්න එපැයි.......අනේ මං යනවා "

ඔය මොන දේ කොහොම කිව්වත් අම්මා පිටිපස්සෙ උන්නු මගෙ ඔලුව නුහුරට අතගානකොට එයාගෙ කම්මුලක හාදුවක් තවරපු මම බාත්රූම් එකට අස්සට රිංගුවා. මේක අස්සෙ ඉන්නකොට තමා සැග උන දක්සතා එහෙම එලියට එන්නෙ. වැඩිය සමාජගත නොවුනට අපිත් හොද ගායකයො තමා. ශවර් එකෙන් වැටෙන වතුර නිරුවත් ඇග දිගේ තාලෙකට පල්ලම් බැහැගෙන යන්න යනකොට අම්මගෙ ශැම්පු බෝතලේ අතට ගත්තු මම සිංදුවක් කියන්න ගත්තා

බස් එකේ දැක්කෙ මා හා සිනා පෑවෙ

පුසුබේ බැරුවා මා ලගින් වාඩි වූයේ

ජනේලයෙන් අහක බැලුවෙ

මා ලෙස හොරෙන් බැලුවෙ

කොටුවට ටිකට් ගත්තෙ ඒ ලගම හදත් ගත්තෙ

වංගු ලාල ලාල ලාල ලා.........

වංගු ලාල ලාල ලාල ලා.........

හෝන් සද්දෙ ඇසේ සංගීතයක් සේ

ට්‍රැෆික් එක වෙනස් වේ.....

දැනේවි පෙම් සිසිලේ_

" දෙයියනේ ලමයො නානකොටවත් කටවහන් නාන්න බැරිද.......ලොකුයි නේද දැන්.......අහල පහල ගෙවල් වලටත් ඇහෙනවා සද්දෙ........ලැජ්ජාවෙ බෑ.......වතුරෙ ඉන්නෙ නැතිව ඉක්මනට නාලා ගොඩට එන්න සුදු පුතා "

බෑනෙ කරන්න ඉතින්. සැග උන දක්සතා සැගවිලාම යන එක අහන්නත් දෙයක්ද මෙහෙම වෙනකොට. මම මගෙ මදුර ස්වරයෙන් මෙහෙ ඉදන් ගී ගයනකොට අපේ අම්මා එහෙ ඉදන් කෑ ගැහුවා. අහල පහල අයට ඇහුනට මොකද අනේ. අතේ තිබුන අම්මගෙ ශැම්පු බෝතලෙනුත් තලියක් අතට අරන් කොන්ඩෙ ගාගත්තා. පුදුම සුවදක් අප්පා මේවගෙ තියෙන්නෙ. අම්මටත් ඉතින් තාත්තා ඉන්න හන්දම හොදයි

" කවන්නකො අම්මා"

" කවන්න තමා වෙන්නෙ........ඔය ඇගේ හැටි විතරක්......කටු ටික වැහෙන්න මස් ටික විතරයි.........ටිකක් හයියෙන් පිම්බත් විසි වෙලා යනවා "

" කියවන්නෙ නැතුව කවන්නකො අප්පා....... කොච්චර කෑවත් මහත් වෙන් නැති වෙන්නත් ලක් එකක් තියෙන්න ඕන.........ඔයාලට ඕවා තේරෙන්නෑ"

" ඔව්........ඔව් තේරෙන්නෑ......කෝ ආ ගාන්න........අලි බබ්බුන්ට කවන්නත් වෙලා.........එහා ගෙදර පොඩි නන්ගි තනියම කනවා මේ ලොකු අයියට තවම මම කවන්න ඕන.......තාත්තට කියන්න ඕන කඩචෝරු ගේන එක නවත්තන්න කියලා....... ඕවා හන්දා තමා කන්නෙ නැත්තෙ "

" අඤේ ඒ....ම ඤෑ "

" කියවන් නැතුව මේ බත් ටික කන්න ලමයො "

එහෙම කියපු අම්මා තව බත් කටක් කටට ඔබනකොට මම අමාරුවෙන් කියෙව්වා. අම්මටයි තාත්තටයි ඉන්නෙ මං විතරනෙ.....තාත්තා කියන විදියට මම නාසරානියා.....එකා යකා කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ. අම්මා කවපු අන්තිම බත් කටත් කාපු මම වතුරත් බීලා කාමරේට ආවෙ දුන්න වැඩ කරන්න. ස්පෝට් මීට් නෙවෙයි ගං වතුර ගැලුවත් විද්‍යාව ගනන් පීරියඩ් නම් අනිවාර්යයෙන්ම උගන්නනවා. ගනන් උගන්නන්නෙ වයසක සර් කෙනෙක්. පීරියඩ් එක ඉවර වෙනකොටම සර් දොර ලග. ආය ඉතින් දුම්මල ගැහුවත් එලෝගන්නවා බොරු. එතකොට සර්ත් නිකන්, පිස්සුද එහෙම මේ ලමයි දාලා යනවද මම වගේ ටයිප් එකක ඉන්නෙ

නිව්ටන්ට බම්බු ගහ ගන්න කියලා මම පයිතගරස්ට තැන දෙන්න හිතුවා. පෙරල ගත්තු ගනන් පොතේ හදන්න තිබුන සමීකරණ ඔක්කොම මම දන්න විදියට හැදුවා. පොඩි කාලෙ අම්මා තාත්තා කියලා දුන්නු දෙයක් තමා කොච්චර ඉගෙන ගත්තත් මුල් අමතක කරන්න එපා කියලා. අපේ මොලෙයි මහන්සියයි වෙනුවෙන් මිල නියම කලත් හදවතයි හැගීම් වෙනුවෙනුයි කවදාවත් කොතනකදිවත් මිලක් නියම කරන්න එපා කියන එක. ඇත්ත........තැනකට ගියාට පස්සෙ හුගක් මිනිස්සුන්ට අමතක වෙන දෙයක් තමා තමන් කොතන ඉදන්ද ආවෙ කියන එක

හවස් වෙනකම්ම කාමරේ අස්සෙ පොත් බදාගෙන උන්නු මම තාත්තගෙ බයික් එකේ සද්දෙ ඇහෙනවත් එක්ක ඉදන් උන්න පුටුවෙන් නැගිට්ටා. එක දිගට ඉදන් උන්නු හන්දා පස්සක් කියලා එකක් තියනවද කියලවත් දැනෙන්නැතිකොට මම ටිකක් පස්ස හෙලෙව්වා. අම්මා ගෙනල්ල දුන්න තේ කෝප්පෙත් අරගෙන මම කුස්සියට ගිහින් ටැප් එක ඇරලා හේදුවා. අම්මා රෑට උයනවා

" උදව්වක් ඕනද ඈ අම්මෙ "

" අනේ සුදූ බොරුව නොදා ඉන්න.......ඔයා මට කරන උදව්........තාත්තා ආව හන්දද ඔය "

" එපා නම් ඉතින් කමක් නෑ.........ඇරත් කරන උදව් ගාන්නෙ ඔයාට පොල් බෑය හරි ගාලා දෙන්න ඉන්නෙ මේ සුදු පුතා නේද ඈ"

" කරන්නෙත් පොල් ගාලා දෙන එක විතරයි..........ඒක අල්ලන් හැමදාම කියෝනවා..........ලැජ්ජ නැද්ද සුදු පුතා "

" නෑනෙ.........මං යනවා තාත්තාව හොයාන "

අම්මාව බදාගෙන චුට්ටක් හුරතල් උන මම කෙලින්ම එලියට ආවෙ තාත්තව හොයාන. හෙල්මට් එක ගලෝන ගමන් මං දිහා බලපු තාත්තා හරි ලස්සනට හිනාවෙනකොට මම කලේ ඇතුලට එනකම්ම තාත්තගෙ වටේ දැවටුන එක...

" කෝ එහාට යන්න මං ලග දාඩිය "

" කමක් නෑ........තාත්තෙ මේ "

" මොකද හොර ගල් අහුලන්නෙ "

" එනකොට මොනාද මට ගෙනාවෙ "

" අනේ උබේ කපටිකම්.........ඒත් මම බැලුවා මගෙ වටේ කැරකෙනකොට මොකද මේ කියලා........ආ ගන්න.......දැන්ම කන්නෑ කාලා කන්න.........නැත්තම් අන්තිම ඕවා කාලා රෑට කන් නැතුව යනවා "

තාත්තා ශොපින් බෑග් එකක දාපු කඩදාසි උරයක් දික්කරනකොට ඒක අත් දෙකෙන්ම බදාගත්තු මම එහෙ මෙහෙ ඈත් කරලා බැලුවා. බූන්දි..........මං ආසම කෑමක්......දැන් නම් රෑට කන්න ඕනත් නෑ. එහෙම්මම තාත්තා අම්මා හොයාගෙන කුස්සිය පැත්තට යනකොට මම හොරාට පැනි බේරෙන රතු පාට බූන්දි අහුරක් කටේ දාගත්තා

ටිකක් කෑවා කියලා මුකුත් වෙන්නෑනෙ

🌼 ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ තමා ඉතින්🥹. අදහසක් කොටන් යන්ඩ.....💚❤️

🌼 ස්තූතියි ඔයාලගෙන් ලැබෙන ආදරණීය කමෙන්ට් එකකට වෝට් එකකට

Share This Chapter