Back
/ 47
Chapter 3

🌼 chapter 03 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

Shenul pov

" හරි ලමයි මේ ගාන හදන්න ගන්න........මේ ටික විතරයි "

" අනේ සර් ඊලග පීරියඩ් එකට බෙල් එකත් ගැහුවා........බුද්ධාගම මැඩනුත් එනවා ඇති "

" ඉගෙන ගන්න කම්මැලි වෙන්න එපා ලමයි.........කෝ මේ ගාන හදන්න මේක විතරයි කිව්වනෙ........බුද්ධාගම මැඩම් තාම ආවෙත් නෑනෙ.......කෝ ඉක්මනට කරන්නලා "

මොනා කරන්නද ඉතින් මේ ඇවිත් ගනන් පීරියඩ් එකනෙ. පීරියඩ් එක ඉවර වෙන්න බෙල් එක ගහන්න දැන් විනාඩි පහක් විතර ඇති. ඒත් ගනන් සර් නෙවෙයි පන්තියෙන් යන්න තියා හිතුවෙවත්.නහයට වැටිලා තියන කන්නාඩි දෙකත් උස්ස ගත්තු සර් ආයම බෝඩ් එකේ ප්‍රස්තාරයක් අදින්න ගන්නකොට කොටු රූල් පොතේ අගට වෙන්න මම කුරුටු බලියක් ඇන්දා. පසිදු නම් දාගෙන සර් කියන එක හදනවා. මලීෂ කියලත් වෙනසක් නෑ. බෝඩ් එකෙන් පොතට ආයම පොතෙන් බෝඩ් එකට විතරක් ඒ බැල්මවල් හුවමාරු වෙද්දි මමයි යසිරුයි විතරද කොහෙද එකතැන ඉන්න බැරුව උන්නෙ. ලමයිගෙ චුරු චුරුවට අන්තිමට සර් වෙනදා වගේම හෝම් වර්කුක් දීලා වාර්තා පොතෙත් අස්සන ගහලා එලිබහිනකොට සර් ගියත් හරි මෙච්චර වෙලාවක්ම ඔක්සිජන් හිර කරගෙන උන්නු ලමයි ටික උන්නෙ කූඩුවෙන් නිදහස් කරගත්ත කුරුල්ලො ගානට.

මම කියලත් අමුතු වෙනසක් නෑ ඉතින් මාත් ලමෙක්නෙ. ඉදන් උන්න පුටුවෙන් නැගිට්ට මම අත පය හොදට දිග අරින ගමන් හිරි ඇරියෙ පසිදුවා ගෙදරදි කරන් එන්න කියලා දුන්න හෝම් වර්ක් ස්කෝලෙදි කරන්න ගත්තම.ඉගෙන ගන්න කම්මැලි නෑ.....හැබැයි පීරියඩ් එකත් පන්නලා මේ වගේ වෙලාවට ඉගැන්නුවම හරි කම්මැලියි....

" බුද්ධාගම මැඩම් දැන්ම එයිද "

" ස්පෝට්ස් මීට් හන්දා සමහරවිට එන්නෙ නැතුවත් ඇති බන්.........උබලා තරග වලට නම් දුන්නද "

" විකාරද.......ආසාවට ගෙදර වටේ දුවපු නැති මම කොහොමද මලීෂ පිට්ටනිය වටේවත් දුවන්නෙ "

" මම නම් යනවා හැබැයි........තරගයකට හිටියෙ නැති උනාට කමක් නෑ ශෙනුල් මේ පාර පෙරඩ් එකටවත් ඉදහම් "

" අව්වෙ කර වෙන්න බෑ බන්.......බලමුකො.......මොකද කියන්නෙ මැඩනුත් නැති එකේ එලියට යන්ද "

" මට නම් බෑ සර් කෙනෙක්ට අහු වුනාම ගුටි කන්න "

" නෑ.......නෑ........එහෙම වෙන්නෑ........එනවලකෝ යන්න "

මම කට්ටියගෙන් එලියට යන්ද කියලා ඇහුවම යසිරුයි මලීෂයි කැමති උනත් මොකද වැඩිය ඇවිදින්න කැමති නැති පසිදු නම් බෑ කිව්වා. එහෙමයි කියලා ඉතින් අපි සැලෙනවද මං අහන්නෙ....නෑනෙ......නෑනෙ......බෑ බෑ කියපු පසිදුවත් ඇදගෙන ඉස්සල්ලාම අපි තුන්දෙනා ආවෙ කැන්ටිමට. මේ දවස්වල ස්පෝට්ස් මීට් වලට ලග හන්දා හුගක් ලමයි පන්තිවල නෑ. එහෙමයි කියලා ගනන් විද්‍යාව වගේ පතාගෙන ආපු විශයන් අපිව අත අරින්නෙත් නෑ. හොද වෙලාවට නිව්ටන්ගෙ වැඩ කලේ මොලෙන් සීයට හතක් විතරයි. ඉතිරි සීයට අනූ තුනත් වැඩ කලානම් අපිට එල්ලෙන්න වැලේ වැල් නැතුව යනවා. එක අතකට දැන් නිව්ටනුත් ලෝකෙ කොහේහරි ඉපදිලා එයාම හොයපු දේවල් එයාටම පාඩම් කරගන්න බැරුව එයාටම සාප කරගන්නවා වෙන්නත් පුලුවන්. අනිත් කෙනා පයිතගරස්....අර කොන්ඩෙට කරන්ට් එක වැදුනා වගේ ඉන්නෙ. අනේ ඉතින් කොහොම ඔය මොල පහල උනාද දන්නෑ ඒ උන්දලට

එක අතකට අපි මොන පම්පෝරිය ගැහුවත් ස්කෝලෙ යනකාලෙ අපිට බරකට කියලා තියෙන්නෙ එල්ලන් යන පොත් බෑග් එකේ බර විතරයි. ඇයි ජීවත් වෙන්න ප්‍රශ්න කියලද. අපි ස්කෝලෙ ඉන්නකම් කරන්නෙ පාරෙ යන වාහන දිහා බලන් අනේ ඒ කාලෙ කොච්චර හොදද කියලා හිතන එක....පස්සෙ කාලෙක පාරෙ යනකොට ඉස්කෝලෙ දිහා බලන් ඉබේටම හිතෙනවා අපි ඒ කාලෙ කොච්චර සතුටින් උන්නද කියලා. ජීවිතේ කියන්නෙ ඕකට. කාලෙ තියෙන්නෙම ගෙවිලා යන්න. කොච්චර නාසරානි වැඩ කලත් අපි දැන ගන්න ඕන ඉගෙන ගන්න කාලෙ හොදට ඉගෙන ගන්න. මොකද මේ යන කාලෙ ආය දෙපාරක් එන්නෑ

" මොනාද කන්නෙ "

" ඉන්ටවල් එකත් ඉවර හන්දා දැන් නම් වැඩි දෙයක් නැතුව ඇති........තියන දෙයක් බලලා ගනින්........බීම බෝතලේකුත් එක්ක"

" එහෙනම් ඉතින් පස්සෙ චුරු චුරු නොදා ගේන දෙයක් කාපල්ලා හරිද "

එහෙම කියපු මලීෂ කැන්ටිම ඇතුලට යනකොට අපි තුන්දෙනා එතනම තියන BS කාමරේ බිත්තියට පිට දුන්නා. යසිරු කකුලක් නවලා බිත්තියට තියාගන්නකොට මම බලන් උන්නෙ කුනු වලට කුනු දාලා මුකුළු කර කර එන පොඩි ඇච්චො දෙන්නා දිහා. දැන් පොඩි උන් බටු ඇට වගේ. ඒ ඉතින් ඇගෙන් විතරයි උන්ගෙ කටවල් අවුස්ස ගත්තහම හරියට නිකන් මීතොටමුල්ල කුනු කන්ද අවුස්ස ගත්තා වගේ තමා ඉතින්. දැන් මෙහෙම ආතල් එකේ හිටියට මොකද ස්පෝට්ස් මීට් ඉවර උනු ගමන් එක දිගට විභාග. ඔක්කොමත් හරි රිසාල්ට් එක අම්මලගෙ අතට දෙන ගමන් කියන ඒවා තමා ඉවසන් ඉන්න බැරි. චම්පිකා මැඩම්නම් අපේ රැස්වීමක් මග ඇරියෙ නැතිම තරම්. එනකොට අපි ඔක්කොම එක්ක හරි ලස්සනට හිනා වීගෙන ඇවිත් දිග අරිනවා ඉතින් පතරංග ජාතකය වගේ. ඕවා අහන්න ඉදලා ගෙදර ගියාම අම්මලා ඔලුව කන්න ගත්තහම ඊට වඩා සැප.....කොමස් මැඩම් නම් එහෙම වැඩි දෙයක් කියලා කියන්නෑ කෙලින්ම කියන්නෙ ලමයිට පෝන් දෙන්න එපා කියලා. පස්සෙ ඉතින් පීරියඩ් කට් කරන ඒවායි පීරියඩ් අස්සෙ හොරෙන් කෑම කන ඒවායි කියන්න ගන්නකොට අපිට සසර කල කිරෙනවා. මං නම් කියන්නෙ ඕවා කිව්වා කියලා ඇත්තටම වැඩක් නෑනෙ. ඇයි ඉතින් අපි ඕවා කරන එක නතර කරනවද.....නෑනෙ......ස්කෝලෙ කාලෙ කන්න ආතල් තමා කවදහරි දවසක හිනා වෙවී හරි මතක් කරන්න ඉතුරු වෙන්නෙ

" ආ මේන් ගෙනාවා.........අර අතන තියන ඇහැල ගහ යටට යමුද "

කැන්ටිම ඇතුලට ගියපු මලීෂ බනිස් වාගෙකුයි බීම බෝතල් දෙකකුයි උස්සන් එනකොට අපි එතනට ටිකක් එහායින් තියන ඇහැල ගහ යටට ආවා. මෙතන මරු ප්ලේස් එක.....මම ස්කෝලෙ ආසම තැන.....දහතුනේ කොමස් සෙක්ෂන් එකට ටිකක් ඉස්සරහට වෙන්න තියෙන්නෙ එච්චර උසට නොගිය හැබැයි හැම පැත්තටම අතු විහිදුන ඇහැල ගහ. ගහ වටේට තැනින් තැන ගල් බංකු තුන හතරක් තියෙනකොට අපි ගහ යටටම වෙන්න තිබුන ගල් බංකුවේ ඉදගත්තා. කාලෙකට මේ ගහේ කොල හැලෙනවා. ආයම තවත් කාලයක් තියනවා මුලු ඇහැල ගහම වහගෙන වට්ටිය වගේ කහ පාටින් මල් පිපිලා යන. ඒ කාලෙට බලන්න ලස්සනයි මෙතන. ගහ වටේටම මල් හැලිලා තියෙනකොට කියන්න වචන නෑ. ඒ තරමට ලස්සනයි. ඇහැල ගහට මෙහාට වෙන්න ඉස්සරහ තිබුනෙ බුදු මැදුර. මම කිව්වනෙ මං ස්කෝලෙන් ආසම තැන තමා මෙතන. ඇහැල ගහේ අලුතෙන් දලු ඇවිත්......ලා කොළපාට දලු හන්දා ගහ එහෙමත් ලස්සනයි. ඒ කියන්නෙ තව කල් නොයා ලගදිම මලුත් පිපෙයි

" ආ ගනින්.........තමුසෙටනෙ එලියට එන්න ඕන උනේ නේද "

" හෙට ඉස්කෝලෙ එනවද උබලා........මට නම් කම්මැලී........උගන්නන්නෙත් නෑනෙ මේ දවස්වල හරියට "

" උගන්නන්නෙත් නැත්තම් මොකද උබ උගන්නන වෙලාවටත් එහෙට මෙහෙට ඇබරෙන්නෙ "

" හරි බන් ඉතින් කොහමත් එහෙමනෙ.......ශෙනුල් ඔයා එනවද "

" ඔව් ඔව් එනවා.......ආයම මෙහෙම ඉන්න වෙන්නෙත් නෑනෙ මේවා ඉවර උනහම..........ඒ හන්දා එමු මේ ටිකේම..........ඇරත් තව ටික දවසයි "

පසිදු මගෙ අතට දුන්න මාලු බනිසෙ තව කෑල්ලක් කඩාගන්න ගමන් මම හක්කට දාලා හැපුවා. මේවා සල්ලි දීලා කනවට අපිට වෙනම ගානක් දෙන්න ඕන....ඇයි ඉතින් පිටි ගුලිය බනිස් කරලා විතරයිනෙ. කට වචනෙට මාලු බනිස් කියලා කිව්වට කොහෙද මාලු තියා අඩුම හරියට සැමන් කෑල්ලක්වත් නෑ. වැලි තලප කියලා කිව්වට ඒවයෙ වැලි නෑ. ගල් බනිස් වල ගල් නෑ. ඒවගෙ තමා මාලු බනිස් වල මාලු නෑ. කඩාගත්තු කෑල්ල තවමත් හක්ක අස්සෙ හිරවෙලා තියනකොට මම බනිසෙන් තව කෑල්ලක් කඩාගෙන අනිත් හක්කට දාගත්තා. ඒ කරලා දෙකම එක පාරට හපන ගමන් යසිරු අතේ තිබුන කහ පාට බීම බෝතලේ අරගෙන ඒකෙනුත් උගුරක් බිව්වා....

" උබලා මොකද මෙතන කරන්නෙ.......පිට්ටනියට යන් නැද්ද "

" නෑ අයියෙ මේ අපි ආය පන්තියට යන්න ඕන........උගන්නනවනෙ "

" අනේ උබලගෙ බොරු.........ඉන්ටවල් එකට පස්සෙ පීරියඩ් ඔක්කොම ලමයිට ග්‍රවුන්ඩ් බහින්න කියලා තියෙන්නෙ.........මොනාද ඉන්න තරග "

" හේ......හේ එහෙම එකක් නෑ ඉතින්.........මට කොහමත් ඉන්න බෑ අයියෙ හතියනෙ "

" මට අව්වෙ ඉන්න බෑ අයියා ඔලුව රිදෙන්න ගන්නවා පොඩි කාලෙ ඉදන්..........නැත්තම් ඇත්තටම මම තරග වලට ඉන්නවා "

" ඇයි මල්ලි උබ ඔහොම බලන්නෙ.........උබට පිටගැස්මද "

" මම කිව්වා තොපිට පන්තියට වෙලා ඉමු කියලා "

දෛවයේ සරදම් කියලා කියන්නෙ ඉතින් මේවට තමා.....අහෝ දුකකි ඉරකි තිතකි. ඇහැල ගහ යට ඉදන් මාලු බනිසක් පාඩුවෙ කකා කයියක් දාගෙන ඉන්න ගියත් මොකද රශේන් අයියයි එයාගෙ යාලුවොයි නොහිතපු විදියට එතනට ආවා. තරග වලට ඉන්නැද්ද කියලා එතන උන්න පසන් අයියා අපෙන් අහනකොට ක්‍රීඩා වලට අකමැති මගෙ කට ඇද වෙලා ගියා. ඒකා ප්‍රිෆෙක්ට් කෙනෙක්. එතන රශේන් අයියා එක්ක තව පස් දෙනෙක් උන්නා. ඔක්කොගෙම නම් දන්නැති උනත් රශේන් අයියයි තව අයියා කෙනෙකුයි ඇර ඉතුරු හතර දෙනාම ප්‍රිෆෙක්ට්ලා. එකෙක් DHP.....මෙයාලට බොරු කියනවට වඩා හොදයි අඩුම පෙරඩ් එකට හරි යනවා. අවුරුදු උත්සවේට ගම හරහා දුවලා අන්තිම ඉදන් එක වෙන මලීෂට අද කවදාවත් නැතුව හතිය හැදිලා තියෙද්දි පසිදුට අවුවෙ ඉන්න බැරි ලෙඩක් හැදිලා තිබුනා. ඒත් මට එහෙම එකක් මතක නෑනෙ. මම හිතන්නෙ ඒවා ඇවිත් සනිකව හටගන්න ලෙඩ. ඒත් එයාලා යසිරුට මුකුත් නොකීවෙ ඒකා ස්පෝට් වලට කොහමත් ඉන්න හන්දා. එතන හිටපු තව අයියා කෙනෙක් මගෙ දිහා බලන ගමන් ඇයි පිටගැස්මද කියලා අහනකොට මුකුත් නොකියපු මම අතේ තිබුන අන්තිම බනිස් කෑල්ලත් කටේ දාගන්න ගමන් ඒක අහපු අයිය එක්ක හ....රී ලස්සනට හිනා උනා. මොනා උනත් ස්කෝලෙ ඉන්න ප්‍රිෆෙක්ට් උදවිය තරහ කරගන්න හොද නෑ. මොකද කොන්ඩෙ ටිකක් වවන් ආවත් ඇති උන්දැලට කුපිත වෙන්න

ඒ අස්සෙ පසිදු මට විතරක් ඇහෙන්න බනිනවා. අනේ ඉතින් මං මොනා කරන්නද. පන්තියේ ඉන්න බැරි හන්දනෙ එලියට යමු කියලා කිව්වෙ. එහෙමයි කියලා මට දිවැස් තියේද මෙයාලා එයි කියලා බලන්න.....

" ඒ මල්ලි ඔය බීම බෝතලයක් දියන්කො........මහන්සියි ඕයි "

" උබලා එකොලහේ කීයෙද "

" E එකේ අයියෙ........රසිකා මැඩම්ගෙ පන්තිය "

" ආ අපේ මැඩම්නෙ........එයා මරු ඉතින් ඈ.......අනිත් අය වගේ නම් නෙවෙයි හරි හොදා "

" ඒක ඇත්ත "

කොච්චර කොහොම මොන දේ උනත් රශේන් අයියා නෙවෙයි කටක් හෙලෙව්වෙ. ඒ ඇදුමෙ උඩ බොත්තම් දෙක තුනම ගලෝලා දාලා. කන ලගින් ගලන් යන දාඩිය බිංදු පාරවල් තාමත් ඒ මූනෙ හිටලා තිබ්බා. ඇදන් උන්නු ශර්ට් එකේ පිට පැත්ත ඇගටම ඇලිලා ගිහින්. එයාට මහන්සිද කොහෙද. එයානෙ ඉතින් ස්කෝලෙ ගේම් කැප්ටන්. එයා විතරක් නෙවෙයි මේ පාර ඒ ලෙවල් ලියන හැමෝම ස්පෝට්ස් මීට් එකට හරියට මහන්සි වෙනවා. ඇයි ඉතින් ආය එයාලට මෙහෙම එකක් හම්බෙන්නෑනෙ. මේ ඇවිත් එයාලගෙ අන්තිම ස්පෝට්ස් මීට් එක. කොහමත් ඒකට කලින් දවසෙ අයියලා සර්ලත් එක්කම ස්කෝලෙ නතර වෙනවා. පසන් අයියා අපෙන් බීම බෝතලයක් ඉල්ලනකොට යසිරු මේස උඩ තිබුන බෝතල් දෙකම දීලා දැම්මා. රශේන් අයියත් මුකුත්ම නොකියා බීම බෝතලේ කටේ ගහ ගන්නකොට මම බලන් උන්නා. පසිදු අයියා ශර්ට් එකේ අත් වැලමිට ලගටම නවලා බොත්තම් දෙක තුනක් ගලෝන ගමන් මේසෙ උඩ ඉද ගත්තා. එයා විතරක් නෙවෙයි ඔක්කොම එහෙමයි. එයාලගෙ ටයි තිබුනෙත් එක්කො ශර්ට් එකේ සාක්කුවේ නැත්තම් කලිසම් සාක්කුවේ

මම උන්නෙ ඇහැල ගහ ලගම තිබුන බංකුවේ ඉදගෙන. අතේ තිබුන බීම බෝතලෙන් තව උගුරක් බොන ගමන් රශේන් අයියා ඇහැල ගහට පිට දීලා හිට ගත්තෙ එක කකුලක් නවලා ගහට තියලා හේත්තු වෙන ගමන්. මම උන්නෙ ඉදන් උන්න හන්දා ඒ කකුලක මාව හේත්තු වෙලා. ඒත් එයා නෙවේ මුකුත් කිව්වෙ. එයාට ගානක් නැද්ද කොහෙද. වෙන්න එපැයි අපි ඔක්කොම කොල්ලොනෙ. ඒ කකුලකට මගෙ පිට හේත්තු වෙලා තියන හැටි හොද හැටි මට දැනුනත් මොකද මම ඔහේ උන්නා. නෑ මම දැනුනත් නොදැනුනා වගේ උන්නා. වෙනදා තරමටම නැතත් අදත් එයා ලගින් ඒ වැනිලා සුවද හදනකොට අහේතුවකට මම පපුව පිරෙන්න හොද හුස්මක් ගත්තේ අහස දිහා බලාගෙන. මෙච්චර වෙලාම තැන තැන දිව්ව ඒ කලු පාටට හුරු අලු පාට ඇස් මගෙ මූන ලග තප්පරයකට..........දෙකකට

විතර නවතිනකොට ඒ මූනෙ ලා හිනාවක් ඇදෙනවා මම බලාගෙන

මායාකාරයි........නෑ මම කියන්නෙ මේ හැමදේම......!!!

එයා හිනා වෙනවා. පේන්න හිනා වුනේ නැතත් ඒ මූනෙත් ලස්සන හිනාවක් ඇදිලා තිබුනා. ඒත් ඒ මොකටද.......කෙනෙක්ට හිනා වෙන්න හේතුවක් ඕනමද......නැතුව හිනා වෙන්න හේතුවක් ඕන නේන්නම්. මගෙ ඇස් තිබුනෙ ඒ හිනාව අස්සෙ. එයාට තියෙන්නෙ අත්තික්කා තරු හිනාවක්. මගෙ දිහා බලපු රශේන් අයියා කොන්ඩෙට අත තියනකොට අදත් මම හුස්ම හිර කරගත්තා. අන්න ආයම හදවත සම්ප්‍රදායෙන් පිට පැනලා.....ලාවට අපිව පහු කරන් යන හුලග පවා ඔච්චමට ඔපෙරා කියනවද කොහෙද. ඒත් මට මොකටද හුලග මොනා කලත්. ඒ ටිකට මම අජීවී හුලං පොද එක්ක පවා හරි හරියට උරන උනා.....

ඒ ඇගිලි අස්සෙ හිර වෙලා තිබුනෙ කහ පාට ඇසල මලක්. ඒත් ඇහැල මල් කොහෙන්ද මේ කාලෙට. මං ඒත් කල්පනා කලා. ආවාරෙට පිපුන මලක්. මලක් තියා අඩුම පොහොට්ටුවක් එන්න හිතලාවත් නැති ඇහැල ගහෙන් කොහෙන්දෝ අස්සක කෙලින්ම මලක් වැටිලා තියෙන්නෙ මගෙ ඔලුවට. ඒ ඇගිලි තුඩු අස්සෙ හිර උන කහ පාට ඇසැල මල දිහාවට ඇස් රදෝගත්තු එයා ඊලගට මගෙ දිහා බැලුවා. ඇහි පිල්ලමක් දෙකක් ඉබේටම ගැහුනෙ මටත් නොදැනිවමයි. මේ මොන මඟුලක්ද මේ.....ඒ අස්සෙ මම මටම දොස් තියා ගත්තා. මම බලාගෙන එයා අතට හිර වෙලා තිබුන ඇහැල මල ඇගිලි තුඩු වලින් හිමිහිට කරකවනවා

" අවාරෙට පිපෙන මල් හරි ලස්සනයිලු "

රශේන් අයියා එහෙම කියනකොට මම එක මොහොතකට කල්පනා කලා. ආවාරෙට පිපෙන මල් ඇත්තටම ලස්සනද.... නෑ මං අහන්නෙ ආවාරෙට පිපෙන මල් ඉක්මනට පරවෙලා යන් නැද්ද. සමහරවිට එයාලටත් කරන්න දෙයක් නැතුව ඇති

" මොකක්ද රශේනයා උබ කිව්වෙ "

" මුකුත් නෑ "

" හරි එහෙනම් පිට්ටනියෙ මැච් එකක් යනවා ඔයාලත් එනවද.......අපේ කට්ටිය ගහන්නෙ "

" ආවාට කමක් නැද්ද අයියෙ "

" නෑ........නෑ.....කමක් නෑ වරෙන් යන්න........කොහමත් උබලා දැන් නිකන්නෙ ඉන්නෙ "

එහෙම කියපු අයියලා කට්ටිය අපිවත් එක්කගෙන පිට්ටනියට ගියා. කිව්වත් වගේ මැච් එකක්. අයියලා කට්ටිය ක්‍රිකට් ගහනවා. එයාලා උන්නෙ පිට්ටනියෙ කොනකට වෙන්න. තව තැන් තැන් වල ස්පෝට්ස් මීට් එකට එකේක ස්පෝට් කරන ගමන් උන්නා. ටීචලා සාරි පොට ඔලුවට දාගෙන තවත් අය තොප්පි දාගෙන ලමයිව පුහුනු කරනකොට කෙලවරටම වෙන්න හවුස් හදන ගමන් උන්නා. අපේ හවුස් ඔක්කොම හතරයි. මහවැලි.........කැලණි.......වලවේ.......නිලවලා. මමයි පසියයි කැලණි. මලීෂ මහවැලි යසිරු වලවේ. ගියපාර දිනුවේ නිල්වලා. අපි දෙක.....මේ පාර මොකක්ද දන්නෑ. අපේ හවුස් එකේ පාට ගහන බැජ් එකේ උඩින්ම ඉරකින් ගිහින් තිබුනා. මගෙ නම් කහ. තාම හවුසස් අයියලා කට්ටිය හදනවා. ඒ හැම එකක් ලගම තමන්ගෙ හවුස් එකේ කොඩියක් ගහනවා. කැලණි එකේ එක හදන්නෙ කෙලවරේමයි. තමන්ගෙ එකම කියලා නෑ කොල්ලො අනිත්වගෙ මොනවද වෙන්නෙ බලන්න හොරාට ඒ හවුස් වලටත් යනවා.....

පසන් අයියා එන්න කියාගෙන ක්‍රිකට් ගහන තැනට යනකොට යසිරු ඉස්සරහින් ගියා. ඊට පිටිපස්සෙන් අපි තුන් දෙනා ගියා. හැබැයි මෙහෙමයි උඩ දාගෙන ගියාට මොකද අර තුන් දෙනාට පුලුවන් උනාට මට හරියට තාලෙකට පිත්ත වනා ගන්නවත් බෑ. එහෙමයි කියලා ලැජ්ජ නැතුව මට බෑ කියන්නත් බෑ. වස නෝන්ඩිය

දැන් නම් ඉතින් මට ඇත්තටම පිටගැස්මට වගේ

🌼 අදහසක් කොටන් යන්ඩ.......ස්තූතියි ඔයාලගෙන් ලැබෙන ආදරණීය වෝට් එකට.......කමෙන්ට් එකට 💚❤️

Share This Chapter