Back
/ 47
Chapter 4

🌼 chapter 04 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

Shenul pov

අපි උන්නෙ පිට්ටනියෙ කොනකට වෙන්න....දැනට විනාඩි කීයක් නම් කියලා පහු උනාද. හරියටම බැලුවොත් හතර වෙනි පීරියඩ් එකටත් බෙල් එක ගහලා දැන් සෑහෙන්න වෙලා. එහෙම බැලුවාම අඩුම පැයක්වත් අපි අව්ව තපින්න ඇති. අනිත් අයට ගානක් නෑ. පෙලක් අය නිවාස හදන එක පැත්තකින් තියලා ක්‍රිකට් ගහනවා. ලක්ශිත අයියා බෝල දාන්න ඉන්නකොට මේ පාර බැට් කරන්න උන්නෙ රශේන් අයියා. ලක්ශිත අයියා කියන්නෙ අපේ ස්කෝලෙ ඉන්න අභිමානවත් ප්‍රධාන ශිෂ්‍ය නායකයා. එයා ඩියුටිවල ඉන්නකොට කොච්චර අභිමානවත් විදියට උන්නත් මේ වගේ වැඩ වලදි ඒකගෙ අභිමානවත්කම හොයා ගන්න CID එකෙන්වත් දාන්න වෙනවා. මම බලන් උන්නෙ රශේන් අයියා දිහා බලාගෙන අති තියන බෝලෙ දෙතුන් පාරක්ම උඩ දාන අපේ හෙඩ් ප්‍රිෆෙක්ට් දිහා. එයා කියලත් අමුතු වෙනසක් නෑ. අනිත් අය වගේම ශර්ට් එකේ බට්න් දෙක තුනක් ගලෝලා දාලා අත් වැලමිට ලගට නවලා. ස්කෝලෙ අභිමානය පෙන්නුම් කරන ටයි පටිය තුනට හතරට නවලා සාක්කුවේ දාගෙන. හෙඩ් කියලා අඳුනගන්න පුලුවන් විදියට බැජ් එක විතරක් ඒ සාක්කුවේ තාම ගහගෙන උන්නා. එක අතකට ඔහොම ඉන්න එක පුදුම වෙන්න දේකුත් නෑ. මොකද ස්පෝට්ස් මීට් එක හන්දා එයාලා දවසම ඉන්නෙ අව්වෙ. ඒ හන්දා ටීචලා සර්ලවත් වැඩිය මුකුත් කියන්න යන්නෑ. උසස්පෙළ කරන පෙලක් අයියලා ස්කෝලෙ නම ගහපු ටී ෂර්ට් එක පවා මේ දවස් වලට ඇදන් ඉන්න වෙලාවල් තියනවා. හැබැයි ඔය කොහම උනත් ස්කෝලෙන් එලියට යනකොටනම් හැම කෙනාම යන්න ඕන පිලිවෙලට

ලොවි ගහේ අත්තක අගිස්සට වෙන්න තිබුන තාම හරියට පාටවත් වෙලා නැති ලා කොල පාට අමු ලොවි ගෙඩියක් කඩාගත්තු මම කෑල්ලක් කටට දාගන්න ගමන් ඉතුරු කෑල්ල පසිදුවට දුන්නා. දත් අස්සෙ තිබුන ලොවි කෑල්ල දිවෙන් හක්කට දාගත්තු මම එක පාරයි හැපුවෙ හැපුව පමාවට මූනත් එක්ක මොකක්ද වෙලා ගියේ ඒකෙන් ආපු ඇබුල් ගතියට. එක අතකට ඒක ඇවිත් හද්ද තුරු ගැටයක්. ඈත අහසෙ ඉර හිමි හිමිහිට මුදුන් වෙන ගමන් තියන නිසාද කොහෙද තදටම නැතත් ලාවට රස්නෙ ගතියක් තිබුනා. මෙච්චර වෙලාම කෙලින් හිටන් උන්නු මම ලොවි ගහට පිට දුන්නා. ලොවි ගහේ අතු නිසා එච්චරටම අව්ව මෙතනට නොආවත් පිට්ටනියෙ ඉන්න අනිත් අයගෙ මූනු වලනම් තිබුනෙ මහන්සිපාටක්. මායි පසිදුයි ලොවි ගහ යට ඉන්නකොට මලීෂයි යසිරුවයි නම් පැනගෙන ගියා ක්‍රිකට් ගහන්න. යසිරු ක්‍රිකට් පොලු ලග ඉදන් කීප් කරනකොට මලීෂ තව පැත්තක් රකින ගමන් උන්නා. පසිදු නොගියෙ ඇයි කියලා නොදන්නව උනත් මම නොගියේ ක්‍රිකට් ගැන මෙලෝ මලදානයක් නොදන්න නිසා. අයියලා කට්ටිය එන්නැද්ද කියලා ඇහුවත් එයාලා එක්ක ලස්සනට හිනාවෙන ගමන් මම ඒක බොහෝම යටහත් පහත්ව ඔලුව දෙපැත්තට වනලා නෑ කිව්වෙ කටක් ඇරලා මුකුත් කියාගන්න බැරි උන නිසා. මොකද මම කොහොමද කියන්නෙ මට හරියට තාම පිත්තවත් වනා ගන්න බෑ කියලා

මෙච්චර වෙලාවක්ම බෝලෙ උඩ දදා උන්නු ලක්ශිත අයියා එක පාරම බෝලෙ දානකොට රශේන් අයියා එයාගෙ පැත්තට ආපු බෝලෙට වෙරදාලා ගැහුවෙත් මගෙ ඇස් පුදුමෙන් ලොකු උනෙත් එක පාරමයි. ලොවි ගහට හේත්තු වෙලා උන්නු මම ටක් ගාලා අනිත් පැත්තට පැන්නා. හරි ඒක ඇවිත් හයේ පාරක්. අති විශිෂ්ට ප්‍රරහාරයක්. හැබැයි මෙහෙමයි ඒක ඇවිත් වැටුනෙ වැරදි තැනට. තප්නරයක්..........දෙකක්..........තුනක් නෑ මං හිතන විදියට ඊට වඩා තප්පර ගානක්ම ගියා උනේ මොකක්ද කියලා හරියටම මගෙ ඔලුවට ප්‍රොසෙස් කරගන්න. ලොවි ගහේ අත්තක වැදුන බෝලෙ පෙරලිලා ඇවිත් හරියටම මගෙ සපත්තු දෙක ඉස්සරහින් නතර උනා. මම එහෙම්මම ඔලුව උස්සලා කට්ටිය දිහා බැලුවා. ඒ මූනවල් වල............ඇත්තටම මොන වගේ හැගීමක්ද ලියවෙලා තියෙන්නෙ. රශේන් අයියා බැට් එක අතේ තියන් මගෙ දිහා බලන් ඉන්නකොට ඒ ඇස් හරි සූක්ෂම විදියට මම මගැරියා. ඒ ඇස් දිහා නොබලා ඉන්න තරමටමයි හොද. මොකද ඒවා ඒ තරමටම ගැබුරුයි. පාතට නැවිලා බෝලෙ අතට ගත්තු මම මගෙ දිහා මහ අමුතු විදියට බලන් ඉන්න ලක්ෂිත අයියට බෝලෙ පාස් කලා

" ඇත්ත කියහන් මල්ලි......යකෝ උබට කොල්ලෙක් වෙලත් කැච් එකක්වත් අල්ලගන්න බැරිද........අනේ මංදා උබලත් "

එතන උන්නු තව අයියා කෙනෙක් එහෙම කියනකොට මං කලේ මුකුත් නොකියා ලාවට හිනා උන එක. මොනා කියන්නද ඉතින්. සෑහෙන්න වෙලාවකට පස්සෙ අන්තිමට එයාලගෙ ක්‍රිකට් ගැහිල්ල නතර උනා. එතන උන්නු අයියලාගෙන් සමහරක් ආයම හවුසස් තියන තැනට යනකොට තවත් දෙතුන් දෙනෙක් යසිරුලා එක්ක ටැප් පේලිය ලගට ගියා. මෙතන ඉදන් තව කරන්න දේකුත් නැති එකේ මායි පසිදුයිත් ටැප් ලගට ගියා. කට්ටිය එතනත් කයිය ගගහා හිනාවෙනකොට අහම්බෙන් මගෙ ඇස් ගිහින් නැවතුනේ රශේන් අයියා ලග. එයා ටැප් එකට කට තියලා වතුර බොනකොට ඇගිලි අස්සෙන් පෙරිලා යන වතුර බිංදු අන්තිමට සින්ක් එකේන් අස්සට ගිහින් නොපෙනීම ගියා. අතට ගත්තු වතුර ටික මූනෙ හලාගන්න ගමන් ඒ ඇස් අහේතුවකට මගෙ ලග නතර වෙනකොට මම කලේ ටක්ගාලා අහක බලාගත්තු එක. ඒත් ඇයි ?? මගෙ හිත මගෙන්ම එක මොහොතකට ප්‍රශ්න කලා. ඇත්තටම ඇයි මම අහක බලාගත්තෙ......මම ඒකට හොද හේතුවක් කල්පනා කලා. එයා දැක්කද දන්නෑ සමහරවිට.....ආයම මට එහෙමත් හිතුනා.

ටික වෙලාවක් එහෙම්මම උන්නු මම ආයම හොරාවට බැලුවෙ රශේන් අයියා දිහා. වෙනසක් නෑ ඒ බැල්ම එහෙම්මමයි. ග්ලැසියර බැල්ම.......ඔන්න හදවත ආයම වෙනම රිද්මයක........!! මොන විකාරතක්ද මේ....??නෑ මං අහන්නෙ හේතුවක් නැතිවම හදවත උනත් ඔය හැටි ගැහෙන්නෙ මොකද. ඒ ඇහි පිහාටු වතුර හන්දා එකට ඇලිලා තියනකොට පුංචි වතුරදිග බිංදු ඇහි පිහාටු අග රැඳිලා තියන හැටි මම මෙතනට දැක්ක විදියනෙ පුදුමෙ. ඔක්කොමත් හරි ඒ ගැබුරු බැල්මට අහේතුවකට මාව පසාරු කරගෙන යනවා වගේ මට දැනෙද්දි මම කලේ එතනම තිබුන ගැට්ටට හේත්තු උන එක. තාමත් එයා එහෙම්මමයි.....මොන විකාරයක්ද මංදා. මම මටම හිමීට මුමුනගන්න ගමන් අහක බලාගත්තා

වැඩි දෙයක් නෑ කටින් නිහඩ මිනිස්සු ඇස් වලින් කතා කරන හැටි මම මේ ටික දවසට ඉගෙන ගත්තා

මම රශේන් අයියා එක්ක ලාවට හිනා උනා. එයාත් පෙරලලා ආපිට මා එක්ක හිනා උනා කියලා හිතුවද......?? අපෝ නෑ......මොන පිස්සුද. රශේන් අයියා කලේ මුකුත් නොදැක්ක ගානට අහක බලාගත්තු එක. ඒත් එක්කම මට මතක් උනේ ඇහැල ගහ ගාවදි එයාට ලාවට හිනාවක් ගිය හැටි. ඒක හිතලුවක් වෙන්න බැයිද. එක තප්පරේකට මට එහෙමත් හිතුනා. එයා ඇත්තටම එවෙලෙ එයා හිනාවුනා වෙන්නත් පුලුවන්.......සමහරවිට එහෙම නොවෙන්නත් පුලුවන්. මොනා උනත්,

එයා ඇවිත් මහ ආඩම්බරකාර පිරිමි ළමයෙක්...........!!!

" වන සන්නැතිව කාපල්ලා........අන්තිමට අස්කරන්න ගියහම උබලගෙ ආච්චි සීයා පවා මතක් වෙනවා "

" ඒහ් නුවන්තයා හිර උනා යකෝ......වතුර බෝතලේ දියන්කො "

" කෝ යකෝ මේකෙ තිබ්බ බිත්තරේ........තොපි මාර පේරේතයොනෙ බලන් ගියහම........බෙදාගෙන කන්න තිබ්බ එකනෙ මොකෙක් හරි එකෙක් තනියම කාලා තියෙන්නෙ "

" කෑ ගහන් නැතුව කාහන්කො ඕයි "

හැමදාම එකම විදියමයි....කිසි වෙනසක් නෑ. අදත් ඉන්ටවල් එකේ කනකොට වටේ උන්නු එවුන් දෙමල්ලු පඩි ගත්තා වගේ කියවන්න ගත්තා. ඒ අස්සෙ එකෙක් කෑගහනවා ඒකා ගෙදරින් අරගෙන ආපු බිත්තරේ මේ ටිකට මිසින් කියලා. පුදුම වෙන්න දෙයක් නෑ. බිත්තර ගෙනාපු හැමදාකම ඒක නැතිවෙන එක ඇවිත් සාමාන්‍ය දෙයක්. උන්ට ඕන එකක් කියලා මම කන්න ගත්තෙ මේ දිග ඇරපු බත් එක විනාඩි දහයට ඉවර වෙන හන්දා. පිට්ටනියෙන් එනකොටම වගේ ඉන්ටවල් එකට බෙල් එක ගහපු හන්දා අපි කෙලින්ම ආවෙ පන්තියට. ඒ ඇවිල්ලත් මුං කෑම එකට මරා ගන්නවා. හැබැයි ඔය මොනා උනත් තනි තනියෙන් කනවට වඩා කට්ටිය මෙහෙම එකට කනකොට ඒකෙ තියෙන්නෙ වෙනම රහක්

" ලැබ් එකට යමන්.......චම්පිකා මැඩම් ලැබ් එකට එන්න කියලා.......මං හිතන්නෙ අද ප්‍රැක්ටිකල් කරයි "

" පටක පෙන්නයි වගේ අද එහෙනම්.........නෝට් එක ලියලා තියෙන්නෙත් බාගෙට බං දැන් ඕකට ගියහම අනිවා නෝට් බලයි..........අනිත්වා කට් කලා වගේ නෙවෙයි ඕක කට් කලොත් කොහමත් කේස්.........දන්නවනෙ එයාගෙ කට.........ඊට සැපයි ගුටියක් කාලා පැත්තකට වෙනවා "

" සමහරවිට අද බලන එකකුත් නෑ හැබැයි.......යමං යමං ඉක්මන් කරලා නැත්තම් ඕකටත් බැනුම් අහනවා "

ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් තුනම හිස් තිබුනා. ඉතින් ඒ මුලු වෙලාවෙම අපි උන්නෙ ග්‍රවුන්ඩ් එකේ. යසිරුවනම් දුවන්න ඉන්නවා කිව්වා. මලීෂයත් පෙරඩ් එකට ඉන්නවා. මාවයි පසිදුගෙයිත් නම් දෙක පසන් අයියලා ලියන්න යනකොට බොහොම ආමාරුවෙන් කියලා කියලා නවත්ත ගත්තෙ. වැන්දෙ නැති ටික විතරයි එයාලට. අනේ මට නම් බෑ අව්වෙ කරවෙන්න. ඕවට ගියා වගේ නෙවෙයි ඊට පස්සෙ හමේ පාට වෙනස් උනොත් අම්මගෙ ක්‍රීම් උලන්න කියලද. දැන් තියෙන්නෙ විද්‍යා පීරියඩ් එක. මං කිව්වනෙ ඔය මොනවා තිබ්බත් චම්පිකා මැඩම් උගන්නවා. බෑග් එක අස්සෙ තිබුන විද්‍යාව නෝට් පොතත් එක්කම මං අච්චු පොත අතට අරන් පර්ස් එකේ තිබුන නිල් පෑනකුයි කලු පෑනකුයි ඊට අමතරව වැදගත් කරුනක් ලියාගන්න ඕන උනොත් කියලා රතු පෑනකුත් සාක්කුවට දාගත්තා. යන හැම තැනකටම පර්ස් උස්සන් යන්න පුලුවන්ද. මේ දවස්වල එල්ලන් යන බෑග් බර නෑ. මොකද උගන්නන්නෑනෙ. ගනන් විද්‍යාව පොත් ඇරුනම තව නෝට් පොතකුයි කෑම පෙට්ටියයි විතරයි බෑග් එකටම කියලා තිබුනෙ

" දැන්වත් යන්ද "

මලීෂ එහෙම අහනකොට මම ඉස්සර උනා. දැනටමත් පන්තියේ බාගයක්ම ළමයි ලැබ් එකට ගිහින්. අපේ ස්කෝලෙ විද්‍යාගාර දෙකක් තියනවා. එකක් තියෙන්නෙ අපේ හෝල් එකට එහා පැත්තෙ. ඒක අපේ වයිස් ප්‍රින්සිපල් කෙනෙක්ගෙ. එයත් විද්‍යාව සර් කෙනෙක්. එයාගෙන් එහෙම අපි කොච්චර ගුටි කාලා ඇද්ද දහය වසරෙදි කෑගහනවා කියලා. ඇයි ඉතින් සර්ගෙ ලැබ් එක තිබුනෙ අපේ දහයෙ හෝල් එකේ කොනකට වෙන්නනෙ. මොන පිනකටද මංදා අපේ පන්තිය වැටුනෙම එයාගෙ ලැබ් එකට අල්ලපුම පන්තියට. සංසාරෙ කරපු පින් තමා ඉතින්. ඇයි සර් ඇවිත් තියෙන්නෙම අපිව පතාගෙන ඔතාගෙන යන විදියටනෙ. ලතා...........සර්ගෙ ඇත්ත නම සුදේශ් උනාට අපේ උන් හැමදාම කිව්වෙ ලතා කියලා. අයිටී රූම් එකට යන පාරෙ සර් කතා කරන තාලෙ කන් ඇතුලෙන් ඇහෙන්න ගන්නකොට මම කලේ ඔලුව දෙපැත්තට වනපු එක

" ළමයි පොරකන්නැතිව ඇවිත් එක එක්කෙනා බලන්න........මේ තියෙන්නෙ රෝස පාටට කොපුල් සෛලයක්........පේනවනෙ.......එතකොට මේකෙන් පේන්නෙ ලූනු සිවියක තියන සෛල "

" කෝ පේන්නෑනෙ මැඩම් "

" ඔහොම නෙවෙයි එක ඇහැක් විතරක් දාලා බලනවා........පෙරලනවකො පුලුවන්නම් ඕක නටලා "

අපි උන්නෙ ලැබ් එක ඇතුලෙ. කට්ටිය අන්වීක්ෂ වලට දාලා තියන සෛල බලන්න පොරකනකොට මගෙ ඇස් නම් තිබුනෙ ' ඇල්ලීමෙන් වළකින්න ' කියලා බෝඩ් එකක් ගහලා තිබුන කබඩ් එක ලග. මේකෙ ඇත්තෙ මොනවා වෙන්න පුලුවන්ද....සමහරවිට අධිමාත්රික අම්ල වර්ග එහෙම වෙන්නත් පුලුවන්. ඒ කබඩ් එක තිබුනෙ ලොක් කරලා. කබඩ් එක තිබුනෙ ලැබ් එක ඇතුලෙත් කෙලවරකට වෙන්න හන්දා ඕක ඉතින් එහෙම ලොකුවට කාටවත් ගානක් නෑ

" උබ ඕක දිහා බලන් අහස පොලව ගැට ගහන්නෙ ඕක ඇරලා බලන්න එහෙම නෙවෙයිනෙ ශෙනුල්.........වරෙන් යන්න මොකද මට උබව සත පහකට ශුවර් නෑ "

" කොහෙද ඉතින් උබලගෙත් හෙන සැකේනෙ "

" අනේ ඉතින් මොකට කියනවද දහයෙදි උබලා එක්කලා සෝඩියම් කෑල්ලක් මැඩම්ට හොරාට උස්සලා අර වතුර ටැංකියට දාලා තව පොඩ්ඩෙන් පිනාගෙනුත් හොදවයින් කනවා "

" හේ.......හේ.......එවාට තමයි සුද්දා ප්‍රැක්ටිකල් කියලා කියන්නෙ "

කබඩ් එක දිහා බලන් කල්පනා කරපු මම මේ ලෝකෙට ආවෙ සිතිජගෙ කට හඩට. අපේ පන්ති නායකයා. මොනා උනත් ඒකා පව් හැබැයි. ඇයි ඉතින් අපේ උන් කරන ඔක්කොම කුපාඩි වැඩ මාට්ටු උනහම ඒවට බැනුම් අහන්නෙ සිතිජනෙ. හොදම දේ තමයි කොච්චර කොහොම උනත් අපේ පන්තියේ අය මාරම සමගියෙන් ජීවත් වෙන්නෙ. පන්තියෙ කාටහරි මොනවාමහරි කරදරයක් උනත් ඔක්කොම එකට උන්නා. සිතිජ එක්ක මේසෙ ලගට ආපු මම එහෙම්මම නතර උනා. අපි උන්නෙ පිටිම පස්සෙ. මැඩනුත් ළමයිට කෑගගහා අණ්වීක්ෂවල දාලා තිබුන සෛල වර්ග පෙන්නුවා

" බැලුවද "

" තාම නෑ "

ඉස්සරහට වෙන්න උන්නු පසිදු මගෙ ලගට එනකොට මෙච්චර වෙලාම අතුරුදහන් වෙලා උන්නු අනිත් දෙන්නත් පිටිපස්සට ආවා. මං එතනම එහා පැත්තට වෙන්න තිබුන මිනී ඇට සැකිල්ලෙ අත අරගෙන මගෙ අතකට පටලෝ ගත්තා. අනේ ඉතින් මෙයාගෙ ලස්සන. මං නම් කියන්නෙ අපි කෙනෙක්ට ආදරේ කරනකොට බාහිර රූපෙට ආස කරන්න හොද නෑ. එයාගෙ ඇතුලාන්තෙටයි ආස කරන්න ඕන. හරියට මේ සැකිල්ල වගේ. යසිරු එයා බලපු තායි ඩ්‍රාමා එකක් ගැන කියෝනවා. මාත් ඕක බලන්න උන්නා කොහෙද පන්ති හන්දා මග ඇරිලම ගියානේ. අදවත් ගෙදර ගියහම බලන්න ඕන

" ශෙනුල් ඔන්න ඕක අත ඇරපන් බන්..........ඕකට මොනවහරි උනොත් උබේ සැකිල්ල තමා ලැබ් එකට දෙන්න වෙන්නෙ"

" හුටා..........හිතලා කලේ නෑනෙ "

" හරිද අමාරුව........දැන් සැපද "

යසිරුගෙ ඩ්‍රාමා එක ගැන අහනගමන් මම කලේ සැකිල්ලෙ අල්ල ගත්තු අත එහෙට මෙහෙට පද්දපු එක. මලීෂ නවත්තපන් කියලා කිව්වත් මොකද ඒකටත් දිව දික්කරපු මම තුන්දෙනාට පේන්නත් එක්කම සැකිලි අත පද්දන්න ගත්තත් එක්කම අත ගැලවිලා මගෙ අතට ආවා. අනේ දෙයියනේ...........ඕ මයි ගෝඩ්........කඩවලේ........මගෙ කට ඇද වෙලා ගියා. සැකිල්ලෙ ඇට කට්ට තාම මගෙ අතේ තියනකොට මම අරුන් දිහා හොරාවට බැලුවෙ දැන් මොකද කරන්න ඕන කියලා අහන්න. පසිදු නම් ඔලුව දෙපැත්තට වනලා අහක බලාගත්තා

" මං දන්නෑ "

" අනේ බං දැන් මොකද ඕයි කරන්නෙ.........මැඩම් දැක්කොත් නම් අර කිව්වත් වගේ මගෙ සැකිල්ල තමා ලැබ් එකේ තියන්නෙ...........මැඩම් දකින්න කලින් මොනවහරි කියන්නලකො "

" මොනවා කරන්නද දැන්........ඔය ඇට කට්ට තාමත් අතේ තියන් ඉන්නැතිව ඔය මේසෙ උඩින් තියලා හිමීට ශේප් එකේ මාරු වෙමු දැන්වත්........මෙහෙ වර යකෝ........බත් කන හරකා "

මලීෂ කිව්ව විදියට අතේ තිබුන සැකිල්ලගෙ අත දිහා බලපු මම ආයම සැකිල්ල දිහා බැලුවා......සමාවෙන්න.....ඇත්තටම සමාවෙන්න......මියානේ.....වරදක් කලත් සිතකින් නොවේ. අතේ තිබුන සැකිලි අත වටපිට බලලා එහෙම්මම මේසෙ උඩින් තියලා ශේප් එකේ එතනින් අපි කට්ටිය මාරුවෙලා මැඩම් ඉන්න තැනට ආවා.

බලන්න හිටපු ‍ඩ්‍රාමා එකේ දැනට ඇවිත් තිබුන එපි ටික ඩවුන්ලෝඩ් වෙන්න දාපු මම මිදුලට ආවෙ අම්මගෙ පැටව් ටිකට සාත්තු කරන්න. කුනු ලේ පාට රෝස ගහේ මලක් එක්ක තව බාගෙට පිපෙන ගමන් තිබුන පොහොට්ටුවක් තිබුනා. පොහොට්ටුව කඩා ගත්තු මම ඒක කන පිටිපස්සෙ රදෝගන්න ගමන් වතුර බටෙන් වතුර දාන්න ගත්තෙ සිංදුවකුත් මුමුන මුමුන ලාවට වගේ තාලෙට අඩි තියන ගමන්. මෙහෙමයි ඉතින් මම නටන නැටුම් ලස්සන නෑ තමා ඒ උනත් මම හිතන් ඉන්නෙ එහෙමනෙ

" කොල කඩ කඩ බොරුවට දෙනවා

අපි ගහ හොද හැටි අදුරනවා

කොල කඩ කඩ බොරුවට දෙනවා

අපි ගහ හොද හැටි අදුරනවා

අපිට බොරු චාටු එපා........අපිට බොරු_ආ...ව්හ් අම්මෙ...හ් මොකද අප්පා ගහන්නෙ "

නොහිතපු වෙලාවක පස්සට වැදුන අතුල් පාර එක්ක මගෙ කට ඇද උනා. මූනත් බෙරි කරගෙන නොක්කාන්ඩුවට වගේ පිටිපස්ස බලනකොට තමා දැක්කෙ මට රවන් උන්නු අම්මව. ඒත් මං අහන්නෙ මොකටද ඔහොම රවන්නෙ

" මොකද අනේ ඔහොම බලන්නෙ.......ඔයා නිකන් ඉන්නෙ මේ දැන් පිපිරෙයි මේ දැන් පිපිරෙයි වගේනෙ.........ඇත්තටම ඔයාට මට ගහන් නැතිව ඉන්නම බැරිද අම්මා........ඉන්නකො තාත්තා ආවාම මම කියනවා "

" ගහන්නෙ..........ගහන්නෙ ඇයි අහන්නෙ.........අනේ ඇත්තමයි ළමයො ඔයාට අතක් පයක් තියාගෙන ඉන්නම බැරිද ආ.........මොකක්ද ඔය වෙලා තියෙන්නෙ.......බලනවා සුදූ මගෙ රෝස ගහේ ඉස් ඉස්සෙල්ලාම ආපු මල් දෙකනෙ.......පිපෙන්නත් කලින් එකක් කනේ ගහගෙන.......ඇත්තමයි මට එන කේන්තියට_"

" හෝව්.....හෝව්.....හෝව් පොඩ්ඩක් ඉන්න.......පොඩ්ඩක් ඉන්න.......පිපිලා පරවෙලා යන මලටනෙ මට ගැහුවෙ ඔයා.......පස්ස රිදෙනවා අනේ "

" රිදෙන්න තමා ගැහුවෙ.......ඒ අස්සෙ බටෙත් තියාගෙන තව පස්ස වන වන නටනවා........පාරෙ යන එන මනුස්සයෙක් දැක්කනම් තමා මේකට ලැජ්ජාව "

" අනේ මේ.......මං යනවා.....මෙන්න ඔයාගෙ වතුර බටේ "

" ගෙට යනකොට කකුල් දෙක හෝදගෙන යන්න සුදු පුතා "

අතේ තිබුන වතුර බටෙත් අම්මගෙ අතට දීලා එතනම වතුසුද්ද ගහ ලග තිබුන ටැප් එකෙන් කකුලුත් හෝදගෙන මම ගේ ඇතුලට ආවා. අර එපිසෝඩ් ටික ඩවුන්ලෝඩ් වෙලාද දන්නෑ දැනටමත්. කාමරේට ආපු මම පෝන් එක අරන් බැලුවෙ ඒ ටික ඩවුන්ලෝඩ් වෙලාද කියලා. ඩවුන්ලෝඩ් වෙලානම් තමා ඒ උනත් මම පැය ගානක්ම ඩව්න්ලෝඩ් කරලා තියෙන්නෙ සිරීස් එකේ අරාබි සබ් එකක්. ඒක දැකපු මගෙ මූන අපායට ගහපු කැලැන්ඩරේ වගේ උනා

යල්ල හබිබී

🌼 ඔයාලට කතාව දැනෙන විදිය ගැන අදහසක් කියන් යන්න වස්තුලා

🌼 ඉතින් මගෙ කතාව වෙනුවෙන් දෙන ආදරණීය වෝට් එකකට කමෙන්ට් එකකට ආදරෙන් ස්තූතියි.....💚❤️

Share This Chapter