Back
/ 47
Chapter 5

🌼 Chapter 05 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

Shenul pov

" ඔය කොළ ටික කන්න සුදූ.......මේ බලන්නකො ඉතින් හැමදාම මේ ලමයා ඔහොම්මමනෙ......කොළ ටික පිගානෙ පැත්තකනෙ "

" අම්මා කියනවා හරි සුදු පුතා ඔය ටික කන්න.....කොළ කන්නෙ හරක් විතරක් නෙවෙයිනෙ "

" අනේ තාත්තා......බලන්නකො අම්මා තාත්තා මට හරකා කියලා කිව්වනෙ "

" ඔයාට මම එහෙම කිව්වෙ නෑ කොල්ලො......ඔයානෙ ඔය ඒ විදියට හිතන් කෑ ගහන්නෙ මම මොනා කරන්නද......සදූ නංගිලා කතා කලා අද.....නිවාඩු වෙලාවක් බලලා එහෙ ගිහින් ආවනම් හරිනේ.....ගියෙම නෑනෙ දැන් කාලෙකින් "

" පුතාට නිවාඩු දවසක් බලලා ගිහින් එමු එහෙනම් සුධීර "

අපි උන්නෙ රෑ කෑම මේසෙ වාඩි වෙලා. අම්මා කිව්වත් වගේ කොළ මැල්ලුමක් හැදුනු හැම දවසකම ඒවා මගෙ පිඟාන කෙලවරකට වෙන්න ගොඩ ගැහුනා. ඇත්තම කතාව මම කන්න කැමති නැති එක. ඕවා කන්න බෑ අප්පා මෙලෝ රහක් නෑ. තාත්තා මට විහිලු කරන්න ගන්නකොට මම කලේ අම්මට කෑ ගහපු එක. විහිලුවට තමා. ඒත් අම්මා ගනන් ගත්තා කියලා හිතනවාද.මොන පිස්සුද.....එයා එයාගෙ පාඩුවේ කනකොට මම නොක්කාන්ඩුවට එක කම්මුලක් පිම්බුවා. තාත්තා හිනා වෙනවා මම බලාගෙන. එයාටත් ඉතින් මාව විහිලුවකට ගන්න තියනවනම් ඊට වඩා දෙයක් නෑ. රෑ කෑම මේසෙ අපි තුන්දෙනාම ඉන්න තැන මේවගේ විහිලු හරි සාමාන්‍යයි. පුංචි පවුල රත්තරන් කියලා කියනවනෙ

තාත්තා නැන්දලා ගැන කියනකොට බත් පිගානෙ තිබුන බෝංචි කෑල්ලක් මම ඉස්සර දත් අස්සෙ හිරකර ගත්තා. නැන්දා මතක් කලාලු.මොකටද දන්නෑ. අනේ මටනම් බෑ එහෙ යන්න. අර පොඩි වසවර්තියා ගැන මතක් වෙනකොටත් මගෙ ඇග වෙවුලලා යනවා. දවසක් අපේ ගෙදර ආපු වෙලාවක ඒකා මං ආසාවෙන් පරිස්සම් කරපු බැට් මෑන්ගෙ ඔලුව දෙකට මැදින්ම මහ සාහසික විදියට කඩලා දැම්මෙ මගෙ පපුවත් ඒවගේම කැඩිලා යනකොට. එතකොට මං අට වසරෙ.....බොරු කියන්න මොකටද මට නම් තාත්තගෙ පැත්තෙ ඉන්න එක නෑදෑයෙක්වත් පේන්න බෑ. තාත්තා අම්මාව ගෙනාපු මුල් දවස්වල ඉදන් එච්චර හොද හිත නෑ එයාලට අම්මා එක්ක. ආච්චි එහෙම මාව හම්බෙන්න හිටපු මුල් කාලෙදි අම්මාට එයා නොසෑහෙන්න වෙනස්කම් පවා කලාලු. තාත්තා පවා ඕවා නොදන්නවා නෙවෙයිනෙ. පස්සෙ ඉන්න බැරිම තැනලු අපිටම කියලා ගෙයක් හදාගත්තෙ. තාත්තා වැඩට යද්දි පවා මාව තනියම හදාගන්න කාපු කට්ට දන්නෙ අම්මා විතරයි. දැන් ඉතින් එයාලා වෙනසක් නැතුව කතා කලත් මොකද මට දිරවන්නෙම නෑ. අම්මානම් කියන්නෙ පරන දේවල් අමතක කරලා ඉන්න ටික කාලෙ හොදට කතා කරන්න කියලා. කතා නම් කරනවා තමා ඒත් මම එයාලා එක්ක වැඩි බජනෙට යන්න කැමති නෑ

අනපු අන්තිම කටත් කටට දාගත්තු මම අයින් කරලා තිබුන ගොටුකොළ සම්බෝලෙ තාත්තගෙ පිගානට වෙනදා වගේම ශේප් එකේ දානගමන් අම්මා පස්සෙන් කුස්සියට ආවා. පිගාන වතුරට අල්ලන ගමන් සබන් දාලා හෝදලා රැක් එකට දාන ගමන් නිල් පාට කෝප්පෙට වතුර එකක් පුරෝගන්න ගමන් මම කලේ එතනම තිබුන පැන්ට්‍රියට හේත්තු උන එක.  අතේ තිබුන කෝප්පෙන් වතුර උගුරු දෙක තුනක් එක පාර බිව්ව මම අම්මා දිහාට හැරුනා. එයා කුස්සිය අස් කරනවා

" අම්මා දැන් එතකොට අපි නැන්දලාගෙ ගෙදර යනවද.......අනේ මට නම් බෑ එහෙ යන්න.....මම කැමති නෑ අනේ "

" යන්න එපැයි සුදූ.....බෑ කියලා බෑ මේ සතියෙ යන් සෙනසුරාදට විතර.....ඔයාටත් හවසට පන්ති නෑනෙ.....තාත්තා පව්නෙ එයයි මමයි තනියම ගියහම හරියනවද  එහෙම.....ඔයා කෝ කියලා ඇහුවම "

" පන්ති කියන්නකො අනේ....එයාලා දන්නවෑ මට හවසට පන්ති නෑ කියලා....අනේ අම්මෙ මට බෑ අනේ......අර වසවර්තියත් ඉන්නවනෙ "

" මොකද දරුවො මේ......මොනාද අර පොඩි දරුවට ඔය කියන්නෙ....ඒ ලමයා තාම පොඩියි......පොඩි අය එහෙම තමා.....ඇරත් ඉන්න නෙවෙයි යන්නෙ ආයම එනවනෙ.....ඒ හන්දා බෑ කියන්න එපා.....කෝ දෙන්න  "

" එපා මම හෝදන්නම් "

අතේ තිබුන හිස් කෝප්පෙ අම්මා අරන් හෝදන්න ගන්නකොට මම කලේ නැන්දලාගෙ ගෙදර යන්න බෑ කියලා නොක්කාන්ඩු කිව්ව එක. හරියන්නෑ....මේ පාර නම් යන්නම වෙයි වගේ. නංගි නම් අවුලක් නෑ මල්ලි තමා අවුල්.  බිත්තියේ ගහපු ඇනේක එල්ලා තිබුන සුදු පාට ලේන්සුව අතට ගත්තු මම පැන්ට්‍රිය උඩ තියන ගමන් දිග ඇරියා.  එක කොනක රතු පාට මල් තුනක් එක්ක කොල දෙකක් මහලා තියන සුදුපාට ලේන්සුවක්. ලේන්සුවේ හතර කොන ඇතුලු පැත්තට නවනගමන් මම කලේ නෙලුම් මලක් හදපු එක. ඕවා ඉතින් හිච්චා කාලෙ කරපු ඒවනෙ. ඒත් එක්‌කම  කුස්සියට ආපු තාත්තගෙ අතේ තිබුන පිගාන ගත්තු අම්මා ඒක හෝදන්න ගත්තා. අත හෝදපු තාත්තා මගෙ දිහත් බලන ගමන් පිටිපස්සෙන් අම්මව බදාගත්තා. ඒත් එක්කම අම්මගෙ ඔලුවට ආදරෙන් හාදුවක් දෙකක් තිබ්බෙ මම බලන් ඉන්නකොටමයි

" කෝ අහකට යන්න සුධීර......මේ දරුවත් බලාගෙන......මොනාද අනේ කරන්නෙ අයින් වෙන්නකො "

" මං පොඩ්ඩක් බදාගත්තම මොකද වෙන්නෙ සදූ......ආදරේටනෙ.....ඇරත් මම තමුසෙගෙ මනුස්සයනෙ ඕයි.....ළමයා බලන් ඉන්නකොට මොනා වෙනවා කියලද නේහ් සුද්දා "

" ඔව් ඔව් මම බලන් හිටියට මොනවා වෙනවා කියලද අම්මෙ.....ඔයාලා එහෙනම් කරගන්නකො මම යන්නම් නේ "

" අනේ ළමයො......ඔයත් හැදෙනවා දැන් ගානට "

තාත්තා මගෙ දිහා බලලා අම්මට හොරාට ඇහැක් ගැහුවා. එයා අම්මව අවුස්සනවා. තාත්තා නම් කියන්නෙ අම්මව එහෙම අලුස්සනකොට එයාට හෙන ලස්සනයිලු. ඇත්ත තමා. ඒ දෙන්නට එහෙම්මම ඉන්න දෙන්න මම තීරනය කරපු හන්දා අම්මාගෙයි තාත්තගෙයි රසවින්දනයට මැද්දෙන් මම පොඩ්ඩක් බාධා කලා. දෙන්නටම මැදි උන මම අම්මගෙ කම්මුලක් ඉබින ගමන් තාත්තාගෙ උසට ඇගිලි තුඩු වලින් ඉස්සුනා

" කොළ ටිකක් කලා එහෙම තව උස පලයන් කොල්ලො.....බලනවා කොට.....මගෙ උරහිසට ලගටවත් නෑනෙ තව "

" අනේ තාත්තෙ "

" මගෙ කොල්ලා "

තාත්තා ගාවට ඉස්සෙන්න බැරි තැන එයා කලේ මගෙ ගාවට පහත් උන එක. ඒ කම්මුලකුත් ඉබපු මම දෙන්නටම වැන්දා. මම ඉතින් අම්ගෙයි තාත්තගෙයි හොද දරුවනෙ. මගෙ ඔලුව අතගාපු අම්මා එහෙම්මම මට හාදුවක් දුන්නෙ තාත්තත් අත් යටින් දාලා උස්සනකොට. මගෙ කොල්ලා.......ඒ කටින් මම අහන්න ආසම ඒ වචන දෙක. අම්මයි තාත්තයි කුස්සියේ ඉන්නකොට මම කාමරේට ආවෙ තාත්තා ආයම සැරයක් අම්මා එක්ක මුකුළු කරන්න ගන්නකොට

අනේ ඉතින් මල සමයං.........පුහ්

Notification sound........

ඇදට නගින්න ගියපු මම ආයම හැරිලා පොත් මේසෙ ලගට ආවෙ මොකක්හරි මැසේජ් එකක් ආපු සද්දෙට. පෝන් එක ඔන් කරපු මම බැලුවෙ ස්ක්‍රීන් එක දිහා. Unknown number එකක්.......කවුද අප්පා......ඒකත් මේ වෙලාවෙ.මම එහෙම්මම වෙලාව බැලුවා. දහයාමාරයි.....මේ වෙලාවෙ මැසේජ් එකක් දාන්න තරම් මාව වටින්නෙ කාටද කියලා බලන්න ඕනකමටම මම ගියේ වට්සැප් පැත්තට. ' Hi ' කියලා දාලා. හැබැයි කවුද කියලා දාලා නෑ. දාපු කෙනා තාමත් ඔන්ලයින් ඉන්නවා කියලා පෙන්නනකොට  කවුද කියලා අහන්න මැසේජ් එකක් ටයිප් කරන්න හැදුවත් මොකද ඒත් එක්කම වගේ තවත් මැසේජ් එකක් ආවා

" මම රශේන්...... නම්බර් එක ඉල්ලගත්තෙ ඔයාගෙ පන්තියෙ මැඩම්ගෙන්.......ස්පෝට් සර් කිව්වා අද යසස් ආවෙ නැති හන්දා කැලණි හවුස් එකේ ඔයාලගෙ වයසෙ දුවන්න ඉන්න ළමයින්ගෙ නම් ලිස්ට් එක තියෙන්නෙ ඔයා ලග කියලා......හෙට ඇවිත්  උදෙන්ම ඒක දෙන්න......මම ඇහැළ ගහ ලගට ඇවිත් ඉන්නම් "

මම තාම උන්නෙ එයාගෙන් ආපු මැසේජ් එක දිහා බලාගෙන. මැසේජ් එකක්......ඒකත් රශේන් අයියගෙන්.....කවුද හිතුවෙ එයාගෙන් මට මේ වෙලාවෙ මැසේජ් එකක් ඒවි කියලා. විනාඩියක්........දෙකක්.......තුනක් යන්න ඇති. අහේතුවකට සීතල වෙලා ගියපු ඇගිලි තුඩු වාරුකරගෙන මම කලේ එයාට රිප්ලයි එකක් යවපු එක

" හරි අයියෙ "

වචන දෙකයි....මගෙ අතින් එයාට යැවුනෙ හරිම පොඩි  මැසේජ් එකක්. ඒත් එක්කම ඒක සීන් වෙනකොට මම බලාගෙන උන්නා. අනිත් පැත්තට රිප්ලයි එකක් ආවෙ නැතිකොට පෝන් එක එහෙම්මම ඕෆ් කරපු මම ඇදට පැනලා ඔලුව වැහෙන්නම රෙද්ද පොරෝ ගත්තා. ටිකක් වෙලා එහෙම්මම උන්නු මම ඇදේ එහා පැත්තට රෝල් උනා. ආයම මෙහා පැත්තට. එහෙමත් බැරිම තැන මම කලේ ඇද උඩ ඉදගත්තු එක. හේතුවක් නෑ.....අහේතුවකට හදවත සාමාන්‍ය රිද්මෙන් පිට පැනලා වේග රිද්මෙකින් ගැහෙන්න ගත්තා. මොන විකාරයක්ද.....නෑ මට තේරෙන්නැත්තෙ  එක පාරටම ඔහොම හදවතට උනත් වෙනස් වෙන්න පුළුවන්ද

ආයමත් අර හැගීම

අනේ මගුල මට බෑ කරන්න........

ආයමත් ඇදෙන් බැස්ස මම මේසෙ ලගට ගිහින් ඕෆ් කරපු පෝන් එක අතට අරගෙන ඔන් කලා.....

" රශේන් අයියා "

අන්තිමට ඉමෝජියක්වත් නැතුව unknown number එක පෝන් එකේ සේව් උනේ එහෙම

" සුදූ කෑම එක බෑග් එකට දාගත්තද "

" ඔව් අම්මා......මම යනවා   "

" හරි....පරිස්සමට හොදද.....බස් එකේ එනකොට බලාගෙන.....ස්කෝලෙ ළමයි හන්දම බස් එක පිරෙනවනෙ.....ෆුට් බෝඩ් එකේ එහෙම එනවා නෙවේ "

" හරි අනේ......බුදු සරණයි අම්මා "

" බුදු සරණයි සුදු පුතා "

බෑග් එක එල්ල ගත්තු මම එහෙම්මම නැවෙන ගමන් අම්මට වැන්දෙ අම්මා මගෙ නලල ඉබිනකොට. තාත්තා බයික් එක ස්ටාට් කරලා මිදුලට ගන්නකොට බයික් එකට නැග්ග මම තාත්තා එක්ක ස්කෝලෙ ලගටම ආවා. හත වෙන්න තවමත් විනාඩි දහයක් විතර තියනවා. ළමයි එකා දෙන්නා ස්කෝලෙ ඇතුලට යනකොට ගේට් එක ලගින් නවත්තපු බයික් එකෙන් බැහැලා ඇතුලට ආවෙ තාත්තට අත වනන ගමන්. පන්ති වලට එන දිගටම පාරවල් ඒ ඒ පන්ති වලට වැටිලා තියන විදියට ළමයි අතගානකොට ඉදල් ඩස්පින් එහෙම ගස් යට. ගේට් එකෙන් ඇතුලට එනකොටම තියෙන්නෙ විසාල මිදුලත් එක්ක උඩට යන්න අයිනෙම තාර  පාර.  මිදුලෙන් ගියොත් දෙපැත්තට වෙන්න පඩිපෙල් දෙකක් තියනවා ඇතුලට යන්න. කොහමහරි ගේට් එකෙන් ඇතුලට ආවහම ඉස් ඉස්සෙල්ලාම හම්බෙන්නෙ ටෙක් එක. මම හැමදාම වගේ මිදුලෙන් නොයා තාර පාරෙන් ආවෙ එතනින් එන එක ලේසි හන්දා. දෙපැත්තටම වෙන්න මල් පෝච්චිවල නානාප්‍රකාර මල් ජාති තියනකොට එන පාරෙ හම්බුන සරුවත් පාට බෝගන්විලා ගහේ තිබුන මලකට තට්ටු කරනගමන් මම කලේ ඔච්චමට වෙට්ටු දැම්ම එක

ස්කෝලෙ කෙලවරටම වෙන්න හදලා තිබුන බිල්ඩිම ලගටම ආපු මම හොද හුස්මක් ගත්තෙ තට්ටු තුනක් උදෙන්ම බඩගාන්න හිත හදාගෙන. එකයි........දෙකයි.........තුනයි.........අසූ තුනයි.........අසූ හතරයි......අන්තිම එක අසූ පහ.....මම පුරුද්දට වගේ අදත් පලවෙනි පඩියෙ ඉදන් අන්තිම පඩිය වෙනකන් ගනන් කලා.  පඩි අසූ පහක් දවසට කී වතාවක් කියලා නගිනවා බහිනවද. බෑග් එක පන්තියෙන් තියපු මම ඒක ඇරලා යසස් දුන්න නම් ලිස්ට් එක ගත්තා. එයාට අද එන්න වෙන්නෑ කියලා  තමා මට ලිස්ට් එක දුන්නෙ දෙන්න කියලා. කොලේ අතට  ගත්තු මම ආයම සැරයක් එහෙම්මම පඩි ටික බහින්න ගත්තා. සුදේශ් සර්ගෙ ලැබ් එකේ දොර ඇරලා ලයිට් දාලා. සාමාන්‍යයෙන් කොහමත් සර් එන්න පරක්කු උනත් එයාගෙ පන්තියේ ලමයි උදෙන්ම ඇවිත් ලැබ් එක අස්කරනවා. ඒත් එක්කම වගේ ලතා ලැබ් එකෙන් එලියට එනකොට එයා එක්ක ලාවට හිනාඋන මම ඔලුවත් පාත් කරගෙන ශේප් එකේ මාරුවෙලා එන්න ආවා. මොකද සර්ගෙ ගුරු ජීවිතේ නොමැකෙන සිසු මූනු අතර මගෙ මූනත් උඩින්ම තියන හන්දා

" අයියෙ.......මේක ගන්න යසස් දෙන්න කියලා කිව්වා "

" තෑන්ක්ස් "

ඇහැළ ගහ ලගට එනකොට මම ඈත තියාම දැක්කෙ ගල් බංකුවකට හේත්තුවක් දාගෙන ඉන්න රශේන් අයියව. එයා උදෙන්ම ඇවිත්. ස්පෝට් මීට් තියෙන්නෙ අනිද්දට හන්දා කොහමත් ඒලෙවල් කට්ටිය මේ ටිකේම උදේට ඇවිත් ගෙවල් වලට යන්නෙ අදුර වැටෙනකොට. හෙට නම් කට්ටිය නවතීවි හැබැයි. යසිරුත් ස්පෝට් වලට ඉන්න හන්දා උදෙන්ම ඇවිත් තියනවා කියලා මම දැන ගත්තෙ එයාගෙ බෑග් එක පන්තියේ තිබුන හන්දා. ඈත තියාම ඒ ඇස් මගෙ ලග නතර වෙනකොට මම එයාට හිනාවක් දෙන ගමන් ලගට ගියා. රශේන් අයියා උන්නු විදියටම මගෙ දිහා බලනකොට මමත් එතනම ඉස්සරහ තිබුන ඇහැළ ගහේ කදට හේත්තු උනා. අත අස්සෙ හිරවෙලා තිබුන කොලේ මම එයාට දික්කලේ කොලේ ගන්න දික්කරපු ඒ අතේ ඇගිලි තුඩු ගෑවි නොගෑවි වගේ මගෙ ඇගිලිවල ස්පර්ශවෙනකොට...

තප්පර කීපයක්ම නිහඩව ඔහේ ගෙවිලා යනකොට  මම කලේ හොරාට මගෙ ඉස්සරහ උන්නු රශේන් අයියව ඇස් වලින් අහේතුවකට ස්කෑන් කරපු එක. රශේන් අයියා උන්නෙ යුනිෆෝම් එක වෙනුවට ස්කූල් ටී ෂර්ට් එකට බොටම් එක ඇදලා. උදේ පාන්දර හන්දා දාඩිය දාලා නැතත් එයා ඉන්නෙ මහන්සිවෙලා කියලා පෙනුනෙ ඒ අපිළිවෙළ උන කොන්ඩෙන්. කොටත් නැති එහෙමයි කියලා දිගත් නැති අගිස්ස ලාවට  කැරලි ගැහුන කොන්ඩෙ...........කලුපාට ඝන ඇහි බැම.........මන්දාගිනියක්ම ඇතුලෙ හිරවෙලා තියන අලු පාටට හුරු කලු පාට කැමීලියා ඇස්........දිගටි ඇස් පිහාටු........සෘජු නහය එක්ක ලා රෝස පාට තොල් කියන්නෙම ඒක ඇවිත් වෙනම ලෙවල් එකක්. වලව්කාර ඇස් තියන ආඩම්බර රූපයකට පුලුවන් ඕනම මනුස්ස ආත්මයක් තර්කයක් නැතිවම එක මොහොතකට..........ඔව් එක මොහොතකට අතරමංකරලා දාන්න. වැඩි දෙයක් නෑ ඇස් වලටත් කතා කරන්න පුලුවන් කියලා මම ඉගෙන ගත්තෙ එයාගෙන්

ඇයි අර ලක්සරි වෙල්වට් සුවද........

ඇයිද මංදා සමහර මිනිස්සු හරි මායාකාරයි !

ඈතින් පෙරඩ් එකේ සද්දෙ ඇහෙනවා. මම හිතන්නෙ පිට්ටනියෙ කට්ටිය ප්‍රැක්ටිස් කරනවා ඇති. අනිවාර්යයෙන්ම ඔතන මලීෂත් ඇති. මෙච්චර වෙලාම මේසෙකට හේත්තුවක් දාන් උන්න  රශේන් අයියා මගෙ දිහා බලාන කෙලින් වෙන ගමන් එක අතක් සාක්කුවට දාගත්තෙ අනිත් අතේ නම් ලිස්ට් එක තියනකොට

" අනිද්දට එනවද "

" ඔව් නැතුව.......නෑවිත් කොහමද "

" ම්ම්ම්ම්.......මම යනවා "

" හරි "

ඔච්චරයි.....අනිද්දට එනවද කියලා අහපු රශේන් අයියා පිට්ටනිය පැත්තට යනකොට මම ඇහැළ කදට ඔලුව තියාගෙන එක මොහොතකට ඇස් පියාගත්තා. ඒත් එක්කම හුළං පාරක් හමන් ගියේ අහේතුවකට මට ලාවට හිනාවක් යනකොට. දකුනු අතේ ඇගිලි තුඩුවල මගෙ ඇස් තැවරෙනකොට හිමීට ඇගිලි තෙරපගත්තු මම අත් දෙක සාක්කුවට දාගත්තා

බරපතලයි......! තරුවක් නෙවෙයි ඒ ඇවිත් තරු රටාවක්

°

°

°

" බලපන්කො ඉතින් මට මේ මවුල ගාන හදාගන්න බෑනෙ........විද්‍යාවටනම් මා එක්ක එසේ මෙසේ තරහක් නෙමෙයිද කොහෙද තියෙන්නෙ.......ඇවගාඩ්රෝගෙ ආච්චිටත් ඉතින් "

" කෝ පෙන්නනවා බලන්න......මේ ගාන හදන්නෙ ඔහොම නෙවෙයි බන් මොනවද මේ ලියලා තියන අන්ඩර දෙමළ.......මේ පාඩම දහය වසරේ දෙවනි වාරෙ එකක්නේ ඕයි......ඕක හදාගන්න බෑ කියන්නෙ ඉතින් තමුසෙගෙ පාරමී කිරිල්ලෙ තරම තමා ඉතින්........එකොලහ වසර පටන් ගනිද්දි චම්පිකා මැඩම්ට කිව්වෙ නම් කොහමද මැඩම් බයවෙන්න එපා මැඩම් ගොඩ කියලා.......මැඩම් කොහමත් ගොඩ තමා තමුසෙයි ගොඩ යන්න ඕන.......බූරුවා.......මේ බලනවා ඉතින් කාබන් ග්රෑම් විසි දෙකක හොයන්න කලින් එක මවුලෙක ප්‍රමානය හොයන්න ඕන සමීකරණය දාලා "

යසිරු පාස් පේපර් පොතක තියන මවුල ගානක් හදන්න බෑ කියලා නාහෙන් අහනකොට පසිදු කලේ ඔලුවටත් එකක් අනින ගමන් ගාන හදන්නෙ කොහොමද කියලා කියා දුන්න එක. ඌප්ස්ස්ස්.........පව් ඉතින්......පැන්සලෙන් ඔලුවට ගැහුව පාරටනම් තරු විතරක් නෙවෙයි රෑ අහසෙ විතරක් නෙවෙයි දවල් අහසෙ පායන වල්ගාතරුත් පේන්න ඇති. ස්පෝට් මීට් එකට පස්සෙ සතියෙ පලවෙනි වාර විභාග තියන හන්දා ස්කෝලෙ ඇරුන ගමන් කට්ටියම ආවෙ අපේ ගෙදර. කොහමත් උන්ට මේ ගෙදර කියන්නෙ නුපුරුදු තැනක් නෙවෙයිනෙ. මූනත් ඇද කරගෙන යසිරු පසිදු කියාදෙන ඒවා අහනකොට මම එහෙම්මම මලීෂගෙ පොතට එබුනා. වෙන මොකටවත් නෙවේ අරය දාහතරක් උන උස සෙන්ටි මීටර තිහක් උන  සිලින්ඩරයෙන් එක සමානව හදන්න පුළුවන් ගෝල ගාන මගෙ ගානමද බලන්න.....ඔව් මගෙ උත්තරේමයි මලීෂටත් ඇවිත් තියෙන්නෙ

" ආ එක දිගටම වැඩ කරලා මහන්සියිනෙ කට්ටියට.........කේක් කන ගමන් මේක බීලා ඉන්න දැන් "

" තෑන්ක්ස් ඇන්ටි "

ඒත් එක්කම වගේ කාමරේට ආපු අම්මා කේක් ප්ලේට් එකක් එක්ක බීම වීදුරු හතරක් මේසෙන්  ගෙනත්තියනකොට මෙච්චර වෙලාම කට ඇදවෙලා තිබුන යසිරුවගෙ මූනට සැනසීමක් ආවා. ඇත්තටම පව් ඉතින් මොකද පසිදු දෙයක් කියලා දෙනවා කියන්නෙ අනිවා අඩුම ටොක්කක් හරි කන්න වෙනවා කියන එක. අත්දැකීම් සහිතයි...පන්තියේ  එක දෙක අතර ඉන්න එකාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. අපි කට්ටියම වැඩ නවත්තලා බීම බොන්න ගත්තා. අතේ තිබුන චොක්ලට් කේක් කෑල්ලෙන් තව කටක් කාපු මම බීම වීදුරුව කටට ලං කරගත්තෙ එහා ගෙදරින් කෑ ගහන සද්දයක් ඇහෙනකොට

මම හිතන්නෙ අදත් නිදර්ශන මාමා බීලා ඇවිත්ද කොහෙද.....නැත්තම් ඒ නැන්දා එහෙම කෑ ගහන කෙනෙක් නෙමෙයි. හැබැයි එහෙම නැත්තෙමත් නෑ. කොහමත් වටපිටාවෙ ඉන්න මිනිස්සුන්ට ඔය ගෙදර රන්ඩු කියන්නෙ තමන්ගෙ ඩේලි ලයිෆ් එකේ එක පාට් එකක් විතරයි. ඒත් ඉතින් ඒක හැමෝටමත් එහෙම නෙමෙයිනෙ. ඉදලා හිටලා අපේ ගෙදර එන ඕපයක් කිව්වම ඒකටම අවදානෙ දෙන මගෙ මිතුරු කැලට ඒක  කොහෙත්ම අදාල නෑනෙ. බීම වීදුරුත් අතේ තියාගෙන කට්ටියම ජනේලෙ ලග ඉදන් එහා ගෙදර දිහා හොරාට බලන් ඉන්නකොට ඉදන් උන්නු තැනින් නැගිට්ට මාත් ඇවිදන් ගියෙ ජනේලෙ ලගට. මලීෂට මෙලෝ සිහියක් නෑ. බාගෙට කාපු කේක් එක එහෙම් පිටින්ම කටට දාගත්ත ඌ එලිය බලාගෙන රන්ඩුව අහනවා. මාත් ඉතින් ඕන එකක් කියලා ඔන්න ඔහෙ බෙල්ල දාලා බැලුවා

" මෙහෙම බැලුවට ඉතින් අපිට වැඩකුත් නෑ බන් අනුන්ගෙ ඒවා.....ඒ උනාට ඉතින්"

" මොකක්ද දන්නෑ නේහ් සීන් එක.......එහා ගෙදර අන්කලයා නාගසලංද කොහෙද.......අද සෙට් වෙයිවගේ බීපුවා බහින්න "

" ඒ ඇන්ටිගෙ කට බලහන්කො......තනිකරම ලැයිමක වගේනෙ......අඩෝ කනත් රිදෙනවා බන් "

" කෝ ටිකක් එහාට වෙයන්කො පසිදුවො මට හරියට මේවා පේන්නෑ "

" අසල්වැසියො විදියට මේවා අපේ යුතුකම් yakow "

🌼 අදහසක් කියන් යන්න  වස්තුලා......කතාව හොදද නරකද......දැනෙන දේ කියන්න......එතකොට මටත් තේරුම්ගන්න පුලුවන්නෙ ඔයාලා හිතන්නෙ මොනවද කියලා මේ ගැන

🌼 ස්තූතියි ඔයාලගෙන් ලැබෙන ආදරණීය වෝට් එකකට කමෙන්ට් එකකට......💚❤️

Share This Chapter