Back
/ 53
Chapter 14

14 කොටස

_නොනිමි_

"අප්පච්චි මාව පාරෙන් දාන්න පුලුවන්ද"

"අද කොහෙ යන්නද"

"ප්‍රැක්ටිස් දාලානෙ අප්පච්චී"

"අද? බොරු නොකිය ඉන්නවා... කොහෙද යන්නෙ"

"ප්‍රැක්ටිස් අප්පච්චී"

"තමුන් මන් මේ අද ඊයෙ ඉපදුනා වගේ පේනවද ආදිත්‍යා.. අපිත් ඔය වයස පහු කරලා ආවෙ හහ් තාම මේ ඇටෙන් පොත්තෙන් එලියට ආවා විතරයි මගුල් නටනවද යසයි දුව හැදෙන විදිහ අම්මා හිටිය නම් දෙකට නවලා බෑග් එකේ ඔබා ගනී තමුන් ඔය අද කොහෙ යන්නද හදන්නෙ කියනවා තාම මේ ඕ ලෙවල් වත් ලියලා නෑ යන්තන් එකොලහට ආව විතරයි..

මේ ලොකූ..ලොකු පුතා...මෙයා මේ කොහෙද යන්න හදනව ප්‍රැක්ටිස් කියලා ප්‍රැක්ටිස් නම් ගෲප් එකට දානවනෙ මැසේජ් එක බලන්න මෙයා මේ කියන්නෙ ඇත්තද කියලා හැබැයි බොරු කියල නම් අද දෙනව උබට"

අනේ දෙයියනේ අප්පච්චී මට කොල්ලෙක් නෑ දෙයියනේ අනික මන් මේ කොල්ලෙක් වගේ ඉන්නකොට කොල්ලොවත් මට කැමති වෙනවද අප්පච්චී... අප්පච්චිට සාමාන්‍ය දැනීම නැද්ද කොහෙද මට කොල්ලෙක් තියා තාම කස් එකක් වත් නෑ අඩුම මට ex කෙනෙක්වත් නෑ අප්පච්චී අඩුම තරමේ මන් මගේ ප්‍රථම හාදුව පුදලත් නෑ අප්පච්චි මගුලක් කතා කරනවා අප්පච්චිලා ඉතින් ඒ කාලෙ නටන්න පුලුවන් වන්නම් දහ අටම නටපු නිසා නෙ ඕව දන්නේ ආ නැද්ද නැද්ද... අම්මයි අප්පච්චී යාලු උනෙත් මේ එකොලහේදිනේ..

"අනේ අයියෝ අප්පච්චී බොරු කියලා මන් මොකෙක් හරි එක්ක යන්නද අනේ මට එහෙම පම්- මොන කොල්ලෙක් වත් නෑ අප්පච්චී ඇයි මාව මෙච්චර අවිශ්වාස ..ආ මේ ෆෝන් එක බලන්න"

"ආ ඔව්මයිනෙ අප්පච්චී අද ක්‍රිකට් ප්‍රැක්ටිස් තියෙනවා කියලා දාලා "

යැයි යැයි යැයි තම කිව්වා මන් කොහෙද ඉතින් මාව විශ්වාස කරන්නෑනෙ මගෙ රැවුල නෑ නේ හහ් මුන් හිතන් ඉන්නෙ මන් මොකෙක් කියලද දන්නෑ රෙද්ද මන් එහෙම නෑ මන් හොඳ ලමයෙක් මහන් වෙන්න ඉන්නෙත් මේ මන් මේ මුන්ගේ විශ්වාසෙ බිඳලා වගේනෙ කතාව අර අර බේස ගෑනි ලලනි නිසා තමා ඔක්කොම ඔය ගෑනිට හැඳි ගෑවිල බඩ ගෑවිලම පලයන් මන් නම් කියන්නේ

"කට ගහගෙන එන්නත් පුරුදු වෙලා මේකි දැන්"

*චටාස්*

"ආව් අනේ අප්පච්චී මට සමාවෙන්න ඇයි අනේ අප්පච්චි මාත් එක්ක කේන්ති ගන්නේ.."

අප්පච්චිට මොන යකෙක් ආවේස වෙලාද මන්දා නෑ ඉතින් අප්පච්චිටත් දුක ඇති අම්මා නැති උන නිසා ඒ දුක එයාට පිට කරන්න විදිහක් නැති නිසා වෙන්නැති මට ගහනව ඇත්තේ ඒත් සමහර වෙලාවට හොඳ...ට ඉදලා එක පාර යක්ශයෙක් වෙන්නෙ ඇයි අප්පච්චී ආව් මගේ කම්මුල රත් වෙලා වගේ ශික් ඇගිලි පාරවලුත් හිටල මන් කෝමද අනේ දැන් සිතූලට මූණ දෙන්නෙ

"අප්පච්චී නංගිට ගහන්න එපා.."

"ඇයි උබ මොකද.. මේ මගුලක් කර ගහගෙන අපිටත් දැන් වදේ මොන එහෙකට මේකිව වැදුවද මන්දා...මගෙ ගෑනිවත් මට නැති උනා මේකි නිසා..."

"හරි හරි අප්පච්චී කේන්ති ගන්නැතුව ඉන්නකෝ..."

මට අප්පච්චී අයියා එක්ක එහෙම කියනවා ඇහුනත් මන් ඒක ඇහුන්නෑ වගේ හිටියා මන් කොහොමද මේව දරා ගන්නේ මගේ හිත කුඩු කරලා චප්ප කරලා දාන්න තරම් ඇයී මන් මොනාද අප්පච්චිලට කලේ මට අඬන්න ඕනේ මන් නිසාද අම්මා නැති උනේ අනේ මට කෑ ගහලා අඬන්න ඕනේ ඒත් කොහොමද මන් ගෙදරදි ඇඬුවොත් මට ඒකටත් ගහනවා සුවර් මන් කොහොමද මෙහෙම කඳුලු හංගන් ඉන්නේ මන් කාටද මේවා කියන්නේ අනේ....මට ඒ වෙලාවෙ ලෝකේ ලමයෙක්ට දැනෙන්න පුලුවන් අසරණම හැඟීම ඒ වෙලාවෙ දැනුනා...

*අනේ මට අම්මා ඕනෙ...*

"අප්පච්චි මම යනවා..."

මන් අප්පච්චිට දන ගහලා වැන්දත් අප්පච්චි බුදු සරණයි කියන්නෙවත් නැතුව මට රවාගෙන හිටියා..

"අයියෙ මන් යනවා..පොඩි අයියේ මන් යනවා.."

ඒත් එක්කම පොඩි අයියා දුවගෙන ආවා..

"කොහොමද යන්නෙ දැන්.."

"පයින් යනවා මන්දා.."

"සල්ලි තියෙනවද?"

"නෑ.."

"ආ මෙන්න මේක යන්නයි එන්නයි ඇති නේ..."

"තැන්කූ අයියේ මන් යන්නම්.."

"හරි පරිස්සමින් ගිහින් එන්න.."

"ම්ම්"

මන් මොන දේ උනත් එයාලා එක්ක කට පුරා හිනා වෙලා ගේට්ටුවෙන් එලියට බැහැලා පාර දිගේ ඇවිදන් ගියා බස් හෝල්ට් එකට ගිහින් ටික වෙලවකින් බස් එකක් ආවා මන් ඒකට නැගලා පිටිපස්සෙම ශීට් එකේ අයිනෙන් වාඩි උනා මන් ඇරෙන්න ඒ බස් එකේ වැඩියෙන්ම හිටියෙ කපල්ද කොහෙද මන් උන් දිහා බලන්නැතුව ෆෝන් එක අතට ගත්තා...

*You have eight missed calls from Sithu 💗*

අඤේ මගෙ මෝඩි

*Sithu💗 is calling*

"හැලෝ"

"හැපි වැලන්ටයින් බ්- හලෝ....."

"ආ වෙන්න ඕනෙ කෙසේද එසේම වේවා.."

"මොකද කලේ මන් කොච්චර ඔවාට කෝල් කලාද.."

"නෑ මන් ගෙදර හිටියෙ දැන් මේ බස් එකේ එන ගමන්.."

"ආහ් එන ගමන්ද ඔයා මට ඉස්කෝලෙට එන්න ටික වෙලාවකට කලින් කියනවද..!

"කේ"

"මොකක් හරි අවුලකින් ද ආදි ඔයා.. ඇයි අවුලෙන් වගේ කතා කරන්නේ.."

"නැහ් පිස්සුද ඒයි"

"හාකො පරිස්සමින් එන්න.."

"ම්ම්"

"බු-"

අප්පටසිරි කට් කලා නේ දැන් කෑ ගහයිද දන්නෑ මල හත්තියුත්තයි කමන්නෑ සෙද්ද

මන් සීට් එකේ එහා අයිනේ ඉන්න කපල් එක දිහා නොබලා air pods දෙක කනේ ගහන් සිංදුවක් අහන් හිටියා ඒක අලුතින් ආපු සි‍ංදුවක් මන් හිතන්නේ...

මගෙ හිත හරි කලබල

නුබ දෙස බල බල

නිතරම හිතවතියේ

නුබ මගෙ ලඟ උන් හැටි

සෙනෙහස දුන් හැටි

අදවගෙ මතක තියේ

නුඹ හා හමුවී

මොහොතාක් තිබුණී

නොදැනිම ගෙවෙනා

අද මා මෙහි වී

මොහොතාක් රැඳුනී

සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමු වන තුරු පාර දිහා

බලමින් තව වෙහෙසයි දෑසට මා

කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා

නුඹ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

සිතුවිලි මැද කිමිද මා භාවනා

හෝ හොහෝ හෝහෝ හෝඕඕඕ

සුරඟක් විලස ඈ සැරසිලා

එනතුරා හිඳිමි මේ යාමේ

සොඳුරියේ නුඹ කොහේ කොතනදෝ

දකින තුරු ඉවසුම් නෑ

නුඹ ලඟ මගෙ පා‍‍ළු මැකේවී

මගෙ අඳුරට නුඹ සඳ වේවී

නුඹ වෙත මගෙ රහස ඇඳේවී

සඳ අද මගෙ අහසෙ දිලේවී

නුඹ හා හමු වී

මොහොතාක් තිබුනී

නොදැනිම ගෙවෙනා

අද මා මෙහි වී

මොහොතාක් රැඳුනී

සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමු වන තුරු පාර දිහා

බලමින් තව වෙහෙසයි දෑසට මා

කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා

නුඹ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

සිතුවිලි මැද කිමිද මා භාවනා...

ඒ සිංදුව කියද්දි මට මතක් වෙන්නෙම සිතූව එයාව විතරක්ම ඒ සිංදුවේ ඒ හැම වචනයක්ම මට මාවයි සිතූවයි මැවිලා පේනවා ඒත් ඇයි එහෙම..

දන්නෙම නැතුව මන් කොහුවලත් පහු කරන් යනවා මට හිතා ගන්න බැරි ඇයි මට සිතූව මැවිලා පේන්නේ සිතූ කියන්නෙ මට මේ මාසෙකට කලින් වගේ හම්බුන කෙනෙක් ඒත් මට එයාව හරි හුරු පුරුදු ගතියක් මයි දැනෙන්නෙේ එයාගේ ඒ වචන එයාගෙ ඒ ගති ගුණ මගෙ හිතට හරියට වැදුනා එයා හරි හුරතල් ලමයෙක් මන් දන්නෑ ඒත් ඇයි මට මෙහෙම හිතෙන්නෙ කියලා මට දැන් කරදරයක් වෙන වෙලාවට එයා හැමවෙලේම ඉන්නවා

*Incoming voice call from Sithu 💗*

මතක් කලා විතරයි

"හෙලෝ"

"නංගා ඔයා කොයි හරියෙද දැන්"

"ආ තව ටික්කින් ඉස්කෝලෙ ගාව මන්'

"ආ එහෙමද මාත් මේ ඉස්කෝලෙ ගාව"

"හරී මන් තියනවා බහින්න ඕනෙ දැන්"

"හරී"

මන් ෆෝන් එකත් කට් කල්ලා ඉක්මනට බස් එකෙන් බැස්සා පස්සෙ මන් හිමින් හිමින් ඉස්කෝලෙ පැත්තට ඇවිදන් ගියා අදත් ලොකු ඉස්කෝලෙ නෙවෙයි ප්‍රැක්ටිස් ප්‍රයිමරියේ මන් හිමින් හිමින් ගිහින් ඉස්කෝලෙ ගේට් එකෙන් ඇතුල්ට් යනකොට් සුපුරුදු විදිහට සිකුරිටි ඇන්ටි මාත් එක්ක හිනා උනා අඤේ ඇන්ටිට මන් ආදරෙයි අහේතුකව හරි මනුස්ස කමට හරි මාත් එක්ක මේම හිනා වෙනවට

මන් යනකොට ටිකක් පරක්කුයි වගේ සර් කාරයත් හිටියා ලමයිනුත් හිටියා මන් ගිහින් සර්ට ගුඩ් මෝනිම් කියලා අක්කලටත් ගුඩ් මෝනිම් කියලා සිතූ ලඟට ඇදිලා ආවා

"ගුඩ් මෝනින් මගෙ කුරුමිණි පැටියෝ"

"ගුඩ් මෝනිම් සත්තරං"

"හනේ මට සත්තරං කියන්න තරම් ආදරයක් අල්ලාහ්හ්"

"පිස්සු අනේ ඔයාට නම් "

"ඕ ඕ මට පිස්සූ.."

මන් සිතූගෙ ඔලුවටත් හිමින් ටොක්කක් ඇන්ගෙන warm up කරන්න ගියා අපි warm up කරලා ඉවර වෙලා අද නෙට් එකේ බැට් කලා හරිම ශෝයි මම ඔශිනි අක්කට බෝල් කරලා තව ටිකෙන් එයාගෙ අනවස්ස තැනක බෝලෙ වැදෙනවා ඔශිනි අක්කා කියන්නෙ අපේ ටීම් එකේ බෙස්ට් බැට්ස්මන් වගේ එකා අක්කා දස්සයා නිසා ඒක සේප් කරගත්තා නැත්තන් අනාගතෙත් සෙත්තපෝච්චී

ඒවා ඉවර වෙලා අද අපිව 2km දිවෙව්වා හම්මේ ඉතින් 2km දිව්වම හොඳ ගනන්.. ඒවා ඉවර වෙලා warm down කරලා කට්ටියම ඉක්මනින්ම ගියා සිතූ අක්කා මට කිව්වා තාත්තා මාව ගෙනියන්න එනවා කියලා සර්ට කියන්න කියලා මන් එහෙම කියලා ඉතින් හිටියා කට්ටියම ගිහින් ටික වෙලාවකින් අපි දෙන්නා ප්ලේ ග්‍රවුන්ඩ් එකට ගිහින් ඔන්චිලි දෙකක් පැද පැද හිටියා එතකොටම සිතූ අක්කා පොඩ්ඩක් ඉන්න කියලා අපේ බෑග් තිබ්බ පැත්තට දිව්වා මන් ඉතින් ඔන්චිල්ලාවම පැද පැද හිටියා මන් දැක්කෙ නෑ සිතූ අක්කා එනවා එයා මගේ එහා පැත්තේ තිබ්බෙ එයා පැද පැද හිටිය ඔන්චිල්ලාවෙ ඉදගත්තා අතකුත් පිටිපස්සට කරන්

"පොඩ්ඩක් නවතින්නකෝ"

"ආ ඇයි"

මන් කකුල ගහලා ගහලා ඔන්චිල්ලාව දෙයියනේ කියලා නතර කර ගත්තා

"ඇස් වහගන්න"

"ඇ ඒ මොකත"

එයා මගේ ඇස් දෙක එයාගෙ අතකින් වහලා තද කරගත්තා

"අත් දෙක දෙන්න"

"ම්ම්ම්"

මන් අත්දෙක දුන්නම මගෙ අතින් මොකක් හරි දෙයක් තියනවා වගේ මට දැනුනා

"හැපි වැලන්ටයින්ස් ඩේ"

එයාගෙ අත මගෙ ඇස් වලින් එහාට යද්දි මන් ඇස් දෙක ඇරලා අත් දෙක දිහා බැලුවා ඒක ටිකක් ලොකු මොකක් හරී මන් සිතූ අක්කා දිහා බැලුවම එයා මට 'ඕක කඩලා බලන්න' වගේ එකක් ඉඟි කරලා පෙන්නුවා

මන් ඒක කඩලා බැලුවම

"හත්දෙයියනේ!!!!!"

සිතූ අක්කා මන් දිහා හරි ලෙන්ගතු හිනාවකින් බලන් ඉන්නවා

"මෙච්චර චොකලට්....."

"ම්ම්ම් ඔයාට"

"තැන්කූ අනේ"

මන් එයාව උතුරා ගිය සිනා ඇති සිතින් පිරුනු දෑත් වලින් තද කරන් බදාගත්තා

"ටසිරි අප්පව්චිට මොකද්ද කියන්නෙ"

පොල්තෙල් බාල්දියකට ටිනර් හැලුවා වගේ මගේ සතුට කුඩු පට්ටන් වෙලා ගියා

"මන් දුන්නෙ කියන්න.. ඕන්නම් මන් කියන්නම්.."

"ම්ම්ම්කේ"

එතන ඩේරි මිල්ක් එකේ ඔරියෝ චොක්ලට් වගේ ඩේරි මිල්ක් එකේ තව චොකලට් උයි කිට් කැට් ගොඩකුයි පාට පාට Toblerone උයි ferrero rochers තව kinder bueno වගේ චොක්ලට් ගොඩාක්ක්ක්ක්ක්ක්

"ඕක බෑග් එකට දාගන්න දාලා එන්න අප්පච්චි අපේ ගෙදරට එනවා කිව්වා"

"ඇ මට කිව්වෙ නෑ..."

"මන් අප්පච්චිට කෝල් කලා ලමයො"

"ම්ම්ක්ව්ව්ව්"

මන් කිට් කැට් bar එකකුත් අතේ තියන් අනිත් චොකලට් ටික බෑග් එකට දාලා ආයෙත් මගේ ඔන්චිල්ලාවට ගියා

"ඔයාට දෙයක් කියන්න තියෙනවා..."

"ම්ම්ම් කියන්න"

මන් කිට් කැට් කොලේ කඩලා දෙකක් සිතූට දීලා ඉතුරු දෙක මන් කන්න ගත්තා මට දැනුනා සිතූ ටිකක් බය වෙලා ඉන්න බව

"ම්ම්ම්-මේ ම්මේ ඔ-න්නෑ-

නෑ එක්කො එපා ඕන්නෑ"

"අනේ කියන්නකූ"

"ම්මේ ම-මන් ඔ-ඔයාට ක්ක්ක්-කැමතී කිව්වොත් ඔයා මොකද කරන්නේ?"

එයා ඒක කිව්වෙ ඇස් දෙකත් පියාගෙන මට කියාගන්න දෙයක් නැති උනා ඒ වෙලාවෙ මන් ඇත්තටම කරන්න ඕනෙ මොකද්ද කියලා දැනන් නෙවෙයි හිටියේ මන් මොනා කියන්නද මන් මුකුත් දන්නෑ කොටින්ම මන් හුඟක් බය උනා ඒත් මන් ඒ බය සිතූ අක්කට පෙන්නුවෙ නෑ

"මන් උඩ පනිනවා"

කොහෙන්දෝ ආපු උත්තරයක් මගෙ කටින් පැන්නා ඇත්තටම මන් දන්නෙත් නෑ ඇයි මන් එහෙම කිව්වෙ කියලා

එතකොටම සිතූ අක්කා ඇස් දෙක ඇරලා මන් දිහා කන්න වගේ බලන් හිටියා මන් සිරාවටම බය වෙලා හිටියත් මන් හරි සැහැල්ලුවෙන් ඉන්නවා වගේ එයාට පෙන්නුවා

"ආහ් මොකක්?"

"ම්ම්ම්ම්"

"ඒ කියන්නෙ ඔයා මට ක්ක්-කැමති වෙනවද?"

"මන්දා අපි ගෙදර යන් කරුවල වෙයි තව ටිකකින් අපේ තාත්තා කීයටද එනවා කිව්වේ"

"හයට හයයි කාල වගෙ වෙයි කිව්වා තාම හතරයි පනස් හතරයි වෙලාව"

"ම්ම් අපි යන් "

මන් ඔන්චිල්ලාවෙන් ඩාස් ගාල නැගිටලා බෑග් පැත්තට දුවගෙන ගියා සිතූ අක්කත් නැගිටලා මගේ පස්සෙන් ආවා එයාට මොනා හරි ලොකු දෙයක් කියන්න තියෙනවා කියලා මට තේරුනා අපි දෙන්නා සිකුරිටි ඇන්ටිටත් බායි එකක් දාන් පාර දිගේ ඇවිදන් ගියා එයා හරියට පාර පනින්න දන්නැති නිසා මන් එයාගෙ අත හයියෙන් අල්ලන් පාර පැන්නා පැනලා මන් එයාව පාරෙ අයිනෙ පැත්තට ඇදලා ගත්තා අපි ඉක්මනින් ඉක්මනින් ගෙදරට ගියා

"හම්මෝ මහන්සී"

"ම්ම් සුසිලා ආන්ටී ෆ්‍රිජ් එකේ බීම බෝතල් ඇති මොකක් හරි ගේන්නකෝ ග්ලාසස් දෙකකුත් එක්ක..."

"ආ ආදී කෝමද..."

"ආ නෙතූ..."

නෙතූ මට වඩා අවුරුදු දෙකක් බාලයි සිතූ අක්කට වඩා අවුරුදු තුනක් බාලයි

අපි ඕම කතා කර කර ඉන්නකොට සුසිලා ඇන්ටි ග්ලාස් දෙකකුත් එක්ක ඔරේන්ජ් ක්‍රශ් බෝතලයක් අරන් ආවා

"ආ ලොකු බේබි"

"ඔතනින් තියන්න"

සුසිලා ආන්ටි එතනින් ඒ ටික තියලා ගියාම සිතූ අක්කා අපි දෙන්නට බීම ටිකක් දැම්මා එතකොටම නෙතූ කිචන් ව්කට ගිහින් ග්ලාස් එකක් අරන් ඇවිත්

"අක්කි මටත්"

කිව්වම සිතූ අක්කා නෙතූටත් ග්ලාස් එකට බීම ටිකක් දැම්මා අපි කියව කියව ඉදලා සිතූ අක්කා කිව්වා උඩට යන් කියලා අපි ඉතින් උඩට ගිහින් එයාගෙ කාමරේට ගියා එයා කාමරේ දොර වහලා ලොක් කලා නෙතූ අපි යන්න කලින් කොහෙ හරි ගියා හරියට දැක්කේ නෑ

සිතූ අක්ක මගේ ලඟින් ඇවිත් වාඩි වෙල පෙසාරා අක්කට කෝල් එකක් අරන් එයා එක්ක කතා කර කර හිටියා එයා ටිකක් එහාට ගිහින් පෙසාර අක්කගෙන් ඇහුවා 'මන් ඒක කියන්නද' කියලා මට ඇහුනා

'උබ දැන් කොච්චර කල් ඉදන්ද බන් ඕක කියන්න ඉන්නේ කියපන්කෝ අපිට වද දෙන්නැතුව යකෝ අවුරුදු දෙකහමාරක් තුනක් කියන්නෙ ලේසි කාලයක්ද කියපන් දෙන්ඩ හිතෙනවා මට...'

මුන් මොනාද මේ කියවන්නේ පස්සෙ සිතූ අක්කා කිව්වා 'හ්ම්ම් ඉන්නකෝ' කියලා එයා ෆෝන් එකත් අරන් මන් ලඟට ආවා සිරාවටම මට හෙන අමුතු දෙයක් වෙන්න යන බව තේරුනා බට් මන් කට පුප පියන් හිටියා වෙලාව පහයි හතලිස් දෙකයි..

"ආදිත්‍යා.."

"ම්ම්"

"ඔයාට මතකද මන් ඔයාට මගේ ක්‍රශ් එක ගැන කිව්වා අර මන් හෙන කාලෙක ඉදන් ලව් කිව්වේ එයා.."

"ඉතින්.."

"ආහ්හ් න-නංගී මේ..."

මොනාත උට්ටෝර් මේ වෙන්න යන්නේ වට් ඊස් සිරාවටම ගොයින් ඔන්

මොනා වෙයිද ඊලග චැපේ අම්මටසිරි නේ හනේ අපේ හිම්චි ආදිට චොකලට් නම් එච්චරයි.. එච්චරයී.. එච්චරයයි..

Minchi_Chamz

මන් ඊලඟ චැප්ටරෙත් ඉක්කනට දෙන්නම් එතකන් ඉන්ඩෝ

මන් ආදරෙයි උතුරන්න...😽❤️

Share This Chapter