Back
/ 53
Chapter 30

30 කොටස

_නොනිමි_

හැම දේම හරි ඉක්මන්ට ගෙවිලා යනවා.. කාලය හරියට කෝච්චියක් වගේ.. ඒත් අපිට අත දාල නවත්තන්න බෑ.. සිතූලගෙ ඕලෙවල් පටන් අරන් මේ ගෙවෙන හය වෙනි දවස.. තව ටික දවසකින් සිතූ ඒ ලෙවල් කරන්නත් ගන්නවා.. ඊලගට මම ඕලෙවල් ලියනවා.. සිතූට අනිත් හැම විශයම හොඳටම ඔලුවට ගියත් එයාට සයන්ස් කියන එක නම් ටිකක් අමාරුයි.. එයාට chemistry ටික මතක හිටින්නෙම නෑ..මවුල ගණන් එහෙම එයාට හෙන අමාරුයිලු.. මන්දා ඉතිම් අනික එයාට බයෝ වල දේවල් මතක හිටින්නෙත් නෑ..අනික ත්වරණය එහෙම එයාට අමතක වෙනවා.. සයන්ස් වලට සී එකක් වත් ගත්තොත් ඇති.. විභාගෙ ලියලා ඇවිල්ලත් එයාගෙ හිතේ වැඩි සතුටක් තිබ්බෙම නැති තරම්.. මන් ඒ දවස් වල එයා එක්ක වැඩිය කතා කරේ නැතත් රෑට එක කෝල් එකක් ගත්තා.. තව පොඩ්ඩ දවසනේ ඊට පස්සෙ එකත් ඉවරයි..

සිතූලට ඕලෙවල් උනත් අපිට පොඩි ඉස්කෝලෙ සෙමිනා තියෙනවා.. එයාලගෙ ඕලෙවල් ඉවර උන ගමන් අපිට ටර්ම් ටෙස්ට්.. අනේ යසයි..

අප්පච්චි ලංකාවට ආයෙ ඇවිත් දැන් සතියක් විතර වෙනවා.. සුදු අයියව මන් දැක්කෙත් නැහැ.. එයා මේ දවස් වල හුඟක් ප්‍රැක්ටිස් කරනවා.. පොඩි අයියටත් දැන් දිගටම ක්‍රිකට් ප්‍රැක්ටිස් එයා තමයි මේ අවුරුද්දෙ ශ්‍රී ලංකා අන්ඩර් 19 මෙන්ස් ටීම් එකේ කැප්ටන්.. එයාගෙ මේ අන්තිම අවුරුද්ද.. මටත් දැන් ක්‍රිකට් ප්‍රැක්ටිස් තියෙනවා සර් කිව්වා මට මේ අවුරුද්දෙ බිග් මැච් ප්ලේ කරන්න පුලුවන් වෙයි කියලා.. ඒත් මට නම් ලොකුවට ශුවර් එකක් නැහැ.. දැන් නයින්ටීන් ටූනමන්ට් එනව කියලත් කිව්වා.. මේ වෙසක් පෝයට මන් සිතූලගෙ ගෙදර යනවා ඒත් පොඩියව එක්කන් යන්න විදිහක් නැහැ.. මොකද අප්පච්චි එයාට ගෙදරින් එලියට බහින්න දෙන්නෑ.. අප්පච්චිමයි එයාව ක්‍රිකට් ප්‍රැක්ටිස් වලටත් ගිහින් දාන්නෙ.. දැන් එයා වැඩිය ඉස්කෝලෙ යැවෙන්නෑ..ඒ උනාට ප්‍රැක්ටිස් නම් යනවා.. සුදු අයියගෙයි අපෙ පොඩියගෙයි සීන් එක අප්පච්චි දන්නවද දන්නෑ.. ඒත්-ඒත් ඇයි අප්පච්චි පොඩි අයියව ඔච්චර හිර කරන්නෙ.. ලොකු අයියා හැමදාම ඔෆිස් යනවා.. කැම්පස් යනවා.. එයා එයාගෙ කැම්පස් එකේම කම්පැනි එකක වැඩ කරන්නෙ.

දවස හිමීට හිමීට ගෙවිලා ගිහින් එකහමාර උනහම අපි ගෙදර එන්න ආවා එසඳි මාත් එක්ක මොකාක් හරි ප්‍රශ්නෙකින් ඉන්නව වගේ මට තේරෙනවා ඒත් ඇයි දන්නෙ නැහැ.. සමහර විට ඩ්‍රාමා වලදි මිස් එයාලට වඩා මට හුඟක් එකතු නිසා, මන් එයාට ලකුණු ගන්න නිසා වෙන්නැති කියලා අපේ තුශී කිව්වා... මට එසඳිව හම්බෙන්නෙ ඩ්‍රාමා පීරියඩ් එකේ විතරයි.. ඒකත් එක පීරියඩ් එකක් තියෙන දවසෙ.. ඩබල් පීරියඩ් දවසෙ හම්බෙන්නෑ.. ලකුණු ගැන කිව්වොත් ඉතින් එයාට ලකුණු ගන්න පාඩම් කරන්න එපැයි ප්‍රාතිහාර්ය වගේ ලකුණු එන්නෑ නෙ.. මන්දා මන් මූ එක්ක හය වසරෙ ඉදන් කොහොම එක පන්තියෙ හිටියද කියලා.. එසඳි මුලින්ම කොල්ලෙක් එක්ක යාලු උනේ හයේදි.. ඒ ඉදන් මේ වෙනකන් එයාට කොල්ලො දහයකට වඩා හිටියා.. අපි එපා කිව්වත් එසඳි කනකට ගත්තෙ නෑ..

ගෙදර ආවම අප්පච්චි මන් දිහා මහා අමුතු විදිහට බැලුවා.. මන් ගනන් ගන්නෙවත් නැතුව උඩට ගියා.. ගිහින් මන් බෑග් එක තියලා වොශ් එකක් දාගෙන ඇඳුමක් ඇඳන් කෑම කන්න පහලට ආවා..

අප්පච්චි කේන්තියෙන් වගේ ඉන්නෙ.. අප්පච්චී නම් කොහොමත් හැම වෙලේම නැට්ට ගිනි තියන් තමයි ඉන්නෙ හැබැයි..

"ආදිත්‍යා!"

"ආ අප්පච්චි"

"තමුන්ට මොකද්ද වෙලා තියෙන්නෙ"

"මට මුකුත් වෙලා නෑ අප්පච්චි..මොනවද කියවන්නේ"

"තමුනුත් හැදෙනව දැන් හොඳ විදිහට.."

"ඉතින් මන් හොඳ විදිහට හැදෙනව නම් හොඳයිනෙ.. ඇයි මොකද්ද ප්‍රශ්නේ"

"ආදිත්‍යා!!!"

අප්පච්චි මගෙ අත අඹරලා අල්ලගත්තා..මට රිදෙනවා..

"ඇයි!!"

"තමුන් අවිශ් ගැන මොනව හරි දන්නවද"

"නැහැ!!!!"

"තමුන්ගෙ අයියා ගැන, තමුන් ගැන මට හරිම අප්පිරියයි"

"මගෙ අයියට මුකුත් කියන්න එපා"

අප්පච්චි මට අත අතෑරියා.. මන් කැමති නෑ මගෙ අයියට කවුරුත් මොනාවා වත් කියනවට..

"තව සති තුනකින් මන් ට්‍රාන්සර් යනවා යාපනේට.."

ඉතින් මට මොකද..අප්පච්චි යන එක කොහොමත් හොඳයි..

"ම්ම්"

"තමුන්ලා කිසිම දෙයක් කරලා මට අහු වෙන්න එපා..මන් ඉක්මනින්ම එනවා.. ම්ම් දැන් කනවා"

මන් අප්පච්චිට හතර අතේටම රවලා ගිහින් බත් බෙදාගෙන කෑවා.. අප්පච්චි කාත් එක්ක හරි කෝල් එකක හිටියේ.. මන් උඩට ගිහින් පාඩම් කරන්න පටන් ගත්තා.. නිදිමතකුත් එනවා.. ඕන තරම් නට නට ඉන්නවා..වැඩක් කරන්න ගත්තම නිදි මතයි.. හරි ඒසයි අනේ.. මන් නිකන් ඉන්න බැරිම තැන පොඩ්ඩක් නිදා ගත්තා අමොහ් ඇඳ මගේ මන් ඇඳගෙ..

*ට්‍රිටිං ට්‍රිටිං*

*Incoming voice call from Nethu*

මේකා මොකටද මේ වෙලාවෙ මට කෝල් කරන්නේ.. සමහර විට සිතූද දන්නෙත් නෑ..

" හෙලෝව්ව්.. "

"හෙලෝ අක්කේ"

"ඕ නෙතූ කියන්න.."

"තාත්ති ගෙදර ආවා..."

"මොකක්...!"

මොනවා.. සිතූලගෙ තාත්තා ගෙදර ආවයි කියන්නෙ.. ඒ මනුස්සයා ගෙදර යන්නෙම නැති තරම්නේ.. එක පාරටම මොකද දන්නෑ

"ඔව් අක්කේ.. අක්කිටත් බැන්නා එයා කාමරෙන් දැන් එලියට එන්නෑ..එයාගෙ ෆෝන් එක මට බලන්න කියලා දුන්නා මන් ඔයාගෙ චැට් ෆොටෝස් එහෙම වැඩිපුර තියෙන ඒවා ඩිලිට් කලා.. මොනාවත් අහු වෙන්න නම් දෙයක් නෑ..

ආ මේ"

"ඕ"

"අක්කිට කෝල් ගන්න එපා.. ඔයාට තාත්ති එක්ක තමා කතා කරන්න වෙන්නෙ"

"හරි නංගි අක්කට කොහොමද.. එයාට අවුලක් නැහැ නේ"

"ම්ම්ම් නෑ...මන් හිතන්නෙ..

අක්කෙ තාත්ති එනව මන් තියන්නද"

"හරි නංගි"

*ටීක් ටීක් ටීක්*

හෙනයක් ගැහුවා වගේ මගේ හිත හරියට රිදෙනවා.. හැම පැත්තකින්ම මට නිකන් හෙන අමුතු ෆීලින් එකක් දැනෙන්නෙ.. මොකක් හරි ප්‍රශ්නයක් ඉස්සරහට වෙයිදෝ කියලා හිත හැම වෙලේම කියනවා.. හිතට හරි බයයි..

ඔක්කොමත් හිත හිත මන් ආයෙම පාඩම් කරන්න ගත්තා.. රෑ ලොකු අයියත් ගෙදර ආවා.. පොඩි අයියට සුදු අයියා එක්ක කතා කරන්නවත් විදිහක් නෑ මොකද එයාගෙ ෆෝන් එක අප්පච්චි ලඟ..

රෑට කෑම කනකොටත් මන් දැක්කා පොඩි අයියගෙ මූණෙ වෙනදට තියෙන සතුට මැකිලා ගිහින් කියලා.. ලොකු අයියා කිසිම සද්දයක් නැතුව ඉන්න කෙනෙක් නිසා එයා පාඩුවෙමයි ඉන්නේ..

කෑම කාලා මන් උඩට ඇවිත් වොශ් එකක් දාගෙන කාමරේට වෙලා හිටියා.. ගේ ඇතුලෙ ලයිට්ස් ඕෆ් වෙනවා මට ඇහුනා.. මේ වෙලාවෙ පොඩිත් ඇත්තෙ කාමරේ.. මට එයා එක්ක කතා කරන්න පුලුවන් නම්..

මන් එහෙම හිත හිත ඉන්නකොට එකපාරටම මගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා මට දැනුනා.. ෆෝන් එක බලනකොට

*Sudu ayya ❤️ is calling*

දෙයියනේ!!!!

"හලෝ අයියේ..."

"චූටි.."

"ඔයාට කොහොමද.. කොහෙද ඉන්නෙ ඔයා.."

"මන් රනිත් කියල මගේ යාලුවෙක්ගෙ ගෙදර ඉන්නෙ චූටි.."

"ආ අයියට ප්‍රශ්නයක් උනේ නෑ නේද"

"ම්ම් නෑ කියන්නත් බැහැ.. මගේ වටේ වෙන දේවල් හරි අමුතුයි.."

"ඔව් අයියේ මටත් එහෙම එකක් දැනෙනවා.. සිතුමිණී අක්කලගෙ තාත්තත් ගෙදර ඇවිත්.. එයාට මාත් එක්ක කතා කරන්න විදිහකුත් නැහැ.."

"අනේ චූටියෝ.. නංගිත් එක්ක ඔයා පොඩ්ඩක් වත් කතා කරේ නැද්ද.."

"තාත්තා අදනෙ අයියෙ ඇවිත් තියෙන්නෙ කලින් කතා කලා..එයාට සයන්ස් එහෙම හොඳටම අමාරුයිලු"

"අයියෝ..."

මන් දන්නෑ සුදු අයියා එක්ක කතා කරනකොට මගේ හිත හරියට නිවෙනවා.. මන් කැමතිම පුද්ගලයෙක් එයා..ඒ නිසා වෙන්නැති

"අවිශ්ට කොහොමද චූටි"

සුදු අයියගෙ කට හඬ බිඳිලා ගියා මට ඒක හොඳටම තේරුනා.. මට අහන්නත් බැහැ ඔය දෙන්නා යාලුයි නේද කියලත්..මන් මොකද කරන්නෙ..

"පොඩී පව් සුදු අයියේ.. අප්පච්චි එයාව හරියට හිර කරනවා.. මන් දන්නෑ ඇයි කියලා.. අප්පච්චි මගෙන් අහනවා හැම වෙලෙම මන් අයියා ගැන මොනාවත් දන්නවද කියලා.."

"ඔයා මොකද්ද කිව්වෙ චූටි..."

"මන් සමහර දේවල් දන්නව උනත් මන් දන්නවා කියන්න බැරි නිසා මන් නැහැ කිව්වා"

"මොහ්-මොනවද ඔයා දන්නෙ චූටි..!"

"ඒව කියන්න බැහැ ඉතින් මන් දන්නවා.."

"අහම් හා හා කියන්න බැරිනම් කමක් නැහැ..

අයියා නිදිද චූටියො"

"නෑ මන් හිතන්නෙ මන් එයාට ෆෝන් එක දෙන්නද"

"අහ් අනේ හා චූටි"

මන් හිමීට දොර ඇරන් එලියට යනකොට ගෙදර පුංචිම එලියක් වත් තිබුනෙ නෑ.. හැම තැනම අඳුරුයි.. මන් අයියගෙ කාමරේ ලඟට ගිහින් හිමීට දොර අරින කොට එයා ඇඳේ මුනින් අතට හාන්සි වෙලා හිටියා.. මන් හිමීට ඇහෙන්නැති වෙන්න දොර වහලා ලයිට්ස් දැම්මම අයියා ඔලුව පොඩ්ඩක් උස්සලා ආයෙ මූන කොට්ටෙ අස්සට ඔබා ගත්තා

"අයියේ.."

"ආ ඔයාද.."

"ම්ම් ඔව්.. මෙ නැගිටින්නකො.."

"බෑ මට නිදි මතයි"

එයාගෙ නහය බර වෙලා වගේ

"සුදු අයියා කෝල් එකේ.."

පොඩි අයියා ඇඳෙන් එක පාරටම වාඩි උනා.. එයාගෙ ඇස් හොඳටම රතු වෙලා.. එයා හොඳටම අඬලා කියලා තේරෙනවා.. ඒත් අනෙ ඇයි දෙයියනේ අප්පච්චි මෙහෙම කරන්නෙ

"ස්සු-සුදූ.. සුදූද කෝල් එකේ.."

"ම්ම් ඔව්"

"දෙන්න.."

මන් පොඩි අයියට ෆෝන් එක දික් කලාම එයා ඒක ඇදලා අරන් කඳුලු පිහගෙනම කනේ තියා ගත්තා

"හ්හෙලෝ සුදූහ්"

"මමත්"

"අප්පච්චි ලඟනෙ"

"පොඩ්ඩක් ඉන්න"

"චූටි.."

"ම්ම්"

"පොඩ්ඩකට එලියට යන්න පුලුවන් ද.. මන් ෆෝන් එක ගෙනත් දෙන්නම්.."

"හ්ම් හරි.."

එයාලා කතා කරනවා ඇත්තෙ ටික දවසකින් නිසා මන් එයාලට බාදා කරන්න ඕන නෑ..එයාලට ටිකක් තනි වෙන්න ඉඩ දීලා මන් කාමරෙන් එලියට ඇවිත් මගේ කාමරේට ගියා..ඒ දෙන්නම පව්.. මට සෑහෙන දුකයි..

මන් එයාල ගැන හිත හිතම ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට මට ලාවට නින්ද ගියා..හුඟ වෙලවකින් මට දැනුනා කවුරු හරි කාමරේ දොර ඇරන් එනවා..

"හැමදේම විස්ඳෙයි චූටියෝ.. මමයි සුදුයි ඔයාට ඉන්නවනෙ.."

පොඩි අයියා මගෙ ඔලුව අතගාලා කාමරේ දොර වහන් යන්න ගියා..

ඉහික්ස්.. මට නම් තේරෙන්නෑ අනේ..

ඉස්සරහට මොනවා වෙයිද?

සිතූගූලගෙ තාත්තා එක පාරටම ආපු හේතුව..

අප්පච්චි අවිශ්ව ඒ තරම් හිර කරන්න හේතුව..

ඉක්මනින් ඊලඟ චැපියත් දෙන්නම් අනෙව් තාම මට හොඳටම සනීප නෑ.. 😪

මොනා උනත් මන් ආතරෙයි උතුරම්න 😽❤️ මගේ cudulaa ටිකට

ම්වාහ්හ්හ්

ගිහින් එන්නම්....

Share This Chapter