Back
/ 53
Chapter 33

33 කොටස

_නොනිමි_

රෑ මට නින්ද ගියෙ නැතිම තරම්.. සැරින් සැරේට ඇහැරෙනවා..ආයෙම ඇඬෙන්න තරම් හිතට අමුත්තක් දැනෙනවා.. මොකක්ම හරි අවුලක් තියෙනවා..උදේ බලෙන්ම මම නැගිටින්නැතුව නිදාගන්න හැදුවත් එහෙමත් බැහැ මට ඇහැරෙනවා..

මන් නැගිටලා පඩිපෙල බැහැගෙන පහලට එනකොට අප්පච්චි හිටියෙ ටිකක් කලබලෙන්.. අප්පච්චිව මන් ගණන් ගන්නෙත් නැතුව ගිහින් කොෆී එකක් හදන්න ගත්තා.. මට තාම නිදිමතයි..

"ආදිත්‍යා!"

"කියන්න අප්පච්චි"

"තමුන්...තමුන් මට ඇත්ත කියනවා..."

මන් අප්පච්චි දිහා කිසිම හැඟීමකින් තොරව ඔහේ බලන් හිටියා

"ඇත්ත"

ඇත්ත කියන්න කියලනෙ කිව්වේ...ඇත්ත නෙවේ අම්මපා හු#ත

"ඒයි"

"ඇයි"

"තමුන්ගෙ අර මෝඩ අයියයි තිශාක්‍ය කොල්ලයි අතර තියෙන මල ඉලව්ව මොකද්ද කියනවා"

"අයියෝ ඇයි අප්පච්චි පොඩි අයියා ගැනම මගෙන් ඔය විදිහට අහන්නෙ.. අනික එයයි ශාක්‍ය අයියයි හොඳම යාලුවො.. අප්පච්චියි සිතුමිණී අක්කලගෙ තාත්තයිත් හොඳම යාලුවො නෙ නේද?"

"ආ ඇත්තද"

නෑ බොරු

"ම්"

"තමුන්ටත් එහෙම උජාරු හොඳම යාලුවෙක් ඉන්නවද"

"එක්කෙනෙක් කියල නෑ අප්පච්චි ගොඩක් ඉන්නවනෙ.."

"ආ.. තමුන් අයියා වගේ හොඳම යාලුවෙක් තියාගන්න නම් එපා හරිද.."

"අප්පච්චි අයියටත් එක යාලුවෙක් කියල නෑ..

ශාක්‍ය අයියා.. මෙතුන් අයියා.. දම්සිතු අයියා ඊලඟට දහම් පාසලේ.. දහම් අයියා.. පු-"

"හා ඇති ඇති.. තමුන්ගෙ අයියගෙ ඒ හොඳමම හොඳම යාලුවට පරිස්සම් වෙලා ඉන්න කියනවා"

"අප්පච්චී, අයියට මුකුත් ඔය වගේ කියන එපා.. මන් කැමති නෑ.. එයා හොඳ කොල්ලෙක්.. අප්පච්චි ඇයි ඔහොම හිතන්නෙ එයා ගැන.."

"ඒකෙන් තමුන්ට වැඩක් නෑ නෙ"

යැයි යැයි තමා.. මට වැඩක් නැති වෙන්නෙ කොහොමද යකෝ ඌ මගෙ අයියනෙ..

"ඔය තිශාක්‍ය කොල්ලා කොයි ඉකෝලෙද"

"අප්පච්චි ඒක නම් ඇත්තටම මන් දන්නෙ නැහැ.."

මන් කෝපි එකත් අරගෙන උඩට දුවගෙන ඇවිත් කාමරේ දොර වහගත්තා.. ශිට් පොඩි අයියත් ප්‍රැක්ටිස් ගිහින් නේ.. සුදු අයියා ගැන නම් මට දැන් බයයි.. හදිස්සියෙවත් අහුවුනොත්...ලොක්කයියවත් නෑ නෙ ශිට්..

මන් ෆෝන් එක අරන් බලනකොට නෙතූගෙන් මැසේජ් වගයක් ඇවිත් තිබුණා.. මන් ඒවා ඕපන් කරන්නෙ නැතුව සුදු අයියට මැසේජ් එකක් දැම්මා..ඒ යකා ඔන්ලයින්.. මන් සනිකව අපෙ අයියගෙ චැට් එකට ගියාම ඌත් ඔන්ලයින් අනේ යසයි බේසිකයො දෙන්නා

'Shakya ayye'

මන් මැසේජ් එක දාලා ටිකක් වෙලා බලන් හිටියත් මේ මිනිහා බලන පාටක් නම් නැහැ..

'eii balannako'

'Seen krpaaan ayyee'

'Cudu ayyee'

'Marenna asad owa'

'Hne hmmt hknndl wren ayye'

'Me Thishakya..'

හනේ මේ කැ#යා බලන්නෙ නෑ නේ..මන් ඊට පස්සෙ පොඩීගෙ චැට් එකට ගියා

'me ahanwa podi'

'Prashnyk wel thyenne'

'Sudu ayyw ewnwa mal kada kada innathuw redd'

ඒතකොටම එයා නම් සීන් කලා

'Mokdd prashne..'

'Oyt kynna baha sudu ayyw ewnn'

'Kiynna mta appachchi da??'

'Ow anee'

'Mm'

ඒත් එක්කම සුදු අයියා මට මැසේජ් එකක් දැම්මා

'Oo mge chuti kella aii'

'Yay thma me ahanna'

'Mm'

'ඔයාට මට කියන්න මොනා හරි තියෙනවද'

'ai chutiyo ehem ahanne'

'Kiyanna thiyenwa nm kiyanna'

'Nha chutiyo'

'අප්පච්චි මොන වෙලාවෙ මොන මගුලක් කරයිද දන්නැ.. මට කියන තියෙන්නෙ ඔයා පරිස්සමින් ඉන්න.. අප්පච්චි හැමදෙයක්ම සැක කරනවා සුදු අයියේ'

'අනේ මට තේරෙන්නෑ චූටියෝ... ම්ම් ම්ම් මන් පරිස්සමින් ඉන්නම්කො ඔයා කියන නිසාම- මේ මුකුත් උනේ නෑ නේ ඔයාට..?"

"නැහ් ඇයි?"

"නංගි කතා කලාද..?"

"නෑ අයියේ.."

මට තේරෙන්නැත්තෙ ඇයි අප්පච්චිට මෙච්චර සුදු අයියව ‍සැක කියලා.. එක්කො අප්පච්චිට මුන් දෙන්නගෙ ලව් එක මාට්ටු වෙලා ඇති නේ..ඒත් එක්කම මට කෝල් එකක් ආවා..ඒ නෙතුමිණීගෙන්

"කියන්න නංගි"

"අහ්-අක්-අනේ ආ-ආදි අක්කිහ්හ්..."

"නෙතූ ඇයි"

එක පාරටම මන් ඉදන් හිටපු තැනිනුත් මාව නැගිට්ටුනා.. මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා..

"අක්කා..තාත්තිහ්- අක්කට ගැහුවා.. එයාට රනුකි අක්කලා කෝල් කරලා මොනවද කිව්වා.. එසඳි කියලා අක්ක කෙනෙකුත් කතා කලා..අම්මියි තාත්තියි ඩිවෝස් වෙනවලු.. අක්කි මට තේරෙන්නැහැ.."

"නෙතූ නෙතූ නෙතූ...කලබල වෙන්න එපා.. ඉන්නකෝ.. දැන් කෝ අක්කි.."

"අක්කි එයාගෙ කාමරේ.."

"එතකොට අම්මයි තාත්තයි කෝ"

"දන්නැහැ.. තාත්ති ගෙදර අම්මි කොහෙද ගියා.. අනේ අක්කි මොනා හරි වෙන්න යන්නේ.. අක්කි අපි දෙන්නගෙ රෙදිත් අදිනව දැක්කා මම..."

"මො-මොකක්??? මේ මොන මගුලක්ද.. නෙතූ දැන් ඔයා දන්නවද අම්මලා ඩිවෝස් වෙන්න හේතුව.."

"න්නැහැ අක්කිහ්... එ- ඒ දෙන්නා රණ්ඩු උනා.. අක්කි මාව මගේ කාමරේට දාලා දොර වැහුවා.. මට ඇහුනා තාත්ති අක්කිට ගහනවා.."

"ශිට්.. දැන් එසඳිලා ඇයි කෝල් කලේ..."

"එහ්-එසඳිද කවුද අක්කා.. කෝල් කල්ලා අපෙ අක්කිට ඔයා ගැන මොනාද කිව්වා අක්කී.. එයා ඔයා එක්කත් පොඩි කේන්තියකින් හිටියේ.. රනුකි අක්කත් කතා කලාම එහෙම එකක් කිව්වේ.."

"වට් ද!! දැන් එයාලා කෝල් කලේ කීයට විතරද.."

"අද උදේ.. ඊට පස්සෙ තාත්ති බීලා ගෙදර ආවා.. ඒත් තාත්ති වෙරි මතේ නෙවෙයි හිටියේ... එයා අක්කිට දහ අට උන ගමන් එන්ගේජ් කරවනවලු.."

"මොන හුයන්නක්ද.."

"තාත්තිට අක්කි කෙල්ලෙක්ට කැමති වෙලා ඉන්න මොකක් හරි අහු වෙලා අක්කී... හැබැයි ඒ ඔයා කියලා එයාලා දන්නෑ.."

"ම්ම් දැන් සිතූගෙ ලඟ එයාගෙ ෆෝන් එක තියෙනවද"

"ඔව් අක්කි..."

"හ්ම්ම් නංගී මන් පස්සෙ ගන්නම්ද.. අක්කිට කෝල් එකක් අරන් ගන්නම්කො.."

"හා හා අක්කී.."

මන් ෆෝන් එක කට් කරලා සිතූගෙ නම්බර් එක ඩයල් කලත් එයා ආන්ස්වර් කලේ නැහැ.. එසඳි මොකටද සිතූට කෝල් කරන්නේ.. අනික මොනාද මේ වෙන්නේ.. ඇයි සිතූලගෙ අම්මියි තාත්තියි ඩිවෝස් වෙන්නෙ.. මේ දේවල් වල මටත් සම්බන්ධයක් තියෙනවා.. ඒත් මට ඒවට ඇඟිල්ල ගහන්න බැහැනෙ.. මන් දෙවෙනි පාරත් ඩයල් කරාම එයා ෆෝන් එක ආන්සර් කලා..

"හලෝ සිතූ අක්කේ..."

"ඇයි!"

ම්මො-මොකක්??? සිතූ මට ඔහොම කතා කරල නැ නේ.. මොකද්ද.. මොන හු#තක්ද..ඒත් එයා මට ප්‍රෑන්ක් එකක්ද දන්නෑ කරන්නෙ නේද..

"ඇයි ඇයි ඔවා ගහගන්නත"

"තමුසෙට කියන්න තියන දෙයක් කියනවා ආදිත්‍යා!"

"මේ මොකද මේ"

"ඇයි!?"

"සිතූ අක්කෙ.. ඇයි මේ මොකද්ද ප්‍රශ්නේ"

"ප්‍රශ්නේ..?? ප්‍රශ්නෙ තමයි.. අනේ මට තමුසෙව පෙන්නන්න බෑ ආදිත්‍යා..!!"

මගෙ ඔලුවට අකුණක් වැදුන වගේ.. ඇහෙන්නෙ මොනවද කියලා මට ඇත්තටම හිතාගන්න බැහෑ. සිරාවටමද මෙහෙම වෙන්නෙ.. එක පැත්තකින් තිය්‍ර්න ඔලුවෙ කැක්කුමය..ක්ලාන්තෙ ගතියයි ඒත් එක්කම ඇඟට පණ නැති ගතියකුත් මට දැනෙන්න ගත්තා..

"අ- අක්කෙ මො- මොකද්ද උනෙහ් කියන්නකොහ්"

"තමුසෙ මහා.. ශිට් ශිට්.. මමත් මේ තරම් මෝඩ උනා නෙ.. තමුසෙ  ආයෙ  මගෙ ඇස් දෙකටවත් පේන්න එන්න එපා.. මන් කැමති නෑ තමුසෙට.. මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා.."

"මොනවද ඔයා කියවන්නෙ.. සිතුමිණි අක්කේ.. ඔයාට රනුකිලා එසඳිලා මොනාවත් වැරදි දෙයක් කිව්වද.. අනේ එහෙම කිව්වත් ඔයා මන් ගැන දන්නවනෙ අක්කෙ.. ඔ- ඔයා තරම් මන් ගැන දන්න වෙන කවුරුත් නැතුව ඇති.. ඇයි ඔහොම කෑ ගහන්නෙ මට.."

"තමුසෙ.. මන් තමුසෙ එක්ක කතා කරන්න කැමති නෑ ආදිත්‍යා.. මන් එක්ක ආයෙ කතා කරන්නවත් එපා.. මන් ගැන හොයන්නවත් එපා..I just wanna break up with you!..I hate you!..."

ම්ම්-මොහ්-මොකක්?

මගෙ හදවත තත්පර දෙක තුනකට එක පාරටම නැවතුනා.. මේ.. මෙ එයා නෙවේ..

"මොහ්- අක්කෙ මොනාද කියන්නෙ..අනේ අක්කේ.. මන් මුකුත් කලේ නෑ නේ.."

"බායි"

*ටීක් ටීක් ටීක්*

මට කරන්ට් එක වැදුනා වගේ..

එයාගෙ ඇස් දෙකට පේන්න එන්න එපා??

එයා එක්ක කතා කරන්න එපා??

එයා ගැන හොයන්නවත් එපා??

එ-එයා කිව්වා එයාට මාව පෙන්නන්න බැහැ කියලා.. ම-මන් මොහ්-මොකද්ද කලේහ්??

එයා මට කැමති නැත්ත ඇයි මට බලාපොරොත්තු දුන්නේ අනික එයානෙ මට මුලින්ම කැමැත්ත කිව්වේ..

එයා ගැන හොයන්න එපා කියන්නෙ ඇයි

අනේ අම්මේ මට අම්මව ඕනෙ අම්මේ..

ඒත් එක්කම මන් වට්සැප් එකට යනකොට සිතූගෙන් මැසේජ් වගයක් තිබ්බා සමහර ගොඩාක් ඒවා delete for everyone දාලා..අනේ මේ මොනවද උනේ... මම දොර ඇරගෙන පහලට දිව්වා.. පහලට දුවගෙන යනකොට මට කලන්තෙට ආවා.. මොකද පිලිවෙලට, පිරිසිදුවට තියෙන ගෙදර විනාස වෙලා වගේ.. මන් උඩ හිටපු ටිකට මෙච්චර දෙයක් කොහොම උනාද... මට දැන් තෝන්තු මාන්දු වගේ.. මන් අප්පච්චිව හොයන්න ගත්තා..

ඒත්,... ඒත් අප්පච්චි ගෙදර නෑ.. එයාගෙ අල්මාරියෙ එයාගෙ අඳුම් කීපයක් ඇරෙන්න තව දේවල් නෑ.. අප්පච්චිගෙ ෆෝන් එක මුකුත් නැහෑ.. මට හිතාගන්නවත් බැහැ.. මන් ඉක්මනට පොඩි අයියගෙ ෆෝන් එකට කෝල් කරත්

*ඔබ ඇමතූ ජංගම දුරකථනය ක්‍රියා විරහි-*

මන් සුදු අයියට ගත්තා.. ඒත් ඒකෙත් එහෙම්මමයි..

*The number you are dialing has not responded.. please try again later*

මගේ හිතේ තියෙන බය තවත් වැඩි උනා.. ඒ දෙන්නටත් මොනව හරි කරදරයක්ද දන්නෙ නෑ.. මන් ලොකු අයියට ඉක්මනට කෝල් කලා

"හෙලෝ චූටි..."

"අයි-අනේ ලොකු අයියේ.."

"චූටි.. මොකෝ උනේ.. ඇයි අඬන්නේ.."

මගෙ ඇස් අගින් කඳුලු කැට ගනන් බේරිලා වැටුනා..

"අයියෙහ්හ් අප්පච්චි නෑ.. පොඩි අයියලා ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ... අ-අයියේ මට බයයි.."

"ශිට්... ඉන්න චූටියෝ ඔයා විතරයි නේද ගෙදර..ඉන්න මන් ඉක්මනට එනවා..හොඳේ.."

"හරි අයියේ"

මන් එහෙම්මම බිත්තියට හේත්තු වෙලා පහලට රූටන් ගියා මොකද්ද මේ උනේ.. මට හිතාගන්න බැහැ තාමත්.. අම්මා ඕනෙ මට..

කොච්චර දරාගෙන ඉන්න හැදුවත් හිතේ වේදනාවට කඳුලු එන එක නවතින්නෙ නම් නෑ.. මොකක් හරි ප්‍රශ්නයක්දෝ කියලා හැම වෙලේම හිතට එනවා.. ඒත් එක්කම ඇඟම සීතල කරන් දැනෙන බය.. ඒවා වචනෙන් කියන්න බැහැ.. අපි ගෙව්වෙ වසන්ත කාලයක් ද? ඒත් මේ කාලෙ මොකද්ද... කොහෙන් ගියත් ප්‍රශ්න.. ප්‍රශ්න ඉවර වෙලා අපිට සතුටින් ඉන්න පුලුවන් වෙයිද..

අඬලා අඬලා ඇස් ඉදිමිලා වගේ.. ඒත් එක්කම වේදනාවටම ලාවට ඇස් දෙක පියවිලා ඔක්කොම අඳුරු වෙලා ගියා.. ඒ වෙලාවෙ මට ඇස් අරින්න තරම් උවමනාවක් තිබ්බෙත් නැහැ..

"චූටි- දෙයියනේ ආදි...!"

මට ලොකු අයියගෙ කට හඬ ඇහුනෙ හීනෙන් වගේ.. ඒත් මට ඇස් ඇරල බලන්න බැහැ..

"චූටි නැගිටින්න.. මොකද්ද දරුවො උනේ.."

ඒත් එක්කම මට ආයෙත් ඇඬෙන්න ගත්තා.. මන් ඇස් දෙක ඇරලා ලොකු අයියගෙ අත් දෙකට තුරුල් උනා..

මන් කියපු දේවල් අයියට තේරුනා.. ඒත් මන් සිතූලා ගැන කිව්වෙ නෑ.. ඒත් එයාට තේරුනා මෙතන තවත් මොනවාම හරි තියෙනවා කියලා..

"චූටි ඔයා ටිකක් නිදා ගන්න.."

මන් පඩිපෙල දිගේ ඇවිත් කාමරේට ආවා එනකොටම ඇඳ එහාපැත්තෙ තියෙන මගෙයි සිතූගෙයි පොඩි ෆොටෝ එක දැක්කම මට කෑගහලා අඬන්න තරම් වේදනයි...

මන් වේදනාව උපරිමේට දරාගන්න හැදුවත් ඇස් අගින් බේරෙන කඳුලු කැට නවත්තගන්න බැරි උනා.. මන් ඇඳට ගිහින් කොට්ටයක් බදාගෙන අඬන්න ගත්තා.. ඒත් එක්කම මට නින්ද ගියා

ඇත්තටම ඒ මතක.. මන්- මන් දැන්.. අනේ එයා සිරාවටමද මොකද්ද උනේ.. එයා ඇත්තටමද මාත් එක්ක බ්‍රේක් අප් උනේ.. අනෙ අම්මා...

මන් කොයි තරම් නම් වෙලාවක් නිදාගත්තද කියන්න මම දන්නෙ නැහැ.. ඒත් මෙහෙම්මම මගෙ ඇස් පියවෙලා තියෙනව නම් හොඳයි කියලා මට හිතුනා.. මට මගෙ එහා පැත්තෙන් ඇහුනු කටහඬවල් දෙකක් තිබුනා..

"අපි මොකද්ද සුදූ දැන් කරන්නෙ.."

"මන්දා සුදූ.. චූටියා මේවා කොහොමද දරාගන්නේ.."

"අනේ මන්දා..චූටි හුඟක් වැටෙයිද සුදූ.. එයාට නංගිව ඕනේ.. අයියා මේ දේවල් දන්නෑනෙ සුදූ.. එයාට ඒ නිසා ලොකුවට තේරුමක් නෑ නෙ මේ ගැන"

"අනෙ ඔව් විශ්.. මට ඇත්තටම බයයි සුදූ චූටියා ගැන.."

"ඒ උනාට නං- ආ චූටි ඇහැරුනාද"

මන් ඇස් ඇරන් ඉන්නවා පොඩි අයියා දැක්කා..

"අයියා මට සිතූලගෙ ගෙදරට පොඩ්ඩක් යන්න ඕනෙ"

"ඇයි චූටි.."

"ඔයාලා හැමදේම දන්නවා කියලා මන් දන්නවා.. රඟපාන්නැතුව මාව එක්කන් යන්න!"

පස්සෙ පොඩි අයියලා මාව කාර් එකේ දාගෙන එක්කන් ගියා සිතූලගෙ ගෙදරට.. ඒත්-ඒත් ඒ ගෙදර කවුරුත්ම නැහැ.. ගෙදර වහලා දාලා.. අපි කොච්චර කතා කලත් ඒ ගෙදර දොර නම් ඇරුනෙ නැහෑ..මේ දවස් දෙකට සිය දහස් වෙනි වතාව මන් මේ කඩන් වැටුන..

මගෙ හිතට කේන්තියි... මෙහෙම ඉන්නත් බැහැ..

එයා මට එහෙම කලේ මන් එයාට කිසිම වරදක් කරලත් නැතුව... එයාට එපා නම්, මට ඕනෙත් නැහැ... එයයි මගෙ පස්සෙන් ආවේ... මට ඕන නැහැ.. මන් සිතුමිණීව අමතක කරනවා..

එහෙම උනා කියලා සිතුමිණී ආදිත්‍යා එක්ක බ්‍රේක් අප් වෙන එක හරිද... ඒත් සිතුමිණීටත් රෙකට හේතු ඇතිනේ.. ඒත් එහෙ ප්‍රශ්නයක් වෙලා අප්පච්චි මොකටද ගියෙ... මේ ඔක්කොම දම්වැලක් වගේ එකට එක සම්බන්ධයිද??

ඉස්සරහට මොනව වෙයිද දන්නෑ නේ..

කතාව බෝරින් වගේ නම් කියන්න අනේ 😀

එහෙනම් ඔයාලට ගුන බුස ජපුර

ඔයාලා පරිස්සමට නිදා ගම්න ම්වාහ්

මන් චැම්සා ගීන් එන්නම්

ආම්තරෙයි උම්තුරම්න 😽❤️

🙂

Share This Chapter