Back
/ 53
Chapter 41

41 කොටස

_නොනිමි_

කාලෙ නම් ගෙවිලා ගියේ හම්මට සිරි වෙන වේගෙන්.. ඊයෙ අපේ ජීකේ පේපරෙත් තිබුනා.. ඒකනම් ලෙසටම කෙල උනා කියලා මම දන්නවා.. පේපරේ දුන්නට ටික වෙලාවකට පස්සෙ හැමෝම ටොක් ගාල ඔලුවල අත් ගහගත්තා.. මහා මරිමොංගල් ප්‍රශ්න අප්පා තිබ්බේ..

කොහොම හරි ඊයෙ ගෙදර ඇවිත් නම් හොඳ~ට නිදාගන්න පුලුවන් උනා.. අද අපේ තුසිනි පුතාගෙ ගෙදර පාටියක්නේ ඒලෙවෙල් ඉවර නිසා.. ඒ නිසා අද අපේ මිතුරු කැල එහෙ යනවා..

ඒත් මට පේන්නම බැරි දේ තාමත් මට උදේ හයට ඇහැරෙනවා.. සැක් අනේ.. අදත් උදේ හයට ඇහැරිලා මන් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.. ඒත අනේ අට වෙනකන් විතරයි නිදියන්න පුලුවන් උනේ.. අර ගෝත මෙතා ඇවිත් කන ලඟ බෙරිහන් දුන්නනේ..

මන් මේ ඉන්නේ අදවත් මට නිදාගන්න දුන්නෑ කියලා නැගිට්ට ගමන් කේන්තියෙන්..

"ඔහොම ඇඳේ ඉන්න එපා හනේ.. එන්න එන්න මූණ හෝදන් එමු.."

" හනේ තෝ..තෝ..තෝ..තෝ..තෝ.. තෝ.. මැරියන් තෝ.. ප#යා.."

"එන්න එන්න අනේ නරක වචන කියන්නෙ නැතුව.. මාර කැටයම් තමා මෙයාගෙත්.."

මම ඒකිට දෙස් දෙවොල් තිය තිය බාතෲම් එක අස්සට රිංග ගත්තා.. මට එකපාරටම සිතූව මැවිලා පෙනුනා.. ශ්හ්හ්.. මොනව උනත් මම තාමත් එයාට ආදරෙයිනේ.. ඇ-ඇයි එයා මාව දාලා ගියේ.. මටහ්- මටහ් දුකයි..

එක පාරටම ඇස් වලින් වැටුනු උනුම උනු කඳුලු බිංදුවක් මගේ කම්මුල දිගේ බේරිලා ඇවිත් මගෙ අත උඩට වැටුනා.. ඒ මතකයන් එක්ක මම.. අනේ අම්මේ.. මම ඇයි එයාටම ආදරේ කලේ.. අවුරුදු කීයක්ද.. මම 'නෑ මම එයාට ආදරේ නෑ, මට එයාව ඕන නෑ, මට එයාව මතක් වෙන්නෙවට්ග් නෑ, මගේ හිතේ එයා ගැන තියෙන්නෙ වෛරයක් කිව්වට.. මගේ හිතයි මමයි විතරයි දන්නෙ දවසකට කී වතාවක් මට එයාව මතක් වෙනවද කියලා.. එයා කොහේ ඉන්නවද, මොනවා කරනව ඇත්ද, දැන් එයාගෙ රූපෙ කොහොමද වගේ දාහක් දේවල් මගෙ ඔලුවට ආවත් මට ඒවා දැන ගන්න කිසිම විදිහක් නෑ.. එදා මම මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු මගෙ අම්මා මට අවුරුදු දාහතරෙදි දාලා ගියා ඒ වගේම මම ආදරේ කරපු සිතූ එතකොට අවුරුදු දාසයක් උන මාව දාලා ගියා.. මට තේරෙන්නෙ නැත්තෙ මම ආදරේ කරන හැම දෙයක්ම මට ඇයි නැති වෙන්නෙ කියලා..

"පැහැදුල් කතා මතකේ වෙලා

දෙනුවන් තෙමා පියමන් කලා

පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා

සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා

මතකේ දරා හිඳිමී සදා...

මතකේ දරා හිඳිමී සදා...

මිහිදුම් වලා සළුවෙන් වෙලා

පැතුමන් දරා රකිමී සදා

පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා

සගවා දමා මේ වේදනා යලි එනතුරා

දිවියේ පුරා හිඳිමී බලා...

දිවියේ පුරා හිඳිමී බලා..."

වැඩිය නොහිතාම මගේ කටින් ඒ සිංදුව මිමිණුනේ නහය බර උනු කට හඬකින්.. ඇත්තටම එයා කිව්ව ඒවල් ඒ හැම දෙයක්ම.. ඒ හැම තැන්කම රැඳුන මතකයක්ම.. මට හොඳටම මතකයි..මට තේරෙන්නෑ වෙනදටත් වඩා මට ඇයි අද එයාව මතක් වෙන්න් කියලා..

ඒත් එක්කම මගෙ ඇස් වලින් කඳුලු බේරෙන්න ගත්තා.. එයා කියපු දේවල් මගේ ඔලුවෙ දෝංකර දෙන්න පටන් ගත්තා..

"මම-මමහ්- මම එයට හරි ආදරෙයි අම්මේ.."

මගෙ කටින් මම නොදැනුවත්වම පිට වුනු වචන දෙක තුන මගෙම හිතට හරියට දැනුනා.. මට දැනුන දුක හැමවෙලේම පෙරලෙන්නෙ කේන්තියකට.. ඒ නිසා ආපු ඒ කේන්තියට පුදුම ආවේගෙකින් මම වොශෲම් එකේ තිබුන මිරර් එකට අත මිට මොලවලා ගැහුවා.. මගේ ඉස්සරහම මගේ අතේ වේගෙට ඒක කෑලි කෑලි කුඩු වෙලා විසි වෙලා ගියා.. ඒත් එක්කම බලන් ඉන්නකොට මගෙ අතින් ලේ ගලන්න පටන් ගත්තා.. මම ලේ වලට පොඩ්ඩක් බය උනත් ඒ වෙලාවෙ ඒ ආපු ලේ දිහා මම හොඳටම බලන් හිටියා.. වීදුරු කෑලි වලට කැපිලා, අතේ තැනින් තැන වීදුරු කටු.. ඒ වගේම අතෙන් තද රතු පාටට ලේ විදිනවා වගේ වෙනවා.. ඒත් හිතේ තිබුන වේදනාවට මට ඒ අතේ තිබ්බ වේදනාව දැනුනෙ නෑ..

"ඕයි... ආදිත්‍යා..!!"

"ආදි...!!"

"ආදිත්‍යා දොර ඇරපන්.. මොකද්ද් ඒ සද්දෙ.. අඩෝ.. ගෑනියේ..!!"

මෙතුකියි අවිත්‍යයි එලියෙන් දොරට ගගහා කෑ ගහනවා මට ඇහුනා.. අවිත්‍යත් එනවා කිව්වනේ.. ඒත් මට දොර අරින්න තරම් සිහියක් තිබුනෙ නෑ.. මම ඇඳන් හිටපු සුදු පාට ශර්ට් එක දිගේ රතු පාටට ලේ බේරිලා.. බිම ටයිල් වලත් තැනින් තැන ලේ බිංදු බිංදු වැටිලා.. ඒත් මම දිගටම මගේ අත දිහාම බලන් හිටියා.. ලේ ගලනවට වඩා තුන්ගුණයක් වේගෙන් මගෙ ඇස් වලින් කඳුලු බේරුනා.. සමහර විට-

"ආදිත්‍යා...!!!!!"

එක පාරටම දොර ඇරන් මෙතුකියි අවිත්‍යයි වොශෲම් එක ඇතුලට ආවා.. උන් මන් දිහා බලලා මගෙ අත දිහා බැලුවා එකපාරටම..

"මොනාද හු#තො කරන්නෙ.."

"උබට පිස්සුද බල්ලො..."

"ආදිත්‍යා!!! තමුන්ට මඤ්ඤංද... ඉදපන් මම තිශාක්‍ය අයියට කියනවා.."

අයියා ඇවිත්ද..

"ආදිත්‍යා... ඕයි- ඕයි ඕයි-"

මට එච්චරයි හරියටම ඇහුනේ.. මන් බලන් ඉන්නකොට මගේ වටේ තිබුන හැම දේම කලුපාට වෙලා ගියා.. මට සිතූව ඕනෙ.. මම එයාට ආදරෙයි.. කවුරුත් ඈත් වෙන්න බලන් ආදරේ කරන්නෙ නෑ ඒක තමා ඇත්ත.. ඒත්- ඒත් ඇයි සිතූ මගෙන් ඈත් උනේ.. එයාට මාත් එක්ක හොඳ යාලුවෙක් විදිහට වත් ඉන්න තිබුනා.. නට සිතූව ඕනෙ.. මම එයාට ආදරේ කරන්නෙ මගෙ හදවතින්මයි..

මට දැනුනා මට හුස්ම ගන්න අමාරු වෙනවා.. ඒත් එක්කම මගෙ අතපය කවුරුහරි අල්ලනවත් මට දැනුනා.. ඒත් එක්කම මගේ මූණට වැටුනු වතුර ටිකක් නිසා මගෙ ඇස් ඇරුනා.. ඒත්- ඒත් සිතූ කෝ!!! එයා නෑ නෙ..

"චූටි.. අනේ ලමයෝ.. දරුවො මේ අහන්න.. මේ ඔයාගෙ සුදු අයියා.. අනේ චූටි බලන්නකෝ.."

මම හිමීට මගේ අත ඇද ඇද මගේ මූණට අතක් තියන් කතා කරන කෙනා දිහා බැලුවා.. ඒ මගෙ සුදු අයියා.. එයා අඬනවා..

"අනේ මැණිකේ.. මේ මොනාද දරුවො ඔය කර ගන්නේ.."

"ස්-ස්සිතූහ්හ්"

"අනේ රත්තරනේ මම සුදු අයියා.."

එක පාරටම සුදු අයියා මාව එයාගෙ පපුවට හේත්තු කර ගත්තා.. මට ඒත් එක්කම මහා හයියෙන් ඉකි ගගහා ඇඩෙන්න ගත්තා.. මම මගේ අත දිහා බලනකොට මගේ අතින් තාමත් හෝ ගාලා ලේ ගලනවා.. ඒත් එක්කම මට දැනුනා ආයෙම මගේ වටේ කලුවර වෙලා හැමදේම අඳුරු වෙලා යනවා..

හුඟ වෙලාවකින් මගෙ ඇස් මට ඇරගන්න පුලුවන් උනා.. ඒත් ඒ මන් බලාපොරොත්තු වෙච්ච මගේ කාමරේ තිබුන තද නිල් ගාපු ස්ලැබ් එක නෙවෙයි.. ඒ ලයිට්ස් නෙවෙයි.. ඒ වෙනුවට තනි සුදු ගාපු ඒසී කරපු අමුතු කාමරයක්.. මට මගෙ ඇස් තවදුරටත් අරින්න ඕන උනේ නැතත් අවාසනාවක් වෙන්න ඇති, මගෙ ඇස් ඇරුනා.. ආයෙම මන් ඇස් පියාගෙන හිටියා.. මට හොඳටම දැනෙනවා මගේ එහා පැත්තෙන් ඉදන් කවුරු හරි මගෙ කොන්ඩෙ අතරින් ඇඟිලි යව යවා මගේ ඔලුව අතගානවා.. හරිම සනීපයි.. ඒ ඇඟිලි හරිම චූටි හීනි ඇඟිලි.. ඒත් මට- මට ඒඑ අත හරිම හුරු ගතියක් දැනුනා.. ඒත්- නෑ එයා මෙහෙ වෙන්න බෑ නේ.. මම හිමින් හිමින් ඇස් අරිනකොට ඒ කෙනා මගෙ මූණටත් එයාගෙ අතක් තිබ්බා.. ඒ සිතූද!?? නැහෑ.. එයා මෙහෙ නෑ නේ.. ඒත් ඒ අත.. මම හොඳටම අඳුරනවා..

"ආදි..."

ඒ කටහඬ!! මට ඇහුනෙ ඒ ඇත්තටම කටහඬක්මද කියලා ප්‍රොසෙස් වෙන්න මන් ටිකක් වෙලා හිටියා.. නැහැ නැහැ.. මේ හීනයක්.. මම හිමින් සැරේ ඇස් අරිනකොට ඒ කෙනා ඉකි ගහනවා මට හොඳටම ඇහුනා..

"අනේ ආදි.."

මම හිමින් සැරේම ඇස් රෝල් කරලා මගේ එහා පැත්තෙ ඉන්න කෙනා දිහා බැලුවා..අනෙ දෙයියනෙ!!!!

"ස්ස්සි-සිත්-සිතූහ්හ්හ්හ්!!!"

"ඔව් ආදි.. මම තමයි.. මම ඔයා ලඟ ඉන්නවා.. ඇස් අරින්නකො දරුවෝ.."

මම එයා දිහා බැලුවා.. එ- එයා හුඟක් වෙනස් වෙලා.. මම මගෙ මොලේ හරියට වැඩ කරනකන් ආයෙම පොඩ්ඩක් බිම බලන් හිටියා.. ටිකකින්.මට උන හැමදේම මතක් වෙන්න ගත්තා.. ඒත් මම මේ ඉන්නෙ කොහෙද කියන්න නම් මම හරියටම දන්නෙ නෑ.. පේන විදිහට මේ හොස්පිටල් එකක්.. ඒත් මාව කොයි වෙලේ මෙහෙට ගෙනාවද මුකුත් මම දන්නෙ නෑ.. මට මතක මම වොශෲම් එකේ කන්නාඩියට ගැහුවා කියන්න විතරයි..

මම ආයෙම මගේ එහා පැත්තෙ හිටපු ගෑනු ලමයා දිහා බැලුවා..

තිබුණ සුදටත් වඩා අමූතු සුදක් එක්ක ලා රෝස නා දලු වගේ පාට තොල් දෙකක්.. ලා දුඹුරු පාට ලස්සන ඇස්.. එයාගෙ ඇස්... ඔව් මේ ඉන්නෙ මම ආදරේ කරපු සිතූමයි.. ඒත්- ඒත් එයා තවදුරටත් කලින් හිටපු සිතූ නෙවෙයි.. එයා හිටියට වඩා හුඟක් ලස්සන වෙලා.. එයා ලස්සනම ලස්සන තරුණියක් දැන්.. ඇඟට ටිකක් හිරට තිබුන ටයිට් දම් පාට දනිස් ගාවට තියෙන ගවුමට එයාගෙ ඉනේ හැඩේ හොඳටම පෙනුනා.. තිබුන දරදඬු කෙට්ටු අත් වලට වඩා ටිකක් මහත අත්, ඒ වගේම කෙට්ටුවට හුඟක් චූටියට කොටට හිටියා වෙනුවට පොඩ්ඩක් උස ගිහින් ඒ හිටපු 'ආදරේ' කියන වචනෙට වහ වැටුන කෝටු ඇටිකිචි කෙල්ල නෙවෙයි ඒ.. හුඟාක් ලස්සන ඇත්තම ඇත්ත බෝනික්කෙක් වගේ.. ෆොරිනර් කෙනෙක්ගෙ හමක් වගේ සුදු පාට ලස්සන හමට එයාගෙ රෝස පාට කම්මුල් ලස්සන පෙනුනා.. මම විනාඩි ගානක්ම එයා දිහා එක හෙලා බලන් හිටියා..

"ආදි..."

එයා කතාකරපු පාරට මම ගැස්සිලා ගිහින් පියවි ලෝකෙට ආවා.. ඇත්තෙන්ම එයා දැන් හු‍ඟක් 'ලස්සනයි'

ඒත් එක්කම.. ඒත් එක්කම එයා මාව දාලා ගිය, මාව එපා කියල මට බැන්න අමිහිරි අතීතෙ මගෙ ඔලුවෙ මැවුනා.. ඒත් එක්කම ආයෙත් ආපු දුකට මගේ හිත හුඟක් රිදෙන්න ගත්තා.. එපා කියලා ගියා නම් ඇයි ආයෙ ආවේ.. මගේ හිත එක සැරේට වෙනස් උනා කියලා මම හිතුවත් යටි හිතෙන් මම තාමත් 'අනේ එයා මාව බලන්න ඇවිත්' කියලා හිතන ගමන්..

"ඇයි ආවේ!!"

එක සැරේට මට ආපු ආවේග්ට මගේ කටට ආපු වචන දෙක මම කිව්වට පස්සෙ තමයි මට මම කිව්වෙ මොකද්ද කියලා මීටර් උනේ.. සැක්.. එහ්ම කියන්න හිතුවෙ නෑ..

"අනේ ආදි.. මම ඔයාගෙන් වෙන් වෙලා ගියේ.. එදා ලොකු ප්‍රශ්නයක් උනා.. අපේ තාත්‍තී.. ඔයයි මමයි යාලුයි කියලා දැනගෙන ඒත් එක්කම ඔයාලගෙ අප්පච්චි ඔයාලගෙ අයියයි අනිත් අර අයියයි යාලුයි කියලා දැනන් මගෙන් ඇහුවා.. අපි දෙන්නා ගැනත් අප්පච්චි දැනගෙන.. අප්පච්චි අපේ ගෙදරට ඇවිත් මට ඔයාට කෝල් කරලා ඔහොම කියන්න කිව්වා.. මම බෑ කියනකොටම ඔයාගෙන් කෝල් එකක් ආවා.. ඒත් එතන ඔයාලගෙ අප්පච්චිට හුඟක් කේන්ති ගිහින් හිටපු නිසයි, අපේ තාත්ති අම්මිව මරනවා කිව්ව නිසයි මට ඔයාට එහෙම කතා කරන්න උනා ආදි..."

"..."

"ඔයා නැතුව ගෙවපු මේ අවුරුදු තුනම මම ඔයාලගෙ අයියලා එක්ක කනෙක්ශන් තියන් හිටියේ.. ඔයා ගැන හැම දෙයක්ම මම හොඳින්ම දැක්කා.. ඒ වගේම ඔයා දිනන හැම අවස්තාවකම මම අවංකවම සතුටු උනා.. මම ඔයා ලඟට ආව්ව් නැත්තේ ඒ කාලෙ හිටපු මම හරිම බය, පුංචි කෙල්ලෙක් නිසා.. ඒ වගේම මට බය හිතුනා ඇත්තටම ඔයා ලඟට එන්න.. අම්මි අපිව අරන් ලන්ඩන් වලට ගියා.. මමයි නෙතුයි එහෙ අම්මි එක්ක හිටියේ.. තාත්තිට, ඔයාලගෙ අප්පච්චිට මොනවා උනාද කියන්න අපි දන්නෙත් නෑ චූටියෝ.."

"ම්ම්ම්"

"මම ආයෙ ඔයාව දාල යන්නෑ.. කොහෙවත්ම නෑ.. මම හුඟක් ආදරෙයි ආදි ඔයාට... හුඟාක්ක් ආදරෙයි..."

තව තද කරන් මට ඉන්න බැහෑ..

"මමත් ආදරෙයි අක්කෙ.. මම ගොඩක් ආදරෙයි ඔයාට.. මාව දාල ආයෙ කොහෙවත්ම යන්න එපා.."

"නෑ ආදි.. කවදාවත්ම නෑ.."

සිතූ මාව හිමින්, හරි පරිස්සමට බදාගත්තා.. ඒත් එක්කම දොර ඇරගෙන සුදු අයියලා කට්ටියම ආවා..ඒකත් අප්පුඩි ගගහා..

"අම්මෝ යන්තන්... තොපි දෙන්නා නිසා අපි කාපු කට්ටක් හත්තිලව්වේ.."

"ඒක තමා සුදූ.."

"ආ උබ ඉදපන්.. මෝඩ පගයා.."

අපෙ අයියගෙ කට දෙහි ලෙල්ලක් උනා..

"සු-"

"හැඤේ සුජූ යැයි යැයි යැයි තමා.. පලයන්න.."

"ම්හුක්.."

මෙතා අවීගෙ කරටත් අත දාගෙන හෙන ඩ්‍රැමටික් විදිහට මන් ලඟට ඇවිදන් ඇවිත් මට ඇහැක් ගැහුවා..

"අනේ ආදි පුතේ ආයෙ අම් කලන්තෙ දාන්නෙපා.. උබ හෙන බරයි බන්න්...."

හැමෝම කතා කර කර ඉදලා පොඩි අයියා කොහෙන්ද මන්දා ගිටාර් එකක් උස්සන් ආවා..

"නෑනා පොඩ්ඩ ආපු එකේ සිංදුවක් කියමූ.. අඩෝර් උන කැමති එකක් කියහන්.."

"දුර ආකාහේ.."

"එල.."

සිතූ ආපු වෙලේක් ඉදන් මගේ අතකින් අල්ලන්මයි හිටියේ.. පොඩි අයියා කෝඩ්ස් දෙකක් තුනක් ගහලා මට පටන් ගන්න කියලා කිව්වා..

"හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි

ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි

ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි..

අප හමුවූයේ..මොනවටද කියලා හිතෙයි

අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

අප හමුවූයේ

මේ හඳපාන, මේ තරු රෑන

මේ හඳපාන, මේ තරු රෑන

හඳපාන තරු රෑන ඔච්චම් කලයි

මට ඔච්චම් කලයි

හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි

මට මතකේ තියෙයි

දුර ආකාහේ රෑ හැමදාම

දුර ආකාහේ රෑ හැමදාම

දුර බලං අපි අපිව හෙව්වා

දිලිසෙන තරුවල අපිව මැව්වා

අර තරුව නුඹ, අර තරුව මම

ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා, ඒත්

නුඹ මා හා පරතරය

අතරක ඇති දුර අලෝක වර්ෂ

නුඹ දකින්නෙ අද, මගෙ අතීතය

නිවි-නිවි දැවෙන්නෙ මගෙ අතීතය

මතකෙට ඒනා මතකේ වියෝවක්

වන බව දැන උන්නා මගදි මං කෝමත්

ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට

ඒත් අපෙ හිත් ගැලපුනෙ නැතේ

හැමදේම වෙන්නෙ ආදරේකට වඩා

දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත

මම හෙව්වෙ මාව

ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර

හඳපාන තරු රෑන ඔච්චම් කලයි

මට ඔච්චම් කලයි

හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි

මට මතකේ තියෙයි

හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි

ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි

ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි

අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

අප හමුවූයේ

දුර ආකාහේ රෑ හැමදාම

දුර ආකාහේ රෑ හැමදාම"

මම කිසි ගානක් නැතුව කිව්වත් සිතූ ඇස් වල කඳුලු පුරවන් හෙන ආදරනීය බැල්මකින් මන් දිහා බලන් හිටියා..

"ඇයි.."

"අවුරුදු තුනකට පස්සෙ.."

"පුරුදු ඇබ්බැහි වෙනකොට අත්හැරීමක් කියන්නෙම දුකකට..

පුරුදු වෙන්න හොඳ නැත්තෙම මිනිස්සුන්ට.."

2024/07/31

* ඇත්තටම මිනිස්සුන්ට ඇබ්බැහි වෙනව කියන්නෙ මොන වගේ දෙයක්ද?

+ ඒක පිස්සුවක්.. සමහර මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න තරම් අපි එයාලට ආදරේ කරනවා.. සමහර වෙලාවට රෑට නින්ද යන්නෙත් නෑ.. ඒ අය කියන වචනයක් දෙකක් ඇහුවම මුලු රැයක්ම ඒ ගැන හිත හිත ඉන්න පුලුවන්..

* ඒත් මිනිස්සුන්ට ඇබ්බැහි වෙලා.. ඒ අයව අපිට අතහරින්න උනොත්?

+ මන් දන්නෑ.. මම දන්නේ.. මට පිස්සු හැදෙයි.. මම දන්නෙ මම ඒ මනුස්සයට ආදරේ කරනවා කියන එක විතරයි..

* ඒත් අපි කොච්චර ආදරේ කලත්.. අපිට ඒ අය හිමිවෙන්නෙ නැත්තන්..

+ කවුරුත් අහිමි කරගන්නම බලන් ආදරේ කරන්නෙ නෑ.. හැමදාම නැගිටිනකොට ඒ කෙනාගෙ මූණ දකින්න තියෙනවා නම්.. අන්න ඒ වගේ අනාගත බලාපොරොත්තු තියන් එහෙම අහිමි වෙනවා කියලා හිතන්නවත් අමාරුයි..

නිකමට හිතන්න යාලුවනේ.. ඔයැයිලා හෙනටම ආතරේ කරන, ඔයාලා ඇබ්බැහි වෙලා වගේ ආතරේ කරන කෙනා ඔයැයිලට,

'Mata break up wenna one'

කිව්වම මොන වගේ හිතෙයිද.. අනේ ඇත්තමයි මට වගේනම් හොම්බට හැටක් ඇනලා එන්න හිතෙනවා.. පුදුම හු#තක්නේ..

මම නම් කියන්නෙ ඔයාලා වෙන කාටවත් ආතරේ කරන්නෙපා.. මේ මට ආතරේ කරන්න අනේ..

මම ගිහින් එන්නම්.. ලමයි හිත රිද්ද ගන්න එපා.. 💞

මම උතුරන්නම ආතරෙයි.. ම්වාහ්හ්හ් 😽❤️

ආනේ මගේ හිම්චි ඉස්ටෝරියට 5000+ reads ඇවිල්ලනෙ අනෙ.... මම හෙන ආතරෙයි ඔවාලට ඒ වගේම හෙන ඉස්තූතියි හරිත.. 😭💗

Share This Chapter