Back
/ 53
Chapter 45

45 කොටස

_නොනිමි_

"සුදූ!!! ඒ.. කවුද..."

මගේ ලාස්ට් අන්ඩර් නයින්ටීන් ටූනමන්ට් එක ප්ලේ කරලා අපි දින්නා.. මම ප්ලේයර් ඔෆ් ද මැච් උනේ විකට් පහකුයි ලකුණු 72 කුයි ගහපු නිසා.. මට ඉස්සරහට Under 23 මැච් තියෙයි..

දවස් ගානක ඉදම් අපෙ සුදු අයියට නම්බර් එකකින් ඕනවට වඩා කෝල්ස් එනවා.. මේ ලඟදි අපේ ගෙදර ඉස්සරහ බොක්ස් එකක් ඇතුලෙ සුදු අයියගෙ ෆොටෝ එකක බෙල්ල ගාවින්ම ඉරලා දාලා ඒකේ ලේ එක්ක නෝට් එකක් තිබුනා..

'අවසානයට ලඟයි! මම එනවා' කියලා..

මේ 2027 අවුරුද්දෙ ජුලි මාසෙ.. මේ අවුරුද්දෙ බොහෝ දුරට මම එන්ගේජ් වෙයි.. කාලය ගෙවිලා ගෙවිලා ගිහින්.. ඒත් මමයි සිතුයි තාමත් මතක් කරනවා එදා හිටපු අවුරුදු දාසයෙ දාහතේ කෙල්ලො දෙන්නව.. හුඟක් සතුටු ආරංචිය කියන්නේ මගේ බර්ත්ඩේ එකට පස්සෙ දවසෙ වෙත්මි අක්කා කිව්වා එයා ප්‍රෙග්නන්ට් කියලා.. දැන් මාස නවයක්.. පොඩි අයියයි සුදු අයියයි මේ කාලෙ ඉන්නෙ හුඟක් ප්‍රශ්න වල.. සුදු අයියට අසනීපයි කියලා මම දන්නවා ඒත් සුදු අයියා ඒක හංගනවා.. එයා සැරෙන් සැරේට කලන්තෙ හැදිලා වැටෙද්දි, හුස්ම ගන්න අමාරු වෙද්දි මට බයයි.. පොඩි අයියටත් වෙනසක් නෑ.. මට තාම හිතාගන්න බැරි ඇයි එයාගෙ නහයෙන් ලේ යන්නෙ කියලා.. මේ ලඟකදි ලේ එකක් චෙක් කලාම කිව්වේ පොඩි අයියගෙ ඇඟේ හිමොග්ලොබින් එන්න එන්නම අඩු වෙනවා කියලා.. මීට අවුරුදු ගානකට කලිනුත් ඔහොම සිද්ධියක් උනා මට මතකයි.. ඒත් යට ගියපු ලෙඩ ආයෙම පන ගහලා එනකොට හිතට හරි බයයි..

"ප්‍රශ්ණයක් වෙන්නෑ අවිශ්.. අවසානෙ ඔයා මගේ වෙයි.. අපි ආදරෙන් ඉදියි.."

මම තව දුරටත් එයාලට බාධා කරන්නෙ නැතුව එතනින් නැගිටලා උඩට ආවා.. අයියලා අපිට නොපෙන්නුවට එයාලට හුඟක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.. මම ඒවට හොට දාන්න ඕන්නෑ ඒත්.. 'අපි මෙහෙන් යමු' කියලා පොඩි අයියයි සුදු අයියයි කතාවෙන දේවල් ඇහුනම හිරි වැටීගෙන යන එක මට හිතාගන්න බෑ.. තව මාස හතරකින් මම එන්ගෙජ් වෙනවා.. සිතූ එයාගෙ සැලූන් එක කරගෙන යනවා.. මම කැම්පස් යනවා.. ක්‍රිකට් ගහනවා.. අක්කට තව සති එකහමාරක් විතර තියෙනවා දූව හම්බෙන්න.. ඒත් ඩොක්ටර් කිව්වා අක්කට චුට්ටක් අමාරු උනත් අරන් එන්න කියලා.. දුව ආවම වත් ප්‍රශ්න අඩු වෙයි කියලා හිතනවා..

"ආදි.."

"ම්ම්"

"ඔයා අවුලකින්ද.. ඇයි මේ එකපාරටම උඩට දුවගෙන ආවෙ.."

"නෑ.. මුකුත් නෑ.."

"ඔයා මගෙන් හංගනවද.."

"නෑ අක්කේ.. මට දුකයි.. බයයි.. හොඳට හිටපු අපිට මේ මොකද්ද වෙන්නෙ.. අප්පච්චි ඇවිත්.. ඒත් ඉස්සරහට මොන මගුලක් වෙයිද දන්නෑ නෙ.."

"ඉස්සරහට වෙන දේවල් වලට අපි දැම්ම ඉඳන් දුක් විඳලා හරියන්නෑ නෙ මැණිකේ.. අපි මේ අවස්ථාවෙ සතුටින් ඉන්න එපැයි.. ම්ම්..?"

"ම්ම්"

"ඉස්කෝලෙ කලර්ස් නයිට් එකට ඔයාට ඉන්වයිට් කරලා.. යනවද.. හෙටනෙ තියෙන්නෙ.."

"ම්ම් යමු.."

"ඔයා මොකද්ද අඳින්නෙ දැන්.."

"ශ්‍රී ලංකා බ්ලේසර් එකයි වයිට් ශර්ට් එකයි බ්ලූ ට්‍රවුසර් එකයි.."

"ම්ම්ම්"

*මියෑව්ව්ව්ව්*

"ප්ස්ස්ස්.. පූස්..කම් හියර්.."

*මියැව්ව් ප්ර්ර්ර්ර්ර්ර්*

මේ දෙන්නා ගෙදර ඉන්න නිසා හොඳයි.. නැත්තන් අනේ මන්දා.. ඒත් එක්කම රෙද්දක් කාමරේට එනවා පෙනුනා.. ආනේ නැට්ටකුත් තියෙනවා..

*බුහ්හ්හ්*

"ශැඩෝ!!"

ඒ එක්කම රෙද්ද ගසලා දාපු තඩි බලු පැට්ටා මගෙ ඇඟට පැනලා මාව ඇඳේ පෙරලගත්තා..මෙයා අපෙ පොඩි අයියා ගිය අවුරුද්දෙ නොවැම්බර් වල ගෙනාවෙ.. එනකොට නම් පුලුන් බෝලයක් වගේ..ඒකට දැන්.. මෙයා අත් දෙක සිතූගෙ කරට තියලා කකුල් දෙකෙන් හිටගත්තාම සිතූටත් වඩා උසයි.. රිඩ්ජ්බැක් බ්‍රීඩ් එකෙ නිසා වෙන්නැති මෙයා අනික් බල්ලොන්ට වඩා හෙන විසාල..

"ශැඩෝ නවත්තන්න.. ඔය මගෙ අත දෙන්න හපන්නෙපා.. ශැඩ මල්ලේ.. ශැඩෝ!!"

*අව්.. බුහ්හ්හ්*

මේ බල්ලගෙත් මල විකාර.. මුගෙ රැස් අපෙ පොඩි අයියට විතරයි.. අනිත් හැමෝටම හොඳ බලු කුක්කෙක් විදිහට ඉඳලා පොඩී දානව හැම පල් පාට් එකක්ම.. ඒ එක්කම ශැඩෝ ආයෙම අර රෙද්දත් උස්සන් කාමරෙන් ගියාම සිතූ පූස් වත් උස්සන් ගිහින් එලියෙන් තියලා දොර වහලා මන් ලඟට ආවා..

"බල්ලො පූසො එක්ක සෙල්ලං ඇති දැන් මාත් එක්ක සෙල්ලං කරන්න.."

"මොනා සෙල්ලංද කරන්න ඕනෙ.."

"අල්ලං සෙල්ලං.."

"හැදිලා මේකි හොඳ විදිහකට.."

මම එහෙම කිව්වා විතරයි සිතූ කකුල් දෙක දෙපැත්තට දාල මගේ ඔඩොක්කුවෙන් ඉඳගත්තා.. ඒකල්ලා මගෙ කර වටේ අත් යවාගෙන මගේ ඇස් දිහා කන්න වගේ බලන් ඉඳලා මගෙ නහයෙ උඩට කිස් එකක් දුන්නා.. පුදුම විසයක් තමා ඉතිම්ම්..

"wanna do something?"

"Sure"

මම සිතූව ඇඟට තද කරන් එහෙම්මම තොල් වලට පහත් උනාම සිතූ ටිකක් ගැස්සිලා ගියා.. ඒත් වෙනදට වගේ මම වගේම එයත් ඒකට ටිකින් ටික ඇබ්බැහි උනා.. මගෙ තොල් වලින් එයාගෙ බෙල්ලට ටිකක් පහලින් පැච් තියද්දි එයත් මගෙ බෙල්ලෙ තෙත හාදු තිබ්බා.. ඒ හැම එකකින්ම වෙනදට වඩා මට අලුත් හැඟීම් එයා ගැන ඇති උනා.. මම එයාට හුඟක් ආදරෙයි.. එයා මට හුඟක් ආදරෙයි.. ඇත්තෙන්ම මේ මම හොයපු මම ආස කරපු ජීවිතේ..අපේ ජීවිත වල ප්‍රශ්න නැතුවාම නෙවෙයිනෙ.. ඒත් මේ හම්බෙන එක කිස් එකකින් ඒ ප්‍රශ්න හැම එකක්ම නැති අමතක වෙලා යනවා.. විනාඩි ගානකට ඒ ලැබෙන අමුතු, හිත හිරි වට්ටන හැඟීමට මම ආසයි..

මම සිතූව තද කරගෙන එයාගෙ ශර්ට් එක පිටිපස්සෙන් අතක් දාගත්තා.. එයාගෙ කොඳු නාරටිය දිගේ මගේ ඇඟිලි යවද්දි එයා කිතියටම හිනා උනා.. මගේ තොල් එයාගෙ තොල් වල තිබුනත් එයස් හිනා වෙනවා හොඳින්ම පේනවා.. අපි අතරෙ තිබුන නිහැඬියාව බිඳින්න කවුදෝ මන්දා දොරට තට්ටු කරාම අපි දෙන්නා ගැස්සිලා එහාට උනා..

"අගෙයි.."

"අඩෝ මේ දොර ඇරපාන්න්.. ආදේ.. නංගේ.. උබලා මක් කරනවද දොරවල් වහන්.."

"ඉන්න පොඩි අයියේ.."

සිතූ ගිහින් දොර ඇරියම මම ඇඳේ කොට්ටෙකුත් ගුලි.කරන් නිදි වගේ හිටියා.. දැක්කෙ නෑ වගේ ඉන්නෝන..

"ඒ නංගි වෙත්මි අක්කට අමාරු වෙලා හොස්පිටල් ගෙනියලා.. යමන් අපිත්.."

ඒක ඇහුන පාර මම කොට්ටෙ විසි කරලා ඇඳෙන් පැනලා අයියා දිහා බැලුවා.. අඩෝ අඩෝ මිස්ටි දුවේ.. අනේ හු#තො මම අම්මා කෙනෙක්- නෑ නෑ මම කවුද අනේ.. පුංචි ද.. ඔව්- නෑ අයියගෙ දුවනෙ නැන්දා කෙනෙක් වෙන්න යන්නෙ....

"ඈ.. සිරාවට.. ඒ කියන්නේ මිෂ්ටි එනෝද.."

"ඕ ඕ.."

"අඩේ ඉන්න ඉන්න මම ඇඳුමක් දාන් එන්නම්.. ඒ ඔයත් ඇඳුමක් දාගන්න හලෝ යන්න.. අනේ මගෙ මිස්ටි දුවේ පුංචි- නෑ නැන්දා එනවා අනේ..!!!!!"

මිෂ්ටි කියන්නෙ අපේ ගෙදරට එන්න යන පුංචි සුරංගනාවිට මමයි අපෙ පොඩි අයියයි දාපු නම.. මමයි සිතුමිණීයි සනිකව ලෑස්ති වෙලා බයික් එකේ නැතුව කාර් එකේ ඉක්මන්ට කාසල් එකට ගියා.. අනේ අපේ චුට්ටං පැට්ටා..

අපි යනකොට ලොකු අයියා හොඳටම කලබල වෙලා එහෙමෙහෙ ඇවිදින ගමනුයි හිටියේ.. අක්කගෙ පවුලෙ අයත් එතන ඇවිත් හිටියා.. සිතුත් හොඳටම බයවෙලා.. ටිකකින් ඩොක්ට දොර ඇරන් එලියට ආවා..

"ඩොක්ට.."

ඒ අපේ ලොකු අයියා..

"කන්ග්‍රැජුලේශන්ස්.. ඔයාගෙ දුව හොඳින් ඉන්නවා.. අම්මත් එහෙමයි.."

අපේ අයියගෙ ඇස් වලින් කඳුලු රූටලා පහලට ආවා.. අපෙ පොඩි අයියා එයාව බදාගෙන පිටට තට්ටුවක් දැම්මා.. ලොකු අයියා වෙන කාමරේකට ගිහින් අත් එහෙම හෝදන් මාස්ක් එකකුත් දාගෙන අක්කා ඉන්න රූම් එකට ගියා.. මම ඇතුලේ දේවල් දැක්කෙ නෑ.. ටිකකින් අක්කලගෙ අම්මලා වගේම සිතූත් ඇතුලට ගියා.. මට යන්න බයයි මම මීට කලින් ඔය තරම් පුංචි ලමයිව හරියට දැකලත් නැති නිසා.. පැය තුනකින් හතරකින් මමත් චූටි දෝනිව බලන්න ඇතුලට ගියා.. එයා රෝසම රෝස පාටයි.. බැලූ බැල්මට අක්කා වගේ උනත් ඇස් දෙක නම් ලොකු අයියගෙ වගේ.. එයා හරිම පුංචි රෝස පාට බෝලයක් වගේ..

මම ගිය අනිත් පැත්තට ආයෙම ආවෙ මට බය නිසා.. අයියගෙ මූණෙ ඉතිරිලා යන්න තරම් සතුට.. මමයි සුදු අයියයි පොඩි අයියයි එලියට වෙලා හිටියා..

*ටි ටිං ටි ටිං*

"පොඩ්ඩක් ඉන්න කෝල් එකක්.."

"කවුද සුදූ"

"නම්බර් එකක්නෙ සුදූ.."

"ඔය අර නම්බරේමද බලන්න සුදු අයියේ.."

"අම්ම්ම්.. ඔව්ව් ඔව්ව්.. අනේ විශ්.. මේ ඒ නම්බරේමයි.."

"කෝ දෙන්නකො..බය වෙන්නෙපා.. ෆෝන් එක මෙහාට දෙන්නකෝ.."

පොඩි අයියා සුදු අයියගෙන් ෆෝන් එක අරගෙන කෝල් එක ආන්ස්වර් කරලා ස්පීකර් ඔන් කලා..

"හලොව්.. හූ'ස් දිස්?"

පොඩි අයියා කතා කලේ කට හඬ වෙනස් කරලා..

"හහ්.. අඳුර ගන්න බැයිද මාව.."

"කවුද කියනවද ප්ලීස්.."

"තමුන් නෙවෙයි.. තිශාක්‍ය ඩිහේන්ට ෆෝන් එක දෙනවා.."

"අයි ඈම් තිශාක්‍ය ඩිහේන්!"

"හහ්.. මාව විහිලුවක්ද.."

"ඔව්!"

"තමුන්ට මාව විහිලුවක්?!"

"ඔව් අප්පච්චි!!!"

"අවිශ්!!!"

"මම ඔයාට බය නෑ අප්පච්චි.. පුලුවන් දෙයක් කරන්න.. මම ඉන්නෙ මගේ ඩිහේන් එක්ක.. අප්පච්චි අපිට කරදර කරන්නෙ නැතුව ඉන්න.."

"තමුන්ගෙ කට-"

"මම තියනවා අප්පච්චි.."

"අවි-"

*බීප් බීප් බීප්*

සුදු අයියා වගේම මමත් හිටියෙ බය වෙලා.. අප්පච්චි!!!

"පොඩි අයියේ.."

"අපිට පරිස්සම් වෙන්න වෙනවා චූටි.. අපි නොහිතුවට අප්පච්චි හැම දෙයක් ගැනම සෙවිල්ලෙන් ඉන්නේ.. අපි පරිස්සම් වෙන්න ඕනේ.. ඔයා චූටි.. ඔයා අපිට වඩා පරිස්සමින්.. මොකද ඔයාට අප්පච්චි කරදරයක් කරන්න තියෙන අවස්ථාව වැඩී.. එයාට ඔයාව ලේසියෙන් අල්ල ගන්න පුලුවන්.. අපි බලමු චූටි.. හැමදේම විසදෙයි.. සුදූ.. බයවෙන්නෙපා.. මොන දේ උනත් මම ඔයාව අතාරින්නෙ නෑ...

ඒත් එක්කම අපේ පැත්තට දුවගෙන ආවෙ සිතූ..

"නංගී.."

"ඕ අයියේ.."

"ආදි එක්ක පරිස්සමට ඉන්න.. හරිද.."

"හරි අයියේ.. ඒත් ඇයි මේ එක පාරටම.."

"අප්පච්චි"

"ඕ ශිට්.. අප්පච්චි ඇවිත්ද.. ඒ කියන්නෙ අපෙ තාත්තිත්.. අනේ ආදි.."

"බයවෙන්නෙපා.."

මම සිතූට එහෙම කිව්වෙ එයාගෙ අත තද කල්ලා අල්ල ගන්න ගමන්.. නෑ නෑ!! මොන දේ උනත් අල්ල ගත්තු මේ අත මන් ආයෙ අතාරින්නෙ නෑ.. සිතූ මගේ..

"අයියේ අපි දෙන්නා ගෙදර යන්නම්ද.. මගෙ ඔලුව රිදෙනවා.."

"හරි.. පරිස්සමට.."

මමයි සිතුයි එතනින් ඇවිත් කාර් එකේ එයාලගෙ ගෙදරට ආවා.. මට මහන්සී.. මම ආපු ගමන් වොශ් දාගෙන ඇවිත් ලෑස්ති උනේ නිදාගන්න.. තාම මේ හවස.. ඒත් මට ඔලුවට හරි බරයි..සිතුත් වොශ් දාගෙන ඇවිත් මගේ එහා පැත්තෙන් ඇලවෙලා මගේ ඇඟට තුරුල් උනාම මම එයාව බදාගත්තා..

මට සිතූව ආයෙම වතාවක් අප්පච්චි නිසා නැති කරගන්න බෑ!!

හායි ලමයිනේ කෝමද... මේ දවස් වල මේක ගේන්න පරක්කු වෙනවා ලමයි.. මට විභාගෙත් පටන් ගන්නවා.. කලින් ඩ්‍රාමා එකක් තිබ්බා.. ඒක දෙයියනේ කියලා ඉවර උනා.. දැන් ඕතරීට එයැයිලගේ ඉස්කෝලෙ කොන්සර්ට් එකේ සිංදු කියන්න ලැබිලනේ..!!!

ඉස්සරහට හිච්චං බාල්දියක් පෙරලෙයි.. හැමදාම හොඳින්ම ඉන්නත් බෑනෙ අප්පා.. හැනැයි මෙහෙමයි..

ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් හැමදේම ස්තාවර උනාම ප්‍රශ්න කියන දේ ඇත්තෙන්ම වැඩක් නෑ...

අනේ මගේ මේ කතාව කියෝන ඔයාලට මම හෙන ආදරෙයි අප්පා <3

ඔයාලට කියන්න, මම මේ කතාව මෙහෙම ලියන්න හිතපු එකක් නෙවේ.. ඒත් මම මුල් ටික මෙහෙම ලියනෝ කියලා හිතන් හිටියා.. ඒත් මේම වෙයි කියලා මමවත් හිතුවෙ නෑ..

ම්වාහ් මම ඔයාලට ආදරෙයි උතුරන්න... 😽❤️

Share This Chapter