Back
/ 53
Chapter 49

49 කොටස

_නොනිමි_

මොන මංගල්ලයක් වෙන්වද කියලා මට තේරෙන්නෑ.. ඇය් මෙහෙම වෙන්නේ.. අපිටම??

"පොඩී ගියා චූටි.. එයාට කතා කරන්න එපා.. පොඩී කරන්නෙ හරි දේ.. මගෙන් අහන්නෙපා කොහෙද පොඩී ගියේ කියලා.."

එදා ලොකු අයියා එහෙම කියනකොට මම දරාගත්ත උනත් සුදු අයියා දරාගන්නෙ කොහොමද.. එයාට පිස්සු හැදේවි.. පොඩි අයියා ගියේ කොහෙද කියලාවත් ලොකු අයියා කියන්නෙ නෑ.. දෙයියනේ අප්පච්චි ආයෙම හොයා ගන්න නෑ.. මොන කරදරයක් වෙයිද මන්දන්නෑ.. සුදු අයියා තවම හොස්පිටල්.. දැන් අපි එයාව බලන්න ගියාම කෝ මගෙ සුදූ කියලා ඇහුවොත් අපි මොනවද කියන්නෙ??

"චූටි.."

"කියන්න අක්කේ.."

"බබා ඔයා කෑවෙත් නෑ නේද.. අනේ කන්නකො.. ඔහොම ඉඳලා බැහැනෙ දරුවො.."

"ම්ම් ම්ම්"

"ආදි.."

"ම්ම්"

"ඔයා ඇයි අනේ ඔහොම ඉන්නේ.. ඔහොම ඉන්නෙපා නේ.."

"හරි හරි.. යමුකො අපි.."

අපි ක්‍රිකට් ටීම් එකේ හැමෝටම කිව්වා පොඩී මේ දවස් ටිකේ මැච් වලට එන්නෙ නෑ කියලා.. ඒත් මම නම් හිතන්නෙ නෑ එයාලා එක පාරටම එහෙම හේතුවක් කියන්නෙත් නැතුව පොඩී නැති එක හොයන්නෙත් නැතුව ඉඳියි කියලා..

අපි හිටියේ කොළඹ ඩර්ඩන්ස් හොස්පිටල් එක ඉස්සරහා.. සුදු අයියා මෙහෙ ඉන්නේ.. එයාට එදා සිහිය ගන්න හුඟක් අමාරු උන නිසා එයාගෙ කෝච් අපිට කිව්වා ඇඩ්මිට් කරන්න කියලා..

අපි සුදු අයියා ඉන්න VIP රූම් එකට යනකොට සුදු අයියා ඔහේ පැත්තක් බලාගෙන ඉඳගෙන ඉන්නවා..

"සුදු මල්ලී.."

"අයියේ..අනේ අයියේ.. අයියේ මගේ- මගේ සුදූ කෝ අයියේ..එයා ආවද.. අනේ කෝ.."

"මල්ලි අ-මේ අහන්නකො.. මේ- ඔයා කලබල වෙන්න එපා.. එයා ආවෙ නෑ.. අහන්නකෝ.."

"අනේ අයියේ මගෙ සුදූ ඇයි මාව බලන්න ආවෙ නැත්තේ.."

"මල්ලි.."

"මට කියන්න අයියේ.. මගේ සුදූ කෝ.. මගේ මනුස්සයා කෝ.. අනේ නංගි කියන්නකො.."

සුදු අයියා පිස්සුවෙන් වගේ අහ අහ සිතූ ලඟට ගියා

"අ-අයි-"

"අනේ චූටී... චූටි මට කියන්න.. මට කියන්න ඔයා සුදු අයියට ඇත්ත කියනවනෙ.. මට කියන්න අයියා කෝ කියලා"

"මම දන්නෑ අයියේ.. "

"දන්නෑ??"

"මල්ලි!!"

"අ-"

අපෙ ලොකූගෙ ඇස් රතු වෙලා.. එයා තදින් සුදුඅයියගෙ අත අල්ල ගත්තෙත්.. මොකද මේ.. අපි සුදු අයියට මොනවද කියන්නෙ.. පොඩී කොහෙද ගිහින්? එහෙමද?

"මල්ලි මේ අහනවා! අරූ මන්දන්නෑ කොහෙද ගියා.. මමමයි ඌව ගිහින් දැම්මේ.. මගෙන් අහන්නෙපා බන් ඌ කොහෙද ගියේ කොහොමද ගියේ කියලා ප්ලීස්.. ඌට කරදරයක් නෑ නේ.. උබ දැන් ඉක්මනට හො‍ඳ වෙලා ඉදපන්.. තව පොඩි දවසයිනෙ තියෙන්නෙ..!"

"කො-"

"මම කිව්වනෙ.. ඌ කොහෙද ගියේ කියල මගෙන් අහන්නේපා.. ඌ දවසක උබ ලඟට ආයෙම එනවා.. ඒක මතක තියන් ඉඳපන්කො.."

"අනේ අයියෙ මම කොහොමද මගෙ සුදූ නැතුව ඉන්නේ.."

"උබට අපි ඉන්නවනෙ.. අනේ අඬන්නැතුව ඉඳපන්කො.."

සුදු අයියට දරා ගන්න බැරුව ඇති.. පව් දෙයියනේ.. අර මෝඩ පගයා මොන හුයන්නක් කරනවද මන්දන්නෑ.. දැන් මේ ලොකු එකා වත් ඌ ඉන්න තැනක් වත් ඌ යහතින් ඉන්නවද කියල වත් අපිට කියන්නෙ නෑ නේ..

අපි සුදු අයියත් එක්ක හුඟාක් වෙලා ඉඳලා ගෙදර ආවා..

ඊට පස්සෙ අපි ලෑස්ති උනේ පන්සල් යන්න..

"බබා යන්.."

"ඉන්න එනෝ"

*Theev ayya is calling*

තීව්‍ර අයියා මොකද මේ වෙලාවෙ..

"හෙලෝ අයියේ"

"හෙලෝ නගා.. මේ අපේ අවිශ් ගැන ආරංචියක් නැද්ද බං.. ලොකු අයියා මොකුත් කිව්වෙ නැද්ද.."

"නෑ අයියේ.. දවස් දෙකක්ම ගියා.. තාමත් මුකුත් ආරංචියක් නෑ නෙ.."

"යකෝ කෝල් එකක් වත් දුන්නැති හැටි මේ පිස්සු හු#තා.."

"ඔව් අයියේ අපෙ නෙ ලේ රත් වෙන්නෙ.. මොනව වෙලාද කියලා අපි දන්නෑ නේ.."

"අනේද බං කියන්නෙ.. ඔය පොල්පිති හරකා ආපු දෙන්කො මම ඌව බෙල්ලෙන් එල්ලනවා.."

"බෙල්ලෙන් එල්ලනවා?"

"හැව්.. මන් තියන්නම් නංගි.. අරූ ගැන මොනව හරු ආරංචියක් ආවොත් කියපන් හරිත.. අනේ මගේ බබා.."

"ආ හරි අයියේ.."

අපෙ අයියට සුදු අයියා හිටියට අපෙ අයියා තීව්‍ර අයියට කියන්නෙ බබා කියලා.. තීව්‍ර අයියත් අපෙ අයියට බබා කියලමයි කතා කරන්නෙ.. ඒ උනත් ඒක මේ හොඳම් යාලු ලව් එකක් විතරයි..

පස්සෙ මමත් ආවම මායි සිතුයි අක්කයි ලොකුයි බබයි බෙල්ලන්විල පන්සලට ගියා...

"කෝ යන්.."

"ආ මේ මල් ගෙනාවෙ නෑ නේ.. අඩේ හඳුන්කූරු වත් නෑ.. අප්පටසිරි තෙලුත් නෑ තිරත් නෑ.. මෙහෙමද අඩේ පන්සල් යන්නෙ.."

"කෑ ගහන්නැතුව ඉන්නකො අනේ අපි මලුයි ඔක්කොම ගමු.. කෝ මට සල්ලි දෙන්නකෝ.."

"ටසිරි මේ බලහන්කො චූටි උබලෑ අක්කගෙ කතාව.."

හැයි යැයි තමා

"ඉතින් අනේ ඔයාටනෙ මලුයි ගසුයි ඔක්කොම මතක් උනේ.. දැන් ඔයා අපිට එව්ව අරන් දෙන්න.."

"අනේ මේ ගෑනු ඔක්කොම එකයි.."

අපි කට්ටිය පාකින් ලොට් එකෙන් කාර් එක පාක් කරලා එතන තිබුන කඩ පේලියට ගිහින් සුදු නෙලුම් මලුයි හඳුන්කූරු, පහන් තිර, තෙල් ඔක්කොම අරන් පන්සල ඇතුලට ආවා.. මන් කැමතිම පන්සලක් තමයි මේ බෙල්ලන්විල පන්සල.. අපෙ පොඩි අයියයි සුදු අයියත් ගොඩක් මෙහෙ එනවා..

අපි පන්සල ඇතුලට ගිහින් මුලින්ම පහන් පත්තු කරන්න ගියා.. ඉස්සර නම් අම්මත් එක්ක ආවම අම්මා ට්‍රේ තුනකට ගිලන්පස, දැහැත්, මල් ඔය එකේක දේවල් තියලා පිලිවෙලට ඒවා පූජ කරනවා.. මුලින්ම චෛත්‍යට ගිහින් වැඳලා.. බෝධියට ගිහින් පූජ කරලා වැදලා බුදු ගෙටත් ගිහින් පූජ කරලා එතන ඉඳන්ම ගාථා කියලා ඊට පස්සෙ ආයෙ බෝධියට ගිහින් පැන් කලයක් අරන් ගිහින් ඊට පස්සෙ ඉස්සරහ තියෙන කඩ පේලියෙන් පූජා වට්ටි අරන් ඒවත් ඔය දේවාල වලට ගිහින් මොකද්ද කරලා පස්සෙ ඒවා අපි පන්සල ඇතුලෙ ඉන්න හැමෝටම බෙදනවා.. එහෙම කරේ නෑ දැන් අවුරුදු ගානකින්..

අපි පහන් පත්තු කරලා එතනින් ඇවිත් චෛත්‍යය මල් තියලා වැන්දා.. ඊට පස්සෙ බෝධියටත් තියලා වැඳලා බුදු ගෙටත් ගිහින් මල් තියලා වැන්දා..

"අපි දේවාලෙකට පූජා වට්ටියක් තියමුද.."

"ආහා.. අනෙ තියමුකෝ.."

මමයි ලොකු අයියයි පාරෙන් එහා පැත්තට ගිහින් පූජා වට්ටි දෙකක් අරගෙන ඇවිත් පන්සලේ තිබ්බ විෂ්ණු දේවාලෙටයි ගනදෙවි දෙවාලෙටයි ගිහින් පූජා කලා.. ඊට පස්සෙ ඒ පළතුරු වට්ටියෙ පලතුරු අපි පන්සලේ හිටපු අයට දුන්නා.. ඊට පස්සෙ අපි ගෙදර ආවා..

"බබා.. ආදි.."

"ම්ම්"

"වොශ් දාන් එන්න අපි නිදාගමු.. මහන්සි ඇති ඔයාටත්.."

මම ඒත් එක්කම ටවල් එකත් අරන් ඇදිලා ගියෙ බාතෲම් එක අස්සට.. ශවර් එක ඇරලා මම ඔහේ ඒක යටට වෙලා මගේ අතීතෙ මතක් කර කර හිටියා.. ඇත්තෙන්ම මම දැන්, මේ මොහොතෙ සතුටින් ඉන්නවා නොවුනට මගේ ජීවිතේ 'මගෙයි සිතූගෙයි ජීවිතේ' හරියටම ගත්තොත් 'අපේ ජීවිතේ' හරිම හොඳ විදිහට ගෙවෙනවා.. මමයි සිතුයි තවම පොඩියි තමා ඒත් මට නැති උන මගෙ අම්මගෙ ආදරේ සිතූ ගාවින් ඕනවටත් වැඩිය දැනෙනවා.. ලොකු අයියයි අක්කයි උනත් සතිටින් චූටි දූ එක්ක කාලෙ ගෙවන්නෙ.. හිතේ කනස්සල්ලකට තියෙන්නෙ පොඩි අයියයි සුදු අයියයි ගැන.. ඒත් පොඩි අයියා නම් හොඳින් ඇති කියලා මම හිතනවා.. ඒත් එයාගෙ තුවාල තාම සනීප නැහැ.. සුදු අයියා අනිවාරෙන් මේ වතාවෙ ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්නවා මට විශ්වාසයි..

මම වොශ් දාලා ඉවර වෙලා ඇඳුමකුත් දාගෙනම කාමරේ ඇතුලට ගියා..

"ආ ඔයා ආවද.."

"ම්ම්.."

"තාමත් ඔයා අවුලෙන්ද.."

"නෑ.. මට අයියල ගැන විතරයි හිතේ අවුලක් තියෙන්නෙ.. නැත්තන් බලන්න අපි දෙන්නගෙ ජීවිතේ.."

සිතූ මම බලන් ඉද්දිම රෝස පාට වෙලා යන විදිහ මන් බලන් හිටියා..

"ඔයා ඔහොම රෝස වෙන්න එපා.. මම බලන් ඉන්නෙ කොහොමද.."

"තව ටික කාලයයි නෙ.. ඉවසන්න.."

"හාකො හාකො..

ඇත්තටම අක්කේ.. ඔයාට මම කොහොම තෑන්ක් කරන්නද මම දන්නෑ.. අම්මත් නැතුව ඔහේ ගෙවුන මගේ සෙල්ලක්කාර ජීවිතේට ඔයා ඇවිත්, අද මම ඔයා එක්ක මේ ගෙවන ජීවිතේට මම මාර ආදරෙයි.. තැන්ක් යූ මගෙ ජීවිතේට ආවට.."

"ඒකට තෑන්ක් කරන්න ඕන නෑ දරුවෝ.. මම ඔයාව හොයාගෙනමයි ආවෙ.."

තවත් සිතූ දිහා බලන් ඉන්න බැරි තරමටම එයා රතු පාට වෙලා.. එයාගෙ ඇස් වල තිබුන ආදරේ ඒ කාලෙ මන් එයාගෙ ඇස් වල තිබුන ආදරේට වඩා දවසින් දවස වැඩි වෙලා පේනවා.. ඒ ඇස් වල හීනි කඳුලු පටලයකුත් බැඳිලා තිබ්බෙ.. මම ලයිට්ස් ඕෆ් කරලා සිතූව ඇදලා අරන් බදාගත්තා.. සිතූ චූටි නිසා එයාගෙ ඔලුව හරියටම මගෙ පපුව ලඟ තියෙන්නෙ.. මම එයාගෙ කොන්ඩෙ අවුස්සලා එයාගෙ හිස් මුදුනට හීනියට හාද්දක් තිබ්බා.. සිතූ නිකන් හීටරයක් වගේ.. මම පොඩ්ඩක් නැවිලා සිතූගෙ තොල් මගෙ තොල් අතරට මැදි කර ගත්තා..

විනාඩි දහයක්-පහලොවක් අපි අතරෙ ගෙවෙන්න ඇති.. මම සිතූගෙ ඉන වටේ යැව්ව අත් තව ටිකක් තද කරගෙන හිටියා..

පස්සෙ අපි දෙන්නම ඇඳට වැටුනා..රෑ දොලහත් පහු වෙලා අපි අතරෙ සිද්ධ උන දේවල් හරියටම වචනෙන් විස්තර කරන්න බෑ.. මොන දේ උනත් අපි අපේ දැනට ලිමිට් එක දැනන් හිටියා.. මගේ ඇඟිලි තුඩු සිතූගෙ ඇඟ දිගේ එහෙට මෙහෙට යනකොට, මගේ දත් වලට සිතූගෙ ඇඟේ රතු පාට පැල්ලම් හැදෙනකොට සිතූගෙ ලාවට ඇහෙන කෙඳිරිලි හඬත් එක්ක හැමදේම එකිනෙකට මැච් උනා.. අන්තිමට අපි දෙන්නා බ්ලැන්කට් එක පොරවගෙන ඇස් පියාගත්තා..

"මාව අම්මෙක් වගේ බලාගත්තට තැන්ක් යූ මම ඔයාට ආදරෙයි.."

හායි ලමයිනේ.. ඇත්තටම ගොඩ කාලෙකින් නේද.. අපේ ඉස්කෝලෙ කොන්සට් එකත් එක්ක ඇත්තටම මට වැඩ වැඩිවෙලයි තිබුනේ.. සමහර වෙලාවට ගෙදර එද්දිත් රෑ දොළහට කිට්ටුයි.. ස්වොරි සිදුවූ ප්‍රමාදයට.. ඇත්තටම මටත් එක දිගට දැන් අප්ඩේට්ස් දෙන්න වෙන්නෙ නෑ.. මමත් වැඩ ටික කරගන්න එපැයි.. මම කොහොම හරි ඔයාලට අප්ඩේට්ස් දෙන්නම්.. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කතාව ඉවර වෙනවා ලමයි..

මේ ගෙවෙන්නෙත් මේ කතාවෙ අවසන් කාලය.. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ කතාව එක්ක ඉස්සරහටත් ඉඳීවි කියලා..

මම ආදරෙයි උතුරන්නම ❤️😽

Share This Chapter