Chapter 50 of 53

50 කොටස

_නොනිමි_2,323 words~12 min read

"නන්දි!!!!!"

ඔන්න ඔන්න ඉතින් මේ පැත්තට සොනික්ගෙ ලමයා දුවගෙන එනවා..

"හෝ හෝව් වැටෙයි රශිනි.."

"අයි නන්දි මත නම කියලා කතා කරන්නෙ.. අයි ඩෝන්ත් ලයික් දැත්.. අයිම් යුවර් මිස්ති.. ඔයා මත චොකලත් ගෙනාවද.."

"හනේ හප්පේ.. මේ කට බලහන්කෝ.. තූති මිත්ති බබාගෙ අම්මියි තාත්තියි කෝ බලන්න..ආ මෙන්න චොකලට් ඔයාගෙ.. "

මන් ටුවර් එක ගිහින් ඊයෙ එද්දි ගෙනාපු චොකලට් ටික මිශ්ටි අතට දුන්නා.. අපෙයි ඉන්ග්ලන්ඩ් වලයි මැච් සීරීස් එකක් තිබ්බනේ.. අපි හතරක් දිනුම් එයාල එකයි..

"නන්දි දන්නා නෙ.. තාත්ති අම්මිගෙන් ගුති කාවා අද.."

"හානෙ ඒ මොකද චූටි දූ.."

සිතූ අපි එක්ක හරි හරියට කියවන පුංචි මිශ්ටිව අත් දෙකට වඩා ගන්න ගමන් ඇහුවා.. හන්නේ මේ කෙල්ලට අවුරුදු පහ ලබලා තාම දවස් තුනයි.. කියවන කියවිල්ල බලහන්කෝ..

"තාත්ති තූති බබා එක්ක කතා කල කල ඉද්දි තූති බබා ගව්වලු අම්මිත රිදුනලු.. ඒකත අම්මි ගැව්වා තාත්තිත"

මෙයාගෙ පුංචි කේලම් නම් මමයි සිතුයි සතියකට සැරයක් වත් අහනවා.. දැන් අපේ අක්කට දෙවෙනි බබත් ලැබෙන්න ඉන්නේ.. අනේ කියල නිම කර ගන්න බැරි සතුටකින් මම නම් ඉන්නේ..

"ආ නංගේ ආවද.."

"ඔව් ඒයි.. කෝ අක්කා.."

"අන්න උදේ ඉඳන් යකා නටනවා.. මේ ඇයි බන් අක්කට මල පනින්නෙ අච්චර"

"අනේ දන්නෑ ඒයි.. මම තාම අම්මෙක් වෙලා නෑ නේ.."

"අනේ අම්මෙක් වෙයන්කො ඉතින් දැන් අවුරුදු විසි පහකුත් වෙනවා නේ.."

"අනේ පැංචෝ.."

ඒත් එක්කම අක්කත් ආවා එලියට.. අක්කව දැක්කම අපේ සිතූ ඔටෝ චූන් වෙනවනෙ ඉතින්..

"ආනේ මගෙ ලව් එකහ්.."

"අනේව් නංගි පනේ.."

ඒ දෙන්නගෙ හිච්චි ආදරේ බලන් ඉඳලා ලොකු අයියා මගෙ දිහා හැරුනා..

"මුන් දෙන්න බලහන්කො බන්"

"මල සමයං බෝල සබං.. එන්න රශී ඔයා අපිත් එක්ක.. අපි සෙල්ලමක් කරමු.."

"වෙත්මි ඔයාට සෙල්ලම් කරාම හරිද.. දැන් මාස හතක් නේ.. ලමය බඩේ ඉඳන් කරනම් ගහවි.."

"ප්ස්.. ඔයා ඉන්නකො ඒයි.."

කොහොම හරි සිතූයි අක්කයි මිශ්ටියි තුන් දෙනා සාලෙන් කොහෙට හරි චුත උනා.. අද මෙහෙ ලන්ච් එකනෙ.. අපේ නෙතුත් එනවා එයාගෙ බෝයිප්‍රෙන් එක්ක.. සුදු අයියත් එනවා තීව්‍ර අයියත් එනවා අහම්- තීව්‍ර අයියගෙ බෝයිපෙන් ආර්‍යන් අයියත් එනවා.. ආයෙ අපෙ අම්මයි අක්කලගෙ අම්මයි ඔහොම කට්ටියක්ම එනවා.. ලොකූගෙ යාලුවොත් එනවා ඉතින්.. ඇයි මේ කට්ටියම එන්නේ?

අද අපේ ලොකූගෙයි අක්කගෙයි අවුරුදු අටේ ඇනිවසරිය නෙ..!! බැඳලා හොඳේ.. නැත්තන් මුන්ගෙ ලවට දැන් අවුරුදු දොලහක් වත් වෙනවා..

මමයි ලොකු අයියයි සෝෆා එකෙව ඉඳගෙන කයියකට වැටුනා..

"ඉතින් දැන්වත් වෙඩිමක් ගන්න අදහසක් නෑ..?"

"ගන්නෝන ඉතින්.. ඒත් පොඩි අයිය නැතුව මොන වෙඩින්ද හලෝ.."

"ඌ එයි.. ඉන්නකො.."

"කතා කරාද.."

"ම්ම්"

"මොනාද කිව්වෙ.."

"ලොකුවට දෙයක් කිව්වෙ නෑ.. වෙඩි- නෑ මේ එයාගෙ එහෙ වැඩ ටික මොකද්ද මෙහෙට ඔන්නොහොම රෙද්දක් කිව්ව බං.."

"ආ"

පහු උන අවුරුදු පහක කාලෙම අපේ පොඩි අයියා සුදු අයියා එක්ක කතා කරේ නෑ..අපි එක්ක උනත්.. මන් අහන්නෙ ඇයි ඒ??? අප්පච්චි නිසා.. අප්පච්චි පොඩි අයියයි සුදු අයියයි ගැන ඇහැ ගහගෙනමයි හිටියේ.. අප්පච්චි පොඩි අයියා ඉන්න රට උනත් දැනගෙනයි හිටියේ.. ඒත් අප්පච්චි හදිසියෙම ගිය අවුරුද්දෙ අසනීප උනා.. අප්පච්චිගෙ ලෙඩේ නම් මම හරියටම කියන්න දන්නෙ නෑ... ඒත් අප්පච්චි ඉන්නෙ නම් හුඟක් අමාරුවෙන්.. අපි අප්පච්චිව බලන්න නම් ගියා.. අප්පච්චි බලන්න ගියාම ඒ හිටපු අප්පච්චිව දැක්කම නම් මම සෑහෙන ශොක් උනා.. ඉස්සර හිටපු කොයිවෙලෙත් කේන්තියෙන් පුපුර පුපුර හිටපු අප්පච්චි නෙවෙයි ඒ හිටියේ.. පිරුනු ඇඟක් තිබුනු වයසට වඩා තරුණ පෙනුමක් තිබ්බ අප්පච්චි නෙවෙයි ඒ හිටියෙ.. දැන් අප්පච්චි වයසයි.. එයාගෙ ඇඟ දැන් බැහැලා ගිහින්.. දැන් අපාච්චිගෙ වයස පාට හොඳින්ම පේනවා..

ලොකුම වෙනස කියන්නේ අප්පච්චිගෙ හිත වෙනස් වුන එක.. අප්පච්චි මාවයි සිතූවයි දැක්කම වෙනද වගේ නැතුව හුඟාක් සතුටු උනා.. ඒක අර මූණට නිකන් ගන්න හිනාවක් නෙවෙයි.. වචන වලින් විතරක් 'බොරුවට සතුටු' වීමක් නෙවෙයි.. එයාගෙ මූණෙන්, ඇස් වලින් හැම දේකින්ම එයාගෙ සතුට පෙනුනා.. අප්පච්චි මාත් එක්ක හුඟාක් කතා කලා.. මන් හිතන්නෙ අප්පච්චිත් එක්ක මම ජීවිත කාලෙටම එච්චර වෙලා කතා කරපු පලවෙනි වතාව.. අප්පච්චි මට සේරම විස්තර කිව්වා..

අප්පච්චි අම්ම නැති උන එකෙන් හුඟාක් වෙනස් වෙලා තියෙනවා.. අප්පච්චි කිව්වා එයා අපිට වද දුන්නු එක ගැන පසුතැවෙනවා කියලා.. අප්පච්චිව අර මනුස්සයා ඒ කියන්නෙ සිතූගෙ තාත්තා.. මිස්ට දි‍සානායක තමයි විනාස කරලා එකේක විසබීජ ඔලුවට පුරවලා තියෙන්නේ.. ඒත් මිස්ට දිසානායක ඔලුවට වෙඩි වැදිලා නැති උනයින් පස්සෙ අප්පච්චි ටිකක් වෙනස් වෙලා තියෙනවා.. අප්පච්චී කතා කරන දේවල් වලින් එයා දැන් ඒ ඉස්සර හිටපු රහල් කියන්න බෑ.. අප්පච්චි දැන් ඇත්තට්ම පව් කියලා හිතෙනවා.. දවසක් අප්පච්චිව බලන්න මම ගියාම අප්පච්චිගෙ කාමරේ අස් කලා.. මට අප්පච්චිගෙ කොට්ටෙ අස්සෙන් හම්බුනා අප්පච්චිගෙ ඩයරි වගයක්.. ඒ අතර මේ මෑත කාලෙදි ලියපු එකකුත් තිබුනා..

'2004.09.11

මොන හයියකින්ද අවිශ් එහෙම කරන්නෙ.. ඌව හැදුවෙත් අපරාදෙ.. දිසානායක කිව්ව විදිහට මූ ලොකු වෙලා මොනව කරයිද දන්නෑ..ඒත් දිසානායක කිව්ව විදිහට මට අවිශ්ව එහෙම මරන්න බැහැ.. ශ්‍රියානි හරි ආදරෙයි මේ දෙන්නටම.. කේන්දර කියන ඒවා හරිද..? ඒත් දිසානායක මට බොරු කියන්නෙ නෑ නේ.. ඌ නිසා මට ශ්‍රියානිව නැති වෙයිද.. දිසානායක කිව්ව විවිහට අවිශ් ව මගේ පාලනේ යටතෙ තියාගත්තා නම් හරි.. ඒත් ඇයි අවිශ්ට ක්‍රිකට් ඇර වෙන හොඳ ස්පෝර්ට් එකක් කරවන්න කිව්වනෙ.. මගේ කැමැත්ත උනේ ක්‍රිකට් නේ.. මම ක්‍රිකට් කරනවනවා අවිශ් ට.. මොනව උනත් ඒ මගෙ කොල්ලා.. හැබැයි ඌ මගේ යටතෙ ඉන්න ඕනෙ හැමදාම..'

මොන හයියකින්ද අප්පච්චි අයියව එහෙම බලෙන් තියාගන්න හදන්නේ.. අප්පච්චිට බෑ එහෙම කරන්න..

'2027.03.04

අවිශ් අර කිව්වත් වගේම අර කොල්ලා එක්ක මොන ජවුසම් නටයිද දන්නෑ.. දිසානායක කිව්වා වගේම මූ නොසන්ඩාල විදිහට හැදුනනෙ.. ශ්‍රියානිව මට නැති උනේ අවිශ් හින්දද..අපරාදෙ මට දිසානායක කිව්ව ඒවා අහන්න තිබ්බේ.. ශික්.. ඔය මිනිහටයි අර කවුද ශාක්‍යද කවුද කොල්ලටයි මම යහතින් ඉන්න දෙන්නෙ නෑ..'

ඔහ් ඒ කියන්නෙ ඒකෙන් පස්සෙ තමයු සුදු අයියට අර වගේ කෝල් ආවෙ.. දිසානායක! දිසානායක!! දිසානායක!!! මොන හු#තක්ද මන්දා..

මම තවත් අවුස්සල බලනකොට මට හම්බුනා මෑතම කාලෙදි ලියපු තේරුම් ගන්නත් බැරි වෙවුලල ගිය අකුරු තියෙන පොතක්.. ඒක ඩයරි බුක් එකක් නෙවෙයි නිකන්ම පොතක්..

'2031/12/25

මන් ඇයි අවිශ්ටයි අර කොල්ලටයි එහෙම කලේ.. අවිශ්.. අනෙ මගෙ දරුවා.. අර දිසානායක හින්ද මගෙ මුලු පවුලම විනාස උනා.. ඕකා මැරිලා ගිය එකමයි හොඳ.. ඇයි මම ඌ කියපු දේ ඇහුවේ.. මම ඌ නිසා මගෙ කොල්ලට කොයි තරම් වද දුන්නද.. මම අවිශ්ට කතා කරලා බලනවා.. අවිශ් මට සමාව දෙයි..'

මදැයි ජිශෑනෑයක හින්දා කොරගත්තුවා.. අප්පච්චි අයියට කතා ජරන්න ඇති.. දැන් ඉතින් අප්පච්චියි පොඩි අයියටි හොඳ යාලුවො වගේ ඇති... අප්පච්චි මොනව උනත් පව්.. මම එයාට වෛර කරපු එකට නම් පසුතැවෙනවා.. ඒ මගෙ අප්පච්චි නේ..

පොඩ්ඩක් ඉන්න- ලොකූ වෙඩින් එකක් ගැනද ඉස්සෙල්ල කිව්වේ..

"මොකක්- වෙඩින්?"

"අයියෝ.. කෑ ගහන්නෙපා බන්..උබ හානවනෙ වැඩේ.."

"මට ඇත්ත කියනවකො.. මොකද්ද එයා කිව්වෙ.."

"අයියො උබට ඇහුනද.. සැක් මගෙ කටට පාලනයක් නෑ නේ.."

"කියපන් අයියේ.."

"හරි හරි අවිශ් ලංකාවට ආව ගමන් මල්ලිව බදිනවලු.. බෑම්!!"

"නෝ වේ..!!! සිරාවට..!!!!??"

*tk tk tk*

"අන්න කවුරු හරි ඇවිත්.."

මම දොර ගාවට ගිහින් බැලුවා..

"කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ~"

"මම තමයි මහා උරග දැවැන්තයා.."

ඈ කවුද යකෝ ඒ.. මන් අහල නැති කටහඬක්ද.. මට මතක නෑ නේ..

මම ඒ නිසා ඉක්මනට දොර ඇරියා.. සුදු අයිය නම් නෙවෙයි කොහොමත්..

"කවු-"

"හායි.."

වට් ද හෙල්.. හූස් දි- අම්මට හුඩූ...

"අ-?..."

"මම තමයි සත්තලනේ.."

අනේ යකෝ අවිත්‍යා!!!! මූ මෙච්චර කල් රට නෙ ඉඳියේ.. අනේ සත්තලං කෙට්ටු වෙලා.. අවී මගෙ ඇඟට බොහ් ගාල පැන්නම මම ඌව දෝත බදලම අල්ල ගත්තා.. දෙයියනේ දෙයියනේ මගෙ සන්කොටේ..

"කවුද ආදි.."

"මේ යාලුවෙක් ඇවිල්ලනෙ බලන්නකෝ"

මම අවිත්‍යවත් ඇදගෙන ඇතුලට ගියා.. එතකොට ඇතුලෙන් අක්කයි සිතුයි බබයි අයියයි කට්ටියම ආවා..

"අඩේ අවී.."

"හායි ලොකු අයියේ.."

"අම්මෝ කොහෙද බන් හිටියෙ.. "

"මම ස්විස් හිටියෙ.."

"ආ හා අම්මෝ උබව දැක්ක කල්.. කෝ පුංචි.."

"අම්ම ආවෙ නෑ අයියේ.."

"ආ එලේල.."

අපේ වෙත්මි අක්ක බඩත් උස්සගෙන අවී ලඟට ඇවිදගෙන ආවා..

"ආ නම්කී.."

"ආ වෙත්මි අක්කේ.. ජය මංගලන් සුභ මංගලම් කිව්වලු.. මාස කීයද හලෝ.."

"හතයි නේ.."

"අම්මටසිරි.."

ඒත් එක්කම අර බෝල ගෙඩීව උස්සන් අපේ සිතුවා එලියට ආවා.. අවී සිතූව දැකල නම් එක පාරට ශොක් උනා..

"ආ අක්කෙ.."

"කොහොමද අවිත්‍යා.."

"මේ තවුද ලොකු නන්දි.."

මිශ්ටි අවිත්‍යා දිහා ඔලුවත් ඇල කරන් බලන් හිටියේ..

අනේ හරිම කියුට් නෙ මේ කෙල්ල..

"අන්නේ මේ කවුද මේ.. හලෝ මිශ්ටි.. ඔයාට මාව මතක නැතුවැති අනේ.. ඔයා මාව දන්නෙත් නැද්ද කොහෙද.."

"කාද ඔයා.. "

"මම අවී නැ- පු- අඩෝ මම කවුද බන් මේ ලමයගෙ.."

අවිත්‍යා මන් දිහා හෙන අසරණ විදිහට බැලුවා.. දැන් හිතපන්කො නෑදෑ කම්.. හරි නැන්දා තමයි නේ..

"උබත් නැන්දම තමයි.."

"ආ ආ.. අනේ චූටි පුතේ මමත් නැන්ද කෙනෙක්ම තමා ඔයාගෙ.."

අවිත්‍යා සෑහෙන වෙනස් වෙලා.. කොන්ඩෙ දිගට වවලා හරිම කියුට් විදිහට ඉන්නවා.. ඒත් ඉස්සර තිබ්බ දුක තාමත් මුගෙ මූණෙ තියෙනව.. මොන හත්වලාමකටද මූ මේ දුකින් ඉන්නෙ..

අපි සතුටු සාමීචියෙ යෙදිලා ඊට පස්සෙ අවීටත් අපෙ පොඩීගෙ සීන් එක කියලා මමයි අවියි පොඩ්ඩක් කතා කරන්න එලියෙ තියෙන ඔන්චිල්ලාවට ආවා..

"අනේ උබ ලස්සන වෙලා බන්ග්.."

"ඔයත් එහෙමනෙ ආදි.. ඔයා වෙනස් වෙලා.. ඒ උනාට මම ඔයාව නම් ඉතින් හැමතිස්සෙම දකිනවා.. "

"හහ්.. උබ ඉතින් සෝසල් මීඩියා වල වත් හිටියෙ නෑ නෙ බන්..මේ ඕයි අවී.. ඇත්ත කියපන් හරිද මට.."

"මොනවද.."

"උබ ඇයි බන් ඔහොම දුකින් ඉන්නෙ.. මම උබෙන් ඒ දවස් වලත් ඔය දුකම දැක්කා.. මම උබෙම සහෝදරය බන්.. අපි කසින්ස්ලා උනාට බන් උබ මගේකා නේ.."

"හරි.. මෙච්චර කාලයක් එහෙම හිටියා.. මන් අද කියන්නම් ආදි ඔයාට.."

අවී මගෙ දිහා හැරිලා මගෙ අත තදින් අල්ල ගත්තා.. මමත් උනන්දුවෙන්ම එයාගෙ කතාව අහන් ඉන්න එයාගෙ දිහාවට හැරුනා..

"මෙහෙමයි.. මේකට ඔයා මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා මම හිතනවා ආදි.. මීට අවුරුදු දහයකට විතර කලින් ඉඳන් අපි නවයෙ දහයෙ පොඩි ලමයි කාලෙදි උබ තමයි මගෙ මුල්ම ක්‍රශ් එක උනේ.. ඇත්තටම ඒ කාලෙ මට එහෙම දැනුනෙ උබේ රූපෙ නිසා.. උබ සුදුයි, ලස්සනයි, ඔයාගෙ හැසිරීම් වෙනත් කෙල්ලොන්ට වඩා වෙනස්.. පස්සෙ දවසක උබ සිතුමිණී අක්කට කැමතී කිව්වා.. ඒක උබ මුලින්ම කිව්වෙත් මාත් එක්ක.. මට ඒ වෙලාවෙ සතුටට වඩා දැනුන දුක.. ආහ් මට කියාගන්න තේරෙන්නෙ නෑ බන්.. ඒත් මන් හැමදේම හංගගෙන හිටියා.. ඒත් උබ අක්කා එක්ක ඉන්නකොට මට හරි ඉරිසියයි.. මම උබට කිව්වා මගෙ ක්‍රශ් එක නෙතුමිණී කියලා.. නෑ බන් එහෙම දෙයක් නෑ.. කාලයක් යද්දි උබ ක්‍රිකට් ගහද්ද, ලස්සනට සින්දු කියද්දි උබ මගේ ක්‍රශ් එක විතරක් නෙවෙයි මගේ ඩ්‍රීම් ස්ටාර් උනෙත් උබ.. උබ මොනව උනත් මට ඒ කාලෙ පුංචි හරි වෙලාවක් වෙන් කරනවට මම පට්ටම කැමතී ආදි.. මට සමාවෙයන්.. උබෙන් අයින් වෙන්න ඕන නිසාමයි මම උබලා කාටවත් නොකියා ගියේ.."

"එතකොට.. අවී, තාමත්.."

"නෑ!! ආදි උබ ගැන තිබුන ඒ හැඟීම් මගෙ හිතේ නෑ බන්.. මන් දන්නෙ නෑ මම උබෙන් අයින් වෙලා ඉඳපු කාලෙ ඇතුලත උබව මගෙ හිතිනුත් අයින් කර ගන්න පුලුවන් උනා.. "

ඒ කියලා අවී මගෙ අතින් ඇනිව්ලොප් එකක් තියලා හරීම ලස්සනට හිනා උනා..

"මේ මොකද්ද.."

"බලන්නකො"

මම ඇනිව්ලොප් එක ඇරලා බලනකොට ඒක ඇතුලෙ තිබුනෙ සිල්වර්, ගෝල්ඩ් අන්ඩ් වයිට් කලර්ස් මික්ස් වෙච්ච ලස්සන ඉන්විටේශන් එකක්..

ඒකෙ පැත්තක තිබුනේ අපේ අවියගෙ නම.. අනිත් පැත්තෙන් තිබුනෙ..

"කවුද අවී රෙබෙකා.."

"my girlfriend.."

ඔහ්.. අම්මට සිරි.. අඩේ මට හෙන හැපී ඕයි.. අනේ මගෙ අවියා..

"කන්ග්‍රැජුලේශන්ස් බබා.."

"මගේ වෙඩින් එකට එනවා නේද.."

"තොගෙ වෙඩින් එකට එන්නෙ නැතුව මම වෙන මොන ඉලව්වකද යන්නෙ.."

අවී හරිම ලස්සනට හිනා උනාම මම අවීගෙ කර වටේ අතක් යවලා මට තද කරලා බදා ගත්තා.. ඉස්සර නම් අවී මට වඩා පොඩ්ඩයි කොට.. ඒත් දැන් සිතූ ට වඩා පොඩ්ඩයි උස.. මට අවී ගැන ඇත්තටම හදවතින්ම හටි සතුටුයි.. අවී මට කැමැත්තෙන් හිටියයි කියන්න මම දැනන් හිටියෙ නෑ නෙ.. හැබැයි ඒ කාලෙ මම ඒක දැන නොගත්තු එක හොඳයි.. මම මොනව උනත් මගෙ අවී ට ආදරෙයි නෙ

අනේහ් දෙයියනේ දැන් ඉතින් වෙඩින් සීසන් තමයි..

මමයි අවියි කතා කර කර ඉඳලා ඇතුල්ට ගියාම තමා ගේ ඇතුලෙ හිටපු උනුත් සප්‍රයිස් උනේ.. සිතුත් හුඟක් සතුටු උනා.. අපි රෙබෙකා ගෙ ෆොටෝස් එහෙමත් බැලුවා එයා තමා ටොප් වෙන්නෝනෙ.. එයා කොන්ඩෙ කපපු ටිකක් තලෙලු පාට උස මහත කෙනෙක්.. අපි නොදැන හිටියට පුංචිලා දන්නවලු.. අවී සතුටින් ඉඳියි නෙ ඉතින්..

අපි හැමෝම ගේ ඇතුල්ට වෙලා ඉද්දි අපේ ඔලිම්පික් ජයග්‍රාහකයා සුදු අයියයි තීව් අයියයි අභී අයියයි කට්ටිය ආවා.. අපි හැමෝම සතුටු සාමීචියෙ යෙදිලා ඊට පස්සෙ ෆිල්ම් එකක් දාගෙන බැලුවා.. ඔය වෙලාවෙ අපිට ඇහුනා දොරට තඩි බාන සද්දයක්..

කවුද හු#තො ෆිල්ම් එක බලන්න දෙන්නැති එකා..

"අනේ කවුරු හරි ගිහින් දොර අරින්නකෝ.. බබා ඔයා යන්න.."

අක්කා එහෙම කිව්වම අපි හැමෝම උඩ බලාගත්තා.. සමහරුන්ට නින්දත් ගිහින්.. අපේ ලොකු අයියා කට ලෙල්ලක් කරන් බලන් ඉඳලා එක පාරට කොන්ද අල්ල ගත්තා..

"අම්මෝ.. අම්මෝ වෙත්මි මගේ කොන්ද.. ආහ්හ්හ්හ් ආව්ව්ව්ව්ව්..."

"ඔන්න ඔන්න පානිය දානවා.."

අපේ සුදු අයියා මගෙ කනට කරලා හැමෝටම ඇහෙන්නම සද්දෙන් කිව්වා..

"ඒක තමා සුදු අයියේ.. ඒව් ලොකු අයියේ.."

"අනේ කවුරු හරි පලයන්කෝ.."

"අඤේ මටත් බෑ"

මම සිතූගෙ අතේ එල්ලුනා.. සිතූනම් පව් අනේ එයාට නින්දත් ගිහිල්ලනේ.. මම සිතූගෙ නහය උඩ ඇඟිල්ල තියාගෙන නහයට තට්ටු කර කර ඉන්නකොට සිතූ එක ඇහැක් ඇරලා ආයෙ එයා නිදි කියල පෙන්නල මටත් නිදි යන්න කිව්වා.. අමො අමෝ මෙන්න ඇට්ටින්.. තීව් අයියයි එයාගෙ චනුයි නම් හරියට වැඩ වගේ.. දැන් මෙතන නිකන් ඉන්නෙ අපේ සුදු පුතා තමයි..

"ආ ඔන්න ඔන්න අපේ සුදු මල්ලි ගිහින් දැ දොඅ අරිනවලු.."

"අනේ අනේ අයියෙ මේ.. ඔව් මම අරිනවා ප#ක්"

"කුනුහර්ප කියන්නෙපා ඩෝ.."

"යැයි යැයි හරි මන් යන්නම්කො.."

සුදු අයියා හොඳ ලමයා වගේ දොර ඉස්සරහට ගිහින් දොරේ ලොක් එක කරකැව්වා..

මගෙ දෙයියනේ!!!!!!!!!

දොර ඇරුන ගමන් සුදු අයියා විතරක් නෙවෙයි.. ගේ ඇතුලෙ හිටපු හැමෝම ගල් වෙලා ඇසුත් ලොකු කරන් දොර එහාපැත්තෙන් විසාල බෑග් දෙකකුත් තියාගෙන ෆුල් කිට් එකක් ඇඳලා අපි දිහා බලන් ඉන්න මනුස්සයා දිආඅ බලන් හිටියා.. එයා දාගෙන හිටපු සන්ග්ලාසස් දෙක ගලවලා අපිත් එක්ක හොඳට හිනා වෙලා සුදු අයියා දිහා බලන් හිටියා.. ඒත් එකපාරටම- එකපාරටම සුදු අයියා බිමට වැටෙන්න යනකොට එයා සුදු අයියව අත් දෙකට උස්සගත්තා..

"සුදූ..."

අපි ඇසුත් ලොකු කරන් කටත් ඇරන් බලන් හිටියා මිස සුදු අයියගෙ මූණෙ වතුර ටිකක් ගාන්නවත් මතක් උනේ නෑ..

"ආදි අනේ වතුර එකක් ගෙනත් දෙන්නකෝ.."

මම ඒක ඇහුනා විතරයි කුසියට දුවලා ගිහින් වතුර එකක් අරගෙන ආවා..

"සුදූ ඇස් අරින්න මේ.. මේ-මම.. ඔයාගෙ අවිශ්.....මම ඔයාගෙ සුදූ.."

"අ...අ..අ-වි-ශ්හ්හ්හ්හ්හ්...."

"ඔව්.. සුදූ මොකද මේ.. ඇස් අරින්නකො.."

"අවි-අවිශ්-!!!!"

එක පාරටම සුදු අයියා පොඩී දිහා බලන් ඉඳලා හයියෙන් නැගිටලා පොඩි අයියට ටෑන් ගාලා රත් වෙන්න කනේ පාරක් ගැහුවා..

*චටාස්*

"තමුන්- තමුන්ට මාව මතකවත් නැද්ද ආහ්.. තමුන් හිතන් ඉන්නෙ මම මේ හරි පගයා කියලද අවිශ්.. ඇයි ඇයි තමුසෙ මට මෙහෙම කලේ.. ඇයි අවිශ් මාව දාල ගියේ.. මම තමුසෙ නිසා විඳවපු තරම්, මට රිදුන තරම් තමුසෙ දන්නවද..."

අපේ අයියා හරීම නිවුන විදිහට බලන් ඉඳලා සුදු අයියව තදට බදාගත්තා.. එතකොට සුදු අයියගෙ ඇස් වලින් කඳුලු කැට කඩාගෙන වැටෙනව මම දැක්කා.. අපි හැමෝම පුදුම වෙලා පුදුම වෙලා ඊට පස්සෙ කතා කර කර ඉන්නකොට ආයෙමත් පුදුම උනා..

කවුද කියපන්කො සතියෙන් වෙඩින් ගන්නේ..

ආ පුථාලා ධූලා.. කොහොමතේ ඔයාලට.. ඔයාලට කියන්න ලමයි පුදුම සීතල යුධ්ධ තමයි මෙව්වනම් ඈ.. ඇයි අනේ මේ ඕතර්ස්ලා මරා ගන්න වගේ යන්නෙ.. මේ මන් වගේ සතුටින් සාමෙන් ඉන්න අනේ.. හෙහ්

ඔන්න ඔන්න පෙරුම් පුරාගෙන ආ සංසාරේ කාන්තාර කුසුම එරොප්පෙ ඉඳන් ගෙදෙට්ට ගොඩ බැස්සා.. ආදියි සිතුයි නම් පුදුම හුථ්ථෙ මිනිස්සු තමයි නේද..

ඔයාලට කියන්න ලමයි ඕතරීගෙ හැපි උපන්දිනේ තිබුනනේ.. හරිම සෝක් ඉතින්..

මම ආතරෙයි ඈ.. තව පොඩ්ඩයි තියෙම්නේ...

බායි 😽❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!